Nimnaya

Nimnaya මනහර වූ නිම්නයක් වෙත

ලොව විශාලතම පාපන්දු සපත්තුව කටාරයේ දෝහා නුවරදී එළි දකීලබන නොවැම්බර් 20 වැනිදා කටාරයේදී ආරම්භවීමට නියමිත ලෝක කුසලාන පාපන්...
17/11/2022

ලොව විශාලතම පාපන්දු සපත්තුව කටාරයේ දෝහා නුවරදී එළි දකී

ලබන නොවැම්බර් 20 වැනිදා කටාරයේදී ආරම්භවීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ උණුසුමට සමගාමීව ලොව විශාලතම පාපන්දු සපත්තුව එරට දෝහා අගනුවර පිහිටි කටාරා සංස්කෘතික ගම්මානයේදී එළිදැක්වීම පසුගියදා සිදුවිය.

මෙම පාපන්දු සපත්තුව අඩි 17ක දිගකින් යුක්තය. එසේම එය අඩි 7ක් උසය. එහි බර කිලෝග්රෑංම් 500ක් ලෙස ගණන් බලා තිබේ. මෙහිදී එම සපත්තු නිෂ්පාදනය සඳහා යොදා ගෙන ඇත්තේද සාමාන්ය පාපන්දු සපත්තු නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්රමව්ය් වීම විශේෂත්වයයි. ඒ අනුව නූල්, හම්, රෙක්සින්, ෆෝම් සහ ඇක්රලික් ෂීට් මේ සඳහා යොදා ගෙන තිබේ. මෙම සපත්තුව සුදු පැහැයෙන් නිමවා ඇති අතර, එහි දෙපැත්තේ නිල් පැහැති ඉරි තුනක් සටහන් කර තිබේ.

මොහොමඩ් ඩිලීෆ් මෙම සපත්තුවේ නිර්මාණකරුවාය. ඔහුට අනුව එහි වැඩ අරඹා ඇත්තේ පසුගිය අප්රේගල් මාසයේදී වන අතර සම්පූර්ණ කර ඇත්තේ ඔක්තෝබර් මාසයේදීය. ඒ අනුව මෙම නිර්මාණය සඳහා මාස හතක කාලයක් ගත වී තිබේ.

ඩිලීෆ් මීට පෙරත් ගිනස් ලෝක වාර්තා කිහිපයක් සඳහාම දායක වී ඇති අතර, ලෝකයේ විශාලතම කුරානය, ලොව විශාලතම මාකර් පෑන, බයිසිකලය, සැනිටයිසරය, ස්කුරුප්පු නියන ඇතුළු නිර්මාණ රැසකම නිර්මාණකරුවා ඔහුය.

අද දිනයේදී ලෝක ජනගහනය බිලියන අටක් වෙයිඅද (2022 නොවැම්බර් 15) දිනයේදී ලෝක ජනගහනය බිලියන අටක් බවට පත්වන බව එක්සත් ජාතීන්ගේ...
15/11/2022

අද දිනයේදී ලෝක ජනගහනය බිලියන අටක් වෙයි

අද (2022 නොවැම්බර් 15) දිනයේදී ලෝක ජනගහනය බිලියන අටක් බවට පත්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එම සංවිධානයේ ආර්ථික විද්යාි සහ සමාජ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ ගණන් බැලීම්වලට අනුව මේ බව සඳහන් කෙරී තිබේ.

එම දෙපාර්තමේන්තුව මගින් පසුගිය ජූලි මාසයේදී නිකුත් කරන ලද World Population Prospects 2022 වාර්තාව තුළ මෙම ලෝක ජනගහන සංඛ්යාූලේඛන පුරෝකතනය පිළිබඳව සඳහන්ව තිබුණි. ඒ අනුව 2011 වසරේදී ලෝක ජනගහනය බිලියන 7ක් බවට පත්වීමෙන් අනතුරුව එය තවත් බිලියනයකින් ඉහළ ගොස් බිලියන 8ක් බවට පත්වීම සඳහා වසර 11ක කාලයක් ගත වී තිබේ.

මේ අතරින් ලොව වැඩිම ජනගහනයක් සහිත රට වන්නේ චීනයයි. එරට සමස්ත ජනගහනය බිලියන 1.45කි. එසේම ඉන්දියාව බිලියන 1.41ක ජනගහනයක් සමගින් දෙවැනි ස්ථානයේ පසුවෙයි. කෙසේ වෙතත් 2023 වසර වනවිට ඉන්දියාව, චීනය අභිබවා ලොව වැඩිම ජනගහනයක් සහිත රට බවට පත්වනු ඇතැයි අපේක්ෂාව වී තිබේ.

මෙලෙස ආසන්න කාලසීමාවේදී ලෝකයේ ජනගහනය ඉහළ යෑම සඳහා මූලිකවම හේතු වූයේ ලොව මරණ අනුපාතය පහත වැටීම බව පර්යේෂකයන් පවසයි. එහිදී ලොව පුරා නව උපත් ඇති වීමේ අපේක්ෂාව ඉහළ යාමත් සමගින්ම ඇති වූ මරණ අනුපාතයේ පහත වැටීම මේ සඳහා දායක වී ඇත.

2019 වන විට ලොව පුරා ආයු අපේක්ෂාවේ සාමාන්ය අවුරුදු 72.8ක් ලෙස සටහන්ව ඇති අතර, එය 1990 වසරේ පැවැති ආයු අපේක්ෂාවට වඩා අවුරුදු 09ක වැඩිවීමකි.

මෙම ජනගහන වර්ධනයත් සමගින්ම වසර 2030 වන විට ලෝක ජනගහනය බිලියන 8.5ක් දක්වාත්, වසර 2050 වන විට ලෝක ජනගහනය බිලියන 9.7ක් දක්වාත් 2080 වන විට එය බිලියන 10.4ක් දක්වාත් ඉහළ යනු ඇතැයි පුරෝකතනය කෙරී තිබේ.

එලෝන් මස්ක්ගේ SPACEX රොකට්ටු යවන්න වඩාත් ලාභ තැන ෆ්ලොරීඩාව නෙමේ ලංකාවලු?ලොව අංක එකේ ධනවතා ලෙස සැලකෙන එලෝන් මස්ක් විසින් ...
11/11/2022

එලෝන් මස්ක්ගේ SPACEX රොකට්ටු යවන්න වඩාත් ලාභ තැන ෆ්ලොරීඩාව නෙමේ ලංකාවලු?

ලොව අංක එකේ ධනවතා ලෙස සැලකෙන එලෝන් මස්ක් විසින් ක්රිලයාත්මක කර ඇති SpaceX සමාගම යටතේ දියත් කෙරෙන දැවැන්ත Falcon Heavy රොකට්ටු කක්ෂගත කිරීම සඳහා වඩාත් ලාභදායී තැන එක්සත් ජනපදයේ ෆ්ලොරීඩාව නොව ශ්රී් ලංකාව බව ඒ පිළිබඳව අධ්යටයනයේ යෙදෙන පිරිස් පවසා සිටියි.

ඔවුන් සඳහන් කරන ආකාරයට ස්වාභාවිකව ශ්රීl ලංකාව පිහිටා ඇති ගෝලීයව අඩුම ගුරුත්වයක් සහිත ප්රනදේශය මේ සඳහා යොදා ගැනීමෙන් මස්ක්ගේ SpaceX සමාගමට සිය Falcon Heavy රොකට්ටුව කක්ෂගත කිරීම සඳහා යන වියදමින් එක්සත් ජනපද ඩොලර් 190,000ක් එනම් රුපියල් මිලියන 70ක් පමණ (70,300,000) ඉතිරි කර ගැනීමේ හැකියාව පවතී.

දැනට ගණන් බලා ඇති ආකාරයට ගෝලීය ගුරුත්වයේ සාමාන්යරය අගය වර්ග තත්ත්පරයට මීටර් 9.8කි (9.8m/s2). එනම් ලෝකයේ ඕනෑම ස්ථානයකදී යම් වස්තුවක් ඉහළ සිට පහළට වැටීමේ වේගයේ සාමාන්යයය අගය වර්ග තත්පරයට මීටර් 9.8කි.

හඳුනාගෙන ඇති ඇති ආකාරයට ශ්රී ලංකාවේ මෙම ගුරුත්වයේ අගය වර්ග තත්ත්පරයට මීටර් 9.7ක් (9.77773m/s2) වෙයි. එහෙත් එලෝන් මස්ක්ගේ SpaceX හි Falcon Heavy රොකට්ටු කක්ෂගත කෙරෙන එක්සත් ජනපදයේ ෆ්ලොරීඩාහි කේප්කැනවරල් තුඩුව ආශ්රිමත ප්රතදේශයේ එම ගුරුත්වයේ අගය වර්ග තත්ත්පරයට මීටර් 9.8ක් (9.7979 m/s2) වෙයි.

ඒ අනුව උදාහරණයක් ලෙස අප යම් වස්තුවක් ශ්රී. ලංකාවේ සිට සහ ෆ්ලොරීඩාවේ සිට මීටර් 100ක උසකින් අතහැරීමේදී එය පොළොවට පතිත වීමේ ෆ්ලොරීඩාවේදී ගතවන කාලයට වඩා මිලිතත්පර 21.5ක් පමා වී එය ශ්රීර ලංකාවේදී පොළවට පතිත වීම සිදුවෙයි.

