Maawatha News

  • Home
  • Maawatha News

Maawatha News Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Maawatha News, News & Media Website, .

ආනයනික කිරිපිටි මිල ඉහළට. ⬆️ආනයනික කිරිපිටි (1kg )කිලෝවක් රුපියල් 1345 සිට 1945 දක්වා රුපියල් 600 කින් ද , ග්‍රෑම් 400ක ...
18/03/2022

ආනයනික කිරිපිටි මිල ඉහළට. ⬆️

ආනයනික කිරිපිටි (1kg )කිලෝවක් රුපියල් 1345 සිට 1945 දක්වා රුපියල් 600 කින් ද ,

ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 540 සිට 800 දක්වා රුපියල් 260 කින් වැඩි කිරිමට සිදුව ඇතැයි කිරිපිටි ආනයන කරුවෝ පවසති.

✔️✔️✔️🔴 අති විශිෂ්ට ජයක් ශ්‍රී ලංකාවට....ශ්‍රී ලංකා-සිම්බාබ්වේ අතර 03 වන එක්දින ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායම විස...
21/01/2022

✔️✔️✔️🔴 අති විශිෂ්ට ජයක් ශ්‍රී ලංකාවට....

ශ්‍රී ලංකා-සිම්බාබ්වේ අතර 03 වන එක්දින ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.

තරගාවලියේ ජයත් 2-1 ක් ලෙස තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද හැකිවිය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම 254/9 (50) ලබාගන්නා ලදි.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කිරිමට හැකිවුයෙ ලකුණු 70ක්(24.4) පමණි

අභියෝග නොතකමින් පැල්වත්ත කිරි වෙතින් ස්ථාවර නිෂ්පාදනයක්ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ  දැවැන්තයා වන පැල්වත්ත කිරි...
19/01/2022

අභියෝග නොතකමින් පැල්වත්ත කිරි වෙතින් ස්ථාවර නිෂ්පාදනයක්

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්තයා වන පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම, සිය නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වා ගනිමින්, වාර්ෂික “Lean Season of December-April” සමය තුළ තම ස්ථාවරත්වය තහවුරු කරගැනීමට සමත් වී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුසන්ත මල්වත්ත මහතා ප්‍රකාශ කළේ, “පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගමේ නිෂ්පාදන කටයුතු අත්හිටුවීම නිසා පැල්වත්ත නිෂ්පාදනවල හදිසි හිඟයක් පවතින බවට සමාජ මාධ්‍ය තුළ අසත්‍ය පුවතක් සංසරණය වනවා. ඒ නිසා ම පැල්වත්ත සමාගමේ නිෂ්පාදන කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව මම මෙහි දී අවධාරණය කිරීමට කැමති යි. සාමාන්‍යයෙන් සෘතුමය බලපෑම නිසා දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලවකවානුව කිරි නිෂ්පාදන කටයුතු තරමක් පහත වැටෙන සමයක්. මෙම කාලයේ දී එළදෙනුන්ගේ ගර්භණී චක්‍රය ක්‍රියාත්මක වන නිසා කිරි ලැබීම සාමාන්‍යයෙන් අඩු වෙනවා. මෙය පැල්වත්ත සමාගම වගේ ම මේ රටේ සමස්ත කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය ම වාර්ෂිකව මුහුණ දෙන සාමාන්‍ය තත්තවයක්. මෙම කාල වකවානුවේ දී පවා පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම සමග අත්වැල් බැඳගෙන සිටින ගොවීන්ට සහහයෝගය ලබා දීම අපි අඛණ්ඩව ම කරගෙන යනවා. ඒ වගේ ම මැයි සිට ඔක්තෝබර් දක්වා කාලයේ දී මෙම තත්ත්වය පහව යමින් වෙළඳපොළට හොඳින් කිරි සැපයෙන නිසා, එම කාලය තුළ කිරි ආශ්‍රිත නිෂ්පාදන කටයුතු ඉහළ මට්ටමක පවතින බවත් සිහිපත් කළ යුතු ම යි.” යනුවෙනි.

වැඩි දුරටත් අදහස් දක්වමින් මල්වත්ත මහතා ප්‍රකාශ කළේ, මෙම කාල වකවානුව තුළ පැනනඟින කිරි අඩු වීම ඇතුළු අනෙකුත් අර්බුදයන් පිළිබඳව මනා අවබෝධයකින් යුතුව පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම නිර්මාණය කළ සැළසුම් නිසා මේ වන විටත් සිය නිෂ්පාදන කටයුතු සාමාන්‍ය පරිදි සාර්ථකව ක්‍රියාත්මක වන බව යි.

