Sri Lanka Comic Updates

  • Home
  • Sri Lanka Comic Updates

Sri Lanka Comic Updates Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Comic Updates, News & Media Website, .

Sri Lanka Comic Updates is the one-stop place to get updated on the local comic scene and where to read local comics!

දේශීය කොමික් ගැන විස්තර සහ පුවත් එකම තැනකින්! මේ පිටුවේ පල කරන කොමික් තෝරගන්නා ආකාරය:

1. කොමික් සීරීස් එකක් විය යුතුයි.
2. දැනට අවම වශයෙන් පිටු 5ක් පළ කර තිබිය යුතුයි
3. පුද්ගලික ප්‍රොෆයිල් වල පල නොකර Page එකක හෝ Tapas/Webtoon වැනි site එකක පළ කර තිබිය යුතුයි.

Happy New Year 2024 !
01/01/2024

Happy New Year 2024 !

ඔන්න..ඔන්න...Something is coming guys 🖤
19/01/2023

ඔන්න..ඔන්න...Something is coming guys 🖤

Guys...

Thank you for being with us in our journey to make Slashh a household name in Sri Lankan comics industry...

Our latest project " The Incredible Tales of Ivan the one eye " will be the next stepping stone in our evolutionary path..

Stay tuned on 24.01.2023

මෙච්චරකල් අපිත් එක්ක ඉඳපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි.ඔයාලා නැතුව කොහොමත් මේ ගමන යන්න බෑ.

ඔන්න ඔයාලා වෙනුවෙන්ම අපේ අළුත්ම වැ⁣ඩේ ළඟ ළඟම එනවා...

2023.01.24 දවස මතක තියාගන්න.

Begining of the long journey  🖤 SLASH Comics
14/01/2023

Begining of the long journey 🖤 SLASH Comics

බ්ලැක් ජැකට්ගේ මැවුම් කරු | Happy Birthday Jeewakaබ්ලැක් ජැකට් කියන්නේ කවුද ? කියලා දැන් ගොඩක් අය දන්නවා.බ්ලැක් ජැකට් කි...
09/09/2022

බ්ලැක් ජැකට්ගේ මැවුම් කරු | Happy Birthday Jeewaka

බ්ලැක් ජැකට් කියන්නේ කවුද ? කියලා දැන් ගොඩක් අය දන්නවා.බ්ලැක් ජැකට් කියන්නේ ජීවක උපේන්ද්‍ර ඒකනායක කියන නිර්මාණකරුවා අතින් බිහි වුණ විශේෂ කොමික් චරිතයක්. වැදගත්ම වෙන්නේ මෙයා ලංකාවේ කොමික් චරිතයක්. ගුවාන් කියන මනකල්පිත නගරය පදනම් කරගෙන බිහි වෙන මේ කොමික් චරිතය Slashh Comics වලදී ඉතාම වැදගත් චරිතයක් වෙනවා. ඉතින් 2022.09.09 අද දවසේ ජීවක ගේ උපන්දිනයත් යෙදිලා තියෙන නිසා අපි කල්පනා කළා බ්ලැක් ජැකට් වගේම ජීවක කරගෙන යන වැඩ කටයුතු ගැන ඔයාලාටත් හෙලිදරව් කරන්න.

