Peoples judge - ජනතා තීන්දුව

  • Home
  • Peoples judge - ජනතා තීන්දුව

Peoples judge - ජනතා තීන්දුව ජනතා තීන්දුව

අද මං දැකපු විශාලම ඛේදවාචකය තමයි විදේශ මත්පැන්, සුඛෝපභෝගී වාහන, කාන්තාවන්, පන්දාහෙ රුපියල් මිටි, අඟල මහත බ්‍රේස්ලට්, ජාත...
09/07/2024

අද මං දැකපු විශාලම ඛේදවාචකය තමයි විදේශ මත්පැන්, සුඛෝපභෝගී වාහන, කාන්තාවන්, පන්දාහෙ රුපියල් මිටි, අඟල මහත බ්‍රේස්ලට්, ජාතිමාමක සහ ආගමික, පවුලට ලැදි වීඩියෝ බෞද්ධයන්ට මේ සමාජයේ තිබෙන උත්කර්ෂය. අද වසන්තට සුබ ගමන් කියන ඒ පුංචි ලෝකවල වීරයෝ ක්ලබ් වසන්තලා. ඉතින් මේ වසන්ත ෆෑන්ලගෙ ඩ්‍රීම් එකම ගම් මට්ටමේ හිච්චි වසන්ත වීම යුගයේ ඛේදවාචකයක්.

මැග් දෙකක් කියන්නෙ වසන්තට දක්වපු අනුකම්පාවක්. එනිවේ කස්ටිය නිවන් සුව කිව්වට වැඩක් නෑ ක්ලබ් වසන්තට නිවනෙ පවනවත් වදින්නෙ නෑ. ඌ ඒ තරම් තක්කඩියෙක්.!

ආමේන්.🙏

සටහන
නීතිඥ ඉරේෂ් එදිරිසිංහ

#බැනුම්අහනපෝස්ට්.😃

2019 ව්‍යවස්ථා සංශෝධනය ගෙනාපු ස්වාධීන කොමිෂන් සභා , මානවහිමිකම් , රාජ්‍ය සේවා, පොලිස්, ඔම්බුට්ස්මන් ඇතුලු සියලුම කොමිෂන්...
27/06/2024

2019 ව්‍යවස්ථා සංශෝධනය ගෙනාපු ස්වාධීන කොමිෂන් සභා , මානවහිමිකම් , රාජ්‍ය සේවා, පොලිස්, ඔම්බුට්ස්මන් ඇතුලු සියලුම කොමිෂන් සභා දේශපාලන හෙංචයියන් රිංගලා,
Dilith Jayaweera ගේ ඉදන් දේශපාලන උවමනාවන් සිදු කලේ සිදු කරන්නේ ,
මහජන මුදල් විනාශ කරමින් ඒ තුල ක්‍රියාත්මක වන්නේ දේශපාලන න්‍යායපත්‍රවලට
ජනතාව මේ පිළිබඳව අවධානය යොමු කල යුතුය

27/12/2023

ඊශ්‍රායලය වෙත ශ්‍රිලංකා ව ශ්‍රමිකයන් පිටත් කොට හරී,
ඒ අනෙකුත් රටවලින් එරට ශ්‍රමිකයන් තමරටට ගෙන්වා ගැනීමේ පසුබිමකදී ය

07/12/2023

ගම්පහ සණස මුදල් සොරකම් පිළිබඳව විශාල ආන්දෝලනයකට පත් උනා
එහිදී එම මුදල් සොරාගැනීම පිළිබඳව පුද්ගලයන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කල අතර එම පුද්ගලයන් මේ වන විටත් බන්ධනාගාර ගතව පසු වෙනවා
කෙසේවෙතත් එම මුදල් සොයාගැනීමට නොහැකි උනා

නමුත් එම මුදල් එම ප්‍රධාන සැක කරුගේ නෑනා කෙනෙකු වන දේශපාලන යට සම්බන්ධ කාන්තාව කගෙ පුද්ගලික බැංකුව කට අයත් ගිනුමේ තිබෙන බවට මේ වන විට විශ්වාස ආරංචි මාර්ග සදහන් කරනවා
මගෙන් රටට - Magen Ratata

