Trumps

Trumps Trumps is a social media community group, which provides entertainment
and latest news around the world

05/08/2022

රජ පුටුවේ මගේ ඉදගන්ට
උඹලා මොන නර පනුවන්ද
රජ බෙටි ලන තැන නරඹන්ට
බැලයිනි තොපිලට පුලුවන්ද
ඉදිරි දොරෙන් රජගෙට එන්ට
මගෙ කොඩියේ උඩ බුදියන්ට
මගේ වැසිකිලියේ. පහරන්ට
හැකිද බොලවු තෙපි. වහලුන්ට
මම කන මෙනු එක කියවන්න
ඒකට ජන කෙල. ගිලවන්ට
මගෙ පවුලගෙ හැට්ටය ගන්ට
ගිය වියදම. ගැන. පෙන්නන්ට
අපි ඉන්නෙ සැප. වලදන්ට
තොපි ඉන්නෙ.චන්දය දෙන්ට
අපි කියනා බන. පිලිගන්ට
අපේ සපත්තුව. ලෙවකන්ට

26/07/2022
26/07/2022

චීන ජන කථාවක තියෙනවා මෙහෙම...
ඔන්න එක වයසක පොරක් හිටියලු.... පොරට රෑට නින්ද යන්නෙ නෑලු.... හේතුව පොරගෙම නිදි ඇඳේ, ඇඳ පොලු ටික "කිරි කිරි " ගාන සද්දෙ ඇහෙනවලු....
ඔන්න ඉතින් ඩෑල් එක මේකට විසඳුමක් සොයාගන්න ගියාලු ගියැම් හුවෝ කියලා පඬිවරයෙක් ළඟට ...
"ගෙදරට බල්ලෙක් ගෙනෙන්" පඬිවරයා කිව්වලු...
අරූ බලු කුක්කෙක් අරගෙන ආවලු....ඔන්න එදා රෑ ඇඳ කිරි කිරි ගානවට අමතරව බල්ලත් බුරනවලු....කොහෙත්ම නින්ද යන්නෙ නෑලු....ආයෙ හැරෙන තැපෑලෙන් ගියා පඬිවරයා ළඟට...
"ගෙදරට පූසෙක් ගෙනෙන් " පඬිවරයා කිව්වලු...
අරූ පූසෙක් අරන් ආවා....දැන් එදා රෑ ඇඳ කිරි කිරි ගානවට අමතරව, බල්ලා බුරනවා, පූසත් ඥාව් ගානවා... ලොවෙත් නින්ද යන්නෙ නෑ....
ගියා පඬිවරයා ගාවට...
"ජනේලෙ ගාව ටකයක් ගැට ගහපන් " උපදෙස් ලැබුණලු......
දැන් එදා රෑ, ඇඳ කිරි කිරි ගානවට අමතරව, බල්ලා බුරනවා, පූසා කෑ ගහනවා, හුළඟට අර ටකෙත් කඳු වලට දෝංකාර දෙන්න වදිනවලු....ආයෙ කන්දොස්කිරියාවේ බෑලු...
පොර ගියා පඬිවරයා ගාවට, පහුවදා උදේම....
"උඹ දැන් අද ගෙදර ගිහින්, ටකෙයි, බල්ලයි, පූසයි වෙන කාට හරි දීපන් " කිව්වලු....
අපේ ඩෑල් එකත් ආපු ගමන් බලු තඩියයි, පූසයි, අන්සතු කරලා, ටකෙත් ගලවලා විසික් කරලා දැම්මා....
එදා රෑ ඇඳ කිරි කිරි ගාන සද්දෙ විතරයි.....අරූට නින්ද ගියාලු යෑමක්, ආයෙ පහුවදාටත් දවල් කෑම ටයිම් එක අල්ලලා තමයි නැගිට්ටෙ....
අන්න ඒ වගේ, ආණ්ඩුවක් පිස්සු කෙළලා, කෙළලා, මිනිස්සුන්ගෙ පිටේ නොසෑහෙන්න බර පටවලා, වාහන ගන්න මුදල් නාස්ති කරලා, පාරිසරිකව බිහිසුණු විනාශයක් කරළා, වසංගත අනාගෙන, අවිද්‍යාත්මක හූදු කෙළමාවල් වලින් උවමනාවෙන්ම මිනිස් ජීවිත වසංගතයට බිළි කරලා, හත්පොළේ ගාගෙන, රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයත් බල්ලටම දාලා, අන්තිමට ඡන්දයක් ලංවෙලා, පරිප්පුයි සාඩින් ටින් එකයි, තව ඕන් නම් කීරි සම්බයි, පෙට්‍රල් රුපියල් දහයකිනුයි අඩු කළොත්,
"මොන තරම් සහනයක්ද?....බැලුවාම ඉතින් ඒ හැටි වරදක් නෑ අනේ..." කියාගෙන ගිහින් ඡන්දෙ දෙන මිනිස්සුත් නැද්ද බලාපල්ලා..
උපුටාගැනීමකි

23/07/2022

අම්මෝ සාන්ත 😁😁

21/07/2022

❤️❤️

15/07/2022

අපිට ගැලපෙන සහකරු හෝ සහකාරිය ( Soul Mate ) හොයාගන්නේ කෙසේ ද? මං මේ විදිහට උත්තර දෙන්නම්.

