Justice For Priyantha Kumara

  • Home
  • Justice For Priyantha Kumara

Justice For Priyantha Kumara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Justice For Priyantha Kumara, News & Media Website, .

මතකද?
15/12/2021

මතකද?

09/12/2021
09/12/2021
07/12/2021
06/12/2021

පකිස්ථානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ සිරුරේ කොටස් මෙරටට රැගෙන එයි
Read more - https://news1st.lk/3Dn6jo9

උපුටාගැනීමකි.උපුටාගැනීම https://www.facebook.com/100000844936823/posts/4867517766619673/🛑 ඔයාගෙ ශාස්තෘවරයාව අසූචිවලින් න...
05/12/2021

උපුටාගැනීමකි.

උපුටාගැනීම https://www.facebook.com/100000844936823/posts/4867517766619673/

🛑 ඔයාගෙ ශාස්තෘවරයාව අසූචිවලින් නාවන්න එපා !

👉 එකපාරක් අජාන් බ්‍රහ්ම හාමුදුරුවන්ගෙන් කෙනෙක් ඇහුවා " කවුරුහරි ත්‍රිපිටකය අරන් ගිහින් ඔබේ නානකාමරේ කොමඩ් එකට දැම්මොත් ඔබ මොකද කරන්නේ ? " කියලා. හාමුදුරුවෝ දුන්න උත්තරේ මොකක්ද දන්නවද ? " වහාම පයිප්ප බාස් කෙනෙක් කැඳවනවා " කියලා.

👉 එපාර අර අහපු කෙනා පුදුමවෙලා ඇහුවලු "ඔබට තරහා යන්නේ නැද්ද ? ඒක බුදුදහමට කළ අවමානයක් නෙමේද? ඇයි පයිප්ප බාස් කෙනෙක්ව කැඳවන්නේ ?" කියලා.

👉 එපාර අජාන් හාමුදුරුවෝ කිව්වලු "ත්‍රිපිටකය කියන්නේ බුදුදහම ලියැවුණු පොත. ත්‍රිපිටකයක් එහෙම දැම්මා කියලා බුදුදහමට මුකුත් විනාශයක් කරන්න බෑ. හැබැයි කොමඩ් එක අවහිර වෙලා කාටවත් පාවිච්චි කරන්න බැරිවෙනවා ඒක කොමඩ් එකේ හිරවුණාම. ඉතිං මං වහාම බාස් කෙනෙක් ගෙන්නන්නේ ඒක ඉවත් කරලා කොමඩ් එක හරිහැටි ක්‍රියාත්මක කරවන්න" කියලා.

💥 My opinion.....

👉 ඔයා තීරණය කරන්න ඔයා රකින්නෙ ඔයාගේ ශාස්තෘවරයා දේශනා කළ ධර්මයද , නැතිනම් ඒක ලියැවුණු පොත ද කියන එක. ඔයා ධර්මය රකිනවා නං ඒ ධර්මයෙන් ඔයත් රැකෙයි.

👉 ධර්මය නැතුව පොත විතරක් රකින්න ගිහින් ඒ වෙනුවෙන් මිනී මරාගන්න , ගහගන්න යන්නෙපා. ඒක හරියට ඔයාගෙ ශාස්තෘවරයාව අසූචිවලින් නාවනවා වගේ වැඩක්. මට පාකිස්තානෙ ෆර්හාන් ඉඩ්රීස් සහ උස්මාන් රෂීඩ්ව පේන්නෙත් ඒ වගෙයි. ඔයාලා කවදාවත් ඔයාලගෙ ශාස්තෘවරයාව අසූචිවලින් නාවන්න එපා.

දර්ශන එරංග ( 2021 / 12 / 04 )

එකම මිනිහාHe was the only one who was begging to leave Priyantha Kumara alone and alive from angry mob.  .
05/12/2021

එකම මිනිහා
He was the only one who was begging to leave Priyantha Kumara alone and alive from angry mob. .

04/12/2021

04/12/2021

ලොව බිහිසුණුම අන්තවාදය ඉස්ලාම් අන්තවාදය බව යළි යළිත් පසක් වන්නේ පාකිස්ථානයේ ඉංජිනේරු වෘත්තිකයකු ලෙස සේවයේ යෙදී සිටි ප්‍රියන්ත කුමාර මහතා දේව අපහාස චෝදනා ඉදිරියට දමමින් ඝාතනය කර, පුළුස්සා දැමීමේ සිදුවීමත් සමඟිනි.

