Kandy News

Kandy News මහනුවර නගරය හා ඒ අවට නගරාසන්න ප්‍රදේශ?

https://www.youtube.com/watch?v=mVRdDndLjuo පාරම්පරික කලා ශිල්පීන් සුරකින උඩරට කලා සංගමය
23/06/2022

https://www.youtube.com/watch?v=mVRdDndLjuo පාරම්පරික කලා ශිල්පීන් සුරකින උඩරට කලා සංගමය

එදා රජ බිසෝවරුන් දෝළා නතර කළමෙදා පාරම්පරික කලා ශිල්පීන් සුරකිනඋඩරට කලා සංගමය

https://www.youtube.com/watch?v=f93d2qxQyWU නිධන් සොරුන්ගේ ග්‍රහණයෙන් මිදී යළි ජීවය ලබන ගෝනවත්ත රජමහා විහාරය
13/06/2022

https://www.youtube.com/watch?v=f93d2qxQyWU නිධන් සොරුන්ගේ ග්‍රහණයෙන් මිදී යළි ජීවය ලබන ගෝනවත්ත රජමහා විහාරය

වික්ටෝරියා ජලාශයට යට වීමෙන් පසුව නිධන් සොරුන් විසින් විනාශ කොට ඇති ගෝනාවත්ත රජ මහා විහාරය, ගම් වාසීන් විසින් යළි ....

https://youtu.be/-0f0UvStXSM
08/01/2022

https://youtu.be/-0f0UvStXSM

Around the Kandyමහනුවර හා ඒ අවට සිදුවීම් සැකෙවින්...

https://youtu.be/MjVObz_zwrA
21/12/2021

https://youtu.be/MjVObz_zwrA

උඩරට නර්ථන ශිල්පීන්ගේ දස්කම්කන්ද උඩරට නර්ථන පරම්පරා කිහිපය අතර සුවිශේෂි වන තිත්තපජ්ජල පරම්පරාවේ පිළිගැනීමේ නර....

10/12/2021

මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන විකල්ප මාර්ග කිහිපයක් සංවර්ධනය කිරීමට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ඒකමතිකව තීරණය කරයි.

මෙම තීරණයට එළැඹියේ පසුගියදා මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.
පසුගියදා පහළ කඩුගන්නාවේ සිදුවී මාර්ග අවහිතරතා පිළීබද සමාලෝචනයකින් අනතුරුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා ඉදිරිපත් කළ කරුණු අනුව කමිටුව මෙම තීරණයට එළැඹිණි.

අධික වාහන තදබදය සහ හදිසි අවස්ථාවක විකල්ප මාර්ග වශයෙන් සම්බන්ධ කර ගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව පළමු අදියර යටතේ හදුනාගත් මාර්ග දෙකක් සංවර්ධන කිරීමට අවධානය යොමුවිය.

කඩුගන්නාවේ සිට බලන හරහා ගනේතැන්න මාර්ගය මෙන්ම උඩුනුවර පරණපට්ටිය මංසන්ධියේ සිට කෝවිලකන්ද ග්‍රාම නිලධාරී වසම හරහා ලියන්නාගේ පාලම දක්වා යන මාර්ග දෙක සංවර්ධනය විය යුතු යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා විසින් එම කමිටුවට යෝජනා කරන ලදි.

පින්නවල අලි අනාථාගාරයට වසර 46යි.    https://youtu.be/I1Hk4f34578
17/02/2021

පින්නවල අලි අනාථාගාරයට වසර 46යි. https://youtu.be/I1Hk4f34578

අලි ඇතුන් සංරක්ෂණ මධ්‍යස්ථානයක් වන පින්නවල අලි අනාථාගාරය ස්ථාපිත කොට වසර හතළිස් හයක් සම්පූර්ණවීම නිමිත්තෙන් සැ...