05/12/2023

ගම්පහ සණස බැංකුවේ පිල්ලි ගැසු සල්ලි මාට්ටු

03/06/2022

ලෙබැනනයේ තානාපතිනිය ද නොදැන ලෙබැනනය තුල සුභසාධනයේ මුවාවෙන් ලංකාවේ විදෙස් ගත කාන්තාවන් රවටා මුදල් සහ අනෙකුත් දේ ත් සේවය කල ස්ථාන වලින් සොරකම් කොට විදෙස් ගමන් තහනම් පවා සිදු වූ දැනට ලංකාවේ සිට මේ ජාවාරම මෙහෙයවන කාන්තාව ක පිලිබදව හෙලිදරව්වක් ලගදිම ...

සත්‍යය තොරතුරක් බව සනාත කරමු..
03/06/2022

සත්‍යය තොරතුරක් බව සනාත කරමු..

මේ කවුද කාගේ නියෝජිතයන් ද කෑගල්ල (රඹුක්කන සිද්ධියට අදාල)  අධිකරණ භූමියක් තුල ජේෂ්ඨ නීතීඥයකුට බැන වැදි තර්ජ්න කර ලබා දුන...
26/04/2022

මේ කවුද කාගේ නියෝජිතයන් ද කෑගල්ල (රඹුක්කන සිද්ධියට අදාල) අධිකරණ භූමියක් තුල ජේෂ්ඨ නීතීඥයකුට බැන වැදි තර්ජ්න කර ලබා දුන් "වොයිස්කට්" නොදාන ලෙස මාධ්‍ය වේදියාට බල කිරිම බලකිරිම,
මොවුන් ගේ උවමනාව කුමක්ද

26/04/2022

කපුටා

24/04/2022

ගාමිණී විජේසිංහ 2016 දි විඝනකාධිපති හැටියට පත්කලේ කවුද....? මං හිතන්නෙ පොරගෙ ගම පොලොන්නරුවෙ.... මිනිහට මම හිතන්නෙ පොලොන්නරුවෙත් අක්කර 100 විතර තියෙනව... ඔක්කොටම කලින් මිනිහ විගනනය කරල හිටියනම් හොදයි ඔය රස්සාවෙන් ඔච්චර දේවල් කලේ කොහොමද කියල....?

21/04/2022

ජනතා අරගලය හා නීතීඥයන් ගේ අලගලය
*********************************
කිහිප දෙනෙකුට රිදෙන්නට හැකි වුව ද මෙය ජනතාව දැනගත යුතුය
උගත් නීතීඥ මහත්මයා යැයි ආමන්ත්‍රණය කරන බහුතරයක් නීතීඥයන් වචනයේ අර්ථයෙන්ම මහත්වරැන් ය
ඒ අතර මහත් හොරැ හෙවත් මේ මහජන අරගලය තුල පොර වීමේ ආශාවන් හෝ ඉදිරි නඩු වැඩිකර ගැනිමේ අරමුනක් ඇතිව ක්‍රියාත්මක වන අයද පෙනෙන්නට ඇත,
මේ දිනවල මහජන අරගල සදහා පෙනී සිටින්නේ නොමිලේ වුවද එ තුල කීර්තිනාමය ක් මෙන්ම ආයෝජනයක් ද ඇත
එසේ වුවත් සත්භාවයෙන් මේ සදහා නොමිලේ පෙනී සිටීම අගය කල යුතුයි
එසේ නමුත් එක්තරා කොඨඨාශයක් තමන්ගෙ පමණක් පෙනී සිටිම ත් තවත් නීතීඥයකු පෙනිසිටිනවාට විරැද්ධ වන අයද සිටී,
නිර්පාක්ෂික අරගලය පාට කරන්නේ ලංකාවේ සමහර නීතීඥයන් ය

20/04/2022

හදුනා මක්කෙයි රඹුක්කන පැත්තේ

අරගලය එක තැන පල් වෙනවා වගේ නේද..වෙනසක් නෑ වගේ නේද??එත්කොට මේවා උනේ මොකක් නිසා කියලද හිතන්නේ??1. මුදල් ඇමති ප්‍රමුඛ කැබින...
17/04/2022

අරගලය එක තැන පල් වෙනවා වගේ නේද..වෙනසක් නෑ වගේ නේද??