මානව සංහතිය සියවස් ගණනාවක් තිස්සේ ලැබූ සියලු ජයග්‍රහණවල වටිනාකම් ශූන්‍ය බවට පත් කරමින් මේ ආගමික අන්තවාදය මිනිසුන් තුළ මිනිසත් බවට නිගාදෙන ම්ලේච්ඡත්වයක් නිර්මාණය කර ඇත.

ඒ අන්තවාදය මුලිනුපුටා දැමීමට ඇවැසි සියලු පියවර ගැනීමට අපි සූදානම් බව මේ මොහොතේ පසක් කර සිටින්නෙමු!

ප්‍රියන්ත කුමාර මහතාණෙනි,
ඔබට නිවන් සුව!

විමල් වීරවංශ,
කර්මාන්ත අමාත්‍ය,
නායක, ජාතික නිදහස් පෙරමුණ

04/12/2021

🛑 ශ්‍රී ලාංකිකයා අමානුෂික ලෙස ඝාතනය කිරීම පිළිබඳ මහත් සංවේගයට පත්වුණා - ජනපති

🛑 සෙසු ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන්න... ජනපති පාකිස්ථානයෙන් ඉල්ලයි

සම්පූර්ණ විස්තරය - https://news1st.lk/31rJyCu

04/12/2021

🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

04/12/2021

නිවේදනය.

පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීම පිළිබඳ මම මහත් සංවේගයට පත් වීමි.

එම ම්ලේච්ඡ සිදුවීම ශ්‍රී ලාංකිකයන්ට සේ ම මනුෂ්‍යත්වය අගයන ලෝකයේ සැමට බලවත් කම්පනයකි.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ප්‍රමුඛ පාකිස්තානු රජය මෙම ම්ලේච්ඡ ඝාතනය සිදු වූ වහා ම යුක්තිය පසිඳලීමට ගත් ක්‍රියාමාර්ග පාකිස්ථානයේ අත්‍යන්ත මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව අගය කරන අතර මේ පිළිබඳ පාකිස්තාන රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දෙස ද ශ්‍රී ලංකා රජයත්, සමස්ත ජනතාවත් දැඩි විශ්වාසයෙන් බලා සිටින බව කියනු කැමැත්තෙමි.

එසේ ම පාකිස්තානයේ වෙසෙන සෙසු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙස පාකිස්තාන රජයෙන් මම ඉල්ලා සිටිමි.

සිදුවීම සැලවූ වහා ම ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට මා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබා දුන් උපදෙස් අනුව ඔවුන් මේ වන විට ක්‍රියාත්මක වෙමින් සිටී.

කුමන ස්වභාවයකින් පැමිණිය ද අන්තවාදී ක්‍රියාකාරකම් සමාජය දැඩිව ව්‍යාකූල කරන්නේය. එබැවින් අන්තවාදයට එරෙහිව ලෝකය ම එක ම අරමුණක සිට ක්‍රියා කළ යුතු බව මෙවැනි සිදුවීම් තුළින් තව තවත් තහවුරු වේ.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මේ මොහොතේ දැඩි කම්පනයට පත් ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සමීපතමයන් සමඟ මමත්, රජයත්, සමස්ත ශ්‍රී ලාංකික ජනතාවත් සිටින බව සිහිපත් කරමි.

பாக்கிஸ்தான் கைத்தொழிற்சாலையில் பணிபுரிந்த இலங்கைத் தொழிலாளரான பிரியந்த குமார என்பவர் மனிதாபிமானமற்ற முறையில் கொலை செய்யப்பட்டதை எண்ணி நான் வருந்துகிறேன். அந்த மனிதாபிமானமற்றச் செயல் இலங்கையர்களுக்கு மாத்திரமன்றி, மனித நேயமுள்ள உலகின் அனைவருக்கும் பாரிய அதிர்ச்சியாகும்.

