Mangalanath today

  • Home
  • Mangalanath today

Mangalanath today Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mangalanath today, Media/News Company, .

02/05/2023

උපන්බිමේ අසරණවු වව්නියාවේ තෙලිගු ජනයා

MX Phase ll - Galle Visit
27/04/2023

MX Phase ll - Galle Visit

මූතුර් ට්‍රැක්ටර්යක් පෙරලී 03 ක් මරුට***************************************මූතුර් පච්චනූර් 64 කණුව පිහිටි කොට්ටියාරම්මූ...
20/08/2022

මූතුර් ට්‍රැක්ටර්යක් පෙරලී 03 ක් මරුට
***************************************

මූතුර් පච්චනූර් 64 කණුව පිහිටි කොට්ටියාරම්මූල රජමහා විහාරයේ ශ්‍රමදාන කටයුත්තක් සදහා ගමන් කරමින් තිබු ට්‍රැක්ටර් රථයක් අනතුරට ලක්වීමෙන් කාන්තාවන් තිදෙනකු මිය ගොස් ඇත.අනතුර සිදුවන අවස්ථාවේ එහි 21 දෙනකු ගමන් කරමින් සිට ඇති බව කියවේ.තුවාල ලැබු අය මූතුර් රෝහලට ඇතුලත් කර තිබේ.

නැගෙනහිර පළාත් ආයතන ප්‍රධානීන්ට ස්ථාන මාරුදීර්ඝ කාලයක් එකම තනතුරුවල සේවය කළ නැගෙනහිර පළාත් දෙපාර්තමේන්තු ප්‍රධානින් පිරි...
02/08/2022

නැගෙනහිර පළාත් ආයතන ප්‍රධානීන්ට ස්ථාන මාරු

දීර්ඝ කාලයක් එකම තනතුරුවල සේවය කළ නැගෙනහිර පළාත් දෙපාර්තමේන්තු ප්‍රධානින් පිරිසක් ස්ථාන මාරු කර තිබේ. පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ උපදෙස් මත මෙම මාරුවීම් සිදුකර ඇත.

දීර්ඝ කාලයක් එකම ආයතනය තුල කටයුතු කිරිම නිසා සහ එම තනතුරුවලට අදාළ සුදුසුකම් සපුරා නොමැති වීම නිසා ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් ආණ්ඩුකාරවරිය විසින් අදාළ නිළධාරීන් නියමිත සුදුසුකම් අනුව ස්ථාන ගත කරන ලෙස ආණ්ඩුකාරවරිය පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී. වනිගසිංහ මහතාට උපදෙස් දුන්නාය.

ඒ අනුව පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ලෙස කටයුතු කල අර්. වලර්මදි මහත්මිය පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙස පත්කර තිබේ.

පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කල එන්. ශිවලිංගම් මහතා පළාත් සමූපකාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ලෙස පත් කර ඇත.

පළාත් සමූපකාර කොමසාරිස් ලෙස කටයුතු කල ඒ.එල්.එම්. අස්මි මහතා කල්මුනේ නාගරික කොමසාරිස් ලෙස පත් කර තිබේ.

වැඩබලන පළාත් සංස්කෘතික අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කල එස්.නවනීදන් මහතා පළාත් ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුවේ මඩකලපුව දිස්ත්‍රික් අතිරේක අධ්‍යක්ෂක ලෙස පත් කර ඇත.

පළාත් පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස් ලෙස කටයුතු කල එස්. සාරන්‍යා මෙනවිය පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙස පත්කර තිබේ.

මේ අතර පළාත් සමූපකාර සේවා කොමිෂන් සභාවේ ලේකම් ලෙස කටයුතු කල ඒ.ජි. දේවේන්ද්‍රන් මහතා පළාත් සමාජසේවා දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂක ලෙස පත්කර ඇත.

පළාත් ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂක ලෙස කටයුතු කල කේ. ඉලන්තුඩුදන් මහතා පළාත් සමූපකාර සේවා කොමිෂන් සභාවේ ලේකම් ලෙස පත්කර තිබේ.

ඔවුන්ට අදාළ පත්වීම් ලිපි පසුගියදා පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා විසින් ප්‍රධානය කර ඇත.

නව පත්වීම් ලැබූ නිළධාරීන් අද පෙරවරුවේ (02) ත්‍රිකුණාමලය ආණ්ඩුකාර කාර්යාලයේදි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය හමුවී විශේෂ සාකච්ඡාවකද නිරත වූහ.

