Dynamite Studio"s

  • Home
  • Dynamite Studio"s

Dynamite Studio"s HYPE TOPIC THE BEGINNING OF THE STORY........!

බුදාම්මෝ ලක්ෂපති ඒකෙනුත් ආතල් ගන්නවා.😂😂😂😂
23/04/2022

බුදාම්මෝ ලක්ෂපති ඒකෙනුත් ආතල් ගන්නවා.😂😂😂😂

🌹ලෝකයේ බොහෝ රටවලට ජාතික නායකයින්ට "දෙවන පෙළක්" නැත්තේ ඇයි?ලොව බොහෝ රටවල් දෙස බලනවිට ජනතාව තෝරාගෙන ඇති නායකයින් අසාර්ථක ව...
23/04/2022

🌹ලෝකයේ බොහෝ රටවලට ජාතික නායකයින්ට "දෙවන පෙළක්" නැත්තේ ඇයි?

ලොව බොහෝ රටවල් දෙස බලනවිට ජනතාව තෝරාගෙන ඇති නායකයින් අසාර්ථක වී ඇති අයුරු හොඳින් දැකගත හැක. එවන් අසාර්ථක නායකයින් තේරී පත්වන්නේ කොහොමද? ශී‍්‍ර ලංකාව කෙසේ වෙතත්, මිලියන 335ක ජනතාව සිටින ඇමරිකාවේ පවා අසාර්ථක නායකයින් තේරී පත්වන්නේ කොහොමද? ඇයි?? ඔවුන්ගේ සුදුසු/නුසුදුසු බව මීට පෙර දැනගැනීමට "නොහැකි" වූයේ කෙසේද? ජාත්‍යන්තරයේ රට විහිළුවක් බවට පත්වන නායකයින් තේරී පත්වුණේ කෙසේද? මිලියන 335ම අතරේ විශිෂ්ට හැකියාවන් ඇති දක්ෂයෙක් හිටියේම නැද්ද? නැත්නම් සැබෑ දක්ෂයින් දේශපාලනයට අකමැතිද? නැතහොත් ඔවුන්ට දේශපාලනයට ඒමට ඉඩක් ලැබී නැද්ද?

අනෙක් රටවල් කෙසේ වෙතත්, සැබෑ දක්ෂයින් ජාතික මට්ටමේ කරලියට ගෙන නොඒමේ විපාක අපට දැන් විඳින්නට ලැබේ.. එයට මූලික හේතුවක් වන්නේ විනිවිද දැකිය හැකි ආකාරයකට දෙවන පෙළ නායකත්වයක් නොසැදීමයි.. එවිට ඊළඟට එන නායකයාගේ විභවය /ශක්‍යතාව, ඵලදායීතාවද විනිවිද දැකීමට හෝ මැනගැනීමට නොහැකි වේ.. එසේ වූවිට එම නොහැකියාව දුර්වලකම් දැනගැනෙන්නේ, ඔවුන් රටේම නායකත්වයට පත්වූ පසුවය..
***අප සෑම රැකියාවකටම සුදුසුකම් සෙවුවද, රටක වැදගත්ම රැකියාව වන දේශපාලන රැකියාවට කිසිදු සුදුසුකමක් නොබැලේ..

🌹පක්ෂ නායකයින් විසින්, දෙවනපෙළ නායකයින් නොතනන හේතු?
- තමන්ට අභියෝගයක් විය හැකි නිසා
- තමන්ගේ දරුවන්ගේ, දේශපාලන උරුමයට අභියෝගයක් විය හැකි නිසා
- තමන්ට කීකරු (නො)විය හැකි නිසා

