Hi Gen TV Sri Lanka

  • Home
  • Hi Gen TV Sri Lanka

Hi Gen TV Sri Lanka HG TV Official Media Network
(2)

කැහිපිත්තන්ස්වභාවික ජෙලිඅපේ මුතුන් මිත්තන් ජෙලි වෙනුවට කෑවෙ කැහිපිත්තන්.මේ කොළ වතුර ඩිංගක් එක්ක හොඳින් කොටා හෝ බ්ලෙන්ඩ් ...
02/11/2024

කැහිපිත්තන්

ස්වභාවික ජෙලි

අපේ මුතුන් මිත්තන් ජෙලි වෙනුවට කෑවෙ කැහිපිත්තන්.

මේ කොළ වතුර ඩිංගක් එක්ක හොඳින් කොටා හෝ බ්ලෙන්ඩ් කර තැබුවා ම ඉබේ ම මිදෙනවා.

ජෙලි වාගේ.

එයට සීනි හෝ මී පැණි මුසුකර ආහාරයට ගතහැකි යි. මනා අතුරුපසක්.

ගැස්ට්‍රයිටීස් රෝගයට ප්‍රත්‍යක්ෂ ඖෂධයක්.

උදේ ම හිස්බඩ තමයි කන්න ඕනෙ.
අධික ශීතල ආහාරයක්.

ශරීරයේ උෂ්ණාධික බව අධික අයගේ ශරීරය සිසිල් කරන්න මෙයට පුළුවන්.
කිරි දෙන මව්වරුන්ට, ගැබිනි මවුවරුන්ට ගුනයි.

කොච්චර ශීතාධික වුවත් වා පිත් සෙම් තුන්දොස් නසනවා.

අර්ශස් අමාරුව, ඔසප් දෝෂ, මූත්‍ර රෝග, ඉරුවාරදය ආදි රෝග රැසකට කැහිපිත්තන් ජෙලි ඉතා ගුණදායක යි.
ශරීරයේ රෝග රැසක් නැති කර ශරීරයට සෞඛ්‍යමය බවක් නිරෝගී බවක් ලබන්න අගනා ඔෟෂධයක් තමයි කැහිපිත්තන් කියන්නේ.

නමුත් අපේ සමාජයේ ගොඩක් අය මේ ශාකයේ ඇති ඖෂධීය වටිනාකම දන්නේ නෑ.

දැනුවත් වෙමු.....

උපුටාගැනීමකි.

සල්ලි වලට වස කවන අපේම මිනිස්සුමේ කතාව යෝගට් ගැනයිමේ ලඟදි මම ලංකාවේ යෝගට් කර්මාන්තශාලාවකට ගියා. එතනදි මට මුන ගැහුනා කිරි ...
26/09/2024

