ZEUSStudio

ZEUSStudio Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ZEUSStudio, Film/Television studio, .

නිදහස පිළිබද අදහස ප්‍රශ්ණාර්ථයක් වු කලක අපි නිදහස සමරමු..!යටත් විජිතවාදීන්ගෙන් මිදී ගෙවෙන හැත්ත පස්වන වසර සුක්ෂමව, බුද්ධ...
03/02/2023

නිදහස පිළිබද අදහස ප්‍රශ්ණාර්ථයක් වු කලක අපි නිදහස සමරමු..!

යටත් විජිතවාදීන්ගෙන් මිදී ගෙවෙන හැත්ත පස්වන වසර සුක්ෂමව, බුද්ධිමත්ව ආවර්ජනය කරමු...!

Happy Thaipongall to allhindus around the world..!ලොව පුරා සියලු හින්දු බැතිමතුන්ට සුබ තෛපොංගල් උත්සවයක් වේවා..!
15/01/2023

Happy Thaipongall to allhindus around the world..!

ලොව පුරා සියලු හින්දු බැතිමතුන්ට සුබ තෛපොංගල් උත්සවයක් වේවා..!

11/01/2023

Road & Way

හැමදේම සිද්ධ වෙන්නේ ජාලයක් ඇතුලේ. උඹයි මායි කවදාවත් හමුවෙලා නැතුව ඇති. ඒත් එක හමුවකින් උබ නිසා මගේ ජීවිතේ වෙනස් වෙන්නත් පුලුවන්. මං නිසා උබේ ජීවිතේ වෙනස් වෙන්නත් පුලුවන්.

පැහැදිලි කර ගන්න ඕනි දේවල් දෙකයි.

*අපි අතරින් කවුද ගොදුර, කවුද දඩයක්කාරයා....?

*ගැලවීම වෙනුවෙන් මොකද්ද පාර, මොකද්ද මාවත..?

PRAGH
Chapter 02
Road & Way

•Cast :
Nirupa Lakmal
Athula Cristoper
Kokila Maduwanthi
Randunu Jayan
Amila Nishantha

•Story - Screenplay & Director:
Nilupul Kariyapperuma

•Produced by
Nilupul kariyapperuma
Mawinthana De silva
Randunu jayan

•Director of Photography | Ruwan Jayasinghe
•Editor & colorist | Nirupa Lakmal
•Art | Lahiru jayasooriya
•Music | BEDDE Music
•Makeup | Yashodha kalum Nuwansiri
•Costume | Nipuni Kariyapperuma
•Production Manager | Mawinthana de silva
•Recodist | Randunu Jayan
•Art Work | Narada Dissanayake (Nara Grafics)

PRAGH Season 01Chapter 2Road & WayOfficeal Trailer ප්‍රභාගේ කතාව අවුස්සන්න වෙලාව ළමයි..PRAGH Chapter 02 Road & Way•Cast ...
10/01/2023

PRAGH
Season 01
Chapter 2
Road & Way

Officeal Trailer

ප්‍රභාගේ කතාව අවුස්සන්න වෙලාව ළමයි..

PRAGH
Chapter 02
Road & Way

•Cast :
Nirupa Lakmal
Athula Cristoper
Kokila Maduwanthi
Randunu Jayan
Amila Nishantha

•Story - Screenplay & Director:
Nilupul Kariyapperuma

•Produced by
Nilupul kariyapperuma
Mawinthana De silva
Randunu jayan

•Director of Photography | Ruwan Jayasinghe
•Editor & colorist | Nirupa Lakmal
•Art | Lahiru jayasooriya
•Music | BEDDE Music
•Makeup | Yashodha kalum Nuwansiri
•Costume | Nipuni Kariyapperuma
•Production Manager | Mawinthana de silva
•Recodist | Randunu Jayan
•Art Work | Narada Dissanayake (Nara Grafics)

ප්‍රභා කියන්නේ කුතුහලයේ උපත. එහෙම නොවීත් බෑ ප්‍රභාට වෙලා තියෙන දේවල් එක්ක. තමන්ගෙම කොටසක් කියලා හිතපු මිනිස්සු ප.....

මාවත සොයා නොගන්නවුන් ගොදුරු වීමට නියමිතයි.ප්‍රභා කියන්නේ කුතුහලයේ උපත. එහෙම නොවීත් බෑ ප්‍රභාට වෙලා තියෙන දේවල් එක්ක. තමන...
07/01/2023

මාවත සොයා නොගන්නවුන් ගොදුරු වීමට නියමිතයි.

ප්‍රභා කියන්නේ කුතුහලයේ උපත. එහෙම නොවීත් බෑ ප්‍රභාට වෙලා තියෙන දේවල් එක්ක. තමන්ගෙම කොටසක් කියලා හිතපු මිනිස්සු පවා වෙනස් වෙද්දී කාවද විස්වාස කරන්න ඕනි කියලා නොතේරෙන තරම් අසරණ උනු මිනිහෙක් හැම දෙයක් ගැනම විමසිල්ලෙන් බලාගෙන ඉන්න පුරුදු වෙන එක පුදුමයක් නෙවෙයි.