ත්‍රීකුණාමලයේ ලිට්රෝ ගෑස් බෙදාදීමක් ***************************************අද පෙරවරු 7.00 සිට (31) සිට ත්‍රීකුණාමලය ඕරස්...
31/07/2022

ත්‍රීකුණාමලයේ ලිට්රෝ ගෑස් බෙදාදීමක්
***************************************
අද පෙරවරු 7.00 සිට (31) සිට ත්‍රීකුණාමලය ඕරස්හීල් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට ක්‍රීඩාංගනයේ ලිට්රෝ ගෑස් 12.5kg සිලින්ඩර් දහසක් බෙදා හරින බව එම සමාගමේ ත්‍රීකුණාමලය අලෙවි නියෝජිත කියා සිටි.
මේ සදහා මැයි මාසයේ විදුලි බිල ඉදිරිපත් කිරීම අනිවාර්ය බව එම සමාගම වැඩි දුරටත් කියා සිටි.

මෙවැනි කඩිනම් අත්‍යාවශය තොරතුරු දැන ගැණීමට අපගේ පිටුව Mangalanath today පිටුව Like කරන්න. Trinco 1st Youtube chanal එක Subscribe කරන්න.

திருகோணமலையில் ஒரு லிட்ரோ எரிவாயு விநியோகம்
*******************************************
திருகோணமலை, திருகோணமலை ஆளுநர் அலுவலகத்திற்கு முன்பாக உள்ள மைதானத்தில் 12.5 கிலோ எடையுள்ள 1,000 லிட்ரோ கேஸ் சிலிண்டர்கள் காலை 7:00 மணி முதல் (31) விநியோகிக்கப்படவுள்ளதாக நிறுவனத்தின் திருகோணமலை விற்பனைப் பிரதிநிதி தெரிவித்தார்.
இதற்காக மே மாதம் மின்கட்டணத்தை கட்டாயம் சமர்ப்பிக்க வேண்டும் என அந்த நிறுவனம் மேலும் தெரிவித்துள்ளது.

இது போன்ற அவசர மற்றும் அத்தியாவசிய தகவல்களை பெற எங்கள் Trinco1st பக்கத்தை லைக் செய்யவும். Trinco 1st YouTube சேனலுக்கு குழுசேரவும்.

අඩු ආදායම්ලාභීන්ට සහන මලු*********************************සිරස මාධ්‍ය ආයතනය හා LOLC ආයතනය එක්ව ත්‍රීකුණාමලය දිස්ත්‍රික්ක...
26/07/2022

අඩු ආදායම්ලාභීන්ට සහන මලු
*********************************

සිරස මාධ්‍ය ආයතනය හා LOLC ආයතනය එක්ව ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ මැදවච්චිය,ගෝමරන්කඩවල සහ මොරවැව යන ප්‍රදේශ වල අඩු ආදායම්ලාභී පවුල් 450 ක් සදහා වියලි ආහාර මලු බෙදාදීමේ වැඩ සටහනක් අද දිනයේ ක්‍රියාත්මක කෙරුණි.අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ග්‍රාම නිළධාරීන් මෙහි සම්බණ්කරන කටයුතු සිදු කලේය.

26/07/2022

වෙල්ලමනල් නාච්චිකුඩා අද ලිට්රෝ ගෑස්
*******************************************
අද ත්‍රීකුණාමලය වෙල්ලමනල් නාච්චකුඩා ක්‍රීඩාංගනයේ ලිට්රෝ ගෑස් 12.5kg සිලින්ඩර් 600 ක් අද පෙරවරු 11 සිට (26) බෙදා හරින බව එම සමාගමේ ත්‍රීකුණාමලය අලෙවි නියෝජිත කියා සිටි.
මේ සදහා මැයි මාසයේ විදුලි බිල ඉදිරිපත් කිරීම අනිවාර්ය බව එම සමාගම වැඩි දුරටත් කියා සිටි.

25/07/2022

තඹලගමුවට අද ලිට්රෝ ගෑස්
*******************************
අද ත්‍රීකුණාමලය තඹලගමුව 97 මංසන්ධියේ ලිට්රෝ ගෑස් 12.5kg සිලින්ඩර් 950 ක් අද සවස 2.00 සිට (25) බෙදා හරින බව එම සමාගමේ ත්‍රීකුණාමලය අලෙවි නියෝජිත කියා සිටි.
මේ සදහා මැයි මාසයේ විදුලි බිල ඉදිරිපත් කිරීම අනිවාර්ය බව එම සමාගම වැඩි දුරටත් කියා සිටි.

