12/08/2024
ධ්‍යානයක් ලබා ගත් කෙනෙකුට ධ්‍යාන ක්‍රියාකාරීත්වය පවත්වා ගත හැකි වන්නේ ධ්‍යානයකට සමවැදී සිටින කාල පරාසයක් තුළදී පමණකි. ධ්‍යානයකට සමවැදුණු ධ්‍යානලාභියාට රාග, ද්වේශ යන කෙලෙස් කොටස් දෙක තාවකාලිකව යටපත් කර කෙළෙස් දවා හැර යම් සුවයක්, සහනයක් ලබාගත හැකි වන්නේ ඒ ලබා ගත් ධ්‍යානයට සම වැදී කාලය ගත කරන අවස්ථාවන්හි දී පමණි. ධ්‍යානයට සමනොවැදුණු අවස්ථාවන්හිදී ධ්‍යාන ලාභියා තුළ ද මෝහය ක්‍රියාත්මක වන නිසා රාගයෙන් ද්වේශයෙන් කටයුතු කිරීමේ සංසාර පුරුද්ද යළි පණ ගැන්වී නැවතත් පෘථග්ජන පුද්ගලයෙකු බවටම ඔහු පත් වෙයි. මේ අනුව ධ්‍යාන සුවය ලෞකිකත්වය තුළින්ම ලබා ගන්නා ලෞකික සුවයක් මිස ලෝකෝත්තර නිවන් සුවය නම් නොවේ. සං මා දිට්ඨියට පත් වූ ශ්‍රැතවත් අරිය ශ්‍රාවකයා ලබන ඵල සංමාපත්තිය හා ධ්‍යානලාභියකු ධ්‍යානයකට සමවැදීමෙන් ලබන ධ්‍යාන සුවය යනු දෙයාකාර වූ තත්වයන් දෙකකි. ධ්‍යානලාභියෙකුට සං මාපත්තියකට සමවැදීමේ හැකියාවක් නැත. සංමාපත්තියට සම වැදීමට නම් "ධම්මෝ සං දිට්ඨිකෝ" තත්ත්වයට ම පත්ව සං වලින් මිදී නිදහස්වන ක්‍රමයද තේරුම්ගත් "සං මා" අංගයන් සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත් ශ්‍රැතවත් අරිය පුද්ගලයෙකි. ධ්‍යානයකට සමවදින්නට ඕනෑම පෘථග්ජන පුද්ගලයකුටත් හැකිය. ධ්‍යාන ක්‍රියාකාරිත්වය ධ්‍යානයට සම වැදුණු කාල සීමාවට පමණක්ම සීමාවන අතර මාර්ගඵල සංමාපත්තියට පත්වූ අරිය උතුමන් වහන්සේ කෙනෙකු තම ඉතිරි මුළු ජීවිත කාලයමත් නිවන් අවබෝධය සම්පූර්ණ කරගන්නා තුරුම මතුවටත් සං මා දිට්ඨියෙන් යුතුව ම කාලය ගෙවයි. ඒ අනුව රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් මිදී නිදහස් වීම යන අර්ථයෙන් ම සං මා දිට්ඨිය ද, සං මාපත්තිය ද ඵල සංමාපත්තිය ද යන සියල්ලම එකම ක්‍රියාකාරකමකි. නමුත් ධ්‍යානය යන්න මීට වඩා වෙනස් ය. ධ්‍යානයක් ලැබීමේදී රාගය හා ද්වේශය යන කෙළෙස් ගති දෙක පමණක් තාවකාලිකව දවා හැර කෙළෙස් යටපත් කර ගැනීම සිදු වේ. "යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති" යනුවෙන් පෙන්වා වදාළ පටිච්ච වීම හා "සං" උත්පන්න වීම - "සං" උදය වීම දැක නොගත් කෙනෙකුට ඵල සංමාපත්තියට සමවැදීමට ද නොහැකිය. සමුදය නිරෝධ කරමින් නිරෝධගාමි පටිපදා වෙන් ම කාලය ගෙවිය හැක්කේත් චතු අරිය සත්‍යයන් අවබෝධ කරගත් අරිය උත්තමයෙකුට පමණි. ආධ්‍යාත්මික වශයෙන් තමා තුළින්, තමන් ම ලබා ගන්නා චෛතසික පාරිශුද්ධතාවයත්, මානසික පාරිශුද්ධතාවයත් යන දෙකම ලබා ගන්නට නම් සීලයෙන් සං වර වීමත්, සමාධියෙන් සං සිඳ වීමත්, ප්‍රඥාවෙන් සං මා අංගයන් සම්පූර්ණ කර ගැනීමත් යන තුන් ආකාර වූ ප්‍රතිපදාව ම භාවිතා කරන්නට පුරුදු පුහුණු විය යුතුමය. සිත හා මනස යන දෙකම සං වර වන්නේ ඉන්ද්‍රියයන් සංවර කරගත් පසුවමය. ඒ සමඟම ජීවිතයේ එදිනෙදා කරන, කියන, හිතන සාමාන්‍ය කටයුතුද, ඇවතුම් පැවතුම් ද, කල්කිරියාවන් ද, බාහිර හැසිරීම් රටාවද, ආකල්පයන්ද විශේෂයෙන් ම ලෝකය පිළිබඳව මෙතෙක් පැවති දෘෂ්ඨිය ද දැක්ම ද වෙනස් වී යහපත් අතට හැරී භාවනාවෙහි නියම සුවය, සහනය අත් විඳ ගන්නටත් හැකි වෙයි............ සාධු ! සාධු ! සාධු ! ✍ -