Ratatama Kiyanna- රටටම කියන්න

  • Home
  • Ratatama Kiyanna- රටටම කියන්න

Ratatama Kiyanna- රටටම කියන්න Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ratatama Kiyanna- රටටම කියන්න, News & Media Website, .
(1)

සුද්දන් නම ඇසීමට පවා බියවූ, ගාල්ලේ “බේලි කන්ද වලව්ව”“ගාල්ල” කියද්දී බොහෝ දෙනෙක්ට මතක් වෙන්නේ ගාලු කොටුවත්, එය වරින් වර ප...
20/06/2023

සුද්දන් නම ඇසීමට පවා බියවූ, ගාල්ලේ “බේලි කන්ද වලව්ව”
“ගාල්ල” කියද්දී බොහෝ දෙනෙක්ට මතක් වෙන්නේ ගාලු කොටුවත්, එය වරින් වර පාලනය කළ ලන්දේසීන් සහ ඉංග්‍රීසින් වැනි බටහිර ජාතීනුත්. මේ ලිපියෙන් කියැවෙන “බේලි කන්දේ වලව්ව” පිළිබඳ කතාවටත් ඔවුන්ගේ සම්බන්ධයක් තියෙනවා.

වලව්වේ පිහිටීම සහ එම පිහිටීමේ ‌වැදගත්කම
ගාල්ලේ නගරයේ ඉදලා මාතර දෙසට කිලෝමීටර් දෙකක් වැනි දුරක් ගමන් කරන විට හමුවෙන “මාගාල්ල” කියන ගමේ තමයි මේ කියන ‌‌බේලි කන්ද වලව්ව පිහිටලා තියෙන්නේ. ඒත් අද ඔබ ගාල්ලේ ජීවත් වෙන කෙනෙකුගෙන් වුවත් මේ නම කියලා විමසුවාට තොරතුරක් දැනගන්න ලැ‌බෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද, අද එම වලව්ව ප්‍රසිද්ධ “Closenberg Hotel” යන නමින්.
මෙම වලව්වේ ඉතිහාසය ගැන මුලින්ම සඳහන් වන්නේ ලන්දේසි යුගයේ දී යි. 1719 අවුරුද්ද වෙද්දී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරගෙන ගිය ලන්දේසීන් ගාලු මුහුදේ දකුණු පැත්තට වෙන්න කඳුගැටයක් වැනි තුඩුවක් මත බලකොටුවක් හැදුවා. ලන්දේසීන් එම බලකොටුව හඳුන්වන්න යොදාගත් නම වෙන්නේ “Klossenburg” (ක්ලොසෙන්බර්ග්). එහි තේරුම වන්නේ “මුහුදේ ඝෝෂාව මධ්‍යයේ පිහිටි බලකොටුව” යන්න යි. නමුත් ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව අතර මේක ප්‍රසිද්ධ වුණේ “අලුත් කොටුව” යන නමින්. මොකද ගාලු කොටුවට පසුව ගාලු මුහුද ආසන්නයේ අලුතින් ඉදිකළ කොටුව මෙය වූ නිසා. විශාල කාල තුවක්කු දෙකකුත් සහිත මේ බලකොටුව, බ්‍රිතාන්‍ය ආගමනයෙන් පසුව එතරම් පාවිච්චියක් නොතිබූ බැවින් අතහැර දැමීමට ලක්වුවත්, ඔවුන් ද මෙම ස්ථානය හැඳින්නුවේ “Closenberg” ‍යන නමින්.
මේ කඳුගැටයේ පැරණිතම සිතුමවක් මේ වන විට හමු වී තිබෙන අතර, එය බ්‍රිතාන්‍ය යුගයට අයත් වන එකක්. ඒ් කාලයේ අපේ රටේ ප්‍රථම මැනුම්පති වශයෙන් කටයුතු කළ කපිතාන් සී. ඕ බ්‍රයන් විසින් අඳින ලද එම සිතුවමේ ක්ලොසෙන්බර්ග් කඳුගැටය වම්පස පහළ කෙලවරේ දිස්වන අතර, ඉන් මඳක් ඔබ්‌‌බෙන් පිහිටා තිබෙන ගිබට් දූපතත්, ඉන් එපිට ගාලු කොටුව සහ පැරණි ගාලු වරායත් දිස් වෙනවා. මෙම සිතුවම 1864 වසරේ දී මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේ දී මුද්‍රණ ද්වාරයෙන් එළිදක්වා තිබෙන බව මූලාශ්‍රයයන්හි සඳහන් වෙනවා.

කපිතාන් බේලි විසින් ඉඩම මිළ දී ගැනීම
1859 වසරේ දී මෙහි ඉතිහාස කතාව වෙනස් වෙන්නේ “හින්දුස්ථාන්” කියන වාශ්ප නෞකාවෙන් ලංකාවට පැමිණි කැප්ටන් ෆ්‍රැන්සිස් ‌‌බේලි නිසා. ඔහු එකල කටයුතු කළේ ජනප්‍රිය වෙමින් පැවති නෞකා සමාගමක් වූ “Peninsular and Oriental Steam Navigation Company” (පෙනින්සියුලර් ඇන්ඩ් ඔරියෙන්ටල් ස්ටීම් නැවිගේෂන් කොම්පැනි) හෙවත් P&O සමාගමේ ලංකාවේ නියෝජිතයා වශයෙන්. ඔහු ගාල්ලට පැමිණීමෙන් අනතුරුව වාසය කිරීමට සුදුසු ප්‍රදේශයක් සොයන අවස්ථාවේ දී ක්ලොසන්බර්ග් කඳුගැටය පිළිබඳව දැන ගන්නට ලැබී එය මිල දී ගෙන තිබෙනවා.
සමහර මූලාශ්‍රයයන්හි ඇතැම් තැන්වල එය මහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව වෙතින් මිල දී ගත් බව සඳහන් වුවත්, එය නිවැරදි නොවන බව යි පෙනෙන්නේ. මාජරී ද මෙල් “A Family Memoir” කියන පොතේ සදහන් කරන ආකාරයට, 1800 වන විට මෙම භූමිය “අඹරන්වත්ත” යන නමින් හඳුන්වලා තිබෙනවා. 1810 මැයි 3 වෙනි දා ගෙරිට් ජෝන් හියුබර්ටස් නම් පුද්ගලයෙකු විසින් මෙම ඉඩම විකුණලා තියෙනවා කොරනේලිස් ද සිල්වා ගුණරත්න රණසිංහ ආරච්චි නම් පුද්ගයාට. කැප්ටන් ‌‌‌‌‌බේලි මේ ඉඩම මිල දී ගන්නේ මේ කොරනේලිස් ද සිල්වාගෙන්.
1860 වසර වෙද්දී ලන්දේසීන්ගේ බලකොටුවේ නටඹුන් මතින් බොහොම ලස්සන, ගාම්භීර පෙනුමක් සහිත මන්දිරයක් ඉදි කරන්න ආරම්භ කරපු කැප්ටන් ‌බේලි ඒකට “විලා මරීනා” කියන නම දුන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ සිහිවෙන්න යි. මෙහි විශේෂත්වය වෙන්නේ මේ ඉදිකිරීමේ ප්‍රධාන ඉදිකිරීම් ශිල්පියා බවට පත්වුණේත් කැප්ටන් බේලි වීම යි. ලන්දේසි වගේම බ්‍රිතාන්‍ය වාස්තු විද්‍යාවේ බොහෝ ලක්ෂණ මේ ගොඩනැගිල්ලෙන් මනාව පේන්න තිබුණා විතරක් නෙවෙයි, හරිම අපූරු ලී කැටයම් පවා දැකගන්න තිබුණා.
අලංකාර මන්දිරයක් ඉදි කිරීමෙන් නොනැවතුන කපිතාන් බේලි තම නැව් සමාගම ලවා විවිධ රටවලින් විවිධ වර්ගයේ පැළෑටි ගෙන්වාගෙන ඉතාමත් අපූරු උද්‍යානයක් ද නිර්මාණය කරා. උද්‍යානයේ කෙලවරට වන්නට මුහුද අපූරැවට දර්ශනය වන ස්ථානයක ගිම්හාන කුටියකුත් නිර්මාණය කෙරුනා. 1871 වසරේ දී ඔහු මෙම මන්දිරය P&O සමාගමේ මෙරට නියෝජිතයාගේ නිවහන ලෙස භාවිතයට ගැනීමට තාවකාලිකව සමාගමට භාරදෙනු ලැබුවා. 1870 දශකයේ දී කොළඹ වරායේ පහසුකම් දියුණු කළ පසු 1889 වසරේ දී කැප්ටන් ‌‌‌බේලිට ගාල්ලෙන් සමුගැනීමට සිදුවූ අතර, එය ඔහුට එක්තරා ආකාරයකට දුක්ඛදායක වුණා.