ඕනෑම මිනිසෙකු තුළ සාන්තුවරයෙක් මෙන්ම යක්ෂයෙක් සිටියි. බොහෝ අවස්ථාවලදී මෙම දෙදෙනාගේම මනෝභාවයන් වල එකතුවෙන් අපේ මනෝභාවය තැනෙයි. නමුත් සමහර තැන් වල දී යක්ෂයා මෙන්ම සාන්තුවරයා තනි තනිව අනෙකා පරදා නැගිටියි. ඒත් කොයි මොහොතේ කෙලෙස වේදැයි බොහෝවිට අපට පුරෝකතනය කළ නොහැකිය. ඔබේ යක්ෂයාව මෙන්ම සාන්තුවරයාව එකලෙස තේරුම් ගත හැකි යම් අයෙක් ඔබට හමුවුවහොත් ඒ කෙනා ඔබගේ soulmate වනු ඇත.

උදාහරණ ලෙස සාමාන්‍ය ජීවිතයේදී හරිම නිවුනු සමහර මිනිසුන් s*x වලදී සිටින්නේ වෙනස්ම fantasy වලය. නිදි යහනේදි ඔවුන් යක්ෂයන් ය. ලෝකයෙන්ම game ඉල්ලමින් රකුසු මුහුණ පෙන්වමින් ජීවත් වන ඇතමුන් තමන්ගේ සමිපතයන්ගේ සුලු වචන වලටත් හිත රිදවා ගෙන අඬයි. කාටවත් කරදරයක් නොකර තමන්ගේ පාඩුවේ ජීවත් වන ඇතැම් සාන්තුවර චරිතයකට ඔබ කරදරයක් කලොත් ඔහු හෝ ඇයගෙන් එලියට පනින යක්ෂයා ඔබව එක් ක්ෂණයෙන් විනාශ කරනු ඇත!

ඉතින් මෙන්න මේ කියවීම හරියටම ලබා ගන්න නම් ඔබට යම් අයෙකුව යම්කිසි කාල පරාසයක් ඇසුරු කිරීමට සිදුවෙයි. ඒ සඳහා අවම වශයෙන් මාස හයක් වත් ගතවනු ඇත. කිසිම මිනිසෙකු තමාගේ මුල්ම හමුවීමේදී ඔහුගේ හෝ ඇයගේ සැබෑ ස්වරූපය එළි නොකරනු ඇත. ඒවා බොහෝවිට එළි වන්නේ ඔහු හෝ ඇය ප්‍රශ්න වලට ප්‍රශ්න වලට මුහුණ දෙන විටදී සහ අධික සතුටින් කල් ගෙවන විටදී ය. අප කාටවත් සීයට සීයක් ගැළපෙන මිනිසුන් ලැබෙන්නේ නැත. 70% ක් පමණ අදහස්වලින් ගැලපෙන කෙනෙකු සොයා ගෙන ඉතුරු 30% අප ගලපා ගත යුතුය. ගැළපෙන්නේම නැතිනම් හැරී ආවට කම් නැත. කිමද යත් අප ආදර සම්බන්ධතාවයක් පටන් ගන්නේ තනියෙන් සිටිනවාට වඩා සතුටින් සිටීමට මිස වේදනාවෙන් කල් ගත කිරීමට නොවන නිසාවෙනි... ❤️💫

Hasintha Hewawasam
" Morning Motivational Quotes Day 776 ❤️"

11/07/2022

අරගලය නිමා කල හැක්කේ කෙසේ ද?

අරගලයට සම්මුතියක් හෙවත් Galleface Declaration එකක්, Treaty එකක් අත්‍යාවශ්‍යය.

එය වත්මන් පාර්ලිමේන්තුව සහ මහජනතාව අතර ඇති වන පොදු සම්මුතියක් වන අතර, වත්මන් ආර්ථික අර්බුදය විසඳා ගැනීම අරමුණු කර ගත්තක් විය යුතුය.

එය නීත්‍යානුකූල ලියවිල්ලක් විය යුතු අතර, රටේ වත්මන් ව්‍යවස්ථාවට, හා නීතියට එකඟ විය යුතුය.

එය අරගලය විසින් නිර්මාණය කල යුත්තක් අතර පොදුවේ අරගලය විසින් එකඟ විය යුතු ලියවිල්ලකි. මේ වන විට අරගලය තුලින් ඉදිරිපත් කල ඇති විසඳුම් ගණනාවක් ඇත. ඒවා සියල්ල සැළකිල්ලට ගෙන, පොදුවේ පිළිගත් කමිටුවක් මගීන් සම්පිණ්ඩනය කොට නිර්මාණය කර ගත් අවසන් ලියවිල්ලක් ජනගත කල යුතුය. එම ලියවිල්ල මගීන් වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් හා ප්‍රතිසංස්කරණ වලට මග පාදා තිබිය යුතුය.