අපි හැමෝම අළු පාට මිනිස්සු. කළු සුදු නොස්ටැලිජියානු කතන්දර අපි කාටත් එමටයි. ඒත් ඒ කතන්දර වල අදුරු සෙවනැලි කොච්චර අපේ වටේ කැරකෙනවද කියන එක අපිවත් දන්නේ නෑ..

පරිස්සං වෙන්න ඕනි කාලයක්.
ප්‍රභා කියන්නේ එහෙම පරිස්සං වෙන්න ඕනි මිනිහෙක්.

මොකද..?
කුසගින්න කියන්නේ මේ කැලේදී.. නිමිත්ත, විය නොහැකි ඕනෑම දෙයක් සිදු වීමට.

PRAGH
Chapter 02
Road & Way

•Cast :
Nirupa Lakmal
Athula jayasinghe
Kokila Maduwanthi
Randunu Jayan
Amila Nishantha

•Story - Screenplay & Director:
Nilupul Kariyapperuma

•Produced by
Nilupul kariyapperuma
Mawinthana De silva
Randunu jayan

•Director of Photography | Ruwan Jayasinghe
•Editor & colorist | Nirupa Lakmal
•Art | Lahiru jayasooriya
•Assistant Director | Prasad Balasooriya
•Music | BEDDE Music
•Makeup | Yashodha kalum Nuwansiri
•Costume | Nipuni Kariyapperuma
•Production Manager | Mawinthana de silva
•Recodist | Randunu Jayan
•Art Work | Narada Dissanayake (Nara Grafics)

සුබ නව වසරක් වේවා... !❤
01/01/2023

සුබ නව වසරක් වේවා... !❤

2023 දී අපි පාර සහ මාර්ගය වෙන වෙනම හදුනා ගමු.Road & WayComing soon
29/12/2022

2023 දී අපි පාර සහ මාර්ගය වෙන වෙනම හදුනා ගමු.
Road & Way
Coming soon

PRAGH දෙවනි අකුරේ කථාව.ළගදීම
09/12/2022

PRAGH
දෙවනි අකුරේ කථාව.
ළගදීම

Lost Story 02"PRAGH Time Line" (P.T.L) ඇසුරෙන්.."ඇහැරෙන්න වොට්සන්...., සෙල්ලම පටන් අරගෙන..."චාලි සහ ක්‍රේසි කරමින් සිටි ...
23/11/2022

Lost Story 02
"PRAGH Time Line" (P.T.L) ඇසුරෙන්..

"ඇහැරෙන්න වොට්සන්...., සෙල්ලම පටන් අරගෙන..."

චාලි සහ ක්‍රේසි කරමින් සිටි පරීක්ෂණය යම් කඩයිමකට ඇවිල්ලා.

ඒ අතර චාලි හා "මැද කොළඹ සිංහල තම්බියා" බායි, හමුවෙනව.

බායි කියන්නේ කොළඹ සිද්ධ වෙන සැගවුනු ජාවාරම් රැසක උල්පත. අවුරුදු ගාණකට කලින් නාට්ටාමි කෙනෙක් ඉදියා. බායි වගේම..

බායිගේ කතාව කතා කරන්න අපට දවසක් එනවා. එතකම් ඉවස ගෙන ඉමු.

අපිට දෙයක් තේරුම් ගන්න පුලුවන් දැන්.

කලින් එපියෙදි කාල් - චාලි සංවාදයෙන් කිය උනා ප්‍රභා කියන ඔවුන්ගේ මිතුරා අනතුරකට භාජනය වෙලා කියලා.

දෙවනි එපියෙන් අපට තේරුම් ගන්න පුලුවන් ඒ අනතුර සැලසුම් කරල සිදු කරපු එකක් කියලා. බායි විසින්.

ඒ වගේම , ප්‍රභා පස්සේ එලවන එක බායි තාම ආරම්භ කලා විතරයි කියලයි පේන්නේ. දැන් බායිට ඕනි ලේ හොල්ලන්නේ නැතුව උත්තර ලියන්න ලු. ඒකට බායි තෝරගන්නේ චාලිව.

චාලිත් මිත්‍ර ද්‍රෝහියෙක් ද කොහෙද..?
චාලි ඇවිල්ලා තියෙන්නෙත් සැලසුමක් එක්කමයි.

චාලි කියනව වගේ දැන් චාලිට ඉලක්ක තුනක් තියෙනවා.

• ප්‍රභා සම්බන්ධ සැලැස්ම.
• කාල්ගේ කළු සල්ලි සුදු කිරීමේ ක්‍රියාවලිය.
• රසායන පරේෂණයේ ඊලග පියවරට ලගා වීම.

මේ තමයි ආරම්භය..,

"PRAGH Time Line" එක සම්පුර්ණම ගොඩ නැගෙන්නේ චාලි ගේ මේ ඉලක්ක තුන උඩ.

