Deegayu bandara

  • Home
  • Deegayu bandara

Deegayu bandara කුරු වකුටු අකුරු රසට අමුණමු..����

25/04/2023

තමන්ට තමන් ආදරය කිරීම සමලිංගිකයි නේද?

යුක්තියේ දෙවියන් පලා ගොස් ඇතනමයේ හෝරාව තාමත් අදුරුය...
21/04/2023

යුක්තියේ දෙවියන් පලා ගොස් ඇත
නමයේ හෝරාව තාමත් අදුරුය...

"මා සොයන මත් වීම වර්තමානයේ මා විදින සීමාව තුල  තවම මා හට හමුවී නොමැත. එබැවින් සීමා රහිතව මා තවදුරටත් උත්සහ කරම්.."
11/03/2023

"මා සොයන මත් වීම වර්තමානයේ මා විදින සීමාව තුල තවම මා හට හමුවී නොමැත. එබැවින් සීමා රහිතව මා තවදුරටත් උත්සහ කරම්.."

ප්‍රතික්ෂේපයේ තුතිය..තමාගේම යැයි පිලිගන්නා මිනිසුන් යම් යම් කාල වලදී නුහුරු ලෙස වෙනස් වීම ඔවුනොවුන්ගේ පුද්ගල අයිතියකී.එල...
11/03/2023

ප්‍රතික්ෂේපයේ තුතිය..

තමාගේම යැයි පිලිගන්නා මිනිසුන් යම් යම් කාල වලදී නුහුරු ලෙස වෙනස් වීම ඔවුනොවුන්ගේ පුද්ගල අයිතියකී.එලෙස ලගින්ම සිටි මිනිසුන්ගේ වෙනස් වීම් නැවත පෙර පරිදීම සකස් කරගැනීමට ඔබ උත්සහ දරනවානම් එය ඔබේ නොතේරුම් කමකි.තමන්ට තමන්ගේ සිතුවිලි වත් පාලනය කරගැනීමට නොහැකිව අනුන්ගේ වෙනස්වීමක් සිතුවිල්ලක් පාලනය කරගන්නේ කේසේද..තුති කරන්න ඔවුන්ට,ජීවන පරිච්ඡේදයේ සුලු කාලයක් හෝ ඔබ තනි නොකර සිටියාට...ආදරනීයව සමුදෙන්න..

18/02/2023

🖤

ආදරනීය මම❤️කාටවත්ම තේරෙන්නේ නැති විදිහට එකසිය ගානටම කෙලවිලා හෙන ගැහිලාපීඩනෙන් ඉන්නේ කියලා දැන දැනත් ඒවා ඔක්කොම දරාගෙන උබ...
08/02/2023

ආදරනීය මම❤️

කාටවත්ම තේරෙන්නේ නැති විදිහට එකසිය ගානටම කෙලවිලා හෙන ගැහිලා
පීඩනෙන් ඉන්නේ කියලා දැන දැනත් ඒවා ඔක්කොම දරාගෙන උබ චරිතේ ලස්සනට රගපානවා බං..

ආදරෙයි මට..

29/01/2023

වැට බදින්න පුන් සදට
ඉරි ගසා හිරු බෙදා ගන්නට
එකක් නෑර තරු ගණින්න
ජාතික අනුපාතයට බෙදන්න
අපියි ශිෂ්ට මිනිසුන්..

මුහුද ද මායිම් කර අර ගන්න
අහසද කීතු කීතු කර බෙදාගන්න
නුඹට තව හැකිනම්
සුළග ද අයිති කර ගන්න
සහෝදරත්වයේ ජාතිය
වෛරයෙන් වනසන්න
අපියි ශිෂ්ට මිනිසුන්..

ජාතිකත්වයේ ලේ වලින්
අලවන්න කූඹින්ව
ආගමෙන් ගස් වැල් පවා හීලෑ කරයි
උදා වන හිමිදිරියටත් උගන්වයි
අන් ජාතියට අපහාසයට හිනැහෙන්න
අපියි ශිෂ්ට මිනිසුන්..