Slash Comics පටන් ගන්නේ 2016 - 2018 වගේ අතර කාලයේ.ඔළුවට එන එක එක විදියේ අදහස්,කතන්දර, අනම් මනම් හැමදේම එකතු කරලා ජීවක ඒවා පොත්වල කුරුටු ගාන්න පටන් ගන්නවා.කතා ලියනවා.චිත්‍ර විදියට අඳිනවා.ඔන්න ඔය විදියට වැඩේ පටන් ගන්නවා. පටන් ගන්නේ බොහොම පොඩියට.පහුකාලීනව ජීවක තමන් ඇඳපු , ලියපු ඔළුවට ආව කතන්දර එකින් එක හෙමීට ෆේස්බුක් එකට දාන්න පටන් ගන්නවා. මුල් කාලීනව ඒ කතා කියවන්න ගොඩක් අය හිටියේ නෑ. හැබැයි ජීවක වැඩේ අතෑරියෙත් නෑ. Slash Comics විදියට පටන් ගත්තු වැඩේ මෑත කාලයේ Slashh Comics විදියට නම ටිකක් වෙනස් වෙනවා.ඒත් එක්කම පටන් ගත්ත කාලයේ තිබ්බ චිත්‍රවල රටාව වෙනස් වෙලා දියුණු වෙලා මේ ගමන ටිකක් වෙනස් විදියකට යන්න පටන් ගන්නවා. මේ ලිපිය ලියන මම ජීවකගේ දැකපු විශේෂ දෙයක් ගැනත් මෙතනදී අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනි. ඒ තමයි තමන්ගේ චිත්‍ර අඳින ගමන එක දිගටම කරගෙන ගිය එක.ඒ වගේම තමන් වගේ අඳින්න කැමති අනිත් අයට උදව් කරපු එක. අඳින්න පටන් ගත්තාට පස්සේ අඳින එක අතහරින්නේ නැතුව එක දිගටම ඇඳගෙන යන්න ජීවක දක්ෂයි කියලා මම හිතනවා. ඒ වගේම ඒ අත්හැරපු නැති එක නිසාවෙන්ම ජීවකට තමන්ගේ හැකියාවන් දවසින් දවස සතියෙන් සතිය මාසෙන් මාසෙ වැඩි දියුණු කරගන්නත් හැකියාව ලැබුණා කියලා මම විශ්වාස කරනවා. ජීවකගේ මුල් කාලයේ නිර්මාණ සහ මේ වෙද්දී නිර්මාණ නිකමට සංසන්දනය කරලා බැලුවොත් අපිට ලොකු දියුණුවක් බලා ගන්න පුළුවන් වෙලා තියෙන්නෙත් ඒ නිසාමයි.

Black Jacket

Black Jacket කියන්නේ Slash Comics වල මුල්ම වීරයෝ අතරින් කෙනෙක්. (ඔව්! තව ගොඩක් කට්ටිය ඉන්නවා එන්න බලාගෙන.එක එක විදියේ චරිත) Black Jacket the Birth කියන කොමික් එක හරහා තමයි Black Jacket මුලින්ම අපි අතරට එන්නේ.ශ්‍රී ලංකාවේ ගුවාන් කියන මනංකල්පිත නගරයේ ඉන්න විජය කුමාරසිරි කියන චරිතය පදනම් කරගෙන තමයි මේ හැමදේම සිද්ධ වෙන්න පටන් ගන්නේ.විජය කුමාරසිරි ගත්තොත් එයා මානසිකව අස්ථාවර කෙනෙක්.ඒ වගේම විශේෂ හැකියාවක් නැති සාමාන්‍ය පුද්ගලයෙක්.ඉතින් බ්ලැක් ජැකට් කියන චරිතය බිහිවෙන්නේ කොහොමද ? බ්ලැක් ජැකට් ට මූණ දෙන්න වෙන්නේ මොන වගේ දේවල් වලට ද ? කියන දේ දැනගන්න Black Jacket කොමික් ටික කියවන්නම වෙනවා. ජීවක වගේම ජීවක එක්ක තවත් නිර්මාණකරුවන් හවුලේ එකතුවෙලා කරපු වැඩත් මේ අතරේ තියෙනවා.ඒ නිර්මාණකරුවන්වත් මේ වෙලාවේ අනිවාර්යෙන් මතක් කරන්න ඕනි.

Black Jacket The Birth
Post link

https://m.facebook.com/100063651351371/albums/747955216046320/

Pdf link *

https://drive.google.com/file/d/1htzjlEreiDhchF-NKNPQ0Y8URh67jCg_/view?usp=drivesdk

Black Jacket year one
Post link ✒️✒️✒️
https://m.facebook.com/100063651351371/albums/758921818282993/

Pdf link.

https://drive.google.com/file/d/1AZevEAKkypNxUyD4yvjslgvulBrUoIjU/view?usp=drivesdk

Black Jacket Once upon a night Gu'an
By PMx
Post link

https://m.facebook.com/100063651351371/albums/902967720545068/

Pdf link.

https://drive.google.com/file/d/1Ol_F_eOSmH9Ep5hY6dhnDzPBj9jS15SX/view?usp=drivesdk

