ChathuNuwan

ChathuNuwan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ChathuNuwan, Digital creator, .

මානසික සෞඛය යහපැවැත්මට කදිම ඔසුවක්...😻😺😹😽🙀😼😾
19/11/2023

මානසික සෞඛය යහපැවැත්මට කදිම ඔසුවක්...
😻😺😹😽🙀😼😾

17/10/2023

Whispering on the windowpane's beat. Nature's tears from the sky's embrace, Bringing life to this quiet place.

Rain, a melody in the gray, Washing worries and cares away. A reminder of nature's gift, In each drop, a spirit lift.

06/10/2023

බෝගන්විලා 08
ඒ කාලෙ ටවුමෙ ප්‍රසිද්ධ ටියුෂන් එකකට තමයි අපි ගණන් ඉගෙන ගන්න ගියේ.ඒකට ඉස්කෝලේ අපේ පන්තිවල හිටපු ළමයින්ගෙන් සීයට හැත්තෑ පහකට වඩා එන්න ඇති.පහේ ශිශ්‍යත්වෙ ඉවර උනාට පස්සෙ තාත්තට දන්න කියන අයගෙන් ලැබුණ උපදෙස් අනුව මාවත් ඒ ගණන් පන්තියට ඇතුළු කළේ අලුත් ඉස්කෝලෙට එන්නත් කලින්.ඒ දවස්වලම තමයි තිවත් ඒ පන්තියට ඇවිල්ල තිබුනෙ.මම මුල් සති දෙකක් තුනක් යද්දි තමයි තිවාගෙ මූන ඒ පන්තියෙ දැක්කෙ .ඒ තරමට ළමයි පිරිලා.ස(ර්)රුත් ගිනි බෝම්බයක් වගේ..හරිම සැරයි.ඒත් ඕ ලෙවල් වලින් අනිවාර්‍ය ඒ එකක් ශුවර් කියන එක හැමෝම දන්න නිසා ළමයි ගුටි කකා වුනත් ලමයි පන්තියට ආවෙ.ඒ දවස්වල පන්ති ගියේ කවදා මේ කොටිවලිගෙ අතරින්නද කියල හිත හිත.කොහොම වුනත් පටන් ගත්තු මුල් දවසෙ ඉදන් අවුරුදු හයක් එක දිගට අන්තිම දවස වෙනකන්ම කොටි වලිගෙ අත ඇ‍රියෙ නෑ.තිවත් ඒ වගේම එක දිගටම ඒ කොටි වලිගෙ එල්ලිලා ඉදියා. ඒ පන්තිය නිසා ඉස්කෝලෙ නිවාඩු කාල වලත් අපි සතියට දවසක් හරි එක්කෙනාට එක්කෙනා දැක ගත්තා.
මම අලුත් ඉස්කෝලෙට ගිය මුල් කාලෙ තිවාගෙ ගෙදර තිබුණෙ කොහේද කියලා හරියට දැනගෙන ඉදියෙ නෑ.එයා කවදාවත් ඉස්කෝලෙ මේන් ගේට් එකෙන් එනවාවත් යනවාවත් මං දැකලා තිබුණෙ නෑ. මට ඒක හොයන්න තරම් වුවමනාවක් තිබුණෙත් නෑ.
අලුතෙන් ඉස්කෝලෙට ඇතුළු වුනාට පස්සෙ මට ම සෙට් වෙන යාලුවෙක් මුණ ගැහුණෙ හත වසරෙදි.ඉස්කෝලෙ ඉවරවෙලා අමතර පන්ති යන්නෙ අපි දෙන්න එක්ක.අපේ ගණන් පන්තිය තිබුණෙ අගහරුවදා හවස.ඉස්කෝලෙ ඉවර වෙලා පැය දෙකක් විතර පන්ති පටන් ගන්නකන් බලන් ඉන්න වුනා.අවුරුදු දෙකක්ම වගේ පන්ති පටන් ගන්න වෙලාවෙ වෙනසක් වුනේ නෑ.ඒ අතරමැද කාලෙ මමත් මගෙ යාලුවත් එක එක විදිහෙ අත්දැකීම් ලැබුවා.ඒ කාලේ තමයි තිවත් අපිට ගොඩක් කිට්ටු වුනෙ.

02/10/2023

කැස්බෑ බබාලා...
බලන්න ඒ කට්ටියට තියන විසේ...
පුදුම දැගලිල්ලක් තමයි..

පිටුපසම ඒ අසුන අලුත් පෙම් කවියකට වෙන්වෙලානැගෙනා සිනා කැන්  අතීතෙක මා යා කළාගං දියෙ බොඳ වෙලා ඇඳෙන රූ හින්දාමගේ හිත තව තවත...
27/09/2023

පිටුපසම ඒ අසුන
අලුත් පෙම් කවියකට වෙන්වෙලා
නැගෙනා සිනා කැන් අතීතෙක මා යා කළා
ගං දියෙ බොඳ වෙලා ඇඳෙන රූ හින්දා
මගේ හිත තව තවත් හොඳට ඉකි බින්දා......

