12/12/2022
~ ශ්‍රී ලංකා සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් වෙමින් "ගජමෑන්" කළ එලි බහියි ~
"ලංකාවේ පළමු 3D ඇනිමේෂන් ෆිල්ම් එක" විදියට ඉතිහාසගත වෙමින් "ගජමෑන්" පසුගිය දවසක ජනගත වුණා.
ඒ විතරක් නෙමෙයි "ලංකාවේ පළමු Motion Capture තාක්ෂණය භාවිත වුණු ෆිල්ම් එක" වෙන්නෙත් "ගජමෑන්".
චිත්‍රපටියේ අධ්‍යක්ෂක Chanaka Perera 2010 අගෝස්තුවේ තමයි ෆිල්ම් එකට මූලික අඩිතාලම තියන්නේ.
සාමාන්‍ය ඇනිමේෂන් එකක් හදන්නේ නැතුව චානකට ඕනේ වුණා ෆිල්ම් එක Motion Capture තාක්ෂණයෙන් කරන්න.
Mo-Cap වලින් හදපු Avatar සහ Adventures of TinTin බලලා මෙහෙත් ඒ වගේ එකක් හදන්න ඕනේ කියලා හිතුණ එකම චානකගේ කන්ෆිඩන්ස් එක ගැන උදාහරණයක්.
අපි පොඩි කාලේ ඉඳන්ම ආසාවෙන් බලපු කැමිලස් පෙරේරා ගේ "ගජමෑන්" කොමික් සීරීස් එකේ කැරැක්ටර්ස් දාලා මේ වැඩේ කරන්න පටන් තීරණය කරාම, ඒකේ ස්ටෝරි එක ලියන්න සෙට් වෙන්නේ මම හිතන විදියට මෑත ඉතිහාසයේ "Godfathers of Comedy” කියලා බය නැතුව කියන්න පුළුවන් Suneth Chithrananda සහ Gaminda Priyaviraj. අපි හැමෝම දන්න "පොඩි මල්ලියි, චූටි මල්ලියි".
කැරැක්ටර්ස් ටිකේ Mo-Cap එකට සහභාගී වෙන්නේ ලංකාවේ ඉන්න දක්ෂ නළු නිළි කණ්ඩායමක්.
Dasun Pathirana ගජමෑන්ටත්,
Chamara Priyadarshana ඇම්ඩාටත්,
Tiran Abeywardana මගෝඩිස්තුමාටත්,
Kasuni Kavindi පද්මාවතීටත්,
Nipuni Sharada ස්වීටි සහ චූටිටත්,
Pradeep Ramawickrama ටික්කා සහ ලපයටත්,
වශයෙන් Mo-Cap කරනවා.
කැරැක්ටර්ස් ටිකේ වොයිස් වෙන්නේ ලංකාවේ ඉන්න සුපිරිම හඬවල් එක්ක.
Gaminda Priyaviraj ගජමෑන්ටත්,
Suneth Chithrananda ඇම්ඩාටත්,
Sunil Perera මගෝඩිස්තුමාටත්,
Rashi Praboda පද්මාවතීටත්,
Yureni Noshika ස්වීටිටත්,
Nipuni Sharada චූටිටත්,
Damitha Abeyrathne මගෝඩිස්තුමාගේ නෝනාටත්,
Anuradha Sigera ගුරාටත්, සෙල්ලම්සේනටත්,
Dilan Senanayake, Gehan Blok, Dino Corera, DJ Ara & Pasbara සෙසු චරිතවලටත්,
තමන්ගේ හඬ දායකත්වය ලබා දුන්නා.
Studio 101 එකේ සෙට් එකම සෑහෙන්න මහන්සි වෙලා හදපු "ගජමෑන්" ෆිල්ම් එක 2018 දී තමයි රිලීස් කරන්න හිටියේ.
ඒත් ඇති වූ යම් යම් තාක්ෂණික කාරණා කීපයක් නිසා රිලීස් ඩේට් එක කල් ගියා.
2019 අප්‍රේල් ඉඳන් ලංකාවේ ඇති වූ ප්‍රශ්නත් එක්ක ලංකාවේ මිනිස්සුන්ගේ මනස ටිකක් සෙට්ල් වෙනකන් ඉන්න අධ්‍යක්ෂකතුමා ඇතුළු කණ්ඩායම තීරණය කරනවා.
ඔය වකවානුවේදී ෆිල්ම් එකේ පැත්තෙන් හරි අපූරු වෙනස්කම් කීපයක් වෙනවා.
ඒකේ සුවිශේෂීම වෙනස තමයි ෆිල්ම් එකේ මියුසික්වල වෙන වෙනස. ඒ මේ ෆිල්ම් එකට එන අලුත් සංගීත අධ්‍යක්ෂකවරයා නිසා. ඒ තමයි අපි කවුරුත් දන්න Anushka Udana. ඔව් Wasthi අනුෂ්ක. සීමිත පිරිසක් දැනගෙන හිටපු අනුෂ්ක උදාන කියන "සංගීතවේදියා" ලංකාවේ හැමෝම දැනගන්න තරම් මේ ෆිල්ම් එකේ මියුසික් රහටම තිබ්බා. කැට තියලා කිව්වහැකි මේ ෆිල්ම් එකේ මියුසික් ඇල්බම් එකම ලංකාවේ හරි හරියට හැමතැනම ස්ට්‍රීම් වේවි.
Anushka Udana, Dinesh Gamage, Ridma Weerawardane, KaizerKaiz ගේ සිංදු ටිකයි,
Lahiru De Costa, Yuki Navaratne, Kavishka Dombawela ගේ මියුසික් ටිකයි හරි රහට තිබ්බා.
2021-2022 වෙච්ච දේශපාලන ප්‍රශ්නවලින් හොඳටම වාසි ලබාගන්න "ගජමෑන්" ට පුලුවන් වෙන්නේ මේ අතරමයි. කොමඩි කන්ටෙන්ට් පිට කන්ටෙන්ට් ලැබුණු නිසා ගොඩක් ඩයලොග්ස් අප්ඩේට් කරන්න ෆිල්ම් එකට පුලුවන් වුණා.
ඉන්ටර්නෙට් එකේ තියෙන 2018 ට්‍රේලර් එකට වඩා සෑහෙන්න අලුත් කන්ටෙන්ට් එක.
පරණ ඒවා කපලා, අලුත් ඒවා දාලා අඩු කාලෙකින් ලොකු වැඩක් කරපු ෆිල්ම් එකේ සංස්කාරකතුමා Madupriya Shashimal වත් මේ වෙලාවේ මතක් කරන්නම ඕනේ.
2022 දෙසැම්බර් 9 වෙනිදා ලංකාවේ අයට "ගජමෑන්" බලන්න හම්බුණා. එදා විතරක් ලිමිටඩ් ස්ක්රීනින් එකක් විදියට පෙන්නපු ෆිල්ම් එක බලන්න ගොඩක් අයට අවස්ථාව ලැබුණේ නෑ.
ඒත් සතුටින් කියන්න පුලුවන්,
2023 ජනවාරි ඉඳන් ඔෆීෂලි දිගටම ෆිල්ම් හෝල්වල "ගජමෑන්" පෙන්නනවා.
බලපු නැති අයට සෙට් වෙලා ගිහින් බලන්න. බලපු අයත් ආයේ බලන්න.
අපේ අනාගත සිනමාවට ජයෙන් ජය.
- විකුම් හර්ෂණ -