එනම් යම් රොකට්ටුවක් කක්ෂගත කිරීමේදී එම රොකට්ටුවට එල්ල වන ගුරුත්වය ෆ්ලොරීඩාවට වඩා ශ්රීට ලංකාවේදී .021෴කට වඩා අඩුය. ඒ අනුව SpaceX සතුව ඇති Falcon Heavy මාදිලියේ දැවැන්ත රොකට්ටුවක් කක්ෂගත කිරිම සඳහා වන ඉන්ධන පිරිවැය ශ්රීය ලංකාවේදී කැපී පෙනෙන ලෙස අඩු වන බවත් මෙම පර්යේෂකයන්ගේ අදහස වී තිබේ.

මෙම එක් රොකට්ටු මෙහෙයුමක් සඳහා වැය වන මුදල ඩොලර් 190,000කින් ඉතිරි කරගත හැකි බව පැවසෙන්නේ මෙම කරුණ පදනම් කර ගනිමිනි.

SpaceX සමාගමේ මෙම Falcon Heavy මාදිලියේ රොකට්ටුව දැනට ලොව ඇති වඩාත් බලසම්පන්නම රොකට්ටුව ලෙසින් සැලකෙයි. මේ දක්වා අවස්ථා හතරකදී එම රොකට්ටුව කක්ෂගත කෙරී ඇති අතර, අවසන් සාර්ථක අවස්ථාව පසුගිය නොවැම්බර් 01 වැනිදා සිදු විය. මෙම එක් කක්ෂගත කිරිමක් සඳහා වැය වන මුදල ඩොලර් මිලියන 150ක් ලෙස ගණන් බලා තිබේ.

මෙලෙස ශ්රීල ලංකාව අවට කලාපය තුළ ගුරුත්වය අඩුවීම සඳහා එහි ස්වාභාවික පිහිටීම හේතුවක් වී තිබෙන බවත්, ශ්රීං ලංකාව අවට මුහුදේ ඇති ජලයෙන් යටවුණු පාෂාණ තට්ටුව සහ එම පාෂාණවල පවතින ඝනත්වය හේතුවෙන් මෙලෙස ගුරුත්වය පහළ මට්ටමක් ගන්නා බවත් විද්යාවඥයන් සොයා ගෙන ඇත.

එලෝන් මස්ක් හදුන්වාදෙන නවතම මානවරූපී රොබෝව Optimusලොව ජනප්රි්ය විදුලි මෝටර් රථ මාදිලියක් වන Tesla හි නිර්මාතෘවරයා වන සුප...
03/10/2022

එලෝන් මස්ක් හදුන්වාදෙන නවතම මානවරූපී රොබෝව Optimus

ලොව ජනප්රි්ය විදුලි මෝටර් රථ මාදිලියක් වන Tesla හි නිර්මාතෘවරයා වන සුප්රකසිද්ධ ව්යවවාසයක එලෝන් මස්ක් පසුගියදා සිය නවතම ඉදිරිපත් කිරීම ලෙස Optimus නමින් මානවරූපී රොබෝවක මූලාකෘත්රිරයක් හඳුන්වා දී තිබේ.

එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි පාලෝ ඇල්ටෝහිදී පැවැති Tesla AI Day 2022 අවස්ථාවේදී මෙම නවතම එළිදැක්වීම සිදුව තිබේ.

මෙම Optimus මානවරූපී රොබෝව වඩාත් නවීනතම කෘත්රිAම බුද්ධි (AI – Artificial Intelligence) තාක්ෂණයෙන් යුක්ත නිර්මාණයක් බව එලෝන් මස්ක් පවසයි. එසේම මෙම රොබෝව සතුව ස්වයංක්රීාය මෝටර් රථ ධාවන හැකියාවන්ගෙන්ද සමන්විතය.

විශේෂයෙන්ම Tesla සමාගමේ පර්යේෂණ අංශය විසින් ස්වයංක්රීවයව ක්රිායාත්මක කෙරෙන රොබෝ සහ විදුලි මෝටර් රථ තාක්ෂණය සම්බන්ධයෙන් සිදු කර ඇති අධ්යෂයනයන්ගේ නවතම සාර්ථකත්වය විදහා දැක්වීම වෙනුවෙන් මස්ක් මෙම Tesla AI Day 2022 හිදී එම එළිදැක්වීම සිදුකළ ව තාක්ෂණික විචාරකයන්ගේ අදහස වී තිබේ.

දැනට මාස අටකට පමණ පෙරාතුව ඔවුන් මෙම ව්යායපෘතිය ආරම්භ කර තිබේ. මෙම රොබෝව සතුව ඇති ස්වයං-ධාවන මෘදුකාංගය මෙන්ම රොබෝවේ දෘඩාංගද නිර්මාණය කර ඇත්තේ Tesla හි කෘත්රිවම බුද්ධි පර්යේෂණ අංශය මගිනි. මානවයන් හා සමාන රොබෝවරුන් ලෝකය වෙනස් කළ හැකිය යන මස්ක්ගේ දැක්ම යටතේ මෙම රොබෝව නිර්මාණය කෙරී තිබේ.

මෙහිදී Optimus රොබෝව Tesla AI Day 2022 වේදිකාවේ එහා මෙහා ඇවිදිමින්, පැමිණ සිටි පිරිසට ආචාර කරමින් ඔවුන් පුදුමයට පත් කර තිබේ. කෙසේ වෙතත් තවමත් මෙම මුලකෘත්රිිය මූලික මට්ටමේ පවතින්නක් වීම හේතුවෙන් එය වඩාත් සංකීර්ණ රොබෝවක් ලෙස ජනතාව අතට ඒම සිදුවිය. එහෙත් කිසිදු ආධාරයක් නොමැතිව රොබෝව වේදිකාවක් මත ඇවිදීම සිදු කළේ එම දිනයේදී බව පවසා ඇති මස්ක්, එය Tesla ලැබූ ජයග්රෙහණයක් බවත් පවසා ඇත.

මස්ක් සඳහන් කරන ආකාරයට මෙම අවස්ථාවේදී සජීවීව සිදුකළ කාර්යයන්වලට අමතරව තවත් බොහෝ දේ මෙම රොබෝව හට සිදු කළ හැකිය. ඒ අනුව ඉදිරියේදී වඩාත් දියුණු කෙරෙන මෙම Optimus රොබෝව Tesla සමාගම සඳහා සේවයේ යොදවා ගන්නා බවත් මස්ක් පවසා තිබේ.

මේ අතර ඉදිරියේදී Optimus රොබෝ මිලියන ගණනින් නිෂ්පාදනයත් මස්ක්ගේ අදහස වී තිබේ. එසේම තවත් වසර තුනත් පහත් අතර කාලයකදී එය වෙළෙඳ පොළට නිකුත් කිරීමත් සැලසුම වී තිබේ. එහිදී එක් රොබෝවක් සිය Tesla විදුලි මෝටර් රථයකට වඩා මිල අඩු වනු ඇති බවත්, බොහෝ දුරට එය ඩොලර් 20,000ක් වැනි මිලක් ගනු ඇති බවත් ඔහු පවසයි.

Tesla සමාගම මෙම අවස්ථාවේදී ප්රකසිද්ධියට පත් කළ වීඩියෝවක් තුළ Optimus රොබෝව සිය පූර්ණ ස්වයං ධාවන Tesla රථයක් පැද යන ආකාරය, භාණ්ඩ රැගත් පෙට්ටි එක් තැනකින් තවත් තැනකට රැගෙන යන ආකාරය, යන්ත්රයයක් වෙත යකඩ බාර් ඇතුළු කිරීම වැනි ක්රිකයාකාරකම් ඇතුළත්ව තිබේ.

මෙම කටයුතු වඩාත් දක්ෂලෙස සිදු කිරීමට පහසුවන ලෙස Optimus රොබෝව සතුව මිනිසෙකු හා සමානවම ඇගිලි හතරක් සහ මහපට ඇගිල්ලක් ඇත. මෙම රොබෝවේ සම්පූර්ණ බර කිලෝග්රෑමම් 72ක් වන අතර, එහි 2.3kWh ක ධාරිතාවකින් යුත්බැටරියක් සවි කර තිබේ.

මේ අතර මස්ක් පළමුවරට හඳුන්වාදුන් මෙම මානවරූපී රොබෝව අනාගතයේදී වඩාත් සාර්ථක මානවරූපී රොබෝවක් බවට පත්වනු ඇතැයි විශ්වාස කළ හැකි බවද තාක්ෂණික විශේෂඥයන්ගේ අදහස වී තිබේ. එහිදී විශේෂයෙන්ම අනාගතයේදී නිවෙස් සඳහා අවශ්යද මිනිසුන් හා සමාන රොබෝ තාක්ෂණයක් දියුණු කිරීම සඳහා මස්ක් යොමුවනු ඇතැයි සඳහන් වෙයි.

ලොව පුරා කුහුඹුවන් ට්රි ලියන 20ක්අද වනවිට ලොව පුරා ජීවත් වන කුහුඹුවන් සංඛ්යා ව ට්රි ලියන 20ක් ඉක්මවන බව අලුත්ම අධ්යියනයක...
29/09/2022

ලොව පුරා කුහුඹුවන් ට්රි ලියන 20ක්

අද වනවිට ලොව පුරා ජීවත් වන කුහුඹුවන් සංඛ්යා ව ට්රි ලියන 20ක් ඉක්මවන බව අලුත්ම අධ්යියනයක් මගින් අනාවරණය කරයි.

හොංකොං විශ්වවිද්යාහලයේ සහ ජර්මනියේ Wurzburg විශ්වවිද්යාිලයේ විද්යාකඥයන් කණ්ඩායමක් එක්ව මෙම පර්යේෂණය සිදු කර තිබේ.

