Maathra මාත්රා - Sinhala Novels - Mobile App

  • Home
  • Maathra මාත්රා - Sinhala Novels - Mobile App

Maathra මාත්රා - Sinhala Novels - Mobile App නවකතා, කෙටිකතා, කවි හා ලිපි එක්තැන්වූ ?

"ඉතිං අවසර නායක හාංදුරුවනේ... බුදු හාමුදුරුවංටත් ... හිටගෙන දං වළඳන්ට හොඳා නං...බුද්ද පුත්තරයෙක් වුණු මම හිටගෙන වැළඳුවම....
29/06/2023

"ඉතිං අවසර නායක හාංදුරුවනේ... බුදු හාමුදුරුවංටත් ... හිටගෙන දං වළඳන්ට හොඳා නං...බුද්ද පුත්තරයෙක් වුණු මම හිටගෙන වැළඳුවම... ඒකෙ ඇති වරද මොකද්දෑ..."

පඤ්ඤාලෝක හිමිගේ පැනය ඉදිරියෙහි නිරුත්තර වූ නායක ස්වාමීන් වහන්සේ මඳ වේලාවක් කල්පනාවෙහි නිමග්නව සිට,

"හ්ම්, හ්ම්... කැමති ආකාරෙකට වළඳනවා හොඳා.."
යැයි පිළිතුරු දුන් හ.

නායක ස්වාමීන් වහන්සේ ආපසු සිය විහාරස්ථානය බලා වැඩම කොට සතියක් ගත විය. හැත්තෑ නව වන වියේ පසු වන පඤ්ඤාලෝක හිමි හට මානසික විකෘති තාවයක් හට ගත්තේ ය. උන් වහන්සේ මීයකු මෙන් හැසිරෙන්නට වූ අතර, විහාරස්ථානයෙහි වෙසෙන බළලා දුටු විට සැඟවෙන්නට වූ හ. විහාරස්ථානයෙහි වෙසෙන අනෙකුත් ස්වාමීන් වහන්සේලා නොයෙකුත් අයුරින් එම තත්වය මඟ හරවන්නට උත්සාහ ගත් නමුත් එය අසාර්ථක වූයෙන්, දායක සභාවේ තීරණය පරිදි පඤ්ඤාලෝක හිමි මනෝ වෛද්‍ය වරයකු වෙත කැඳවාගෙන ගිය හ.

මෙම තීරු ලිපියේ සම්පූර්ණ 47 වන කොටස කියවන්නට දැන් ඔබටත් අවස්ථාව හිමියි. එම කොටස නොමිලේ ම කියවන්න මාත්‍රා App එක අද ම download කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.dhanushka.maathra

"ආහ් දැන් කෙල්ලො දෙන්නෙක් ගෙදර ඉඳලත් අම්මා තාමත් කුස්සියෙද" අසමින් සහෝදර රත්නයද අවදි විය. ඉක්බිති මගුලට ගෙන ආ බුෆේ සෙට් ...
29/06/2023

"ආහ් දැන් කෙල්ලො දෙන්නෙක් ගෙදර ඉඳලත් අම්මා තාමත් කුස්සියෙද" අසමින් සහෝදර රත්නයද අවදි විය. ඉක්බිති මගුලට ගෙන ආ බුෆේ සෙට් ආදීසියල්ල සේදූ ඈ මංගල්ලය දින ටිකේ භාවිතා කල සියලු බෙඩ් ශීට් ආදි සියලු කිලිටු රෙදි ඇය ගෙන ආ වොශින් මැශිමේ පස් පාරකට දමා සේදුවාය. ඈට කෑමවේලක් සකස් කිරීමට යන්නේ විනාඩි කිහිපයකි. අම්මා උදෑසන අවදිව හාල් ගරා,පොල් ගා, ලිප මොලවා පැය හතරකින් පමණ කරන කාර්‍යයන් සියල්ලට ඈටයන්නෙ විනාඩි විස්සක් පමණය. වෙනදාට හොද්දට මිරිස් මදි යැයි මැසිවිලි නගන තාත්තා වැටකොලු හොද්ද නම් පංකාදුයි කියමින් දෙවන වරත් හොදි බෙදාගනියි.මට නම් බෑ සැරට කන්න ගෑස්ට්‍රයිටිස් වැඩි වෙනවායැයි කියන අම්මාටද මසක් මාලුවක් නැතිව ආහාර ගන්නට නොහැකි අයියාද සියල්ලෝම කිසිදු මැසිවිල්ලකින් තොරව ආහාර බුක්ති විඳියි..

මෙම තීරු ලිපියේ සම්පූර්ණ 45 වන කොටස කියවන්නට දැන් ඔබටත් අවස්ථාව හිමියි. එම කොටස නොමිලේ ම කියවන්න මාත්‍රා App එක අද ම download කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.dhanushka.maathra

දේපොල බෙදිල්ලක් ගැන තාත්තගෙ ඔලුවෙ මුකුත් තිබුනේ නෑ වගේ..මරණ ඇඳේ ඉඳං ඔහු ලොකූට කිව්වේ මල්ලිත් නංගිත් බලාගනින් කියා පමණයි....
19/06/2023

දේපොල බෙදිල්ලක් ගැන තාත්තගෙ ඔලුවෙ මුකුත් තිබුනේ නෑ වගේ..මරණ ඇඳේ ඉඳං ඔහු ලොකූට කිව්වේ මල්ලිත් නංගිත් බලාගනින් කියා පමණයි.

" කොහෙන්වත් ආව එකියක් නිසා අන්තිමට මහගේත් අපිට නැති වුනා." ලොකූ එක්ක මානෙල් ආරෝ වෙන්නේ ඔන්න ඔය වචනෙටයි..මානෙල් කිසිදා මහගෙදර තහංචි දැම්මෙ නෑ. ලොකූ හිතුවක්කාර මගුලක් කෑවේ අල්ලපුගමේ එකියක් එක්කයි. ඒකි යමක් කමක් තිබූ පවුලක එකම දරුවයි. ලොකූට ලොරි බාගයක් දෑවැද්දට ලැබුනයින් ඒ පවුලට හිතවත්කම වැඩි වුනා..