සල්ලි වලට වස කවන අපේම මිනිස්සු
මේ කතාව යෝගට් ගැනයි
මේ ලඟදි මම ලංකාවේ යෝගට් කර්මාන්තශාලාවකට ගියා. එතනදි මට මුන ගැහුනා කිරි නිශාපාදන සමග ලොකු සම්බන්දයක් තියෙන... ලොකු පලපුරුද්දක් තියෙන මහත්මයෙක්.. ඔහු තමා ඒ කිරි නිශ්පාදන ආයතනයේ නිශ්පාදන මෙහෙයුම් අධ්‍යක්ශකවරයා... සෑහෙන පලපුරුද්දක් තියෙන කෙනෙක්.. ඔහුත් එක්ක මමයි මගෙ යාලුවයි පැය 2ක් විතර කතා කලා ලංකාවේ යෝගට් ගැන..ඔහු ක්යපු දේවල් ඇහුවාම අපිට තරු වීසි උනා ..ඒ නිසයි මේක ලියන්නම හිතුනේ..
යෝගට් සඳහා හොදා ගන්නේ එළකිරි.. මුහුන්.. රසකාරක.. ප්‍රදානවශයෙන්ම... ඊට අමතරම පිටිකිරි ස්වල්ප වශයෙනුත්.. කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්යත් එකතු කරනවා.. ජෙලටින් වලින් තමා උකු ගතිය ගන්නෙ සමහර ආයතන..
යෝගට් එකක් කනකොට දිවට දැනෙන්න ඕනෙ ඇඹුල් රසයක් මිසක් පැනි රසයක් නෙවෙයි.. ඒත් සමහර ප්‍රසිද්ද යෝගට් කනකොට සෑහෙන්න පැනි රසයි.. ඒ වගේම ඝනයි.. මම ඒකට හෙතුව අර මහත්මයාගෙන් ඇහුවාම ඔහු දුන්න උත්තරේ මේන්න..
" යෝගට් වලට හොඳම එලකිරි ඕනෙ.. ඒ එක්කම අර කලින් කිව්ව දෙවලුත් සුලු වශයෙන් එකතු කරනවා..මිට අමතරම තනිකරම පිටිකිරිවලින් යෝගට් හදන සමාගම් ලන්කාවේ තියෙනවා..එයාලා කරන්නේ.. ඒ යෝගට් වලට සීනි හා ජෙලටින් අදික ලෙස යොදන එක. ඒ යෝගත් හරි උකුයි.පැනි රසයි.. හැන්දෙන් යෝගට්ගන්නකොටම තේරෙනවා උකුයි කියලා.. ඊලගට ඒ යෝගට් කනකොට වෙනස දැනෙනවා දිවට.. හොද යෝගට් එකක් ඇඹුල්.. කනකොට දිවේ දියවෙනවා අර යෝගට් එක..ඒ හොද එලකිරි දාලා හරියට හදන යෝගට්..ඒත් අර ජෙලටින්..පිටිකිරි හා සීනි දාපුවා එහෙම නෑ..ඒවා අදික පැනි රසයි.. ඝනයි.. ඒකනිසා පොඩි ලමයි වැඩියෙන් කැමති පැනි රස යෝගත් එකට..
දැන් මොකක්ද මේ පැනි රස යෝගට් එකේ අවුල.. මම ඒකත් ඇහුවා..එතකොට තම නියම කතාව කිව්වේ.
සමහර ගවපට්ටි හිමියන් තමන්ගේ එලකිරිවලට විවිද දෙවල් එකතු කරනවලු.. යුරියා...කිරිපිටි...සීනි වගේ දෙවල්...එහෙම කරලාලු ඒ අය නියමිත ඝනත්වය ගන්නේ කිරිවලඒත් දෙමල අය ගෙන් ගන්න කිරිවලට කිසිම ජරාවක් එකතු කරන්නේ නෑ..ඒ දෙමල අයගවයට පූජනීය සතෙක් විදියට සලකන නිසාලු.. ඉතාම පිරිසිදු ගුනාත්මක එලකිරි තියෙන්නේ දෙමල අය ඇති කරන ගව පට්ටිවල කියන එක ඒ අය අතර තියෙන සම්මතයක්..
කිරි පිටි දාන එකේ අවුල මොකක්ද..කොහොමත් යෝගට් එකට කිරිපිටි ටිකක් දානවා..අවුල තියෙන්නේ ඒ දාන කිරිපිටිවලයි... ලොකු කිරිපිටි නිශ්පාදන ආයතවලින් ඉවත් කරන කිරිපිටි තොග කොලඹ මාකට් එකේ විකෙනෙනවා එක එක නම් වලින්.. ඒ නම් ගහන්නෙත් පිටකොටුවෙමලු... නැව්වල ගේනකොට විනාස වෙන ලොකු කන්ටේනර්වල තියෙන පිටි තොග ආපහු සකස් කරලා.. බෑග්වලට දාලා තොග ගානට විකුනනවා පිටකොටුවේ.. ඒ පිටි තමා ලන්කාවේ ගොඩාක් හෝටල් වල බොන්න දෙන්නේ.. ගාන ගොඩාක් අඩුයි... අන්න ඒ පිටිකිරි වලින් තමා බොහෝ දෙනෙක් යෝගට් හදන්නෙ ලංකාවේ..නොයෙක් වස විස දානවා ඒවට..
තුනක් ගත්තාම එකක් දෙනවා වගේ ප්‍රයෝග දාලා එක එක නම් වලින් විකුනන ජරාව පොඩි අයට දෙන්නම එපා..අර මහලොකු ඇඩ් දාලා විකුනන බහුජාතික සමාගමේ යෝගත් නම් දෙන්නම එපා පොඩි අයට.. ඕනෙනම් කාලා බලන්න.. සෑහෙන්න පැනි රසයි.. ඝනයි.. එහෙම වෙන්නේ ජෙලටින් හා සීනි එක්ක පිටිකිරිවලින් හදන නිසා...
කෝන් ෆ්ලවර්...යුරියා.. වීසිකරන ජරා පිටිකිරි.. ඔබේ පොඩි එකාට ගිල්ලවන්න එපා... පව්..
------ Edited 2020-09-05 -------
සාමාන්‍යයෙන් ස්වාභාවික යෝගට් එකක් පාවිච්චි කරන්න පුලුවන් උපරිම කාලය සති 2යි. ඊට වඩා වැඩි කාලයක් යෝගට් එක තියාගන්නවා නම් අපි අනිවාර්යයෙන් පිටින් ඒකට රසායනික සංයෝග එකතු කරන්න ඕනේ...
දැනට අපේ රටේ වෙළදපොලේ තිබෙන ප්‍රධාන යෝගට් වර්ග බොහොමයක් අරගෙන මම බලලා තියෙනවා සති 2ට වඩා අඩුවෙන් තියාගන්න පුලුවන් මොනවද කියලා. එතකොට මම දැකපු දෙයක් තමයි ඇත්තටම කල් ඉකුත්වීමේ දිනය සති 2ට සීමා වෙලා තිබුණ එකම යෝගට් එක හයිලන්ඩ් යෝගට් එක කියලා.
- මහාචාර්ය ශිරාණි රණසිංහ
වෛද්‍ය පීඨය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