~චතුනුවන්~

27/09/2023

බෝගන්විලා 07
බස් එකේ ගැන්සියට කාලෙන් කාලෙට එක එක කෝලම් තිබුණ නිසා එක කතාවක් ඉවර වෙන්න යද්දි තව අලුත් කතාවක් අරන් එන්න තරම් අපේ කට්ටිය දක්ෂ වුණා. මුල් කාලෙ කොල්ලො එක්ක වැඩි ඇයි හොදයියක් නොතිබුණු අපේ අක්කලා වයසෙන් පොඩ්ඩ පොඩ්ඩ මෝරද්දි එයාලා අරන් ආව කතාවල ප්‍රධාන චරිත වුනේ එක එක අයියලා.ඒ සමහරු අපේ බස් එකේම ගිය අයියලා,නැත්තම් බස් එක වැඩිපුර නවත්තගෙන ඉන්න තැන්වල තිබුණු කඩ ඇතුළෙ හිටපු සමහරු.පහු වෙද්දි,ඉතින් ඒ සමහරු අක්කලා අපෙන් ඈත් කරවන්න තරම් ද්‍රෝහියොත් වුණා.ඒ කොහොම වුණත් ඒ ගොඩක් අයට ඕනි වුනේ තම තමන්ගෙ ආශාවන් ඉෂ්ට කර ගන්න කියන එක කාලයත් එක්ක අපි හැමොම වගෙ තේරුම් ගත්තා.මම දැනගත්තු තරමින් ඒ කාලේ පටන් ගත්තු සම්බන්ධතා එකක්වත් කසාදයකින් කෙළවරක් වුණු ඒවා නෙවෙයි.
ඒ කාලේ මතක් කරද්දි එක එක මාතෘකාවන් ඔස්සේ ගමන් කරන්න පුළුවන් ඉතින්.අන්තිමට මට මේක මැක්කාගෙ කතාව වගේ ඉවර කරන්නයි වෙන්නෙ මෙහෙම ගියොත් නම්....හ්ම්..
ඉතින් මට උදේ හම්බුන කළු කන්නාඩිකාරයා ගැන නේද මගේ මතක පොත දිග අරින්න ඕනි.මතක පොතේ අලවලා තියන වෙන වෙන කොල දිග ඇර ඇර කියවන එක නෙවෙයිනේ.
ඉතින් තිවා ගැන කතා කරමුකෝ.කතා කරමු කිව්වට හයේ හතේ පන්තියෙදි මම කලේ එයාගෙ හැසිරීම අධ්‍යනය කරපු එක විතරයි.මූනටම මුනිච්චි උනොත් නම් අපි දෙන්නම ලා හිනාවකින් වෙන් වෙලා ගියා මිසක මහ ලොකු ඇයි හොදයිකම් පැවත්තුවෙ නෑ.

ඇගට පොඩි කරන්ට් එකක් වැදුණා වගේ  ෆීලිං එකක් ආවෙ නැත්තම්,ඔයා එක්කො මාව දන්නෙ නෑ.නැත්තම් තවම අදුරගෙන නෑ.දවසක් හරි හරියට හද...
18/09/2023

ඇගට පොඩි කරන්ට් එකක් වැදුණා වගේ ෆීලිං එකක් ආවෙ නැත්තම්,ඔයා එක්කො මාව දන්නෙ නෑ.නැත්තම් තවම අදුරගෙන නෑ.
දවසක් හරි හරියට හදපු ලොවි අච්චාරුවක් කාලා නැත්තම් කොහොම දැනගන්නද ඔයා මාව.
රක්ත තප්ත ලොවි ගෙඩි ටිකක් හොදට හෝදලා වනේ දාලා සුණු විසුනු වෙන්න තලලා..හොඳට ලුණු දාපු වතුර එකකින් දෙපාරක්වත් හෝදලා මිරිකලා ගත්තම ලොවිවල සැර අම්ල ගතිය බාල වෙනවා.ඇත්තටම රස වැඩිවෙන්නෙ එතකොට.ඒකට පදමට ලුණු ගම්මිරිස් දාලා සීනි ටිකක් යහමින් දාලා පොඩි කර ගත්තම අම්මෝ රස...දිව පෙගෙනවා!!!