පුංචි ඉගියක් දෙන්නං. පලවෙනි ඉත්තෝ තුනම දාපු චාලිට හතර වෙනි ඉත්තා මග ඇරෙනවා..

මතක තියාගන්න.

අද කතාවේ ඉහලින්ම තියෙන්නේ ෂර්ලොක් හෝම්ස් කතා පොත් වල එන ජනප්‍රිය දෙබසක්. අපේ පුංචි ප්‍රේක්ෂක සමුහයට කියන්න තියෙන්නෙත් එයම තමයි.

පෙරවදන්, පූර්විකා, ටීකා , ටිප්පනි මුකුත් නෑ.
ඇහැරන්න මිත්‍රයා..,
සෙල්ලම දැනටම පටන් අරගෙන ඉවරයි.

හම්බෙමු ඉස්සරහට...
අපිත් එක්ක එකතු වෙලා ඉන්නවට අපේ ගෞරවණීය ❤

PRAGH Chapter 02 Road & WayOn Location
16/11/2022

PRAGH
Chapter 02
Road & Way

On Location

NOW ON YOUTUBE 🎞කලින් එපියෙදිත් අපි කිව්වා. චාලි හරිම සංකීර්ණයි. චාලි වටා සිද්ධ වෙන දේවලුත් සංකීර්ණයි.චාලි ඉතිහාසය සහ පු...
15/11/2022

NOW ON YOUTUBE 🎞

කලින් එපියෙදිත් අපි කිව්වා. චාලි හරිම සංකීර්ණයි. චාලි වටා සිද්ධ වෙන දේවලුත් සංකීර්ණයි.

චාලි ඉතිහාසය සහ පුරාවස්තු එක්ක මොකද්දෝ සෙල්ලමකට අර අදිනව කියල අපිට පේනව දැන්. ඒත් එක්කම කාල් එක්ක එකතු වෙලා චාලි කරන්න හදන්නෙත් නීත්‍යානූකූල නොවන දෙයක් කියලත් කලින් එපියෙදි ඔයාලට තේරෙන්න ඇති. ඒත් මේ මොනවද වෙන්නේ කියල තවම අපිට තේරෙන්නේ නෑ..

PRAGH පළවෙනි වෙළුම කියන්නෙම අවුල් ජාලයක්. ඒ අවුල් ජාලාව සංකීර්ණ කරන කෙනා තමයි මේ පුද්ගලය..

චාලිගේ දවසේ දෙවනි අර්ධය ගෙවෙන හැටි අපි බලාගෙන ඉමු.

කවුද මේ චාලිට දුරකථන ඇමතුමක් දිපු බායි..?
මොනවද ක්‍රේසි මෙච්චරටම ගණන් හද හද කරන්නේ..?
චාලි පන්ජාබ්ලට අල්ලපු ඔට්ටුව දිනයිද?

උත්තර හොයමු අපි. ඒ උත්තර අස්සෙන් චාලි හංගන කථාවත් අපි හොයාගමු.

PRAGH
Season 01
Chapter 01
Episode 02
"Pieces Of Charlie's Diary"

Presented by ZEUS
Created by Nilupul Kariyapperuma
Directed by Nirupa Lakmal

Produced by
Shyamali Gunathilaka
Mawinthana de silva
Dulan Munasinghe

Cast
Nilupul Kariyapperuma
Nadeesha Hansani
Lahiru Jayasooriya
Mayura premarathna

Screenplay | Nilupul Kariyapperuma
Director of Photography | Gavindu Deesura
Editor & colorist | Nirupa Lakmal
Art | Lahiru jayasooriya
Music | BEDDE Music
Makeup | Yashodha kalum Nuwansiri
Costume | Nipuni Kariyapperuma
Production Manager | Mawinthana de silva
Recodist | Randunu Jayan
Assistant (Camera) | Janindu Himasara
Assistant (Art) | Dulan Munasinghe
Assistant (Makeup) | pabodya keshani
Art Work | Narada Dissanayake (Nara Grafics)
Camara equipment | Deesara creations
| Insew Creations

Special Thanks

•Kamal kosala silva & Family
• jayantha Mathugama
• Chamil janantha Thenuwara

•AK2pro (pvt) Limited
Delgahawaththa lane
Udahamulla

•Gunoja Iron workes
Nugegoda

•Mathara rathu kakulu bath kade
Nawala Rord
Nugegoda

කලින් එපියෙදිත් අපි කිව්වා. චාලි හරිම සංකීර්ණයි. චාලි වටා සිද්ධ වෙන දේවලුත් සංකීර්ණයි.චාලි ඉතිහාසය සහ පුරාවස්තු .....

අද..
10/11/2022

අද..

හැම සෙලවීමක් පිටිපස්සෙම ඉන්නේ "චලිත".විස්වාස නැද්ද?එහෙනං දෙවනි එපියත් බලලම ඉමු.PRAGH Chapter 01PIECES OF CHARLIE'S DIARY...
08/11/2022

හැම සෙලවීමක් පිටිපස්සෙම ඉන්නේ "චලිත".
විස්වාස නැද්ද?