එම කමිටුවට අරගලයේ නියෝජනයක්, නීතීඥ සංගමයේ නියෝජනයක්, මෙන්ම ආර්ථිකය පිළිබඳව දැක්මක් ඇති පිරිසකගේ නියෝජනයක් තිබීම ඉතාම වටී.

එය පාර්ලිමේන්තුවේ 113 ක බලය ලබා ගෙන ජනාධිපති වරයා, රාජ්‍ය නායකයා බවට පත් වන පුද්ගලයා විසින් හා අගමැති වරයා බවට පත්වන පුද්ගලයා විසින් පිළිගෙන ප්‍රසිද්ධියේ අත්සන් කල යුතුය.

113 ලබා ගන්නා පුද්ගලයා අරගලකරුවන් විසින් පිළිගන්නා අයෙකු විය යුතු අතර, ඔහු හෝ ඇය රාජපක්ෂ රෙජීමය නියෝජනය කල හෝ කරන්නෙකු නොවිය යුතුයි.

එසේම එම පුද්ගලයාට රටේ පවතින ආර්ථික අර්බුදය පිළිබඳව දැනුමක්, එය විසඳීමේ හැකියාවක් හා රාජ්‍ය පාලනය පිළිබඳව අත්දැකීමක් ඇති අයෙකු වගේම වංචා දූෂණ පිළිබඳව චෝදනා නොලත් අයෙකු විය යුතුයි.

ඉන් අනතුරුව අරගලය නිල වශයෙන් සමාප්ත කල යුතු අතර, උක්ත රාජ්‍ය නායකයා එම සම්මුතිය ගරු නොකරන ඕනෑම අවස්ථාවක අරගලය යළි කැඳවීමට අරගල කරුවන් එකඟ විය යුතුය ; කටයුතු කල හැකිය.

එසේම අරගලය තුලින් චෝදනා ලත් සියළුම අරගල කරුවන් මෙන්ම ආරක්ෂක අංශ නිලධාරීන් හා පාලකයන් අධිකරණය වෙත පමුණුවා, චෝදනා විමර්ශනය කොට, ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුල ව්‍යවස්ථාවට නීතියට අනුව කටයුතු කර ඇත්නම් ඔවුන් කඩිනමින් නිදහස් කල යුතු අතර, වැරදි ඔප්පු වුව හොත් සාධාරණ දඬුවම් පැමිණ විය යුත්තේ ය.

පැතුම් කර්නර්

( පහත ඡායාරූපය ලෝකයේ එවන් සම්මුතියක් අත්සන් කල අවස්ථාවකි. ඇමෙරිකාව බ්‍රිතාන්‍යයේන් නිදහස ලබා අලුත් රටක් බවට පත් කිරීමේදී අත්සන් කල Declaration of Independence මේ සඳහා උදාහරණයක් ලෙස දැක්විය හැකිය.)

#හදවතේඅරගලය

01/07/2022

කොහොමද ගැම්ම 🤭😂

30/06/2022
29/06/2022

Different colours But Same Design, 1992 World Cup Jersey Was lit! 🙂💥

29/06/2022

අප, අප වෙනුවෙන් කල දේවල් අපත් සමඟ මියයයි....
අප, අන් අය වෙනුවෙන් කල දේවල්, අප මියගියද සදාකාලිකව පවතී...

ෆ්ලෙමින් නම් දුප්පත් ස්කොට්ලන්ත ගොවියෙක් තම ගොවිපලේ වැඩ කරමින් සිටියදී, හදිස්සියේ ඇසුණු කෑ ගැසීමක් නිසාවෙන් ඒ දෙසට දිව යයි...

ඔහු දකින්නේ තම දරුවාගේම වයසේ කුඩා දරුවෙක්, අසල වූ මඩ වගුරෙහි ගිලී යමින් සිටින බිහිසුණු දර්ශනයි.
ඔහු තම දිවි දෙවනි කොට දරුවා බේරා ගැනීමට ඉදිරිපත් වෙයි...

ඉන්පසු දවසේ, විසිතුරු කරත්තයක් ස්කොට්ලන්ත ජාතිකයාගේ නිවස වෙතට ඇදී යයි, අලංකාර ඇඳුමින් සැරසුණු වංශාධිපතියෙක් ඉන් පිටතට පැමිණ, ගොවියා වෙත තමන් පිරිමි ළමයාගේ පියා ලෙස හඳුන්වා දෙයි...

“ඔබ මගේ පුතාගේ ජීවිතය බේරුවා, ඒ වෙනුවෙන් මට ඔබට මුදල් ලබා දිය යුතුයි”
වංශාධිපතියා පැවසීය...