🌹දේශපාලන පක්ෂයකින් අපේක්ෂකත්වය ලැබීමට සුදුසුකම්?
- ඥාතිත්වය පුතා දුව බෑණා ආදී
- පක්ෂ නායකත්වයට පහසුවෙන් අවනත/කීකරු වීම
- නොදීම බැරිකම හෝ බලවත් ඉල්ලීම
- මුඛරි බව (ඕනෑම අවස්ථාවක් කටින් දිනාගැනීමේ හැකියාව)
- විශාල චන්ද ආකර්ශනයක් සහිත කෙනෙක් වීම
- පක්ෂයේ චන්ද මෙහෙයුම්වලට විශාල දායකත්වයක් දුන් කෙනෙක් වීම
- ආදී -----
ඉහත කිසිවක් සැබෑ නායකත්වයට හෝ රටක් කළමනාකරණයට සුදුසුකම් නොවේ. එවිට ජනතාවට චන්දය දීමට සිදුවන්නේ මේ අයගෙන් කෙනෙකුට පමණි. එවිට දෙවනපෙළ නායකත්වයට පෙළගැසෙන්නේද මේ අයගෙන් කෙනෙකි. ජනතාවට, ඔවුන් කිසිවෙකු විනිවිදව දැකගත නොහැකි වේ. මෙය දශක ගණනාවක් පුරා එකසේ සිදුවෙමින් මාරුවෙමින් පවතී. පක්ෂ නායකයින් කිසිවිටෙකත් සැබෑ දක්ෂයෙකු නොතතයි.

🌹එසේ නම් කළ හැකි කුමක්ද?
දෙවනපෙළ නායකත්ව සංචිතයක් ජනතාව අතරින් බිහිකළ යුතුවේ.. ඒ සඳහා තාක්ෂනය යොදාගනිමින් රටපුරා විසිරී සිටින දක්ෂයින් එකතුකරගෙන ජනතාව ඉදිරියට ගෙන ආ යුතු වේ. සෑම රටකම දක්ෂයින් සිටි. අපේ රටේද ඔනෑ තරම් ඇත. ඒ අය අතරින්, දේශපාලනයට ඒමට කැමති, නිර්ණායකවලින් තේරුණු, දක්ෂ, අවංක, අයට ජනතා වේදිකාවක් (වෙබ් අඩවියක්/database) සැදිය හැක. එවිට තමන් දන්නා යම්කිසි සුදුස්සෙක්, නිර්ණායකවලට අනුව, යෝජනා කළ හැක. නැතහොත්, තමන් හෝ එම නිර්ණායකවලට ගැළපේ නම්, ඉල්ලුම් කළ හැක. මැතිවරණයක් දක්වා ඔවුන් ගැන සොයාබැලිය හැක. එම වෙබ් අඩවියේ ඉදිරිපත්ව ඇති දක්ෂයින්ගේ සුදුසුකම් බලා ඔවුන් ඉදිරියට යැවීමට තමන්ගේ කැමැත්ත අකමැත්ත පළකළ හැක. අවසානයේ ඉතිරිවන ඒ අවංක දක්ෂයින් අතරින්, ජනතා ආකාර්ශණය ලබාගන්නා අය තෝරාගෙන, කෙටි ලයිස්තුගත කර, මාධ්‍ය ප‍්‍රචාරණය ලබා දිය හැක..
***මෙහිදී අප වැනි රටවල, කොපමණ දක්ශයෙකුට වුවද, ජනතා ආකර්ශණය දිනාගැනීමේ හැකියාව බොහෝ වැදගත් වේ..

🌹අවංකයි කිව්වට කොහොමද දන්නෙ?
ඉදිරිපත් වන නම් සියල්ල දක්ෂ වුවද, අවංකම යැයි නොකියමු. ආවාට පසු වංචා නොකරතැයිද නොකියමු. නමුත් ඔවුන්ගේ අවංකභාවය හෝ නුසුදුසුභාවය සම්බන්ධ ගැටළු ඇත්නම් ඕනෑම කෙනෙකුට ඒගැන සාක්ෂි සහිතව කොමෙන්ටුවක් එවිය හැක. එය සත්‍ය නම් ඒ පිළිබඳ සොයාබලා කටයුතු කරනු ඇත.

🌹මොනවද නිර්ණායක?
වේබ් අඩවියේ බැලිය හැක www.leadlanka.org (2019දී අරඹන ලද LeadLanka වේබ් අඩවිය දැනට වර්තමාන තත්වයට ගැළපෙන ලෙස යාවත්කාලීන වෙමින් පවතී)
තවත් ප‍්‍රායෝගික (අන්තගාමී නොවන) අදහස් ඇත්නම් ඊට ඉදිරිපත් කළ හැක..

🌹මේවා ප‍්‍රායෝගිකද?
නැත්නම්... දෙවනපෙළ නායකයින් හදන වෙනත් ප‍්‍රායෝගික අදහසක් ලබාදෙන්න..