එහෙනං දෙවනි එපියත් බලලම ඉමු.

PRAGH
Chapter 01

PIECES OF CHARLIE'S DIARY
Episode 02

11:11
5:00 PM

📌️ STAY TUNE

https://youtube.com/channel/UCPp_1ycPwBb38uVFetWvC4g

25/10/2022

"යන තැනකට දෙයක් කරගන්න තියෙන තැනනේ බං... ආයේ ඔතනට ෆන්ඩ් වෙන සල්ලි ගැන කවුරුවත් ඇගිලි ගහන්න එන්නේ නෑ..."

PRAGH
PIECES OF CHARLIE'S DIARY
EPISODE 01

https://youtu.be/tskLO-TUZi4

Lost Story 01"PRAGH Time Line (P.T.L) ඇසුරින්.."චාලි යනු කවුරුන්ද?ලිපියට අවතීර්ණ වෙන්න පෙර මං ඔබට දෙන්නං පුංචි ඉගියක්. "...
13/10/2022

Lost Story 01
"PRAGH Time Line (P.T.L) ඇසුරින්.."
චාලි යනු කවුරුන්ද?

ලිපියට අවතීර්ණ වෙන්න පෙර මං ඔබට දෙන්නං පුංචි ඉගියක්.

"ඔබ චාලි ලෙස කවුරුන් දැක්කද විස්වාස කරන්න එපා. ඒ චාලි නෙවෙයි."

Pieces of Charlie's Dairy පළමු කතාංගය නැරඹුවානම් ඔබ දකින්න ඇති රස්තියාදුකාර චාලි කෙනෙක්. ඒත් PRAGH Time Line (P.T.L) ලිපි ගොනු අස්සෙන් අපි චාලිගේ මුල හොයාගෙන යද්දී අපිට හමු උනේ වෙනස් කතාවක්.

චලිත රසාංග ;
උපත 1991
අ.පො.ස (සා.පෙළ) A-7, B-2
අ.පො ස (උ.පෙළ) A-2, B-1, Arts, දිස්ත්‍රික් කුසලතාව 72
B.A.- දේශපාලන විද්‍යාව- විශේෂවේදී
M.A - අග්නිදිග ආසියානු ඉතිහාසය

විශිෂ්ඨ අධ්‍යාපන වාර්තා රැසක් තියෙන රස්තියාදුකාරයෙක්. මලල ක්‍රිඩා, ක්‍රිකට්, පා පන්දු වගේ ජවසම්පන්න ක්‍රිඩා වලින් නැතත් චෙස්, කැරම් වගේ එක තැන හිදිමින් මනස වෙහෙසවමින් දිනන්නට ඇති ක්‍රිඩාවන්ට ඔහුගේ වාර්තාවත් අද්විතීයයි.

චාලිගේ පියා ගණිත ගුරුවරයෙක් වගේම මව රසායන විද්‍යා ගුරුවරියක්. ඒත් චාලිට වයස විසිඑකක් වෙද්දී තාත්තා එල්ලිලා මැරෙන්නේ ඔට්ටු ඇල්ලීමෙන් ඉතුරු කරපු අසීමිත බර කන්දක් ඉතුරු කරල.

මේ දේවල් පිලිවෙලක් කරන්න චාලිගේ අම්මා ගුරු භූමිකාවෙන් සමුගෙන ඉන්දියාවට යන්නේ විදේශික අයෙකු සොයමින් සිටි ඉන්දියානු රජයේ පරේශණ කණ්ඩායමක තිබු සහය රසායනාගාරපාලක තනතුරක ඇබෑර්තුවකට.

ඇය නැවත ලංකාවට පැමිණියාද යන්න පිලිබද කිසිදු වාර්තාවක් නෑ. ඒත් ඒ ගෙවිලා ගිය අවුරුදු 9 ඇතුලේ චාලිගේ ජීවිතේ නං සෑහෙන්න වෙනස් වෙළා තිබුනා.

ඇය විදේශ ගත වෙද්දී චාලි විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙක්. තරුණ විසේ ඇති අහංකාර තරුණයෙක්. අද චාලි තුන්වෙනි දශකයත් ගෙවාදමා අවසාන වුවෙක්.

උපාධිය ශාස්ත්‍රපති වෙනකම් ගියත් අද වෙනකං තමන්ගේ ගෙදරක, ඉඩමක, ව්‍යාපාරෙක, වාහනේකවත් අධිපති වෙලා නැති මිනිහෙක්.

P.T.L ලිපිගොනු අස්සේ තිබුනු වාර්තා වලට අනුව විශ්ව විද්‍යාලේ දෙවනි අවුරුද්ද වෙනකං චාලි සාමාන්‍ය හීන බලාපොරොත්තු තිබුනු කොල්ලෙක්. ඒත් එතනින් එහාට ඔහු වෙනස් වෙන බව වාර්තා වල පැහැදිලි වෙනසින් අපට තේරුම් ගන්න පුලුවන්.