Black Jacket #3
By Jeewaka Ekanayaka and Kovida Rajiva Bakmeedeniya

Post link. (Only full comic is in pdf)
https://m.facebook.com/100063651351371/albums/450200177111690/

Pdf link.
https://drive.google.com/file/d/1MsC7AJp2scGx0UDgjVGqwK0HLRFzX8Sa/view?usp=drivesdk

Multiverse of Fear

Slashh Comics වලට අමතරව ජීවක තවත් Horror Multiverse එකක් නිර්මාණය කරලා තියෙනවා .Multiverse of Fear කියන්නේ අන්න ඒ Multiverse එක. ඒ නිර්මාණ ඇවිත් තියෙන්නේ ඉංග්‍රීසියෙන්.

Multiverse of Fear වල දැනට නිර්මාණ කීපයක් ඇවිත් තියෙනවා .
The Ship, The Feral , Mister Rip , Bunker out of nowhere , 9902 තමයි ඒ නිර්මාණවල නම්. මේවා Horror Genre Stories.

කෙසේ වෙතත් මේ Multiverse එක ලොකු අවුල්ජාලයක් විදියට තමයි ජීවක හඳුන්වන්නේ. මේකට හේතුව වෙන්නේ එක Universe එකක Timeline එකක මිනිස්සුන්ගේ අත්වැරදීමකින් Fabric of Reality එක ඉරෙනවා. මේක නිසා එක එක Universe වලටයි Timeline වලටයි අපිට හිතාගන්න බැරි තැන්වලින් ජීවීන්,දේවල් ඇතුළු වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ලෝක සම්පූර්ණයෙන්ම විකෘති වෙනවා. මේ Series එකේ කතා එකිනෙකට සම්බන්ධ නෑ.

Read "The Ship"
https://drive.google.com/file/d/1co3NpOY7ca7U4o5p0f1stfDzZNv-nf8-/view?usp=drivesdk

Read "The Feral"
https://drive.google.com/file/d/1euKtOMS5RzD9iOLdTb2Plue5oyq07Jdk/view?usp=drivesdk

Read "Mister Rip"
https://drive.google.com/file/d/19h-B1SZ2YrTtcbP7xlj3ZkcvtFjgTdHf/view?usp=drivesdk

Read "The Bunker out of Nowhere"
https://drive.google.com/file/d/1stihqU2nv9ZRsELsOfb1pIU-cAN2lTpm/view?usp=drivesdk

The Lonely wolf of Lri

2018 දි නිර්මාණය වුන මේ ලෝකය Lord of The Rings, The Witcher වගේ කතා ආශ්‍රයකරගෙන නිර්මාණය වුන Fantasy Story Series එකක්. මේ Series එකේ තාම නිකුත් වුනේ එක කතාවක් විතරයි . ඒ The Lonely wolf of Lri .
මේකෙදි වෙන්නේ Lri කියන Wach-Jedu වල තියෙන ගමක ඉන්න තරුණයෙක් ගැන. එයා නමින් Jack Robson. මෙයා එයාගේ උපන්දින දවසකදි හිතාගන්නවා ලෝකය වටේ ඇවිදින්න යන්න.ඒ ගමන අතරතුරේ හුඟක් දේවල් වෙනවා.

Read PDF - https://drive.google.com/file/d/1TrLtRF__dg-0mHO4Okc6WA209F5VxOkK/view

DUST DRUG

Dust Drug කියන ගුවාන් නගරයේ වැඩියෙන් භාවිතයට ලක්වෙන උත්තේජක මත්ද්‍රව්‍යයක්.ඒ ගැන ජීවක යාළුවොත් එක්ක නිර්මාණය කරපු කතාව තමයි මේ.මේ දවස්වල අන්තිමටම ඔයාලාට කියවන්න ලැබුණු නිර්මාණයත් මේක.

Read - https://www.facebook.com/media/set/?set=a.490932286371812

ඉතින් ඉස්සරහට මොකක් වෙයි ද ? ජීවකගෙන් වැඩිදුර අහද්දී දැනගන්න පුළුවන් වුණා. " Eye's That Cried " කියලා අළුත් ටයිටල් එකක් මේක මොකක් වෙයි ද කියලා බලන්න පුළුවන්. ඒ වගේම Dust Drug Chapter 02 එකත් ඉස්සරහට එන්න තියෙනවා.

