Hardy Art Forum

  • Home
  • Hardy Art Forum

Hardy Art Forum Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hardy Art Forum, Magazine, .

28/01/2025

මේ මහා රූස්ස තුරු වදුලු අතර..
තවමත් සැඟව ඇත අපේ හඬ..
මේ දිගාමඩුලු අහස යට රාත්‍රියට බැබළෙන සුදු සඳ එළිය..
මතු කෙදිනකවත් නොමවේය අමතක.. 🤍



අහස් ගැබ සිසාරා ඉහළට විහිදුන..වැව් ඉස්මත්තෙන් හමා එන සුළඟින් සිසිල ලබන..මෙපුරවරෙහි සදා අප අතර වැජඹෙන..ශිල්ප ලබාදෙන සයුර ...
22/12/2024

අහස් ගැබ සිසාරා ඉහළට විහිදුන..
වැව් ඉස්මත්තෙන් හමා එන සුළඟින් සිසිල ලබන..
මෙපුරවරෙහි සදා අප අතර වැජඹෙන..
ශිල්ප ලබාදෙන සයුර ඔබයි මතුවට..



61 වසරක සෙනෙහසක ගුණසැමරුම නෙක විවිදැති ශිල්ප ක්ෂාණර මුසුව මහාදියඹ පුරා දස්කමින් විස්මය මැවු පරපුරක් කරාදිගාමඩුලු පුරවරයේ...
04/12/2024

61 වසරක සෙනෙහසක ගුණසැමරුම


නෙක විවිදැති ශිල්ප ක්ෂාණර මුසුව මහා
දියඹ පුරා දස්කමින් විස්මය මැවු පරපුරක් කරා
දිගාමඩුලු පුරවරයේ සුවදහසක් නැණ පදා
හාඩි මව. වෙනුවෙන් මෙසෙ කෘත. ගුණ පුද කරමු සදා



ප්‍රියයන්ගෙන් වෙන්ව ආ වග සැබෑ ය🥀..ස්නේහයෙන් පිරුණු බැදීම් මඟ හැරී ගිය බවද සැබෑවක්මය..❤‍🩹අවැසි වනුයේ දිවියට නව අරුතක් නිස...
01/12/2024

ප්‍රියයන්ගෙන් වෙන්ව ආ වග සැබෑ ය🥀..
ස්නේහයෙන් පිරුණු
බැදීම් මඟ හැරී ගිය බවද සැබෑවක්මය..❤‍🩹
අවැසි වනුයේ දිවියට නව අරුතක් නිසාවෙන්..
කදුලැලි සඟවා✨ දිගාමඩුලු පුරවරයට ආවෙමි මම ..🍃

පොත් මිටි තුරුළු කරන් පිය මැන්නා මතකයි..
මුලදී නුහුරු වූ තැන් පසුව නවාතැනක් වූවා මතකයි..
සිනාවන් මෙන්ම දුක් මුසු තැන් ද වූවා මතකයි..
මේ දිගාමඩුල්ලට ආ පළමු දිනය අද මෙන් මා හට මතකයි ..⌛💐



දිගහැරෙන පිටු අතර මැද අදින සිතුවමක්තුරුලතා බලා හිදීපාට කෙරුමට ගෙත්තමක්සබඳ අපි පිය නගමු එකම පියවරක් වෙතහාඩි පියතුමා සැතපී...
15/10/2024

දිගහැරෙන පිටු අතර මැද අදින සිතුවමක්
තුරුලතා බලා හිදී

පාට කෙරුමට ගෙත්තමක්
සබඳ අපි පිය නගමු එකම පියවරක් වෙත

හාඩි පියතුමා සැතපී ඇත සරසවි මව් තුරුල මත

දිගා මඩුල්ලෙ තක්සලා දොර
විවර වේ හද මඩලට
තවත් එක නිමේශයක්
ඉතිරිව ඇත සරසන්නට
පෙමින් වෙලුනු අතීතයත්

සොවින් නොතැවෙන වත්මනත්
හාඩියට හරි උජාරුවට පායා ඒ ඈතින්

මතකයන් පිරුණු පිං බිම හාඩි



ගමන් මඟ දන්නා මුත්,නිසි ඔවදන් නොමැතිව තනිවම යන්නට හැකිද ?..මගියෙකු ගං ඉවුරෙන් එතෙර වෙන්නාක් මෙන්  ගමනාන්තයට යාමට සිතනවාට...
06/10/2024

ගමන් මඟ දන්නා මුත්,
නිසි ඔවදන් නොමැතිව තනිවම යන්නට හැකිද ?..