අදත් හවස් වරුවයි රෑ වරුවයි දෙක චුරු චුරු වැස්සකින් බද්ධ වෙලා...කොහොම හරි මාව එලෝගෙන ආව වැහි කෝඩයෙන් නම් මං නොතෙමි බේරුණා...
12/09/2023

අදත් හවස් වරුවයි රෑ වරුවයි දෙක චුරු චුරු වැස්සකින් බද්ධ වෙලා...කොහොම හරි මාව එලෝගෙන ආව වැහි කෝඩයෙන් නම් මං නොතෙමි බේරුණා.
ඉක්මනින් උණු වතුර ටිකක් හදාගෙන ඇග හෝද ගත්තා.කකුල් දෙකත් පණ ගියා වගේ සීතල වෙලා.රෑ ඇදුම ඇදලා ඊට උඩින් පරණ කමිසෙකුත් දාලා සෙරෙප්පු දෙකත් දා ගත්තම තමයි උණුහුමක් දැනුනෙ.
රෑ කෑමට කියලා බත් උයන්නත් කම්මැලී මේ හීතලේ..වටේම චුරු චුරු වැස්ස අස්සෙ රැහැයි සද්දෙත් ආවම නම් හිත පොඩ්ඩක් ගැස්සෙනවා.
කලින් කපාපු එලවළු ටිකකුයි චීස් කෑල්ලකුත් තිබුණා.හිතට අවෙ සුප් එකක්.
නූල්ඩ්ස් පොඩ්ඩකුත් දාලා හැදුවා ආස හිතෙන මේ සුප් එක.
රස්නෙට ඒකත් බෙදා ගත්තා.ඒකටම හරියන කතා පොතකුත් සෙට් වුණාම මරු.

බැස යන්නට හිතුවත් ඔබේ ලෝකයෙන්..සැඟවී බලා ඉඳින්නටම සිත කියයි තව තවත්...~චතුනුවන්~
29/07/2023

බැස යන්නට හිතුවත්
ඔබේ ලෝකයෙන්..
සැඟවී බලා ඉඳින්නටම
සිත කියයි තව තවත්...
~චතුනුවන්~

28/07/2023

හදවත් යා කෙරෙන සහකම්පනය

මානව සම්බන්ධතාවයේ රහස සංවේදනයයි. සංවේදනය සඳහා ඇති හැකියාව යනු වෙනත් කෙනෙකුගේ හැඟීම් සහ දෘෂ්ටිකෝණ තේරුම් ගැනීමට සහ බෙදා ගැනීමට ඇති හැකියාවයි. එය මනුෂ්‍ය ස්වභාවයේ මූලික ලක්ෂණයක් වන අතර එය අපට එකිනෙකා සමඟ වඩාත් ගැඹුරින් සම්බන්ධ වීමට හැකි වන අතර කරුණාව, අවබෝධය සහ දයාව ප්‍රවර්ධනය කරයි. විවිධ පුද්ගලයන්, සංස්කෘතීන් සහ පසුබිම් අතර ඇති පරතරය පියවා ගැනීමෙන්, අපට ලෝකය තුළ වඩාත් සමගිය සහ සංවේදනය පෝෂණය කළ හැකිය. අනුකම්පාවෙන් ඔබ්බට, යමෙකුගේ දුෂ්කරතා ගැන දුකක් දැනෙනවා නම්, සංවේදනය යනු තවත් පුද්ගලයෙකුගේ හැඟීම් ක්‍රියාකාරීව හඳුනා ගැනීමයි. ඒ වෙනුවට, සංවේදනය යනු සවිඥානිකව තමන්ව තවත් කෙනෙකුගේ තත්වයට පත් කිරීම, ඔවුන්ගේ තත්වයන් තේරුම් ගැනීමට උත්සාහ කිරීම සහ ඔවුන්ගේ හැඟීම් විනිශ්චය කිරීමකින් තොරව පිළිගැනීමයි. මෙය කිරීමෙන්, අපි අපගේ හවුල් මනුෂ්‍යත්වය පිළිගන්නා නිසා අපි ගැඹුරු සම්බන්ධතාවයක් වර්ධනය කර ගනිමු.

