Rajans' Times

  • Home
  • Rajans' Times

Rajans' Times Want to know what s happening in Dharmaraja? Want to know facts about Dharmaraja which you never kne

14/11/2021
17/10/2021

The Awaiting is Closing to an End.
The most awaited All Island Photographic Exhibition; "Speculo '21" organized by the Photographic Society of Dharmaraja College.

Prepare yourselves for a VIRTUAL EXPERIENCE
The award winners of the Speculo'21 competition will be announced on the day of the exhibition.
STAY TUNED...

Vist our website
www.rajansphotography.com


12/09/2021

Making his way to the Final 15 of Derana Dream Star: Season 10, an Old Boy of Dharmaraja College is yet to make history in one of Sri Lanka's most popular singing platforms.

Show your support by casting your valuable vote to Dulanga Sampath - දුලංග සම්පත්via the DFLIX APP or simply enter DDS(SPACE)11 and SMS to 9900

Watch his performance Tonight (12th of September) live on TV Derana

ශ්‍රී ලාංකේය පාසලක් විසින් පැවැත්වු මෙරට  ප්‍රථම මාර්ගගත මාධ්‍ය දින තරඟාවලියේ සමස්ත ශූරතාවය  විද්‍යාලයීය මාධ්‍ය ඒකකයට 20...
25/07/2021

ශ්‍රී ලාංකේය පාසලක් විසින් පැවැත්වු මෙරට ප්‍රථම මාර්ගගත මාධ්‍ය දින තරඟාවලියේ සමස්ත ශූරතාවය විද්‍යාලයීය මාධ්‍ය ඒකකයට

2020 වර්ෂයේදී මොරටුව වේල්ස් කුමර විද්‍යාලයීය මාධ්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලැබු මෙරට ප්‍රථම මාර්ගගත මාධ්‍ය දින තරඟාවලියේ සමස්ත ශූරතාවය විද්‍යාලයීය මාධ්‍ය ඒකක විසින් දිනාගැනීමට සමත් විය.

එහිදි ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ඉදිරිපත් කිරීමේ තරඟ අංශයේ ප්‍රථම ස්ථානය පවිත් පෙතියාගොඩ ශිෂ්‍යයා විසින්ද ක්‍රීඩා විස්තර විචාර තරඟ අංශයේ ප්‍රථම ස්ථානය චතුර හෙට්ටිආරච්චි ශිෂ්‍යයා විසින් දිනාගත් අතර විශිෂ්ඨතම ගුවන්විදුලි නාට්‍ය හා විශිෂ්ඨතම කණ්ඩායම් ක්‍රියාකාරකම්හි ප්‍රථම ස්ථානය දිනාගැනීමට විද්‍යාලයීය මාධ්‍ය ඒකකය සමත් විය.

මාධ්‍ය ඒකකය භාර ආචාරිනී ලෙස රොහිණි දිවාරත්න ගුරුමැණියන් කටයුතු කරනු ලබයි.



'TIMES

18/07/2021

ඔබ දැන සිටියාද?

ජපන් රජයේ ඉහළම ගෞරව සම්මානයකට පාත්‍ර වූ,
ජපානයේ ශ්‍රී ලංකා තානාපති,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ ප්‍රධානී,
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති,
අග්‍රාමාත්‍ය මාධ්‍ය උපදේශක,
ගුවන්විදුලි සංස්ථාවේ සභාපති,
අමාත්‍යංශ උපදේශක,
ජාතිකරූපවාහිනි සේවයේ සභාපති,
රැගුම් පාලක මණ්ඩලයේ සභාපති,
ලංකා පුවත් ප්‍රවෘත්ති ඒජන්සියේ සභාපති,
විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය ලේකම්,
මහජන අභියාචනා මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපති,
ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ,
ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂ,

යන රජයේ තනතුරු රැසක් හොබවා,
''පැණි වළලු'' තීරු ලිපියෙන් රටක් වසග කරගත්

මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායකයන්
ධර්මරාජයේ ආදිශිෂ්‍යයෙකු බව.

1958 ජූලි 1 වන දින උපත ලද මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා 13 වසරක සිය අධ්‍යාපනය මහනුවර ධර්මරාජයෙන් ලබා ,
1982 වර්ෂයේ පටන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් තම විශ්වවිද්‍යාල අධ්‍යාපන‍ය හැදෑරූ හෙතෙම එහිදී ශාස්ත්‍රවේදී ගෞරව ප්‍රථම පංති උපාධිය ද දිනා ගැනීමට සමත් වූවේය.