මෙම තීරු ලිපියේ සම්පූර්ණ 25 වන කොටස කියවන්නට දැන් ඔබටත් අවස්ථාව හිමියි. එම කොටස නොමිලේ ම කියවන්න මාත්‍රා App එක අද ම download කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.dhanushka.maathra

හංසිගේ වදන්වලට ප්‍රාර්ථනාට දුක ය. හංසිවත්, තම ජීවිතයට සිනහව උරුම කරන්නට හංසි ගත් අපමණ  උත්සාහයවත් ප්‍රාර්ථනාට අමතක නැත. ...
14/06/2023

හංසිගේ වදන්වලට ප්‍රාර්ථනාට දුක ය. හංසිවත්, තම ජීවිතයට සිනහව උරුම කරන්නට හංසි ගත් අපමණ උත්සාහයවත් ප්‍රාර්ථනාට අමතක නැත. අමතක කරන්නටත් නොහැක. හංසි මෙන් තම සිත හඳුනන යෙහෙලියක්, සොයුරියක් ප්‍රාර්ථනාට මෙලොව තවත් නැත. තම කුලුඳුල් ප්‍රේමය කෙටි කලකට හෝ අහිමි ව ජීවිතයෙන් කඩා වැටී හඩන සෑම තත්පරයක ම ප්‍රාර්ථනාගේ ජීවිතයට මන්ද මාරුතයක් ව, නොමද අස්වැසිල්ලක් ව ඇගේ කඳුළ ළඟ රැඳුනේ හංසි ය. ප්‍රාර්ථනා යනු අතීත අත්දැකීම් තුළින් ජීවිතය ජයගන්නා කෙල්ලෙක මිස අතීතය වළලා දමා පෙරළිකාර චරිතයක් ලෙස සමාජයට මුහුණ දෙන්නට වෑයම් දරනා කෙල්ලක නොවේ.

මෙම ලස්සන නවකතාවේ සම්පූර්ණ 20 වන කොටස කියවන්නට දැන් ඔබටත් අවස්ථාව හිමියි. එම කොටස නොමිලේ ම කියවන්න මාත්‍රා App එක අද ම download කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.dhanushka.maathra

''මෙයා ඉපදිලා තියෙන්නෙ එක්දහස් නවසිය හතලිහේ නෙ.. මෙයාට හැට පහයි කියල කිව්වෙ? ... මට පේන්නෙ මේ සිල්වයියා වල්සීයා කෙනෙක් ව...
14/06/2023

''මෙයා ඉපදිලා තියෙන්නෙ එක්දහස් නවසිය හතලිහේ නෙ.. මෙයාට හැට පහයි කියල කිව්වෙ? ... මට පේන්නෙ මේ සිල්වයියා වල්සීයා කෙනෙක් වගේ.. බලමුකෝ මොකද වෙන්නෙ කියලා...'

අසන්ති සිතුවා ය. එවිට ම සිල්වාගෙන් තවත් කෙටි පණිවුඩයක් ලැබිණි.

"ඔයා උපන්නෙ මොන වර්ෂයෙද?"

"මම එක්දහස් නවසිය අසූවෙ.. ඔබතුමා?"

"මගෙ ප්‍රොෆයිල් එකෙන් බලන්න."

අසන්ති නැවතත් ඔහුගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කළා ය.

''මේ වල්සීයා ඒ ටික වෙලාවට උපන් දිනේ වෙනස් කරලා..''

මෙම තීරු ලිපියේ සම්පූර්ණ 45 වන කොටස කියවන්නට දැන් ඔබටත් අවස්ථාව හිමියි. එම කොටස නොමිලේ ම කියවන්න මාත්‍රා App එක අද ම download කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.dhanushka.maathra

"පිරිලා"දවසක් මූනුපොතේ තිබූ ඡායාරූපයකට කවුදෝ එසේ අදහස් පල කර තිබුනි." මොනවද?"" මුකුත් නෙවේ, සිරියාව ඉතිරිලා.."මදූගෙ කට ...
06/06/2023

"පිරිලා"
දවසක් මූනුපොතේ තිබූ ඡායාරූපයකට කවුදෝ එසේ අදහස් පල කර තිබුනි.
" මොනවද?"
" මුකුත් නෙවේ, සිරියාව ඉතිරිලා.."
මදූගෙ කට කොනට හිනාවක් පිරිනි. ඒ කතාව එතැනින් එහාට දිගුවක් වූයේ කාලයා සමගයි. ඉඳභිට දමන චායාරුවකට කාටත් කලින් අදහස් පල කරන මේ ආගන්තුකයා එතැන් පටන් ආගන්තුක නොවන්නේ එලෙසයි. ඉඳ හිට එවන කෙටි පණිවිඩ අතර දිනක් ඔහුගෙ දුරකතන අංකය එවා තිබුනේ ඍජුවම අමතන්න අවැසි නම් අමතන ලෙස ඉල්ලමින්. මදූට ඒ කටහඬ ඇසීමට අවශ්‍ය වුවත් ඉස්සර වෙන්න තිබුනේ චකිතයක්.

" අයියා බැඳලද?"
කතාවක් පටන් ගන්න හොඳ ම තැන ඒක නොවුනට ඒ හොඳම ම තැන විය.
" ඔව්"

මෙම තීරු ලිපියේ සම්පූර්ණ 23 වන කොටස කියවන්නට දැන් ඔබටත් අවස්ථාව හිමියි. එම කොටස නොමිලේ ම කියවන්න මාත්‍රා App එක අද ම download කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.dhanushka.maathra

දිනක් ගජන්ගේ බිරිඳ වූ දුලක්ෂි සිය පුතුන් දෙදෙනා ද සමඟ පාසල වෙත යමින් සිටියදී සාමන්ත සරලා හා සන්තුෂ් ද සමඟ ඔවුනට පසුපසින්...
06/06/2023

දිනක් ගජන්ගේ බිරිඳ වූ දුලක්ෂි සිය පුතුන් දෙදෙනා ද සමඟ පාසල වෙත යමින් සිටියදී සාමන්ත සරලා හා සන්තුෂ් ද සමඟ ඔවුනට පසුපසින් ජීප් රථයෙන් ගමන් කරමින් සිටියේ ය. දුලක්ෂිගේ මෝටර් රථය දුටු සාමන්ත , සිය ජීප් රියෙහි වේගය වැඩි කළේ ය. දුලක්ෂිගේ මෝටර් රිය ආසන්නයට ළං වූ ඔහු ජීප් රථයෙහි නළාව ඇසුරින් නොනවත්වා ම කෙටි නාද සංඥා නඟන්නට විය. සාමන්තට තමා පසුකොට යාමට ඉඩ සලස්වා, දුලක්ෂි සිය වාහනය හැකි තාක් මාර්ගයෙහි වම්පසට කොට වේගය අඩු කළා ය. සාමන්ත ඇය පසුකොට නොගොස්, නොකඩවා නළාව හඬවන්නට වූ බැවින්, දුලක්ෂි නැවතත් සුපුරුදු පරිදි ගමන් කළා ය.

'මේ සාමන්ත මහ නරක මිනිහෙක්... අපේ වාහනේ අරගෙන ගමනකුත් ගිහිං ආවා.. දැං එයාට ජීප් එකක් ලැබුණම, ඒකෙං මේ වාහනේට උසුළු විසුළු කරනවා... අපි ඕවාට උත්තර දෙන්න යන්නෙ නෑ... ඒක හන්දා,.. සොබා දහමිං ම තමයි ඕවාට උත්තර ලැබෙන්නෙ..."