2020/21 වසර තුළ දී පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම, මෙරට කිරි ගොවීන් 10,000 කට වැඩි පිරිසකට සහ ඒ ආශ්‍රිත පවුල්වලට සහයෝගය ලබා දෙමින්, සිය කිරි ගොවි පදනම 16% කින් වර්ධනය කර ගැනීමට සමත් විය. 2020/21 කාලයෙහි පැවති කොවිඩ් වසංගත තත්ත්වය මධ්‍යයේ පවා කිරි ගොවියන් සඳහා කරනු ලබන ගෙවීම් 70% කින් වැඩි කිරීමට ද පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම විසින් කටයුතු කරන ලදී. අභියෝගාත්මක කාලවල දී ඊට මුහුණ දීම සඳහා පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම සතු හැකියාව නිසා, එහි නිෂ්පාදන ක්‍රියාවලිය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට එම සමාගම කටයුතු කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් නිපැයුම් කාණ්ඩවල නිෂ්පාදන කටයුතු දෙගුණ කරමින්, 2020/21 වසර ජයග්‍රාහී වසරක් බවට පත් කරගැනීමටත්, 2019/20 වසර සමග සැසැඳීමේ දී 2020/21 වසරෙහි දළ ලාභය 180% කින් වර්ධනය කරගැනීමටත් එම සමාගමට හැකි විය. එමෙන් ම 2020/21 වසර තුළ පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම වාර්තා කළ බදු පෙර ලාභය (PBT) 148% කින් වර්ධනය වී ඇති බව ද පැවසිය යුතු ම කරුණකි.

පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම පිළිබඳව

කිරි සැකසීම සහ සත්ව ආහාර හා කිරි නිෂ්පාදනය පිළිබඳව විශේෂඥතාවක් සහිත පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම ආරම්භ කෙරුණේ 2006 වසරේ දී වන අතර, එම සමාගම කිරි නිෂ්පාදන ආනයනය සඳහා මෙරට විදේශ විනිමය පිටරටවලට ඇදී යාම වළැක්වීම වෙනුවෙන් ක්‍රියාත්මක වන සුවිශේෂී දේශීය සන්නාමයකි. සිය නිෂ්පාදන කටයුතු සඳහා ගුණාත්මක එළ කිරි ලබාගැනීමේ අරමුණින් පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම මෙරට කිරි ගව පාලනය දියුණු කිරීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර යි. ISO 22000:2018 තත්ත්ව සහතික ලත් සමාගමක් වන පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම, වර්තමානය වන විට ශ්‍රී ලාංකේය කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන නවීනත ම කිරි නිෂ්පාදනාගාරය (ඩෙන්මාර්කයේ භාවිතවන නවීන තාක්ෂණය ආශ්‍රිතව නිර්මාණය කර ඇති.) හිමි සමාගම යි.

18/01/2022
🔴✔️✔️✔️රජය ඉන්ධන මිල ඉහළ දමයි...ඉන්ධන මිල ඊයේ(20) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇත. ඒ අනුව නව මිල ගනන් 👇👇👉පෙට්‍රල් 92 රුප...
21/12/2021

🔴✔️✔️✔️රජය ඉන්ධන මිල ඉහළ දමයි...

ඉන්ධන මිල ඊයේ(20) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇත. ඒ අනුව නව මිල ගනන් 👇👇

👉පෙට්‍රල් 92 රුපියල් 20 කින්---(නව මිල රු:177)

👉පෙට්‍රල් 95 රුපියල් 23 කින්---(නව මිල රු:207)

👉ඔටෝ ඩීසල් රුපියල් 10 කින්---(නව මිල රු:121)

👉සුපිරි ඩීසල් රුපියල් 15 කින්---(නව මිල රු:159)

👉භූමිතෙල් රුපියල් 10 කින්---(නව මිල රු:87)

🔴✔✔✔වැඩිපුර රුපියල් 10ක් ලැබෙනවා.... කාටද මේ රුපියල් 10ක්🧐🧐?????විදේශගත සේවා නියුක්තිකයන්ට ශ්‍රී ලංකාවේ බැංකු ඇතුළු විධි...
01/12/2021

🔴✔✔✔වැඩිපුර රුපියල් 10ක් ලැබෙනවා.... කාටද මේ රුපියල් 10ක්🧐🧐?????

විදේශගත සේවා නියුක්තිකයන්ට ශ්‍රී ලංකාවේ බැංකු ඇතුළු විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් හරහා දෙසැම්බර් මාසය තුළ රුපියල්වලට මාරු කරන සෑම ඩොලරයකට වැඩිපුර රුපියල් 10 ලබාගත හැකි බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කර තිබේ

උපුටා ගැනීමයි..

🔴✔✔✔හතරවන පාරටත් වාහන මිලෙහි වෙනසක්.... වාහන මිල ඉහළ දැමීමට නිෂ්පාදන ආයතන තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.න...
01/12/2021

🔴✔✔✔හතරවන පාරටත් වාහන මිලෙහි වෙනසක්....

වාහන මිල ඉහළ දැමීමට නිෂ්පාදන ආයතන තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

නිෂ්පාදන ආයතන කිහිපයක ප්‍රධානීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර ඇත.

ඔවුන් පවසන්නේ වාහන නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස වාහන මිල ඉහළ දැමීමට සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් මෙලෙස වාහන මිල ඉහළ දැමීම මේ වසරේ සිදුවන සිව්වන අවස්තාව බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මරුටි සුසුකි සහ මහේන්ද්‍රා ආයතන ප්‍රධානීන් මේ බව තහවුරු කර තිබේ.