ඉන් අනතුරුව ජපාන රජයේ අධි ශිෂ්‍යත්වයක් දිනා ගනිමින් 1990 වසරේ දී ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලයෙන් ජන සන්නිවේදන පිළිබඳ ශාස්ත්‍රපති පශ්චාත් උපාධිය සමත් වී දර්ශන විශාරද උපාධිය ද ජපානයේ දී ම අවසන් කළ ගංගානාත් දිසානායක මහතා ජපන් භාෂාව පිළිබඳ හසල දැනුමක් ඇති අයකු ද වේ.

1993 වර්ෂයේ සිට ඉතා දීර්ඝ කාලයක් අග්‍රාමාත්‍ය මාධ්‍ය උපදේශකවරයා ලෙස කටයුතු කල ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ප්‍රවීණ රැගුම් පාලක මණ්ඩලය යන ආයතන වල සභාපතිවරයා ලෙස ද සේවය කරනූ ලැබුවේය.
එසේම ජාතික තරුණ සේවා සභාවේ හා ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂ ධූරය ද හෙබවූ ඒ මහතා ,
1995 වර්ෂයේ සිට 2000 වර්ෂය දක්වාම එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය උපදේශක ලෙස ද කටයුතු කරනූ ලැබු අතර විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය ලේකම් වරයා ලෙසද කටයුතු කරන ලදි.

ජනමාධ්‍ය අධ්‍යයනය වෙනුවෙන් කරන ලද අති විශිෂ්ඨ සේවය වෙනුවෙන් ජපාන රජය මගින් පිරිනමන ඉහළතම ගෞරව සම්මානයක් වන "Hidoyoshi Mimisu" සම්මානයෙන් ද පිදුම් ලැබීමට 1999 වර්ෂයේදි මෙතුමා සමත් වූ අතර ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලය විසින් ඔහුට “Mathshumaye cultural“ සම්මානය ද ප්‍රදානය කළේය.

එමෙන්ම ඉතා දීර්ඝ කාලයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරනූ ලැබූ දිසානායක මහතා,
මහජන අභියාචනා මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිවරයා සේම රජයේ අමාත්‍යංශය ගණනාවක උපදේශක තනතුරු රැසක් ද හෙබවූ අත්දැකීම බහුල පුද්ගලයෙක් ද විය.

ගංගානාත් දිසානායක මහතා ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයා ලෙස වැඩ භාරගනු ලැබුවේ 2015 ජනවාරි 22 වෙනි දින වන අතර එතැන් සිට ගෙවුණු මාස 7 කට ආසන්න කාලය තුළ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මාස 6 ක් වැනී කෙටි කාලයකදී වාර්තා ගත ආදායමක් ඉපයීමට සමත්වූ අතර එය රුපියල් මිලියන 1713 ක ආදායමක් ලෙස සටහන්විණි. 2014 වර්ෂයේ ස්වාධීන රූපවාහිනී සේවයේ ආදායම හා සැසදීමේදී එය 150% ක ආදායම් වර්ධනයකි.
එසේම 2015 අගෝස්තු මාසයේදී පමණක් රුපියල් මිලියන 310 ක් උපයා තිබුණු අතර එය ස්වාධීන රූපවාහිනී සේවයේ ඉතිහාසයේ මාසයක් තුළ ඉපැයූ වැඩිම ආදායම ලෙසට ද වර්තා පොත් අලුත් කිරීමට සමත්විණි.
මෙමගින් ගංගානාත් දිසානායක මහතා කෙතරම් දක්ෂ පරිපාලකයෙකූ ද යන වග අපහට හොදින් වැටහේ.

ඉන් අනතුරුව 2015 සැප්තැම්බර් 19 වන දින ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස වැඩ භාර ගන්නා ඒ මහතා අප සියලු දෙනා අතර ජනප්‍රිය " පැණි වළලු "තීරූ ලිපියේ කතෘවරයාද වේ . එමෙන්ම එතුමා ශාස්ත්‍රීය ග්‍රන්ථ ‍රැසක් රචනා කල අතර ,
අද සමාජයේ සිටින බොහෝ ප්‍රවීණ ජනමාධ්‍යවේදීන් රැසකගේ ගුරුවරයා වන්නේ ද මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතායි.

