Stop Forced Saree SL

  • Home
  • Stop Forced Saree SL

Stop Forced Saree SL Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Stop Forced Saree SL, Media, .

😩😩
27/11/2022

😩😩

🥲
27/11/2022

🥲

ඔන්න අධ්‍යාපන බලධාරීන්ගෙ ආකල්ප ! 🙏🙏
25/11/2022

ඔන්න අධ්‍යාපන බලධාරීන්ගෙ ආකල්ප ! 🙏🙏

සාරිය ගලවනවට   විරුද්ධ වෙන එක පුදුමයක් ද? ======================පරිගණකය පළමුවරට හදුන්වා දුන්නම සමහර රජයේ සේවකයෝ විරු...
24/11/2022

සාරිය ගලවනවට විරුද්ධ වෙන එක පුදුමයක් ද?
======================

පරිගණකය පළමුවරට හදුන්වා දුන්නම සමහර රජයේ සේවකයෝ විරුද්ධ උනා මට මතක හැටියට රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ සමහරු පරිගණක කඩල දැම්ම හොරෙන්. එ් කාලෙ හුගක් අය කිව්වෙ මිනිස්සුන්ගෙ රැකියා නැතිවෙයි කියල..
ටයිප් රයිටරය ඔයිට වැඩිය හොදයි කියල හොදට ඉගෙන ගත්ත මහත්තයෙක් මිට අවුරුදු 12 කට කලින් මාත් එක්කම කිව්ව

ගල්ලෑල්ල වෙනුවට අභ්‍යාස පොත හදුන්වා දුන්නම ත් එ් කාලෙ සමහරු විරුද්ධ උනා
පොත්වල තියෙන රසායනික ද්‍රව්‍යය සමට විසයි කියල කියල තිබුන

ගෑනු ළමයි පලමුවෙන් බයිසිකල් පදිනකොට එ් කාලෙ පිරිමි හූ කිව්ව.

ගෑනු ළමුන් කලිසම් අදින්න පටන් ගත්තාම මිනිස්සු විරුද්ධ උනා

ගැනු ළමුන් කොන්ඩෙ කොටට කපන්න පටන් ගත්තාම ගෑනුද පිරිමි ද කියල හොයාගන්න බෑ කියල පිරිමි අැනුම්පද කිව්ව

ඔය මම දන්න එ්ව

ඉතින් ගුරුවරියො සාරි වෙනුවට පහසු, ලාබ අැදුමක් අදිනවට අද සමහරක් පිරිමි විරුද්ධ වීම පුදුමයක් ද

🖋️බර්ටි රණවීර ලියයි..

ගුරිවරියන්ට යෝග්‍ය සාරිය පමණද ?
24/11/2022

ගුරිවරියන්ට යෝග්‍ය සාරිය පමණද ?

24/11/2022

______________රෙද්දක කතාව________________

ලෙනාඩ් වුල්ෆ් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහකාර දිසාපති ලෙස කටයුතු කළ සමයේ වරක් එක්තරා කුලයකට අයත් කාන්තාවෝ පිරිසක් දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළ හ.සාමාන්‍යයෙන් කාන්තාවන් රාජ්‍ය නිලධාරීන් හමුවට නොපැමිණෙන නිසා මෙය සාමාන්‍ය තත්ත්වයක් නොවී ය.ඔවුන්ගේ පැමිණිල්ල වූයේ තමාගේ කුලයට අනුගතව සිය පියයුරු වසා ගැනීමට ඇත්තේ කුඩා රෙදිකඩක් පමණක් නිසා වී කොටන විට මහත් අපහසුතාවකට පත් වන බවයි.උඩුකය වසා ගැනීමට හැට්ටයක් ඇඳීමට අවසර දෙන ලෙස ඔවුහු සහකාර දිසාපති ඉදිරියේ බැගෑපත් වූ හ.
සිංහල කාන්තාවන් ඇඳිය යුත්තේ කුමන ඇඳුමක් දැයි තමන්‍ට තීරණය කළ නොහැකි නිසා ඒ පිළිබඳ ව ගම්මුලාදෑනියාගෙන් විමසිය යුතු බව වුල්ෆ් එම කාන්තාවන්‍ට දැන්වී ය.
මුලාදෑනියා කියා සිටියේ ඔවුන්ගේ දෑත් අත් කුහරවලට නොදමන්නේ නම් හැට්ට ඇඳීමට අවසර දිය හැකි බවයි.එකී තීරණයෙන් එම කාන්තාවෝ සෑහීමකට පත් වූ හ.එහෙත් තව වසර 50කට පසු එම ස්ත්‍රීන් දෑත් හැට්ට අත්වලට දමන බව නම් තමාට සහතික ලෙස කිව හැකි බව 1908දී වුල්ෆ් පැවසීය.