~චතුනුවන්~

25/06/2023

බෝගන්විලා 06

මට ඉතින් අලුත් ඉස්කෝලෙට ආව දවස්වලම බස් එකේ යන ගැන්සියක් සෙට් උන නිසා මමත් වැඩි අකැමත්තක් නැතුව දිගටම පාරෙ බස්වලම යන්න ආස වුනා.හැබැයි දැන් ඒ කතාව මෙහෙම කිව්වට සතියක් දෙකක් යනකන් මට පොඩි චකිතයක් තිබුණා.ඒ වුණාට මම දැක්ක ගමන්ම මට දිරවයි කියලා හිතෙන මිනිස්සු එක්ක වචනයක් දෙකක් කතා කරන එක මගේ පුරුද්දක් වෙච්ච නිසා ඉක්මනින්ම මට ගැළපෙන සෙට් එකක් හදා ගන්න මට ඒ හැටි අමාරුවක් වුනේ නෑ.කොහොම වුණත් මගේ ගැන්සියට කොල්ලො හිටියෙ නෑ.ඒකෙ ඉදියෙම මම වගේ ම කොල්ලො එක්ක වැඩි භජනයක් නැති පිස්සු කෙල්ලො ටිකක්.ඒ කිව්වේ ඒ සෙට් එකට එක එක විදිහෙ අමුතු පිස්සු තිබුණා.මටත් කාලෙන් කාලෙට එක එක විදිහේ අමුතු පිස්සු තිබුණ නිසා ඒ ගැන්සිය මට හොදටම සෙට් වුණා.
අපි සෙට් එකේ මමත් එක්ක තව හතර දෙනෙක්ම බස් එකට නගින්නෙ එකම තැනින්.එතන ටිකක් ලොකු හන්දියක්.ටිකක් ලොකුවට වැරන්ඩාව ගහපු කඩයක් තිබුණා.උදේට බස් එකට නගින්න ඉන්න හුගක් ගෑනු අය හිටියෙ ඒ වැරෙන්ඩා එක යට. උදේ ස්කූල් බස් එකට නගින්න ඉන්න එකේ දෙකේ පොඩි ළමයි සෙට් එකත් ඒකෙ එක හරියක හිටියා.අතරින් පතර එක එක පොඩි පොඩි වැඩ වලට ආව කොල්ලෙක් දෙන්නෙකුත් නොහිටියම නෙවෙයි.
අපි අල්ලගෙන ඉදියෙ ඉස්සරහම හරිය,ඒ කිව්වෙ හන්දිය පැත්තටම වෙන්න තිබුණු හොද ම සැටලයිට් මධ්‍යස්ථානෙ.අපි එතන ඉන්න වෙලාවට ඊට එහාපැත්තෙන් හන්දිය පැත්තට වෙන්න තිබුණ කඩ පෝළිමේ ගොඩක් වෙලාවට හිටියෙ ඉස්කෝලෙ යන කොල්ලොයි උසස් පෙල පන්ති යන කොල්ලොයි.
අපි කට්ටියගෙ එතන විනෝදාංශය වුනේ එතනට එන එක එක චරිත අධ්‍යනය කිරීම. විචාරය කිරීම හා දිරවන්නෙ නැති චරිත හෙළා දැකීම. අපි කට්ටිය එකම වයසෙ නොවුනට වැඩිම වෙනස අවුරුදු තුනක් හතරක් වගේ.මමයි මගේ තව යාලුවෙකුයි තමයි එතන ඉදපු පොඩිම දෙන්නා.අනික් ඔක්කොම අපි හය වසරෙ ඉද්දි හතේ අටේ නවයෙ වගේ ඉදපු අක්කලා.වයස වගේම තමයි අපි ගිය ඉස්කෝලත්.ටවුන් එකේ ඉස්කෝල තුනක විතර අපි කට්ටිය.ඒ වගේ කොච්චර එහා මෙහා වීම් තිබුණත් අපේ මානසික මට්ටම් හොදට ගැළපුනා.
මට වැඩිපුර ඒ කාලෙ ගැන මතක් වුනේ අපි ඒ කාලෙ විනෝදෙට කරපු චරිත අධ්‍යනය පහු කාලෙක මිනිස්සු ගැන තීරණ ගන්න ගොඩක් උදව් වුන නිසයි.

තෙත බරිත දවසකඈත පෙනෙන මැටි ගෙදර උණුහුම් කෝපි කෝප්පයක රස බලද්දී......කව්ද ඔය හිත හොරකම් කළේ????
19/06/2023

තෙත බරිත දවසක
ඈත පෙනෙන මැටි ගෙදර
උණුහුම් කෝපි කෝප්පයක
රස බලද්දී......
කව්ද ඔය හිත හොරකම් කළේ????