"ධර්මරාජය තමයි ඉස්කෝලේ"
යන්න නිතරම මුවගේ රැදුණු ධම්මික ගංගානාත් දිසානායක මහතා සැබවින්ම ලේක්විව් කදු මුදුනට සැබෑම ආඩම්බරයකී.



' TIMES

5 long years was how long our journey with you was sir, and throughout these memorable years we have learnt many valuabl...
05/07/2021

5 long years was how long our journey with you was sir, and throughout these memorable years we have learnt many valuable lessons and values. The service you provided towards the school and the staff cannot be expressed with words. Your enlightening words will forever be cherished in our hearts.
Have a great retirement sir!

යුද්ධයෙන් ජයගත නුහුණූ බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන් විසින් උඩරට ගිවිසුම හරහා බුද්ධියෙන් ජය ගැනීමට පිඹුරුපත් සකසමින් සිටි ...
29/06/2021

යුද්ධයෙන් ජයගත නුහුණූ බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන් විසින් උඩරට ගිවිසුම හරහා බුද්ධියෙන් ජය ගැනීමට පිඹුරුපත් සකසමින් සිටි කාලවකවානුවක ,

ශ්‍රී ලාංකීය සංස්කෘතිය වෙනුවට පරගැති සංස්කෘතියක් මේ ධර්මදීපය තුළ කෙමෙන් කෙමෙන් හිස ඔසවන ක්‍රියාවලිය රාජ්‍ය අනුග්‍රහය යටතේම ජයටම ක්‍රියාත්මක වෙමින් තිබූ මොහොතක ,

සිංහල , බෞද්ධ දරුවන් පිරිසක් වෙනුවට කළු සුද්දන් පිරිසක් මේ දීපය තුළ බිහිවෙමින් තිබූ මොහොතක ,

සිංහල , බෞද්ධයන් ගේ අධ්‍යාපන අයිතිය බව්තිස්මය මත පදනම්ව තිබූ මොහොතක ,

ඉතිරිව සිටි ජාතිමාමකයින් ගේ අප්‍රතිහත කැපවීමෙන්,

සිදූ වූ වැරදි හා අතපසුවීම් සියල්ල යළි නිවැරදී කිරීම සදහා මෙන්ම ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදීන්ගේ කොලනියක් වීම වළක්වාලීම මූලික කොටගනිමින්
මිෂනාරින් මෙරටදී අනුගමනය කළ පියවරම ආපස්සට කරකවාලමින් ,

ඉංග්‍රීසි උගත් සිංහල බෞද්ධයන් පිරිසක් රාජ්‍ය යාන්ත්‍රණය තුළට ඇතුල්කොට නැවතත් මෙරට බෞද්ධ සංස්කෘතිය නගාසිටුවීමේ ක්‍රියාවලිය පෙරදැරිව,

වර්ෂ 1887 ජූනී 30 වන දින ආරම්භ කළ කන්ද උඩරට අධ්‍යාපන බලකොටුව " Kandy Buddhist High School"(මහනුවර උසස් බෞද්ධ පාඨශාලාව) නමින් නාථ දේවාල භූමියේ පොල් අතුමඩුවක සිසුන් 12 දෙනෙකුගෙන් ආරම්භ වී පසු කළෙක මහනුවර ධර්මරාජය නමින් ඉදිරියට ආ ගමන්මගේ දී විවිධ වූ දුෂ්කරතා හා කෙනහිලිකම් හමුවේ අන්දරිස් ද සිල්වා , සර් ඩී.බී ජයතිලක , බිලිමෝරියා , කුලරත්න , ගුණරත්න , කීර්තිරත්න වැනි විදුහල්පතිවරුන්ගේ ස්වර්ණමය යුගයන් ගණනාවකින් ඔපමට්ටම් වී අධ්‍යාපනික , ක්‍රීඩා හා විෂයබාහිර ක්‍රියාකාරකම් අතින් දිවයිනේ ප්‍රමුඛතම පාසල් ත්‍රිත්වය අතරට ගෙන එමින්
මෙරට දේශපාලන, සාහිත්‍ය , සංස්කෘතික , ක්‍රීඩා යන ක්ෂේත්‍ර උඩුයටිකුරු කළ පතාක යෝධයින් බිහිකළා වූ හා ඉදිරියට ත් බිහි කරන්නා වූ,

කන්ද උඩරට වන්දනීය ගුරුගෙදර නම් ධර්මරාජ විද්‍යාලය ට අදට වසර 134 කී.