" නැහැ..., මා කළ උපකාරය සඳහා මුදල් භාරගත නොහැකිය, එය ඕනෑම මනුෂ්‍යයෙක් ඒ මොහොතේ කරන දෙයක්...”

ස්කොට්ලන්ත ගොවියා පිළිතුරු දෙමින් පැවසීය..

ඒ මොහොතේ ගොවියාගේ පුතා නිවසේ දොර ළඟට පැමිණියේය.

“ඒ ඔබේ පුතාද..?”
වංශාධිපතියා ඇසීය...

“ඔව්...”
ගොවියා පිළිතුරු දුන්නේය.

“ ඔබ මගේ මුදල් ත්‍යාග භාර නොගන්නේ නම්, මම කැමතියි මගේ පුත්‍රයාගේ දිවි ගලවා ඔබ කල උපකාරයට, ඔබගේ පුත්‍රයාව ලන්ඩන් නගරයට රැගෙන ගොස් උසස් අධ්‍යාපනය ලබාදෙන්න...”
දුප්පත් ගොවියා එයට එකඟ විය...

කාලයාගේ ඇවෑමෙන් ගොවියාගේ පුත්‍රයා ලන්ඩනයේ ශාන්ත මරියා රෝහල් වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලබා ගනී...

ඉන් නොනවතින ඔහු ලෝක ඉතිහාසයේ සුවිශිෂ්ට සොයාගැනීමක් වූ 'පෙනිසිලින්' නම් පළමු ප්‍රතිජීවකය නිපදවමින්,
"ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්" ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත්වෙයි...

ඉන් වසර ගණනකට පසු වංශාධිපතියාගේ පුත්‍රයාට නියුමෝනියාව වැළඳෙයි...

ඔහු මරණයෙන් බේරාගන්නා ඖෂධය අන් කවරෙකුත් නොව 'පෙනිසිලින් ය...'

වංශාධිපතියාගේ නම රැන්ඩොල්ෆ් චර්චිල් ය.
ඔහු නොදත් බොහෝ දෙනෙක් ඔහුගේ පුතාගේ නම දනී.
ඒ මහා බ්‍රිතාන්‍යයයේ කීර්තිමත්ම අග්‍රාමාත්‍යවරයා වූ,
"ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල් ය."

ඒ අහිංසක දුප්පත් ගොවියා තම දිවි දෙවැනි කොට කල උපකාරය නොවන්නට, පසු කලෙක දෙවනි ලෝක මහා සංග්‍රාමයේදී බ්‍රිතාන්‍ය ප්‍රමුඛ හමුදා ජයග්‍රහණය කරා මෙහෙය වූ වින්ස්ටන් චර්චිල් බිහිසුණු වගුරේ ගිලී යන්නට තිබුණි....
එසේ වූවා නම් ලෝක ඉතිහාසය වෙනස්ම අයුරකින් ලියවෙන්නට ඉඩ තිබුණි....
එසේම සාමිවරයාගේ ප්‍රතිඋපකාරය නොවන්නට, ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් තම දුප්පත් පියාගේ පිය උරුමයෙන් ලද ගොවිතැන රැකියාව කොට ගොවියෙක් ලෙසම මිය යන්නට ඉඩ තිබුණි...
එය එසේ වූවා නම් අදටත් මරණාසන්න කෝටි ප්‍රකෝටි ගණනක් ජීවිත රැකගන්නා ප්‍රතිජීවකයක් බිහි නොවන්නට ඉඩ තිබුණි...

පළමු වර මරණයෙන් ගැලවුණු වින්ස්ටන් චර්චිල් දෙවන වර මරණය හමුවේ පරාජය වන්නටත් ඉඩ තිබුණි...

එක්තරා මිනිසෙකුගේ මනුෂ්‍යත්වය, ලෝකයක ඉරණම වෙනස් කරන්නට හේතු විය.
එනිසාවෙන් මනුෂ්‍යත්වය දිගු කල හැකි සෑම මොහොතකම නොපැකිලව ඉදිරිපත් වන්න...

එහි ප්‍රතිඵලය කවදා හෝ පෙරළා ඔබට ලැබෙනු නිසැකය...

අප, අප වෙනුවෙන් කල දේවල් අපත් සමඟ මියයයි....
අප, අන් අය වෙනුවෙන් කල දේවල්, අප මියගියද සදාකාලිකව පවතී...

❤❤

උපුටාගැනීම
සීමාවෙන් එහා.

27/06/2022

3 Idiots ෆිල්ම් එකේ එක්තරා තැනක මෙහෙම සිද්ධියක් වෙනවා..

තමන්ගේ යාළුවගේ තාත්තට හොඳටම අසනීප වීම නිසා රැන්චෝට සිද්ධ වෙනවා ඒ ලෙඩ තාත්තව ස්කූටරයක තියාගෙන Hospital අරන් යන්න..

මේක බැලූ බැල්මට ආතල් සිද්ධියක්..

පියා, රැන්චෝ අර තාත්තවත් මැදි කරගෙන ස්කූටරෙන් Hospital යන එක වෙනම ආතල් එකක්..