18/06/2023

බෝගන්විලා 05

මෙන්න මහ ලොකු වැඩ්ඩා.ඌටයි මටයි තිබුණෙ එකම ලකුණු. මට නම් ටවුමෙ ඉස්කෝලෙට එන්න ඕනි හින්දා තමයි ශිෂ්‍යත්වෙ විභාගේ කොහොමහරි ගොඩ දාගන්න ඕනි වුනේ.නැත්නම් ගමේ ළමයෙක් ටවුමෙ හොද ඉස්කෝලෙකට දාන්න අම්මලා තත්තලා ළමයා ඉපදෙන්න කලින් ඉදන් හොදට ප්ලෑන් කරන්න එපැයි.ඊට වඩා මේ විදිහ ලාබයි.ඵලදායී.හැබැයි තිවා නම් පොඩි කාලේ ඉදන්ම ගියේ ටවුමෙ ඉස්කෝලෙකට.එයාගෙ අම්මල ඒ කාලෙම ප්ලෑන් කරල තියෙන්න ඇති නේද, මට හිතුනෙ එහෙම.
කොහොමහරි විභාගෙ ලකුණු ආවට පස්සෙ කොල්ලගෙ රැස් ටිකක් බැහැලා අපි එක්ක පොඩ්ඩක් හිනා වුනා.ඒත් හැබැයි ඒ විභාගේ පාස් ළමයි එක්ක විතරයි.කොහොමගහරි මටත් තිවාගෙ ඉස්කෝලෙටම යන්න චාන්ස් එක හම්බුනා.හැබැයි තිවාට කොළඹට යන්න තරම් ලකුණු නැති නිසා එයා ඉදපු ඉස්කෝලෙම නැවතුණා කියලා පස්සෙ කාලෙකදි මට කිව්වා.කොහොම වුණත් අලුත් ඉස්කෝලෙට ගියාට පස්සෙ තිවා ගැන මගෙ හිතේ තිබුණු අදුරු වළාකුලූ ඈතට පාවෙලා ගිහින් තිබුනා.
මම අලුත් ඉස්කෝලෙට ගිය අලුතම, ඒ කියන්නෙ හය වසරෙ.තිවයි මායි ඉදියෙ පන්ති දෙකක.ඉතින් අපි ඒ කාලෙ නම් වැඩිය කතා කලේ නෑ.ඒ දවස්වල කෙල්ලෙකුයි කොල්ලෙකුයි වචනයක් දෙකක් කතා කළත් ඊට පස්සෙ ළමයි හිනා වෙනවා.කලු ලෑල්ලෙ නමේ මුල් අකුරු දෙක ලියලා මැදින් එකතු කිරීමක් දානවා.ඉතින් කොල්ලො එක්ක කතාවක් නැතුවම ඉන්න තමයි මට ඕනි උනේ.නිකං ඇයි මම කතා හදා ගන්නේ කියලා පණ්ඩිත හැගීම් පොඩි කාලෙ ඉදන් මට තිබුණා .
මම ඉස්කෝලෙට ආවෙ පාරෙ බස් එකේම තමයි.මුලදි නම් අම්ම හිතාගෙන ඉදියෙ මාවත් ගමේ ඉදලා ටවුමට එන ස්කූල් බස් එකට දාන්න.හැබැයි කලින් ඉදන් පන්ති ආව හින්දා පාරෙ බස්වල යන එක මට අමාරුවක් වුනේ නෑ.තාත්තාට ඕනි වුනේ අපි සමාජෙට හරියට මූණ දෙන්න විදිහට හදා ගන්න මිසක් පුයර බබ්බු කරන්න නෙවෙයි..ඒ හින්දා මම පාරෙ බස් එකේ යන එක තාත්තා අනුමත කරා.

11/06/2023

බෝගන්විලා 04

ඒ වේගෙන්ම වොශ් එකකුත් දාලා ප්ලේන්ටියකුත් හදාගෙන රෝල් එකත් පිළිවෙළකට පැත්තකින් තියාගෙන මම මගේ මතක දොරේ අගුලු අයින් කළා.
කළු කණ්නාඩිකාරයා, අද උදේ පාන්දරම මගේ දවස නැවුම් කරන්න හරි,මුස්පේන්තු කරන්න හරි ආව කෙනා.එයා තමයි මගේ ඒ මතක දොරේ යතුර අරන් ආවෙ.මට හිතෙන්නේ නෑ හැබැයි එයා මගේ දවස මුස්පේන්තු කළා කියලා.හිතින් අතෑරිලා ගිය හීනයක් ආයෙමත් මගේ ළගට ආවා වගේ මට දැනුනෙ.හැබැයි ඒ හීනය ආයෙත් අමතකම කරන්න වෙන හීනයක්ද,මොන වගේ මට්ටමක ඉදන් ආයෙමත් පටන් ගන්න පුළුවන් හීනයක්ද කියලා මට තේරුනේ නෑ.මට ඒ වෙලාවෙ නම් ඕනි උනේ මගේ මතක අතර සැරිස‍රන්න ම විතරයි.