වසර 134 ක් පුරාවට ශ්‍රී ලාංකීය සංස්කෘතිය රැකගනිමින් නුවණැත්තන් ශ්‍රී ලංකා භූමියට නිර්මාණය කළා සේම තවත් වසර සිය දහස්ගණනක් පුරාවට එම කර්තව්‍යය ඉදිරියට පවත්වාගෙන ‍යාමට අපි සැම සුභාසිංශන එක්කාසූ කරමූ .

ධර්මරාජ මාතාව සදා දිනේවා!!



' TIMES

24/06/2021

ශ්‍රී ලාංකේය පාසල් මාධ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරමින් නව තාක්ෂණික යුගයක උදාවත් සමඟ මාධ්‍යකරණයේ විශිෂ්ටතම අත්දැකීම විඳ ගැනීමට අවස්ථාව උදා කරනු වස්,

ධර්මරාජ විද්‍යාලයීය මාධ්‍ය ඒකකය ඔබ වෙත ගෙනෙන අන්තර් පාඨශාලයීය ත්‍රෛභාෂා මාධ්‍ය තරගාවලිය "අස්න 2021" ජූලි මස 17 හා 18 යන දෙදින තුළ බලාපොරොත්තු වන්න.

Making a Revolutionary Change in the field of Sri Lankan School Media, and at a time of a New Era of Technology, we bring you the finest experience of a kind "ASNA 2021"

Dharmaraja College Media Unit proudly presents, the Interschool Trilingual Media Competition on the 17th and 18th of July.

'21

1945 දී උපත ලද ඔහූ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාවට බැදී ශ්‍රී ලංකා යු...
24/06/2021

1945 දී උපත ලද ඔහූ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන්
පාසල් අධ්‍යාපනය ලබා ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාවට බැදී ශ්‍රී ලංකා යුද හමුදාවේ විවිධ උසස් නිලතලයන් දරමින් තම සක්‍රීය දායකත්වය යුද හමුදාවට ලබා දෙමින් සිටියදී , 1995 දී මඩකලපුව ප්‍රදේශයේ හමුදා කදවුරකට එල්ල කල ප්‍රහාරයකින් ආබාධයට ලක් වූ හමුදා නිළධාරින් හමුවීමට මඩකලපුවට ගොස් නැවතත් තම හමුදා මූලස්ථානය ට එමින් සිටියදී L.T.T.E ත්‍රස්ථවාදීන් විසින් වල දමා තිබූ බිම් බෝම්බයකට හසුවී එතුමා ජීවිතක්ෂයට පත් විය.

එසේම යුද්ධයේදී මිය ගිය අනෙක් ජ්‍යෙෂ්ඨතම හමුදා නිළධාරියා වන්නේ අප කවුරුත් හොදින් හඳුනන ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාය .

ඔවුන් දෙදෙනා මාතෘභූමිය වෙනුවෙන් කළ සේවය සදා අනුස්මරණීය යි.

පිටපත : යසජ සමරනායක


තේ පොල් රබර් වලින් ජීවත්වන ශ්‍රී ලංකාවට සුපිරි මෝටර් කාර් ක්ෂේත්‍රය  සිහිනයක් යැයි ඇමරිකාව, ප්‍රංශය , රුසියාව වැනි ලෝක  ...
21/06/2021