🌹අන්තර්ජාලය භාවිතා කරන අයට විතරනෙ තෝරන්න පුළුවන්?
ඔව්. හැම දෙයක්ම සියයට සියයක් කරන්න බැරි නිසා, සහ, දක්ෂයින් තෝරා කරලියට ගෙන ඒමට අන්තර්ජාල පරිශීලකයින්ගේ දායකත්වයත් "දැනට" ප‍්‍රමාණවත් නිසා.

🌹එක එක පක්ෂවල අය ඒවිනෙ?
ඒකට කමක් නෑ.. දක්ෂයෙක් නම්, රටක කළමනාකාරීත්වයට සුදුසුකම් සියල්ල තිබෙනවා නම්, කුමන පක්ෂයක කෙනෙක් වුණත් කමක් නෑ...

🌹චන්ද කරවන්න සල්ලි කෝ?
ඒ සඳහා විනිවිදභාවයක් ඇති, ජාලගත, පොදු අරමුදලක් සෑදීම..

🌹ආවට පස්සෙ හොරකම් කළොත්?
එය වැලැක්විය යුතු වන්නේ යාන්ත‍්‍රණයේ එවැනි හිඩැස් ඇහිරීමෙන්. එක රැයකින් නොවුණත්, එය හැකිතාක් උත්සාහ කළ හැකියි.

🌹වැඩ කරන්නම් කියලා ආවට වැඩ නොකළොත්?
ඒ සඳහා සියළු මන්තී‍්‍රවරුන්ගේ ඉලක්ක සහ ඒවායින් සාර්ථක වී ඇති තරම ආදිය ගැන ප‍්‍රගති වාර්තා සකස් කිරීම, සහ මන්තී‍්‍රවරුන් ඵලදායීතාව හා සාර්ථකත්වය ආදිය මත ආකෘති සාදා ශ්‍රේණිගත කිරීම. ඵලදායීතාව අඩු නම් ඊළඟ වතාවේ අපේක්ෂකත්වය අහිමිවීම.

🌹දේශපාලකයින්ට කිසිම වරප‍්‍රසාදයක් දෙන්න හොඳනෑ. පුංචි පඩියක් දෙන්න ඕන..
- එය සාධාරණ හෝ ප‍්‍රායෝගික නැත. ඔවුන්ටද දරු පවුල් සිටී.. ඉතා ඉහළ ඉගෙනීමක් හා දක්ෂතාවක් ඇති කෙනෙකුට ඉහළ වැටුපක් හා අධ්‍යාපනයට හා හැකියාවට ප‍්‍රමාණවත් වරප‍්‍රසාද ලබා දිය යුතුවේ.. වංචා කිරීමේ ඉඩකඩ ඇහිරිය යුතුවේ..

ඇනෝනිමස් ක්‍රියාත්මකයි – ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලේ සැඟවුනු වත්කම් සියල්ල ඩාර්ක් වෙබ් වෙත මුදා හැරේ!ලොව ප්‍රකට ඇනෝනිමස් ...
22/04/2022

ඇනෝනිමස් ක්‍රියාත්මකයි – ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලේ සැඟවුනු වත්කම් සියල්ල ඩාර්ක් වෙබ් වෙත මුදා හැරේ!

ලොව ප්‍රකට ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලේ වත්කම් සහ සැඟවූ ධනය හෙළිකරමින් විශේෂ ලේඛනයක් අන්තර්ජාලයට මුදාහැර තිබේ.

මින්පෙර ඇනෝනිමස් හැකරුන් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශය කළේ රාජපක්ෂවරුන්ට ශ්‍රී ලංකාවේ පාලනයක් ඉවත් වීමට දින 14ක් ලබා දෙන බවත්, දින 14ක් තුල ඔවුන් ඉවත් නොවුනහොත් ඔවුන්ගේ සැගවුනු වත්කම් සියල්ල හෙළිකරන බවයි.

ඒ අනුව ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම රාජපක්ෂවරුන්ට ලබා දුන් දින 14ක කාලය ඊයේ දිනයෙන් (21) අවසන් වූවා. ඒ සමගම ඊයේ මෙරට වේලාවේ මධ්‍යයම රාත්‍රීයේදී ලොව ප්‍රකට ඩාර්ක් වෙබ් අඩවි රැසකට ඇනෝනිමස් කණ්ඩායම විශේෂ ලේඛනයක් නිකුත් කර තිබුනා.

