Savishka Notes

  • Home
  • Savishka Notes

Savishka Notes This is a Sinhala podcast all about Cinema and Entertainment media presenting by Savishka Dilshan.

Apple Podcasts - https://apple.co/3aMaLnY
Google Podcasts - https://bit.ly/3PGppfA
Pocket Casts - https://pca.st/7z10pwvt

Episode 13 - කොරියානු සිනමා උන්මාදය 🥴ලොව පුරා රසිකයන්ගේ හදවත් දිනාගත් (ලංකාවේ විහිළුවට ලක්වෙන 😂) කොරියන් සිනමා රැල්ලේ ආර...
15/01/2023

Episode 13 - කොරියානු සිනමා උන්මාදය 🥴

ලොව පුරා රසිකයන්ගේ හදවත් දිනාගත් (ලංකාවේ විහිළුවට ලක්වෙන 😂) කොරියන් සිනමා රැල්ලේ ආරම්භය...

👉 Podcasts.lk | Apple Podcasts | Google Podcasts | Pocket cast | Castbox & more

08/01/2023

සතියේ අහපු හොදම කතා ටික 🧠🖤

• මැරෙන්නම ඕනේ උපදින්න - https://youtu.be/yqA0NG-RSWQ

• මේ වෙලාවේ අලුතින් හිතන්න - https://youtu.be/KkWxxZDEsJo

• බලන් කඩතුරා හැර දෑසේ (TechTrack) - https://youtu.be/9bcEbLT5r7c

• වටිනා මිනිහෙක් වෙන හැටි - https://youtu.be/Z-OkinJzVEI

• The Optimal Morning Routine - https://youtu.be/gR_f-iwUGY4

• ලංකාවේ ඉන්නවද? යනවද? (Simplebooks) - https://youtu.be/_hyzmiApa7o

• ලංකාව ගංජා වලින් ගොඩ දාන්න බෑ - https://youtu.be/BonMzl4u0rc

01/01/2023

Released 😎

29/12/2022

The American Dream කියන්නේ අමෙරිකාවෙ national ethos එක. එකෙන් සරලම අදහස් වෙන්නේ ඇමරිකාව කියන්නේ සෑම කෙනෙක්ටම සමානව අයිතීන් සහිත opportunities පිරුණු, ඕනෑම කෙනෙකුට මහන්සි වී තමන්ගේ dream වලට ලගා වෙන්න පුළුවන් රාජ්‍යක්‌ කියලයි (නමුත් මේ දෙය 100% සාර්ථක නැහැ කියලත් කියනවා...). මට හිතෙන විදිහට ඇමෙරිකා එක්සත් ජනපදය ඒ රටේ මිනිස්සුන්ට ඇමරිකාව ගැන විශ්වාසක්‌ ගොඩ නගන්න තමයි මෙහෙම දෙයක් නිර්මාණය කරේ.

දැන් අපේ රට ගැන කතා කරොත් කාටවත් අපේ රට ගැන විශ්වාසක්‌ නැහැ (ඒකට ඉතිං මිනිස්සුන්ට දොස් කියන්නත් බැහැ). දකින දකින හැමෝම කියන්නේ ලංකාවේ ඉදලා හරියන්නේ නැහැ, කොහොම හරි රටකට පැන ගන්න ඕනේ කියලායි.

සමහර විට අපේ රට ගැනත් මිනිස්සුන්ට විශ්වාසක්‌ ඇති කරොත් ලංකවත් opportunity පිරුණු රටක් කරගන්න පුළුවන් වෙවී.

Episode 11... 🏃🏃‍♀️🏃‍♂️
18/12/2022

Episode 11... 🏃🏃‍♀️🏃‍♂️

11/08/2022

📺 | Disney සතු ස්ට්‍රීමිං සේවා මඟින් නෙට්ෆ්ලික්ස් හි මුළු ග්‍රාහක ප්‍රමාණය පසු කරයි.