තේ පොල් රබර් වලින් ජීවත්වන ශ්‍රී ලංකාවට සුපිරි මෝටර් කාර් ක්ෂේත්‍රය සිහිනයක් යැයි ඇමරිකාව, ප්‍රංශය , රුසියාව වැනි ලෝක බලවතුන් ශ්‍රීලංකාව සමච්චලයට ලක් කර තිබූ අවස්ථාවක දකුණු ආසියානු කලාපයේ ම නිර්මාණය කළ ප්‍රථම සුපිරි විද්‍යුත් මෝටර් රථය මෙන්ම 100% ක් ම ශ්‍රීලංකාවේ නිර්මාණය කරනූ ලැබූ ප්‍රථම සුපිරි මෝටර් රථය වන අප කවුරුත් හොඳින් හඳුනන Vega මෝටර් රථය නිර්මාණය කරමින් , දම්රද කදු මුදුනේ සෙවණ ලබා ඉලෝන් මස්ක් ගේ ලොව ප්‍රමුඛතම මෝටර් රථ සමාගමක් වන Tesla සමාගමේ නිර්මාණයන්ට අභියෝග කළ හර්ෂ සුභසිංහ මහතා මහනුවර ධර්මරාජයේ කීර්තිමත් ආදිශිෂ්‍යයෙකී .
අවසානයේ එම Vega මෝටර් රථය 2020 ජීනීවා මෝටර් රථ ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ අතර, එය ලොව ප්‍රමුඛතම මෝටර් රථ සමාගමක් වන Tesla සමාගමේ Tesla roadster මෝටර් රථය හා සම වීමට සමත් වූ අතර , ටෙස්ලා සමාගමට මේ වන විටත් Vega මෝටර් රථය මහත් තර්ජනයක් වී ඇති බවට ටෙස්ලා සමාගමේ යම් යම් දැවැන්තයින් ඉඟි පවා පළ කර ඇත. එමෙන්ම ලෝ ප්‍රකට මෝටර් රථ සමාගම් වලට පවා මේ වන විට Vega මෝටර් රථය අභියෝගයක් වී හමාරය.
*Tesla මෝටර් රථය හා Vega මෝටර් රථය එකම මිල ගනන් වලින් පවා සමාන වේ . *එමෙන් ම vega මෝටර් රථ 25 ක් පමණ ක් මුලු ලෝකයටම නිර්මාණය වීමද සුවිශේෂී ම කරුණකි.
ශ්‍රී ලංකා මාතාවගේ නාමය ජාත්‍යන්තරය තුල දිග් විජය කල හර්ෂ සුභසිංහයන් මහනුවර ධර්මරාජ මාතාවට ද ලේක් විව් කදු මුදුනට ද සැබෑ ආඩම්බරයකි.

පිටපත හා නිර්මාණය : යසජ සමරනායක


ශ්‍රි ලාංකිය ක්‍රිකට් ඉතිහාසයේ දේශීය පිටියේ වේගවත් ම ශතකයේ වාර්තාව (101**(39) )ට හිමිකම් කියන ජාතික කන්ඩායම් ක්‍රිඩක සදු...
14/06/2021

ශ්‍රි ලාංකිය ක්‍රිකට් ඉතිහාසයේ දේශීය පිටියේ වේගවත් ම ශතකයේ වාර්තාව (101**(39) )ට හිමිකම් කියන ජාතික කන්ඩායම් ක්‍රිඩක සදුන් විරක්කොඩි ආදි ධර්මරාජිකයකී,
ඔහු එසේ බිද හෙලනූ ලැබනුයේ ක්‍රිකට් ලොව මාස්ට බ්ලාස්ටර් යැයි හදුන්වන සනත් ජයසූරිය ගේ වාර්තාවයි.



'TIMES

ශ්‍රී ලාංකේය පාසල් මාධ්‍ය ක්ෂේත්‍රයේ  විප්ලවීය  වෙනසක් කරමින් නව තාක්ෂණික යුගයක උදාවත් සමග  මාධ්‍යකරණයේ විශිෂ්ටතම අත්දැක...
12/06/2021

ශ්‍රී ලාංකේය පාසල් මාධ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කරමින් නව තාක්ෂණික යුගයක උදාවත් සමග මාධ්‍යකරණයේ විශිෂ්ටතම අත්දැකීම විඳ ගැනීමට ඔබත් සූදානම් ද?

මහනුවර ධර්මරාජ විද්‍යාලයීය මාධ්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලබන දිවයිනේ විශාලතම අන්තර් පාඨශාලීය ත්‍රෛභාෂා මාධ්‍ය දින තරඟාවලිය .

"අස්න 2021".......

ළඟදීම.........

Are you ready to witness a revolution in the Art of School Media amidst the dawn of an era of technology in Sri Lanka?

Await the largest all island Interschool trilingual Media Day Competition brought to you by the Media Unit of Dharmaraja College.

"ASNA 2021".......

Coming Soon....