පිටකොන්ද ඇති තරුණ ගුරුවරියනි,
සටන් කරපල්ලා❤
හෙට දවස ලස්සනයි.

පසු ව ලියමි.
අවුරුදු ගාණක් ගුරුකං කොළා යැයි පාරම් බාන නාකි හම්පඩ අම්මණ්ඩිලාගේ ද පඩික්කං කටවල් ඇති සිවුරු රඳවන්නන්ගේ ද ව්‍යාජ ප්‍රකාශවලට නොරැවටෙන්න.

පින්තූරය බුකියෙන් බා ගතිමි.

-මේනක තරංග ප්‍රේමචන්ද්‍ර-

"ලංකාවේ වඩාත් රැඩිකල්ම මුලින්ම ඩෙනිම ඇඳපු කාන්තාවයි"ගුරුවරියන්ගේ සාරිය වෙනුවට වෙනත් සුදුසු ඇඳුමක් ඇඳ පාසලට පැමිණීම ගැන ස...
24/11/2022

"ලංකාවේ වඩාත් රැඩිකල්ම මුලින්ම ඩෙනිම ඇඳපු කාන්තාවයි"

ගුරුවරියන්ගේ සාරිය වෙනුවට වෙනත් සුදුසු ඇඳුමක් ඇඳ පාසලට පැමිණීම ගැන සංවාදයක් ඇති වී තිබේ. මෙයට වඩා ප්‍රධාන ප්‍රශ්න නොසෑහෙන ප්‍රමාණයක් රටේ තිබෙතත් සංස්කෘතිකමය ඉදිරිගාමිත්වය පැත්තෙන් සලකා බැලූ විට මෙම සංවාදයද ඉතා වැදගත් එකක් සේ ම ප්‍රගතිශීලී එකකි. ඒ ගැන සැකයක් ඇත්තේ නැත. සාරිය මෙරට පැරැණි සංස්කෘතියට හෝ අපේකම යැ යි කියාගන්නා දෙයට ඇති සම්බන්ධයක් ද නැත. එය වෙනස් වූවා කියා කිසිවක ඓන්ද්‍රිය වෙනසක් සිදුවන්නේ ද නැත. ඇඳුම යනු පෞද්ගලික තෝරාගැනීමක් මිස බලකිරීමක්, නියතියක් ලෙස පැටවීමක් ශිෂ්ට සමාජයකට හොබින්නේ ද නැත. (සාරි අඳින අයට තහනමක් මින් යෝජනා නොකෙරෙන බැවිනි.)

එහෙත්, බැලූ බැල්මට පවා ඉදිරිගාමී යැ යි සිතෙන මෙම ක්‍රියාව අරභයා මිලින්ද ප්‍රශ්නය තරම් දරුණු මට්ටමේ සංවාදයක් ඇතිව තිබෙන්නේ ඒ සා ක්ෂුද්‍ර ශිෂ්ට වෙනසක්වත් දරා ගැනීමට නොහැකි තරම් මේ සමාජය ආපස්සට ගොස් ඇති නිසා ය. රට මෙසේ ආපස්සට ගෙන යාම උදෙසා ගුරුවරුන් බහුතරයක් දෙනා ද දායක වී සිටීම ගැන නොකියා මේ සංවාදය ඉදිරියට ගෙන යා යුතු නොවේ.