මේ අතර මහේන්ද්‍රා ප්‍රධාන විධායක නිලධාරී Veejay Nakra පවසා ඇත්තේ මෙලෙස රථවාහනවල මිල ඉහළ දැමීම තුළින් වෙළඳපොළ රථවාහන මිලට එල්ලවන බලපෑම බරපතළ බවයි.

මෝටර් රථ, යතුරු පැදි ඇතුළු කුඩා ප්‍රමාණයේ ලොරි රථ වැනි ජනප්‍රිය රථ වාහන රැසක් ශ්‍රී ලංකාවට ද වැඩි වශයෙන් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙනි.

උපුටා ගැනීමයි

🔴✔✔✔සවස 4.15න් පස්සෙ විදුලිය දෙන්නේ නෑ. අලුත්ම පුවත මෙන්න......ජාතික විදුලි ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ග...
01/12/2021

🔴✔✔✔සවස 4.15න් පස්සෙ විදුලිය දෙන්නේ නෑ. අලුත්ම පුවත මෙන්න......

ජාතික විදුලි ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ගෙන තිබුනද පෙර දිනයක් සිදු වූ විදුලි බිඳ වැටීම නැවත් යතා තත්වයට පත් කිරීමට කිරීමට වහාම ක්‍රියාත්මක වුණු බව විදුලි ඉන්ජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාර වඩු මහතා පවසනවා..

කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී ෆර්ඩිනැන්ඩෝ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්දයෙන් අනුගමනය කරන අමනෝඥ වැඩපිළ නිසා මින් ඉදිරියට සවස 4.15න් පසු සිදු වෙන කිසිඳු විදුලි බිඳ වැටීමක් යථාතත්තවට පත් නොකරන බවයි ඔහු සඳහන් කරන්නේ.

අද පැවති මාධ්‍ය හමුවකදී විදුලි ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා සඳහන් කලේ මේ වන විටත් විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරුන් දෙදෙනෙකු කිසිදු සාධාරණ හේතුවකින් තොරව සභාපතිවරයා අනිවාර්‍ය නිවාඩු යැවීමට කටයුතු කර කර ඇති බවයි.

යුග දනවි විදුලි බලාගාරය කොටස් කර ඇමරිකානු නිව් ෆ්‍රෝට්‍රස් සමාගමට පවරා දීම සම්බන්දයෙන් විරෝධය දැක්වීමටයි විදුලි ඉංජිනේරුවන් මෙලෙස අකුරට වැඩ කිරීමට යොමු වී ඇත්තේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා මේ ආකරයෙන් අනවශ්‍ය ලෙස මැදිහත් වී බාධා කරන්නේනම් මෙලෙස දැඩි තීරණ ගැනිමට සිදු වන බවද පවසා සිටියා..

උපුටා ගැනීමකි.

✔✔✔රන් මිලෙහි සුලු අඩු වීමක්...........අද (30) දින කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 107,800 ක...
30/11/2021

✔✔✔රන් මිලෙහි සුලු අඩු වීමක්...........

අද (30) දින කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 107,800 ක් ලෙසින් වාර්තා වේ.

මීට අමතරව කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 116,500 ක් ලෙසින් සටහන්ව ඇත.

මෙය ඊයේ (29) දිනයට වඩා සුළු මිල අඩු වීමකි.

පෙර දිනයේ දී කැරට් 22 රන් පවුමක මිල රු. 108,300 ක් හා කැරට් 24 රන් පවුමක මිල රු. 117,000 ක් ලෙසින් වාර්තා වී තිබුණි

උපුටා ගැනීමකි

🔴ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳවැටීමක් සිදු වී ඇත.කොත්මලේ සිට බියගම දක්වා වූ විදුලිය සම්ප්‍රේෂණ මාර්ගයේ බිඳවැටීමක් සිදුවී ති...
29/11/2021

🔴ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳවැටීමක් සිදු වී ඇත.

කොත්මලේ සිට බියගම දක්වා වූ විදුලිය සම්ප්‍රේෂණ මාර්ගයේ බිඳවැටීමක් සිදුවී තිබේ.

ඒ හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බිඳවැටීමක් සිදුවී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

මහවැලි ජලාශ බලාගාරවලින් විදුලි ජනනය සිදුකිරීමද නතරවී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.



උ.ගැ

29/11/2021

විදුලිය බිදවැටේ... රටම කලුවරේ....

ඔබ ප්‍රදේශයේ විදුලිය බිදවැටීම කෙබදු ද??

🔴✔️✔️✔️ගැස් පාවිච්චි කරන හැමෝම දැනුවත් වෙන්න.ගැස් කාන්දුවකින් පිපිරීමක් උනහම හුගදෙනෙක් හිතනව ගැස් සිලින්ඩරය පුපුරල කියල....
26/11/2021

🔴✔️✔️✔️ගැස් පාවිච්චි කරන හැමෝම දැනුවත් වෙන්න.