කැප්ටන් ‌බේලි 1884 – 1889 කාලයේ දී විලා මරීනා මන්දිරය පොදු ජනතාවට විවෘත කරන්නේ එය මිල දී ගැනීම සඳහා උනන්දු ගැනුම්කරුවකු සොයාගැනීමේ අරමුණෙන්. එකල නෞකා සදහා ගල් අඟුරු, සහල් සහ සැපයුම් කොන්ත්‍රාත්තුකරුවකු ලෙස කටයුතු කළ සයිමන් ප්‍රේරා අ‌‌බේවර්ධන නම් ශ්‍රී ලාංකිකයා මෙය මිල දී ගැනීමට තරම් වත්කමක් තිබූ අයෙක්. ඔහු 1889 වසරේ දී විලා මරීනා මන්දිරය මිල දී ගත්තා. එවක පටන් මෙම මන්දිරය ‘ක්ලෝසන්බර්ග්’ නම් වුවත්, සාමාන්‍ය ජනතාව අතර මෙය ප්‍රසිද්ධ වුණේ “බේලි කන්දේ වලව්ව” නමින්.

සුද්දන් පවා බිය වූ හේතුව
සයිමන් ප්‍රේරා අ‌‌බේවර්ධනයන්‌ට දරුවන් ති‌දෙනකු වූ අතර, ඉන් වැඩිමහලු පුතු වූ ඩැනිස්ටර් පෙරේරා විදේශිකයන්ට කිසිදු ගරුසරුවක් දැක්වූ අයෙකු නොවෙයි. සුද්දන් කිහිප දෙනෙකුටම ඔහුගෙන් පහර කෑමට සිදුවූ බවත්, එබැවින් සුද්දන් පවා මෙම වලව්වට යම් බියක් දැක්වූ බවත් වලව්ව ආශ්‍රිතව ජීවත්වන ගම්වැසියන් අදටත් පවසනවා.
කොළඹ රෙජීනා වලව්ව සමග ඇති සම්බන්ධය
සයිමන්ගේ දෙවැනි පුත්‍රයා වූ ප්‍රැන්සිස් පෙරේරා, සී. එච්. සොයිසාගේ දියණියක විවාහ කරගන්නා ලද අතර, ඔවුන් දෙපළගේ දියණිය වූ මාජරී පෙරේරා ද මැල් ප්‍රකට සමාජ සේවිකාවක් වුණා. සයිමන් පවුලේ දියණිය වූ රෙජීනා ප්‍රකට දානපති චාල්ස් හෙන්රි ද සොයිසාගේ පුත්‍රයා සමග විවාහ වූ අතර, ඔහු ඇගේ නම යොදා ඉදිකළ “රෙජීනා වලව්ව” වර්තමානයේ කොළඹ විශ්වවිද්‍යාලයයේ “කොලේජ් හවුස්” ගොඩනැගිල්ල ලෙස භාවිතා වෙනවා.
සයිමන් ප්‍රේරා පසුකාලීනව වතු වගාවට ද යොමු වන අතර වලහන්දූව වතු යාය නමින් ප්‍රසිද්ධ වතු යායක් ඔහු සතුවුණා. එපමණක් නොව ‌‌‌‌‌බෞද්ධ ආගමික කටයුතුවල ද ප්‍රමුඛත්වය ගත් ඔහු ගාල්ල මාගාල්ල ගංගාරාම විහාරස්ථානයේ ප්‍රධාන දායක ධුරයට පත්ව, එම විහාරස්ථානයට නව විහාරාංග රාශියක් කරවා දෙනු ලැබුවා. ඒ අතර විහාරස්ථානයේ තිබෙන සම්පූර්ණ කළුවර ලීයෙන් කළ පිරිත් මණ්ඩපය විශේෂ යි. හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ලංකාවට පැමිණෙන විට පිළිගැනීම සදහා ගාලු වරායට ගිය දේශීය ප්‍රධානීන් කිහිපදෙනා අතරින් කෙනෙකු වන සයිමන් ප්‍රේරා ගාලු පරම විඥානාර්ථ සමිතියේ භාණ්ඩාගාරිකධුරයත් දරමින් ‌‌‌බෞද්ධ පාසල් ඇති කිරීම සඳහා ද පෙරමුණ කටයුතු කර තිබෙනවා.
සයිමන් ද ප්‍රේරාට ඔහුටම අනන්‍ය වූ ධජයක් ද තිබී ඇති අතර එහි ඉහළ කෙළවරේ දක්නට ලැබෙන නැගෙන ඉරක් සහිත ලාංඡනය P&O නැව් සමාගමේ ද ලාංඡනය වුණා. වර්තමානයේ දී වුව ද එම නිවසේ ස්ථාන කිහිපයක එම ලාංඡනය කැටයම් කර තිබෙනු දැකිය හැකියි. එම ධජය ද මේ වන විටත් හෝටලයේ සුරක්ෂිතව තබා තිබෙනවා.
වලව්වේ වර්තමාන තත්ත්වය
පෙරේරා අ‌‌‌බේවර්ධන පවුලට අයත්ව මේ අයුරින් ගාම්භීරව පවත්වාගෙන ආ ‌‌‌‌බේලි කන්ද වලව්ව, 1965 වසරේ දී හෝටලයක් බවට පත්කරන්න එම පවුල තීරණය කරනවා. හෝටලයක් බවට පත්වීමේ දී සමහර අංග වෙනසකට ලක්වුණත් තවමත් පැරණි වලව්වක් විදිහටම පවත්වගෙන යන නිසා ‌බොහෝ දෙනෙකු ප්‍රිය කරන තැනක් බවට මෙය පත්වෙලා තියෙනවා. මෙහි වර්තමාන අයිතිකරු වෙන්නෙත් පෙරේරා පවුලේම සාමාජිකයෙකු වන කුමාර් පෙරේරා අ‌බේවර්ධන.
ටික කලකට පෙර රූපවාහිනියෙන් විකාශය වූ කළුවර ගෙදර වැනි ටෙලි නාට්‍ය ගණනාවකම රූගතකිරීම් මෙම හෝටලය ආශ්‍රිතව සිදුකර තිබෙනවා. වර්තමානයේ ‌‌බොහෝ දෙනා අතර මේ හෝටලය ජනප්‍රිය වෙන්න තවත් හේතුවක් තමයි මුහුදත් සමග එක මට්ටමේ ජලය තිබෙන අයුරින් දිස්වම පිහිනුම් තටාකය. ඉතින් ඔබත් ගාල්ලට යනවා නම් රූමස්සල කදුවැටිය, ගාලු කොටුපවුර වැනි සංචාරක ස්ථාන රැසක් අසල පිහිටි මේ බේලි කන්ද වලව්ව බලන්න යන්න ‌අමතක කරන්න එපා.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන් ..
ස්තුතියි මුල් හිමිකරුට