#සහෝදරයා

අමාවක දවසටම උඹ ගැන හිතේ ඇති වෙන දෝංකාරයකරුවලේ ගිලි  හඳ වගේමගේ පපුව ඇතුලට බහිනවාබහ දුන්නු දවසේ ඉදන් උඹ ගැන  තියන මතකේ හාර...
29/01/2023

අමාවක දවසටම උඹ ගැන
හිතේ ඇති වෙන දෝංකාරය
කරුවලේ ගිලි හඳ වගේ
මගේ පපුව ඇතුලට බහිනවා

බහ දුන්නු දවසේ ඉදන් උඹ ගැන
තියන මතකේ හාර හාරා
ටිකෙන් ටික ගිනිගන්න පපුවට
පිදුරු වාගේ වැටෙනවා

පාලු පාරේ මාර ගහ යට
ආලේ මේකයි කියලා දුන් උඹ
තවත් එකෙකුට මාර ගහ ඇති
පාර පෙන්නලා තියනවා...

හැමදාම හවසට මේ වගේ දෙයක් දකිනත් පිං කරලා තියෙන්න ඕන... අලගල්ල mount at 6.37p.m
28/01/2023

හැමදාම හවසට මේ වගේ දෙයක් දකිනත් පිං කරලා තියෙන්න ඕන...

අලගල්ල mount at 6.37p.m

මලකින් මලක්දිගු කරයි දෙනෙත් අයාබලාපොරොත්තුවකින්..කුමක් වේවිද එන නිමේෂයඒ හීනයෙන් සැනසෙන්නම් මා...🌼
28/01/2023

මලකින් මලක්
දිගු කරයි දෙනෙත් අයා
බලාපොරොත්තුවකින්..
කුමක් වේවිද එන නිමේෂය

ඒ හීනයෙන් සැනසෙන්නම් මා...🌼

"මේ ඍතුව දිගයිවසත් සමය නොවෙයිනුඹ එක්ක සිනාසෙන්නටතරම්..."
07/01/2023

"මේ ඍතුව දිගයි
වසත් සමය නොවෙයි
නුඹ එක්ක සිනාසෙන්නට
තරම්..."

26/12/2022

(Article 926 for VIP)

