Trust Sri Lanka

  • Home
  • Trust Sri Lanka

Trust Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Trust Sri Lanka, Media, .

පින්බිම නාගදීපය....
12/07/2023

පින්බිම නාගදීපය....

වියපත් පුද්ගලයන්ට ආපනශාලා -------------------------වියපත් පුද්ගලයන් උදෙසා ආපන ශාලා 1000කට වැඩි ප්‍රමාණයක් චීනයේ Shandong...
03/07/2023

වියපත් පුද්ගලයන්ට ආපනශාලා
-------------------------
වියපත් පුද්ගලයන් උදෙසා ආපන ශාලා 1000කට වැඩි ප්‍රමාණයක් චීනයේ Shandong පළාතේ Zibo නගරයේ ගොඩනගා තිබෙයි. එම වියපත් පුද්ගලයන් සදහා වූ ආපන ශාලා ක්‍රියාත්මක කරන්නේ රජයේ සහය, සමාගම් වල පරිත්‍යාග සහ ස්වේච්ඡා සේවකයන්ගේ සේවය මතවෙයි. එහිදී වයස 80ට වැඩි පුද්ගලයන්ට නොමිලේ එහි ආහාර ගත හැකි අතර වයස 60-79 පුද්ගලයන්ට ආහාර සඳහා අය කරන්නේ චීන යුවාන් 2ක්(ලංකාවේ මුදලින් රුපියල් 100ක් වැනි ) තරම් වූ මුදලකි.

මේ "අඟුටුමිටි" ගුහා නවාතැන් තියෙන්නෙ ජර්මනියේ සැක්සොනි-ඇන්හාල්ට් වලයි. විදෙස් මාධ්‍ය දක්වන පරිදි ඒවා සංචාරක ආකර්ෂණයට බොහ...
04/06/2023

මේ "අඟුටුමිටි" ගුහා නවාතැන් තියෙන්නෙ ජර්මනියේ සැක්සොනි-ඇන්හාල්ට් වලයි. විදෙස් මාධ්‍ය දක්වන පරිදි ඒවා සංචාරක ආකර්ෂණයට බොහෝ ලක්ව තිබෙනවා.

ජෝර්දාන‍යේ ' ජාතික ආහාරය’ ලෙසින් ' Mansaf ' සැලකෙයි. එය බත්, ඇට වර්ග සහ එළු මස් සහිතව වියළි යෝගට් එකතු කරමින් පිසිනු ලබන...
23/05/2023

ජෝර්දාන‍යේ ' ජාතික ආහාරය’ ලෙසින් ' Mansaf ' සැලකෙයි. එය බත්, ඇට වර්ග සහ එළු මස් සහිතව වියළි යෝගට් එකතු කරමින් පිසිනු ලබන ආහාරයකි.

05/05/2023

Panasonic සමාගමේ නිර්මාතෘවරයා වූ කොනොසුකෙ මත්සුෂිතා( Kōnosuke Matsush*ta )ගේ ව්‍යාපාර දර්ශනය සරල මූලධර්ම 3ක් මත පදනම් විය. එකක් වූයේ තීරණ ගැනීමේදී මනස ව්‍යාකූලත්වයෙන් තොරව තබා ගැනීමයි. අනෙක වූයේ කළමනාකරණය සදහා සාමාන්‍ය දැනුම භාවිතයයි. ඉතිරි එක වූයේ සහජීවනය සහ සෞභාග්‍යය වෙනුවෙන් ව්‍යාපාර කිරීමයි.

මෙම ශාක මේ විදියට කොහොම ගැට ගැසුණා දැයි ඔබට පුදුමයි නේද? ඇත්තටම මේවා වක ගැසුණු ස්වාභාවික ශාක නෙවෙයි. මේවා යකඩ දැලක් භාවි...
30/04/2023

මෙම ශාක මේ විදියට කොහොම ගැට ගැසුණා දැයි ඔබට පුදුමයි නේද? ඇත්තටම මේවා වක ගැසුණු ස්වාභාවික ශාක නෙවෙයි. මේවා යකඩ දැලක් භාවිතයෙන් මූලික හැඩය සාදා, ප්ලාස්ටර්වලින් එය පුරවා, අවසානයේ ශාක පොත්තෙන් ඔතා නිර්මාණය කළ මූර්ති නිර්මාණ...දැක්කම ඇත්ත ගස් වගේමයි නේද?