R-S Papers By A ලෙස නම් කර තිබූ මෙම ලේඛනය කොටස් දෙකකින් යුක්තයි.

මෙහි පළමු කොටසේ දැක්වෙන්නේ රාජපක්ෂ පවුල විසින් තමන් අයතා ලෙස ඉපැයූ මුදලින් ශ්‍රී ලංකාව තුල (Inside Sri Lanka) සිදු කළ ආයෝජනයි. දෙවැනි කොටසේ රාජපක්ෂ පවුල විසින් ශ්‍රී ලංකාවෙන් පිටත (Outside Sri Lanka) සිදු කළ ආයෝජන දැක්වේ.

මෙම කොටස් දෙක යටතේ රාජපක්ෂලා සිදු කළ සම්පූර්ණ ආයෝජන ඩොලර් බිලියන ගණනක් වන අතර මෙමගින් ශ්‍රී ලංකාවෙන් අතුරුදහන් වූ ඩොලර් සංචිතයට සිදුවූ දේ ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම හෙළිකර තිබේ. මෙම සියලූම දත්ත ඔවුන් විසින් මෙරට මූල්‍ය වාර්තා, ඕෆ්ශෝ බැංකු ගිණුම්, රහසිගත වෙබ් අඩවි හැක් කිරීමෙන් ලබා ගත් දත්ත වන අතර මේ වනවිට මෙම ලේඛනය කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය සමාගම් රැසක් තිගැස්සීමකට ලක් කිරීමට සමත්ව තිබේ.


එම සම්පූර්ණ ලේඛනයේ සිංහල පරිවර්තනය පහතින්,

R-S Papers By A – පළමු ඛාණ්ඩය / රාජපක්ෂ පවුල විසින් මෙරට තුළ සිදු කළ ආයෝජන

* නො. 276/4, මීගමුව පාර,වත්තල පිහිටි දේපළ – රෝහිත රාජපක්ෂ විසින් මෙම දේපළ මිලට ගෙන තිබේ.

* Butter Boutique සුපිරි අවන්හල – කොළඹ පිහිටි සුපිරි අවන්හලකි. යෝෂිත රාජපක්ෂ මෙහි සැඟවුනු හිමිකරුය.

* පෙරේරා ඇන්ඩ් සන්ස් (PnS) – රට පුරා විහිදුනු අවන්හල් ජාලයකි. නාමල් රාජපක්ෂ විසින් රුපියල් මිලියන 500ක් ආයෝජනය කර තිබේ.

* රිචී තේ – තේ නිෂ්පාදන ව්‍යාපාරයකි. චමල් රාජපක්ෂ විසින් රුපියල් මිලියන 35ක් යොදවා ඇරඹූ ව්‍යාපාරයකි.

* මෙල්වා සිමෙන්ති – හිමිකාරීත්වයෙන් 60%ක් බැසිල් රාජපක්ෂ සතුවේ.

* පීරමීඩ විල්මාර් සමාගම – ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශාලතම සමාගමකි. රාජපක්ෂ පවුලේ මුදල් ආයෝජනය කරමින් දිවෙන ව්‍යාපාරයකි.

* අරලිය සමූහ ව්‍යාපාරය – ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වාර්ෂිකව රුපියල් බිලියන් 21ක ආදායමක් උපයන සමාගමකි. ස්විස් බැංකු වල වාර්ෂික ආදායම තැන්පත් කරයි, මෙහි ඩඩ්ලි සිරිසේන නම් පුද්ගලයා සතුව සමහිමිකාරීත්වය රාජපක්ෂ පවුල දරයි.

* Ministry of Crab – ලොව පුරා විහිදුනු ශ්‍රී ලාංකිය සුපිරි අවන්හල් ජාලයකි. කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන යන හිටපු ක්‍රීඩකයන් සමග 40%ක හිමිකාරීත්වය නාමල් රාජපක්ෂට හිමිය.

* Kolamba – අවන්හලකි. 70%ක කොටස් යෝෂිත රාජපක්ෂට හිමිය.

* Busy Bean Cafe – රාජපක්ෂ පවුල විසින් ඉපැයූ මුදල් ආයෝජනය කළ තවත් අවන්හලකි.