හොදම ආහාරය හොදම පෝශණය මොකක්ද කියලා ඇහුවොත් නියුරෝන විදයාව අනුව ඒ තමා සෙකස්. මනුස්සයෙක්ට ලබන්න පුලුවන් ඉහලම ආත්ම මානසික ශාරිරික තෘප්තිය තමා සෙක්ස්. සෙක්ස් කියන්නේ වියායාමයක්. ඉතින් ඔයාගේ හරිම ෆ්‍රීකුවන්සි එකට හරිම වයිබ්‍රේශන් එකට හරිම කැපැසිටි එකට සෙට් වෙන හරිම හොදම හරියනම කෙනා එක්ක සෙට් උනොත් තමා එහෙම වෙන්නේ. ලන්කාවේ පිරිමි ගැහැණුන්ට 99% තියෙන ප්‍රශ්නය තමා ඕක. හැම ප්‍රශ්නයකටම හේතුව හොයාගෙන හොයාගෙන ගියොත් ඕක තමා හරිම ආන්සර් එක. සවුත් ඒශියන් රටක් වන ලන්කාවේ මිනිස්සුන්ගේ ඔය දැනුම 1% වඩා අඩුයි. ඔය සෙක්ස් කියන එක ඩොකාලා ස්පෙශලිස්ට්ලා පවා තිතටම දන්නේ නෑ. රයිට් සෙක්ස් විත් රයිට් පාට්නර් ඔලුව ලෙසටම උත්තේජනය කරනවා. ඒ කියන්නේ මොලයේ නියුරෝන වල සමහර කලාප තියෙනවා ඒවා ඉතාම අඩු මන්දගාමී වගේම සමහර විට උදාසීන මෙන්ම නිශ්ක්‍රීය ක්‍රියාවලියක තමා තියෙන්නේ. ඒ කියන්නේ කුම්බ කර්ණ වගේ දොයි. ඉතින් එකපාරක් හරි නැගිට්ටවලා ගන්න ඕනා. ඊට පස්සේ ලෙසටම වැඩ. පිරිමි ගැහැණුන්ට ප්‍රේමය තුල ලබන උත්තේජනය තමා සුපිරිම එක. මනුස්සයෙක් වයසට යන්න යන්න එයාගේ ඉමියුන් එක රිකවරි එක ගොඩාක් අඩු වෙන්න හේතුව තමා සෙක්ස් ඩ්‍ර්‍යිව් එක අඩු වීම. නැචුරල් සෙක්ස් ඩ්‍ර්‍යිව් වැඩි කියන්නේ අර දෙකම අගයන් ටොපේ ටොප්. නියුරෝ සයන්ස් අනුව නම් ගැහැණු කෙනෙක් රයිට් සෙක්ස් විත් රයිට් පර්සන් නම් එයා ගානට මිම්මට හැඩට ඉන්නවා. හරිම හෙල්ති. වයස යන්න යන්න තරුණ වෙනවා. ඕනැම කෙනක්ට ඔලුව ඉල්ලන කෙනෙක් ඉන්නවා. ලැබෙන කෙනා ඒ ඔලුව ඉල්ලන කෙනා උනාම තමා නියුරෝ පර්ෆෙක්ට් ඉන්ටර්කෝස් එකක් වෙන්නේ. පිරිමියෙක්ට ගැහැණියෙක්ට ප්‍රේමය එක්ක සෙක්ස් ලැබුනාම එයා හොදටම ඉන්නවා. කරන කියන ඒවා හිතන පතන ඒවා ලෙසටම ගොඩ යනවා. ලන්කාව වගේ රටවල් වල එෆිශන්සි අඩු වෙන්න වගේම නොදියුණු වෙන්න හේතුව තමා බහුතරයක් අයට හරිම හොදම හරියනම ඒවා සෙට් වෙන්නේ නෑ. ඉතින් ඔලුව අවුල්. පබ්ලික් තැන් වලදී කපල් එකක් දිහා ගැහැණු හොරෙන් බලන් විදවනවා පිරිමි එක එල්ලේ බලන් වයිර කරනවා. ඔයාට හරිම විදියට සෙක්ස් ඩ්‍රයිව් එක ලැබෙනවා නම් ඔයාගේ බීඑම් අයි එක වෙල් මැනේජ්. මනුස්සයෙක් නිතරම තරහෙන් ඉන්නවා නම් තව කෙනෙක් ගේ සක්සස් එක පේන්න බැරිනම් හේට් ස්පීච් කරනවා නම් ඔය සෙක්ස් අවුල නිසා තමා ඉතින්. කිසියම් කෙනෙක් එයා කිසියම් දෙයක් එකදිගට දිගුකාලීනව එක එල්ලේ කරන්නේ නැත්තම් ගිව්අප් වෙනවා ඒ සෙක්ස් නැතිනිසා

26/12/2022

"පහුගිය දවස් ටිකේ වෙච්ච දේවල් වල තාම කෑලී අහුලනවා.."

"හැබැයි මේ වගේ වාසනාවන්ත දවස්වල
ආදරෙයි කියලා කියන්න පුලුවන් සීමිත ප්‍රමාණයක පිරිසක් අතුරින් ඔබ තමුන් ඉන්නවා."

සුභ....✍️✍️

උඹ අහස විඳපංමං උඹව විඳිනකං..."ශිෂ්ටත්වයෙන් ඔබ්බට ගිය ආදරයේ කාමුකත්වය..."
20/12/2022

උඹ අහස විඳපං
මං උඹව විඳිනකං...

"ශිෂ්ටත්වයෙන් ඔබ්බට ගිය ආදරයේ
කාමුකත්වය..."

19/12/2022

📖________________________________️✍️
මං අන්තිමට යාළු වෙලා හිටපු කෙල්ල..!