ඒකට හේතුව හරියටම පැහැදිලි නැත්තේ එහෙම යූ ටර්න් එකකට අදාල ඕනි තරම් දේවල් ඒ අවුරුද්දේ ඔහුට උනු නිසා. තාත්තගේ මරනේ, අම්මගේ විදේශ ගත වීම මූලිකවම අපිට හිතන්න පුලුවන් හේතු.

මේගැන මගේ උපකල්පන තරමක් වෙනස්. වාර්තා අනුව ඔහු අධ්‍යාපනයේදී විශිෂ්ඨ දක්ෂතා දක්වපු කෙනෙක්. විශේෂයෙන්ම ශාස්ත්‍රීය විශයන් කෙරෙහි ඔහුගේ උනන්දුව ඉහලයි. "පෙරදිග දේශපාලන දර්ශණය" විශ්ව විද්‍යාල සමයේ ඔහු තදින් ඇලුම්කල විෂයක්. ඔහුගේ ස්වාධීන නිබන්ධනය "පෙරඅපර දෙදිග මිශ්‍ර දේශපාලන සංස්කෘතිය". ඒකට යොදාගෙන තිබුනු සමහර පරේශණ වාර්තා සහ මුලාශ්‍ර බැලුවහම මට හිතෙන්නේ ඔහුට වෙන මාර්ගයක් හම්බ උනා.

දවසක් එයි චාලිගෙන්ම අපිට ඇත්‍ත හේතුව දැන ගන්න.. එතකං ඉවසමු.

කොහොම උනත් අද වෙනකොට චාලිව අපිට පේන්නේ , අමුවෙන්ම කියනවනං ගේම්කාරයෙක් වගේ. ඒත් චාලි කියන්නේ ගේම් වලට ඔට්ටු අල්ලන මිනිහෙක්. රැකියාව කියන්නේ බඩ වියත රැකගන්න මුදලක් හම්බකරගන්න දේනං චාලි කරන්නේ ලෝකේ වටේ තියෙන ක්‍රිකට් ලීග් වලට ඔට්ටු අල්ලන එක. ජානවලින් එන දේවල් ඒ දක්ෂතා නං. දවසකට ඔට්ටුවක් වැඩකරවනවම තමයි ඉතින් ඉලක්කං ගොඩක් දිහා බලං ඉදලා.

ඊට අමතරව චාලි දිගුකාලීන සැලසුම් කීපෙකම ඉන්න බව අපිට පේනව..

1. රසායන විද්‍යාව ගැන පොඩි පොඩි දේවල් ටිකක් අටෝගෙන ,ගණන් හද හද මොනව හරි වැදගත් දෙයක් හොයමින් ඉන්නේ..

2. බායි කියල කෙනෙක් එක්කත් මොකක් හරි වෙන සැලසුමක් තියෙන බව කියවෙන පොඩි දුරකථන සංවාදයක් ඇහෙනව...

3. කාල් ප්‍රනාන්දු , තරුණ ව්‍යාපාරිකයා එක්කත්, "බ්ලැක් එක වයිට් කරන්න" යන අදහස රැගත් දෙබස් කණ්ඩයක් ඇති කොටසක් දක්නට ලැබුනා. බොහෝ දුරට ඔවුන් කළු සල්ලි සුදු කිරීමකට අර අදිනවා විය හැක.

4. අවසානයේ ඉතිහාසය වෙනස් කිරීමක් හරහා වාසියක් ලබා ගැනීමට උත්සහ දරමින් සිටින බව හෝ පුරාවස්තු මංකොල්ලයකට උත්සහ දරමින් සිටි බව හැගවෙන දෙබසකින් පළමු කතාංගය නිමා කරනව.

ඔට්ටු වලින් ජීවිතේ ගෙවන මේ හාදයගේ ඊලග පියවර මොකක් වෙයිද කියලා ඔට්ටුවක් තියන්න කාටවත් බැරි වෙයි දැනට..

චලිත රසාංග ; චාලි ගැන තව ගොඩක් දේවල් තියේවී කතා කරන්න. ඒවා එක්කත් හිමීට අපි හමුවෙමු.

10/10/2022

උබේ කතාව උඹ ලියනවද වෙන එකෙක් ලියනවද කියන එක තීරණේ කරන්න ඕනි උබම තමා...!

"රිස්ක් එකක් නැති සෙල්ලමකින් ඇති වැඩේ මොකද්ද චාලි...?"

PRAGH
PIECES OF CHARLIE'S DIARY
EPISODE 01

https://youtu.be/tskLO-TUZi4

NOW ON YOUTUBE 🎞️PRAGH ඇරඹුමචාලි. මේ කතාවේ සුත්‍රධරයා. එහෙම නැත්තං මේ මුළු  සිද්ධියම එකට අමුනන එකම පුරුක. ඒ නිසා චාලිගේ ...
07/10/2022

NOW ON YOUTUBE 🎞️
PRAGH ඇරඹුම

චාලි. මේ කතාවේ සුත්‍රධරයා. එහෙම නැත්තං මේ මුළු සිද්ධියම එකට අමුනන එකම පුරුක. ඒ නිසා චාලිගේ දවස ගෙවෙන විදිහ අපිට සෑහෙන්න දේවල් කියනව.