ගැස් කාන්දුවකින් පිපිරීමක් උනහම හුගදෙනෙක් හිතනව ගැස් සිලින්ඩරය පුපුරල කියල.ගොඩක් දුරට නැහැ ඒක වෙන්නේ මෙහෙමයි.දවසේ වැඩ කටයුතු ඉවරවෙලා කුස්සිය ඇතුලු නිවසේ ලයිට් නිවල ඔබ නින්දට යනව.රාත්‍රීයේ හෝ උදාසන අවදිවන ඔබට නිවස තුළින් ගැස් ගඳක් එනව.ඔබ දන්නව කුස්සියෙ ගැස් එක තියනව කියලා .ඔබ කරන්නෙ මොකද වෙලා තියෙන්නෙ බලන්න කුස්සියට ගිහින් කුස්සියේ ලයිට් එකේ ස්විච් එක දානව. ඒ එක්කම ඔබට හිතන්නවත් වෙලාවක් නැතිව මහා විනාශයක් කරමින් බෝම්බයක් පුපුරනව.ඒ පිපිරීමෙන් ඔබේ ගේ දොර පමණක් නොව ඔබේ ජීවිතයද අහිමිවීම හෝ බරපතල තුවාල විය හැකියි.කොහොමද එහෙම වෙන්නෙ.ඔබ ලිපේ වැඩ ඉවරවුනාම රෙගුලරයෙන් බටය හරහා ගැස් ලිපට ඒම වහන්නෙ නැහැ.කුමන හේතුවක් මත හෝ ලිපට සම්මන්ද බටය ගැලවීමෙන් හෝ බටය මීයෝ කා සිදුරු වී ගැස් කාන්දු වෙනවා .රාත්‍රීයේ නින්දට ගිය වෙලාවට ගැස් කාන්දු උනාම අනතුරුව අවදානම වැඩියි.ගැස් කාන්දුවකින් නිවසේ හෝ කුස්සියේ හැමතැනම ගැස් විහිදෙනව.ඒත් අනතුරක් නැහැ.අනතුර කරන්නෙ නොදනුවත් ඔබ.රාත්‍රීයේ නිදිමතේ ගැස් ගදට ඉව අල්ලා කුස්සියට යන ඔබ මොකදවෙලා තියෙන්නෙ බලන්න කුස්සියේ විදිලි සුවිචය දානවත් එක්කම නිවස තුල පිරී තියන ගැස්වලට විදුලි ස්විචයෙන් සිදුවන ඉන්ඩිකේට්වීම නැතිනම් පතික්කිර්යා වීමත් සමග පීඩනය බෝම්බයක් ලෙස පුපුරනව.විදුලි ස්විචය නැතත් ගිනිකූරක් පත්තු කලත් ඔයදේ වෙනව.මේක වලක්වගන්න මොකද කරන්න ඕනේ.ගේ ඇතුලේ ගැස් ලීක් වෙලා කියල දැනුන ගමන් වෙන මුකුත්ම නොකර නිවසේ සියලු දොර කවුලු විවෘත කරල නිවස තුල තියන ගැස් පිටතට යන්න සලස්වන්න.දැන් බය නැතිව කුස්සියට ගිහින් ගැස් සිලින්ඩරයේ රෙගුලරය ගලවල ගැස් ටැංකිය එලියට දාන්න.මේක කරනකොට ගැස් කොච්චර ලීක්වෙලා තිබුනත් ගින්දර සම්බන්ද නොවනතාක් ඔබට කිසිම අනතුරක් නැහැ.පවුලේ හැමෝම දැනුවත් කරන්න.

උපුටා ගැනීමක්...

✔️✔️✔️🛑මහින්ද ඉල්ලා අස්වෙයි👇👇දින කිහිපයකින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සම...
23/11/2021

✔️✔️✔️🛑මහින්ද ඉල්ලා අස්වෙයි👇👇

දින කිහිපයකින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ධුරයේ වැඩ භාරගැනීම සඳහා නියමිතව තිබීම හේතුවෙන්.

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ රවිනාථ ආර්යසිංහ මහතා පසුගියදා එම ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සදහා මහින්ද සමරසිංහ මහතා මෙලෙස පත්කරනු ලැබුවා



උ.ගැ

✔✔✔රටේ ඉන්නත් බෑ... රටින් යන්න දෙන්නෙත් නෑ... උපුටා ගැනීමවිදේශගත වීමේ අපේක්ෂාවෙන් සිටින පිරිස් චෝදනා කරන්නේ කොන්සියුලර් ...
23/11/2021

✔✔✔රටේ ඉන්නත් බෑ... රටින් යන්න දෙන්නෙත් නෑ...

උපුටා ගැනීම

විදේශගත වීමේ අපේක්ෂාවෙන් සිටින පිරිස් චෝදනා කරන්නේ කොන්සියුලර් කාර්යාලයේ නිලධාරීන් රාජකාරිය නිසි ආකාරව ඉටු නොකිරිම නිසා තමන්ට දිගු පෝළිම්වල රැඳී සිටීමට සිදුව ඇති බවටයි.

කොන්සියුලර් කාර්යාලය ප්‍රකාශ කළේ, සීමිත අංක ප්‍රමාණයකට පමණක් සේවා ලබා දිය හැකි බවයි.