මෙම තීරු ලිපියේ සම්පූර්ණ 44 වන කොටස කියවන්නට දැන් ඔබටත් අවස්ථාව හිමියි. එම කොටස නොමිලේ ම කියවන්න මාත්‍රා App එක අද ම download කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.dhanushka.maathra

අප කුඩා නගරයේ ඉදි වෙමින් තිබුණු සාප්පු සංකීර්ණයේ වැඩ කටයුතු අවසන් අදියරේ ඇති බව පෙනුනත් එය විවෘත වන බවක් පෙණුනෙ නෑ.කෙසේ ...
24/05/2023

අප කුඩා නගරයේ ඉදි වෙමින් තිබුණු සාප්පු සංකීර්ණයේ වැඩ කටයුතු අවසන් අදියරේ ඇති බව පෙනුනත් එය විවෘත වන බවක් පෙණුනෙ නෑ.කෙසේ හෝ ඇය යෝජනා කල ආකාරයට ඇයත් සමග සති අන්තයේ අගනගරය කරා යෑම මා හට අති දුශ්කර කටයුත්තක් බව වැටහුණු හෙයින් අද දිනයේ මෙම නගරයේ සියලු සාප්පු පීරා අවශ්‍ය දෑ මිලදී ගැනීමට ඇයට සහය වීමට මා සිතුවා. ඉතින්කු සිරාදා දින මා නිවාඩුවක් දමා උදෑසන නමයට පමණ සැහැල්ලු ඇඳුමින් සැරසී අප දෙදෙනා පිටත්වුනා සාප්පු සවාරියට. මිලදී ගැනීමට අවශ්‍ය සියලු ම දේ සඳහන් ලැයිස්තුවක්කලින් දවසේ රෑ ඇය පිළියෙල කරනු මම දුටුවා.ඇඳුම් පැළඳුම්, තුවා, කුඩ ,සපත්තු, සෙරෙප්පු ආදී අටෝරාශියක් දෑ එහි සඳහන් වුණා.

මෙම තීරු ලිපියේ සම්පූර්ණ 42 වන කොටස කියවන්නට දැන් ඔබටත් අවස්ථාව හිමියි. එම කොටස නොමිලේ ම කියවන්න මාත්‍රා App එක අද ම download කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.dhanushka.maathra

" මහත්තයා මං මේවා කියන්නෙ මට දෙයක් දැනෙන නිසා. ඒ නිසා මේ කියන ඒවා ගණන් නොගෙන ඉන්නෙපා"අම්මා කී සැනින් අප්පච්චි බලමින් සිට...
06/05/2023

" මහත්තයා මං මේවා කියන්නෙ මට දෙයක් දැනෙන නිසා. ඒ නිසා මේ කියන ඒවා ගණන් නොගෙන ඉන්නෙපා"

අම්මා කී සැනින් අප්පච්චි බලමින් සිටි පුවත්පත පසෙක තබා ඈ දෙස බැලුවේ නළල රැළි කරමිනි.

උත්තරා සිසිර හා කතා කිරීම ගැන අම්මා නොරුස්සනා අයුරින් උන්නද? ඇගේ අප්පච්චි එහිදී දැරුවේ නිහඬ පිළිවෙතකි. කොතරම් කතාබස් කොට දැනහඳුනාගෙන උන්නද? සිසිර තමාගෙන් ඈතට යන්නට උත්සහ දරන බවක් උත්තරාට හැඟිණි. ඒ බැව් විමසන්නට සිතුණද? ඈ ඉක්මන් නොවීය. කතාකරන තුරදී වරින්වර සිසිර තමාගේ හා ඔහුගේ පවුල්වල ඇති පරතරය ගැනද? පවසන අතර ඔහු ඒ ගැන කළකිරීමකින් පසුවන බවක් පෙනිනි. ඒ නිසාවෙන්ම සිසිර අසරණ බැව් උත්තරාට දැනුනේ ඒ කතාවන් නිසාය.

මෙම ලස්සන නවකතාවේ සම්පූර්ණ 27 වන කොටස කියවන්නට දැන් ඔබටත් අවස්ථාව හිමියි. එම කොටස නොමිලේ ම කියවන්න මාත්‍රා App එක අද ම download කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.dhanushka.maathra

"මේහ්, ඔය පොඩි දෙන්නා මේ අහට වෙලා බලා ඉන්නැතුව ගිහිං ගෙවල් මිදුල් අතුපතු ගාල පිරිසිඳු කොරන්න.. දැං කාණ්ඩෙ එනව. හෙහෙහ්.. ...
06/05/2023

"මේහ්, ඔය පොඩි දෙන්නා මේ අහට වෙලා බලා ඉන්නැතුව ගිහිං ගෙවල් මිදුල් අතුපතු ගාල පිරිසිඳු කොරන්න.. දැං කාණ්ඩෙ එනව. හෙහෙහ්.. අපේ නෝන හිටියට එ යෑ ඕවා කරන්නෙ නෑ... එයෑ ගෙදෙරදිවත් ගෙවල් මිදුල් අතුගාන්නෙ නෑ.. හා, එන්න, ඔය පොඩි දෙන්නා එන්න මං කොස්සයි ඉදලයි හොයා දෙන්න...."

රෝහිණීගේ එම වදන් ඇසූ ශ්‍යාලි,

'මෙයා මොකද මේ ... මෙයා වෙනදා වගෙ නෙවෙයිනෙ... මොකක් හරි පවර් එකක් අරං වගේ.. එයාගෙ නෝනට බැරි නං.. අපේ මේ පුංචි දරුවංට කියල වැඩ ගන්න හදන්නෙ මොකටද..වැඩක් කිව්වට කමන් නැහැ... එයාගෙ නෝනට බැහැයි කියපු එකයි වරද.. තුන්දෙනා එක්ක ගිහිං වැඩ කරන්න කිව්ව නං, ප්‍රශ්නයක් නැහැ...'

යි සිතූ අතර අමාපානි හා නුරාපානි ගෙය හා මිදුල ඇමදීමෙහි නිරත වූ හ.

මෙම ලස්සන නවකතාවේ සම්පූර්ණ 57 වන කොටස කියවන්නට දැන් ඔබටත් අවස්ථාව හිමියි. එම කොටස නොමිලේ ම කියවන්න මාත්‍රා App එක අද ම download කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.dhanushka.maathra

එදින රාත්‍රියේ අම්මාද තාත්තාද ආතම්මාද පැමිණි පසු රාත්‍රී ප්‍රවෘත්ති විකාශය සියලු දෙනාම නරඹන අතරතුර රූපවාහිනියේ  සුදු සීය...
06/05/2023

එදින රාත්‍රියේ අම්මාද තාත්තාද ආතම්මාද පැමිණි පසු රාත්‍රී ප්‍රවෘත්ති විකාශය සියලු දෙනාම නරඹන අතරතුර රූපවාහිනියේ සුදු සීයා මා වඩා ගන්නා ආකාරය විකාශය වූ ආකාරය දැක අන්න සීයෙ සුදු සීයා යැයි කියමින් මම අත්පුඩි සැලුවෙමිඑය දුටු සියල්ලන්ගේම ඇස් නලලත රැඳුනු අතර සීයා වීරයෙක් මෙන් හීන් සීරුවේ සීයාගේ කාමරයට ගොස් දොර වසා ගත්තේය. රූපවාහිනීයේ ප්‍රවෘත්ති විකාශය වනවිට ඔහු කාමරයට වැදුණු ප්‍රථම අවස්ථාව ලෙස එම අවස්ථාව ඉතිහාසගත විය. ආතම්ම්මා මේ වනවිටත් සීයාගේ කාමරය ඉදිරිපස සීයාගේ ගුණ වයනු ඇසේ.හිඟන පැටියෙක් වගේ ගෙදරට ඇඳන් හිටිය ජන්ගිය විතරක් අන්ඳන් නාවර පෙරාගන එක්කම් ගිය එකයි මට දුක යැයි අම්මා තාත්තාට කියනු මට ඇසිණි.