ඒ අනුව මෙම කුහුඹු ගහනය ලොව වෙසෙන සෑම මිනිසෙකුටම කුහුඹුවන් මිලියන 2.5ක සංඛ්යා‍වක් වන ලෙස පවතින බව ගණන් බලා ඇත.

එසේම මෙම ගහනය ලොව වනාන්තර තුළ වෙසෙන සමස්ත පක්ෂීන් සහ ක්ෂීරපායින් එකතුවට සමාන බවත් මෙම අධ්යනයනය මගින් පෙන්වා දෙයි.

මෙම අධ්යියනයේදී ගොඩබිම සහ ගස් ආශ්රිොතව වාසය කරන කුහුඹුවන් කොපමණක් සිටීද යන්න ගණන් බලා තිබේ. ඒ සඳහා ලොව සෑම මහාද්වීපයක්ම, වනාන්තරයක්ම, මිනිස් වාසස්ථානයක්ම ආවරණය වන පරිද්දෙන් ලබාගත් අධ්ය යන 489ක තොරතුරු විශ්ලේෂණය කෙරී තිබේ.

දත්ත වාර්තාවලට අනුව වර්තමානයේදී ලොව පුරා කූඹි විශේෂ සහ උපවිශේෂ 15,700ක් හඳුනාගෙන තිබේ. කුහුඹුවන්පෘථිවියේ පරිසර පද්ධතියේ අඛණ්ඩතාව සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

විශේෂයෙන්ම ශාක බීජ ව්යාිප්තියට, දිරාපත්වීම වේගවත් කිරීමට මෙන්ම විලෝපිතයන්ගේ සහ ගොදුරු අතර ආහාර දාමය සකස් කිරිම සඳහාද ඔවුන් සහාය දක්වයි.

කෙසේ වෙතත් වර්තමානයේදී සිය වාසස්ථාන අහිමිවීම, ආක්රේමණික විශේෂ මෙන්ම දේශගුණික විපර්යාසවල බලපෑම හේතුවෙන් අද වනවිට ලොව පුරා කුහුඹු ගහනය ක්ර,මයෙන් හීන වෙමින් පවතින බවත් වාර්තා සඳහන් කරයි.

චීනයත් අභ්ය‍වකාශ චාරිකා සැලසුම් කිරීමේ සූදානමක - ටිකට් පතක් ඩොලර් 287,200 සිට 430,800ක මිලකටචීනය ඉදිරියේදී වාණිජ වශයෙන් ...
19/09/2022

චීනයත් අභ්ය‍වකාශ චාරිකා සැලසුම් කිරීමේ සූදානමක - ටිකට් පතක් ඩොලර් 287,200 සිට 430,800ක මිලකට

චීනය ඉදිරියේදී වාණිජ වශයෙන් අභ්යරවකාශ චාරිකා සංවිධානය කිරීමේ සූදානමක පසුවන බව වාර්තා වෙයි. ඒ අනුව වසර 2025 පමණ වන විට සිය පළමු සංචාරක කණ්ඩායම මෙලෙස අභ්ය.වකාශ චාරිකාවේ රැගෙන යාම සැලසුම වී තිබේ.

මෙහිදී එක් අභ්ය5වකාශ සංචාරකයෙකුගෙන් සිදු කරන අය කිරීම යුආන් මිලියන 2ත් 3ත් අතර අගයක් ගනු ඇතැයි සඳහන් වෙයි. මෙය ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් 287‍,200 සිට 430,800ත් අතර වටිනාමක් ගනී.

චීනයේ ජ්යේෂ්ටතම රොකට් විද්යා ඥයෙකු වන යැන්ග් යිකුයින්ග් මෙම තොරතුරු අනාවරණය කර තිබේ. ඔහු 2018 වසරේ ක්රිතයාත්මක වූ Long March 11 රොකට්ටු ව්යානපෘතියේ අධ්යරක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ අතර, පසුව ඔහුගේ මූලිකත්වයෙන් CAS Space නමින් රොකට් සමාගමක් බීජිං නුවරදී පිහිටුවා ගෙන තිබේ.

ඒ අනුව අභ්ය වකාශ සංචාරක සේවා සඳහා පිවිසෙන නවතම රට බවටත් චීනය මේ සමගින්ම පත්වීමට නියමිතව ඇත.

දැනටමත් ලොව තුළ මෙම අභ්යහවකාශ චාරිකා ක්ර ම තුනක් යටතේ සිදු කෙරේ. එහි පළමු වැනි ක්රකමය වන්නේ ජාත්යතන්තර අභ්යළවකාශ මධ්ය්ස්ථානය (ISS) වෙත සංචාරකයන් රැගෙන යාමයි.

දෙවැන්න නම් භාණ්ඩ ප්රයවාහන ගුවන් යානයක සවි කෙරෙන අභ්ය(වකාශ යානයක් ඉහළ උන්නතාංශයකදී අභ්යනවකාශය වෙත යැවීමයි. දැනටමත් වර්ජින් ගැලක්ටික් ආයතනය මෙම ක්රංමය යොදා ගන්නා අතර, එහිදී යානයේ එක් ආසනයක් සඳහා අය කිරීම ඩොලර් 450‍,000 කි.

තෙවැනි ක්ර්මය වන්නේ උපකක්ෂීය අභ්ය වකාශ සංචාරයයි. මෙහිදී චීනයත් වැඩි අවධානයක් යොමු කර ඇත්තේ මෙම තෙවැනි ක්රවමය කෙරෙහිය. එය බොහෝ සංචාරකයන් සඳහා වඩාත් හිතකර වනු ඇතැයි අදහස වී තිබේ.

ලෙබනන කාන්තාවක් පිස්තෝලයක් සහිතව බැංකුවට ඇතුළු වී බැංකු පොතෙන් ඩොලර් 12,000ක් රැගෙන යයිලෙබනනයේ බේරූට් අගනුවර පදිංචි කාන්...
15/09/2022

ලෙබනන කාන්තාවක් පිස්තෝලයක් සහිතව බැංකුවට ඇතුළු වී බැංකු පොතෙන් ඩොලර් 12,000ක් රැගෙන යයි

ලෙබනනයේ බේරූට් අගනුවර පදිංචි කාන්තාවක් ඊයේ දිනයේදී එරට BLOM බැංකුවේ ශාඛාවක් වෙත ගොස් එහි සිටි කාර්ය මණ්ඩලයට පිස්තෝලයක් පෙන්වා, බැංකුව තම බැංකු ගිණූමේ රඳවා ගෙන තිබූ ඩොලර් 12,000ක මුදලක් ලබා ගැනීමේ පුවතක් වාර්තා වෙයි.

මෙහිදී ඇය සමග තවත් සමාජ ක්රිවයාකාරිකයන් පිරිසක්ද මෙම අවස්ථාව වෙත සම්බන්ධ වී තිබේ. කෙසේ වෙතත් මෙය සෙල්ලම් පිස්තෝලයක් බව පසුව අනාවරණය වී ඇත.

සාලියා හෆෙස් නම් මෙම කාන්තාව එරට රූපවාහිනි නාලිකාවකට පවසා ඇති ආකාරයට, මෙම මුදල් ලබා ගෙන ඇත්තේ පිලිකාවකින් පීඩාවිදින සිය සහෝදරියගේ ප්රවතිකාර වෙනුවෙනි. ඇයට අනුව බැංකු ගිණුමේ ඇති මුදල් ලබා ගැනීමට අවස්ථා කිහිපයකදීම ඇය බැංකුව වෙත ගොස් තිබේ. එහෙත් තමාට ලබා ගත හැක්කේ ඩොලර් 200ක් වටිනාකමකට සමාන ලෙබනන පවුම් බව බැංකුව තමාට පැවසූ බව ඇය සඳහන් කරයි. ඒ අනුව සිය ඥාති දරුවෙකුගේ සෙල්ලම් පිස්තෝලයක් රැගෙන බැංකුවට ගොස් එම මුදල් ලබා ගත් බව ඇය පවසයි.

“මම බැංකු කළමනාකරු ඉදිරියේ මගේ සල්ලි ගන්න වැඳවැටුණා. මම කිව්වා මගේ සහෝදරිය මැරෙන්න යන්නේ කියලා. මට වැඩිවෙලාවක් ඉතිරි වෙලා නෑ කියලා. මට නැතිවෙන්න දෙයක් තිබුණේ නෑ. ඒ නිසා මම මේ දේට යොමු වුණා.”යනුවෙන් ඇය පවසා ඇත.

හෆේස් සමගින් මෙම කටයුත්තට සහාය දැක්වූ සමාජ ක්රිකයාකාරිකයන් පිරිස ලෙබනන බැංකු තුළ මුදල් තැන්පත්කරුවන් කණ්ඩායමකි. එම පිරිස Depositors Outcry protest group ලෙස හැඳින්වෙන අතර, ඔවුන් ලෙබනන බැංකු මගින් සිදුකරන සිය තැන්පතු රඳවා තබා ගැනීමට එරෙහිව විරෝධය පළ කරයි.

ලෙබනනය මුහුණ දී සිටින දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් එරට තැන්පත්කරුවන්ට සිය තැන්පත් මුදල් ආපසු ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත්තේ ඉතාමත් සීමිත ආකාරයෙනි.