இன்று தம்பலகமுவவிற்கு லிட்ரோ எரிவாயு
*************************************
திருகோணமலை தம்பலகமுவ சந்தி 97 இல் 950 12.5 கிலோ கிராம் லிட்ரோ எரிவாயு சிலிண்டர்கள் இன்று விநியோகிக்கப்படவுள்ளதாக நிறுவனத்தின் திருகோணமலை விற்பனை பிரதிநிதி தெரிவித்தார்.
இதற்காக மே மாதம் மின்கட்டணத்தை கட்டாயம் சமர்ப்பிக்க வேண்டும் என அந்த நிறுவனம் மேலும் தெரிவித்துள்ளது.
Time - 2.00pm

රාත්‍රියේ සිරිමාපුරට ගෑස් *************************අද රාත්‍රි 8.00 ට ත්‍රීකුණාමලය සිරිමාපුර විහාරස්ථානය අසලදී ලිට්රෝ 12....
21/07/2022

රාත්‍රියේ සිරිමාපුරට ගෑස්
*************************
අද රාත්‍රි 8.00 ට ත්‍රීකුණාමලය සිරිමාපුර විහාරස්ථානය අසලදී ලිට්රෝ 12.5 kg ගෑස් සිලින්ඩර් 800 ක් බෙදා හැරීමට කටයුතු සූදානම් කර ඇති බව එම සමාගමේ ත්‍රීකුණාමලය අලෙවි නියෝජිතවරයා කියා සිටි.
මේ සදහා මැයි මස විදුලි බිල ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව එම සමාගම වැඩිදුරටත් කියා සිටි.

🟥 INFORMATION 💥 National Fuel Pass 👉 සකස් කරගන්නා ආකාරය 👇1. https://fuelpass.gov.lk/ එකට යන්න2. අවශ්‍ය භාෂාව තෝරන්න.3. R...
17/07/2022

🟥 INFORMATION
💥 National Fuel Pass

👉 සකස් කරගන්නා ආකාරය 👇

1. https://fuelpass.gov.lk/ එකට යන්න

2. අවශ්‍ය භාෂාව තෝරන්න.

3. Register බට්න් එක ඔබන්න.

4.
a) ජාතික හැඳුනුම්පත් අංකය (NIC) හරි, පාස්පෝර්ට් අංකය (Passport) අංකය හරි දාන්න.

b) ජංගම දුරකථන අංකය දාලා, Send OTP ඔබන්න

c) ෆෝන් එකට 1919 න් ආපු ඉලක්කම් හයේ OTP එක ගහලා Verify ඔබන්න.

d) නම දාන්න.

e) ලිපිනය දාන්න.

f) Next ඔබන්න.

5.
a) වාහනේ නම්බර් එක දාන්න. පළමුවෙනි කොටුවේ අකුරු දෙක හරි තුන හරි, ඊළඟ කොටුවේ ඉලක්කම් හතර. WP, SP නැතුව.

b) වාහනේ වර්ගය තෝරන්න.

c) වාහනේ චැසි අංකය දාන්න. (කැපිටල් අකුරින් දාන්න)

d) පෙට්‍රල් ද, ඩීසල් ද කියලා තෝරන්න.

e) Terms and Conditions කොටුව සිලෙක්ට් කරන්න.

f) Register ඔබන්න.

6. ෆෝන් එකට sms එකක් එයි රෙජිස්ටර් වුණා කියලා.

7.
QR කෝඩ් එක ලැබෙයි.
ඔයාට හම්බවෙන්න නියමිත ඉන්ධන ප්‍රමාණයයි,
ඔයා දැනට ඒකෙන් කොච්චර අරන් තියෙනවද කියන දත්ත ටික ඉදිරියෙදි පෙන්වයි.

a) Download QR ක්ලික් කරලා එතනින්ම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.

b) Send QR to my mobile ක්ලික් කරලා අවශ්‍ය වෙලාවට බලාගන්න ඕනේ ලින්ක් එක ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන්.

( උපුටා ගැනීම : විකුම් හර්ෂණගෙන් )

කන්තලේට හෙට දින ගෑස්***************************හෙට දින කන්තලේ ප්‍රාදේශීය බල සභා ප්‍රදේශය තුල ලිට්රෝ ගෑස් බෙදා හැරීමට කටය...
15/07/2022

කන්තලේට හෙට දින ගෑස්
***************************
හෙට දින කන්තලේ ප්‍රාදේශීය බල සභා ප්‍රදේශය තුල ලිට්රෝ ගෑස් බෙදා හැරීමට කටයුතු කරන බව එම සමාගමේ ත්‍රීකුණාමලය අලෙවි නියෝජිත කියා සිටි.

කන්තලේ ප්‍රාදේශීය සභාව භූමියේ හෙට (16) පෙරවරුවේ මෙම ගෑස් බෙදා හැරීම සිදු කරන අතර,12.5kg ගෑස් සිලින්ඩර් 800ක්,2.5kg 48ක් සහ 5kg සිලින්ඩර් 80 ක් හෙට දින නිකුත් කිරීමට නියමිත බවත්,මේ සදහා මැයි මස විදුලි බිල ඉදිරිපත් කලයුතු බවත් එම සමාගම කියා සිටි.