මෙම තීරු ලිපියේ සම්පූර්ණ 40 වන කොටස කියවන්නට දැන් ඔබටත් අවස්ථාව හිමියි. එම කොටස නොමිලේ ම කියවන්න මාත්‍රා App එක අද ම download කරගන්න.

https://play.google.com/store/apps/details?id=com.dhanushka.maathra

වික්‍රමගේ දෙමහල් නිවසේ ගෙමිඳුලෙහි බට පඳුරු, අඹ, රඹුටන්, පොල් ආදී ගස් වැඩී, ඒවාහි අතු පහත් වී නිවසට යන මඟෙහි බාධක ලෙස පිහ...
06/05/2023

වික්‍රමගේ දෙමහල් නිවසේ ගෙමිඳුලෙහි බට පඳුරු, අඹ, රඹුටන්, පොල් ආදී ගස් වැඩී, ඒවාහි අතු පහත් වී නිවසට යන මඟෙහි බාධක ලෙස පිහිටා තිබුණාක් මෙන් ම, වල්කොල්ලන්, තුංකිඤ්ඤා, බෝවිටියා වැනි පඳුරු ද අපිළිවෙලට වැඩී තිබිණි. නොයෙක් තෘණ පඳුරු වර්ධනය වීම නිසා නිවස අවට මදුරුවන්ගෙන් ද ගහණ විය. ඉතා අඳුරු ද විය.

අතුරු මාර්ගය දෙපස පිහිටි සෑම නිවෙසක ම ගේට්ටුවක් තිබුණු අතර, වික්‍රමගේ නිවස ඉදිරිපිට වූයේ, උණ බට දෙපළු කොට ගත් ලී වලින් කතිරයක හැඩයට තැනූ ගේට්ටුවකි. එහි වික්‍රමගේ කුඩා දියණියගේ ක්‍රීඩා භාණ්ඩයක් එල්ලා තිබුණි. යමකු පැමිණ ගේට්ටුවට අත තැබූ විට එයින් පන්තේරුවක හඬ වැනි හඬක් නිකුත් විණි.

මෙම තීරු ලිපියේ සම්පූර්ණ 40 වන කොටස කියවන්නට දැන් ඔබටත් අවස්ථාව හිමියි. එම කොටස නොමිලේ ම කියවන්න මාත්‍රා App එක අද ම download කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.dhanushka.maathra

වැටි වැටී පසුපසට ගිය තිළිණිගේ දෑත කණ්නාඩි මේසය මත තිබූ බඳුනක වැදිණි. එහි තිබූ සුදුපැහැ පබළු ඇට බිම පුරා විසිර යද්දී ,හමම...
02/05/2023

වැටි වැටී පසුපසට ගිය තිළිණිගේ දෑත කණ්නාඩි මේසය මත තිබූ බඳුනක වැදිණි. එහි තිබූ සුදුපැහැ පබළු ඇට බිම පුරා විසිර යද්දී ,හමමින් තිබූ සුළඟ නතර වූයේ සැනෙකිනි. සුළඟ එක්වරම අතුරුදන් වී පුදුමාකාර ලෙස පරිසරය සන්සුන් විය. යුධ පිටියක සිරිගෙන තිබූ නිවස පුරාම පැතිර ගියේ නිහඬ නිස්කලංක බවකි.තිළිණි හතිළමින් බිම විසිරුණු පබළු ඇට කිහිපය අහුලාගෙන ළමැඳට තබා ගත්තාය. අදතම දිවි රැකුණේ මේ නිසාවෙනි. එදා සුවිශාල රබර් යායේ අතරමං වී යළි පාර සොයා එන්නට මහලු ගැහැණිය දුන් මේ පබළුවල යම් බලයක් ඇතිබවක් තිළිණිට හැඟිණි. ඉන්පසු තිළිණිගේ හදෙහි තිබූ බිය මුළුමනින්ම පහවිය.

මෙම ලස්සන නවකතාවේ සම්පූර්ණ 15 වන කොටස කියවන්නට දැන් ඔබටත් අවස්ථාව හිමියි. එම කොටස නොමිලේ ම කියවන්න මාත්‍රා App එක අද ම download කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.dhanushka.maathra

'ඔයා දන්නවද… මේ චූටි බබාට ඉන්නවනේ  කම්මැලිම කම්මැලියි කුමාරයෙක්. ඉතින් මේ චූටි බබා උදේම නැගිටලා එයාගේ කුමාරයා  ජොබ් එකට...
02/05/2023

'ඔයා දන්නවද… මේ චූටි බබාට ඉන්නවනේ කම්මැලිම කම්මැලියි කුමාරයෙක්. ඉතින් මේ චූටි බබා උදේම නැගිටලා එයාගේ කුමාරයා ජොබ් එකට යවන්න ලෑස්ති කරවනවා. තේරුණාද..?'

ප්‍රාර්ථනාගේ සෑම සුරතල් වදනක් ම අවංකගේ හදවත පුරාම පැතිර ගියේ ය.

'හ්ම්… හොඳට තේරුණා…' මුවට නැගි මදහස සමගින් ප්‍රාර්ථනා කීවා ය.

'මහත්තයෝ…' ගැටලුවකට මැදි වූ හඬින් ප්‍රාර්ථනා තිබූ අය බැලුවාය තෙපළුවා ය.
'ඇයි ප්‍රාර්ථනා..?' බියට පත් වූ අවංකගේ සිනහව වියැකුණි.

'මං තරහයි, මං කැමති නෑ ඔයා මට නම කියල කතා කරනවාට.' නෝක්කාඩු ස්වරයෙන් ප්‍රාර්ථනා පැවසුවා ය.
'සමාවෙන්න පැටියෝ. ඔයා කැමති මං කොහොම කතා කරනවට ද?'

ඔයා ගොඩක් වෙලාවට කතා කරන්නේ සුදු අම්මි කියලා. මං කැමතියි එහෙම කතා කරනවට.'