විදුහල්පති යනුවෙන් නමට පසුව යොදාගෙන ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යන ලක්ෂ්මන් විජේරත්න නම් අයෙක් (මොහු ගම්පහ සංඝබෝධි විදුහලේ විදුහල්පතිල) ලියූ සටහනක් පහත දැක්වේ.

"දරුවන්ගේ සුන්දර ගුරුතුමිය විනාශ කරන්න එපා.

මේ සුන්දර ගුරුතුමිය මා දිවිහිමියෙන් රකිනවා. මට අනිත් පාසල් ගැන කියන්න බෑ හැබැයි මම සංඝ බෝධිය ගැන එකක් කියනවා. සංඝබෝධියෙ ගුරු මහත්මීන් සාරිය හැර සුදුසු ඇඳුමකින් සැරසී පාසැලට පැමිණෙන්නේ සංඝබෝධිය වහල වෙළඳ කලාපයේ ගාමන්ට් එක්ක කළදාට පමණයි."

මානව ධර්මතා යනු මොනවාදැයි දසමයක්වත් නොදන්නා අමනයන් විදුහල්පතිවරුන් ලෙස සිටින රටක අප ශිෂ්ට වෙනස්කම් යෝජනා කරමින් සිටිමු.
(ඔහුගේ පාසලට ජලය ලබා දී ඇත්තේ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක උපකාරයෙනි. අඳෝමැයි!)

අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් සටන් කිරීම විෂයෙහි ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තිකයන් සෑහෙන තරම් පසුගාමී පිරිසකි. ගුරුවරයෙක් නොවෙතත්, වසර 10ක පමණ කාලයක් පුරා ලංකාවේ පැරණිම ගුරු වෘත්තීය සමිති ව්‍යාපාරයත් සමකාලීන ප්‍රබල ගුරු වෘත්තීය සමිති සමගත් තිබු පයුරු පාසානය නිසා මේ බව තහවුරු කිරීමට මට ඕනෑ තරම් සාක්ෂ්‍ය තිබේ. (සමහර ගුරු සටන් ක්‍රියාමාර්ග වෙත ගුරුවරුන්ගේ සහභාගිත්වයේ තරම් කොතරම්දැයි කියන්නේ නම්, මහ පාරේ ගුරු සටන් බැනර් අල්ලාගෙන සිටීමට ගුරුකමක් ගෑවීවත් නැති මටද සිදුවී තිබේ.)

ගුරදෙවිවරුන් යනුවෙන් සමාජ ව්‍යවහාරයෙහි ඔජ වඩා තිබෙන බැවින්දෝ සටන් කිරීම පසෙකලා ගුරු වංශයේ ගෞරවාර්හකම කබල්ගෑමට නැතක් ගුරුන්-වරියන් කැමති ය. සාතිශය බහුතරයකට වෘත්තීය සමිතියක් සිහි වන්නේ මාරුවක් හදා ගැනීමට, සේවයේ අසාධාරණයක් වූ විට පමණි. වෘත්තීය සටන් ඉතිහාසයේ පවා ඉල්ලීම් අරභයා කරන ලද අතිශය දැවැන්ත ගුරු සටන් පිළිබඳ දක්නට නොලැබේ. කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පණතට එදිරිව ඇරැඹී මහසටනක් බවට පත් වූ අරගලය ගුරු වැටුප් ඉහළ දැමීමක් දක්වා වර්ධනය වී අසමාන්‍ය පිරිසක් සටනට බැසීම පසුගිය සමයේ සිදු වූ සුවිශේෂී තත්වයකි. එසේ වුවත් ඒ සටන මධ්‍යයේ පවා සෑහෙන ගුරු ප්‍රමාණයක් කර ඇරියෝ ය. එසේ මේ අය සෑහෙන තරම් බහුතරයක් ආකල්පමය අතින්ද, සමාජ කියවීම අතින්ද, ලෝකය පිළිබඳ සිය දැක්ම අතින්ද අන්ත දිළින්දෝ වෙති. මෙරට පාසල්වල ගුරුවරුන්ගේ මෙකී චින්තනමය දිළිඳුකම වත්මන් සමාජය බෛකරණයට ලක්ව තිබීමට ප්‍රබල හේතුවක් ලෙස දැක්විය හැකි ය. සරලව කියන්නේ නම් මේ නෙළන්නේ වපුරපුවාම තමා කියා ය.