බුදු පුදනට මල් නෙළුවත් - අපේ ජීවිත මල් නටුවේ කටු වැනියhttps://www.youtube.com/watch?v=RG39fX1bytE
31/10/2020

බුදු පුදනට මල් නෙළුවත් - අපේ ජීවිත මල් නටුවේ කටු වැනිය

https://www.youtube.com/watch?v=RG39fX1bytE

බුදු පුදනට මල් පිදුවත් මල් නෙළා දිවි ගෙවන අයගේ ජීවිත මේ දක්වා පවතින්නේ කටුක තත්ත්වයකින් යැයි මහනුවර ශ්‍රී දළදා ම.....

දුම්බර කිතුල් කර්මාන්තකරුවන්ගේ කදුළු කථාවhttps://www.youtube.com/watch?v=3ym9TMfjEAk&t=8s
30/10/2020

දුම්බර කිතුල් කර්මාන්තකරුවන්ගේ කදුළු කථාව

https://www.youtube.com/watch?v=3ym9TMfjEAk&t=8s

දුම්බර නකල්ස් රක්ෂිතයට යාබදව පිහිටි කළුගල ගම්මානය ප්‍රකට වන්නේ කිතුල් පැණි හා හකුරු නිෂ්පාදනය සම්බන්ධයෙනි. වසර ....

20/04/2020

පාස්කු ප්‍රහාරයට වසරක් ගතව තිබුණද ඒ සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු අද දක්වාම දැන ගන්නට නොහැකි වීම බලවත් වේදනාවට කරුණක් බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියෝ පවසති.

එම ප්‍රහාරයෙන් පීඩාවට පත්වූ පිරිස් අද දක්වාම වේදනාවෙන් කාලය ගතකරන බවත් ඔවුන් සියලු දෙනාට බෞද්ධ ජනතාවගේ ඉමහත් සංවේගය පලකරන බවත් උන්වහන්සේ කීහ.

ඇතැම් පිරිස් දුරදිග කල්පනා නොකර වැරදි මාර්ග වලට යොමුව ව්‍යාකූල මානසිකත්වයෙන් ඇති කරනු ලබන ව්‍යසන ක්‍රියා මානව ඉතිහාසය පුරා දක්නට ලැබෙන බවත් ජීවත්වන සියලු දෙනා කෙරෙහි යහපත සැලසීම සෑම ආගමකම පදනම බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

20/04/2020

දිගු කළක පටන් මෙරට තුළ ක්‍රමක්‍රමයෙන් හිස එසවූ අන්තවාදයේ උච්ඡතම අවස්ථාව ලෙස පාස්කු ප්‍රහාරය හැඳින්විය හැකි බවත් යළිත් එවැන්නක් සිදු නොවීම පිණිස ඊට සම්බන්ධ වූවන්ට නිසි දඬුවම් ලබාදිය යුතුව තිබෙන බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ පවසති.
අන්තවාදය සහමුලින් පරාජය කර රට ඉදිරියට ගෙනයෑමට නම් සියලු ජාතීන් එකමුතුව ක්‍රියාකළ යුතු බවද උන්වහන්සේ කීහ.

පාස්කු ප්‍රහාරය එල්ලවී මෙම 21 දිනට වසරක් සපිරෙන අවස්ථාවේ දිවි අහිමි වූවන්ට බෞද්ධ වත්පිළිවෙත් අනුව පිං අනුමෝදන් කිරීමටත් රෝගී වූවන්ට සුව ප්‍රාර්ථනය කිරීමත් ක්‍රියා කළ යුතු බවද අනුනාහමියෝ ප්‍රකාශ කළහ.

12/04/2020

ජනතාව ඒකරාශීවීම නොකළ යුතු කාරණයක් වන බැවින් මෙම වෛරස් රෝගය සම්පූර්ණයෙන් පාලනය කිරීමට මෙවර නව අවුරුදු උදාවේදී අපේක්ෂා කළ යුතු යැයි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් පවසති.