සරලවම චාලි කියන්නේ ලංකාවේ පහුගිය කාලේ කතා උනු දැවැන්ත මාතෘකාවක සැගවුනු ලක්ෂය. විනෝදෙට බර චාලි වගේම දෙයක් සැලසුම් කරද්දි ඉන්න සුක්ෂම චාලි කියන්නෙම එකිනෙකට වෙනස් චරිත දෙකක්. මේ චරිත දෙකම එකට එකතු උනාම ඉන්න චාලි වෙනම ජීවියෙක්.

අපි එක්ක එකතු වෙලා ඉන්න ප්‍රේක්ෂක ඔබට අභියෝගයක් තියෙනව. ඔබ වෙනදට කතාවක් බලද්දී ඔබට හැමදේම වගේ රූපමය රාමුවක පෙන්නනව. ඒත් PRAGH කියන්නේ තරමක වෙනසක්. අපි ඔබට කතාව කියනව වගේම බොහෝ චරිත වලින් ඉගි ලබා දෙනව. කතාවේ ඉදිරිය ගැන. ඔබ ඒවා හරියට හදුනාගෙන එකිනෙක සම්බන්ධ කරල ඔබ තුළ කතාව ගොඩනගා ගන්න තරමට ඔබට මේ කතාව හොදින් වැටහේවී.

අපේ පළමු අභියෝගය..,
චාලි හදුනා ගැනීම.

දැන් ඔබට භාරයි.

PRAGH
Season 01
Chapter 01
Episode 01
"Pieces Of Charlie's Diary"

Presented by ZEUS
Created by Nilupul Kariyapperuma
Directed by Nirupa Lakmal

Produced by
Shyamali Gunathilaka
Mawinthana de silva
Dulan Munasinghe

Cast
Nilupul Kariyapperuma
Nadeesha Hansani
Lahiru Jayasooriya
Mayura premarathna

Screenplay | Nilupul Kariyapperuma
Director of Photography | Gavindu Deesura
Editor & colorist | Nirupa Lakmal
Art | Lahiru jayasooriya
Music | BEDDE Music
Makeup | Yashodha kalum Nuwansiri
Costume | Nipuni Kariyapperuma
Production Manager | Mawinthana de silva
Recodist | Randunu Jayan
Assistant (Camera) | Janindu Himasara
Assistant (Art) | Dulan Munasinghe
Assistant (Makeup) | pabodya keshani
Art Work | Narada Dissanayake (Nara Grafics)
Camara equipment | Deesara creations
| Insew Creations

Special Thanks

•Kamal kosala silva & Family
• jayantha Mathugama
• Chamil janantha Thenuwara

•AK2pro (pvt) Limited
Delgahawaththa lane
Udahamulla

•Gunoja Iron workes
Nugegoda

•Mathara rathu kakulu bath kade
Nawala Rord
Nugegoda

https://youtu.be/tskLO-TUZi4

චාලි. මේ කතාවේ සුත්‍රධරයා. එහෙම නැත්තං මේ මුළු සිද්ධියම එකට අමුනන එකම පුරුක. ඒ නිසා චාලිගේ දවස ගෙවෙන විදිහ අපිට සෑහ....

See You Us එන්න අපේ Youtube නාලිකාව පැත්තට.අපි මේ youtube ව්‍යුහය තුළ මහ දැවැන්තයන් නෙවෙයි. අපි යුටියුබ් බලපු මිනිස්සු. ...
06/10/2022

See You Us

එන්න අපේ Youtube නාලිකාව පැත්තට.

අපි මේ youtube ව්‍යුහය තුළ මහ දැවැන්තයන් නෙවෙයි.
අපි යුටියුබ් බලපු මිනිස්සු.

"දැන් යු ටියුබ් බලන හැම එකාටම යු ටියුබ් චැනල් හදන්න හිතෙනවනේ..මේත් එහෙම එකක්ද?"

ඒක තීරණය කරන්න පුලුවන් ආදරණීය ප්‍රේක්ෂක ඔබටමයි. අද හෙට නෙවෙයි. යම් දවසක ඔබ අප එක සුහුරු රාමුවක ඉදන් කතා කරමු.

මේකත් තවත් එක යු ටියුබ් නාලිකාවක්ද?

ඒ විනිශ්චයට අදාල සාක්ෂි එකතු කරගන්න.
රැදී සිටින්න අප සමග.

See You Us

"ZEUSSTUDIO"
shoot the moon

⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️

https://youtube.com/channel/UCPp_1ycPwBb38uVFetWvC4g

We are a group team who want to

චාලිගේ දිනපොතේ පිටු ටික පෙරළන්න ලෑස්ති වෙන්න.ඔක්තෝම්බර් 07 සිකුරාදා හවස 5:00Zeus Studio Youtube නාලිකාව හරහ..,https://yo...
04/10/2022

චාලිගේ දිනපොතේ පිටු ටික පෙරළන්න ලෑස්ති වෙන්න.