ගුරු වෘත්තිකයන් අතර මේ සාරි ප්‍රශ්නය අරභයා ඡන්දයක් පවත්වනු ලැබුවහොත් නිසැකවම සාරිය පමණක් තවදුරටත් ඉදිරියට ගෙන යායුතු බවට එයින් සම්මත වනු ඇතැයි බියක් පවා ඇති වෙයි.

මේ බහුතරයක් දෙනා අතර සුළුතර පිරිසක් සබුද්ධික, ඉදිරිගාමී, ලෝක දැක්මක් සහිත පිරිසක් සිටිති. තමන් විඳිනා හිරිහැරය, පීඩාව ඉදිරියේ නිවටව නොසිට උහු ඉදිරියට එති. ගුරුවරුන් සුදුසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීම නම් සටන් පාඨය රැගෙන පෙරට ආවා පමණක් නොව ඔවුන් එය සිදු කර පෙන්වූයෝ ය. මෙයද සමාන වෙන්නේ උපයුක්ත අප දැක්වූ ගුරු වෘත්තීය සමිති ව්‍යාපාරයේ වැඩ කෙරෙනා ඌරුවට ම ය. සටන්කාමී පිරිසක් සිටිති. "රාජා හෝ මා හෝ ගංගා හෝ" කියා මේ පිරිස තමන් අනුදක්නා මතය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගනිති. අභියෝගයන්ට මුහුණ දෙති. හඳපාන්ගොඩ පන්නයේ ගොබ්බ පිරිසක් අනෙක් පස සිටිති. අනෙක් පිරිස නම් අතරමැද පිරිසයි. වරද දැක, පීඩා විඳිමින් එයට වචනයෙන් එරෙහි වුවද ක්‍රියාවෙන් එයට විරුද්ධ වීමට අසමත් මේ අය අතිබහුතරයකි. තමා වෙනුවෙන් අනෙකුන් ඉදිරිපත් වී ඉල්ලීම් දිනාගත් පසු මේ අය එහි පල භුක්ති විඳිති.

රට පුරා පාසල් සියල්ලේ ම පාහේ ගුරුවරියන් හරි අඩක්වත් මේ ක්‍රියාමාර්ගයට එක් වූයේ නම් ලෙහෙසියන්ම මේ රෙද්දෙන් සංස්කෘතිය රැකීමට බල කිරීමේ විකාරය ඉක්මනින් ම නවතා දමන්නට තිබුණි. න්‍යාය ටොන් එකකට වඩා භාවිතය අවුන්සයක් සෑහෙන බලවත් බව කියා ඇත්තේ ලෙනින් ය.

ලංකාවේ වඩාත් රැඩිකල්ම මුලින්ම ඩෙනිම ඇඳපු කාන්තාව බව මහාචාර්ය ලියනගේ අමරකීර්ති වරක් කියා තිබුණා මට මතකය. සාරිය වෙනුවට සුදුසු ඇඳුමක් ඇඳීම පවා සටන් කර දිනාගත යුතු නම් ලෝකය තවදුරටත් අප සිතියමේ තබාගෙන සිටීම ගැන සතුටු විය යුතු ය. අප සිටින්නේ අන්තිම දසමස්ථානයට බෛකරණය වූ සමාජයක ය. සියලු තැන්හි පාහේ වෙලාගෙන ඇත්තේ පසුගාමීත්වයයි. නූතන බව නියෝජනය කළ යුතු දේශපාලන ව්‍යාපාරයන් පවා බහුතරය දිනාගැනීම උදෙසා මේ වැනි තැන්වල මෞනව්‍රත රකිති. කොට්ට උරයක් කණපිට ගසා දමන්නාක් මෙන් බොහෝ ආචීර්ණකල්පික අගතීන් කණපිට ගැසිය යුතුව තිබේ. ඇත්තවශයෙන් ම කියන්නේ නම් කණපිට ගැසිය යුතු දේවලට සාපේක්ෂව මෙය අතිශය අප්‍රධාන දෙයකි. මේ සියලු ආකාරයේ ඇඳුම් හැඳ සිටින මිනිසුන්ගේ විඥානයේ මහත් බරෙන් එල්ලී තිබෙන, දුගී චින්තනය ගලවා විසි කළ යුතු ය. එවිට මෙවැනි දේ මහකාරියක් නොවනු ඇත.