මේ තියෙන්නෙ නිවර්තන වැසි වනාන්තර අස්සෙ මහ ඝාමීබීර ලීලාවෙන් වැඩෙන දේවදාර වෘක්ෂයන්ගේ විශ්වීය කතාවක්.ගොඩක් මිනිස්සු දන්නේ බ...
09/06/2023

මේ තියෙන්නෙ නිවර්තන වැසි වනාන්තර අස්සෙ මහ ඝාමීබීර ලීලාවෙන් වැඩෙන දේවදාර වෘක්ෂයන්ගේ විශ්වීය කතාවක්.ගොඩක් මිනිස්සු දන්නේ බැදිදෙල් කියලා..තව දුරටත් ගන් දෙල්, වල්දෙල්,කැළෑ දෙල්,සිංහල දෙල් කියලා මෙීක හැදුණු හැදුණු තැන අපටම ආවෙීනිකව නමි ලැබිලා තියෙනවා.මෙීවා එකක්වත් මෑත කාලයේදි ලැබුණු නමි නෙවෙයි.ඒ තරමි පාරම්පරික යුගයක් දක්වා මෙී බැදිදෙල විහිදිලා යනවා.ඒක අතිශය අධ්‍යාපනික කතාවක්.⁣සරලවම කිවුවොත් මෙී ශාකයට තියෙනවා මචං වසර 2000ට වඩා වැඩි ඉතිහාසයක්.
ඒක දේශීය බැදිදෙල් ශාකය අපට විතරයි උරුම ලෝකෙන්ම කියලා දැනගනිද්දි ඒකෙත් ⁣සැබෑම පහස විඳින්නන් අපි බවට පත්වෙලා තියෙනවා ප්‍රසිද්ධියේම.හේතුව මෙීක පහතරට තෙත් කලාපීයව මනහරම විදිහට ව්‍යාප්ත වෙලා තියෙන නිසා...ගාල්ලට මාතරට රත්නපුරයට යාවෙලා ගියපු සිංහරාජයේ සොඳුරුතම දියදාරා අස්සෙ වගේම කන්නෙලිය වන ලැහැබ අස්සෙ අපූරුවටමත්

විදයාත්මකව Artocarpus nobilis යනුවෙන් හදුන්වන බැදි දෙල් .සුද්දෝ කිවුවා උංගේ ශීතකලාපීය බිමිවල හැදෙන ආමන්ඩි ගසේ ශාකබීජ වලටත් වඩා ගුණදායි වගේම රසවත් සංඝටක මෙී බීජවල අඩංගුවෙන කතාවක්.සුද්දා හැමදාමත් අපේ ජාන හොරකමිකොළා.අරංගියා බැදිදෙල් ශාක කොටස්.මේක ලංකාවටම විතරයි උරුම කියන ශ්‍රී ලාංකීය අභිමානය ඔීටෝමැටිකිලිම ලැබුණා ඒ හරහා අපට....හැබැයි පුතේ උං එතනිං නැවතුනේ නෑ. මේ දෙල් ආහාරයට ගන්නා සංස්කෘතිය වඳකරන්න උං විවිධ උපායන් මේ බිමෙහි ඉපැද්දුවා.මහ කැළෑ ඝාතනය කළා.කන්නෙලියට අතීතයේ වෙචිච දේවල් මෙී කතාවල පැටලිලා තියෙනවා මචං.මෙී බීජවල සාන්ද්‍රනයන් මිනිස් ශරීරයේ විවිධ රෝගවර්ග වලට රසායනිකව සටන් වදිනවා.ඇදුම රෝගය නිටිටාවටම සුව කරපු මෙී පාරමිපරික ආහාර ඇත්තටම අපේ දෙවැනි පරමිපරාවන් අතර ඒ තරං ජීවමාන නෑ.ඒක පටිට අවුලක් මචං.සුද්දා තමයි ඒකේ මහමොලකරු...බැදිදෙල් සංස්කෘතිය අතුගෑවිලා යන්න ගෙනවා උං අපේ රටට අර "රටදෙල්" කියන ශාකය.රට දෙල් වසන්තය එනවා සත්තයි.......😷😷😷😃😃හිනාවෙන්න නෙවෙයි මචං....අඬන්න ඔීන..අඬන්න...😏😏සුද්දා රට දෙල් ගෙනල්ලා ඉන්දුවෙ ඉස්සෙල්ලම ගාල්ලේ.හොයලා බලාං.ඒක මම කියනවට වඩා දැනෙයි එතකොට.තාමත් තියෙනවා ඒක..හැබැයි ඒ ඉන්දිල්ල ආදරේට නෙවෙයි පුතේ...මෙී රටදෙල් අපේ ආහාර සංස්කෘතියේ ආතල් හැදුවට පිශ්ඨාදික නිසා,ඌෂ්නාදික නිසා කරකැවිල්,කලාන්තය,බඩපුරවාලෑම කාපුගමං එන ප්‍රතිඵල වෙලා තියෙනවා...වැඩෙී බලන්න ගෙනත් කාලම බලන්න කියලා මම මගේ සගයන්ට ආරාධනා කරනවා...😷😏
වනාන්තරයක වගේම ගමිමානයක සශ්‍රීකත්වය වෙනුවෙන් මෙී බැදිදෙල් ශාකය හදන ඉඩ මහ දැවැන්ත වින්දනාත්මක එකක්..🌳🌳😎වඳුරංට,රිලවුන්ට,දඬුලේනන්ට දෙන ආතල් එක මෙී ඉඳුණු බැදිදෙල් මදුලු හරහා.....🐾️🐨🐻🐒🐒🐒😯😯කරකැවිලා යන්නේ ..ඒ තරං රසවත්.මත්වෙනවා නැතිවෙන්න.