'21

ශ්‍රී ලාංකිය රග්බි ඉතිහාසයේ දේශීය තරගයකදී ක්‍රිඩකයෙක් රැස්කල ඉහලතම ලකුණු සංක්‍යාව (ලකුණූ 36) හා වැඩිම උත්සාහක දිනුම් සංක...
12/06/2021

ශ්‍රී ලාංකිය රග්බි ඉතිහාසයේ දේශීය තරගයකදී ක්‍රිඩකයෙක් රැස්කල ඉහලතම ලකුණු සංක්‍යාව (ලකුණූ 36) හා වැඩිම උත්සාහක දිනුම් සංක්‍යාව(උත්සාහක දිනුම් 04ක්)රැස් කරනූ ලැබුවේ ධර්මරාජ විද්‍යාලයේ කිර්තිමත් ආදිශිෂ්‍ය තිලිණ විජේසිංහ ක්‍රිඩකයා විසිනි. ඒ ඔහු විසින්ම තබා තිබූ වාර්තාව ද බිද හලමින්‍ ය.
2013 පාසල් ලීග් රග්බි ශුරතාවය එම වසරේ අපරාජිත ව ධර්මරාජය ට හිමිකර දුන් කණ්ඩායමේද සාමාජිකයෙකු වූ
ඔහූ මේ වන විට ශ්‍රි ලංකා ජාතික රග්බි කන්ඩායමේ මෙන්ම ශ්‍රි ලංකා සත්සාමාජික රග්බි කන්ඩායමේ ජ්‍යෙෂ්ඨතම සාමාජික යෙකි.
එමෙන්ම ප්‍රබල මෙන්ම අපරාජිත මහනුවර ක්‍රීඩා සමාජයේ (kandy sports club) හී fullback ක්‍රීඩකයාද ඔහුය. ඔහුගේ තනි දක්ශතා නිසාම අපරාජිත මහනුවර ක්‍රීඩා සමාජය තරග ජයග්‍රහණය කර ඇති අවස්ථාද බොහෝමයක් ඉතිහාසයේ ඇත.





https://www.facebook.com/rajanstimes/
like us now❤💙

*දිවයිනේ ජනප්‍රියතම විවාද කණ්ඩායම ලෙස මහනුවර ධර්මරාජ විද්‍යාලය තෝරාපත් කරගැනීමට ඔබේ සහය ලබා දෙන්න.*https://m.facebook.co...
07/06/2021

*දිවයිනේ ජනප්‍රියතම විවාද කණ්ඩායම ලෙස මහනුවර ධර්මරාජ විද්‍යාලය තෝරාපත් කරගැනීමට ඔබේ සහය ලබා දෙන්න.*

https://m.facebook.com/isipathanadebating/photos/a.100931592197629/113233430967445/?type=3&source=48

*ඉසිපතන විද්‍යාලයීය කථික හා විවාද සංගමයේ ෆේස්බුක් පිටුවට මනාපය (like) පල කර අප විද්‍යාලයට මනාපය පල කර බෙදා හරින්න.*

*ස්තූතිය!!*

මාතර රාහුල විද්‍යාලයීය බාලදක්ෂ සමූහය විසින් සංවිධානය කරන INQU EXPEDITION'21 තරගාවලියට සහභාගී වන 1 වන මහනුවර ධර්මරාජ බාලද...
29/05/2021

මාතර රාහුල විද්‍යාලයීය බාලදක්ෂ සමූහය විසින් සංවිධානය කරන INQU EXPEDITION'21 තරගාවලියට සහභාගී වන 1 වන මහනුවර ධර්මරාජ බාලදක්ෂ සමූහය දිවයිනේ ජනප්‍රියතම බාලදක්ෂ සමූහය බවට පත්කරලීමට ඔබගේ වටිනා මනාපය ලබාදෙන්න.
මනාප ලබාදීම අද දින ප.ව 1 සිට ප.ව. 6 දක්වා පවතී.

https://www.facebook.com/RahulaScoutTroop/photos/a.102155483289200/1819470011557730/?type=3

1වන මහනුවර ධර්මරාජ බාලදක්ෂ සමූහය වෙනුවෙන් Like, comment හා share කිරීම මඟින් ලබාදෙන්න

පින්බර වෙසක් මංගල්‍යක් වේවා💫🙏
25/05/2021

පින්බර වෙසක් මංගල්‍යක් වේවා💫🙏


25/05/2021

*Presenting to you the Winners of the Sports Commentary Sinhala category of ISAC 2020!*

*01st place* - Chathura Hettiarachchi (Dharmaraja College, Kandy)

*02nd place* - Gayan Perera (Sri Sumangala College, Panadura)

*03rd place* - Pasindu Kareendra (D.S. Senanayake College, Colombo)

Thank you for joining us in the journey of finding the next media personality of the nation.