කතරගම දුටුගැමුණු සෑය...
14/04/2023

කතරගම දුටුගැමුණු සෑය...

මහපොළොව කැන්වසය ලෙස ගෙන ධාන්‍ය භාවිතයෙන් සිතුවම් අපූරු ලෙස නිර්මාණය කරන්නේ චීනයේ Hebei පළාතේ Qinhuangdao ප්‍රදේශයේ සිටින...
11/04/2023

මහපොළොව කැන්වසය ලෙස ගෙන ධාන්‍ය භාවිතයෙන් සිතුවම් අපූරු ලෙස නිර්මාණය කරන්නේ චීනයේ Hebei පළාතේ Qinhuangdao ප්‍රදේශයේ සිටින චිත්‍ර ශිල්පිනියකි. ඇය ගම්බද මාර්ගයක මීටර් 100 ක දිගින් යුතු සිතුවමක් අඳින ආකාරයත් , ඇගේ නිර්මාණයනුත් කැමරා ඇසට හසුකොට ගෙන ඇත්තේ මෙලෙසිනි.

කබොක් ගල් සහිත පස් කණ්ඩියක සොබාදහමට ලංව එළිමහනේ මෙම දර ලිප තනා තිබෙනු ඇස ගැටුනේ ලංකාගම ග්‍රාමයේදීයි.
06/04/2023

කබොක් ගල් සහිත පස් කණ්ඩියක සොබාදහමට ලංව එළිමහනේ මෙම දර ලිප තනා තිබෙනු ඇස ගැටුනේ ලංකාගම ග්‍රාමයේදීයි.

වෙනස්ව හිතන එකත් වෙනමම වැඩක්....
28/03/2023

වෙනස්ව හිතන එකත් වෙනමම වැඩක්....

බූරුවන්ට ගිය පාසල් සේවය-----------------------මෙලෙස Luey Ebu Sahlul විසින් බූරුවෙකු යෙදූ රථයකින් පලස්තීන සිසු සිසුවියන්ට...
27/03/2023

බූරුවන්ට ගිය පාසල් සේවය
-----------------------
මෙලෙස Luey Ebu Sahlul විසින් බූරුවෙකු යෙදූ රථයකින් පලස්තීන සිසු සිසුවියන්ට පාසල් බස් සේවය සපයන්නේ Gaza ප්‍රදේශයේ Khan Younis කුඩා නගරයේදීයි.

සාම්ප්‍රදායික මකර නැටුම්---------------------Guizhou පළාතේ Dongguan චෙරි වගා කරන චීන ගම්මානයේ වැසියන් සකුරා මල් පිපෙන කා...
26/03/2023

සාම්ප්‍රදායික මකර නැටුම්
---------------------
Guizhou පළාතේ Dongguan චෙරි වගා කරන චීන ගම්මානයේ වැසියන් සකුරා මල් පිපෙන කාලයේ මෙලෙස සම්ප්‍රදායික මකර නැටුම් පවත්වමින් හොඳ අස්වැන්නක් ලබා ගැනීම සඳහා පූජා පැවැත්වීම සිදුකරනු ලබනවා.

මේ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීම වෙනුවෙන් තායිලන්තයේ Bangkok හි Phahon Yothin උමං දුම්රිය ස්ථානය විචිත්‍ර කරමින් උමං දු...
15/02/2023

මේ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීම වෙනුවෙන් තායිලන්තයේ Bangkok හි Phahon Yothin උමං දුම්රිය ස්ථානය විචිත්‍ර කරමින් උමං දුම්රිය ස්ථානයේ පැවැත්වෙන කලා ප්‍රදර්ශනයක් පැවත්වූ ආකාරයයි...

ඔබගේ උදව් අවැසි මොහොතක්..
19/01/2023

ඔබගේ උදව් අවැසි මොහොතක්..

19/01/2023
12/12/2022

Sergey Savvi නම් වනජීවී ඡායාරූප ශිල්පියෙක් පසුගියදා ශ්‍රී ලංකාවේ හික්කඩුව ප්‍රදේශයේ දී ,මුහුදු කැස්බෑවන්ගේ සමීප ඡායාරූප රැසක් මෙලෙස ලබාගෙන තිබුණි. ඔහු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුනේ මුහුදු කැස්බෑවන් මෙතරම් සමීපව, වෙරළ තීරයේ සිටම නැරඹිය හැකි ස්ථාන ලෝකයේ ඉතා දුලභ බවයි. ඔහුගේ මෙම ඡායාරූප මෙන්ම ඔහු ඒ පිළිබඳව දක්වන අදහස් අපගේ සංචාරක කර්මාන්තයට මහත් රුකුලක් වේවි.
ස්තුතියි Sergey Savvi අපේ රට සුන්දරව දැක එය ලෝකයාට පෙන්වනවාට...