තවත් කෙනෙකුට කියවන්න ශෙයා කරන්න

(Copid)

🔴 Job Vacancy Available ! 🤝 Join With Our Team Click Send Message Button to Know more Details
07/07/2024

🔴 Job Vacancy Available ! 🤝 Join With Our Team

Click Send Message Button to Know more Details

🥝🥝🥝ජාත්‍යන්තර කොස් දිනය 🥝🥝🥝   අහලා තියෙනවද එහෙම දිනයක් ගැන ......හැම අවුරුද්දකම ජූලි 04  තමයි ජාත්‍යන්තර කොස් දිනය ලෙසින...
05/07/2024

🥝🥝🥝ජාත්‍යන්තර කොස් දිනය 🥝🥝🥝

අහලා තියෙනවද එහෙම දිනයක් ගැන ......හැම අවුරුද්දකම ජූලි 04 තමයි ජාත්‍යන්තර කොස් දිනය ලෙසින් නම් කරලා තියෙන්නේ .......
ඉතිං ඔන්න කොස් දිනේ දවසේ ඔයාලට දැක බලාගන්නත් එක්ක මේ පොටෝ ටික දාන්නේ කොස් ගහේ ඵලයෙන් අපට මොනතරම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද කියලා අදහසක් ගන්නත් එක්කයි......කොස් කාලෙට මම හදපු දේවල් තමයි ඔය තියෙන්නේ .....හදන හැටි දැනගන්න ඕන නම් කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා හොදේ.

(උපුටාගැනීමකි)

කරන්ට් බිල ගැන සැලකිලිමත් වෙමු.🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥කරන්ට් බිල ගැන සැලකිලිමත් වන්න. පළමු පොයින්ට් 30ට  රු 8.00 බැගින් මුලික ගාස්...
05/07/2024

කරන්ට් බිල ගැන සැලකිලිමත් වෙමු.
🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥

කරන්ට් බිල ගැන සැලකිලිමත් වන්න. පළමු පොයින්ට් 30ට
රු 8.00 බැගින් මුලික ගාස්තුව
රු 120 ක් ඒකට එකතුවෙනවා.

ඒ කීවෙ පොයින්ට් එකයි නම් පාවිච්චි කල ගාන 120+8=128යි. පොයින්ට් 20ක් ගියානම් 120+(20×8)=රු 280 යි.

පොයින්ට් 30 පැන්නම පොයින්ට් එකක් 10 ගානෙ හැදෙන අතර මූලික ගාස්තුව 240ක් වෙයි,

පොයින්ට් 31ක් ගියාම ගාන හදන්නෙ 240+(8×30)+10=490යි. නමුත් 60 පැන්නොත් ගාන සැරයි .

පොයින්ට් එකක් 16යි. මූලික ගාන 360යි. එනිසා අපි බලමු පොයින්ට් 60කට ගාන.
240+(8×30)+(10×30)= රු 780 යි.

60ට පැනලා එකක් වැඩිවුනාම වෙනස බලන්න එක පොයින්ට් එකක් වැඩි කරලා 61 කට හදමු,

360+(61×16)=360+976=රු1336 යි

දැක්කනෙ 60 සිට 61 වනවිට වෙනස 780 සිට් 1336 යන හැටි. පලමු 30ට 8 ගානෙ. දෙවනි 30ට 10 ගානෙ හැදෙන්නෙ. 60ට කලින් එතනින් එහාට ගියාම පලමු පොයින්ට් එකේ සිටම රු 16යි.