මෙම ලස්සන නවකතාවේ සම්පූර්ණ 17 වන කොටස කියවන්නට දැන් ඔබටත් අවස්ථාව හිමියි. එම කොටස නොමිලේ ම කියවන්න මාත්‍රා App එක අද ම download කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.dhanushka.maathra

කළුතර දුම්රිය ස්ථානය වෙත පැමිණි සුසිරි, දුම්රිය පැමිණෙන තෙක් දියණියන් දෙදෙනා සමඟ අසුනක හිඳ ගත් විට, ශ්‍යාලි ද එහි හිඳ ගත...
01/05/2023

කළුතර දුම්රිය ස්ථානය වෙත පැමිණි සුසිරි, දුම්රිය පැමිණෙන තෙක් දියණියන් දෙදෙනා සමඟ අසුනක හිඳ ගත් විට, ශ්‍යාලි ද එහි හිඳ ගත්තේ, ඔහු ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි පිරීක්සා බැලීම සඳහා ය. ඔහු දරුවන් ද කැටුව වෙනත් අසුනක් කරා ගියේ ය.

දුම්රිය පැමිණියේ ය. සුසිරි දරුවන් දෙදෙනා ඔසවා එ තුළින් තබා, ඔහු ද දුම්රියට නැංගේ ය. ශ්‍යාලි ද ඔවුන් පසුපස ගියා ය. සුසිරි තමා අත වූ ගමන්මලු සියල්ල එක් අසුනක් මත තැබී ය.

"ඔය බෑග් දෙකත් මෙතන තියල, ඔයා මෙතනිං ඉඳගන්න."

ඔහු ශ්‍යාලි හට පැවසුවේ ය. ශ්‍යාලි ද, එය එලෙස ම ඉටු කළා ය. සුසිරි දරුවන් ද කැටුව ශ්‍යාලි හිඳගත් අසුනට ඉදිරියෙන් පිහිටි ආසන තුනක් පසුකර ගොස්, සිව් වැනි අසුනෙහි හිඳ ගත්තේ ය. ශ්‍යාලිගේ දෙනෙත කඳුලින් තෙත් විණි. ඇයට හැඬුම් නවතාගත නොහැකි විණි. දුම්රිය මැදිරිය තුළ සෙනඟ නොසිටි බැවින් ඈ හැඬුවා ය.

මෙම ලස්සන නවකතාවේ සම්පූර්ණ 52 වන කොටස කියවන්නට දැන් ඔබටත් අවස්ථාව හිමියි. එම කොටස නොමිලේ ම කියවන්න මාත්‍රා App එක අද ම download කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.dhanushka.maathra

සයිමා යහතින් උන්න කලේ ගෙදරට වියදම් කළේ නැ..සයිමා ගැන ගමේ මිනිස්සු හොඳ කිව්වට ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වග අහළ පහළ අය නො...
30/04/2023

සයිමා යහතින් උන්න කලේ ගෙදරට වියදම් කළේ නැ..සයිමා ගැන ගමේ මිනිස්සු හොඳ කිව්වට ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වග අහළ පහළ අය නොදන්නව නෙවේ. ගමේම මිනිස්සුන්ගෙ මරනෙට මගුලට දානෙට බණගෙට හැම දේටම උදව් පදව් කළ සයිමා රස්සවට කලේ මේසන් වැඩ. හම්බකරගත් ගතමනාව කසිප්පුවලට පිදුවට පස්සේ සයිමා වෙනුවට උන්නේ වියරු වැටුන සතෙක්.

ඔහොම ගුටි කකා උන්න කාලෙ කෙල්ලගෙ බඩට බත් ඇටයක් නොවැටෙනකොට අනෝමා ටවුමේ මානෙල් අක්ක ගාව වැඩට ගියේ වෙන කරන්න දෙයක් නැති කමට. වරුවක් වැඩ කරලා දුවං ඇවිත් ගෙදර වැඩපල කරන්න පුලුවන් හින්දත්, කෙල්ලව පරෙස්සමට තියාගන්න පුලුවන් නිසාත් මානෙල් ඒ රස්සාවට හුරු වුනා.

මෙම තීරු ලිපියේ සම්පූර්ණ 20 වන කොටස කියවන්නට දැන් ඔබටත් අවස්ථාව හිමියි. එම කොටස නොමිලේ ම කියවන්න මාත්‍රා App එක අද ම download කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.dhanushka.maathra

සෙනසුරාදා පාන්දර පහට පමණ කුලී පිණිස රැගත් වෑන් රථය පැමිණ අරියසිරිගේ වෙළඳසැල අසල නතර කොට තිබිණි. රැගෙන යන්නා වූ බඩු බාහිර...
30/04/2023

සෙනසුරාදා පාන්දර පහට පමණ කුලී පිණිස රැගත් වෑන් රථය පැමිණ අරියසිරිගේ වෙළඳසැල අසල නතර කොට තිබිණි. රැගෙන යන්නා වූ බඩු බාහිරාදිය, පසුපස ම අසුනෙහි තැබූ නන්දසිරි,

"රෝහිණී මේ සීට් එකට ආව නං.."

යැයි කියා සිටි හෙයින්, රෝහිණී එම අසුනෙහි හිඳ ගත්තා ය. වෑන්රිය ගමන් ඇරඹූ පසු රෝහිණීගේ සිතට එන සිතුවිලි ප්‍රකාශ කළහොත් අසා සිටීමට හෝ අදහස් හුවමාරු කර ගැන්මට අසල කිසිවකු නොසිටි බැවින් ඈ සිතට එන සිතිවිලි සමඟ සාකච්ඡාවක යෙදෙමින් ගමන් කරන්නට වූවා ය.

මෙම ලස්සන නවකතාවේ සම්පූර්ණ 51 වන කොටස කියවන්නට දැන් ඔබටත් අවස්ථාව හිමියි. එම කොටස නොමිලේ ම කියවන්න මාත්‍රා App එක අද ම download කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.dhanushka.maathra

සේතන් මහ විශාල දෙල් ගසට යටවී මියගිය සුනකයාගේ ශරීර අවයව එකතු කරමින් හඩාවැටෙද්දී ඒ දෙස බලාසිටි සීතා නැන්දණිය ක්ලාන්ත වී බි...
30/04/2023

සේතන් මහ විශාල දෙල් ගසට යටවී මියගිය සුනකයාගේ ශරීර අවයව එකතු කරමින් හඩාවැටෙද්දී ඒ දෙස බලාසිටි සීතා නැන්දණිය ක්ලාන්ත වී බිම ඇද වැටුණි..
වහාම ක්‍රියාත්මක වූ අප්පච්චී නැන්දණිය දෝතට ගෙන අම්මා, නංගී , මෙන්ම මීෂාට ද ඒ හද සසල කරවන සිදුවීම නැරඹීමට ඉඩ නොදී වලව්වට රැගෙන ගියෝය.