“මගේ ගිණුමේ ඩොලර් 20,000ක තියෙනවා. ඒත් බැංකුව මේ සියල්ලම හිරකරගෙන ඉන්නේ. දැනටමත් මා ගාව තිබ්බ ගොඩක් දේවල් විකුණලා තියෙන්නේ. මගේ අවුරුදු 23ක් වෙන නංගිගේ පිළිකාවට බේත් කරන්න මම දැන් මගේ වකුගඩුවක් හරි විකුණන්න කල්පනා කරලයි තියෙන්නේ.” යනුවෙන්ද හෆේස් පවසා තිබේ.

1990 සිට 2020 දක්වා කාලය තුළ කැස්බෑවුන් ලක්ෂ 11ක් දඩයම් කරලා1990 වසරේ සිට 2020 දක්වා වූ දශක තුනක කාලයේදී ලොව පුරා කැස්බෑ...
15/09/2022

1990 සිට 2020 දක්වා කාලය තුළ කැස්බෑවුන් ලක්ෂ 11ක් දඩයම් කරලා

1990 වසරේ සිට 2020 දක්වා වූ දශක තුනක කාලයේදී ලොව පුරා කැස්බෑවුන් ලක්ෂ 11ක සංඛ්යාවවක් නීතිවිරෝධීව දඩයම් කෙරී ඇතැයි අලුත්ම අධ්යකයන වාර්තාවක් මගින් පෙන්වා දෙයි. එක්සත් ජනපදයේ ඇරිසෝනා රාජ්යඩ විශ්වවිද්යා්ලයේ පර්යේෂකයන් පිරිසක් මෙම අධ්යගයනය සිදු කර තිබේ.

මෙය මෙලෙස නීතිවිරෝධී කැස්බෑවුන් දඩයම සම්බන්ධයෙන් ලොව සිදු කෙරුණු එකම සහ පළමු ගෝලීය ඇස්තමේන්තුව ලෙසින්ද සැලකෙයි. මෙහිදී ලොව රාජ්යසයන් 56ක සහ කලාපීය කැස්බෑ කළමනාකරණ ඒකක 58ක් අතරින් 44ක් වෙත අවධානය යොමු කරමින් එම වාර්තාව සකස් කර තිබේ.

වාර්තාවට අනුව ගතවුණු ආසන්නතම වසර 10ක කාලයකදී ලොව පුරා නීතිවිරෝධීව දඩයම් කෙරී ඇති කැස්බෑවුන් සංඛ්යාුව 44,000කට අධික වෙයි.

විශේෂයෙන්ම ආහාර සඳහා, ඖෂධ සඳහා මෙන්ම සුඛෝපභෝගී භාණ්ඩ නිෂ්පාදනය සදහා මෙලෙස මිනිසුන් දිගින් දිගටම කැස්බෑවුන් දඩයම් කරමින් සිටියි.

මෙම වාර්තාවට අනුව ලොව පුරා වැඩියෙන්ම දඩයමට ලක් වන කැස්බෑ විශේෂය වන්නේ කොළ කැස්බෑවන්ය. ඒ අනුව සමස්ත කැස්බෑ දඩයමින් 56%ක්ම එම කැස්බෑවුන් වන අතර, දෙවැනියට වැඩියෙන්ම දඩයම් වන්නේ hawksbill කැස්බෑවන්ය. එය 39%ක ප්ර තිශතයකි.

මේ අතරින් කොළඹ කැස්බෑවුන් අද වනවිට තර්ජනයට ලක්ව ඇති විශේෂයක් ලෙසද ස්වභාව සංරක්ෂණය සඳහා වන ජාත්යඹන්තර එකමුතුව (IUCN) සඳහන් කරයි. එසේම Hawksbill කැස්බෑවුන් දරුණු ලෙස තර්ජනයට ලක් වූ විශේෂයක් ලෙස නම් කර තිබේ.

රැජිනගේ අවමංගල්යෙයට පැසිපික් දූපත් රාජ්යි නායකයන්ට‍ ඔස්ට්රේටලියානු අගමැතිගෙන් ගමන් පහසුකම්දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවම...
15/09/2022

රැජිනගේ අවමංගල්යෙයට පැසිපික් දූපත් රාජ්යි නායකයන්ට‍ ඔස්ට්රේටලියානු අගමැතිගෙන් ගමන් පහසුකම්

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්යෙ උත්සවය වෙනුවෙන් සහභාගි වීමට බලාපොරොත්තු වනසොලමන් දූපත්, පැපුවා නිව් ගිනියා, සැමෝවා සහ ටුවාලු රාජ්ය් නායකයන්ට‍ තමන් ගුවන් ගමන් පහසුකම් සලසන බව ඔස්ට්රේ ලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් පවසයි.

මෙම රාජ්යසයන් සියල්ලම බ්රිඅතාන්යඇ කිරීටයට යටත් රාජ්ය යන් වන අතර, පැසිෆික් කලාපයේ පිහිටි පොදු රාජ්යත මණ්ඩලයට අයත් තවත් රාජ්යයයන්ද ඇතුළු රාජ්යියන් 10ක් මෙම අවමංගල්යට උත්සවයට සහභාගිවීම සදහා ඔස්ට්රේ ලියාවෙන් සහාය ඉල්ලා තිබූ බවත් අගමැතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

“මම කැමති නැහැ ප්ර්වාහන ගැටලු නිසා මේ දූපත් රාජ්යායන්හි නායකයන්ට ලබන සඳුදා පැවැත්වෙන රැජිනගේ අවමංගල්යැ උත්සවයට සහභාගි වීමේ අවස්ථාව අහිමි වෙනවා දකින්න.” යනුවෙන් ඔස්ට්රේැලියානු අගමැතිවරයා පවසා තිබේ.

ඒ අනුව පොදුරාජ්ය මණ්ඩලීය සාමාජිකත්වය සහිත පැසිපික් කලාපීය රාජ්ය යන්හි 10හිම ජ්යෙැෂ්ට නියෝජිතයන් මේ ගමනට එක් කරගැනීමට යෝජනා කළ බවත්, දැනටමත් ඒ සඳහා රාජ්ය න් හතරක් කැමැත්ත පළ කර ඇති බවත් අගමැතිවරයා සඳහන් කර ඇත.

ඒ අනුව ෆිජි, කිරිබාටි, නාවුරු, ටොන්ගා සහ වනාටු යන රාජ්යහයන් මෙම අවස්ථාව ලබාගැනීමට කැමැත්ත පළ කිරීමට නියමිතව තිබේ.

ඔස්ට්රේනලියානු අගමැතිවරයා අද (බ්රපහස්පතින්දා) දිනයේදී බ්රි තාන්යා බලා පිටත්වීමට නියමිතව තිබේ. එහිදී ඔහු සමගින් නියෝජිතයන් පිරිසක්ද බ්රි තාන්යඇ බලා පිටත් වෙයි.

මේ අතර නවසීලන්ත අගමැතිනී ජෙසින්ටා ආර්ඩෙර්න්ද, එරට ස්වදේශිකයන් අයත් මඕරි ගෝත්රවයේ රජු වන කින්ගි ටුහෙයිටියා සමගින් බ්රිනතාන්යද බලා පිටත්වීමට නියමිතව ඇතැයිද සඳහන් වෙයි. දැනටමත් නවසීලන්තය බ්රිගතාන්යම වෙත සිය නියෝජිතයෙකු යවා ඇතැයිද පැවසෙයි.

නියඟය නිසා සිම්බාබ්වේහි වන සතුන් 2,500ක් වෙනත් ස්ථානයක් වෙත සිම්බාබ්වේහි දකුණු දිග ප්‍රදේශයේ පවතින දැඩි නියඟ තත්ත්වය හේත...
10/09/2022

නියඟය නිසා සිම්බාබ්වේහි වන සතුන් 2,500ක් වෙනත් ස්ථානයක් වෙත

සිම්බාබ්වේහි දකුණු දිග ප්‍රදේශයේ පවතින දැඩි නියඟ තත්ත්වය හේතුවෙන් එහි වාසය කළ වන සතුන් 2,500කට අධික පිරිසක් විවිධ ක්‍රම මගින් ඊට මදක් උතුරුට වන්නට පිහිටි වනාන්තර ප්‍රදේශ වෙත රැගනෙ යාම සිදු කරන බව බලධාරීන් පවසයි.

මෙම මෙහෙයුම “Project Rewild Zambezi‘ ලෙස නම් කර තිබේ. මෙහිදී එම සතුන් Zambesi ගංගා නිම්නය වෙත රැගෙන යාම අරමුණ වී තිබේ. එසේම ඒ හරහා එම ප්‍රදේශය ආශ්‍රිතව වනජීවී ගහනය වර්ධනයත් සැලසුම බව බලධාරීන් පවසයි.

වර්තමානයේදී සිම්බාබ්වේහි දකුණු දිග ප්‍රදේශයේ පවතින මෙම නියඟ තත්ත්වය හේතුවෙන් එම සතුන් දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත්වීමේ තර්ජනයට මුහුණ දී සිටියි. ඒ අනුව මෙය දකුණු අප්‍රිකානු කලාපය තුළ සිදුකළ දැවැන්තම සජීවී සතුන් නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ මෙහෙයුම ලෙසින්ද සැලකෙයි.

මෙහිදී මුවන් 2,000ක්, ඇතුන් 400ක්, ගිරාෆ් සතුන් 70ක්, මී ගවයන්, සීබ්‍රාවුන් සහ elands නමින් හැඳින්වෙන විශාල ප්‍රමාණයේ මුවන් 50ක් බැගින්, සිංහයන් 10ක් සහ කැලෑ බල්ලන් 10ක් ඇතුළුව තවත් සතුන් පිරිසක් මෙලෙස උතුරු දිග ප්‍රදේශය වෙත රැගෙන ගොස් තිබේ.