* Rythm and Blues (RNB) – V.I.P අමුත්තන්ට පමණක් වෙන්වූ ශ්‍රී ලංකාවේ සුපිරිතම රාත්‍රී සමාජශාලාවකි. රෝහිත රාජපක්ෂ විසින් මෙහි රුපියල් මිලියන 200ක් ආයෝජනය කර, මත්පැන් බලපත්‍ර ලබා දී තිබේ.

* Camera.lk – විමල් වීරවංශ හරහා රාජපක්ෂ පවුල සිදු කළ ආයෝජනයකි. මේ වනවිට ශ්‍රී ලංකාව පුරා විහිදුනු කැමරා අලෙවිසැලකි.

* හෙළකුරු සහ හෙළ Pay – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණික ව්‍යාපාරයකි. ධනික පෙරේරා නම් පුද්ගලයා හරහා රෝහිත රාජපක්ෂ විසින් මෙම ව්‍යාපාරය ඇරඹීමට රුපියල් මිලියන 80ක් ආයෝජනය කර තිබේ.

* MAS Holdings (18%ක කොටස්) – මෙරට ප්‍රධානම අපනයනකරුය. මහින්ද රාජපක්ෂ මහතාට මෙම ව්‍යාපාරයෙන් 18%ක කොටස් හිමිය. ඒ නව ඇගලුම්හල් ඇරඹීමට ලබා දුන් ඉඩම් වල වටිනාකමටය.

* ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන අයගේ නම්වලින් රට පුරාම ඉඩම් මිළදී ගැනීමක නිරතව ඇත. සැබැ හිමිකාරීත්වය නාමල් රාජපක්ෂ සතුය.

* චෙවාන් ඩැනියෙල් නම් පුද්ගලයෙකු හරහා නාමල් රාජපක්ෂ මහාරාජා සමූහ ව්‍යාපාරයේ කොටස් 18%ක් මිලට ගෙන තිබේ. එහි වටිනාකම රුපියල් මිලියන 760කි.

* Roar මාධ්‍ය ජාලය – රොයෙල් රේමන්ඩ් නම් කාන්තාවක් හරහා බංග්ලාදේශයේ Roar මාධ්‍ය ජාලය නාමල් රාජපක්ෂ විසින් මිලට ගෙන තිබේ.

* සියත මාධ්‍ය ජාලය – අර්ජුන් ඇලෝෂියස්ට හිමි සියත මාධ්‍ය ජාලයේ 3%ක කොටස් සඳහා යෝෂිත රාජපක්ෂ ආයෝජනය කර තිබේ.

R-S Papers By A – දෙවන ඛාණ්ඩය / රාජපක්ෂ පවුල විසින් විදේශයන් තුල සිදු කළ ආයෝජන

* Cafe Ceylon – Uganda – වටිනාකම ඩොලර් මිලියන 1කි.

* Uganda Airlines හි ගුවන් යානා 6න් 2ක් – රාජපක්ෂ පවුලට හිමිය, ඩොලර් මිලියන 800ක ආයෝජනයකි.

* එංගලන්තයේ New Castle පාපන්දු කණ්ඩායමේ කොටස් – සෞදියේ කුමරුන් සමග රාජපක්ෂ පවුල සිදුකළ ආයෝජනය ඩොලර් මිලියන 420කි.

* සීෂෙල්ශි ලා ඩියේගු දූපත – රොහිත රාජපක්ෂ විසින් සිය බිරිඳට මිලට ගෙන දී තිබේ. වටිනාකම ඩොලර් මිලියන 60කි.

* දකුණු ඉන්දීය සුපිරි නළු විජේයිගේ සර්කාර්, මාස්ටර්, බිගිල් චිත්‍රපට නිෂ්පාදනය – ඉන්දීය සමාගම් ඔස්සේ රෝහිත රාජපක්ෂ සිදු කර තිබේ. වටිනාකම ඩොලර් මිලියන 220කි.

* Naughty America අසභ්‍ය චිත්‍රපට සමාගම – ඩොලර් මිලියන 20ක ආයෝජනයක් රෝහිත රාජපක්ෂ විසින් සිදු කර තිබේ.

* Mirihi Island Resort – මාලදිවයින, වටිනාකම ඩොලර් මිලියන 20කි.