මගියෙකු ගං ඉවුරෙන් එතෙර වෙන්නාක් මෙන්
ගමනාන්තයට යාමට සිතනවාටත් වඩා අසීරුය...

එනමුදු
එවන් දුෂ්කර අත්දැකීම් මතින් පියමනින්නට සෙනෙහෙ පිරුණු තෝතැන්නකි නුඹ...
ඉඩෝරයේ පිපි මලකට සිසිල් දිය බිඳුව නුඹ...

ආදරණීය ගුරු සද,

ස්නේහයේ ගුණ සමරුවට සිප්හලේ අප එක්රොක්ව
මතුදිනක මතකයේ රැඳෙනට
මෙලෙසින් පුදනෙමු තුති...



✨️ මහාචාර්ය එවන් ඇලන් හාඩි පියතුමන්ගේ 134 වන ජන්ම  දින සැමරැමදැයක් තනන්නට වෙරදුන්නේ...නැණස පෑදීමට උරදුන්නේ...දිවියේ නව අ...
01/10/2024

✨️ මහාචාර්ය එවන් ඇලන් හාඩි පියතුමන්ගේ 134 වන ජන්ම දින සැමරැම

දැයක් තනන්නට වෙරදුන්නේ...
නැණස පෑදීමට උරදුන්නේ...
දිවියේ නව අරුත් පාදා දුන්නේ...
ඔබයි පියතුමනි අප මාවත් තැනුයේ ...

කළ කී කිසිවක් කිසිදු අයුරින් අමතක නොවන්නට...
ගරු බුහුමන්
ගුණ වැයුමන්
කරනෙමු අප සැම දිනට...

නොයෙක් කම්කටොලු ආවත් මේ පොළොවට...
වසරක් පාසා
ගුණ සිහි කරනෙමු
ඔබතුමන් හට...

දිගාමඩුලු තක්සලාවේ
නිමැවුම් කරුවා ඔබය



සිප් සතර ලැබ දිවිය අස්වද්දාලීමට මවුපියන් සමඟ එක්ව ගොඩ නැගි සිහින කොතෙක් දැයි කියා නිම කළ නොහැකිය....  එබැවින්,ප්‍රාර්ථනා...
10/09/2024

සිප් සතර ලැබ දිවිය අස්වද්දාලීමට
මවුපියන් සමඟ එක්ව ගොඩ නැගි සිහින
කොතෙක් දැයි කියා නිම කළ නොහැකිය....
එබැවින්,
ප්‍රාර්ථනා පොදි බැඳන් ආ ගමන් මගෙහි හිමිකාරිය ඔබය......
ඒ නව ලෝකයේ දොරටුව මා හට විවර කර දුන්නේ ඔබය......
සුන්දර මතකයන් හා බැදුණු කවිය ඔබය......
මා ගත ගිමන් නිවූ මනරම් දිගාමඩුලු තක්ෂිලාව ඔබය......
අවසරයි සරසවි මවුනි සදන්නට නිසදැස්......
පළදන්න ඔබවෙත මෙලෙස අබිසෙස්......🍃



එදා සුපුරුදු සෙනෙහසින් යළිත් ඒකාත්මික වෙන්න....ආදි හාඩි විද්‍යාර්ථයන්ගේ සංගමය මගින් සුවහසක් හදවත් තෙමා සනහාලනු රිසින් සං...
25/08/2024

එදා සුපුරුදු සෙනෙහසින් යළිත් ඒකාත්මික වෙන්න....

ආදි හාඩි විද්‍යාර්ථයන්ගේ සංගමය මගින් සුවහසක් හදවත් තෙමා සනහාලනු රිසින් සංවිධානය කරනු ලබන
සංගීතමය රසාලිප්තය 🎻
අගෝස්තු 31 උදෑසන 10 සිට රත්මලාන ගාලු පාර අංක 511/1 - මහාචාර්ය එවන් ඇලන් හාඩි අනුස්මරණ මධ්‍යස්ථානයේ දී රසභාවාත්මක වීමට නියමිතයි.

එදින, ආදිතම ප්‍රවීණ හාඩිවරුනට උපහාර දැක්වීම ද සිදු කෙරේ.