අද උදේ මාව කාර් එකෙන් ඔෆිස් එකට ඇරලවපු ඒ කළු කණ්නාඩිකාරයා මට මුලින්ම මුණගැහුනෙ මම ශිෂ්‍යත්වෙ විභාගේ ලියන්නත් කලින්.මං හිතන්නේ හතර වසරෙ විතර ඉන්නකොට වෙන්න ඇති. කළු කණ්නාඩිකාරයා කියලා කිව්වට ඒ මනුස්සයටත් ලස්සන නමක් තිබුණා. ඒ තිවංක.මට ඒ නම එක්ක හැම වෙලේම මතක් වුනේම පොළොන්නරුවෙ නටඹුන්.
එයත් අපේ ගමේ ඉදියට ටවුන් එකේ ඉස්කෝලෙට තමයි ගියේ.මම ගියේ ගමේ ඉස්කෝලෙට, ශිෂ්‍යත්වෙ විභාගේ ටිකක් ඉහළින් පාස් වෙන එක තමයි මටත් ඒ ඉස්කෝලෙට ලේසියෙන් යන්න පුළුවන් එකම විදිහ.ඒ හින්දා මාවත් අම්මා ඒ දවස්වල හැටියට හොදයි කියලා කියන ටවුමෙ තිබුණු හොද පන්තියකට දැම්මා. තිවංකව මට මුලින්ම සෙට් වුනේ ඒ කාලෙ.සෙට් වුනා කිව්වට,ඇත්තට ම දැනගත්තා විතරයි. ඒ කාලෙ මට පෙන්නන්නම බැරි එකෙක් තමයි තිවංක. ශිෂ්‍යත්ව පන්තියෙ මිස්ට නම් ඊට වඩා එකෙක් හිටියෙ නෑ.මට පේන්නෙම එයා මිස්ගෙ ගොට්ටෙක් කියලා.මට මතක හැටියට එයාගෙ තාත්තයි, මිසුයි එකට ඉස්කෝලෙ ගියපු කට්ටිය.ඒ නිසා වෙන්න ඇති මිස්ට ඒ ළමයා ගැන හෙව්වේ බැලුවේ.හැබැයි, මම කියලා කෙනෙකුත් ඒ පන්තියෙ ඉදලා කියලා ඒ මිස් ංංඅත්දැකීම මේ වෙද්දි සාමාන්‍ය දෙයක් වෙලා.වෙලාවකට මට හිතෙනවා මම මිනිස්සුන්ට හිටපු ගමන් විතරක් පේන භූත් ආත්මයක්ද කියලත්.කොහොම වුනත් මම පසසෙ පස්සෙ ඒ දේට හුගක්ම කැමති වුනා.මට මගෙ නිදහසේ මට ඕනි දෙයක් කරගන්න පුළුවන් වුනේ ඒ නිසා.
දැන් මදැයි ඒ භූත. දැන් ඉතින් කෝ මේ තිවා.. ශිෂ්‍යත්වෙ විභාගේ ලකුණු ආවට පස්සෙ මොකදෑ ඉතින් වුනේ.

11/06/2023
25/03/2023

බෝගන්විලා 03
මට ඕනි වුනේ ඒ මතක දොර නිවි හැනහිල්ලේ විවර කරගෙන තනියම ඒ අතීතය විද ගන්නයි.හැබයි ඉතින් ඒකට තව ඔෆිස් ටයිම් එක ඉවසගෙන ඉන්න එක හොදයි.නැත්තම් මගේ මොන්ගල් කමත් එක්ක ලයින් දෙක තුනක් හදිස්සියෙ නවත්තන්න වෙන්නත් පුලුවන්. කොහොම වුනත් මම මගෙ හිත හීලෑ කරගෙන ඔෆිස් ටයිම් එක අව්ලක් නැතුව ගෙවා ගත්තා.ඔන්න ඉතින්..ෆැක්ට්‍රි ෂූස් ගලවපු ගමන් නැවතත් මගෙ කුට්ටම.යන්තම් අද දවස ගෙවලා දුන්නොත් මගේ කුට්ටම. හැබැයි මේ වගේම කොම්ෆෝට් කුටටමක් හොයා ගන්න නම් පිළියන්දලටවත් යන්න වෙනවා.ඒත් අද ඒකට දවස නෙවෙයි.මේ සතිය රූමිගේ පරණ කුට්ටම් දෙකකින්වත් අදින්න වෙනවා දැන් ඉතින්.ඕනිවට වඩා අනුන්ගෙ දේවල් පාවිච්චි කරන්න අකමැති වුනත්,ඉතිරි දවස් හතර අමරුවෙන් හරි ගෙවා ගන්න ඕනි.
මොකද මේ සතියෙ මගෙ රූමිත් නැති නිසා මට ඕනි විදිහට මගේ නිදහසේ මගේ ලෝකයට වෙලා ඉන්න පුළුවන්.ඇත්තටම රූමි නැතුව මට පාළුයි තමයි.ඒත් මේ වගේ ලොකු මනෝපාරවල් ගහන්න නම් තනියම ඉන්න දවස් මරු.ම්ගේ වෙලාව හොද හින්දා වෙන්න ඇති රූමිත් නැත්තේ.
අද රෑ කෑමත් කඩෙන්ම අරගෙන,තව මොනවහරි කඩචෝරු ටිකකුත් අරගෙන ගියාම දිගටම මට මගේ ලෝකෙට වෙලා ඉන්න පුලුවන්.මේවා හිත හිත එද්දි,මම් පුරුද්දෙන්ම ස්ටාෆ් බස් එකේ නැගලා වාඩි වෙලා.අද නම් බස් එක කටුබැද්ද හන්දියට එන්න වැඩි වෙලාවක් ගියේ නෑ.මම ඉක්මනින් බස් එකෙන් බැහැගෙන,ඉක්මනින් මල්ලිකා එක දිහාට දුවගෙන ගියේ අද මොනවහරි රසට කන්න ඕනි හින්දා.දුම් දාන නූඩ්ලස් පාර්සලේ එක්ක බිත්තර රෝල් එකකුයි ගත්තු මම,එතනම එහායින් තිබුනු පොඩි ෆුඩ් සිටියෙන් කිරි පැකට් දෙකකුයි චොක්ලට් බිස්කට් එකකුයි අරන් විගහින් ගිහින් මෝල්පෙ කොට බස් එකකට නැග ගත්තා.හැබැයි ඉතින්, දැන් යනවා දැන් යනවා කිව්ව බස් එක විනාඩි දහයකට වඩා එකම තැන තියෙන්න ඇති.
පිටිපස්සෙන් ආව 255 බස් එක අද්දද්දි තමයි කොටේටත් ‍යන්න මතක් වුනේ.හැබැයි ඉතින් ඉක්මනින් යන්න කියල 255 නගින එකත් අමු ගොන් කමක්. ඉතින් කොහොමින් හරි මම හෝල්ට් එකෙන් බැහැගත්තා.ගමන ඉක්මන් කරලා යන්න ඕනි උනත්,මගේ සෙරෙප්පු කුට්ටම ඒකට මට ඉඩක් දුන්නෙ නෑ.පාරේ සෙනග ටිකක් එහා මෙහා වෙද්දි,මම කුට්ටම ගලවලා අතට අරගෙන මගේ කට්ට උපරිමයට දාලා පෑගුවා.
කොහොමින් කොහොම හරි,විනාඩි 5ක් 6ක් ‍යද්දි මලකඩ හුචක්කුවත් ඇරගෙන මගේ ගමනාන්තෙට මන් ළගා උනා.