බලධාරීන්ට අනුව මෙම සතුන් උතුරු දිගින් පිහිටි Sapi, Matusadonha සහ Chizarira යන සංරක්ෂිත ප්‍රදේශ තුළ නැවත ස්ථානගත කර තිබේ.

මෙලෙස එම සතුන් එම ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන යාමෙන් තොරව පැවැති එකම විකල්පය වී ඇත්තේ එම සතුන් ඝාතනය කිරිමයි. එහෙත් 1987 වසරින් පසුව සිම්බාබ්වේ රාජ්‍යය තුළ එවැනි ආකාරයට වනසතුන් ඝාතනය කිරීමක් සිදු කර නොමැති අතර, එවැනි විකල්පයකට යාම ප්‍රතිඵලයක් නොමැති අවස්ථාවක් බවට පරිසරවේදීන් කරුණු දක්වා තිබේ.

මීට පෙර 1958 වසරේ සිට 1964 වසර දක්වා කාලයේදී මෙවැනි ආකාරයට සිම්බාබ්වේ හි වනසතුන් තොගයක් එක් තැනක සිට තවත් තැනකට රැගෙන යාමක් සිදුකර තිබේ. එරට කරිබා ගංගාව හරස් කරමින් ඉදිකළ ජලවිදුලි බලාගාරයක වේල්ලක් ඊට හේතු වී තිබේ. එහිදී වන සතුන් 5,000 කට අධික පිරිසක් නැවත ස්ථානගත කිරිම සිදු කර ඇත.

නෙදර්ලන්තයේ නගරයක් සත්ත්ව මාංශ පිිළිබඳ දැන්වීම් නවත්වයිනෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑන් නුවරට බටහිරින් පිහිටි Haarlem නගරයේ ප්‍ර...
09/09/2022

නෙදර්ලන්තයේ නගරයක් සත්ත්ව මාංශ පිිළිබඳ දැන්වීම් නවත්වයි

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑන් නුවරට බටහිරින් පිහිටි Haarlem නගරයේ ප්‍රසිද්ධ ස්ථාන තුළ සත්ත්ව මාංශ අලෙවිය පිළිබඳ දැන්වීම් පළ කිරිම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මෙම තීරණය ගත් ලොව පළමු නගරය බවටත් එය ඉතිහාසයට එක්ව තිබේ.

මෙම සත්ත්ව මස් නිෂ්පාදනය හේතුවෙන් සිදුවන හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම මෙම තීරණයේ අදහස බව නගර බලධාරීන් පවසයි. එහිදී මස් පිළිබඳ දැන්විම් ප්‍රදර්ශනය නැවැත්වීම හරහා නගරය තුළ මස් පරිභෝජනය අඩු වී ඒ සඳහා වන ඉල්ලුම අඩුවීමෙන් නිෂ්පාදනය අඩු වනු ඇතැයි ඔවුන්ගේ විශ්වාසය වී තිබේ.

Haarlem නගරය යනු නෙදර්ලන්තයේ පිහිටි ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනා ගත් ස්ථානයක් ලෙසද ප්‍රසිද්ධියට පත්ව තිබේ.

මෙම තීරණය ලබන 2024 වසරේ සිට ක්‍රියාත්මක කිරීම සැලසුම බව නගර බලධාරීන් පවසයි. ඒ අනුව නගරයේ බස් රථ තුළ, අවන්හල් වහල මත හෝ පොදු ස්ථානවල තිර මත හෝ මෙවැනි මස් නිෂ්පාදන පිළිබඳ දැන්වීම් පළ කිරීම තහනම් කර තිබේ.

“දේශගුණික විපර්යාස සඳහා හේතුවන කාරණාවලට ජනතාව උනන්දු කරවලා, අපිට බෑ ඔවුන්ට කියන්න මෙන්න දේශගුණික විපර්යාස සිදු වෙනවා කියලා.” යනුවෙන් නගර පරිපාලනය වෙත මෙම යෝජනාව ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා පවසා තිබේ.

මෙහිදී මස් පිළිබඳ දැන්වීම්වලට අමතරව ෆොසිල ඉන්ධන පිළිබඳ දැන්වීම් මෙන්ම ෆොසිල ඉන්ධන දහන මෝටර් රථ සහ ගුවන් ගමන් පිළිබඳ විස්තරද නගරය තුළ ප්‍රසිද්ධියට පත් කිරීමත් තහනම් කෙරී ඇතැයි සඳහන් වෙයි.

කෙසේ වෙතත් මෙම දැන්වීම් අත්හිටුවීමේ තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති නෙදර්ලන්තයේ මාංශ අංශය පිළිබඳ මධ්‍යම සංවිධානයේ (COV) ප්‍රකාශකවරයා, එය සම්පූර්ණයෙන්ම නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව උල්ලංඝණය කිරිමක් බව පවසා ඇත.

මේ අතර දැනට සිදු කර ඇති අධ්‍යයනයන්ට අනුව ගෝලීය උණුසුම ඉහළ යාම සඳහා හේතුවන සමස්ත කාබන් වායු විමෝචනයෙන් තුනෙන් එකක්ම ආහාර නිෂ්පාදනය, මාංශ නිෂ්පාදනය නිසා සිදුවන බව සොයා ගෙන තිබේ. ඒ අතරින්ද ශාක පාදක ආහාර නිෂ්පාදනය මෙන් දෙගුණයක් මාංශ නිෂ්පාදනයේදී අහිතකර වායු විමෝචනයක් සිදුකරන බව හඳුනාගෙන තිබේ.

Sharjah ක්රි කට් ක්රීයඩාංගණය ලෝක වාර්තාවක් තබයිමේ දිනවල එක්සත් අරාබි එමීරයේදී පැවැත්වෙන ආසියානු කුසලාන ක්රිතකට් තරගාවලිය...
08/09/2022

Sharjah ක්රි කට් ක්රීයඩාංගණය ලෝක වාර්තාවක් තබයි

මේ දිනවල එක්සත් අරාබි එමීරයේදී පැවැත්වෙන ආසියානු කුසලාන ක්රිතකට් තරගාවලියේ තරග පැවැත්වෙන එක් ක්රීරඩාංගණයක් වන Sharjah ක්රීිඩාංගණය ලෝක වාර්තාවක් තැබීමට සමත්ව ඇතැයි වාර්තා වෙනවා.

ඒ ලොව එතෙක් මෙතෙක් වැඩිම ජාත්යමන්තර ක්රිරකට් තරග සංඛ්යාිවක් පැවැත් වූ ක්රීකඩාංගණය ලෙසින්. ක්රීවඩාංගණයේ බලධාරීන් සඳහන් කරන ආකාරයට එම තරග සංඛ්යා්ව 282ක්. මේ තරග යටතට එක්දින ජාත්ය න්තර තරග 244ක්, ටෙස්ට් තරග 09ක් සහ T20 තරග 29ක් අයත් වෙනවා.

1980 වසරේදී ඉදිකෙරුණු මෙම Sharjah ක්රිරකට් ක්රී ඩාංගණය වර්තමානයේදී එක්දින ජාත්යකන්තර ක්රිපකට් තරග සහ T20 ක්රිඉකට් තරග සඳහා වඩාත් ජනප්රි්ය ක්රීරඩාංගණයක් බවට පත්ව තිබෙනවා. එහි පැවැත්වුණු පළමු ජාත්ය න්තර ක්රිිකට් තරගාවලිය වූයේ 1984 වසරේ අප්රේණල් මාසයේදී පැවැති පළමු ආසියානු කුසලාන තරගාවලියයි.

ඒ අනුව ලොව වැඩිම ක්රි‍කට් තරග සංඛ්යා වක් පැවැත්වීමේ වාර්තාව තබන මොහොතේදී යළිත් වරක් එම ක්රීුඩාංගණයට ආසියානු කුසලාන තරගාවලියක් පැවැත්වීමේ වාසනාව උදා වී තිබෙනවා.

මෙලෙස නව ලෝක වාර්තාව සැමරීම සඳහා Sharjah හි ක්රිෙකට් ප්ර ධානීන් අද දිනයේදී එම ක්රීවඩාංගණයේ අනුරුවකට අනුව සකස් කළ විශාල කේක් ගෙඩියක් කැපුවා. මේ අවස්ථාවට Sharjah ක්රීපඩා කවුන්සිලයේ සභාපතිවරයා, Sharjah Cricket හි උප සභාපතිවරයා, ප්රටධාන විධායකවරයා සහ Sharjah ක්රි්කට් ක්රී ඩාංගණයේ සාමාන්යායධිකාරිවරයා ඇතුළු පිරිසක් සහභාගි වී තිබෙනවා.

ආරම්භයේදී ඉතාමත් සීමිත ප්රේrක්ෂකයන් සංඛ්යාපවක් සඳහා පමණක් අසුන්ගත හැකි ව තිබූ ක්රීධඩාංගණය 1997 වසරේ සිට 27,000ක පමණ පිරිසකට අසුන්ගත හැකි ලෙස ඉදිකර තිබෙනවා.

කොහොම වුණත් ඊයේ රාත්රි යේදී පැවැති පාකිස්තාන - ඇෆ්ගනිස්තාන තරගයෙන් අනතුරුව ඉන් ආසන කිහිපයක් ඇෆ්ගනිස්තාන ප්රේ0ක්ෂකයන් අතින් ගලවා දැමුණා.