ඔක්තෝම්බර් 07 සිකුරාදා
හවස 5:00

Zeus Studio Youtube නාලිකාව හරහ..,

https://youtube.com/channel/UCPp_1ycPwBb38uVFetWvC4g

What Is The PRAGH ?"PRAGH" කියල කියන්නේ ප්‍රධාන වෙළුම තුනකින් යුක්ත මාලා නාටකයක්. ලබන සතියේ ඉදන් ඔබට එහි පළමුවෙනි වෙළුම ...
02/10/2022

What Is The PRAGH ?

"PRAGH" කියල කියන්නේ ප්‍රධාන වෙළුම තුනකින් යුක්ත මාලා නාටකයක්. ලබන සතියේ ඉදන් ඔබට එහි පළමුවෙනි වෙළුම දැකගන්න පුලුවන් "ZEUS Studio" අපේ youtube නාලිකාව හරහා.

"PRAGH" පලමු වෙළුම පරිච්ඡේද පහකින් යුක්තයි. "PRAGH" කියන නම හැදෙන්නෙත් මෙම පරිච්ඡේදයන්ගේ නම් වල මුල් අකුරු එකතුවෙන්.

P - Pieces Of Charlie's Dairy
R - Rord & Way
A - All The West
G - Gap is Trap
H - Hell Or Hevan

මෙම එක් පරිච්ඡේදයක් කුඩා කොටස් (Episode) දෙකකින් යුක්තයි. ඒ අනුව පළමු වෙළුමට අදාලව කොටස් දහයක් ඔබට දැක ගන්න පුලුවන්.

මෙම පරිච්ඡේදයන් තුළ අන්තර්ගත කතාවන් එකිනෙක සෘජුවම සම්බන්ධ වන සිද්ධිදාමයකින් නොවෙයි ගොඩ නැගෙන්නේ.

උදාහරණයක් අරංම මම පැහැදිලි කරන්නම්.

පලවෙනි පරිච්ඡේදයට අදාල කතාව ගොඩනැගෙන්නේ චලිත රසාංග (චාලි) කියන චරිතය වටා. ඒ නමුත් දෙවනි කතාව චාලිගේ කතාව හා සෘජුව සම්බන්ධ නොවන ප්‍රභාෂ්වර පෙරමුණගම කියන චරිතය වටා ගොඩ නැගෙන කතාවක්.

මේ ආකාරයට එකිනෙකට වෙනස්වන කතා පහකින් සමන්විත PRAGH අවසානයේදී එක පරිච්ඡේදයකට ගොනු වෙනව. ඒ තමයි කතාවේ එකොලොස් වෙනි කොටස හෙවත් අවසාන පරිච්ඡේදය. පරිච්ඡේද පහක කතාව ලිහෙන තැන.

මේ ආකාරයට තමයි PRAGH පළමු වෙළුම සමන්විත වන්නේ.

පළමු වෙළුමේ, පළමු පරිච්ඡේදයේ , පළමු කතාව...
ලබන සිකුරාදා (7) හවස 5:00 ට ඔබට බලන්න පුලුවන් අපේ YOUTUBE නාලිකාව හරහා.

https://youtube.com/channel/UCPp_1ycPwBb38uVFetWvC4g

මේ තියෙන්නේ අපේ Youtube නාලිකාවේ ලින්ක් එක. ඒ පැත්තට එකතු වෙලා ඉදියොත් ඔබට PRAGH වගේම අපේ තවත් වැඩ කිහිපයක්ම ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි.

අමතක කරන්න එපා. සිකුරාදා හවස පහට PRAGH එක්ක සෙට් වෙමු.

නිශ්චල රූපPRAGH කතා මාලාවේ පලවෙනි පලමුවැනි පරිච්ඡේදය.PIECES OF CHARLIE'S DIARY රාමුව නතර උනු තැන්⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️
22/09/2022

නිශ්චල රූප

PRAGH කතා මාලාවේ පලවෙනි පලමුවැනි පරිච්ඡේදය.

PIECES OF CHARLIE'S DIARY

රාමුව නතර උනු තැන්
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️

18/09/2022

හති නේ...?
පොඩ්ඩකට නවතිමු..
දඩයක්කාරයා පස්සෙන් එලව ගෙන එනවා. තව කොච්චරක් නං කියලා දුවන්නද..?

මිත්‍රයා.. හති වැටිලා නේද ඉන්නේ..?

නැවතියං තප්පරේකට...

"ඉමක් කොනක් නිමක් නැති
ගෙයක් දොරක් නමක් නැති
කලක් වලක් හෙටක් නැති
අති ගරු ඉතින් තුති...

හතිද මිතුරේ නැවතියාං
හැප්පෙන්නට දිරි ගනින්

අන්තෝ ජටා බහි දෝ ජටා
සංකීර්ණයි වගේ පෙටා
ලයිෆ් එකට නෑ කෝටා බටා
වැරදි තැනින් නැගිට්ටොතින්
චෙරියෝ ටටා.."