ගුරුවරියනි,
චක්‍රලේඛ එකපිට එක ගැසුව ද, තඹ සතයකට මායිම් නොකර සුදුසු ඇඳුමකින් සැරසී පාසල් එන්නට ඔබට අවශ්‍ය ද?
එසේ නම් සටන් කරන්න.
වචීපරම නොවී ක්‍රියාවෙන් ද එරෙහි වූ ඒ සුලුතරයක් නිර්භය ගුරුවරියන් පිරිස තනි වූයේ නම් ඔවුන් දඩයමට පහසු වනු ඇත.
පොත අත්සන් කරන්නට නොදෙන්නේ යැ යිද, විනය පරීක්ෂණ කරන්නේ යැ යිද තවත් අටෝරාසියක් කයිකතන්දරද කියා ඔවුන් බිය ගන්වනු ඇත. ඒ පිරිස ගත් මග යන්නට ලංකාව පුරා දසදහස් ගණනක් ඉදිරිපත් වන්නේ නම්, ඒ සියලු දෙනාගේ ම වැඩ තහනම් කර හමුදාව දමා පාසල්වල ඉගැන්වීමට පාලකයන්ට හැකියාවක් තිබේ ද?

නිසැකව ම සාරිය වෙනුවට සුදුසු ඇඳුමක් ඇඳ පාසල් පැමිණීමේ දිනයක් එළැඹෙනු ඇත.

ඒ දිනය සඳහා ගත වෙන කාලය තීරණය කරන්නේ අන් කිසිවෙකු නොව ඔබ ම ය!

🖊 සඳුන් ප්‍රියංකර විතානගේ

13/11/2022

👉 මෙච්චරකල් ඇඳන් ගියාට පස්සෙ ඔයාලට දැන්ද සාරිය එපා. මේ හදිස්සියේ මොකෝ සාරි එපා කියන්නෙ :-
කිසිසේත් හදිස්සියේ කියන දෙයක් නෙවේ. උදාහරණයක් විදිහට මාව ගත්තොත් මං 2019 ඉඳන් සාරිය ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු වලට බාධාවක් බව කියමින් සමාජ මාධ්‍ය වල හඬ නගන කෙනෙක්. ඒ නිසාම ගුරු සමූහවලින් මඩ වැදුණු කෙනෙක්. ඊට අවුරුදු ගානකට කලින් ඉඳන් මේ ගැන, සාරියේ අපහසුව ගැන කතා කරන ලොකු පිරිසක් ඉන්නවා.

👉 ඇයි ඔයාලා ගුරුවරියන්ට සාරි තහනම් කරන්න යන්නෙ :-
නෑ වැරදියි. කිසිම අවස්ථාවක අපි සාරි තහනම් කරන්න කියල නෑ.

👉 ඇයි ඔයාල කැමති ඇඳුම් ඇඳන් යන්න හදන්නෙ, ඒක ගුරුවරුන්ට උචිත නෑ නේද, බිකිනිද ශෝට්ස්ද ඔය කැමති ඇඳුම් :-
සම්පූර්ණයෙන්ම වැරදියි. අපි කොතනකවත් "කැමති ඇඳුම්" කියන් නෑ. අපි යෝජනා කරන්නෙ "සුදුසු හා පහසු ඇඳුම්"
ගුරුවරු කවදාවත් ලංකාවෙ බිකිනි ඇඳන් පාරෙ ගිහින් නෑ. යම් යම් අවස්ථාවල පහසු ඇඳුම් පාසලේ අඳින විට ගුරුවරු කවදාවත් ශෝට ඇඳන් ඇවිත් නෑ.