ඒත් හොඳම දේ ඒක නෙවෙයි..

හොඳම දේ වෙන්නේ රැන්චෝ ඇතුළු යාළුවෝ තුන්දෙනාට ඊට පස්සේ දවසේ exam එකක් තියෙන එකයි..

හොඳම දේ වෙන්නේ එහෙම තියාගෙනත් මේ තුන්දෙනා අර තාත්තා ළඟ රැය පහන් කරන්න තෝරාගන්න එකයි..

එතැනදී රැන්චෝ හරි ලස්සන කතාවක් කියනවා..

'exam නම් ඕන තරම් එයි. ඒත් තාත්තලා ඉන්නේ එක්කෙනයි..!'

ඒත් මිතුරනි, පණ කඩාගෙන තරඟෙට දුවන අපිට මිනිහෙක් දිහා එහෙම හැරිලා බලන්න වෙලාවක් තියෙයිද ?

ඔබ දැනටමත් ඒ ප්‍රශ්නෙට 'නෑ' කියන උත්තරය දීල ඇති..

ඔබට තියෙන අධික වැඩ නිසා එහෙම හැරෙන්නටවත් වෙලා නැති බව ඔබ ඔබටම කියාගෙනත් ඇති..

ඒත් ඇත්ත ඒකද ?

නෑ හිතවතුනි..

ඇත්ත ඊට ගව් ගානක් ඈතයි !

ඇත්තම කිව්වොත් අපේ priorities, නැත්නම් ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව බැලුවම මිනිහෙක් දිහා හැරිලා බලන එක හුඟක් යට තියෙන දෙයක්..

ඊට උඩින් සම්පූර්ණ කළ යුතු විභාග බර ගානක් අපිට තියෙනවා..

ලබාගත යුතු promotion හැට හුට හමාරක් අපිට තියෙනවා..

තමන් සාර්ථක බව ලෝකෙට පෙන්නන්න කරන්න වැඩ කෝටි ගානක් අපිට තියෙනවා..

ඉතින් අපි අනෙකාගේ දුක සතුට ගැන සත පහක හැඟීමක් නැතුව වේගයෙන් දුවනවා..

පණ අදින මිනිසුන්ගේ ඇඟ උඩින් පනිමින් කාලයට එරෙහිව හැල්මේ දුවනවා..

ඒත් මිතුරනි, අවසානය කොහිද ?

වාර විභාගයේදී එහා පැත්තේ එකාට උත්තරය පෙනෙයි කියන බයට දෑතින්ම පේපර් එක වහගත්ත බුද්ධිමතුනි, ඔබ ලෝකය වෙනස් කරාද ?

අනෙකා දෙස බැල්මක්වත් නොහෙලා රේස් එකේ ඉදිරියෙන්ම දුවපු හොඳම ශිෂ්‍යයනි, ඔබ ජීවිතය දිනුවාද ?

එහෙමත් නැතිනම් ජීවිතයේ එක් නිශ්චිත මොහොතක මේ දිවීමේ ඵල රහිත බව ඔබට වැටහුනාද ?

ජීවිතය කියන්නේ ඔය දුවන රේස් එකට නෙවෙයි..

ජීවිතය කියන්නේ නැවතීමට !

ජීවත් වෙනවා කියන්නේ ඔබ ඔය වාසි අවාසි කිරා මනිමින් රඟපාන නාටකයට නෙවෙයි..

ජීවිතය කියන්නේ ඔබ අමතක කරන්නට උත්සාහ කරන යථාර්ථයට..

ජීවිතය කියන්නේ ඔබම හදාගත් කවුළුවෙන් දකින ලෝකයට නෙවෙයි..

ජීවිතය කියන්නේ ඒ කවුළුවෙන් එපිට ලෝකයටයි..

ඉතින් ඒ කවුළුවෙන් පිටත ලෝකයට එබෙන්න..

ජයග්‍රහණය යැයි ඔබ සම්මත කරගත් යමක් වෙනුවෙන් ඔබ සතු හොඳ ගතිගුණ පාවා දෙද්දී,

පරාජය යැයි ඔබ දකින තත්වයක නවතිමින්,
තමන් තුළ ඇති යහපත ඉතිරි කරගන්නට තෝරාගත් මිනිසුන්ද ලෝකයේ සිටින බව අමතක කරන්නට එපා..!

- ඉෂාන් ජනිත් දිසානායක -

27/06/2022
26/06/2022

Motivation ✍️

26/06/2022

සංස්කෘතිගයි එකගයි 💚

24/06/2022

"ආණ්ඩුව පලවා හරින සටනට නායකත්වය දෙන්න අපි සූදානම්"

“මිනිස්සු පෝලිම්වල මියයන්න ඔවුන්ගේ වරදින් නොවේ. ඔබගේ නගරයේ ජන පෙළගැස්මට ඔබ පාරට බහින්න” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි. ඊයේ (22දා) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ජවිපෙ නායකයා මේ බව පැවැසීය.