වෛද්‍යවරයෙක් වු මටත් මේ දර්ශනය දෙස බලා සිටිය නොහැකි නම් ඔවුන් මෙවැනි දේයක් කෙසේ දරාගන්නදැයි මට සිතුණි.

"සේතන් දැන් හිත හදාගමු. අපිට සිද්දවුණු දේ ආපස්සට ගන්න බෑනේ.. මිනිස්සු ටිකක් දම්මලා ගහ අයින් කරමු."

"අනේ සුදු අප්පෝ ..මේ මගේ දරුපැටියෙක් වගේ. හැමදේටම හිටියේ මෙච්චරයි. මගේ වටේ දැවටි දැවටි හිටියා. මම කොහොමද දෙයියෝ දරාගන්නේ ? අනේ අපේ අංහාර හාන්දුරුවෝ අන්තරා උනාට පස්සේ මේකී ආයෙත් වැඩ පටන් අරන්."

මෙම ලස්සන නවකතාවේ සම්පූර්ණ 8 වන කොටස කියවන්නට දැන් ඔබටත් අවස්ථාව හිමියි. එම කොටස නොමිලේ ම කියවන්න මාත්‍රා App එක අද ම download කරගන්න.

https://play.google.com/store/apps/details?id=com.dhanushka.maathra

" ඒ ළමයා එහෙම කරපුවහම දුවට ඒක දරාගන්න බැරිඋනා. මොකද? මේ දෙන්නා ගොඩාක් ආදරෙන් හිටියෙ. දුව ගොඩාක් මානසිකව වැටුණා. මොන දේ ක...
30/04/2023

" ඒ ළමයා එහෙම කරපුවහම දුවට ඒක දරාගන්න බැරිඋනා. මොකද? මේ දෙන්නා ගොඩාක් ආදරෙන් හිටියෙ. දුව ගොඩාක් මානසිකව වැටුණා. මොන දේ කලත් මෙයා වැටිලා ඉන්න තත්වෙන් අපිට ගොඩගන්න විදිහක් නෑ. අපි නොසෑහෙන්න කිව්වා ඒ බොරු කාරයගෙන් ඔයා බේරුණ එක හොඳයි කියලා. ඒත් මෙයා ඒක විශ්වාස කරන්නෑ. මෙයා කලින් මෙහෙම හිටපු දරුවෙක් නෙමේ? බලන්න මෙයාගෙ දැන් හැටි. දෙමව්පියො විදිහට අපි ආසයි මෙයා සතුටින් ඉන්නවා බලන්න.ඒත්??"

හැඬුම්බරව පවසමින් තරුණියගේ මව කතාව අවසන් කෙරුවාය. ඇගේ පියාද? බිම බලා උන්නෙ දුක්මුසු මුහුණිනි. ඉන්පසු තරුණිය හා තනිව කතා කරන්නට සුධර්මා මෙහෙණියට හැකිවිය.

මෙම ලස්සන නවකතාවේ සම්පූර්ණ 26 වන කොටස කියවන්නට දැන් ඔබටත් අවස්ථාව හිමියි. එම කොටස නොමිලේ ම කියවන්න මාත්‍රා App එක අද ම download කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.dhanushka.maathra

කුසගින්නට ලැබෙන ආහාරයක් ගිල දාපු මිනිස්සු දැන් කෑම ගැන කොයි තරම් නම් සංකීර්ණව හිතනවද, ඇත්තෙන්ම කුසගින්නක් ආව කෙනෙක්ට ඒක ...
28/04/2023

කුසගින්නට ලැබෙන ආහාරයක් ගිල දාපු මිනිස්සු දැන් කෑම ගැන කොයි තරම් නම් සංකීර්ණව හිතනවද, ඇත්තෙන්ම කුසගින්නක් ආව කෙනෙක්ට ඒක නිවාගන්න ආහාරයට ගන්න පුලුවන් ආහාර වර්ග ලක්ශ ගණනක් මේ වෙනකොට බිහිවෙලා..කොල අතුවලින් ශරීරය ආවරණය කර ගත්ත මිනිස්සුන්ට මේ වෙද්දි ඇඳුම් කියන එක ලෝකෙට බිහි වුනේ ඇයි, ඇඳුම් අඳින එකේ මූලික අරමුණ මොකද්ද කියන එක පවා අමතක වෙන තරමට ඇඳුම් කියන අවශ්‍යතාව සංකීර්ණ වෙලා. ඉතින් මේක වරදක්ද,සමාජයක් දියුණු වෙද්දි අවශ්‍යතා වුවමනා සංකීර්ණ වන එක අතිශය සාමාන්‍යය දෙයක්.අපි බඩගින්නට කුසට දෙයක් දා ගන්නවට වඩා අපිට තේරීමක් කරන්න පුලුවන් අපි මේ වෙලාවෙ මොනවද කන්නෙ කියන එක.

මෙම තීරු ලිපියේ සම්පූර්ණ 39 වන කොටස කියවන්නට දැන් ඔබටත් අවස්ථාව හිමියි. එම කොටස නොමිලේ ම කියවන්න මාත්‍රා App එක අද ම download කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.dhanushka.maathra

පොළට බඩු ගෙන යන අත්ට්‍රැක්ටරයක් දෙකක් සද්ද නගිමින් අත්මගෙහි කන්ද නගින අයුරුද ඇසෙයි. ඒවායේ දෙතුන් දෙනෙක් නැගී ගමන් කිරීම ...
28/04/2023

පොළට බඩු ගෙන යන අත්ට්‍රැක්ටරයක් දෙකක් සද්ද නගිමින් අත්මගෙහි කන්ද නගින අයුරුද ඇසෙයි. ඒවායේ දෙතුන් දෙනෙක් නැගී ගමන් කිරීම සුලබව සිදුවන්නකි.

රාත්‍රියේ ගමන් කරන විට විදුලි පන්දම හෝ හුළුඅත්තක් පත්තු කරගෙන යාම සිරිතය. උස් හඩින් කතා කරමින් එවැනි එළි කිහිපයක් ගමන් කරනු සුමිත්ත දුටුවේය. නගරයේ මෙන් මග දෙපස පහන් කණු නොමැත වීම ඊට හේතුවයි.