👉 ඉතිං මේ තකහනියෙ දැන් මොකටද වෙනස් ඇඳුම්. ඔයාල අවුරුදු ගානක් ගිය විදිහට ඇයි තාම ඉස්කෝලේ යන්න බැරි සාරි ඔසරි වලින් :-
මේ රටේ මොන ගැටලු තිබ්බත් අපි අවුරුදු ගානක් තුන් වේල සරුවට කාලා කැමති විනෝද ගමනක් ගිහින්, පාටි දාලා, සතුටු වෙලා, සල්ලි ඉතුරු කරලා විනෝදෙන් සැපෙන් හිටියා. ඔයාලා තව දුරටත් එහෙම ඉන්නවද? ගුරුවරු වෙන අපිටනම් මේ ආර්ථික තත්වෙ එක්ක එහෙම ඉන්න බෑ තවදුරටත්.

👉 ආර්ථිකෙයි සාරියෙයි ප්‍රශ්නෙ මොකද්ද ඕව බොරු කතානෙ :-
අපි ඉස්සර රුපියල් 5,000 ට ගත්තු සාරි දැන් 10,000 ට එහා. ඉස්සර ඉස්කෝලෙට ත්‍රීවිල් වල බස්වල ගිය ගුරුවරු දැන් කිලෝමීටර් හතරපහ යන්නෙ පයින් මේ දරන්න බැරි වියදම් නිසා. වාහනවල ගිය මිනිස්සු දැන් ආර්ථිකේ නිසා යන්නෙ හිරවෙච්ච බස්වල. එහෙම යද්දි සාරිය කියන්නෙ අමාරු අනතුරුදායක ඇඳුමක්. සමාජ මට්ටම් සේරම මේ කාලෙ උඩුයටිකුරු වෙලා තියෙන්නෙ. මිනිස්සු ජීවත් වෙන්නෙ අමාරුවෙන්. ඒ අමාරුව අඩු කරගන්න විකල්පෙකුයි අපට ඕනෙ

👉 ඒ වුණාට ඕක සංස්කෘතියට පටහැනිනෙ. ඔයාලා තමා සංස්කෘතිය ඉදිරියට ගෙනියන්න ඉන්නෙ :-
මං දැකල නෑ මහින්දාගමනය හෙවත් ඉන්දියානු සංස්කෘතිය මේ රටට පටවපු කාලෙ ඉඳන් ගුරුවරියො සාරි ඔසරි ඇඳන් උගන්නපු බවට එවිඩන්ස්. කොටින්ම ඒ කාලෙ කාන්තාවො උගන්නනව තියා ගෑණු ළමයි ඉගෙනගන්න එකවත් තිබ්බෙ නෑ. සංස්කෘතිය කියන්නෙ ගතික කාරණාවක්. ඒක ගතික කාරණාවක් නිසාම කාලානුරූපව වෙනස් වෙනවා. අපිට කිසිම විදිහකින් පියෝ දේශීය සංස්කෘතික සිලබස් එකක් නෑ.

👉 ඒ වුණාට දිසාපාමොක් :-
නෑ දැන් තියෙන්නෙ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක්

👉 ෆින්ලන්ඩ් ඒවා මෙහෙ ආදේශ කරන්න බෑනෙ :-
එහෙනම් ඇයි අධ්‍යාපන අමාත්‍යාංශයේ අය ලක්ෂ ගණන් වියදම් කරලා අධ්‍යාපන වෘත්තිකයො ෆින්ලන්ඩ් යවන්නෙ. සවාරි ගහල එන්න කියලද?