මේ දක්වා ලොව වැඩිම ක්රිරකට් තරග සංඛ්යාිවක් පැවැත් වූ ක්රීනඩාංගණයට හිමි වාර්තාව තබා තිබුණේ ඔස්ට්රේාලියාවේ සිඩ්නි ක්රි්කට් ක්රීවඩාංගණයයි. එහි තරග 280ක් පවත්වා තිබෙනවා. එහි පළමු ක්රි්කට් තරගය පැවැත්වී ඇත්තේ 1882 වසරේදීයි.

ඇපල් සමාගමේ නවතම Apple iPhone 14 එළිදකීඇපල් සමාගම සිය නවතම Apple iPhone 14 ස්මාට් දුරකතනය නිල වශයෙන් එළිදැක්වීම එක්සත් ජ...
08/09/2022

ඇපල් සමාගමේ නවතම Apple iPhone 14 එළිදකී

ඇපල් සමාගම සිය නවතම Apple iPhone 14 ස්මාට් දුරකතනය නිල වශයෙන් එළිදැක්වීම එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ පිහිටි එම සමාගමේදී සිදු විය. මෙය එතෙක් මෙතෙක් නිෂ්පාදනය වී ඇති ස්මාට් දුරකතන අතරින් වඩාත් නවීනතම හැකියාවන්ගෙන් සමන්විත දුරකතනයක් ලෙසද සැලකෙයි.

මෙහිදී iPhone 14 සහ iPhone 14 Plus, Apple iPhone 14 Pro සහ Apple iPhoe 14 Pro Max ලෙස නව මාදිලි හතරක් එළිදක්වා තිබේ. එසේම Ultra මාදිලිය යටතේ නවතම Apple Watch මාදිලි තුනක්ද මෙහිදී එළිදැක්වීම සිදුව තිබේ.

එළිදැක්වූ මෙම නවතම දුරකතන අගල් 6.1ත් 6.7ත් අතර දිගකින් යුක්ත වෙයි. ඒ අනුව සමාගම මීට පෙර වෙළෙඳ පොළට නිකුත් කළ iPhone 13 දුරකතනයට වඩා මේවායේ තිර විශාල බවත් සඳහන් වෙයි.

නවතම iPhone 14 දුරකතනයකට එක් ආරෝපණයකින් දවසක් බලගැන්වීම් සිටීමට හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි. මෙහි ඇති ප්රකධාන කැමරාව මෙගාපික්සල් 12කින් යුක්ත වෙයි. එහිදී දීප්තිමත් ෆ්ලෑෂ් ආලෝකයක්, පුළුල් කෝණ ඡායාරූප සහ වීඩියෝ ලබා ගැනීමේ හැකියාවක් මෙන්ම සෙලවීම්,ගැස්සිම්වලින් තොරව වීඩියෝ පටිගත කිරීමේ හැකියාවද ලබා දී තිබේ.

මේ අතර මෙම iPhone 14 සහ iPhone 14 Plus සමගින් එන ‘Emergency SOS‘ විශේෂාංගය හරහා එම දුරකතනය චන්ද්රිගකාවන් සමගින් සම්බන්ධවීමේ අවස්ථාව පවතින බවත්, ඒ අනුව ජංගම දුරකතන සංඥා කලාපයෙන් ඈතකදී පවා අවශ්ය්උදව් ලබා ගැනීමේ හැකියාවක් මේ සමගින් හිමි වෙයි.

මේ අතරින් iPhone 14 දුරකතනයේ වටිනාකම ඩොලර් 799කි. iPhone 14 Plus දුරකතනයේ වටිනාකම ඩොලර් 899කි. එසේම Apple iPhone 14 Pro දුරකතනයක් ඩොලර් 999ක්ද, Apple iPhone 14 Pro Max දුරකතනයක් ඩොලර් 1,099ක්ද වෙයි.

අලුත් අගමැති ට්‍රස් ගැන බ්‍රිතාන්‍ය ජනතාවගේ ට්‍රස්ට් එකක් නෑලුබ්‍රිතාන්‍ය ජාතිකයන් වර්තමානයේදී මුහුණ දෙන ජීවන වියදම් අර්...
08/09/2022

අලුත් අගමැති ට්‍රස් ගැන බ්‍රිතාන්‍ය ජනතාවගේ ට්‍රස්ට් එකක් නෑලු

බ්‍රිතාන්‍ය ජාතිකයන් වර්තමානයේදී මුහුණ දෙන ජීවන වියදම් අර්බුදයට සහ බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබාදීමට එරට නව අගමැතිනී ලීස් ට්‍රස් සමත් වනු ඇතැයි තමන්ට කිසිදු විශ්වාසයක් නොමැති බව එරට බහුතර ජනතාවගේ අදහස බව වාර්තා වෙයි.

ඇය එරට නව අගමැතිවරිය ලෙස තේරී පත් වුණු පසුගිය සඳුදා දිනයේදී සිදුකළ ජනමත විමසුමකදී මේ පිළිබඳ කරුණු අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට ඇය එරට දෙවැනි එළිසබෙත් මහ රැජින ඉදිරියේ සිය ධුරය භාර ගනිමින් නව කැබිනට් මණ්ඩලයක්ද පත් කිරිමටද කටයුතු යොදා තිබේ.

බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක සමීක්ෂණ ආයතනයක් වන YouGov විසින් මෙම කඩිනම් ජනමත විමසුම සිදු කර තිබේ. එහි සඳහන් ආකාරයට බ්‍රිතාන්‍යයන් මුහුණ දෙන මෙම ජිවන වියදම් අර්බුදය සම්බන්ධයෙන් නව අගමැතිවරිය වෙත විසඳුමක් ඇතැයි සම්පූර්ණයෙන්ම විශ්වාස නොකරන ප්‍රතිශතය 38%කි. එසේම තවත් 29%ක ප්‍රතිශතයක් තුළ ඒ පිළිබඳ එතරම් විශ්වාසයක් නොමැති බව පවසා තිබේ.

මෙහිදී සමීක්ෂණයට සහභාගි වූ පිරිසගෙන් 2%ක ප්‍රතිශතයක් තුළ පමණක් ඇය සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් පවතින අතර, 17%ක් තුළ යම් ප්‍රමාණයක විශ්වාසයක් ඇය සම්බන්ධයෙන් පවතින බව සටහන් කෙරී තිබේ.

අභිනව බ්‍රිතාන්‍ය අගමැතිවරයා ලෙස ලිස් ට්‍රස් මුහුණ දෙන ප්‍රධානම අර්බුදය වනු ඇත්තේ මෙම ජීවන වියදම් අර්බුදය සඳහා විසඳුම් ගෙන ඒම බවට ඉදිරිපත් වූ මතයත් සමගින්ම YouGov ආයතනය මෙම මත විමසුම සිදු කර තිබේ.

මේ අතර සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරව ලන්ඩන් නුවර ඩොව්නිං ස්ට්‍රීට්හි පිහිටි ‘අංක 10‘ අගමැති කාර්යාලය ඉදිරිපිටදී ජනතාව අමතමින් ලිස් ට්‍රස්, බදු කප්පාදුව, බලශක්ති අර්බුදය සහ ජාතික සෞඛ්‍ය සේවාව පිළිබඳ කරුණු සිය මූලික අවධානය යොමුව ඇති කරුණු බව පවසා තිබේ.

කොවිඩ්-19 එන්නත් මිනිසුන් කිඹුලන් බවට පත් කරනවාලු?කොවිඩ්-19 වසංගතය පාලනය සඳහා ඉදිරිපත්ව ඇති එන්නත් විද ගන්නා පුද්ගලයන් ක...
20/12/2020

කොවිඩ්-19 එන්නත් මිනිසුන් කිඹුලන් බවට පත් කරනවාලු?

කොවිඩ්-19 වසංගතය පාලනය සඳහා ඉදිරිපත්ව ඇති එන්නත් විද ගන්නා පුද්ගලයන් කිඹුලන් බවට හෝ රැවුල් වැවුණු කාන්තාවන් බවට පත් කරන බව බ්ර්සීලයේ ජනාධිපති ජෙයිර් බොල්සොනාරෝ පවසයි.

එහිදී ඔහු දැනට ලොව රටවල් රැසකදීම භාවිතය සඳහා අනුමැතිය ලැබී ඇති එක්සත් ජනපදයේ Pfizer සමාගම සහ ජර්මනියේ BioNTech යන සමාගම් එක්ව නිපදවූ එන්නත ඉලක්ක කරගනිමින් මේ අදහස් පළ කර තිබේ.

අන්ත දක්ෂිණාංශික අදහස් සහිත බ්රවසීල ජනපතිවරයා එරට තුළ මෙම කොවිඩ්-19 වෛරසය ආරම්භ වූ පළමු දිනයේ සිටම විවිධ ආන්දෝලනාත්මක අදහස් දැක්වීම් සිදු කර තිබුණි. එහිදී ඔහු මෙම වසංගතය 'ඉතාමත් සුළු උණක්' බවටද හඳුන්වා දී තිබුණි. එසේම එක් අවස්ථාවකදී ඔහුද මෙම වෛරසයට ගොදුරු විය.

කෙසේ වෙතත් මේ වනවිට ලොව රටවල් රැසකදීම මෙම කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත් භාවිතය අරඹා ඇති අතර, තමන් කිසිවිටෙකත් මෙම එන්නත ලබා නොගන්නා බව පවසමින් පසුගියදා බ්රිසීල ජනපතිවරයා මේ අදහස් පළ කර තිබේ.