එනිසා 60න් පාත බිල තියාගන්න උත්සාහ කරන්න. 90 දක්වා මේ රටාවට බිල සැකසෙන්නෙ. 91සිට 180 දක්වා එක පොයින්ට් එකකට රු.50 ක් අයකෙරේ. ස්ථාවර ගාස්තුව රු 960 ක් වේ.

අපි පොයින්ට් 150 කදි බිල බලමු. එවිට 90 දක්වා පොයින්ට් එකකට රු.16 ගානෙ අයකෙරේ. 61 සිට 90 දක්වා තිබු ස්ථාවර ගාස්තුව 360 වෙනුවට, 90 න් පසු 180 දක්වා ස්ථාවර ගාස්තුව වන රු.960ක් එකතු වේ

පලමු පොයින්ට් 90ට පසු ඉතුරු පොයින්ට් 60ට 50 බැගිනි. point150=(90×16)+(60×50)+960 ලෙස වේ.

90 පැන්නම 91 සිට ස්ථාවර ගාස්තුව රු 960යි. පොයින්ට් 180 සිට ඉදිරියට ස්ථාවර ගාස්තුව
රු 1500යි. එක පොයින්ට් එකකට රුපියල් 75යි.

උදාහරණයක් විදියට පොයින්ට් 200 ක් ගතහොත්, 90 දක්වා රු 16 ගානෙ. 180 දක්වා රු 50 ගානෙ. 180න් පසු ඉතිරි 20ට 75 ගානෙ අයකරනවා. භාවිතා කර ඇති පොයින්ට් ගණනට අදාල ස්ථාවර ගාස්තුව එකතු වෙනවා.

1500+(90x16)+(90x50)+(20x75) =8940

එම නිසා වොට් ගාන වැඩි උපකරණ භාවිතය අඩු කරන්න.

මේ පෝස්ට් එකට තව එකක් ඇතුලත් කරන්න හිතුණා පොයින්ට් කියන්නෙ මොකද්ද කියලා.

විදුලිය මනින්නෙ වෝල්ට්, ඇම්පියර්, වොට්ස් කියන ඒවගෙන්.

වෝල්ට් × ඇම්පියර් = වොට්ස් වෙනවා. අපි භාවිතා කරන උපකරණ වලත් අදාල වොට් ගණන සඳහන් කරලා තියෙනවා.

උදාහරණයකට 100w බල්බ් එකක් ගමු. මෙය පැයක් දැල්වුවහොත් 100w පැය එකෙන් වැඩිකරාම 100wh (වොට්ස් පැය )කියනවා.

මේ බල්බය පැය 10ක් දැල්වුවහොත් 10කරන්ට් බිල ගැන සැලකිලිමත් වෙමු.
🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥

කරන්ට් බිල ගැන සැලකිලිමත් වන්න. පළමු පොයින්ට් 30ට
රු 8.00 බැගින් මුලික ගාස්තුව
රු 120 ක් ඒකට එකතුවෙනවා.

ඒ කීවෙ පොයින්ට් එකයි නම් පාවිච්චි කල ගාන 120+8=128යි. පොයින්ට් 20ක් ගියානම් 120+(20×8)=රු 280 යි.

පොයින්ට් 30 පැන්නම පොයින්ට් එකක් 10 ගානෙ හැදෙන අතර මූලික ගාස්තුව 240ක් වෙයි,

පොයින්ට් 31ක් ගියාම ගාන හදන්නෙ 240+(8×30)+10=490යි. නමුත් 60 පැන්නොත් ගාන සැරයි .

පොයින්ට් එකක් 16යි. මූලික ගාන 360යි. එනිසා අපි බලමු පොයින්ට් 60කට ගාන.
240+(8×30)+(10×30)= රු 780 යි.

60ට පැනලා එකක් වැඩිවුනාම වෙනස බලන්න එක පොයින්ට් එකක් වැඩි කරලා 61 කට හදමු,

360+(61×16)=360+976=රු1336 යි

දැක්කනෙ 60 සිට 61 වනවිට වෙනස 780 සිට් 1336 යන හැටි. පලමු 30ට 8 ගානෙ. දෙවනි 30ට 10 ගානෙ හැදෙන්නෙ. 60ට කලින් එතනින් එහාට ගියාම පලමු පොයින්ට් එකේ සිටම රු 16යි.

එනිසා 60න් පාත බිල තියාගන්න උත්සාහ කරන්න. 90 දක්වා මේ රටාවට බිල සැකසෙන්නෙ. 91සිට 180 දක්වා එක පොයින්ට් එකකට රු.50 ක් අයකෙරේ. ස්ථාවර ගාස්තුව රු 960 ක් වේ.