එත්කොට මේවා උනේ මොකක් නිසා කියලද හිතන්නේ??

1. මුදල් ඇමති ප්‍රමුඛ කැබිනට් එක ඉල්ලා අස් උනා

2. වැඩ්ඩෙක් කියලා කියාගෙන හිටපු මහ බැංකු අධිපති කබ්බා අයින් උනා

3. භාණ්ඩාගාර ලේකම් ඉල්ලා අස් උනා

4. රාජ්‍ය ඇමති වරු ඉල්ලා අස් උනා

5. රට පුරා ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් තියන්න හිටපු උත්සව කැන්සල් උනා

6. මිනිස්සුන්ගේ සල්ලි වලින් හදපු පොදු ස්ථාන මිනිස්සුම විවෘත කරා

7. 10000 ගානේ බෙදන්න මුදල් අච්චු ගහන්න හිටපු එක නැවතුනා

8. ජනාධිපති ප්‍රමුඛ දේශපාලකයන්ට මිනිස්සු ඉස්සරහට එන්න බැරි උනා සහ එන්න භය උනා

9. මිනිස්සුන්ගේ සල්ලි වියදම් කරලා ගහපු sms අවුරුදු නැවතුනා, පවුලේ අවුරුදු කෑම මේසේ live දුන්නේ නැහැ

10. Squad 1ත් එක්ක පාරවල් වහගෙන එහෙ මෙහෙ ගියපු VIP කියලා තිතන් හිටපු set 1 අතුරුදන් උනා, Ambulance විතරක් VIP උනා

11. ඔක්කොම එකයි කියල හිතන් හිටපු නීතීඥයෝ වැඩි හරියක් රටට ආදරෙයි කියලා ඔප්පු උනා

12. සිංහල, බෟද්ධ, කතොලික, මුස්ලිම්, හින්දු, දෙමල ජති ආගම් එකමුතු උනා.

13. ජාතිවාදය අවුස්සන ගහන තුරුම්පුවලට තවදුරටත් මිනිස්සු අහු නොවෙන බව ඔප්පු වුනා

14. පැය 13 කපන්න හිටපු විදුලිය පැය 6 ට අඩු උනා.

15. මහින්ද ප්‍රතික්ෂේප කරපු ආර්ථික විද්ඥයෙක්ව අවුරුදු 10ට පස්සේ මහබැංකු අධිපති කරන්න වුනා.

16. කාල්ටන් අවුරුදු උත්සව නැති උනා

17. කාලෙන් කාලෙට කරපු හොරකන් ටිකෙන් ටික එලි වෙන්න ගත්තා

18. ජනාදිපතිට, පව්ලට මිනිස්සුන්ගේ තිබ්බ අන්ධ ගෞරවය නැති උනා

19. සතියෙන් හැමදේම අමතක් වෙනවා කිව්ව මිනිස්සු හැමදේම නාඩියට මතක තියා ගත්තා

20. ජීවිතේට එලියට නොබැහැපු මිනිස්සු රට වෙනුවෙන් එලියට බැස්සා..

එක සතියට මේ මදිද? මේ ඔක්කොම නෙවෙයි.. තවම පරක්කු නෑ.. 💪🖤

- උපුටාගැනීමකි-

ජනතා තීන්දුව
16/04/2022

ජනතා තීන්දුව

16/04/2022

අද සිට නැවතත් විදුලිය කැපේ

ලෝකෙන්ම ණය අරගන උගන්ඩාවේ ආර්ථිකය ශක්තිමත් කොට ලංකාවෙන් ණය පොලී ගෙවන උගන්ඩා වේ ජනතාව ගේ ආදරණිය අප්පච්චි
16/04/2022

ලෝකෙන්ම ණය අරගන උගන්ඩාවේ ආර්ථිකය ශක්තිමත් කොට ලංකාවෙන් ණය පොලී ගෙවන උගන්ඩා වේ ජනතාව ගේ ආදරණිය අප්පච්චි

🤜🤛 අරගල භූමියේ හුවමාරු වන වැදගත් පණිවිඩයක්  !----------------------------------------------------------------------ආදරණී...
15/04/2022