"Pfizer සමාගමේ කොන්ත්රාතත්තුවේම මේ ගැන පැහැදිලිව කියලා තියෙනවා. 'අපි මෙතැනදී කිසිම අතුරු ආබාධයකට වග කියන්නේ නැහැ. ඔබ කිඹුලෙකු බවට පත් වුණොත්, එය අපේ වරදක් නොවෙයි' කියලයි එහි සඳහන් වෙන්නේ." බොල්සොනාරෝ පවසා ඇත.

මෙම Pfizer එන්නත බ්‍රසීලය තුළදීත් අත්හදා බැලීමක් සිදු කර තිබෙන අතර, දැනටමත් එම එන්නත එක්සත් ජනපදය සහ බ්රිrතාන්යත තුළ භාවිතය සඳහා අනුමැතිය හිමිව තිබේ.

"මේ එන්නත විදගෙන ඔබ සුපිරිමිනිසෙකු වුනොත්, බැරිවෙලාවත් ඔබට රැවුලක් වැවෙන්න පටන් ගත්තොත්, පිරිමි කෙනක් අමුතු කටහඬකින් කතා කරන්න පටන් ගත්තොත් මේ කිසි දෙයක් ඒ එන්නත් සමාගම්වලට අදාළ දේවල් නෙමෙයි." කොවිඩ්-19 එන්නත් නිපදවන සමාගම් පිළිබඳව සඳහන් කරමින් බ්ර සීල ජනපතිවරයා පවසා ඇත.

බ්‍රසීලයත් මෙම එන්නත ලබා දීමේ කටයුතු පසුගිය බදාදා දිනයේදී ආරම්භ කර ඇති අතර, එය අනිවාර්යය නොවන බවත්, ජනතාවට එම එන්නත විදගන්නවාද නැද්ද යන්න තීරණය කිරීමේ නිදහස හිමි වන බව ත් ජනපතිවරයා පවසා තිබේ.

කෙසේ වෙතත් බ්රීහස්පතින්දා දිනයේදී බ්‍රසීල ශ්රේණෂ්ඨාධිකරණය මගින් මෙම එන්නත ලබා ගැනීම එරට ජනතාවගේ යුතුකමක් බවට සඳහන් කර තිබුණි. එහෙත් ඒ සඳහා ජනතාවට බලපෑම් නොකළ යුතු බවත් අධිකරණයේ අදහස වී තිබේ.

එහෙත් මෙහි අදහස වන්නේ එලෙස එන්නත විද ගැනීමට අකමැති ජනතාව පොදු ස්ථාන වෙත ඇතුලුවීමේ අවස්ථාව තහනම් කිරීමේ හැකියාවක් බලධාරින්ට හිමි වීම බවත් විදෙස් මාධ්යථ සඳහන් කරයි.

ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇති ආකාරයට බ්රටසීලයේ ඖෂධ සහ එන්නත් නියාමන ඒජන්සිය වන Anvisa හරහා එන්නතක් වෙත අනුමැතිය ලබා දුන් විගසම රටෙහි එය අවශ්ය ඕනෑම අයෙකුට එය ලබා දෙන බව පවසා තිබේ.

"හැබැයි මම මේ එන්නත විද ගන්නේ නෑ. සමහර අය කියනවා මම දෙන්නේ නරක ආදර්ශයක් කියලා. ඒත් එහෙම කියන්නේ මන්දබුද්ධිකයෝ, මෝඩයෝ. මම ඔවුන් කියන්නේ මට වෛරසය වැළැදුනා. ඒ නිසා මට වෛරසයට එරෙහි ප්රදතිදේහ තියෙනවා.ඉතිං මොකටද එන්නත් කරගන්නේ." ජනපති බොල්සොනරෝ පවසා ඇත.

17/12/2020
ඇන්ජලීනා ජොලී වෙන්න ගිය ඉරාන තරුණියට වසර 10ක සිරදඩුවම්!සුප්රීසිද්ධ හොලිවුඩ් නිලියක වන ඇන්ජලීනා ජොලී හා සමාන පෙනුමක් ලබා ...
12/12/2020

ඇන්ජලීනා ජොලී වෙන්න ගිය ඉරාන තරුණියට වසර 10ක සිරදඩුවම්!

සුප්රීසිද්ධ හොලිවුඩ් නිලියක වන ඇන්ජලීනා ජොලී හා සමාන පෙනුමක් ලබා ගැනීම සඳහා විවිධාකාරයේ ප්ලාස්ටික් සැත්කම් ඇතුළු රූපලාවන්ය ක්රනම භාවිතා කළ ඉරාන ජාතික තරුණියට වසර 10ක සිරදඩුවම් පැමිණවීම ඉරාන අධිකරණය අද තීරණය කර තිබේ.

ෆාටෙමෙහ් ක්ෂිවාන්ද් නොහොත් සහාර් ටාබාර් යන නමින් මෙම තරුණිය ප්රාසිද්ධියට පත්ව සිටියි. ඇන්ජලීනා ජොලීහා සමාන වීමට ඇය තම මුහුණට මෙන්ම සිරුරටද සිදු කරගත් සැත්කම් ඇතුළු දේ නිසා ඇය මේ වනවිට දරුණු ලෙස විකෘති තත්ත්වයට පත්ව සිටියි.

2017 වසරේදී ඇය මෙලෙස සිය මුහුණ වෙනස් කරගැනීම ආරම්භ කළ අතර, එහිදී ඇය සමාජ මාධ්යළ ගිණුම් හරහා ඒ පිළිබඳව ප්ර චාරය කළාය. ඒ අනුව ඇය මේ වනවිට ඉන්ස්ටග්රෑ ම් ඇතුළු සමාජ මාධ්යහ තුළ තරුවක් බවටද පත්ව තිබේ. එහෙත් ඇගේ මෙම හැසිරීම් පිළිගත නොහැකි බව පවසමින් ඉරාන රජය මෙම සමාජ මාධ්යප ගිණුම වසා දමා පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස වසා දමන අවස්තාව වනවිට ඇය ගේ එම ඉන්ස්ටග්රෑවම් ගිණුම සතුව පරිශීලකයන් 486,000 කට අධික පිරිසක් සිටි බවත් පැවසෙයි.

මෙහිදී 'සමාජය තුළ විකෘති අදහස් ප්රඇචලිත කිරීම' යන චෝදනා යටතේ ෆාටෙමෙහ් ක්ෂිවාන්ද් නොහොත් සහාර් ටාබාර් වෙත වසර 10ක සිරදඩුවම් නියම වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඇගේ රසිකාවියක, සිය ට්විටර් ගිණුම හරහා ඇන්ජෙලීනා ජොලී අමතමින් ඇය වෙනුවෙන් පෙනී සිටින ලෙස ඉල්ලීමක්ද සිදු කර තිබේ.

"ආලේපන සහ ෆොටොෂොප් යොදා ගෙන ඇන්ජලීනා ජොලී කෙනෙක් වෙන්න ගිය ඉරානයේ ඉන්ස්ටග්රෑජම් තරුණියට අද වසර 10ක සිරදඩුවම් හිමි වෙලා. ඇයට තවමත් වයස අවුරුදු 19යි. ඇගේ මේ විහිලුව ඇයව අද සිරගත කරලා. ඇගේ මව තමන්ගේ අහිංසක දුව බේරලා දෙන්න කියලා අඩනවා. ආදරණීය ඇන්ජෙලා ජොලී, මේ අපට ඔබගේ හඬ අවශ්යක මොහොතයි. ඇය නිදහස් කරගන්න උදව් කරන්න." යනුවෙන් එහි සඳහන්ව ඇත.

ජෝ බයිඩන් සහ කමලා හැරිස් ටයිම් සඟරාවේ ’වසරේ පුද්ගලයා’ ලෙස නම් කෙරේලොව සුප්රැසිද්ධ සඟරාවක් වන ටයිම් සඟරාව මේ වසරේ සිය වසර...
11/12/2020

ජෝ බයිඩන් සහ කමලා හැරිස් ටයිම් සඟරාවේ ’වසරේ පුද්ගලයා’ ලෙස නම් කෙරේ

ලොව සුප්රැසිද්ධ සඟරාවක් වන ටයිම් සඟරාව මේ වසරේ සිය වසරේ පුද්ගලයා (Time – Person of the Year) ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ මීළග ජනාධිපතිවරයා ලෙස තේරීපත්ව සිටින ජෝ බයිඩන් සහ උප ජනාධිපතිනිය ලෙස තේරීපත්ව සිටින කමලා හැරිස් යන දෙපළ නම් කර ඇතැයි පවසයි.

ටයිම් සඟරාව සෑම වසරකම දෙසැම්බර් මාසයේදී මෙලෙස වසරේ පුද්ගලයා තෝරා ගැනීමක් සිදු කරන අතර, එම පුද්ගලයාගේ ඡායාරූපයකින් මෙම විශේෂ ද්විත්ව කලාප සංස්කරණය සැරසීම සිදු කරයි. ඒ අනුව මෙවර වසරේ පුද්ගලයා ලෙස තෝරාගත් ජෝ බයිඩන් සහ කමලා හැරිස්ගේ ඡායාරුප සහිතව සකස් කර ඇති ටයිම් සඟරාවේ කවරය අන්තර්ජාලය හරහා ප්රහසිද්ධියට පත් කරමින් මෙම නම් කිරීම නිවේදනය කර ඇත.