සතුන් විසින් දිවා කාලයේ මෙන්ම මා වවුලන්,බටු වවුලන් විසින් රාත්‍රි 🌙 කාලයට කාදමන බැදිදෙල් මදුලුවල පුන්චි ඇටවල රහනං ඉතිං කාපු එකෙක්ට කවදාවත්ම අමතකවෙන එකක් නෑ...ඒවා ගෙදර ඇහිඳංවිල්ලා කබලෙදාලා බැදලා ගත්තම.....ඒ රහට ගහන්නත් රහක් මම අත්විඳලත් නෑ සාන්ත......ගස් කජුත් පරාදයි..ඒ ඇට ගිනි අඟුරේ පුචිචලාත් පටිට...පදමට ගන්න ශිල්පය අත්‍යාවශයි.වෙීලපු බැදිදෙල් අටුකොස් වංගෙඩියෙ දමලා පොල් දමලා කෙටලා කිතුල් පැණියෙන් ලුණු ඇබින්දකුත් දමලා මික්ස් කොරලා ගුලි අයිටමිඑකෙන් ගත්තම.....හම්මෝ ඉතින්.....මෙීවා තමයි රහ- වල් කියන්නේ...
ජීවිතේ විඳිනවා කියනනේ එක්තරා විදිහකට මෙී පාරම්පරික හෙළ උරුමයන් එක්ක ජීවත්වෙන,ගහටකොලට,ඉරට මලට,ඇලට,දොලට ආදරේ මිනිස්සු විතරයි කියලා මට හිතෙනවා..ප්‍රේමය,රාගය අහුලාගත්තේ අපි පස්සෙ මචං..අපරාදේ අපට අහිමිවෙලාගියපු අපේ මෙී ස්වාභාවික සංස්කෘතීන්...පරිසර හිතකාමී ආචාරධර්මයන්......
ඔන්න හැදෙනවා මෙදාපාර බැදිදෙල්...මෙී ආදරණීය ඇරයුම කන්නම විතරක් නෙවෙයි මචං.අපට පුලුවන්නං මේ වඳවෙලායන බැදිදෙල් ශාකය වෙනුවෙන්,අධ්‍යාපනිකව වැඩක් හදන්න, වෙනම රෝපනයක් උදාකරන්න ඒක තමයි නියම.

කොණ්ඩේ වවන කැස්බෑවෝ The Real Hair Icon - Mary River turtle (Elusor macrurus) යනු ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ මේරි ගඟට ...
09/06/2023

කොණ්ඩේ වවන කැස්බෑවෝ

The Real Hair Icon - Mary River turtle (Elusor macrurus) යනු ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ මේරි ගඟට ආවේණික මිරිදිය කැස්බෑ විශේෂයකි.

රතු දත්ත පොත 📚
-----------------------

මෙම සතුන් පිළිබඳව වාර්තා කරන ලද්දේ 1994 දී වන අතර එය ලෝකයේ වඩාත්ම වඳවීමේ තර්ජනයට ලක්ව ඇති කැස්බෑ විශේෂයක් ලෙස සැලකේ.

ආකර්ෂණීය හිසකෙස් විලාසිතා
-----------------------------------------------------------
මේරි ගංගා කැස්බෑවා එහි කැපී පෙනෙන පෙනුම සඳහා ප්‍රසිද්ධය, එහි හිස මත වර්ධනය වන පඳුරක් වැනි ඇල්ගී වැටියක් පවතී , එය ඈතින් දුටුවිට නූතන හිසකෙස් විලාසිතාවක් වැනිය

අරුම පුදුම ශ්වසන ක්‍රමයක්

-----------------------------------------------------------

මෙම සතුන් හට සාපේක්ෂව කුඩා හා විධිමත් ශරීරයක් ඇති අතර, ශරීරයේ උපරිම දිග සෙන්ටිමීටර 40 (අඟල් 16) පමණ වේ.

මෙම කැස්බෑවන් hibrinate / සිසිර තරණය , (කාල තරණය) කරන විට තම ආහාර මාර්ගයේ පහල කොටස හරහා හුස්ම ගැනීමට ඇති අද්විතීය හැකියාව සඳහා ද ප්‍රසිද්ධය, එමඟින් දිගු කාලයක් ජලයේ ගිලී සිටීමට/ මෙන්ම කලතරණය කිරීමට ඔවුන්ට ඉඩ සලසයි.

මෙම අවයවය cloaca ලෙස හඳුන්වන අතර එහි ඉතා හොඳින් රුධිර සැපයුමක් ඇති බැවින් ජලය යට සිටින විට සහ කාලතරණය කරන විට පහසුවෙන් රුධිරය හරහා ඔක්සිජන් හුවමාරු වේ

වාසස්ථාන අහිමි වීම, පරිසර දූෂණය සහ සුරතල් වෙළඳාම සඳහා බිත්තර සහ වැඩිහිටි කැස්බෑවන් භාවිතා කිරීම මේරි ගංගා කැස්බෑවාගේ පරිහානියට හේතු වී තිබේ. අද වන විට ඇස්තමේන්තු කර ඇත්තේ මි සිය ගණනක් පමණක් ඉතිරිව ඇති බවයි. වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති මෙම විශේෂය සංරක්ෂණය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා , අභිජනන වැඩසටහන් සහ වාසස්ථාන ප්‍රතිසංස්කරණ මුලපිරීම් ඇතුළුව විවිධප්‍රයත්නයන් ක්‍රියාත්මක වෙමින් පවතී


Copied

28/11/2022

චීනයේ Zero Covid ප්‍රතිපත්තියට අනුව කරන ලොක්ඩවුන් කිරීම් වලට එරෙහිව සහ දේශපාලන නිදහස ඉල්ලමින් චීන ජාතිකයන් උද්ඝෝෂණ ආරම්භ කර ඇත.

Urumqi ගින්නත් සමඟ චීන සමාජය තුළ චීන රජයෙ දැඩි කොවිඩ් මර්ධන වැඩපිළිවලට එරෙහිව සමාජ මාධ්‍ය තුළ ඇති වූ කතාබහ කෙමෙන් මහ පාරට පැමිණීමට ආරම්භ වී ඇත.