විහාරස්ථානවලට ගොස් ආගමිකවතාවත් හි නිරතවීම හා සාමුහික වශයෙන් අවුරුදු උදාව සැමරීම මෙවර නොකළ යුතු නිසා සිය පවුල කේන්ද්‍ර කර ගනිමින් නිවස තුළ පමණක් රැදෙමින් මෙවර අවුරුදු චාරිත්‍රවාරිත්‍ර ඉටු කළ යුතුව ඇතැයි සිංහළ හා හින්දු නව අවුරුදු උදාව නිමිත්තෙන් සුභ පැතුම් එක් කරමින් උන්වහන්සේ සඳහන් කළහ.

12/04/2020

අවුරුදු චාරිත්‍රවාරිත්‍ර ඉටුකිරීමට වඩා මෙවර වෛද්‍ය උපදෙස් පිළිපැදීම පිළිබඳව මහජන අවධානය යොමු විය යුතු යැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් පවසති.

රජය ක්‍රියාත්මක කරන රෝග නිවාරණ වැඩපිළිවෙලට අනුගතවී ඊට මහජන සහයෝගය ලබාදීම වැදගත් යැයි නව අවුරුදු උදාව නිමිත්තෙන් සිය සුභාශිංසන එක්කරමින් අනුනායක හිමියන් මේ බව සඳහන් කළහ.

නව අවුරුදු උදාවේදී අවුරුද මානසිකත්වයෙන් ක්‍රියාකළහොත් නිරෝධාන හා රෝග පාලන කටයුතු ලිහිල් වී රෝග ව්‍යාප්තිය ඉහළ යා හැකි බව උන්වහන්සේ කීහ. එසේවී රෝගය ව්‍යාප්ත වුවහොත් රජයට ද වැඩි අසීරු තත්ත්වයක් මතුවිය හැකි යැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

ගෘහස්ථ ප්‍රවේශය ඔස්සේ ජනතාවට සමීප වන පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට දැඩි අවධානම් තත්වයක් පවතින බැවින් ඔවුන්ගේ රාජකාරි වලදි ප්‍ර...
11/04/2020

ගෘහස්ථ ප්‍රවේශය ඔස්සේ ජනතාවට සමීප වන පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට දැඩි අවධානම් තත්වයක් පවතින බැවින් ඔවුන්ගේ රාජකාරි වලදි ප්‍රමාණවත් සහයෝගය ලැබිය යුතුයැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය පවසයි.

12/03/2020

උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ සිට - නව සන්ධාන මල්වට්ටියට අත ගසන්න. කිරිඇල්ල රනිල්ගෙන් ඉල්ලයි.

සමග ජනබලවේගය ආරම්භ වුණේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය යටතේ බැවින් එය අහම්බෙන් ආරම්භ වූවක් නොවන බව එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
නව සන්ධානයේ නායකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීම සහ ඔහු එම පක්ෂයේ අගමැති අපේක්ෂකයා වශයෙන් නම් කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ පූර්ණ අනුමැතියෙන් යැයි මහනුවරදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙම තීරණාත්මක මොහොතේ සංධානයේ නැමති මල්වට්ටියට අත ගසන්නට එක්වන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තමන් ඉල්ලා සිටින බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
උපන්දාසිට කරන පව් නැත වරක් වැන්දොත් කැලණියේ යනුවෙන් ප්‍රචලිත කියමනක් ඇති ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මෙම නව සන්ධානය නැමති මල්වට්ටියට අත තබන්න යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

10/02/2020

ව්‍යවස්ථානුකූලව හිමිවන පළමු අවස්ථාවේදී කිසිදු ප්‍රමාදයකින් තොරව මහ මැතිවරණය කරා යොමුවන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

පරාජයට බයේ මැතිවරණය කල් දමනවා යැයි ඇතැමුන් ප්‍රකාශ කළත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු අවස්ථාවක කිසිදු මැතිවරණයට බිය නොවන බවත් අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂය මැතිවරණයට බියෙන් සෑම අවස්ථාවකදීම ඡන්දය කල් දමමින් සිටි පක්ෂයක් යයි අද මහනුවරදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය.