🤜🤛 අරගල භූමියේ හුවමාරු වන වැදගත් පණිවිඩයක් !
----------------------------------------------------------------------

ආදරණීය සටන් සගය,

අරගල බිමට ඔබ සාදරයෙන් පිළිගනිමු. මෙහි පැමිණි ඔබ ලංකා ඉතිහාසයේ සාක්ෂිකරුවෙකි. මෙම ඓතිහාසික පුරවැසි නැගිටීම, නියමුවන් නැති ජනතා අරගලයකි. එහෙයින් එහි ආරක්ෂාව මෙන් ම කීර්තිනාමය ද රැකෙන පරිදි වැඩකිරීම අප අප විසින් ම සපුරාගත යුතු කාර්යයකි. එනිසා ඒ වෙනුවෙන් පහත කරුණු සිහිතබාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට කාරුණික වන්න.

1. මෙය ස්වයං විනයක් සහිත බිමකි. එබැවින් සියල්ලට පළමු ඔබ සහ ඔබේ පිරිසගෙන්, අන් අයට කරදරයක් බාධාවක් නොවිය යුතු ය.

2. ඔබේත්, ඔබ සමග එන අන් අයගේත් ආරක්ෂාව ගැන නිතර සැලකිල්ලෙන් සිටින්න. අතරමං වුවහොත් හමුවන තැනක් කල් තබා කතාකරගන්න.

3. ඔබේ පෞද්ගලික බඩුභාණ්ඩ සහ මුදල්, ආභරණ, ජංගම දුරකථන වැනි වටිනා දෑ ගැන සැලකිල්ලෙන් සිටින්න.

4. මෙය මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලින් තොර භූමියකි. මෙතුළට මත්පැන් සහ මත්ද්‍රව්‍ය රැගෙන ඒමෙන් සහ බීමතින් හැසිරීමෙන් වළකින්න.

5. මෙය කාන්තාවන්, කුඩා දරුවන්, වැඩිහිටියන් ගැවසෙන භුමියකි. එබැවින් වගකිවයුතු පුරවැසියකු ලෙස ඔවුන්ට කරදරයක් නොවන ලෙස හැසිරෙන්න.

6. ඔබේ විරෝධය දැක්වීමට සභ්‍ය වචන හොඳට ම ප්‍රමාණවත් ය. ඒ සඳහා අසභ්‍ය වචන භාවිත කිරීම අවශ්‍ය නොවේ. මෙය කුඩා දරුවන් ද ගැවසෙන බිමකි.

7. මෙම භූමිය සියලු ජනවර්ග, ආගම්, ලිංගිකත්ව, වයස් වලට අයත් සියලු පුරවැසියන්‍ට පොදු බිමකි. එබැවින් ඒ කිසිවකු හට කොන්කර සැලකීමක් හෝ වෛරීසහගත ප්‍රකාශනයක් මෙතුළ සිදු නොවිය යුතු ය.

8. මෙය පරිසර හිතකාමී අරගල බිමකි. එහෙයින් කැලිකසළ බැහැර කිරීමේ පටන් වැසිකිළි කෘත්‍යය දක්වා සියලු කටයුතුවලදී පරිසර හානියක් නොවන බවට වගබලාගන්න.

9. මෙය සාමකාමී අරගල බිමකි. මෙතුළ ප්‍රචණ්ඩත්වයට ඉඩක් නොමැත. එසේ කරන්නවුන් වහා ම පොලිසියට බාර දෙන්න.

10. කඩාකප්පල් කාරීන්ගෙන් පරෙස්සම් වන්න. එවැන්නන් දුටුවහොත් වහා ම පොලිසිය දැනුවත් කර මෙම පරිශ්‍රයෙන් පිටමං කරන්න.

අවසාන වශයෙන්, ඔබ පිවිසෙන්නේ අරගල බිමකට බව කරුණාවෙන් සිහි තබාගන්න. කාට හෝ එය අමතක වන බව පෙනේ නම් ඔවුනට ද එය සිහිපත් කර දෙන්න.
මහින්ද දේශප්‍රිය ගෙන් ඔවදනක්

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Peoples judge - ජනතා තීන්දුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share