අපි පොයින්ට් 150 කදි බිල බලමු. එවිට 90 දක්වා පොයින්ට් එකකට රු.16 ගානෙ අයකෙරේ. 61 සිට 90 දක්වා තිබු ස්ථාවර ගාස්තුව 360 වෙනුවට, 90 න් පසු 180 දක්වා ස්ථාවර ගාස්තුව වන රු.960ක් එකතු වේ

පලමු පොයින්ට් 90ට පසු ඉතුරු පොයින්ට් 60ට 50 බැගිනි. point150=(90×16)+(60×50)+960 ලෙස වේ.

90 පැන්නම 91 සිට ස්ථාවර ගාස්තුව රු 960යි. පොයින්ට් 180 සිට ඉදිරියට ස්ථාවර ගාස්තුව
රු 1500යි. එක පොයින්ට් එකකට රුපියල් 75යි.

උදාහරණයක් විදියට පොයින්ට් 200 ක් ගතහොත්, 90 දක්වා රු 16 ගානෙ. 180 දක්වා රු 50 ගානෙ. 180න් පසු ඉතිරි 20ට 75 ගානෙ අයකරනවා. භාවිතා කර ඇති පොයින්ට් ගණනට අදාල ස්ථාවර ගාස්තුව එකතු වෙනවා.

1500+(90x16)+(90x50)+(20x75) =8940

එම නිසා වොට් ගාන වැඩි උපකරණ භාවිතය අඩු කරන්න.

මේ පෝස්ට් එකට තව එකක් ඇතුලත් කරන්න හිතුණා පොයින්ට් කියන්නෙ මොකද්ද කියලා.

විදුලිය මනින්නෙ වෝල්ට්, ඇම්පියර්, වොට්ස් කියන ඒවගෙන්.

වෝල්ට් × ඇම්පියර් = වොට්ස් වෙනවා. අපි භාවිතා කරන උපකරණ වලත් අදාල වොට් ගණන සඳහන් කරලා තියෙනවා.

උදාහරණයකට 100w බල්බ් එකක් ගමු. මෙය පැයක් දැල්වුවහොත් 100w පැය එකෙන් වැඩිකරාම 100wh (වොට්ස් පැය )කියනවා.

මේ බල්බය පැය 10ක් දැල්වුවහොත් 100w×10h වෙනවා එවිට 1000wh වෙනවා. ඒ කියන්නෙ 1kWh (1කිලෝවොට් පැය) ක්. ඒකට තමයි පොයින්ට් එකක් කියන්නෙ.

දැන් ඔබට තේරෙනවා 1000w හීටර්, අයන් වගේ ඒවා පැයක් භාවිතා කලාම පොයින්ට් එකක් යනවා. 10w LED බල්බ් එකක් පාවිච්චි කලොත් කිලෝ වොට් පැය එකක් වෙන්න පැය 100 ක් යන්න ඕනෙ.

එනිසා වොට් අගය වැඩි උපකරණ භාවිතා කරන විට ටිකක් කල්පනාවෙන් භාවිතා කරන්න.

(චමිල ගමගේ මහතා විසින් පළ කළ ලිපියකි

⭕ කටපාඩම් ගණිතය වෙනුවට අවබෝධයෙන් ගැටළු විසඳීමට හුරු කිරීම තුළින් අමාරුයි යැයි සම්මත papers වලට පවා ඉහළ ලකුණු ලබා ගැනීමේ ...
05/07/2024

⭕ කටපාඩම් ගණිතය වෙනුවට අවබෝධයෙන් ගැටළු විසඳීමට හුරු කිරීම තුළින් අමාරුයි යැයි සම්මත papers වලට පවා ඉහළ ලකුණු ලබා ගැනීමේ හැකියාව ගොඩ නංවනු ලැබේ.

⭕ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ඕනෑම මට්ටමේ සිසුවෙකු, මේ වන විටත් ප්‍රතිඵල පෙන්වා ඇති,අති සාර්ථක ඉගැන්වීම් රටාවක් ඔස්සේ ඉහළ ප්‍රතිඵලයක් කරා ගෙනයනු ලැබේ.

⭕ Papers සාකච්ඡා කිරීම මඟින් ළමුන් වාර විභාග සඳහා සූදානම් කරනු ලැබේ.

⭕ ඉතාම රසවත්ව, ඕනෑම දරුවෙකුට තේරුම් ගත හැකි අයුරින් පාඩම් ආවරණය කරනු ලැබේ.