22/11/2022
16/10/2022

වසර 63ක් බලාසිටි ප්‍රේමයක් ❤

ටෙක්සාස් සිට ලොස් ඇන්ලිස් දක්වා දිවෙන දුම්රියක් තුල මුණගැසෙන තරුණ යුවලක්.
ඇය ක්ලාරා.ඔහු ජෝසෆ්.
දෙදෙනා පෙම්වතුන් වෙනවා.පෙම්වතුන් වී විවාහ වෙනවා.
ඒත් ඒ ප්‍රේමයට දළුලා වැඩෙන්න තරම් සෞභාග්‍යමත් කාලයක නෙමෙයි.ඒ ප්‍රේමයේ හිරු කිරණ ලෝකෙ අගිස්සෙන් මුහුදෙ ගිලෙමින් තිබුනු,යුද්ධයක ශේෂ වූ දුම්‍ රොටු අඳුරු වළාවන් සේ අහස වසාගෙන සිටි කාලයක්.ඒ දෙවන ලෝක සංග්‍රාමයේ වේදනාත්මක මතකයන්ගෙන් මිදීමේ මගක් සොයමින් සිටි කාලයක්.ඒ 1948 ජූනි මාසයයි. ජෝසෆ් ක්ලාරා යුවල විවාහප්‍රාප්ත වූ මාසයයි.
විවාහයේ උණුසුම හදවතින් බැහැරව යන්නටත් මත්තෙන් හමුදා සෙබලෙක් වූ ජෝසෆ් ගෑන්ට් හට වහාම සේවයට වාර්තා කිරීමේ නියෝගයක් ලැබෙනවා.ඒ කොරියානු යුධ බිමට.

නික්ම යන්නට මත්තෙන් ඔහු සිය බිරිඳගෙන් එක් අවසන් ඉල්ලීමක් සිදුකරනවා;

"මා නැවත නොපැමිණියහොත් ඔබ මා අමතක කර නැවත විවාහ වෙන්න"

"නැහැ! මම ඔබ එනතෙක් බලාසිටිනවා.." ඒ ඇයගේ ප්‍රතිචාරයයි.

කාලය ගෙවී යනවා.ඔහුගෙන් ඇයට අවසන් වරට ලිපියක් ලැබී සෑහෙන කාලයක් ගතවෙලා.ඔහුගේ ඉරණම අඳුරු වීද..ඈ එසේ සිතන්නට ඇති.සිය පෙම්වතාගේ හදිසි නිහඬවීම කුමක්දැයි සොයාබැලූ ඇයට ,1950 නොවැම්බර් 30 වෙනිදා ක්‍රියාන්විත සේවයේදී සාජන්ට් ජෝසෆ් ගෑන්ට් අතුරුදන් වූ බවට ආරංචි ලැබෙනවා.ඇයට කල හැකිව තිබුනේ එකම දෙයක් පමණයි.ඒ දෙවියන් යැදීම පමණයි.
තවත් වසර තුනක් ගෙවුනු තැන,1953දී ඇමරිකානු චීන සිරකරුවන් හුවමාරුවකින් යළි ඇමරිකාවට පැමණි සෙබළුන් කීපදෙනෙක් සාජන්ට් ගෑන්ට් පිළිබඳ මතකයක් අවදිකරනවා.ඔහු තමන් සමග චීන අත්අඩංගුවේ සිටි බවත් 1951 දී සාගතයෙන් මියගිය බව‍ත් ඔවුන් පවසා සිටියා.

නමුත් ක්ලාරා විශ්වාස කලේ කෙදිනක හෝ තම ප්‍රේමවන්තයා තමා සොයා එනු ඇති බවයි.ඒ නිසා ඇය නිකඩවා දෙවියන් යදිමින් සිටියා.ඇය ඔහුගේ නිර්පද්‍රිත පැමිණීම වෙනුවෙන් යාඥා කලා.ඔහු පැමිණි පසු දෙදෙනා එක්ව ගතකරන ආලෙන් පිරුනු සන්ද්‍යාවන් වෙනුවෙන් යාඥාකලා.