මෙම ලස්සන නවකතාවේ සම්පූර්ණ 33 වන කොටස කියවන්නට දැන් ඔබටත් අවස්ථාව හිමියි. එම කොටස නොමිලේ ම කියවන්න මාත්‍රා App එක අද ම download කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.dhanushka.maathra

"ගුඩ් මෝනින් දැහැමි, ඊයෙ පරිස්සමට ගෙදර ගියා නේද" උදේම වාට්ටුවෙදි මුණගැහුණෙ නිම්නව. අලුත් කඩවසම් විශේෂඥ වෛද්‍යවරයයි , නිර...
28/04/2023

"ගුඩ් මෝනින් දැහැමි, ඊයෙ පරිස්සමට ගෙදර ගියා නේද" උදේම වාට්ටුවෙදි මුණගැහුණෙ නිම්නව. අලුත් කඩවසම් විශේෂඥ වෛද්‍යවරයයි , නිරන්තරෙන් හති දාගෙන එහෙ මෙහෙ දුවන, නිදිමරන සීමාවාසික වෛද්‍යවරියයි අතරේ තියෙන සම්බන්ධෙ මොකක්ද කියන එක කසුකුසු මලානික පාට වාට්ටු, ලාබ විසබීජනාසක සුවද එන ඉස්පිරිතාල කොරිඩෝ දිගේ පැතිරෙන වග මම දැනන් උන්නා. නිම්න කලේම ඒකට පොහොර දාන විදියෙ වැඩ කරපු එකයි. ඒත් ඔහුගෙ මිත්‍රශීලිකමත් , අතිශය පරිණත සහ ප්‍රායෝගික උපදෙසුත් මගෙ ජීවිතේ හරියට ලේසි කලා.

"ඔව් සර්. සරුත් පරිස්සමට ගියා නේද?"

මෙම තීරු ලිපියේ සම්පූර්ණ 10 වන කොටස කියවන්නට දැන් ඔබටත් අවස්ථාව හිමියි. එම කොටස නොමිලේ ම කියවන්න මාත්‍රා App එක අද ම download කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.dhanushka.maathra

"රමණවතියො, අද හරි වැඩක් උනානෙ බං,  මං පෙට්ටි කඩේ හංදියෙ සොහොන ළඟිං එද්දි දරුවෙක් වඩාගෙන ගෑණියක් හිටියා.. ඒකි මට කිව්වා, ...
26/04/2023

"රමණවතියො, අද හරි වැඩක් උනානෙ බං, මං පෙට්ටි කඩේ හංදියෙ සොහොන ළඟිං එද්දි දරුවෙක් වඩාගෙන ගෑණියක් හිටියා.. ඒකි මට කිව්වා, ඒකි ඇඳං හිටි රෙද්ද බුරුල් වෙලාය, රෙද්ද ඇඳ ගන්නකල් දරුවා ව පොඩ්ඩක් වඩා ගනිං ය කියලා. ඉතිං මට මෝහිණී මතක් වුණා.. මං කිව්වා උඹ ඔහෝම හෙල්ලෙන්නෙ නැතුව හිටපං, මං රෙද්ද අන්දවන්නං ය කියලා.. ඒත් ඒකි මං කී දේ ඇහුවෙ නෑ.. ඒ සැරේ මං කිව්වා, මයෙ සරමත් බුරුල් වෙලා නංගියේ, පොඩ්ඩක් හිටහං මං සරම ඇඳගෙන දරුව වඩා ගන්නං ය කිය කියා සරම කඩ කඩා, ආයෙමත් ඇඳ ඇඳ, වේගෙං ආවා.. "

ය කියලා.. ඒකට අම්මා තාත්තට හොඳටෝම බැන්නා...

මෙම තීරු ලිපියේ සම්පූර්ණ 39 වන කොටස කියවන්නට දැන් ඔබටත් අවස්ථාව හිමියි. එම කොටස නොමිලේ ම කියවන්න මාත්‍රා App එක අද ම download කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.dhanushka.maathra

කෑම ගැනීම සඳහා වාඩි වුවද? තිළිණි උන්නෙ සිතුවිලි ලොවක පා වෙමිනි. ඇයට නේහා ගැන කුසුමාගෙන් අසන්නටම සිත් විය. නමුදු, කෑම ගන්...
24/04/2023

කෑම ගැනීම සඳහා වාඩි වුවද? තිළිණි උන්නෙ සිතුවිලි ලොවක පා වෙමිනි. ඇයට නේහා ගැන කුසුමාගෙන් අසන්නටම සිත් විය. නමුදු, කෑම ගන්නා බැවින් තිළිණි එය පසුවට කල් දැමීය. තිළිණිත්, කුසුමාත් සාලයේ වාඩිවී උන්නෙ කෑමෙන් පසුවය. වර්ෂාවත් සමඟ තද සීතලක් දැනි නිසා තිළිණි පුතුටත් ස්වීටරයක් අන්ඳවා ඇයත් එකක් ඇඟලා ගත්තාය. කතාකරමින් සිටින අතරතුරදී පුතු තිළිණිගේ උකුල මත ම නින්දට වැටිණි.

සවස් යාමය වනතුරුම වැස්ස පැවතිණි. තිළිණි කුසුමා හා එක්ව චොකලට් කප් කේක් සහ කුඩා මිනි පීසා සකස් කෙරුවේ සවස තේ පානය සඳහාය. නමුත්, තිළිණිගේ පුතු මඳ අසනීප ගතියකින් පසුවිය. එනිසා සැකසූ රසවත් ආහාර සමඟ සවස තේ පානය කලේ කුසුමාත්, තිළිණිත් පමණකි.

මෙම ලස්සන නවකතාවේ සම්පූර්ණ 14 වන කොටස කියවන්නට දැන් ඔබටත් අවස්ථාව හිමියි. එම කොටස නොමිලේ ම කියවන්න මාත්‍රා App එක අද ම download කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.dhanushka.maathra

"ඒ ගෑණිව මැරුවේ මම… ඒ ගෑනිව මැරුවේ මම . ඇයි උඹ අහන්නේ ? ඒකී මැරෙන්නම ඕන එකියක්. ඒකී විදවලාම මැරෙන්න ඕන එකියක්. මම ඒක කරා...
23/04/2023

"ඒ ගෑණිව මැරුවේ මම… ඒ ගෑනිව මැරුවේ මම . ඇයි උඹ අහන්නේ ? ඒකී මැරෙන්නම ඕන එකියක්. ඒකී විදවලාම මැරෙන්න ඕන එකියක්. මම ඒක කරා. මම ඒකිට වේදනාත්මක මරණයක් දුන්නා…."ජාලිය අයියා වියරු ලෙස මුලු සිර කූඩුවම දෙදරා යන තරමට සිනහා වන විට මම දෑස් දල්වා බලාන සිටියේ සිද්දවෙන්නේ කුමක්ද කියා මහත් වූ දෙගිඩියාවෙනි..
"උඹට දැනගන්න ඕනද මගේ ඊළග බිල්ල කවුද කියලා ? උඹට දැනගන්න ඕන ද ? මම උඹට කියන්නද ?"භයානක ලෙස ජාලිය අයියා කෑ ගසමින් වියරු සිනා මවමින් පවසද්දී මාගේ හදවත වේගෙන් ගැහෙන්නට වුණි.