ඉතින් මෙන්න මේ වගේ වැඩ ගොඩක් එක්ක ඔයාලා අතරට ඇවිල්ලා ඉන්න ජීවකගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා.ඒ වගේම ජීවකත් එක්ක එකට වැඩ කරන හැමෝටමත් සුබ පතනවා.මේ නිර්මාණ ට්‍රයි කරලා බලන්න කියලත් අපි ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.හැමෝටම ජයෙන් ජය වේවා! ❤

Black Jacket by SLASH Comics
03/08/2022

Black Jacket by SLASH Comics

Little Update from PRUVE Comics
03/06/2022

Little Update from PRUVE Comics

SLASH Comics has revealed some latest costume information about Black Jacket.
27/05/2022

SLASH Comics has revealed some latest costume information about Black Jacket.

Beginning of The SLASH Comics !
27/05/2022

Beginning of The SLASH Comics !

Finally : Blue Tarantula Released
23/05/2022

Finally : Blue Tarantula Released

Kalaroodha by Achinthya Amarakoon
23/05/2022

Kalaroodha by Achinthya Amarakoon

NEWS: SLASH Comics has revealed their latest comic projects.
23/05/2022

NEWS: SLASH Comics has revealed their latest comic projects.

11/05/2022

What is the your favorite comic ?

Latest Arts of SLASH Comics ' Black Jacket
06/03/2022

Latest Arts of SLASH Comics ' Black Jacket

පරණ ෆයිල් අවුස්සන එක වෙනම ආතල් එකක්! අලුතින් අප්ඩේට් වෙන්න පටන් ගත්තොත් පට්ටම ෆයිල් ටිකක් තමයි මේ... 😁😬😍
20/02/2022

පරණ ෆයිල් අවුස්සන එක වෙනම ආතල් එකක්! අලුතින් අප්ඩේට් වෙන්න පටන් ගත්තොත් පට්ටම ෆයිල් ටිකක් තමයි මේ... 😁😬😍

කවුද මේ ? මොකද කරන්නේ ? කොහේද ඉන්නේ ?SLASH Comics ' Latest Comic | Black Jacket  #3
09/02/2022

කවුද මේ ? මොකද කරන්නේ ? කොහේද ඉන්නේ ?
SLASH Comics ' Latest Comic | Black Jacket #3

Harshana Chamod Rathnayake , SLASH Comics Black Jacket  #3 ගැන ලියපු ලියවිල්ලක් ඔයාලා හැමෝටම කියවන්න අරන් ආවා. SPOILERS!...
04/02/2022

Harshana Chamod Rathnayake , SLASH Comics Black Jacket #3 ගැන ලියපු ලියවිල්ලක් ඔයාලා හැමෝටම කියවන්න අරන් ආවා.

SPOILERS!!

Son of a gun did it! The third volume of Black Jacket comic is the most satisfying issue so far. Jeewaka has brought back his nostalgic art style once again and with an HUGE extraordinary improvement. The story is thrilling and gave me literal chills. Red Eyes, the villain had a great origin story and character, I look forward to see him in future issues. My favorite moment was when BJ/Wijaya keeps watching people from a rooftop at a night, assuming their ignorance and the unpreparedness for the coming disastrous events. Just like the way an owner looks at their pets in a similar event. The citizens of GUAN consider BJ as a hero as much as Wijaya wants himself to be. We also get a glimpse of Wijaya's mysterious childhood and his mothers death. The story ends with a big cliffhanger and it seems like a storm is on the way. If you're a fan of BJ from the beginning I guarantee that you'll get goosebumps! Huge applause for Jeewaka and whoever helped him to complete this. Wish you guys the best to do more and do even better.