එහිදී අනුර දිසානායක මහතා මෙසේද කීය.

තවදුරටත් මේ ජනාධිපතිවරයාට, මේ අගමැතිවරයාට, කැබිනට් මණ්ඩලයට මේ රට පාලනය කිරීමට කිසිසේත්ම යුක්තිසහගත හෝ සාධාරණ අයිතියක් නැහැ. තමන්ගේ මූලික අවශ්‍යතාව වන ආහාර වේල සපයා ගැනීමට ජනතාවට නොහැකියි. ආදායම් මාර්ග කඩා වැටිලා. දුවා දරුවන්ගේ අනාගතය පිළිබඳව අපේක්ෂාභංගත්වයක් තිබෙනවා.

විවිධ දේශපාලන ව්‍යාපාරවලට සම්බන්ධ ජනතාව, දේශපාලන ව්‍යාපාරවලට ඍජුව සම්බන්ධ නැති පොදු පුරවැසියන් පාරට ඇවිත් කෑගහලා ගෙදර යන්න කියලා කීවා. කෙටි කාලයකට බංකරේක සැඟවී සිටි අගමැතිවරයා දැන් එළියට ඇවිත් සුපුරුදු සෙල්ලම පටන්ගෙන තිබෙනවා. ජනතාව කෑ ගහලා කීවේ මේ ආණ්ඩුව කෙරෙහි පැනනඟිමින් තිබුණු කෝපය සහ විරෝධයයි. එම විරෝධයෙන් රාජපක්ෂ පවුලත් ආණ්ඩුවත් බේරා ගන්න ‘බොඩි ආමර්’ (Body armor) එකක් වගේ රනිල් වික්‍රමසිංහ ක්‍රියා කළා. ඒ හැර රටේ ජනතාව මුහුණ දෙමින් තිබුණු ප්‍රශ්නවලට පිළිතුරු ඔහුට නොතිබුණු බව දැන් හරිම පැහැදිලියි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ යනු රාජපක්ෂ පාලනයේ ‘බොඩි ආමර්’ එක වී සිටිනවා.

දැන් ඇතිවී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ වාඩි වෙන විට තිබුණාට වඩා දැඩි ව්‍යසනකාරී තත්ත්වයක්. පාසල් විශාල ප්‍රමාණයක් වසා දමා දරුවන්ගේ අධ්‍යාපනය කඩාවැටී, රෝහල්වල දරුවන් මියයන, පෝලිම්වල පුරවැසියන් මියයන, ඉදිකිරීම් කර්මාන්තය මුළුමනින්ම කඩා වැටුණු, රැකියා අහිමි වන තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ නිසා තවදුරටත් රනිල් වික්‍රමසිංහට, ගෝඨාභය රාජපක්ෂට සහ මේ ආණ්ඩුවට ජනතාවගේ වගකීම් ඉසිලීමේ කිසිදු අයිතියක් නැහැ. ඒ නිසා ඔවුන් බලය අත්හැර යන්න ඕනෑ.

පසුගිය කාලයේ ජනතාවගෙන් පැනනැඟුණු විරෝධය අලුත් වටයකින් උත්සන්න කරලා මේ විනාශකාරී පාලකයන් පලවා හැරීමට සිදුවී තිබෙනවා. ඒ සඳහා දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපේ මැදිහත්වීම, අපේ දායකත්වය සහ නායකත්වය ලබා දෙන්න අපි ලැහැස්තියි. මේ සඳහා දිස්ත්‍රික්ක කේන්ද්‍රගත කරගනිමින් ජන පෙළගැස්ම විරෝධ ව්‍යාපාරය අපි ආරම්භ කරනවා. ආණ්ඩුව පලවා හරින තුරු ජනතාව පාරට බහින්න ඕනෑ. මේ වන විටත් දිස්ත්‍රික්ක ගණනාවක, නගර ගණනාවක උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කර තිබෙනවා. අපිට අනුබද්ධ වෘත්තීය සමිති ව්‍යාපාරය 23 වැනිදා සිට ඊට අදාළ ක්‍රියාමාර්ග උත්සන්න කරනවා.

දේශපාලන ව්‍යාපාරයක් හැටියට එළැඹෙන 26 වැනිදා අනුරාධපුර නගරයේද, 27 වැනිදා කුරුණෑගලද, 28 මාතරද, 29 කළුතරද, 01 වැනිදා අම්බලන්තොටද වශයෙන් ප්‍රධාන නගර ගණනාවක් කේන්ද්‍රගත කරගෙන අපේ උද්ඝෝෂණ, විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. රටේ අනෙකුත් නගරවලද මේ උද්ඝෝෂණය ඉදිරියට ගෙනයන්න කටයුතු කරනවා. අපි මේ පියවර තබන්නේ ආපසු හැරෙන්න නොවෙයි. රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව මේ දක්වා අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිමාවට පත්කර අපේ දුවා දරුවන් සඳහා නව රටක් බිහිකිරීමේ පාලනයක් වෙනුවෙන් උද්ඝෝෂණ ව්‍යාපාර ගෙනයන්න සැලසුම් කර තිබෙනවා.