හිස් කඩදාසි කැබලි අතැතිව, චීන ජාතික ගීය වාදනය කරමින්, විවිධ සටන් පාට කියමින් චීන ජාතිකයින් බීජින් සහ ශැන්හයින් නගරයන්හි රැස්වෙමින් චීන රජයට තම විරෝධය එල්ලකරමින් ඇත.

චීනය රජය යනු මහජන විරෝධතාවයන් සඳහා අවසර නොදෙන රටක් වන අතර මහජන විරෝධතාවයන් දැඩිව මර්දනය කිරීමට ද කිසිවිටෙක පැකිලෙන්නෙ නැත.

නමුත් මෑත ඉතිහාසය තුළ චීන රජයට එරෙහිව සමස්ථ චීන සමාජයම නියෝජනය වෙමින් ගොඩ නැගෙන විරොධතාවයක් ලෙස මෙය හැදිවීමට හැකිය.

23/11/2022

ලෝකෙට නව සත්ව විශේෂ 13ක් හදුන්වලා දුන්නු රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්‍ය කණිෂ්ක උකුවෙල

23/11/2022

මෙවර කටාර් 2022 පාපන්දු ලෝක කුසලානයේ කැපී පෙනෙන 🇶🇦 🏟 ක්‍රීඩාංගනය තමයි 🏟 974 කියන්නෙ.

974 කියන්නෙ FIFA ලෝක කුසලාන ඉතිහාසයේ සම්පූර්ණයෙන්ම ඉවත් කළ හැකි පළමු ක්‍රීඩාංගනය. මේක ගොඩනඟලා තියෙන්නෙ නැව් බහාලුම් 974 කින් .

2022 FIFA ලෝක කුසලානයෙන් පසුව මෙම ක්‍රීඩාංගණය විසුරුවා හැරීමට නියමිතයි . ගලවලා ඉවත් කිරීමෙන් පස්සෙ, 2030 FIFA ලෝක කුසලානය සඳහා තරඟ පැවැත්වීම සඳහා උරුගුවේ මැල්ඩොනාඩෝ වෙත ක්‍රීඩාංගනය ප්‍රවාහනය කරලා නැවත ඉදිකිරීමට සැලසුම් කරලා තියෙන්නෙ.

මේ ක්‍රීඩාංගනයේ සංකල්පය Fenwick Iribarren Architects සමාගම විසින් නිර්මාණය කරන ලද්දක්. මේ ක්‍රීඩාංගනය වර්ග මීටර් 450,000ක ප්‍රදේශයක ඉදිකරලා තියෙන්නෙ.
මෙම ක්‍රීඩාංගනය තරඟාවලිය තුළ තරඟ පහක් සඳහා සත්කාරකත්වය ලබා දීමට නියමිතයි .ඒ ප්‍රේක්ෂකයන් 40000කට පහසුකම් සලසමින් .

කාබුල් නුවර විනෝද උද්‍යාන කාන්තාවන්ට තහනම් වෙයි. ඇෆ්ගනිස්ථාන් තලයිබාන් පාලනය විසින් මෙම තහනම පනවා ඇත. 2021 වසරෙ තලයිබාන්...
12/11/2022

කාබුල් නුවර විනෝද උද්‍යාන කාන්තාවන්ට තහනම් වෙයි.

ඇෆ්ගනිස්ථාන් තලයිබාන් පාලනය විසින් මෙම තහනම පනවා ඇත.

2021 වසරෙ තලයිබාන් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ ඉරිදා, සඳුදා සහ අඟහරුවාදා දින කාන්තාවන් සඳහා සහ සතියෙ ඉතුරු දින හතර පිරිමීන් සඳහා විනෝද උද්‍යානයන්ට පිවිසීමට නීති සකස් කරන ලදි.

නමුත් එයින් ද ඉස්ලාමීය ෂරියා නීතියට පටහැනි ක්‍රියා සිදුවන බැවින් මේ සඳහා විසඳුමක් ලබා දෙන තෙක් මෙම තාවකාලික තහනම පනවා ඇති බවයි තලයිබාන් පාලනය පවසන්නෙ. ඔවුන් මීට පෙර ද මෙලෙසම පවසමින් කාන්තාවන්ට පාසල් සහ විශ්වවිද්‍යාලය තාවකාලිකව තහනම් කළ අතර එම තාවකාලික තහනම තවමත් ක්‍රියාත්මක වේ.

බොහෝ දුරට මෙම නීති කාන්තාවන් සහ පිරිමීන්ට වෙන් වෙන් වූ පාසල් විශ්වවිද්‍යාල සහ විනෝද උද්‍යාන පහසුකම් සලසන තෙක් ක්‍රියාත්මක වනු ඇත. නමුත් මේ පහසුකම් සලසා ගැනීමට තලයිබාන් ආණ්ඩුවට මුදල් ද නොමැති අතර එ නිසා මෙම තහනම් දීර්ග කලකට ක්‍රියාත්මක විය හැකිය.

කොවිඩ් ආසාදිතයන්ගෙ නැව 🚢මැජස්ටික් ප්‍රින්ස් සංචාරක නෞකාව කොවිඩ් ආසාදිතයින් 800 දෙනෙකු සමග ඕස්ට්‍රේලොයාවෙ සිඩ්නි නුවර වරා...
12/11/2022

කොවිඩ් ආසාදිතයන්ගෙ නැව 🚢

මැජස්ටික් ප්‍රින්ස් සංචාරක නෞකාව කොවිඩ් ආසාදිතයින් 800 දෙනෙකු සමග ඕස්ට්‍රේලොයාවෙ සිඩ්නි නුවර වරායේ නැංගුරුම් ලා ඇත.

මේ නැව නවසීලන්තයෙන් ගමන් ආරම්භ කරන විට නැව කාර්‍ය්යමණ්ඩලය සහ මගීන් 4600ක යුක්ත වූ අතර එයින් 800ක් කොවිඩ් ආසාදනය වී ඇත. එයින් කියවෙන්නෙ සෑම පස් දෙනෙකුගෙන් එක් අයකු කොවිඩ් ආසාදිතයින් බවයි.

දින 12ක මුහුදු ගමනෙන් අඩක් පමණ ගමන් කරන විට නැවේ සිටින විශාල සංඛ්‍යාවක් ආසාදිතයන් බව හඳුනා ගෙන ඇත. ආසාදිතයන් සියළුම දෙනා එක්කෝ රෝග ලක්ෂණ නොපෙන්වන සහ මෘදු රෝග ලක්ෂණ ඇත්තන් බව කෲස් ඔපරේටර් කාන්‍ර්වල් ඕස්ටේලියාවේ සභාපති මාගුරයිට් පවසයි.

කොවිඩ් ආසාදිතයන් මගීන් සියළුම දෙනා සඳහා පෞද්ගලික ප්‍රවාහන පහසුකම් සහ ඔවුන්ගෙ හුදකලා කාලය සම්පූර්ණ කිරීමට අවශ්‍ය පහසුකම් නැව් කාර්‍ය්මණ්ඩලය විසින් ලබා දීමට කටයුතු කරන බවත් ඒ සමඟම නෞකාව මෙල්බර්න් බලා පිටත් වන බවයි.