ව්‍යවස්ථානුකූලව හිමිවන පළමු අවස්ථාවේදී කිසිදු ප්‍රමාදයකින් තොරව මහ මැතිවරණය කරා යොමුවන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය...
10/02/2020

ව්‍යවස්ථානුකූලව හිමිවන පළමු අවස්ථාවේදී කිසිදු ප්‍රමාදයකින් තොරව මහ මැතිවරණය කරා යොමුවන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

පරාජයට බයේ මැතිවරණය කල් දමනවා යැයි ඇතැමුන් ප්‍රකාශ කළත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු අවස්ථාවක කිසිදු මැතිවරණයට බිය නොවන බවත් අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂය මැතිවරණයට බියෙන් සෑම අවස්ථාවකදීම ඡන්දය කල් දමමින් සිටි පක්ෂයක් යයි (10) මහනුවරදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය.

සියයට සියක් බදු බර යොදා ජනතාව දැඩි පීඩනයට පත්කළ පාලනයක් වෙනුවට ජනතාවට බලාපොරොත්තු තබා ගත හැකි නව පාලනයක් ආරම්භ කොට ඉදිරියේ දී දින සියයක් සම්පූර්ණ වන බව කී රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් මෙසේ ද සඳහන් කළහ.

යම් යම් අඩුපාඩු පැවැතුණොත් දින සීයක් තුළදී ජනතාවට විශාල සහන රැසක් ලබා දීමට අපට හැකියාව ලැබුණා. හදුනාගත් අඩුපාඩුකම් යළි සිදු නොවීමට අප අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරමින් සිටිනවා.

එක්සත් ජාතික පක්ෂයේ සහ සිරිකොතේ බංකොලොත්භාවය හමුවේ මැතිවරණය පිළිබඳව සිත්තැවුලෙන් කරන ප්‍රකාශ එතරම් අප සැලකිල්ලට ලක් කරන්නේ නැහැ. ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයග්‍රහණය කළ නොහැකිව එක්සත් ජාතික පක්ෂ අගමැතිවරයෙක් පත් වන්නේ යැයි ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ බංකොලොත්භාවය සඟවා ගැනීම සඳහා යි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී අන්ත පරාජයට ලක් වන බව එක්සත් ජාතික පක්ෂයට විශ්වාසයක් තිබෙනවා. ඒ නිසා නාම යෝජනා සම්බන්ධයෙන් ඔවුන්ට කිසිම ගැටළුවක් නැහැ. අප පක්ෂයේ නාම යෝජනා සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබෙනවා නම් තිබෙන්නේ ඒ පක්ෂය නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන නිසයි. අද පමණක් නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන නිසා මීට පෙර අවස්ථාවන්හිදී ද නාමයෝජනා සම්බන්ධයෙන් කතා බහට ලක්වීම සාමාන්‍ය සිදුවීමක්. එය ජයග්‍රහණයේ සංකේතයක්. ඒ සටන අමුතු දෙයක් නොවෙයි.

දේශපාලනික වශයෙන් මුහුකුරා ගිය ඕනෑම අයෙකුගේ අත්දැකීම වන්නේ පක්ෂය නැඹුරු වන්නේ ජයග්‍රහණය කරා යොමුවන මාවතක මිස පරාජය කරා නොවෙයි. එමෙන්ම ජයග්‍රාහී පක්ෂය පරාජිතයන් සමඟ කඳවුරු බඳින්නේ නැහැ. ඒ නිසා පක්ෂය සහ සංකේතය පිළිබඳව යම් වෙනසක් අවශ්‍ය යැයි සිහිබුද්ධිය ඇති අයෙකු ප්‍රකාශ නොකරන බව ආයෝජන ප්‍රවර්ධනය රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Kandy News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share