මේ වෙනුවෙන් 26 වැනිදා අනුරාධපුරයෙන් පටන්ගෙන රට පුරා පවත්වන විරෝධතාවලට ආසන්න නගරයේදී පාරට එන්න කියලා සියලු ජනතාවන්ට අපි ආරාධනා කරනවා. දූෂිත වළල්ලක් විසින් අපේ රටට ඇතිකර තිබෙන දරුණු අනිටු ප්‍රතිවිපාකවලට අපේ රටේ පුරවැසියන් ගොදුරු විය යුතු නැහැ. පෝලිම්වල සිට පුරවැසියන් මියයන්නේ ඔවුන් කළ වරදක් නිසා නොවෙයි. පෝලිම්වල ඉන්න කිසිකෙනෙක් මේ වැරැද්දට දායක වී නැහැ. ඒ නිසා පෝලිම්වල ඉඳලා මියයන තත්ත්වයට එරෙහිව ජන පෙළගැස්ම තුළින් ඔබ ඔබගේ ආසන්නම නගරයෙන් පාරට බහින්න.

පෝලිම්වල මියයන, කුඹුරට ගිහින් ඒ දිහා බලාගෙන හූල්ලන, ඔෟෂධ නැතිව වේදනා විඳින කිසි කෙනෙක් මේ තත්ත්වයට වගකිවයුත්තන් නොවේ. ඔවුන් මේ තත්ත්වයට පත්වී තිබෙන්නේ මහජන දේපළ හොරකම් කිරීමෙන් හෝ අකාර්යක්ෂමතාවයෙන් හෝ වැඩ නොකර සිටීමෙන් නොවේ. ඒ නිසා මේ තත්ත්වයට පුරවැසියන් කිසිසේත්ම වගකියන්න ඕනෑ නැහැ. මේ තත්ත්වයට වගකියන්න ඕනෑ පසුගිය දශක හතක් තුළ රට පාලනය කළ අය සහ ඔවුන්ට සම්බන්ධ චෞර වළල්ලයි. ඔවුන්ට මේ ප්‍රතිවිපාක කිසිවක් දැනෙන්නේ නැහැ. 21 වැනිදා රනිල් වික්‍රමසිංහ කූලර් හයිකරගෙන යෝගා කළා. ව්‍යායාම කරනකොටත් කූලර් හයිකරගෙන ඉන්නවා නම් කාමරවල ඉන්නකොට කොහොම ඇත්ද? මේ වගේ නායකයන් සියලු අර්බුදවලට මුළුමනින්ම වගකියන්න ඕනෑ.

අපේ රටේ දරුවාගේ සිට වැඩිහිටි, මහල්ලා දක්වා මුහුණදී තිබෙන අර්බුදයේ වගකිවයුත්තන් මේ රටේ පාලකයනුයි. ඔවුන් කිසිසේත්ම මේ අර්බුදයේ ගොදුරු බවට පත්වී නැහැ. ගොදුරු බවට පත්වී තිබෙන්නේ මේ සඳහා වගකිවයුතු නැති සාමාන්‍ය පොදු ජනතාවයි. මේ අයුක්තිය, අසාධාරණය, දූෂණය, විනාශකාරී දේශපාලනය සහ මේ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් නිහඬව සිට පලක් නැහැ. එයට විරුද්ධව නැඟී සිට මේ පාලනය පලවා හරිමු. නව රටක් ගොඩනඟමු. නව ආර්ථික ප්‍රතිපත්තියකට, නව ආර්ථික සංස්කෘතියකට අපි පෙළගැසෙමු. ඒ පණිවුඩය ගම් දනව් පුරා ගෙනයමින් අපේ රටේ සියලු පුරවැසියන් සංවිධානය කරනවා.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු :-

පසුගිය කාලය පුරාම විශ්වකර්ම පුත්‍රයන් කියලා විවිධ පුද්ගලයන් විවිධ අවස්ථාවල කලඑළි බැස්සා. විහාරමහා දේවිලා ආවා. පොළොන්නරුවේ ගැමියන් ආවා. ආසියාවේ ලොකුම මොළය ආවා. දුටුගැමුණු ආවා. රට බේරාගත් විරුවා ආවා. මොළ හත ආවා. නොආවේ කවුද? ධම්මික පෙරේරා කියන්නේ ඒ පේළියේම තව එක්කෙනෙක් විතරයි. මේ ව්‍යසනයෙන් රට ගොඩගන්න හෝ ඉදිරියට ගෙනයන්න ඔහු සුදුස්සෙක් නොවෙයි. ඉන්ද්‍රජාලිකයන් මැව්වා වගේ තව එක ඉන්ද්‍රජාලිකයෙක් සමාජගත කිරීමක් විතරයි සිද්ධ වෙන්නේ.