ඕස්ට්‍රේලියාව පුරා නැවත කොවිඩ් හිස එසවීමත් සමඟ නිව් සවුත් වේල්ස් හි පසුගිය සිකුරාදා දින සිට දින හතක් තුළ නව කොවිඩ් ආසාදිතයින් 19800 පමණ හමුවී ඇත.

08/11/2022

සුදු හමට අභියෝග කරන කළු සෑන් 🖤

08/11/2022

කබී ලාම්ව දැකලා තිබ්බට කබී ලාම්ගෙ කතාව දන්නෙ නෑනේ

08/11/2022

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව ඊජිප්තුවේ ආරම්භ වූයේ ලෝක නයකයින්ගේ සහභාගිත්වයෙනි.

ඊජිප්තුවේ මෙම දේශගුණික සාකච්ඡා සඳහා සඳුදා රැස්වන ලෝක නායකයින්, COP27 දේශගුණික සමුළුවට පැමිණෙන්නේ ලොව පුරා සෑම ජාතීයක්ම මේ වසරේ පමණක් ජීවිත දහස් ගණනක් බිලිගත් සහ ඩොලර් බිලියන ගණනක් වැය කළ වඩ වඩාත් තීව්‍ර වූ ස්වාභාවික විපත්වලට මුහුණ දෙමින් සිටින කාලවකවානුවකයි.

පසුගිය වසරේ Glasgow හි පැවති එක්සත් ජාතීන්ගේ සාකච්ඡා වලදී ඉල්ලා සිටි පරිදි වැඩිදියුණු කළ දේශගුණික සැලසුම් ඉදිරිපත් කර ඇත්තේ රටවල් 194 න් 29 ක් පමණක් බව මෙහිදි සදහන් විය.

ගෝලීය උණුසුම ඉහළ යාම 19 වන සියවසේ අග භාගයේ තිබූ මට්ටමට වඩා සෙල්සියස් අංශක 1.5 දක්වා සීමා කිරීම සඳහා 2030 වන විට ලෝකය හරිතාගාර විමෝචනය සියයට 45 කින් කපා හැරිය යුතුයි.

පසුගිය දිනවල හෙළිදරව් වූ සොයාගැනීම් වලට අනුව නමුත් වර්තමාන ප්‍රවණතා අනුව මෙම දශකය අවසන් වන විට කාබන් දූෂණය සියයට 10 කින් වැඩි වන අතර පෘථිවි පෘෂ්ඨයේ උශ්ණත්වය සෙල්සියස් අංශක 2.8 කින් ඉහළ යනු ඇත.

සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන්ගේ ආර්ථිකය හරිතකරණය කිරීමට සහ අනාගත දේශගුණික විපර්යාසයන්ට එරෙහිව ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට උපකාර කිරීම සඳහා වසරකට ඩොලර් බිලියන 100 ක් ලබා දීම සඳහා ලොව ආර්ථික අතින් පොහොසත් ජාතීන් විසින් කාලසටහනක් සැකසීමට ද මෙවර සමුලුවේ දි අපේක්ෂා කෙරේ.

එක් ඇමතුමෙන් මහ මුහුදේ ගිලෙමින් සිටි 300ක ජිවිත බේරෙයි. මුහුදේ ගිලෙමින් තිබූ බෝට්ටුවක සිටි සංක්‍රමණික පුද්ගලයන් යැයි සැක...
08/11/2022

එක් ඇමතුමෙන් මහ මුහුදේ ගිලෙමින් සිටි 300ක ජිවිත බේරෙයි.

මුහුදේ ගිලෙමින් තිබූ බෝට්ටුවක සිටි සංක්‍රමණික පුද්ගලයන් යැයි සැකකෙරෙන 300 දෙනකු බලධාරීන් බේරාගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

එම බෝට්ටුවේ සිටි ශ්‍රී ලාංකිකයකු නාවික හමුදාව සමග සම්බන්ධ වී උදව් ඉල්ලා ඇති අතර එම අවස්ථාවේ කොළඹ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සිංගප්පූරුව, වියට්නාමය සහ පිලිපීනය යන රටවලින් සහය පැතූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉන්දික ද සිල්වා මහතා පවසා තිබේ.

අනතුරුව බෝට්ටුවේ සිටි පිරිස බේරාගත් බවත් ඔවුන් වියට්නාමය බලා ගමන් කරමින් සිටින බවත් සිංගප්පූරු බලධාරීන් ශ්‍රී ලංකා නාවික හමුදාවට දැනුම් දී ඇත.

ධනුෂ්කට ඇප නෑ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා දීම සිඩ්නි අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත. සිඩ්නි නුවර කාන්...
07/11/2022

ධනුෂ්කට ඇප නෑ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා දීම සිඩ්නි අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

සිඩ්නි නුවර කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් මත අත්අඩංගුවට පත් වූ ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ලිංගික අපචාර සම්බන්ධ චෝදනා 4ක් ගොනු කරමින් සිඩ්නි පොලීසිය ඔහුව අධිකරණයට ඉදිරිපත් කර ඇත. මෙහි දී ඔහුට ඇප ඉල්ලා සිටියත් මහෙස්ත්‍රාත් රොබට් විලියම්ස් විසින් ඇප ඉල්ලීම විභාග කිරීමට පෙරම නඩුව කල් තබා ඇත.

Dating App එකක් හරහා හමු වූ කාන්තාවක් හමූවීමට යෑමෙන් පසුව ඇය අතවරයට ලක් වූ බව පවසමින් පැමිණිලි කර ඇති බව ළමා හා කාන්තා අපයෝජනය සම්බන්ධ රහස් පරීක්ෂකයෙකු වන ජේන් ඩෝහටර් පවසා ඇත.

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟයෙ ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය හමුවෙව් පරාජයට පත් වී පැය කිහිපයකට පසුව ඊයෙ දින (06) සිඩ්නි පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදි.

06/11/2022

කවුද මේ Lowri Moore ???

Lowri Moore තමයි Disney සමාගමේ Encanto කියන චිත්‍රපටියෙ ප්‍රධාන චරිතයට උපැස් යුවලක් පලඳවන්න එහි අධ්‍යක්ෂකවරුන්ට අදහස දෙන්නෙ.

බ්‍රිතාන්‍යය ජාතික දහතුන් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් වන Lowri Moore ඩිස්නි සමාගමේ අධ්‍යක්ෂක්වරුන්ට ලියුමකින් ඉල්ලා හිටිනවා Encanto හි ප්‍රධාන චරිතය වන Mirable Madrigal චරිතයට උපැස් යුවලකුත් එක් කරන ලෙස.

