03/05/2022
...තව අවුරුදු දහයක් ඉවසුවානම් ...
ඇය අපේ රට පාලනය කල උත්තරීතර පාලිකාවක්. ඇමරිකන් ඩොලර් එකක් මිලදී ගන්න අපි රුපියල් 46 වැය කළේ. ඇයගේ කාලය තුළ ලංකාව කිසිදු රටකට ණය නැති රටක්. ඇය දේශීය නිපැයුම් පිළිබඳ විශ්වාසය තැබුවා. අපේ රටේ දෑ පිටරට ඇරියා. රටක් ගොඩ ඒමටනම් දුක් විදිය යුතුමයි. ඒ දුක මිනිසුන්ට දැනුනා.
ආසියාවේ තිබූ විශාලතම වානේ සංස්ථාව අපට තිබුණා. කන්තලේ, සෙවනගල සීනි කර්මාන්ත ශාලා තිබුණා. කන්කසන්තුරේ, පුත්තලම, ගාල්ල සිමෙන්ති කර්මාන්ත ශාලා තුනක් තිබ්බා . කැලණි ටයර් ඉන්දියාවට අපනයනය කලා.තුල් ටෙක්ස්, වේ ටෙක්ස් , ටෙක්ස් සමාගම් තිබ්බා. විදේශිකයන්ට අයත් වෙලා තිබ්බේ අපේ රටේ වතු වතු ඈ විසිනි රටට යළි ලබා ගත්තා. රිදී අපනයනය කළා. වාලච්චේන කඩදාසි කම්හලක් තිබුණා. ඇය යකඩ ගැහැනියක් , මහා දැක්මක් තිබ්බ රාජ්‍ය පාලිකාවක් .
j.R ගෙ සුරපුරයට වහවැටිලා මිනිසුන් හැත්තෑ හතේදි මැතිණිය ගෙදර යැව්වා . ජේ.ආර් කරපු හානිය දැන් තමා අපට අපිට තේරෙන්නෙ අපට තේරෙන්නේ. ඉදිකටුවක් අපිට හදාගන්න බෑ, දේශීය සමාගම් පිට රටවල් වලට විකුණලා. ඇය දේශීය නිෂ්පාදනයන් කෙරෙහි විශ්වාස තැබුවා වගේම දේශීය ව්‍යාපාරිකයන්ට සියලුසම්පත් ලබා දුන්නා. උපාලි විජේවර්ධන වැනි දේශීය ව්‍යාපාරිකයන් ගොඩනැඟුවා . යුනික්, කැන්ඩොස්, මැස්ඩා ෆියට්, ඩෙල්ටා වැනි සන්නාම ලෝකයට ගෙන ගියා .
ඇය ගැහැණියක් වී මේ රටට කළ සේවය රට පාලනය කළ කිසිදු පාලකයෙක් සිදු කලේ නැත.
දැවැන්ත මිනිසුන් ඇය ගොඩ නඟන්න කටයුතු කළා. සිරිමාවෝ දිගටම හිටියනම් බිල් ගේට්ස් වගේ මිනිසෙක් ලංකාව තුළ හදලයි නවතින්නේ. කපු වගා කළා. මහා වගා සංග්‍රාමයක් කළා. තෝර පරිප්පු, මුං ඇට වැව්වා. දේශීය ආහාර රටාවක් ගොඩ නැඟුවා.
මහවැලිය ආරම්භ කළා. ඒවා ණය අරගෙන කරන්න ඇයට අවශ්‍ය උනේ නෑ . ඒ හින්දා ඇය දශක ගණනකට එය ව්‍යාප්ත කළා. දේශීය මුදල් වලින් ලෝකයට ණය නොවී රට ගොඩනගන සැලැස්ම ඇය සතු වුණා. එහෙත් ජේ ආර් මැතිණියව අන්ත අසරණ කලා. ලෝකයේ බලවත් රටක් අපේ රටේ මිනිසුන්ගේ ඔළු වල මැවුවා. ආර්ථිකය විවෘත කළා. කිසිම දෙයක් අපි හදා ගත්තෙ නෑ. තිබ්බ දේශීය සමාගම් විකුණලා දාලා චීනයෙන්, ඉන්දියාවෙන් ගෙන්න ගත්තා. අද අපි කොතනද???
සිරිමාවෝ ට තිබ්බ දර්ශනය කිසිම පාලකයකුට තිබ්බේ නෑ. ඔක්කොම ආවේ ණය අරගෙන රට ගොඩ දාන්න. දැන් අපේ රජයේ සේවකයන්ට පඩි ගෙවන්නෙත් ණය අරගෙන. අපේ රටේ කුමන ආර්ථික ඔස්තාර්ලා හිටියත් කුමටද? ඇයටනම් උපාධි මහා සහතික තිබ්බෙ නෑ. නමුත් රට පාලනය කරන්න අවශ්‍ය සරල බුද්ධිය තිබ්බා. සිරිමාවෝ ගෑනියක් තමා හැබැයි සිරිමාවෝ ට තිබ්බ ගට් එක පිරිමියෙක්ට තිබ්බෙ නෑ. ඇය ගියේ උත්සාහවන්ත ගමනක් අයට බනින්න මිනිසුන් තවත් ඉන්නවා.
එහෙත් ඇය තමයි මේ රට සුරපුරයක් කරන්න හරිම ප්ලෑන් එක ගහපු පාලිකාව. ඔය මොන දැක්මවල් තිබ්බත් ක්‍රියාත්මක වෙච්ච නිවැරදිම දැක්ම ඇය සතු වුණා. දේශීය කර්මාන්ත ගොඩනඟා දේශීය ආර්ථිකය ගොඩ නැගීමට හැකි නම් වූ ඌ වයිමටත් වඩා වැඩ්ඩෙක් විය යුතුමය .
..චේතන.. සස්ම් රාජපක්ෂ ...