🔴 මෙතෙක් අඛණ්ඩව 100%ක් ප්‍රතිඵල පෙන්වු ඔබේ ගුරුවරයාගේ පන්තියට දැන්ම සම්බන්ධ වන්න.

📞 වැඩි විස්තර දැනගැනීමට Whatsapp Button එක Click කර Message එකක් එවන්න.

☎️ විමසීම් : 0701373155

25/06/2024
" නුවන් තුෂාරගේ තිබුනු ප්‍රශ්නේ තමයි එයා ගහන්නේ T10, T20 කියලා හිතාගෙන ප්‍රැක්ටිස් කරද්දි දාන්නේ ඕවර හතරයි. මං දැකපු දෙය...
23/06/2024

" නුවන් තුෂාරගේ තිබුනු ප්‍රශ්නේ තමයි එයා ගහන්නේ T10, T20 කියලා හිතාගෙන ප්‍රැක්ටිස් කරද්දි දාන්නේ ඕවර හතරයි. මං දැකපු දෙයක් තමයි මැච් වලදි මෙයා ඉක්මනටම හෙම්බත් වෙනවා. මං IPL එකේදි එයාට කොන්දේසියක් දැම්මා එයාට මෙතන ඉන්න ඕන නම් දවසට ඕවර හතක් දාන්න ඕන කියලා...

දැන් එයා මුල් ඕවරේ වේගයෙන්ම අන්තිම ඕවරේත් දානවා. ක්‍රීඩකයෙක්ගේ ස්කිල් එක හැදෙන්නේ ජිම් එකේදී නෙවෙයි, බෝල් කරලා. බෝල් කරලම තමයි ක්‍රීඩකයෙක් මැච් එකේදි කරන දේ ඉගෙන ගන්න ඕන. එයා දැන් ගොඩක් Improve වෙලා තියෙන එක ගැන සතුටුයි.."

- ලසිත් මාලිංග-

උපුටාගැනීමකි

ඔබට හැකි නම්.... වටිනා දෙයකි...උපුටාගැනීමකි
23/06/2024

ඔබට හැකි නම්.... වටිනා දෙයකි...

උපුටාගැනීමකි

අද දවල් අවුරුදු 18 ක්වත් නැති වගේ පේන පොඩි එකෙක් කරන බඩ ඉරිඟු කඩයක් හම්බුණා. මාත් එකක් ගත්තා. මේක රුපියල් 100 යි. හැ...
04/06/2024

අද දවල් අවුරුදු 18 ක්වත් නැති වගේ පේන පොඩි එකෙක් කරන බඩ ඉරිඟු කඩයක් හම්බුණා. මාත් එකක් ගත්තා. මේක රුපියල් 100 යි. හැබැයි එ‍් වෙලාවෙ දැක්ක දෙයක් නිසා පොඩ්ඩක් මේ ගැන ලියල දාන්න ඕනමයි කියල හිතුණා.

තම්බපු බඩ ඉරිඟු මම අ‍ාසම කෑමක්. එ‍් නිසා නිතරම කනවා. රසටත් වඩා බඩ ඉරිඟුවලට අ‍ාස එ‍්ක ස්වභාවික කෑමක් නිසා. ගහේ තියෙන ඉරිඟු කරල අරන් ලුණු වතුරෙ තම්බන එක විතරයිනෙ වෙන්නෙ. ෂෝට් ඊට් වර්ග වගේ ජාති හැට හුට හමාරක් දාලා තෙල්වල බැදලා හදන දේකට වඩා මේක පොඩ්ඩක්වත් බය නොවී කන්න පුළුවන් කෑමක්.

බඩ ඉරිඟු නිතරම කන නිසා මම දන්න දෙයක් තමයි එ‍්ක විකුණන සාමාන්‍ය විදිහ. මෙච්චර කාලෙකට ගත්ත හැම බඩ ඉරිඟුවක්ම අතට හම්බුණේ පොලිතින් බෑග් එකක දාලා. ගමනක් යන ගමන් හරියට අත හෝදන්න අමාරු නම් දූවිලි ගෑවෙන් නැතිව කන්න එ‍්ක හොඳ ක්‍රමයක්. හැබැයි ඉතින් රස්නෙ බඩ ඉරිඟුවක් පොලිතින් බෑග් එකේ දාල අල්ලගෙන ඉන්න ලේසි නැති බව දන්නවනෙ. අත පිච්චෙනවා.