* Maradhoo Island – මාලදිවයින, වටිනාකම ඩොලර් මිලියන 26කි. අයිතිය රාජපක්ෂ පවුලේ උදයංග වීරතුංග සතුය.

* Diageo – එංගලන්තයේ සමාගමකි. වටිනාකම ඩොලර් බිලියන 120කි.

* පබ්ලෝ පිකාසෝගෙ Weeping Woman චිත්‍රය – විදේශයක සුරක්ෂිතාගාරයක තැන්පත් කර තිබේ. වටිනාකම ඩොලර් මිලියන 100කි.

* මැඩගස්කරයේ ඉලාකකා ප්‍රදේශයේ නිල් මැණික් පතලක් – ගෝඨාභය රාජපක්ෂ විසින් ඩොලර් මිලියන 3ක් ආයෝජනය කරමින් පවත්වාගෙන යයි.

* ටැන්සානියාවේ ශින්‍යංගා දියමන්ති පතල – ගෝඨාභය රාජපක්ෂට හිමිය, වටිනාකම ඩොලර් මිලියන 7කි.

* පැනමා ධජය යටතේ යාත්‍රා කරන Grace of Queen නෞකාව – වටිනාකම ඩොලර් මිලියන 30කි.

* සුඛෝපභෝගී බෝට්ටු හතක් – රාජපක්ෂ පවුල විසින් නිවාඩු ගත කිරීමට බාලි, මාලදිවයින ආදි රටවල පවත්වාගෙන යයි. වටිනාකම ඩොලර් මිලියන 850කි.

* චීනයේ Baidu සමාගම – යෝෂිත රාජපක්ෂට කොටස් හිමිය. වටිනාකම ඩොලර් බිලියන 7කි.

* ඩුබායි මැරියට් හෝටලය – ව්ටිනාකම ඩොලර් බිලියන 7කි.

* ඩුබායිහි බර්ජ් කලීෆා කුළුනේ සුඛෝපභෝගි නිවාස තුනක් – නන්දන ලොකුවිතාන නම් පුද්ගලයා හරහා රාජපක්ෂ පවුල සිදු කළ ආයෝජනයකි. වටිනාකම ඩොලර් මිලියන 140කි.

* Shenyang Gotiar Aircraft Manufacturing Co. Ltd – චීනයේ ක්‍රියාත්මක සමාගමකි. සම හිමිකරු මහින්ද රාජපක්ෂ වේ, වටිනාකම ඩොලර් බිලියන 20කි.

* Lyca Mobile – එංගලන්තයේ දුරකථන සමාගමකි. ද්‍රවිඩ සම්භවයක් සහිත ශ්‍රී ලාංකික පුද්ගලයෙකු හරහා ක්‍රියාත්මකය. සැබෑ හිමිකරු මහින්ද රාජපක්ෂය. වටිනාකම ඩොලර් බිලියන 40කි.

* De La Rue PLC – 13%ක කොටස් රාජපක්ස පවුල සතුවේ.

* අදානි සමූහ ව්‍යාපාරය, ඉන්දියාව – ඉන්දියාවේ බිලියනපති සමාගමකි. 20%ක කොටස් නාමල් රාජපක්ෂ සතුවේ.

* ගුජරාට් ටැයිටෑන්ස් IPL කණ්ඩායම – ඩොලර් මිලියන 150කි. රෝහිත රාජපක්ෂ සිදු කළ ආයෝජනයකි.

* History Supreme රුවල් නෞකාව

* බර්ජ් ඩුබායි හෝටලය – ඩොලර් බිලියන 1

* ඇමෙරිකාවේ ඩලාස් කවු බෝයිස් කණ්ඩායමේ කොටස් 30%ක් – ලෝක ප්‍රසිද්ධ බේස් බෝල් කණ්ඩායමකි. ඩොලර් බිලියන 2ක් වටිනා කොටස් පුශ්පා රාජපක්ෂ සතුය.

* බ්‍රිතාන්‍යයේ AgustaWestland හෙලිකොප්ටර් සමාගමේ 11%ක කොටස් හිමිකාරීත්වය – ශෂීන්ද්‍ර රාජපක්ෂ සතුය.