22/02/2023

බෝගන්විලා

2
මමත් වයසක උන්දෑ කෙනෙක් වගෙ බලද්දි අරුන්දත් කළු කණ්ණාඩිය ගලවලා ග්ලාස් එක පාත් කරලා ඔළු ගෙඩිය එළියට දැම්මා.හපොයි දෙයියනෙ..මුළු සර්වාංගෙම දාඩියෙන් තෙත් වුණේ හිනා මෝඩ් එක එළියට එන්නත් කලින්.රොම් එකෙ බර වැඩි මතක එළියට එද්දි ඒ සංසිද්ධිය මට එච්චරම අරුමෙකුත් නෙවෙයි ඉතින්.

2.කළු කණ්ණාඩිකාරයා මගෙ ළඟට එන්න එන්න මගෙ තුෂ්ණිම්භූත මෝඩ් එක ඇකිළිලා යන ගතියක් දැනුණා.හැබැයි ඊළඟ කරුමෙ වුණේ ඩියෝඩ්රන්ට් සුවඳ කපාගෙන එන මගෙ සැබෑ පුසුඹ.කරන්න දෙයක් නෑ.මේකට තියන එකම සහ සාර්ථකම විසදුම පූල් එකක බැහැලා අවස්ථාවට මූණ දෙන එක.ගමේ නම් පාර මැද්දෙ පූල් තිබුණට මෙහෙ එහෙම නෑනෙ.
පපුවත් නිකම් වෙනම ටෝන් එකකට වැඩ කරන්න අරන්.
"අඳුරගන්න බැරි වුනාද ? " කළු කණ්ණාඩිකාරයා මගෙන් අහද්දි මං ඒකට මොන උත්තරයක් දුන්නද මතක නෑ.හිනා වුනාම ඇස් වලින් කඳුලු පැන්නා කියලා විතරයි මතක.
ආයෙත් මෙලෝ සිහියට ආවෙ ෆැක්ට්රියෙ ගේට් එක දැක්කම.
මට කාර් එකෙ දොර ඇර ගන්න නම් පළවෙනි පාරින්ම පුළුවන් වුණා.කළු කණ්ණාඩිකාරයාට බුදු සරණයි කියලා මං බහිද්දි එයා මගෙ ඇස් දිහා ටිකක් බලන් ඉදලා බුදු සරණයි කිව්වෙ.මළ මංගල්ලයයි..මිනිහාට පත්තූ වුණාද හිත හිත යන්තම් 8ට විනාඩි දෙකක් තියලා ඇගිල්ල තියා ගත්තා.පස්සෙ මගෙ අසරණ සෙරෙප්පු කුට්ටමෙන් ෆැක්ට්රි ෂූ වලට මාරු වුණාට පස්සෙ කකුල් දෙකට ටිකක් හිත අත ඇරලා ඇවිදින්න පුළුවන් වුණා.
උදේ පාන්දර පාත් වෙච්ච කරුමෙ.දවසම මොන වැඩක් පටන් ගත්තත් හිත නැංගූරම දාන්නෙ උදෙ විනාඩි විස්සක විතර මතකෙට.ඇත්තටම හැබැයි ඒ විනාඩි විස්ස කියන්නෙ අවුරුදු 18ක් 20ක් අතීතෙට අරන් යන මතක දොරක්.