ගලා යන ජීවිතයේ සරැළි තැන් දකින්නට, පෙර පුරුදු ස්නේහයේ මතක තැන් විඳින්නට
සහෘද ඔබ සැමට ආරාධනා...

එදා සුපුරුදු සෙනෙහසින් යළිත් ඒකාත්මික වෙන්න....ආදි හාඩි විද්‍යාර්ථයන්ගේ සංගමය මගින් සුවහසක් හදවත් තෙමා සනහාලනු රිසින් සං...
11/08/2024

එදා සුපුරුදු සෙනෙහසින් යළිත් ඒකාත්මික වෙන්න....

ආදි හාඩි විද්‍යාර්ථයන්ගේ සංගමය මගින් සුවහසක් හදවත් තෙමා සනහාලනු රිසින් සංවිධානය කරනු ලබන සංගීතමය රසාලිප්තය අගෝස්තු 31 උදෑසන 10 සිට රත්මලාන ගාලු පාර අංක 511/1 - මහාචාර්ය එවන් ඇලන් හාඩි අනුස්මරණ මධ්‍යස්ථානයේ දී රසභාවාත්මක වීමට නියමිතයි.

එදින, ආදිතම ප්‍රවීණ හාඩිවරුනට උපහාර දැක්වීම ද සිදු කෙරේ.

ගලා යන ජීවිතයේ සරැළි තැන් දකින්නට, පෙර පුරුදු ස්නේහයේ මතක තැන් විඳින්නට
සහෘද ඔබ සැමට ආරාධනා.......

✨️ 'ආවර්ජනා 2023' සෞන්දර්යාත්මක සන්ධ්‍යාවට සමගාමීව පැවැත්වූ නිසඳැස් නිර්මාණ තරගාවලිය ✨️ සිදුහත්-යශෝධරා කෝවලන්-කන්නගී සොද...
01/04/2024

✨️ 'ආවර්ජනා 2023' සෞන්දර්යාත්මක සන්ධ්‍යාවට සමගාමීව පැවැත්වූ නිසඳැස් නිර්මාණ තරගාවලිය ✨️

සිදුහත්-යශෝධරා
කෝවලන්-කන්නගී
සොදුරු ආලකථා
අතීතයට වැළලීමත්...
කඩු කිනිති අත දරාගත්
වෛරී ප්‍රේමය දළුලෑමත්...
සමග
ප්‍රේමයේ සැබෑ අර්ථය
තවමත් ඇත්තේ
මව පියා ළග නොවේද?

චමෝදි සත්සරණි.
-64 වන පරපුර-

වාරයට ඇස ගැටුණු සොඳුරු සංකල්පනාව ~ තාලයක තතු කියන කාලයේ ආවර්ජනාව..✨️ආවර්ජනා✨️      🎵 Song           : Dátha Dara -Ridma ...
14/02/2024

වාරයට ඇස ගැටුණු සොඳුරු සංකල්පනාව ~ තාලයක තතු කියන කාලයේ ආවර්ජනාව..

✨️ආවර්ජනා✨️







🎵 Song : Dátha Dara -Ridma Weerawardane, Dhanith Sri, Methun SK, Supun Perera, Dinesh Gamage, Dinupa Kodagoda

©️ Disclaimer : All rights belong to the owner. No Copyright Infringement Intended.

▶️Link : https://youtu.be/84MOOMHg4rM?si=QzYqi7lJhGhJInVy

'AVARJANA 23' The Aesthetic Musical EventHardy Art ForumHardy Advanced Technological Institute-Ampara

✨️ 'ආවර්ජනා 2023' සෞන්දර්යාත්මක සන්ධ්‍යාවට සමගාමීව පැවැත්වූ නිසඳැස් නිර්මාණ තරගාවලිය ✨️ මතක පොත 🍃 බිඳෙන් බිඳ හෙමි හෙමින්...
17/10/2023

✨️ 'ආවර්ජනා 2023' සෞන්දර්යාත්මක සන්ධ්‍යාවට සමගාමීව පැවැත්වූ නිසඳැස් නිර්මාණ තරගාවලිය ✨️

මතක පොත 🍃

බිඳෙන් බිඳ හෙමි හෙමින් රුව සිතේ ඇඳෙනවා
නෙතු පියන් රිදෙන තුරු ඔබේ දෙස බලනවා.
මටත් නොදැනීම සිත ඔබ ළඟට ඇදෙනවා
සත්තමයි ඔබේ නමින් මතක පොත පිරෙනවා