The Hollywood Reporter වාර්තා කරන පරිදි ඩිස්නි සතුව ඇති ස්ට්‍රීමිං සේවා වෙත දැනට මිලියන 221ක ග්‍රාහකයන් ප්‍රමාණයක් එක්ව තිබෙනවා. නෙට්ෆ්ලික්ස්හි මුළු ග්‍රාහකයන් ප්‍රමාණය මිලියන 220.7ක් වනවා. ඩිස්නිහි සම්පූර්ණ ග්‍රාහක සංඛ්‍යාවට Disney+ හි මිලියන 152.1, Hulu හි මිලියන 46.2 සහ ESPN+ හි මිලියන 22.8 ඇතුළත් වේ. සමාගමේ තුන්වන මූල්‍ය කාර්තුවේදී Disney+ විසින් ග්‍රාහකයින් මිලියන 14.4ක් එකතු කළ අතර Hulu සහ ESPN+ පිළිවෙලින් නව ග්‍රාහකයින් 600,000 සහ 500,000ක් එකතු කරගෙන තිබෙනවා.

එසේම Disney සමාගම සිය තුන්වන කාර්තුව තුළ නිර්මාණ සඳහා ඩොලර් බිලියන 1 කට වඩා වියදම් කර ඇති බව වාර්තා වන අතර මේ තුළට දැනට සංවර්ධනය වෙමින් පවතින සමහර ඉහළ පෙළේ Disney+ කතා මාලාවන් වන Percy Jackson and the Olympians, National Treasure: Edge of History, Nautilus, සහ The Mighty Ducks: Game Changers, Doogie Kameāloha, M.D. වැනි කතාමාලාවල නව කතාසමයන් ඇතුළත් වනවා.


වර්තමානය වන විට ලෝකයේ බහුතරයක් වගේ එක සේ රස විදින මාධ්‍යක්‌ තමයි k-dramas කියන්නේ. මට මුලින්ම මේ Korean Dramas බලන්න ලැබ...
26/07/2022

වර්තමානය වන විට ලෝකයේ බහුතරයක් වගේ එක සේ රස විදින මාධ්‍යක්‌ තමයි k-dramas කියන්නේ. මට මුලින්ම මේ Korean Dramas බලන්න ලැබුනේ ජාතික රූපවාහිනියේ විකාශනය කෙරුණු සුජාත දියණිය, අභීත දියණිය, යහපත් මහරජ වැනි සිංහල හඬ කැවු කතා මාලාවන් හරහා. මම හිතනවා බොහො දෙනෙක් ඒ විකාශනය වූ කතාවන් එකක් හරි බලලා ඇති කියලා.

එලෙස kdrama බලන්න ඇරබුනත් එතනින් එහාට බලන්න උනේ නැහැ නමුත් මෑතකදී kdramas බලන්න නැවත යොමු උනා. ඇත්තටම කියනවා නම් Korean dramas හෝ korean movies බලන බොහෝ දෙනෙක් කියනවා වගේ ඔයා kdrama එකක් බැලුවොත් බොහෝ දුරට ඔයා kdrama fan කෙනෙක් වෙනවා.

ඒකට මම දකින ප්‍රධානම දේ තමයි ඒ කතාමලාවන් වල තියෙන story එක buildup වෙලා තියෙන විදිහ. මට දැනෙන විදිහට බොහොමයක් කොරියන් කතා මාලාවන් වල තියෙන්නේ හරිම friendly setting එකක්. ඒ වගේම හරිම eye catchy colors combinations තමයි ඒ කතාවන් සහ movies වලට එයාල බොහෝ දුර‍ට යොදාගන්නේ. Location තෝරා ගන්නකොටත් හරිම ලස්සන locations තමයි තියෙන්නේ.

අනිත් ප්‍රධානම දෙය තමයි Romance. Korean dramas සහ movies වල බොහෝදුරට romance scenes ඇතුලත් වෙනවා. ඒ නිසා ගොඩක් දෙනෙක් මේ කොරියන් කතා ආදරයෙන් වැලද ගන්නවා.

කොහොම වුනත් මගේ මතය නම් සිනමා රසිකයන් ලෙස අප සෑම රටකම සිනමා නිර්මාණයන්ට ඊට ලබා දිය යුතු ඇගයීම ලබා දෙන්න ඕනේ සහ ඒවා රස විදින්න ඕනේ කියන එකයි.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Savishka Notes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share