එකි මහ අමුතු එකි_යක් .!

මා එක්ක හිටපු කෙල්ලො ඔක්කොම රතුපාට,රෝසපාට,කහපාට මල් වලට කැමති වෙද්දි
ඒ_කි හෙව්වෙම සුදුපාට මල්..
නැත්නම් කැලෑ මල්.!

මං ඉතින් ඒවට හිනා උනා..!
ඒකි ඒ කැමත්ත හංග ගත්තා..

මං ආශ්‍රය කරපු හැම කෙල්ලම
මිල අධික විලවුන් හොයද්දි
ඒ_කි හෙව්වෙම බේබි ක්ලෝන්...!

අනික් කෙල්ලො බර කෑම බීම හෙව්වෙ,
ඒකි හෙව්වෙ කඩචෝරු..!

අනික් කෙල්ලො එක්ක
මම මිල අධික හෝටල්වල
කෑම එක්ක දවස් ගෙව්වෙ..!

ඒත්
ඒ_කි හෙව්වෙ
ගහක් යට සිංදු අහන දවස්..
හිනා උනා ඇරෙන්න මට බැරි උනා කැමති සින්දු මොනවද අහන්න..!

එකිට ඕන උනා මා එක්ක
මුහුදු වෙරළක ඉර දිහා බලන් ඉන්න දවස්..!
හිනා උනා ඇරෙන්න මට බැරි උනා ඒකි එක්ක ඒ වෙනස විදින්න..!

අනික් කෙල්ලො වගේ නෙවේ
ඒ.කි පොත්ගුල්ලියක්..!
හැබැයි මට අහන්න බැරි උන ඒ.කි කැමති පොත් මොනවද කියලා..!

අනික් කෙල්ලන්ට හැඟීම් වල අන්තෙට යන්න ඕන උනාම
ඒ කිට ඕන උනේ මගෙ පපුවට බර වෙන්න..
උර හිසට වෙලා ඇස් පියාගෙන ආදරෙ මුමුණන්න..

මං හිනා වෙන්න හිනා වෙන්න
ඒ.කි ඇස් ලොකු කරන් බලන් උන්නා.....

අන්තිමට ඒ.කි දවසක යන්න ගියා..
යන්නම ගියා..🌼

ඉතින් දැන් මං..

ගස් යටට වෙලා සින්දු අහනවා..
එ කිගෙ පොත් ගොඩේ පොත් කියවනවා..
ඒ.කි ආසම කඩචෝරු කනවා..
ඒ.කි ආසම දේවල් එකක් නෑර කරනවා..

සුදු මල් අරගෙන
ඒ කි බලන්න යනවා..

ඒත් ඒ කි ඒවා දැක්කෙ නෑ..!
මං දැන් හිනා වෙන්නෙ නෑ..!

ඒ.කි මාව කොයිතරම් බලාගත්තද , මට පාර පෙන්නුවද කියලා
මම දැනගත්තෙ ඒ කි නැතුව ජීවත් වෙන්න පටන් ගත්ත දවසෙ ඉඳන්..!

මටත් නොදැනි හැමෝටම වඩා ආදරෙ දුන්න ඒ.කි මහ පුදුම එකි.යක්..!

LIke... ලියමන් by සදී 🦋

Diary with Abhi Ru

18/12/2022

ඉස්කෝලේ යන් පොඩි එවුන්ට ඩ්‍රග්ස් ඩීලව හොයාගන්න පුලුවන්.පොලීසියට
බැ

18/12/2022

නෙත ඇදි යන නෙක විසිතුරු
අව්ව රස්සි පාට දාපු බව තොරතුරු
කිව්ව දේවගැති සියොතුන්ගේ කතා වරු
ගණන් අහන් ඉන්නේ මගෙ හයේ ඉන්නේ මරු...

මම ගැටුනා ආයේ
මනෝකාමයේ
තනිවුනා මං ආයේ
පාලු ගොම්මනේ...

Address


Alerts

Be the first to know and let us send you an email when Deegayu bandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Deegayu bandara:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share