* එක්සත් රාජධානියේ Thales නම් යුධ හා රහස් උපකරණ නිශ්පාදන සමාගමේ කොටස් වලින් 29%ක හිමිකාරීත්වය හෙලෝකිටී සමාගම හරහා මහින්ද රාජපක්ෂ හිමිකරගෙන ඇත. ඔහු තනි විශාලතම කොටස් හිමිකරුවන්ගෙන් දෙවැනියා වේ. පලමු හිමිකරු බ්‍රිතාන්‍යයේ කීර්තිමත් හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වු වින්ස්ටන් චර්චිල්ගේ පුත්‍රයෙකි.

* ලොව විශාලතම කොන්ත්‍රාත් සමාගමක් වන ARUP හි නිල නොවන හිමිකරුවන් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් වේ. නීතිවිරෝධී ලෙස උපයන සියලුම ධනය මෙම සමාගම හරහා නිත්‍යානුකූල ලෙස හුවමාරු කරගැනිමට භාවිතා කරයි. එය රන් පවුම් මිලියන 302ක් පමණ වේ. උදයංග වීරතුංග මෙම සමාගමේ නිල නොලත් ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වෙති.

* කුමරන් පද්මනාදන්ට අයත්ව තිබූ තායිලන්තයේ නැව් සමාගම් 3 (නම් හෙළි කොට නැත)

* සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන අයගේ නම්වලින් රට පුරාම ඉඩම් මිළදී ගැනීමක නිරතව ඇත. මෙය සංගක්කාර විසින් සීගිරි‍යේ ඉඩම් මිළදී ගැනීමේදීද හෙළි විය.

* Walk & Talk (PVT) Limited නම් රුපියන් මිලියන 200ක් වටිනා ජංගම දුරකථන ආනයනය කරන සමාගමේ හිමිකාරිත්වය රෝහිත රාජපක්ෂ දරයි.

* රජයේ වඩා හිතවත්ම දුරකථන සන්නිවේදන ජාලය ජාලය Dialog ආයතනයේ කොටස් 38% ශෂීන්ද්‍ර රාජපක්ෂ සතුය. වත්මන් ආණ්ඩුව බලයට ආ විගස මොවුන්ට කෝටි ගණනක බදු සහන ලබා දෙන ලදී

* John Keells PLC සමූහය සඳහා රාජපක්ෂ පවුල විසින් චීන ජාතික සමාගමක් මගින් මාර්ගයෙක් රුපියල් බිලියන 12ක් ආයෝජනය කර ඇත. Hemas සහ Unilever යන ආයතන සඳහාද විවිධ විදේශිකයන්ගේ නම් වලින් තවත් රු. බිලියන 10ක් පමණ ආයෝජනය කර ඇත

* ශ්‍රී ලංකාවේ ගණිකා ව්‍යාපාරයද මෙහෙය වන්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂයි. මෙහි මොහුගේ ව්‍යාපාර මෙහෙයවන්නා වනුයේ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නැමැත්තායි, (Club වසන්ත) . ඔහුගේ සන්හිල් හෝටල්ජාලයේ සැබෑ අයිතිකරු වන්නේ චමල් රාජපක්ෂයි. මෙයට උදයංග වීරතුංග විසින් යුක්‍රේන ගණිකාවන් සැපයීම සිදු කරයි. යුක්‍රේනයේ සහ රුසියාවේ සහ ලෝ පතල ඇති Utopia නම් ගණිකාවරුන් සැපයීමේ ජාලය අයිතිවන්නේද උදයංග වීරතුංගටයි.

* යුක්‍රේනයේ තිබූ සුප්‍රකට පාවෙන ගණිකා මඩමක් වූ River Palace නම් සුඛෝපභෝගී බෝට්ටුවේ හිමිකරුවාද වන්නේ උදයංග වීරතුංගයි. මිග් ගණුදෙනුවෙන් පසු මොහු මෙය මිළදී ගෙන ඇති අතර පසුව එය බංකොලොත්බාවයට පත්වී ඇත.

* ලොව තුන්වල විශාලම La Belle ගණිකා මඩම, තායිලන්තය – හිමිකරු උදයංග වීරතුංගය, වටිනාකම ඩොලර් බිලියන 2කි.

* Taiwan Semiconductor Manufacturing Company, Limited – යෝෂිත රාජපක්ෂට අයිතියක් හිමිය. ඩොලර් බිලියන 40ක කොටස් පවතී.

