Panic Hub

Panic Hub Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Panic Hub, Video Creator, .

24/08/2021
24/08/2021
09/08/2021

ගුරුවරුන්ට හොඳ වැඩේ!
මාගේ මව ගුරුවරියක් වුවත් ගුරුවරුන් බහුතරය මට වහ කදුරු ය. පාසල් කාලය තුල මා හට ආදරණීය ගුරුවරුන් හමු වූයේ ඉතා අතලොස්සක් බව කිව යුතු ය.

මගේ කතාවට මුලින් ම බහිමු.
මාගේ මව ගුරුවරියක් වීම මා හට එතරම් රිස්සුවේ නැත. හේතුව පහේ ශිෂ්‍යත්වයට ඉගැන් වූ ඇය කුඩා දරුවන් සමඟ සිටීම මාගේ ඊර්ෂ්‍යාවට ලක් වීමයි. පාසල් ගොස් ඉගැන්වීම ප්‍රශ්නයක් නැත. ඉවසන්නට බැරි අහළ පහළ ළමයි සහ පාසලේ ළමයි නිවසට ද පැමිණීම ය. ශිෂ්‍යත්වය ළං වන විට තත්ත්වය උග්‍ර වේ. ඇයගේ පන්තියේ සියලු ම ළමයි පාසල අවසන් වී නිවසට පැමිණෙ යි. මාගේ දුක් ගැනවිල්ලක් කියන්නටවත් ඇය නැත. මා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ලියන විට දී ද ඇය මේ පන්ති කෙරුවාව නැවැත්වූයේ නැත. පොඩි උන්ගේ ඝෝෂාව නිසා පාඩම් කිරීමට ද නොහැකි ය. පන්තිය අවසන් වූ පසු ද දෙමව්පියන් පැමිණ කොල්ලෝ කුරුට්ටෝ ටික ගෙනියන්නේ තවත් පැයක් පමණ ප්‍රමාද වී ය. ඒ අතරතුර වත්තේ ගස් වල ගෙඩි, ගැට සහ මල් වලට ද ඔවුන් වගකියා හමාර ය. ගේ පුරාම මකන කුඩු සහ පැන්සල් උල් කරපුවා ය. වැදගත් ම දෙය නම් මේ පන්ති කෙරුවාව නොමිලේ ය.!

ඇය අද online කෙරුවාව වර්ජනය කරන ගොඩේ ය. Fb එකේ උඩ පහළ යන මට පෙනෙන්නේ
ගුරුවරුන්ට හයර් නොයමි.
ගුරුවරුන්ට මගේ කඩෙන් බඩු නොදෙමි.
ගුරුවරුන් සියල්ල unfriend කරමි,.......
සරලව ම ගුරුවරුන් කාලකණ්ණි ය.
මේවා දකින අවුරුදු 30ක මට ඇතිවන්නේ සතුටකි.
ඇත්තට ම ගුරුවරුන්ට හොඳ වැඩේ!
මාගේ මවට කුඩා කළ සිට මා පැවසුවේ රස්සාව කර පඩිය අරන් ගෙදර එන ලෙස ය. ඇය මටත් මල්ලීටත් වඩා තම පන්‍තියේ ළමයින්ට ආදරේ කළාදැයි එවකට මා හට සැකයක් තිබුණි. අඳින්න නැතුව පාසල් නොපැමිණි ළමයින්ට මල්ලීගේ කලිසම් ටික ඔබාගෙන ගියාත් මතක ය.
තවත් කාලෙකට පටන් ගන්න නාඩගම පාසලේ හවස පන්ති ය. තනිව ම දිවා ආහාරය ගැනීමට අකමැති මම ඇය එනතෙක් බඩගින්නේ ය.
මා රැකියාවකට ගොස් තුන්වන මස ඉපැයූ ආදායම ඇය උපයන්නේ දැන් අවුරුදු 32ක සේවයකට පසුව ය.

කොරෝනා නිසා Online කෙරුවාව පටන් ගත් සැණින් මා ඇයගෙන් ඇසුවේ Device එකක් දුන්නා ද? Data වලට ගෙවනවා ද? නැත්නම් ඇයි නිකන් කරන්නේ ?
ඇයගෙන් බැනුම් අසා මා හට පසුබාන්නට විය.

ලංකාවේ fb pages ටික රජයේ බළල් අත් ය. රජයෙන් ගුරුවරුන් කාලකණ්ණි ලෙස හංවඩු ගසා එය සමාජ මාධ්‍ය ඔස්සේ සමාජගත කළ විට නූගත් දෙමව්පියන් කුපිත වී නොදැනුවත්ව ම කඩේ යන්නේ ඇස් පියාගෙන ය.

ලංකාව තුළ කිසියම් පාර්ශවයකට තම අයිතිවාසිකම් ඉල්ලන්නට බැරි ය. රජය විසින් මෝඩයන් කුපිත කරවා ඉල්ලීම කරන පාර්ශවය කෙරෙහි බලපෑමක් ඇති කරන්නේ ඔවුන්ගේ වාසියට ය. පුදුමය නම් මෙය බහුතරයකට නොතේරීම ය. ගුරුවරුන්ට පමණක් නොව දූපත්වාසී කිසිම අයෙකුට තම අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නැගීමට නොහැකි ය.
එක් පාර්ශවයක් තම අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගද්දී අපේ ම මිනිසුන් වූ දෙමව්පියන් රජයට උවමනා දේ කරමින් සිටී.

නමුත් මට සතුටු ය.
මාගේ මවට මා පැවසූ දේ සත්‍යයක් වී තිබේ.
පාසලේ උගන්වා ඇයට ගෙදර එන්නට තිබුණා ය.
අනුන්ගේ ළමයින්ට පාසලේ අමතර පන්ති නොකර ඉන්නට තිබුණා ය.
අනුන්ගේ ළමයින්ව ගෙදර ගෙනත් නොමිලේ උගන්වන්නේ නැතිව, ඇයට අර සොච්චම් පඩිය අරන් ගෙදර ඇවිත් මං එක්ක කතා කර කර ඉන්නට තිබුණා ය.
අපේ අම්මට හොඳ වැඩේ!
ගුරුවරුන්ට හොඳ වැඩේ!

- Panic Hub -

09/04/2021

Address


Alerts

Be the first to know and let us send you an email when Panic Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share