👉 ඒත් ගුරුවරුන්ට ළමයි වඳින්නෙ සාරියටනෙ :-
සරම බැනියම රැවුල දැක්කම රටේ දේශපාලකයටත් වැඩිහිටි නා/කි මිනිස්සුත් වඳිනව. මේ එහෙම වැඳල හැදුණු රටද?
අනික මං දුශ්කර සේවෙ ඉද්දි නෑවෙත් හවස ළමයි දෙමව්පියෝ එක්ක එකම ඔයේ. දියරෙද්දෙන් දැක්කා කියල ළමයි මට ගරු නොකර ඉඳල නෑ. අනික අපි බිකිනි ඇඳන් නාලත් නෑ ඔයේ සමහරු ඉස්කෝලෙට බිකිනියෙන් යයි කීවට.

👉 දැන් මොනාද ඔය යෝජනා කරන ඇඳුම්.. ඒවා ගන්න මේ වෙලේ සල්ලි තියනවද ඔයාලට :-
අපි අහඹුලෙස තෝරාගත් ගුරුවරියන් පිරිසකගෙ අදහස් අනුව යෝජිත ඇඳුම් ප්‍රමාණයක් අද හෙට සමාජමාධ්‍ය වලට මුදාහරින්න නියමිතයි. කැමති කෙනෙකුට කැමති ඒවා ඒ අතුරින් ඇන්ද හැකි.
අනිත් අයට පහසු කාලෙක සාරි කපලා ඒ ඇඳුම් හදාගන්නත් පුළුවන්

👉 ඉතිං ඔයාලට යුනිෆෝම් ඉල්ලන්න පුලුවන්නෙ :-
ගුරුවරුන්ට කවදාවත් යුනිෆෝම් නිර්දේශ වෙලා තිබ්බෙ නෑ. සාරි කියන්නෙයුනිෆෝම් එකක් නෙවේ. අපේ නිදහස සීමා කරගන්න අපි බලෙන් ඉදිරිපත් වෙන්නෙ නෑ සාරි ඔසරි පවා මීට පෙර ගුරුවරු ආර්ථික මට්ටමේ හැටියට මිල වෙන ඒවා ඇන්දෙ.

👉 හාමුදුරුවරු මන්ත්‍රී ඇමතිලා මේකට විරුද්ධයිනෙ. ඔයාල කොහොමද එයාලට පිටින් යන්නෙ :-
නෑ ඒ විරුද්ධ වෙනම පිරිසක්. ගිහි ජීවිතේට අනවශ්‍ය බලපෑම් එල්ල නොකරන භික්ෂූන් වහන්සේලා ඕනෑතරම් ඉන්නවා. හාමුදුරුවො සාරි ඇඳන් පාසැල් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට සම්බන්ධ නොවන නිසාත්, දාඩිය දාගෙන ස්කූල් ටයිම් බස්වල, පයින් නොයන නිසාත්, සාරි මිල, හැට්ට මිල නොදන්න නිසාත් අත්දැකීම් නෑ අපි විඳින පීඩාව ගැන. දේශපාලකයොත් එහෙමයි

👉ඉස්කෝලවලින් කලාපෙන් බරබරේ දැම්මොත් මොකද වෙන්නෙ :-
මොකුත් වෙන් නෑ. කිසිම චක්‍රලේකෙක සාරි ඔසරි අනිවාර්‍ය කරලා නෑ.

👉 ඔයාලා හැමෝම ඕකට එකඟ නෑනෙ. ගුරුවරියො ටිකයිනෙ ඕකට එකඟ. අනික් අය ගැන මොකද :-
මේ රටේ අනිත් හැම ප්‍රශ්නෙම වගේ මේකෙදිත් කවුරු හරි කෑගහල තමන්ගෙ අයිතිවාසිකම දිනවල දෙනකන් කට වහගෙන ඉන්න පිරිස් තමා බහුතරය ඉන්නෙ. ඒක මේ රටේ ස්වභාවය. ඒ අය අපි මේ පෙරළිය කරනකන් ගැලරියේ ඉන්නව අපි දිනූ නිදහස ලස්සනය භුක්ති විඳින්න.