හැබැයි මේ‍ පොඩි එකා පාවිච්චි කරන්නෙ වෙනස් ක්‍රමයක්. බඩ ඉරිඟු තම්බන මුට්ටියටම බඩ ඉරිඟුවෙ වටේ තියෙන මේ කොළෙත් ගලවලා දානවා. ටිකක් තැම්බුණාම කොළ ටික අරන් වෙනම ගොඩ ගහනවා. බඩ ඉරිඟු විකුණද්දි එ‍් වෙලාවෙ කන අයට අතට දෙන්නෙ මේ කවරෙ ඔතලා.

ලොකුවට කතා කර කර හිටියෙ නැති වුණාට එ‍් අ‍ැයි කියල අ‍ැහුවාම කිව්වෙ තැම්බෙන වතුරට මේ කවරෙ දැම්මාම බඩ ඉරිඟු වැඩිපුර රස වෙනවලු. අනික තැම්බුණාම මේ කවරෙ ඉරෙන්නෙත් නෑලු. පොලිතින් බෑග් එකකට රුපියල් 5 ක් දෙන්න ඕන නිසා මේ ක්‍රමේ ලේසියිලු.

මේක කන ගමන් මට කල්පනා වුණේ මේ පොඩි එකා මොන තරම් මොළේ තියෙන එකෙක්ද කියලා. කියපු කතාවෙ අ‍ැත්තක් තියෙනවා, අ‍ැත්තටම එ‍් බඩ ඉරිඟු සෑහෙන රසයි. කවරෙ තම්බපු නිසාද නම් දන් නෑ. හැබැයි රස වැඩි වෙන කතාව පැත්තකින්ම තිබ්බත් මේ ක්‍රමය මොන තරම් සාර්ථකද බලන්න.

ගොඩක් වෙලාවට බඩ ඉරිඟු තම්බන අය කරන්නෙ මේ කවරෙ සම්පූර්ණ ගලවලා පැත්තකට දාලා ඉරිඟු ටික විතරක් තම්බන එක. ඊට පස්සෙ පොලිතින් බෑග්වල දාල විකුණනවා. බඩ ඉරිඟු තැම්බුණාම තියෙන 80°-90°C උෂ්ණත්වය එක්ක එ‍්ක හිතකරද කියන එකත් ලොකු ප්‍රශ්නයක්. අනික අ‍ැත්තටම බෑග් එකට පිටින් අ‍ැල්ලුවත් අත පිච්චෙනවා.

මේ කවරෙ එ‍් අතින් මොන තරම් සාර්ථකද? වෙනම පොලිතින් බෑග් ඕන නෑ. අතේ දූවිලි තිබුණත් කවරෙන් අල්ලගෙන කන්න පුළුවන්. අනික බඩ ඉරිඟුවලම කවරෙ නිසා ගාණට එ‍්කෙ ප්‍රමාණයට එතිලා තියෙනවා. කිව්වා වගේම තැම්බිලා නිසාද මන්දා කවරෙ මාර හයියයි. උවමනාවෙන් ඉරන්න හැදුවත් ඉරන්න අමාරුයි. අනික දුම් දාන තරම් රස්නෙ ඉරිඟු කරලක් වුණත් මේ කවරෙන් අල්ලද්දි අත පිච්චෙන්නෙ නැහැ. රස්නෙ නිසා පොලිතින් බෑග් එක වගේ අහිතකර දෙයක් එකතු වෙන්නෙත් නෑ කියල ෂුවර්නෙ. අනික කන්න අ‍ාස හිතෙන හොඳ සුවඳක් පවා එනවා. බඩ ඉරිඟුව කාලා ඉවර වෙනකල්ම රස්නෙටත් තියෙනවා.

කාලා ඉවර වුණාට පස්සෙ හිතුණෙ එ‍්කෙ තවත් පැතිකඩ කීපයක් ගැන. එක අතකින් පොඩි එකාට හවසට විසි කරන්න ගොඩක් බඩඉරිඟු කවර ඉතිරි වෙන් නෑ. මොකද වැඩි හරියක් ගන්න අය අතේම යවනවනෙ. අපිට වුණ‍ත් කාලා මේක විසි කරද්දි ඕනම තැනක දාන්න වුණත් බයක් නෑ. පොලිතින් කවරෙක ඔතලා විසි කරොත් එ‍්ක පරිසර හානියක්. ඉරිඟු cob එක කන සතෙක්ට වුණත් පොලිතින් කැවෙන්න පුළුවන්. හැබැයි මේ කවරෙ එහෙම කිසිම බයක් නෑනෙ. 100% ස්වභාවික නිසා පරිසරයට කිසිම හානියක් නැතිව ඉබේම දිරල ගිහින් පොහොරකුත් වෙයි.