ඉතින් අධ්‍යක්ෂවරුන් මේ අදහසට කැමතිත් වෙනවා. ඉතින් Mirable චරිතය කණ්නාඩි පළදින චරිතයක් වෙන්නෙ එහෙමයි.

Lowri Moore ගේ ඊලඟ පියවර තමයි කණ්නාඩි පලඳින Emojis වැඩි කිරීම.
ඉතින් එයා Google සමාගම සහ Meta සමාගමට තමන්ගෙ මේ ඉල්ලීම ඉදිරිපත් කරලා තියෙන්නෙ.

ඇය නම් කියන්නෙ මේකෙන් කණ්නාඩි පලඳින අයට යම් පහසුවක් වෙනවා කියලයි. ඇය කියන්නෙ කුඩා වෙනස් කිරීම් හරහා මිනිස් ජීවිත තුළ විශාල වෙනස් කිරීම් ද කරන්න පුළුවන් කියලයි.

05/11/2022

ශුක්රානු වල වේගය වැඩි කරන කළුතර වෙරළ තීරයෙ ඇල්ගි

03/11/2022

හිටපු අගමැති ඝාතන සැලැස්ම ව්‍යර්ථවේ.

පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් කාන්ට වෙඩි තබා ඇත.

පකිස්තානයේ ගුජරාන්වල රැලියක් අමතමින් සිටින අතරතුර මෙම වෙඩි තැබීම සිදු වී ඇත.

වෙඩි තැබීමෙන් ඉම්රාන් කාන්ගෙ දකුණු පාදයට තුවාල සිදුවී ඇති අතර දැනට ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව වාර්තා වේ.

මෙම සිදුවීමෙන් පසු ඉම්රාන් කාන් සඳහන් කර ඇත්තෙ තමන් පෙරලා සටන් කරන බවයි.

03/11/2022

කුංකුම මල් නෙළන ඇෆ්ගන් මල්

වසරකට පෙර තලෙයිබාන් සංවිධානය විසින් එරට සිසුවියන්ගේ ද්වීතිය පාසල් වසා දැමීමෙන් පසු බොහෝ ඇෆ්ගනිස්ථාන පාසල් සිසුවියන් එරටේ බටහිර හේරට් පළාතේ විවිධ වගාවන් ආශ්‍රිත වැඩ කිරීමට යොමු වී ඇත.

මෙවැනි කර්මාන්ත සෑම විටම කාන්තාවන් බඳවාගැනීමට ඉහල උනන්දුවක් දක්වන අතර, මේ වසරේ වැඩි වැඩියෙන් එරට උසස් පාසල් වයසේ ගැහැණු ළමයින් විවිධ රැකියාවන්වලට පැමිණීම නිසා කාන්තා රැකියා වියුක්තියේ වැඩිවීමක් දක්නට ලැබේ.

තලේබාන් රජය පාසල් වසා දැමීමට හේතුව ලෙස සඳහන් කරන්නෙ මුදල් නොමැතිකම සහ පාසල් විශය මාලාව ඉස්ලාමීය නීතී රීති අනුකූලව සංස්කරණය කිරීමට කාලය අවශ්‍ය බව සඳහන් කරමිනි.

මේ හේතුවෙන් සිසුවියන් මිලියනයකට පමණ තම අධ්‍යාපන නවතා දැමීමට සිදුවී ඇත.

02/11/2022

ගුජරාට් ශොකාන්තය

02/11/2022

චීනය lockdown
චීනයේ ශැංහයි නගරයේ ඇති ඩිස්නි විනෝද උද්‍යානය චීන බලධාරී විසින් lockdown කර ඇත.

ශැන්හයි ඩිස්නි විනෝද උද්‍යානය අසල කොවිඩ් ආසාදිතයින් කිහිප දෙනෙක්ම වාර්තාවීමත් සමඟ බලධාරීන් විසින් මෙම තිරණය ගෙන ඇත.

හදිසි lockdown කිරීමත් සමග එහි පැමිණ සිටි දහස් ගණනකට උද්‍යානයෙන් පිටවීමට නොහැකි වී ඇත. Negative කොවිඩ් පර්‍යේෂන වාර්තාවක් ඉදිපත් කරන තෙක් කිසිම කෙනෙක්ට පිටතට යෑමට බලධාරීන් ඉඩ ලබා නොදෙන බවයි පවසන්නෙ.

චීනයේ ප්‍රතිපත්තිය නිසා විවිධ ආකාරයෙ lockdown කිරීම් හරහා රට පුරා මිලියන ගණනක් පුරවැසියන් lockdown කිරීම් වලට ලක්වී ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති නඩුවේ සැකකරුවකු ලෙස නම්කර සිටි පාර්...
02/11/2022

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති නඩුවේ සැකකරුවකු ලෙස නම්කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නීතිපතිවරයාගේ උපදෙස් අනුව එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද (02) නියෝග කර තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබූ අතර එම සිද්ධියට අදාළ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රිෂාඩ් බදියුදීන් පසුගිය වසරේ අප්‍රේල් මස 21 වනදා අඩංගුවට ගත් අතර පසුව ඇප මත මුදා හැරුණා.

01/11/2022

තලයිබාන්වරු ඇෆ්ගන් තරුණියන්ට විශ්වවිද්‍යාලය දොර වසයි.

ඇෆ්ගනිස්ථානයේ බදක්ශාන් විශ්වවිද්‍යාලය සිසුවියන්ට විශ්වවිද්‍යාලය තුළට ඇතුල්වීමට අවසර දී නැත.

තලයිබාන් සෙබළු, විශ්වවිද්‍යාලයට තුලට ඇතුල්වීමට උත්සාහකරණ තරුණියන්‍ට පහර දෙන ආකාරයේ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා.

තලයිබාන්වරු ඇෆ්ගනිස්ථානයේ ආණ්ඩු බලය ලබා ගැනීමත් එක්ක කාන්තාවන්ගෙ අධ්‍යාපන අයිතිය සුරකින බව පැවසුවත් කෙමෙන් කෙමෙන් කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වෙමින් පවතින බවට පෙනෙන්නට තිබේ.

31/10/2022

මලක් පෙන්නන්න මව ඔසවාගෙන කන්දක් තරණය කළ පුතුන් දෙදෙනා👩‍👦‍👦

එලිකුට්ටිගෙ ප්‍රියතම මල තමයි නීලකුරින්ජි. මේ මල් පිපෙන්නෙත් වසර 12කට සැරයක්. ඒකත් කල්ලිපාරා කියන කඳු මුදුනෙ.

87 හැවිරිදි එලිකුට්ටිට මේ මල් දකින්න ආසාවක් ඇවිල්ලා. එලිකුට්ටිගෙ පුතුන් දෙදෙනා වන රෝජන් සහ සත්‍යන්ට තමන්ගෙ අම්මගෙ ආසාව ඉටු කරන්න ඕන උනා.