ඒ අය එක්ක ඉතිං අපි තරහ නෑ. ඒ ඔලුගෙඩි ගානත් අපිට හරිම වැදගත් 😍❤️

Copied from තිලිනි ෂැල්වින්

"කාන්තා නිලධාරීන් සාරිය ඔසරිය හෝ රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන සුදුසු සංවරශීලී ඇඳුමකින් සැරිසී පැමිණිය යුතු වේ.""එසේ කිරීමට ආ...
11/11/2022

"කාන්තා නිලධාරීන් සාරිය ඔසරිය හෝ රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන සුදුසු සංවරශීලී ඇඳුමකින් සැරිසී පැමිණිය යුතු වේ."

"එසේ කිරීමට ආයතන ප්‍රධානීන් ඉඩ දිය යුතු වේ."

😁
09/11/2022

😁

😂🙏
08/11/2022

😂🙏

බිස්නස් කරන අයට ඔන්න චාන්ස් එකක් නොමිලේම !!! 😊🙏
15/10/2022

බිස්නස් කරන අයට ඔන්න චාන්ස් එකක් නොමිලේම !!! 😊🙏

#තෑගිගෙනාවා 🎁🎁🎁 !!!!!!

Business කරන අයට අතහිත දෙන්න හිතුවා Logo Box by Alex වෙතින්.

ඉතිං ඔයාටත් ව්‍යාපාරයක් තියනවද.. ?
එහෙමත් නැත්නම් ඔයා ටියුෂන් කරනවද..? එහෙමත් නැත්නම් ඔයා page එකක් හරහා මොනව ම හරි සේවාවක් පවත්වාගෙන යනවද?

අපි ලෑස්තියි ඔයාට මෙන්න මේ ටික අපේ ගානේ නොමිලේම ලබා දෙන්න.

👉 Logo එක
👉 Logo පැක් එක
👉 Logo mockup එක
👉 Social Media Icon දෙකක්
👉 Social Media Cover එක

Conditions applied ( Limited Revision )

ඔයාට කරන්න තියෙන්නෙ
👉අපේ පේජ් එක ලයික් කරලා follow කරලා
👉 මේ පෝස්ට් එක ලයික් කරලා ශෙයාර් කරලා Done කියලා මෙතන කමෙන්ට් කරන්නයි.

හෙට ( ඔක් 16 ඉරිදා) රෑ දොළහා වෙනකම් අවස්ථාව තියනවා.

ජයග්‍රාහ⁣කයො දෙන්නෙක් ම Raffle එකකින් තෝරගන්නවා.

එහෙනම් පටන්ගන්න. Good Luck !! 💐💐

10/07/2022

විමල්ට දුවන්න දුන්නෙ.

ඒ ග්නිතිබ්බ කියන මිනිස්සුන්ගෙ අදහස්❤️
10/07/2022

ඒ ග්නිතිබ්බ කියන මිනිස්සුන්ගෙ අදහස්❤️

09/07/2022

ආදරයේ අරගලයට ජය🖤

කූඹියො එක්වෙති🖤
09/07/2022

කූඹියො එක්වෙති🖤

මේ බයික් උස්සලා ඊයේ රෑ (2022/06/28)..😥 WP - JZ 0304.      CBR mc19 250කව්රු හරි තොරතුරක් දැනගත්තොත් මේ නම්බර් එකට දැනුම්...
29/06/2022

මේ බයික් උස්සලා ඊයේ රෑ (2022/06/28)..😥 WP - JZ 0304.
CBR mc19 250
කව්රු හරි තොරතුරක් දැනගත්තොත් මේ නම්බර් එකට දැනුම් දෙන්න🙏🙏071-7800587

උබනම් යකෙක් දස්ස❤️
11/06/2022

උබනම් යකෙක් දස්ස❤️

01/06/2022
https://youtu.be/IN3sAr0EjoAගංවතුර කාලෙට ගමේ ලස්සන
16/05/2022

https://youtu.be/IN3sAr0EjoA

ගංවතුර කාලෙට ගමේ ලස්සන

Most beautiful village in srilankaRatnapura

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Stop Forced Saree SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share