ඒ සමගම උණුසුම් තත්ත්වයක් උද්ගත විය.

සේවා ලබා ගැනීම සඳහා පැමිණ සිටි පිරිස් පළ කළ අදහස්…

”මට ඊයේ යන්න තිබුණේ, හතරට දැන් කියනවා ලබන ඉරිදා යන්න ලු. දැන් අපි මොකක්ද කරන්නේ මේකට දැන් අපි උඩට බිල්ඩිමේ ගිහිල්ලා ආපහු අපිට පෝලිමේ එන්න ලු”

”ඊයේ පෙරේදා ඉදලා මිනිස්සු එන්නේ මෙතනට , දුර පළාත්වලින් වාහන අරගෙන එන්නේ. මුලු ලංකාවම මෙතනට එනවා. මෙතනට ආවට පස්සේ මේ අය කියනවා මේ අයගේ සිස්ටම් අවුල් කියලා. ඒක උත්තරයක් නෙවෙයි මිනිස්සුන්ට..”

” උදේ තුනමාර , එකා මාර , දෙකා මාර මිනිස්සු එන්නේ , මේක මේ අද ඊයේ තියෙන ප්‍රශ්නයක් නෙවෙයි .මෙතන මේ රට යන්න ඉන්නෙ නැති බැරි කමට”

”දැන් ලොකු මහත්තයෙක් ඇවිල්ලා කියනවා. අපිට ඩොලර් නෑලු , අපිටත් ඔනේ අපිට යවලා ඩොලර් ගෙන්නන්න ලු .බදාදා මෙයාලගේ සිස්ටම් ඩවුන් වුනේ , බ්‍රහස්පතින්දා සිකුරාදා , සෙනසුරාදා, ඉරිදා , දවස් හතරක් තිබ්බා. මේ අයට සිස්ටම් එක හදා ගන්න ඔක හදා ගන්න බැරි වුණා. කියන්නේ මොකකද් මේ අයගේ තත්ත්වේ. 1ෙ50 කටවත් දී ගන්න බෑ තාම”

සේවය නිසි ලෙස නොලැබීම නිසා කෝපයට පත් ජනතාව විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කාර්යාලය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයට පැමිණ විරෝධය පළ කළේ ය.

පිරිස ඉවත් කෙරුණේ පොලිසියේ මැදිහත්වීමෙනි

උපුටා ගැනීම අවසන්

✔️✔️✔️🛑 කින්නියාවේ සිදුවූ ඛේදවාචකය...ත්‍රිකුනාමලය, කින්නියා කලපුවකදී ලමුන් 20 පමණ ගිය පාරුවක් පෙරලීයෑමෙන් ලමුන් පිරිසක් ...
23/11/2021

✔️✔️✔️🛑 කින්නියාවේ සිදුවූ ඛේදවාචකය...

ත්‍රිකුනාමලය, කින්නියා කලපුවකදී ලමුන් 20 පමණ ගිය පාරුවක් පෙරලීයෑමෙන් ලමුන් පිරිසක් අතුරුදන් වී ඇත..

අතුරුදන් වූ ලමුන් සොයා තවමත් මෙහෙයුම් වල නිරත වේ..

✔✔✔කොළඹ පවතින මාර්ග තදබදය නවතින ලකුණු...3km පමණ දිගකින් යුතු නව කැළණි පාලම හෙට එනම් 2021.11.24 වන දින ජනතා අයිතියට පත් ක...
23/11/2021

✔✔✔කොළඹ පවතින මාර්ග තදබදය නවතින ලකුණු...

3km පමණ දිගකින් යුතු නව කැළණි පාලම හෙට එනම් 2021.11.24 වන දින ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.. මෙය ශ්‍රී ලංකාවේ පළමුවෙන් ඉදි කෙරුණු එල්ලෙන පාලම ලෙසයි සැලකෙන්නෙ. පාළම විවෘත වීමෙන් පසුව කොළඹ පවතින දැඩි තදබදය නවතිනු ඇතැයි අප විශ්වස කරමු.

උපුටා ගැනීමයි

✔✔✔ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙකුට කොවිඩ්   කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන මූලික වටයේ තරගාවලිය ට සහභාගී ...
23/11/2021

✔✔✔ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙකුට කොවිඩ්

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන මූලික වටයේ තරගාවලිය ට සහභාගී වීමට සිම්බාබ්වේ බලාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

එක් ක්‍රීඩිකාවක් සුළු රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව ආසාදිත ක්‍රීඩිකාවන් තිදෙනා හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

උපුටා ගැනීමකි

❌ඉන්ධන අර්බුදය දරුණුම තැනක. ✔️✔️✔️රට මුහුණ දී සිටින ඉන්ධන අර්බුදයත් සමග, තනි වාහනයක එක් පුද්ගලයෙක් ගමන් කිරීමෙන් විශාල ඉ...
22/11/2021

❌ඉන්ධන අර්බුදය දරුණුම තැනක. ✔️✔️✔️

රට මුහුණ දී සිටින ඉන්ධන අර්බුදයත් සමග, තනි වාහනයක එක් පුද්ගලයෙක් ගමන් කිරීමෙන් විශාල ඉන්ධන ප්‍රමාණයක් වැය වන නිසා ,මාර්ගවලට වාහන ඇතුළත් කිරීමේදී වාහනයේ තිදෙනෙක් හෝ හතරදෙනෙකු සිටිය යුතු බවට නීතියක් ගෙන ආ යුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර යෝජනාවක් ගෙන ඇත.