பிரதமர் இம்ரான்கான் உள்ளிட்ட பாக்கிஸ்தான் அரசாங்கம், இந்த மனிதாபிமானமற்ற கொலை நடைபெற்ற உடனேயே நீதியை நிலை நாட்டுவதற்காக எடுத்த நடவடிக்கைகளை, பாக்கிஸ்தானின் நீண்டகால நட்புறவைக் கொண்ட இலங்கை பாராட்டுவதோடு, இது தொடர்பாக பாக்கிஸ்தான் அரசாங்கம் எடுக்கும் எதிர்கால நடவடிக்கைகள் பற்றியும் இலங்கை அரசாங்கமும் நாட்டு மக்களும் பாரிய நம்பிக்கையுடன் எதிர்பார்த்திருக்கின்றோம்.

அதேபோன்று, பாக்கிஸ்தானில் வசிக்கின்ற ஏனைய இலங்கையர்களின் பாதுகாப்பை உறுதிப்படுத்துமாறு பாக்கிஸ்தான் அரசாங்கத்திடம் நான் கேட்டுக்கொள்கின்றேன்.

இச்செய்தியைக் கேள்விப்பட்டவுடன் உடனடியாக எடுக்க வேண்டிய நடவடிக்கைகள் தொடர்பாக வெளிநாட்டு அலுவல்கள் அமைச்சுக்கும் பாக்கிஸ்தானுக்கான இலங்கை உயர்ஸ்தானிகர் அலுவலகத்துக்கும் நான் மற்றும் பிரதமர் மஹிந்த ராஜபக்ஷ அவர்கள் வழங்கிய ஆலோசனைக்கமைய அவர்கள் தற்போது செயற்பட்டு வருகின்றனர்.

எந்த அடிப்படையில் வந்தாலும், அடிப்படைவாதச் செயற்பாடுகள் சமூகத்தைப் பாரியளவில் பாதிக்கின்றன. அதனால், அடிப்படைவாதத்துக்கு எதிராக முழு உலகமும் ஒரே நோக்கத்துடன் நின்று செயற்பட வேண்டுமென்பதை இவ்வாறான விடயங்கள் உறுதி செய்கின்றன.

இந்த துரதிர்ஷடவசமான செய்தியினால் பாரிய அதிர்ச்சிக்குள்ளாகியுள்ள பிரியந்த குமாரவின் குடும்பத்தினருடன் நானும் அரசாங்கமும், இலங்கை நாட்டின் அனைத்து மக்களும் இருப்பதாக நினைவூட்டுகிறேன்.

I am deeply saddened by the brutal assassination of Priyantha Kumara, a Sri Lankan professional who worked at a factory in Pakistan. This act of barbarism is a great shock to the Sri Lankans as well as to all those across the world who value humanity.

As an ardent friend of Pakistan, Sri Lanka commends the actions taken by the Government of Pakistan led by Prime Minister Imran Khan to ensure justice, immediately after this brutal assassination. The Sri Lankan Government and the people of Sri Lanka look forward with great confidence on the future steps that will be taken by the Government of Pakistan in this regard.

I also urge the Government of Pakistan to ensure the safety of all other Sri Lankans living in Pakistan.

The Foreign Ministry and the Sri Lankan High Commission in Pakistan are currently taking action based on the instructions given by Prime Minister Mahinda Rajapaksa and I on the immediate course of action to be taken upon hearing of the incident.

Extremist activities of any nature create grave chaos in a society. Therefore, such incidents further confirm that the world must act with the same objective when taking action against extremism.

I wish to remind that I, the Government and the Sri Lankan people are with Mr. Priyantha Kumara's family members who are deeply saddened and shocked by this unfortunate incident.

04/12/2021

COLOMBO (NEWS1ST): පාකිස්ථානයේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීමේ සිදුවීම රජය දැඩි පිළිකුලෙන් හෙළා දකින බව සභානායක අමාත්‍ය දි...

04/12/2021

පකිස්තාන් ඉස්ලාමීය රාජ්‍යයේ කෘර ලෙස ඝාතනය කල ප්‍රියන්ත කුමාර මහතාට අපගේ බලවත් ශෝකය,
පකිස්තාන් රජයට අපගේ දැඩි විරෝධය
වහාම නීතිය ක්‍රියාත්මක කරනු

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Justice For Priyantha Kumara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share