මෙම ලස්සන නවකතාවේ සම්පූර්ණ 7 වන කොටස කියවන්නට දැන් ඔබටත් අවස්ථාව හිමියි. එම කොටස නොමිලේ ම කියවන්න මාත්‍රා App එක අද ම download කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.dhanushka.maathra

" මං ඒ ප්‍රශ්නෙ මගෙ යාළුවට කිව්වා. කිව්වට පස්සෙ මට පුදුම සැනසීමක් දැනුනා. හැබැයි ඒ සැනසීම වැඩි දවසක් තිබුන් නෑ. ඒ දේ කිය...
23/04/2023

" මං ඒ ප්‍රශ්නෙ මගෙ යාළුවට කිව්වා. කිව්වට පස්සෙ මට පුදුම සැනසීමක් දැනුනා. හැබැයි ඒ සැනසීම වැඩි දවසක් තිබුන් නෑ. ඒ දේ කියලා මං කරගත්තෙ මහා වරදක් කියලා හිතෙන තරමට මං ගොඩාක් පසුතැවිලි උනා. ඒ දේ අපි දෙන්නා ඇර වෙන කෙනෙක්ට දැනගන්න ඉඩ තියන්නෑ කියලා මට දිවුරලා පොරොන්දු උන එයාම ඒ විශ්වාසෙ කඩලා දැම්මහම මට හිතාගන්න බැරි උනා"

එක්දිගටම කී තරුණිය සිය දෑතින් නළලත පිරිමදින්නට වූයේ සුසුම් පිට කරමිනි.

මෙම ලස්සන නවකතාවේ සම්පූර්ණ 25 වන කොටස කියවන්නට දැන් ඔබටත් අවස්ථාව හිමියි. එම කොටස නොමිලේ ම කියවන්න මාත්‍රා App එක අද ම download කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.dhanushka.maathra

"පනස්දාහක්."          "පනස් දාහක් ?  අපි කලිං හිටපු අයට දුන්නෙ දහ දාහයිනෙ..  ඒගොල්ලො උයල, ගෙදර අනිත් වැඩත් කරල, බබාලවත් ...
23/04/2023

"පනස්දාහක්."

"පනස් දාහක් ? අපි කලිං හිටපු අයට දුන්නෙ දහ දාහයිනෙ.. ඒගොල්ලො උයල, ගෙදර අනිත් වැඩත් කරල, බබාලවත් බලා ගත්ත හවස පහ විතර වෙනකල්.."

"අම්මප, මම නං යන්නෑ මට සුපියල් පනස් දාහක් දුන්නෙ නැත්තං.."

"පනස් දාහක් නෙවෙයි, ඔයාට විසි දාහ වැඩී.. මමනෙ වරුවක් ම බබාල බලා ගත්තෙ.. මෙයාගෙ පිඟානයි කෝප්පෙයි සේදුවෙත් මමනෙ.. මෙයාගෙ පස්ස පැත්ත විතරයි මට සෝදන්න බැරි වුණේ... ඔය විසි දාහෙං දහ දාහක් අයිති මටයි.. මෙ හාට දෙනව මට අයිති දහ දාහ!!!"

යැයි ශ්‍යාලි පවසන විට සෝමවතී වේගවත් ගමනින් යන්නට ගියා ය.


මෙම ලස්සන නවකතාවේ සම්පූර්ණ 50 වන කොටස කියවන්නට දැන් ඔබටත් අවස්ථාව හිමියි. එම කොටස නොමිලේ ම කියවන්න මාත්‍රා App එක අද ම download කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.dhanushka.maathra

"කොලුකාරයො අපිට එපා. !"උදේ පංතියට එද්දි කලු ලෑල්ලේ එහෙම තිබුනා. කාට කවුරු ලිව්වාදැයි රවිඳු දැනගෙන උන්නේ නෑ. රන්දික වෙනදා...
23/04/2023

"කොලුකාරයො අපිට එපා. !"

උදේ පංතියට එද්දි කලු ලෑල්ලේ එහෙම තිබුනා. කාට කවුරු ලිව්වාදැයි රවිඳු දැනගෙන උන්නේ නෑ. රන්දික වෙනදාට වඩා උද්‍යෝගයෙන් වගේ වටපිට බලනවා පෙනුනා. පංතියට එන රවිඳු දැක පංතියේ කසුකුසුවක් පටන් ගත්තා. එදා දවස ගෙවුනේ හරි හෙමින්. රවිඳුට යහලුවො කියා අය නොසිටියත් සියල්ලෝම සිනහවකින් සංග්‍රහ කළ තාලේ අයෙක් වුනා. එදයින් පසු ඒ හිනාවත් නැතුව ගියා. පස්සෙ දවසක ආරංචි වුනේ රන්දික විසින් මේ කතාව පතුරවූ වගයි. අහම්බෙන් වගේ වෙලගාවදි රන්දික හමුවී කිව්වේ සිදු වු දේට සමාවෙන්න යනුවෙනි.

මෙම තීරු ලිපියේ සම්පූර්ණ 20 වන කොටස කියවන්නට දැන් ඔබටත් අවස්ථාව හිමියි. එම කොටස නොමිලේ ම කියවන්න මාත්‍රා App එක අද ම download කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.dhanushka.maathra

අයියේ කරුණාකරලා ප්‍රාර්ථනාගේ අත අතාරිනවා ද?' හංසිගේ කටහඬ පමණක් නොව දෙනෙත් ද කෝප⁣යෙන් වියරු වැටී ඇත.'මං අල්ලාගනිපු දෙයක් ...
20/04/2023

අයියේ කරුණාකරලා ප්‍රාර්ථනාගේ අත අතාරිනවා ද?' හංසිගේ කටහඬ පමණක් නොව දෙනෙත් ද කෝප⁣යෙන් වියරු වැටී ඇත.
'මං අල්ලාගනිපු දෙයක් ලේසියෙන් අතාරින කෙනෙක් නෙමෙයි හොඳද හංසි?'
'වෙන දේවල් ගැන නම් මං දන්නේ නෑ අයියේ. ඒත් බලහත්කාරකමින් ප්‍රාර්ථනාගේ අත අල්ලා ගත්තට හිත අල්ලාගන්න එක නම් ලේසි නෑ අයියේ.'
තම මිතුරිය පිළිබඳ අපිරිමිත සෙනෙහසකුත්, කසුන් පිළිබඳ කෝපය නම් අග්නි මාලාවකුත් හංසිගේ සිතේ මෝදු විය. ප්‍රාර්ථනාට කිසිවක් කරකියා ගන්නට තබා සෙලවෙන්නටවත් නොහැක. තම ඉවසීමේ රතු ඉර ඉක්මවා යන බැව් හංසිට සක් සුදක් සේ පැහැදිලි ය.

මෙම ලස්සන නවකතාවේ සම්පූර්ණ 15 වන කොටස කියවන්නට දැන් ඔබටත් අවස්ථාව හිමියි. එම කොටස නොමිලේ ම කියවන්න මාත්‍රා App එක අද ම download කරගන්න.

https://play.google.com/store/apps/details?id=com.dhanushka.Maathra මාත්රා - Sinhala Novels - Mobile App

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Maathra මාත්රා - Sinhala Novels - Mobile App posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Maathra මාත්රා - Sinhala Novels - Mobile App:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share