🔴..ශ්‍රි ලංකාවට කඩුලු 7 ක ජයක්...ලෝක කුසලාන තරගාවලිය ශ්‍රි ලංකා ක්‍රිකට් පිල ජයග්‍රහනයකින් ආරම්භ කෙරේ.......
18/10/2021

🔴..ශ්‍රි ලංකාවට කඩුලු 7 ක ජයක්...

ලෝක කුසලාන තරගාවලිය ශ්‍රි ලංකා ක්‍රිකට් පිල ජයග්‍රහනයකින් ආරම්භ කෙරේ.......

18/10/2021

🔴✔️✔️✔️ජනාධිපති ඉදිරියේ ගැයූ මැණිකේ මගේ හිතේ....

උපුටා ගැනීම..

17/10/2021

🔴✔️✔️✔️ හිස මතට ගසක් කඩා වැටීමෙන් දරුවෙකු ජීවිතක්ෂයට.....

හොරොව්පතාන හොරවැව ප්‍රදේශයේ වෙල්යායක් අසල නවතා තිබූ ට්‍රැක්ටරයක සිටි දරුවෙකුගේ හිස මතට ගසක් කඩා වැටීමෙන් එම දරුවා මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ හොරොව්පතාන දුටුවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි දරුවෙකි.

මියගිය දරුවා සිය ඥාති සොහොයුරෙකුගේ ට්‍රැක්ටරයකින් ඊයේ (16) පෙරවරුවේ මොරවැව හේන් යායට පැමිණ ඇත්තේ සීසාන ආයුරු බලා සිටීමට බව පොලීසිය පවසයි.

එම අවස්ථාවේදී ඒ ආසන්නයේ ගිනි ගනිමින් තිබූ කෝන් ගසක් ඔහුගේ හිස මතට කඩා වැටී ඇත.

ඉන් බරපතළ තුවාල ලැබූ දරුවා හොරොව්පතාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

උපුටා ගැනීමකි..

🔴✔️✔️✔️ නීති විරෝධී ලෙස ගිනි අවි නිෂ්පාදනය කරලා...නීතිවිරෝධී ලෙස ගිනි අවි නිෂ්පාදනය කළ පුද්ගලයෙක් තිස්සමහාරාම, කාවන්තිස්...
17/10/2021

🔴✔️✔️✔️ නීති විරෝධී ලෙස ගිනි අවි නිෂ්පාදනය කරලා...

නීතිවිරෝධී ලෙස ගිනි අවි නිෂ්පාදනය කළ පුද්ගලයෙක් තිස්සමහාරාම, කාවන්තිස්සපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඔහු කම්මල්කරුවෙකු ලෙස පෙනී සිටිමින් ගිනි අවි නිෂ්පාදනය කර ඇති බවය.

ගිනි අවි 05ක් හා ගිනි අවි සෑදීමට ගන්නා උපකරණ තොගයක් සමග එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබුණි.

කම්මල වැටලීම සිදුකරන අවස්ථාවේදී කම්මල්කරු විසින් ගිනි අවියක් නිෂ්පාදනය කරමින් සිටි බවත් ගිනි අවිය සඳහා යොදාගනු ලබන යාන්ත්‍රික කොටස් කිහිපයක් කම්හල ආසන්නයේ වළ දමා තිබියදී සොයා ගැනීමට හැකි වූ බවත් පොලිසීය පවසයි.

එම කම්හල තුළ තිබූ ගිනි අවි දෙකක් මෙන්ම තුවක්කු බට 7ක්, තුවක්කු අච්චුවක් ගිනි අවි නිපදවීමට ගන්නා යන්ත්‍ර 2ක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

සැකකරුගෙන් ගිනි අවි මිලදී ගත් තවත් දෙදෙනෙකු ගිනි අවි තුනක් ද සමග තිස්සමහාරාම, බෙරලිහෙළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට සම්බන්ධ සැකකරුවන් තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

උපුටා ගැනීමකි.

🔴✔️✔️✔️Whatsapp වෙනස් වෙයි.ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් ජංගම දුරකතන ඔස්සේ වට්ස්ඇප් පණිවිඩ හුවමාරු සේවාව භාවිත කරන සැමගේ පණිවිඩ ග...
16/10/2021

🔴✔️✔️✔️Whatsapp වෙනස් වෙයි.

ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් ජංගම දුරකතන ඔස්සේ වට්ස්ඇප් පණිවිඩ හුවමාරු සේවාව භාවිත කරන සැමගේ පණිවිඩ ගබඩා කිරීම වැඩිදියුණු කිරීමක් ෆේස්බුක් සමාගම විසින් සිදුකර තිබෙනවා.මේ අනුව වට්ස්ඇප් පණිවුඩ සේවාව හරහා සිදු කෙරෙන සියලු පණිවිඩ ගූගල් ඩ්‍රයිව් හෝ ඇපල් දුරකථන සඳහාම විශේෂයෙන් වෙන් කර ඇති අයික්ලවුඩ් icloud වෙත ගබඩා කිරීමේදී ඒ සඳහා විශේෂ මුරපදයක් යොදා ආරක්ෂා කිරීමේ පහසුකම මේ අනුව වට්ස්ඇප් භාවිතා කරන්නන්ට හිමිවනු ඇති.

මෙතෙක් කලක් වට්ස්ඇප් හරහා සිදු කෙරෙන පණිවිඩ හුවමාරු සඳහා අන්ත දෙකේ ආරක්ෂාව ඉතා ඉහලින් සකසා තිබූ අතර එම පණිවිඩ අයික්ලවුඩ් හෝ ගූගල් ඩ්‍රයිව් වෙත ගබඩා කිරීමේදී එම පහසුකම සලසා තිබුනේ නෑ.

එම කාලය තුළ දී අදාළ ආරක්ෂිත අගුළු යෙදවීම් වට්ස්ඇප් සමාගම හරහා ම සිදු කෙරුණු පෙරනිමි සංකේත ගත කිරීමක් හරහා සිදුක කෙරුණු අතර අද සිට ඔබගේ වට්ස්ඇප් සංවාද ගූගල් ඩ්‍රයිව් හෝ අයික්ලවුඩ් වෙත ගබඩා කිරීමට තෝරන්නේ නම් එම පහසුකම පෙරනිමියෙන් ක්‍රියාත්මක නොවනු ඇත.

නමුත් ඔබට එය සැකසීම්> චැට්ස්> චැට් බැකප්> වෙත ගොස් එය සක්‍රිය කිරීම තෝරා ගැනීමට සිදු වන අතර එහිදී ඔබ කැමති මුරපදයක්, හෝ ඔබ පමණක් දන්නා ඉලක්කම් 64 ක සංකේතාංකන යතුරක් භාවිතා කළ හැකියි.

ඔබ ඒ සියල්ල සැකසූ පසු, ඔබේ මුරපදය නොමැතිව වට්ස්ඇප් සමාගමට, ගූගල් සමාගමට හෝ ඇපල් සමාගමට ඔබේ තොරතුරු වෙත ප්‍රවිශ්ඨ වීමේ හැකියාව අහිමිව යනවා.මෙම නව හඳුන්වාදීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම පෙන්වා දෙන්නේ එවැනි පරිමාණයකින් මෙතරම් ආරක්‍ෂාවක් ලබා දෙන ලොව එකම ගෝලීය පණිවිඩ සේවාව වට්ස්ඇප් WhatsApp බවයි.



උපුටා ගැනීම අවසන්.

🔴✔️✔️✔️ හෙට සිට ක්‍රියාත්මක නව මාර්ගෝපදේශ නිකුත් කෙරේ...හෙට (16) සිට 31 වනදා දක්වා අදාළව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නව මාර...
15/10/2021

🔴✔️✔️✔️ හෙට සිට ක්‍රියාත්මක නව මාර්ගෝපදේශ නිකුත් කෙරේ...

හෙට (16) සිට 31 වනදා දක්වා අදාළව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ පහතින්,

උපුටා ගැනීමයි..

🔴✔️✔️✔️ඔක්තෝබර් මස 16 වෙනිදා සිට විවාහ මංගල උත්සව පැවැත්වීමේ අලුත් වෙනසක්.නව සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට  අනුව යම් යම් සීමාවන්...
14/10/2021

🔴✔️✔️✔️ඔක්තෝබර් මස 16 වෙනිදා සිට විවාහ මංගල උත්සව පැවැත්වීමේ අලුත් වෙනසක්.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව යම් යම් සීමාවන්ට යටත්ව විවාහ මංගල උත්සව පැවැත්වීමට හෙටින් (15) පසු අවසරය හිමිවන බවයි පවසන්නේ..

ඒ අනුව , ඔක්තෝබර් මස (16 ) දින සිට උත්සව ශාලාවට ඇතුළු කරගත හැකි පුද්ගලයින් ගණනින් 25% කි,

ඒ අනුව, උපරිම පුද්ගලයින් 50කට පමණක් සීමා වන අයුරින් විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා අවසර ලබාදෙන බවට වාර්තා වේ.

තවද, මංගල උත්සව මත්පැන් භාවිතයෙන් තොර විය යුතු අතර ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විශේෂ අවධානය යොමු කරන බව ද උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

🔴✔️✔️✔️පෞද්ගලික බස්රථ හිමියන්ට සහන පැකේජයක් පෞද්ගලික බස්රථ කර්මාන්තය නැවත නගාසිටුවීම සඳහා සහන පැකේජය ලබාදීමට ප්‍රවාහන අම...
14/10/2021

🔴✔️✔️✔️පෞද්ගලික බස්රථ හිමියන්ට සහන පැකේජයක්

පෞද්ගලික බස්රථ කර්මාන්තය නැවත නගාසිටුවීම සඳහා සහන පැකේජය ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව, එක් බස්රථ හිමියකු සඳහා රුපියල් ලක්ෂයකට ආසන්න මුදල් වටිනාකමකින් යුත් සහන පැකේජයන් ලබාදීමට නියමිත බව ප්‍රවාහන ආමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

මේ වන විට පළාත් සහ අන්තර් පළාත් පෞද්ගලික බස්රථ 20,000කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනපුරා මගී ප්‍රවාහන සේවාවේ නිරත වේ.