ඉතින් රෝජනුයි සත්‍යනුයි අම්මවත් එක්කගෙන මේ මල් පෙන්නන්න යනවා. ගමනාත්තයට 6 කි.මී තිබියදි එලිකුට්ටිට කන්ද තරණය කරන්න අපහසු වෙලා. පස්සෙ මේ පුතුන් දෙදෙනා අම්මව ඔසවාගෙන ගමනාන්තයටම ගිහින්.

එලික්කුට්ටි නීලකුරින්ජි මල් දකින්න කල්ලිපාර කන්ද තරණය කරන මේ වීඩියෝව සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක් වෙලා.

31/10/2022

Vein Visualization එහෙම නැත්තං ශිරා දෘශ්‍ය කරන තාක්ෂණය.

ශිරා දෘශ්‍යකරණ තාක්ෂණය හරහා එන්නත් කිරීම් සහ රුධිර ඇඳීම් සඳහා හොඳම ශිරා සොයා ගැනීමට සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට සහාය වන නවතම තාක්‍ෂණයක්.

Vein Mapping ලෙසද හැඳින්වෙන මෙම තාක්ෂණය සම මතුපිට ඇති ශිරාවල තත්‍ය කාලීන දෘශ්‍ය “සිතියමක්” නිර්මාණය කරනවා.

මේ තාක්ෂණයත් එක්ක, සිහින් ශිරා ඇති පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම් වලදී මෙන්ම රුධිරය ලබා ගැනීම් වලදි සෞඛ්‍ය වෘත්තිකයන්ට වඩාත් පහසුන් තම කාර්‍ය කිරීමට හැකියාව ලැබෙනවා.

31/10/2022

යාපනයේ පේදුරු තුඩුවට දිස් වූ ටොනාර්ඩෝව.

30/10/2022

බලශක්ති මිල ඉහළ යෑමත් සමඟ යුරෝපා රටවල් වලද ආණ්ඩු විරෝධි මහජන ඒකරාශීවීම් ආරම්භ වෙමින් පවතිනවා.

මේ චෙක් රජයෙ අගනුවර වන පැරගු නගරයට එක් වූ ජනතාව ආණ්ඩුවට විරෝධය දක්වන ආකාරයයි. බලශක්ති මිල ඉහළ ඉහළ යෑම සම්බන්ධයෙන් මාස දෙකක් තුළ පැවතී තුන් වන ආණ්ඩු විරෝධී මහජන ඒකරාශීවීම තමයි මේ.

චෙක් ජනරජයේ උද්ධමනය 18% ඉහළ ගොස් ඇත.

30/10/2022

දකුණු කොරියාවේ සෝල් නුවර ඛේදවාචකයේ ලාංකිකයෙකුත් 😥

දකුණු කොරියාවේ නගරයේ පැවතී උත්සවය අතරතුර එය සමරමින් සිටි පුද්ගලයින් 149 දෙනෙකු පමණ මියගොස් ඇත. මේ අතර ලාංකිකයෙකුත් සිටින බව වාර්තාවේ.

සෙනසුරාදා (29) රාත්‍රියේ දකුණු කොරියාවේ නගරයේ පෙදෙසක තමයි මේ උත්සවය තිබිලා තියෙන්ාන්. සෙනඟ වැඩී වීමත් එක්ක පොලීසියටත් පාලනය කිරීමට නොහැකි වීමත් එක්ක මේ අවාසනාවන්ත සිදුවීම වෙලා තියෙන්නෙ.

බොහෝදෙනෙක් විවිධ පැළඳ හිටපු නිසා තෙරපීමත් එක්ක හුස්ම ගැනීමෙ අපහසුතාවය නිසාම මියගොස් ඇති බවයි වාර්තාවෙනවා.

29/10/2022

ප්ලාස්ටික් බෝතල් ගඟක්

පසුගියදා කොංගෝ රාජ්‍යයේ අගනුවර වන කිංග්රීසා නගරයට පතිත වූ දැඩි වර්ෂාපතනයකින් පස්සෙ නගරයේ මාර්ග බොහොමයක් ජලය සමඟ ගලා ආ ප්ලාස්ටික් බෝතල්වලින් යට වී ගියා.

පරිසරවේදීන් බොහෝමයක් මේ සම්බන්ධයෙන් අවදානය යොමු කරලා තිබ්බා.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලනික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර උපදේශකවරයා වන එරික් සෝල්හයිම් ද මේ දර්ශන රැගත් වීඩියෝවක් තම නිල ට්විටර් ගිණුමට ඇතුළත් කර තිබිණා.

29/10/2022

පසුගිය සිකුරාදා (14) වැන්ගෝගේ Sunflower තෙල් සායමට තක්කාලි සූප් ගැසීමෙන් කලා කෘතීන් මත විරෝධතාවය පල කරමින් අවදානය ලබා ගැනීමට ආරම්බ වූ විරෝධතාවය ලෝකයේ බොහෝ රටවල් වල කාලගුණ විපර්යාස සම්බන්ධ ක්‍රියාකාරීන් අතර ජනප්‍රිය වෙමින් ඇත.

මේ ක්‍රියාකාරීන්ගෙ අරමුණ නව පොසිල ඉන්ධන කැණීම් බලපත්‍ර ලබා දීම නැවැත්වීම හා පොසිල ඉන්ධන දහනය හරහා සිදුවන පාරිසරික විපර්‍යාසයන් කෙරෙහි ලෝක අවධානය ලබා ගැනීමයි.

කාලගුණ විපර්‍යාස ක්‍රියාකාරීන්ගෙ මේ වනවිට ජර්මනියෙ Claude Monetගේ ඩොලර් මිලියන 110 වටින "Grainstacka" කලා කෘතියට අල ව්‍යංජන ගැසීම,

නෙදර්ලන්තයේ Hague නගරයේ ඇති Johannes Vermeeraගේ සුප්‍රසිද්ධ "Girl with a Pearl Earring" තෙල් සායම මත තම හිස අලවා ගැනීම,

එංගලන්තයේ තුන්වන චාල්ස් රජුගෙ ඉටි පිළිමයට චොකලට් කේක් ගැසීම මෙන්ම බොහෝ ප්‍රසිද්ධ ස්ථානයන් හා ස්මාරකයන් මත තීන්ත ගැසීම සිදු කර ඇත.

මෙලෙස කලා කෘතීන් ඉලක්ක කරගෙන සිදු කරන ඔවුන්ගෙ විරෝධතාවයත් සමඟ ඔවුන් කියන්නෙ මිනිස් ජීවිත වලට වඩා කලා කෘති වටින්නේ ද ? කලා කෘතීන්ට ලබා දෙන ආරක්ෂාව මිනිස් ජීවිතයන්ට ලබා දෙන්නෙ නැද්ද ? යන්නයි.

29/10/2022

මඩුවො පීනනව ද පියාඹනව ද ? 🐟

#මාළු

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ratatama Kiyanna- රටටම කියන්න posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share