21/02/2023

බෝගන්විලා...

01
සෙරෙප්පු දෙකෙන් එකක් කැඩෙන්න ඕන් මේන්.කකුල කැමති ම කුට්ටම.හැබැයි ඉතින් මාපටැගිල්ල දාන කෑල්ල කැඩුනම මොකෝ.
ඇගිලි පහ හිරවෙන්න තව පටි දෙකක්ම තිනවනෙ."යමං අදත් මා එක්කම.මං දන්නවා උඹ මාව පාර මැද්දෙ පතබාවන් නෑ.." කුට්ටමට මං කිව්වා මගේ ආදරේ.තේරුම් ගන්න ඇති.😇
ආදරේ කෙසේවෙතත්, මගෙ කම්මැලිකමයි,දුප්පත්කමයි නම් අජීවී ඒ වස්තුවට දැනෙන්න ඇති.
අප්පටසිරි ආන් වෙලාව.සෙරෙප්පුවට ලව් කර කර ඉදියානෙ.
පලයන් අදත් ටුකුවක.ඇත්තටම මට ටුකුවලට පූජ කරන පඩුරු එකතු කලා නම් මම අද සෙරෙප්පු කීයකට ලව් කරනවද,
ඕනි ඇදුම් ඔක්කොම ඇඳගන්න ඇතිනෙ.යමං මගේ කුට්ටමේ...
රූම් එකේ දොරත් ඇදගෙන කැඩන්න ළඟ මගෙ කුටටමත් දාගෙන පඩි පේළිය බැහැල එක පිම්මට පාරට දිව්වෙ.මගෙ වෙලාවට අද නම් ගේට් එක ඕපන්.
නැත්තම් මළකඩ හුචක්කුව තල්ලු කර කර ඉදලා මගෙ බෙඩ් ටී එකේ පවර් එක එතනම ලොස්.
ටිකක් දුවද්දි වම් කකුලෙ මහපටැගිල්ල දබරැගිල්ල බදාගෙන,දෙකට මැදින් තිබුණු කුට්ටමේ කෑල්ල ද්වි ඛණ්ඩණේ වෙලා.
ඇගිලි පහ ඉස්සරහින් එලියට පැනලා.තව ටිකක් පාර දුර වුණා නම් සෙරෙප්පුවෙ කාරිය කෙසේ වෙතත් වළල්ලක් වෙලා මට වද දෙනවා.
පාරට ඇවිත් කවුරුත් නැති ටුකුවක් බල බල විනාඩි පහක් විතර ඉන්න ඇති.සදුදානෙ..
වාහනත් වැඩී.කහතුඩුවෙන් හයිවේ එක්සිට් වෙන වාහන බාගයක් වගෙම කැම්පස් පාරෙන්නෙ එන්නෙ.අලුත් අලුත් මාදිලිවල වංගි.මං මුලින්ම බලන්නෙ පළාත.WP SP SB..NW..තව එක එක තිබුණත්
WP,SP,CP වාහන තමයි මං වැඩිපුර දකින්නෙ.ඒවා අස්සෙ ඉන්න ඩරයිව් කරන ගොඩක් උන් කළු කණ්ණාඩි කාරයො.මට වෙලාවකට උන් එක්ක තරහකුත් එනවා.ඒ තරහාවට හේතු එක එක වෙලාවට විවිධයි.මේ වෙලාවෙ නම් හේතුව ට්රැෆික් වැඩි කමට ලොකුම හේතුව උන් නිසා.උන් ගැන වැඩක් නෑ.මට ෆැක්ට්රියට යා ගන්නයි ඕන 8 ට කලින්.
මමත් හිතන හැටි.චික්.
මගෙ වැඩේ වෙනවා නම් මට අනික් උන් යකාට ගියා දෙන්.
වාහනවල කළු කණ්නාඩිකාරයොයි මගෙයි වෙනස මට වාහනෙයි කණ්ණාඩි නැති එකනෙ.ඉතින් රටක් හැදෙයිද.
ඒ අස්සෙ කැම්පස් එක දිහාට යන පට්ට නාරි ලීලාවක් දිහා මමත් කට ඇරගෙන බලා ඉද්දි තමයි තඩි හෝන් සද්දෙට උඩ ගියේ.මං කඩකරපු මාර්ග නීතිය ගැන මතක් කරන ගමන් හෝන් කරපු කළු කණ්ණාඩිකාරයා දිහා බැලුවෙ නළලත් රැළි කරන්.
උන්දෑ මගෙ දිහා බලන් විරිත්තනවා දැක්කෙ එතකොට.
කළු කණ්ණාඩිකාරයා...එක පාරටම මට එච්චරට මතකයක් නෑ.මෙමරි රැම් එකෙ ඉන්න එකෙක් නම් නෙවෙයි වගෙ.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when ChathuNuwan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share