එම වැඩපිළිවෙල යටතේ බස්රථ කර්මාන්තයට සම්බන්ධ පෞද්ගලික ආයතන 06ක් එම සහන පැකේජය ලබාදීමට දායකත්වය ලබාදී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

එම පැකේජ යටතේ යළි ප්‍රවාහන සේවාවට යොදවන බස්රථ සඳහා අවශ්‍ය ටයර්, බැටරි, ලිහිසි තෙල් හා අමතර කොටස් සඳහා දැනට වෙළෙඳපොලේ ලබාදෙන වට්ටම්වලට අමතරව විශේෂ වට්ටම් ලබාදීමට එම පෞද්ගලික ආයතන ජාතික ප්‍රවාහන සේවා කොමිෂන් සහාවට එකඟතාවය පළකර ඇති බව වාර්තා වේ.

මෙම වැඩපිළිවෙල යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් බස්හිමියන් 1916කට හා අන්තර් පළාත් බස්හිමියන් 419 දෙනෙකුට සහන පැකේජ ලබාදීමට ජාතික ගමනා ගමන කොමිසම කටයුතු කර ඇත.



උපුටා ගන්නකි..

🔴✔️✔️✔️ online game නවත්තන්නැයි ඉල්ලීමක්... මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යවසනයෙන් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ...
14/10/2021

🔴✔️✔️✔️ online game නවත්තන්නැයි ඉල්ලීමක්...

මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යවසනයෙන් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් "ලක්මව දියණියෝ" ජාතික සංවිධානය විසින් විදුලි සංදේශ නියාමන කොමිසම ට ලිපියක් භාර දී තිබේ.

අද (14) උදෑසන ඔවුන් එම ලිපිය භාර දුන් බව එහි ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල මහත්මිය පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඇය,

"මේ විනාශ වෙලා යන්නේ, සියදිවි නසා ගන්නේ අපේ රටේ අනාගත පරපුර. දුක් විඳලා අම්මලා හදපු දරුවෝ තමයි මේ අකාලයේ මියැදෙන්නේ. ඒ නිසා අපි මේ ලිපිය මඟින් භාරදුන්නේ, ඉල්ලීමක් කරේ, කරුණාකරලා විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාවට වගකීමක් තියෙනවා අදාළ බලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා දරුවන් ව මේකෙන් මුදවා ගන්න. මොකද මාර්ගගත වීඩියෝ ගේම්වලට වැට බඳින්න ඒ අයට පුළුවන්. ඒවාට බාධා කරන්න, ඒවා අපේ රටට එන එක නවත්වන්න ඒ අයට පුළුවන්. අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා වහාම ක්‍රියාත්මක වෙන්න. මේ මියයන්නේ අපෙන් වෙන්වෙලා යන්නේ, අපේ රටේ අනාගත පරපුර. "

පසුගිය දා බණ්ඩාරගම, රයිගම, ගුන්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඔන්ලයින් ගේම් සඳහා ඇබ්බැහි වු 16 හැවිරිදි දරුවෙක් සියදිවි නසා ගනු ලැබීය.



උපුටා ගැනීමයි.

🔴✔️✔️✔️තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත මාරු කිරීමේ සේවාවට නීතිමය අනුමැතිය හිමිවෙයිසියළුම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අ...
14/10/2021

🔴✔️✔️✔️තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත මාරු කිරීමේ සේවාවට නීතිමය අනුමැතිය හිමිවෙයි

සියළුම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ (Number Portability) සේවාව සදහා නීතිමය අනුමැතිය හිමි වූ බව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක පවසනවා. දැන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළා.




උපුටා ගැනීමකි..

🔴✔️✔️✔️agnes triop ඝාතනය වෙයි...කෙන්යානු ජාතික දිගු දුර ධාවන ලෝක ශූරිය agnes triop මේ වන විට මිය ගොස් තියෙනවා..  ඇගේ සිර...
14/10/2021

🔴✔️✔️✔️agnes triop ඝාතනය වෙයි...

කෙන්යානු ජාතික දිගු දුර ධාවන ලෝක ශූරිය agnes triop මේ වන විට මිය ගොස් තියෙනවා..

ඇගේ සිරුර ඇගේ නිවසේම තිබියදී සොයා ගැනුනු අතර ඝාතනය සිදු වී ඇත්තේ පිහි ඇනුමකින් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ..

මරණය සම්බන්ධයෙන් මේ වන විට සැකපිට ඇගේ සැමියා සොයා විමර්ශන ආරම්භ කර ඇති බව වැඩි දුරටත් සඳහන්..




උපුටා ගත්තකි...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Maawatha News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share