මෙතැන් සිට ඉදිරියේ ගෑස් නිකුත් කරනු ලබන්නේ,2022 මැයිමස විදුලි බිල පාදක කරගෙන පමණක් බව එම සමාගම වැඩි දුරටත් සදහන් කර සිටි.

💥 ජනපති රටින් යයි👉 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බිරිඳ හමුදා ජෙට් යානයකින් රටින් පිටව ගිය බව BBC පුවත් සේවය වාර්තා කරය...
13/07/2022

💥 ජනපති රටින් යයි

👉 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බිරිඳ හමුදා ජෙට් යානයකින් රටින් පිටව ගිය බව BBC පුවත් සේවය වාර්තා කරයි.

👉 ජනාධිපතිවරයා රැගත් යානය මාලදිවයිනේ මාලේ අගනුවරට මෙරට වේලාවෙන් පෙරවරු 03.00 ට පමණ ( ග්‍රිනිච් වේලාවෙන් 22:00 ට ) එරටට ළඟා වී තිබේ.

👉 ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජනපති ධුරයෙන් ඉල්ලා අස්වී⁣මේ ලිපියට දැනටමත් අස්සන් තබා ඇතැයි වාර්තා වන අතර එය අද නිල වශයෙන් නිවේදනය කෙරේ.

👉 ඒ අනුව ශ්‍රී ලංකා ව්‍යවස්ථාව ප්‍රකාරව මේ වන විට අගමැති ධුරයේ රැඳීසිටින පුද්ගලයා ජනපති ධුරයේ වැඩබැලීම සඳහා නිල වශයෙන් පත් වනු ඇති.

දර්ශන එරංග ( 2022 / 07 / 13 පෙරවරු 5.30 )

09/07/2022

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට

05/07/2022
නවතම ගමනාන්තය "දියාගෝගාසියා"***************************************නීතිවිරෝධී ලෙස මුහුදු මගින් දියාගෝ ගාසියා යෑමට උත්සහ ...
03/07/2022

නවතම ගමනාන්තය "දියාගෝගාසියා"
***************************************

නීතිවිරෝධී ලෙස මුහුදු මගින් දියාගෝ ගාසියා යෑමට උත්සහ ගත් 51 කු ත්‍රීකුණාමලය කෝනේෂ්වරන් කෝවිල ආසන්න මුහුදේදී ඊයේ රාත්‍රි නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් බිරිස අතර කාන්තාවන් සහ දරුවන් ද සිටින අතර,ඔවුන් ත්‍රීකුණාමලය,නිලාවේලි,මඩකලපුව,මීගමුව,බලංගොඩ යන ප්‍රදේශ වල පදිංචි කරුවන් බව පොලිසිය කියයි.සැකකරුවන් මේ වන විට ත්‍රීකුණාමලය වරාය පොලිසිය වෙත භාර දී ඇත.

SOBA GO HOME*****************ත්‍රීකුණාමලය මහදිවුල්වැව ග්‍රාමීය රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ අයහපත් හැසිරීමට එරෙහිව සහ කල්ක...
28/06/2022

SOBA GO HOME
*****************

ත්‍රීකුණාමලය මහදිවුල්වැව ග්‍රාමීය රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ අයහපත් හැසිරීමට එරෙහිව සහ කල්කිරියාවට විරෝධය පාමින් ගම්වාසීන් පිරිසක් අද පෙරවරුවේ එම රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත විය.
වෛද්‍යවරිය රෝගීන්ට ප්‍රතිකාර නොකිරීම,දහවල් කාලයේ රෝහලේ රැදී නොසිටීම හා රෝගීන්ට සැලකිල්ලක් නොදැක්වීමට එරෙහිව මෙම විරෝධතාව දියත් කල බව ගම්වාසීන් කියා සිටිති.
අනතුරුව ගම්වාසීන් විසින් ප්‍රධාන වෛද්‍යවරිය මහදිවුල්වැව ග්‍රාමීය රෝහලෙන් මාරුකර යවන ලෙස බල කරමින් ගම්වාසීන් සකස් කල ලිපියක් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට භාර දෙන ලෙස ඉල්ලමින් රෝහලේ ⁣වැඩ බලන වෛද්‍යවරයෙකු වෙත භාරදීම සිදුකලේය.
රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියට එරෙහිව නගන චෝදනාව සම්බන්ධයෙන් අදහස් විමසීම සදහා වෛද්‍යවරිය හමුවීමට උත්සහ කලද,අදාල ලිපිය භාර ගැණීමට පැමිණි වෛද්‍යවරයා කියා සිටියේ,ප්‍රධාන වෛද්‍යවරිය මේ අවස්ථාවේ රෝහලේ නොමැති බවයි.

වීඩියෝව නැරඹීමට පහත දිගුවට යොමුවන්න.

https://youtu.be/wdiiHIAIu2I

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Mangalanath today posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share