මැයි 09 වැනිදා ඇතිවුණු සිද්ධිවලින් පසුව පාර්ලිමේන්තුව හැසිරුණේ කොහොමද? එක සතියක දින 4ක විවාදයක් පවත්වා මන්ත්‍රිවරුන්ගේ දේපළවලට සිදුවුණු අලාභහානි පිළිබඳව කතා කළා. ඔවුන් වෙනුවෙන් ආණ්ඩුව ක්ෂණික සහ වේගවත් ක්‍රියාමාර්ග ගත්තා. ජනතාවගේ ඇත්ත වේදනාවන් සහ ප්‍රශ්න පිළිබඳව අපි පාර්ලිමේන්තුවේ මොනතරම් කතා කළත් ඇහුම්කන් දුන්නේ නැහැ. පොහොර ගැන, ඩොලර් ගැන, විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම අහිමිවීම ගැන, ණය නොගෙවීම මඟින් ඇතිවිය හැකි ගැටලු පිළිබඳව ආදී වශයෙන් විවිධ ප්‍රශ්න ගැන පසුගිය අවුරුදු දෙක පුරා අපේ හඬ අපි අවදි කළා. අපේ රට මේ ප්‍රපාතයට වැටීම වැළැක්වීම වෙනුවෙන් පෙනී සිටියා. නමුත් ඒ හැමවිටම ගෝඨාභය, කබ්රාල් ඇතුළු ආණ්ඩුව පෙනී සිටියේ ප්‍රශ්නයක් නැති බව කියන්නයි. වගකීම් විරහිත ප්‍රකාශ සිදුකරමින් සිටියා.

දැන් කරවටක් ගිලී සිටියදී පවා නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න ආණ්ඩුව අසමත් වී සිටිනවා. ජනතාවගේ ප්‍රශ්නවලින් ගොඩගැනීමේ නිශ්චිත මාර්ග සිතියමක් ඉදිරිපත් කරන්න කිසිදු සූදානමක් නැහැ. වර්තමාන අගමැති පත්වුණු දවසේ සිට ව්‍යසනයේ මාධ්‍ය ප්‍රකාශකයා බවට පත්වී සිටිනවා. අර්බුදය ගැන සියලු විස්තර ජනතාව දන්නවා. ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ ආණ්ඩුව ඉදිරිපත් කරන විසඳුම් මොනවාද කියලයි. මේ තත්ත්වය මත අපි පාර්ලිමේන්තුව මේ සතියේ වර්ජනය කරලා ජූලි මස රැස්වන අවස්ථාවේදී මාර්ග සිතියම පිළිබඳව නැවත ප්‍රශ්න කරනවා. ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කරන්න ඉඩදිය නොහැකියි.

- අනුරාධා හේරත් (මව්බිම)

22/06/2022
21/06/2022

සුපිරි බ්‍රසීල පාපන්දු ක්‍රීඩකයකු වූ RONALDINHO GAUCHO කුඩා කල අතිශය දිලිදු පවුලක දරුවෙක්
පුංචි කාලයේ ඔහු පාපන්දු ක්‍රීඩා කරන විට ඔහුගේ පියා කිව්වේ .පුතේ සෙල්ලම් කරන කොට කවදාවත් සපත්තු දමන්න එපා .
මොකද එතකොට ඔයාගේ කකුලට බෝලය හොදට දැනෙන්නේ නැහැ ....
පුතාට ලෝකයේ හොදම ෆූට් බෝල් ක්‍රීඩකයකු
වෙන්න ඕනේ නම් සපත්තු නැතිව සෙල්ලම් කරන්න ..කියලා
පස්සේ කාලෙක මම ලෝක පාපන්දු රන් සම්මාන ලබන විටදී තාත්ත කියපු කතා මතක් වුනා
ඒත් ,තාත්ත එක්ක ඒ සතුට බෙදාගන්න මට බැරිවුනා .
ඒ එයා වන විට ජීවත්වෙලා නොසිටිය නිසා
ඇත්තටම තාත්ත එහෙම කිව්වේ මට සපත්තු දෙකක්
අරන් දෙන්න තරම් එයාට වත්කමක් නැති නිසා
නමුත් එයා කවදාවත් මම හිතින් දුප්පත් කලේ නැහැ
මගේ හිත හැමදාම පොහොසත් කලා .
එහෙම තමයි තාත්තලා

අප පොහොසත් විය යුත්තේ මුදල් වලින් පමනක් නොව ආකල්ප අතින්ද අප පොහොහත් විය යුතුය.එදා එම පාපන්දු ක්‍රිඩකයාගේ තාත්තා සපත්තු දෙකක් ගන්න සල්ලි නොතිබුනත් තම දරුවාව හිතින් ශක්තිමත් කලා.එකයි වටිනාම පණිවිඩය..

උපුටා ගැනීමකි
සියළුම ගෞරවය මුල් හිමිකරු සතුයි

21/06/2022

ලපෙයා ❤️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Trumps posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share