මට තියෙන ප්‍රශ්නෙ ලංකාවෙ බඩඉරිඟු තම්බලා විකුණන අයට මේ අදහස අ‍ැවිත් නැත්තෙ අ‍ැයි කියලා. කොටින්ම දුර ගෙනියන කෙනෙක්ට පොලිතින් බෑග් එකක දාලා දෙනකොට වුණත් මෙහෙම මේ කවරෙන් ඔතලා දුන්නා නම් පිච්චෙන එක අවම වෙනවා. පොලිතින් අංශු රස්නෙත් එක්ක බඩ ඉරිඟුවට එකතු වෙන එකත් නවතිනවා.

එ‍්ක කන අපිටත් හොඳයි, පරිසරයටත් හොඳයි, විකුණන මනුස්සයාටත් වාසියි. 👌

Hot Gossip TV Follow Us For Read New Articles

උපුටා ගැනීමකි ...

ඔයාලා ඉන්න පැති වලට කොහොමද ?(එක් එක් ප්‍රදේශ වල Photos Comment මඟින් දක්වා ඇත)
02/06/2024

ඔයාලා ඉන්න පැති වලට කොහොමද ?

(එක් එක් ප්‍රදේශ වල Photos Comment මඟින් දක්වා ඇත)

සැබෑ මහත්තයෙක් ❤.මේ ඉන්නේ කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෝටර් රථ ලියාපදිංචි කරන අංශයේ රාජකාරි කරන සැබෑම මහත්මයෙක්. මම...
02/06/2024

සැබෑ මහත්තයෙක් ❤.

මේ ඉන්නේ කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෝටර් රථ ලියාපදිංචි කරන අංශයේ රාජකාරි කරන සැබෑම මහත්මයෙක්.

මම අද ගියා මගේ බයික් එකේ ආදායම් බලපත්‍රය ලබා ගන්න නමුත් මම යනවිට එහි විදුලිය විසන්ධි වී තිබීම හේතුවෙන් බලපත් ලබා ගැනීමේ හැකියාවක් නැති බව එහි ආරක්ෂක අංශයේ රාජකාරි කරන නිලධාරි විසින් පවසා සිටියා .

පසුව මම එම කාර්යාලයේ රාජකාරි කරන චායාරූපයෙ සිටින නිළධාරි තුමා සමග කතා කිරීමේදි එතුමා පැවසුවෙ විදුලිය විසන්ධි වී පැයක් විතර පසුවී ඇති බවත් ටික වේලාවක් රැදි සිටි බලන ලෙසයි එ වන විට වේලාව සවස 2 පසුවී තිබුනි.

එහිදි මා නිකමට වගේ ඔහු වෙත මා 60 km පමන අධික දුරක් සිට පැමිණි බවත් නැවත ඒමට නිවාඩුවක් ලබාගත යුතු බව පැවසු මොහොතේ ටිකක් ඉන්න බලන්න බැට්රි බැකප් එක තියෙනවනම් උත්සහ කරලා බලන්නම් කියා කම්පියුටර් එක ඔන්කර මාගේ සහ තව එහි රැදි සිටි කිහිප දෙනෙකුගේම ආදායම් බලපත් ලබාදුනි.

ඇත්තටම මනුස්සකම හදුනන සැබෑම මහත්මයෙක් ඔබ තුමාට මාගේ හදපිරි ප්‍රණාමය පුද කරමි...

උපුටාගැනීමකි

Pandya's Divorce ..👀   Hardik Pandya has included his mother as successor in all his bank accounts and properties even b...
29/05/2024

Pandya's Divorce ..👀

Hardik Pandya has included his mother as successor in all his bank accounts and properties even before marriage.
will get nothing from if happens.

Reported

Happy Birthday Pathum Nissanka !
18/05/2024

Happy Birthday Pathum Nissanka !

"I also want to be a wall for fielding...!"     I can not be good as my father. They call him a wall. They have given hi...
17/05/2024

"I also want to be a wall for fielding...!"

I can not be good as my father. They call him a wall. They have given him a name.

- Srilankan Former Cricket Captain TM Dilshan's daughter Limansa -

Former Sri Lankan Coach Lead Indian Team after Rahul Dravid ?READ FULL >>>  https://bit.ly/3K3dHuz
15/05/2024

Former Sri Lankan Coach Lead Indian Team after Rahul Dravid ?
READ FULL >>> https://bit.ly/3K3dHuz

Address


Website

https://bit.ly/m/CricketFashion

Alerts

Be the first to know and let us send you an email when Hi Gen TV Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hi Gen TV Sri Lanka:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share