දින සති ගණන් ඉගිළ ඔබේ බස් ඇසෙනවා
තනිව උන් පාළු හද නුඹ නිසා ගැහෙනවා
මෘදු වදන් ළඟ නුඹේ සිනා වැසි වැටෙනවා සත්තමයි ඔබේ නමින් මතක පොත පිරෙනවා

දුටුවා ද මල් පාර ඈත අත වනනවා
මල් වැස්සේ කුඩය යට මම තාම ඉන්නවා එක්ව යමු වෙන් වූ ඉඩ නුඹ නමින් ඉන්නවා
සත්තමයි නුඹේ නමින් මතක පොත පිරෙනවා

දෙව්මිණී සුලෝචනා
- 64 වන පරපුර -

Thank you all of your participation 🍂 ✨️Beauty of Hardy✨️*Photography Competition*  organized by *Hardy Art Forum*    's...
15/09/2023

Thank you all of your participation 🍂

✨️Beauty of Hardy✨️
*Photography Competition* organized by *Hardy Art Forum*

's union

✨️ 'ආවර්ජනා 2023' සෞන්දර්යාත්මක සන්ධ්‍යාවට සමගාමීව පැවැත්වූ නිසඳැස් නිර්මාණ තරගාවලිය ✨️ 🥈තෙවන ස්ථානය 🏆 ඔයාට ඇබ්බැහිවෙන්න...
11/09/2023

✨️ 'ආවර්ජනා 2023' සෞන්දර්යාත්මක සන්ධ්‍යාවට සමගාමීව පැවැත්වූ නිසඳැස් නිර්මාණ තරගාවලිය ✨️

🥈තෙවන ස්ථානය 🏆

ඔයාට ඇබ්බැහිවෙන්න මට හේතු මොකටද?
මම ආසම කරපු ඇස් තිබ්බෙ ඔයාට! කිසිම හේතුවක් නැතුව මට පුළුවන් උනා ඔයාගෙ ඇස්වලට ආදරේ කරන්න
අයිතියක් ගැන නොහිතාම ! මේක හීනයක්
මේ ගෙවෙන්නෙ හීනයක උච්චතම හෝරවක් මේ හීනය පැටලිලි සහගතයි.
ආරම්භය අවසානය
මට හිතාගන්න බැරි තරම් නොගැලපෙන හීනවලින් පිරිචච මේ ප්‍රේමය ගැන රැයක් දවාලක් නැතුව මං හොයනවා මේ දකින්නෙ හීනයක්ද
සැබෑවක්ද!
මේ ගෙවෙන්නෙ හීනයක් ඒ හීනයට මා ප්‍රේම කරමි.
ඉතින්,
අවසානය කුමක් වුවත්
මා දන්නේ;
තවමත් මා අසීමිතව ඒ ඇස්වලට ප්‍රේම කරනා වග පමණි.

නදුන් ප්‍රියසංඛ
- 64 වන පරපුර -

21/08/2023

✨️Beauty of Hardy✨️
Photography Competition 2023 organized by Hardy Art Forum

⭕️ Watch full video 🎬👇
https://youtu.be/OgCRvWeMtqw

✨️ 'ආවර්ජනා 2023' සෞන්දර්යාත්මක සන්ධ්‍යාවට සමගාමීව පැවැත්වූ නිසඳැස් නිර්මාණ තරගාවලිය ✨️🥈දෙවන ස්ථානය 🏆✝️පල්ලියේ ප්‍රේමය.....
19/08/2023

✨️ 'ආවර්ජනා 2023' සෞන්දර්යාත්මක සන්ධ්‍යාවට සමගාමීව පැවැත්වූ නිසඳැස් නිර්මාණ තරගාවලිය ✨️

🥈දෙවන ස්ථානය 🏆

✝️පල්ලියේ ප්‍රේමය...❤‍🩹

පුලිගු එළි ආලෝක මැද
පොද වැස්සේ තෙමි තෙමී තනිවම
බැල්කනි වැටට සිරුර බර කොට
අසා සිටියෙමි අදත්
පල්ලියේ පූජාව..

"ප්‍රේමය ආගමට එතරම් සින්නද"

හීනියට ගුගුරන අහස දෙස
බලා හිදී නිදහස් මතක
රකී අදටත් නොකියාම
අල්තාරයේ රැදුනු පෙම..

ජයමන්ති කරුණානායක
- 64 වන පරපුර -

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Hardy Art Forum posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share