හතිද මිතුරේ.
Officeal Track.

Artist - BEDDE
Music - BEDDE Music
Lyrics - Nilupul Kariyapperuma
PRAGH
1st Chapter
"Pieces Of Charlie's Diary"

Presented by ZEUS
Created by Nilupul Kariyapperuma
Directed by Nirupa Lakmal

Produced by
Shyamali Gunathilaka
Mawinthana de silva
Dulan Munasinghe

Cast
Nilupul Kariyapperuma
Nadeesha Hansani
Lahiru Jayasooriya
Mayura premarathna

Screenplay | Nilupul Kariyapperuma
Director of Photography | Gavindu Desura
Editor & colorist | Nirupa Lakmal
Art | Lahiru jayasooriya
Music | BEDDE Music
Makeup | Yashodha kalum Nuwansiri
Costume | Nipuni Kariyapperuma
Production Manager | Mawinthana de silva
Recodist | Randunu Jayan
Assistant (Camera) | Janindu Himasara
Assistant (Art) | Dulan Munasinghe
Assistant (Makeup) | pabodya keshani

දඩයක්කාරයා පස්සෙන් එලව ගෙන එනවා. තව කොච්චරක් නං කියලා දුවන්නද..?මිත්‍රයා.. හති වැටිලා නේද ඉන්නේ..?නැවතියං තප්පරේකට...හෙට...
17/09/2022

දඩයක්කාරයා පස්සෙන් එලව ගෙන එනවා. තව කොච්චරක් නං කියලා දුවන්නද..?

මිත්‍රයා.. හති වැටිලා නේද ඉන්නේ..?

නැවතියං තප්පරේකට...

හෙට හවස පහට..
හතිද මිතුරේ.
Official Track.

Artist - BEDDE
Music - BEDDE Music
Lyrics - Nilupul Kariyapperuma

අපේ සහෝදර "පුරවැසි Cinema"  කණ්ඩායමේ  #රට්ටු කතාමාලාවේ තුන්වැනි කථාංගය අද හවස ඔබට රසවිදින්න පුලුවන්.රට්ටු Youtube chanel...
15/09/2022

අපේ සහෝදර "පුරවැසි Cinema" කණ්ඩායමේ #රට්ටු කතාමාලාවේ තුන්වැනි කථාංගය අද හවස ඔබට රසවිදින්න පුලුවන්.

රට්ටු Youtube chanel එක පැත්තට එකතු වෙලා ඉන්න..

https://youtube.com/channel/UCd4ZH63UJNOKIOKOvdo1UOw

කතාවක් කියන්නද..?එකමත් එක රටක කැලෑවක් තිබුනා. මේකේ හුගාක් සත්තු ඉදියා. අලි, කොටි, හංසයෝ, රාජාලියෝ එකී මෙකී නොකී ගොඩක්.. ...
08/09/2022

කතාවක් කියන්නද..?

එකමත් එක රටක කැලෑවක් තිබුනා. මේකේ හුගාක් සත්තු ඉදියා. අලි, කොටි, හංසයෝ, රාජාලියෝ එකී මෙකී නොකී ගොඩක්.. ඔය අතරේ ඉදිය නරියෙක් , කොටියෙක්, හාවෙක්.

දවසක් වෙනදා වගේම දවස ගෙවාගන්න, කුසගින්න නිවා ගන්න මේ අය කුරුමාණං අල්ලන්න පටන් ගත්තා.

නරිය බලාගෙන ඉන්නේ හාවෙක් දිහා.. හිමීට කුරුමාණමක් අල්ලගෙන.. ඒත් නරිය දන්නේ නෑ කොටියෙක් තමන්ගේ පස්සෙන් වැටිලා කියලා.

කොටිය නරියට කුරුමාණං අල්ලනවා වෙන්නත් පුලුවන්. හාවට කුරුමාණං අල්ලනවා වෙන්නත් පුලුවන්.

නරියා කොටියගේ ගොදුර වෙන්නත් පුලුවන්. නැත්තං කොටිය නිසා නරියගේ ගොදුර නැති වෙන්නත් පුලුවන්.
"ජීවිතේ නැති වෙනවට වඩා බඩගින්නේ ඉන්න එක හොදයි". නරියට එහෙම හිතලා හිත හදාගන්න පුලුවන් අන්තිමට..

ඒත් කෑලේට වඩා වෙනස් මෙහෙදී.

මේ ගෙන්දගම් පොළව..,
කොළඹ..

මේ කොන්ක්‍රිට් අන්ධකාරේ අස්සේ අතරමං උනානං උඹ අනිවාර්යයෙන්ම කියන්නේ නරියට හිතුනු කතාවේ අනිත් පැත්ත.

බඩගින්නේ ඉන්නවට වඩා හොදයි මැරෙනවා...

මොකද..?
බඩගින්න කියන්නේ මෙහෙදී නිමිත්ත. හේතුව.
විය නොහැකි ඕනෑම දෙයක් වීමට.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when ZEUSStudio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share