* Dorcell Club අසභ්‍ය චිත්‍රපට සමාගම – ඩොලර් මිලියන 5ක ආයෝජනයක් රෝහිත රාජපක්ෂ විසින් සිදු කර තිබේ.

*T***y අසභ්‍ය චිත්‍රපට සමාගම – ඩොලර් මිලියන 11ක ආයෝජනයක් රෝහිත රාජපක්ෂ විසින් සිදු කර තිබේ.

* සල්මන් ඛාන් නම් ඉන්දියානු නළුවා හරහා බොලිවුඩයේ ඩොලර් බිලියන දෙකක මුදලක් නාමල් රාජපක්ෂ විසින් ආයෝජනය කර තිබේ.

* නිපුණ රණවක විසින් ඇමරිකාවෙ සුපිරි අන්තර්ජාල සමාගමක්වන Starlinkහි ඩොලර් මිලියන 70ක කොටස් මිළදී ගෙන ඇත.

* නාමල් රාජපක්ෂ සිය බිරිඳට මගුල් ත්‍යාගය ලෙස ඩොලර් මිලියන 350ක් වටිනා බලාපොරොත්තුවේ දියමන්තිය තෑගි කොට ඇත.

* Landrover, Jeep, Aston Martin, Bugatti යන වාහන නිෂ්පාදන ආයතනවල 15%ක පමණ කොටස් රාජපක්ෂ පවුල විසින් 2005 – 2015 කාලසීමාවේ මිලට ගෙන තිබේ.

* Dolce & Gabbana, Armani, Prada, Gucci, Burberry, Dior, Louis Vuitton, Ralph Lauren, SSENSE, Michael Cors යන ආයතන වල 40%ක පමණ කොටස් අනෝමා රාජපක්ෂ විසින් මිලට ගෙන තිබේ.

* Swiss Bank, Exim Bank, JP Morgan Chase, China Construction Bank, Bank of China සහ Barclays Bank ගිණුම් වල ඩොලර් බිලියන 600ක් පමණ බැදුම්කර, රන් බිස්කට් සහ තැනපතු සිදු කර ඇත.

* Crypoto currency මගින් අති විශාල මුදලක් සඟවා ඇති අතර එය ඩොලර් ත්‍රිලියනයක් බව ඇනෝනිමස් කණ්ඩායම හෙළිකරයි.

එමෙන්ම රාජපක්ෂ පවුලට අයිති ව්‍යාපාර සහ ඒවා පවත්වාගෙන යන පුද්ගලයන් ගෝල්ෆේස් අරගලය සඳහා උදව් කර හෝ සහභාගී වී ඇත්තේ ඉදිරියේදී තමන්ට අත්වන ඉරණම දැන්ගෙන එයින් බේරීමට යැයි මින් අනුමාන කළ හැක.

මෙම ගණන් බැලීමට අනුව රාජපක්ෂලා හොරා කා ඇති ධනය ඩොලර් ට්‍රිලියනයක් පමණ වේ. මෙම මුදල් ශ්‍රී ලංකාවේ රුපියල් වලින් ක්ව්ඩ්‍රිලියනයකි. (1,050,000,000,000,000 LKR)

– ඉහත දත්ත ඇනොනිමස් හැකරුන් කණ්ඩායම විසින් විමර්ෂණය කරමින් සොයා ගත් දත්ත අතර එහි සියලූම වගකීම දරයි –

-Coped-

තව පැය 3යි.
20/04/2022

තව පැය 3යි.







බලාපල්ලාකෝ එකේත් හැටි.😂😂😂තව පැය 3යි.
20/04/2022

බලාපල්ලාකෝ එකේත් හැටි.😂😂😂

තව පැය 3යි.






ඇයි බං අපිට මේහේම උනේ
19/04/2022

ඇයි බං අපිට මේහේම උනේ

ලගදිම බබා හම්බවෙයි.😊අරගලයට ජය වේවා ..💪❤️🇱🇰                                       please help us to save our mother count...
19/04/2022

ලගදිම බබා හම්බවෙයි.😊

අරගලයට ජය වේවා ..💪❤️🇱🇰





please help us to save our mother country🇱🇰🇱🇰🇱🇰

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Dynamite Studio"s posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share