අවසානයේ වසර 63කට පසුව දෙවියන් වහන්සේට ඇයගේ යාඥාවන් ඇසෙන්නට ඇති.නමුත් දෙවියන් වහන්සේ ඇය වෙනුවෙන් එවා තිබුනේ ජාතික ධජයෙන් ආවරණය කරන ලද සීල් තැබූ මිනී පෙට්ටියක්.ඒ තුල තැන්පත් කර තිබුනේ වසර 63කට පසුව කොරියාවෙන් සොයාගත් දිරාගිය අස්ථි කැබලි කීපයක්.පරීක්ෂණ අනුව ඒ සාජන්ට් ජෝසෆ් ගෑන්ට්ගේ අස්ථි කොටස්.

වසර 63කට පසුව තමා සොයා ආ නිහඬව නිදන තම පෙම්වතා ඉදිරියේ එතෙක් කල් සඟවාගෙන සිටි කඳුළු කැට වස්සන වයස අවුරුදු 94 වූ ක්ලාරා ගෑන්ට් සිය පෙම්වතා පිළිබඳ මතකයන් සමග තනිවන මේ ආත්මීය මොහොත කැමරා කාචයේ සටහන් වී තීබුනා

අවශේෂ ලැබුනු දිනට පසුදිනම පූර්ව හමුදා ගෞරව සහිතව සාජන්ට් ජෝසෆ් ගෑන්ට්ව සිය මව්‍ රටේ පස තුල සදාකාලික නින්දක සතපවනු ලැබුවා.

ප්‍රේමය සදාකාලික දැයි නොදන්නා මුත් සදාකාලික වූ ප්‍රේමයන් ඇති බව දනිමි.
ප්‍රේමය අමරණීය දැයි නොදන්න මුත් අමරණීය වූ ප්‍රේමයන් ඇති බව දනිමි.
"වසර 63ක් බලාසිටි ප්‍රේමය" ඒ පාඩම කියාදී ඇත.

උපුටාගැනීම.. සංකල්ප ගුණතිලක

08/10/2022

Suspension Bridge linked from Adamspeak Estate(Presently a division of mocha estate)to Moray Estate since 1872 to 1968 which constructed and used by the British Planters before the maussakelle reservoir project.

01/10/2022

ලංකා සළුසලට අදට වසර 55 ක් සපිරෙයි. එය මුල්වරට රාජ්‍ය වානිජ රෙදිපිළි නීතිගත සංස්ථාව ලෙසින් ආරම්භ කෙරුණේ 1967 ඔක්තෝබර් 1 වෙනිදාය. එය ලංකා සළුසල ලෙසින් නව ආරම්භයක් ලැබුවේ 1972 ජනවාරි 1 වෙනිදාය.

21/09/2022
19/09/2022
12/09/2022
24/08/2022

1995 වර්ෂයේ ආරම්භ කොට මේ දක්වාම දේශීය යාන්ත්‍රණයක් සහිත වාහන එකලස් කිරීමේ ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක පොල්ගහවෙල අපනයන සැකසුම් කලාපයේ පිහිටි මයික්‍රෝ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ එක්වුනා. එහිදී පරිසර හිතදායි විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනයන් ඇතුළු මයික්‍රෝ ආයතනයේ සියළු වාහන එකලස් කිරීමේ නිෂ්පාදනයන් නිරීක්ෂණය කෙරුනා.

15/08/2022

විදෙස් සංචාරකයන් මෙන්ම අපනයනය ඉලක්ක කරගත්තොත් රටට ඩොලර් ගේන්න පුළුවන් කර්මාන්තයක්..

14/08/2022

2021 වසරේ චීනයේ ගෘහ විදුලි උපකරණ නිෂ්පාදනය බිලියන 3.8ක් ව ඇති අතර එහි සමස්ත අපනයන වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 98.7ක් පමණව තිබෙයි. අපත් අපේ ගෘහ විද්‍යුත් උපකරණ කර්මාන්තයන් නිෂ්පාදන ප්‍රවර්ධනයන් සිදුකොට ගනිමින් අපනයන ආර්ථිකයක් ගැන සිතිය යුතු නොවේද?

13/08/2022

කැරපොත්තන් වගා කෙරෙන කර්මාන්ත ශාලාවක් ගැන අහල තියෙනවද ?...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Trust Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share