Congratulations on your well deserved victory!

17/05/2021
The Newly appointed committee of the Media Unit of Dharmaraja College, Kandy for the year 2021✨
16/05/2021

The Newly appointed committee of the Media Unit of Dharmaraja College, Kandy for the year 2021✨


We would like to thank the outgoing committee of the year 2020, for their hard work and dedication they put to bring RMU...
16/05/2021

We would like to thank the outgoing committee of the year 2020, for their hard work and dedication they put to bring RMU to the next level!✨


Wish you a happy blessed month of Ramadan. May you always be blessed with the love and protection of Allah. May the choi...
13/05/2021

Wish you a happy blessed month of Ramadan. May you always be blessed with the love and protection of Allah. May the choicest blessing of Allah fill your life with joy and prosperity.
Eid Mubarak


"Mama was my greatest teacher, a teacher of compassion, love and fearlessness. If love is sweet as a flower, then my mot...
08/05/2021

"Mama was my greatest teacher, a teacher of compassion, love and fearlessness. If love is sweet as a flower, then my mother is that sweet flower of love." – Stevie Wonder
HAPPY MOTHERS DAY♥️

08/05/2021

දෙරණ Dream Star වේදිකාවේ මෙම සතියේ ඉරිදා දින එනම් හෙට දින (09) තරඟ වදින ධර්මරාජ විද්‍යාලයීය ආදී ශිෂ්‍ය දුලංග සම්පත් සොයුරාව තරඟාවලියේ ඉදිරියට යැවීම සදහා හෙට දින (9) රාත්‍රී 7.30ත් 9.00 ත් අතර කාලයේ DDS (හිස්තැනක්) අංක 01 යොදා 9900ට කෙටි පණිවිඩ 5 බැගින් යොමු කරන්න ❤💙
Dulanga Sampath


Congratulations Rajans for your extraordinary results in GCE A/Ls' 2020. We appreciate your hard work to make mother Dha...
05/05/2021

Congratulations Rajans for your extraordinary results in GCE A/Ls' 2020. We appreciate your hard work to make mother Dharmaraja proud. We wish you all the very best for your future endeavours.
💙❤


මහනුවර ධර්මරාජ විද්‍යාලයීය සංගීත අංශයේ සාමාජිකයෙකු වූ දම්රද ආදි ශිෂ්‍ය දුලංග සම්පත් දෙරණ ඩ්‍රිම් ස්ටාර් තරගාවලියේ අවසන් ...
24/04/2021

මහනුවර ධර්මරාජ විද්‍යාලයීය සංගීත අංශයේ සාමාජිකයෙකු වූ දම්රද ආදි ශිෂ්‍ය දුලංග සම්පත් දෙරණ ඩ්‍රිම් ස්ටාර් තරගාවලියේ අවසන් 48 දෙනාට තේරී පත් වී ඇති අතර එළඹෙන අප්‍රේල් 25 වන ඉරිදා දින රාත්‍රී 7:30ට පැවැත්වෙන දෙරණ ඩ්‍රිම් ස්ටාර් අවසන් 48 දෙනාගේ තරග වටයෙන් තවදුරටත් ඔහුව ඉදිරියට යැවීම සඳහා DDS හිස්තැනක් අංක 05 ලෙස යොදා 9900ට හැකිතාක් ඔබේ මනාපය පලකරන්න.

ලබන්නා වු නව වසර කිරියෙන් පැණියෙන් පිරි සාමය සතුට සපිරි නිරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.....!நம் அனைவருக்கும் ச...
14/04/2021

ලබන්නා වු නව වසර කිරියෙන් පැණියෙන් පිරි සාමය සතුට සපිරි නිරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.....!

நம் அனைவருக்கும் சிங்கள இந்து புத்தாண்டு வாழ்த்துக்கள் மற்றும் ஒரு வளமான ஆண்டு....!

Happy Sinhala Hindu New Year to all of you and a prosperous year ahead.....

Address

Dharmaraja College

Website

Alerts

Be the first to know and let us send you an email when Rajans' Times posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share