මෙලෙස ඔවුන් දෙදෙනා ඒකාබද්ධව මෙලෙස ටයිම් වසරේ පුද්ගලයා ලෙස නම් කිරිම සම්බන්ධයෙන් හේතු පාඨ ඉදිරිපත් කර සිටින ටයිම් සඟරාව, හිටපු ඩිමොක්රැ ටික් පක්ෂ ජනාධිපතිවරයෙකු සහ කැලිෆෝනියා ප්රානන්තයේ සෙනෙට් සභිකාවක වන ඔවුන් දෙපළ මෙවර මැතිවරනයේදී සිදුකළ ස්ත්රීහ පුරුෂ විෂමතාව සහ වර්ගවාදී සීමා කිරීම් සුනු විසුනු කර දැමීම හේතුවෙන් මෙලෙස ඔවුන් සිය වසරේ පුද්ගලයා ලෙස නම් කළ බව පවසයි.

“ඇමෙරිකානු කතාන්දරය වෙනස් කිරීම, බෙදීවෙන්වීමේ කෝපයට වඩා සහකම්පනයේ බලය වඩා වැඩි බව පෙන්නුම් කිරීම, වැළපෙන ලෝකය සුවපත් කිරීම සඳහා සිය දැක්ම හුවමාරු කිරීම යනාදී අවස්ථා හේතුවෙන් ටයිම් 2020 වසරේ පුද්ගලයා ලෙස ජෝ බයිඩන් සහ කමලා හැරිස් නම් කෙරේ.” ටයිම් සඟරාව සඳහන් කරයි.

මෙහිදී ටයිම් වසරේ පුද්ගලයා ලෙස තවත් නම් දෙකක් යෝජනා වී තිබී ඇත. ඉන් එක් නම් කිරීමක් කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටනේ යෙදෙන සෞඛ්යෝ සේවකයන් වන අතර අනෙක් නම් කිරීම වන්නේ මැයි 25 වැනිදා එක්සත් ජනපදයේ මින්නෙආපොලිස්හි පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනයට ලක් වූ කලු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ය.

සාමාන්යලයෙන් ටයිම් සඟරාවේ වසරේ පුද්ගලයා ලෙස සෑම අවස්ථාවකදීම තනි පුද්ගලයෙකු තෝරා ගන්නා නමුදු, ඉතිහාසයේ වාර ගණනාවකදීම එක් පුද්ගලයෙකුට වැඩි පිරිසක්ද ඒ සඳහා තෝරා ගැනීමක් සිදු කර තිබේ.

ඩකා ගුවන් තොටුපොළේ තිබී හමුවූ කිලෝ 250ක් බරැති ජීව බෝම්බයබංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි හස්රාට් ෂාහ්ජලාල් ජාත්යබන්තර ගුවන් ...
11/12/2020

ඩකා ගුවන් තොටුපොළේ තිබී හමුවූ කිලෝ 250ක් බරැති ජීව බෝම්බය

බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි හස්රාට් ෂාහ්ජලාල් ජාත්යබන්තර ගුවන් තොටුපොළ (ඩකා ජාත්යාන්තර ගුවන් තොටුපොළ) පරිශ්රයය ආසන්නයේ තිබී පසුගියදා කිලෝග්රෑකම් 250ක් පමණ බරැති බෝම්බයක් හමුවූ බව එරට මාධ්ය පවසයි.

මෙම හස්රාට් ෂාහ්ජලාල් ජාත්යරන්තර ගුවන් තොටුපොළ ආශ්රිසතව තෙවැනි මගී පර්යන්තයක් සඳහා ඉදිකිරීම් සිදු කරමින් පැවැති භූමියකදී මෙම බෝම්බය හමුව තිබේ. හමුවන අවස්ථාව වනවිටත් එම බෝම්බය ජීව තත්ත්වයේ පැවතීම එහි භයානක බවට හේතු වී ඇත.

සිලින්ඩරාකාර හැඩයෙන් යුක්ත වූ ලෝහයෙන් තැනූ මෙම වස්තුව බෝම්බයක් බවට හඳුනාගැනීමත් සමගින්ම ගුවන් තොටුපොළ ප්රතධානීන් වහාම ඒ පිළිබඳව බංග්ලාදේශ ගුවන් හමුදාවේ බෝම්බ නිෂ්ක්රීගය අංශය වෙත දැනුම් දී තිබේ. එහිදී එම බෝම්බ නිෂ්ක්රීනය බලඇණිය එම බෝම්බය එම ස්ථානයේදීම නිෂ්ක්රී ය කර එය ඉතැනින් ඉවත් කිරීමට කටයුතු යොදා තිබේ.

බංග්ලාදේශ බෝම්බ විශේෂඥයන්ට අනුව මෙම බෝම්බය 1971 වසරේදී බංග්ලාදේශයේ ක්රිලයාත්මක වූ විප්ලවීය යුද්ධය අවස්ථාවේදී හෙළූ බෝම්බයක් බවට විශ්වාසය පළ කරයි.

ගුවන් තොටුපොළ පරිශ්ර යෙන් නිරුපද්රිවතව ඉවත් කරගත් බෝම්බය පසුව පහර්කන්චන්පූර්හි පිහිටි රාසුල්පූර් වෙඩි බිමට රැගෙන ගොස් ඇති අතර, පසුව එය ආරක්ෂිත ස්ථානයකදී පුපුරුවා විනාශ කිරීමට කටයුතු යොදන බව බංග්ලාදේශ ආරක්ෂක බලධාරීන් පවසා තිබේ.

උගුරේ ගැඹුරෙන් ලබා ගන්නා කෙළවලින් කොවිඩ්-19 පරීක්ෂාවට සිංගප්පූරුවත් අවසර දෙයිසිංගප්පූරුව තුළ කොවිඩ්-19 වෛරසය පිළිබඳ පරීක...
11/12/2020

උගුරේ ගැඹුරෙන් ලබා ගන්නා කෙළවලින් කොවිඩ්-19 පරීක්ෂාවට සිංගප්පූරුවත් අවසර දෙයි

සිංගප්පූරුව තුළ කොවිඩ්-19 වෛරසය පිළිබඳ පරීක්ෂාවේදී අදාළ පුද්ගලයාගේ උගුරේ ගැඹුරෙන් ලබා ගන්නා කෙළ සාම්පල මගින් එම පරීක්ෂා සිදු කිරීමේ අනුමැතිය ලබා දීමට සිංගප්පූරුවේ සෞඛ්යන විද්යා පාලනාධිකාරිය වන ඇඩ්වාන්ස්ට් මෙඩ්ටෙක් ආයතනය තීරණය කර තිබේ.

ලෝක සෞඛ්ය සංවිධානය මගින්ද ලබා දී තිබූ උපදෙස් අනුව කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වන පීසීආර් පරීක්ෂණය සඳහා සාම්පල ලබා ගැනීම අදාළ පුද්ගලයාගේ නාසයෙක් ඇතුළු කරන කුඩා පුළුන් කැබැල්ලක් සවි කෙරුණු උපාංගයක් (මෙය ස්වැබ් එකක් ලෙස හඳුන්වයි) මගින් සිදු කරයි.

එහෙත් මෙය එතරම් පහසු කටයුත්තක් නොවන අතර නිවැරදිව එම සාම්පල ලබා ගැනීමට කාලයක් ගත වෙයි. එසේම එහිදී අදාළ පුද්ගලයාට යම් වේදනාවක්ද ඇති කරයි.

ඒ අනුව මෙම සංකීර්ණ පරීක්ෂණ ක්රතමවේදය වෙනුවට සිංගප්පූරුව මෙලෙස උගුරේ ගැඹුරේ ඇති කෙළ සාම්පල මෙම කොවිඩ්-19 පරීක්ෂාව සඳහා යොදා ගැනීමට තීරණය කර ඇත්තේ එම පරීක්ෂාවන් වේගවත් කිරීමේ අරමුණිනි. එම පරීක්ෂා වේගවත් කර නැවතත් සිංගප්පූරුව සුපුරුදු පරිදි පෙර පැවැති තත්ත්වයට පත් කිරීම බලධාරීන්ගේ අරමුණ වී තිබේ.

ඇඩ්වාන්ස්ට් මෙඩ්ටෙක් ආයතනයට අනුව මෙහිදී අදාළ පරීක්ෂාවට ලක් කරන පුද්ගලයා විසින් තමන්ගේ උගුරේ ගැඹුරේ සිට කෙළ පිටතට ගැනීමක් සිදු කළ යුතුය. පසුව එම කෙළ විශේෂිත බෝතලයකට දැමීම සිදු කරයි. පරීක්ෂාව සඳහා යොමු කරන්නේ එම සාම්පලයයි.

“යම් පුද්ගලයෙකුගේ නාසය ගැඹුරට ස්වැබ් උපාංගයක් යොදවා සාම්පල ලබා ගැනීමට වඩා මෙම ක්රලමය වඩාත් ඉක්මන්. ඒ වගේම මෙය රෝගියාට වඩාත් පහසුවක්.” ඇඩ්වාන්ස්ට් මෙඩ්ටෙක් ආයතනය පවසයි.

දැනටමත් හොංකොං නුවර සහ තායිවානය තුළ මෙලෙස උගුරේ ගැඹුරෙන් ලබා ගන්නා සාම්පල පරීක්ෂණ ක්රකමවේදය භාවිතා කරන බවත් පැවසෙයි.
සිංගප්පූරු බලධාරීන්ට අනුව මෙම කොවිඩ්-19 පරීක්ෂාව සඳහා සාම්පල රැස් කිරීමේ නව ක්ර මය 2021 වසරේ සිට එරට චැන්ගි ගුවන් තොටුපොළ තුළදී භාවිතයට ගැනීමට නියමිතව තිබේ.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Nimnaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share