අද තමයි මේක කියවල ඉවරකරන්න වෙලාවක් හම්බවුනේ. විශේෂයෙන්ම කියන්නෝනි ජීවක කියන්නෙ මං ගොඩාක්ම ගරුකරන පුද්ගලයන් අතලොස්සෙන් එක්කෙනෙක්. ඔලුවෙ ප්‍රශ්න කෝටියක් තියාගෙනත් අවුරුදු ගාණක් තිස්සෙ මෝටිවේෂන් එක අඩු කරගන්නැතුව බ්ලැක් ජැකට් ස්ටෝරි එක කන්ටිනිව් කරන්න එයාට පුළුවන් වෙලා තියෙනවා සහ ඉදිරියටත් එයා එහෙම කරාවි කියල විශ්වාස කරනවා. අවුරුදු ගාණක් තිස්සෙ කාපු කට්ටක ප්‍රතිඵලය සුපිරියටම ඇවිල්ලා තියෙනවා. චිත්‍ර වල කොලිටි එක වැඩිදියුණු වෙලා තියෙන විදිහ මාරයි. ගොඩක් ඩීටේල්ස් සහ ඊස්ටර් එග්ස් තියෙනවා රසවිඳින්න, තුන්පාරක්වත් කියවන්න වෙනවා සමහර දේවල් නෝටිස් වෙන්නනං. බ්ලැක් ජැකට්/ විජය ගෙ කැරැක්ට ඩිවලොප්මන්ට් එක දැන් ස්ටේබල් තැනකට ඇවිත් වගේ දැනුනා. පළවෙනි පේජස් වල ඉන්න විලන්ස්ලා කීපදෙනාගැන ඉදිරියේදි තව විස්තර දැනගන්න ලැබේවි කියල හිතනවා. විශේෂයෙන්ම අර මූණෙ යකඩ කෑල්ලක් තියෙන අක්කා ගැන එහෙම. දිගටම ලියන්න! ❤

මේක තවම කියවපු නැති අය ඉන්නවනම් කොහොමහරි වෙලාව හොයාගෙන කියවන්න කියලා ආරාධනා කරනවා ❤❤❤

කාලයක් තිස්සේ බලාගෙන ඉඳපු Black Jacket  #03 PDF එකක් විදියට දැන් හැමෝටම සිංහලෙන් කියවන්න පුළුවන් ඔන්න.100+ Pages File Si...
24/01/2022

කාලයක් තිස්සේ බලාගෙන ඉඳපු Black Jacket #03 PDF එකක් විදියට දැන් හැමෝටම සිංහලෙන් කියවන්න පුළුවන් ඔන්න.

100+ Pages File Size 503MB කියන්නේ ලේසි නෑ. ඔන්න හැමෝටම එකපාරින්ම කියවන්න පුළුවන්.

සුපිරි වැඩක් Jeewaka & Kovida

ලින්ක් එක පහළින්.

Black Jacket #3
Comic available

Check the pdf link below

https://drive.google.com/file/d/1M3jTaFNkkoMNAmdpZsJGZ0WC3KM0eKHc/view?usp=drivesdk

2018.06.03 සඳුදා | ජනඅරුණ
25/12/2021

2018.06.03 සඳුදා | ජනඅරුණ

From Black Jacket  #3
23/12/2021

From Black Jacket #3

12/12/2021

He's coming back. Better read the previous comics including the comic by PMx. Because all the stories comes to the 3rd as it's the end of The Trilogy.

මෙන්න! ❤️
11/12/2021

මෙන්න! ❤️

කාලාරූඪ  #4 !  අද හවස ට !
11/12/2021

කාලාරූඪ #4 ! අද හවස ට !

කාළාරූඪ පළවෙනිම රීවීව් එක!  #1 කාළාරූඪ - Kalaroodha කොමික් එකේ  #1 ,  #2 , #3 කියන කලාප ඉවරයි. ⁣ඒ කියන්නේ හෙට සෙනසුරාදා ...
10/12/2021

කාළාරූඪ පළවෙනිම රීවීව් එක! #1
කාළාරූඪ - Kalaroodha කොමික් එකේ #1 , #2 , #3 කියන කලාප ඉවරයි. ⁣ඒ කියන්නේ හෙට සෙනසුරාදා #4 පටන් ගන්නවා. ඉතින් අපි තීරණය කළා කාලාරූඪ කොමික් එක ගැන පළවෙනිම රීවීව් එක ලියන්න.මේක කාලාරූඪ ගැන ලියවෙන පළවෙනිම රීවීව් එක මේක මං හිතන්නේ.. තාම කියෙව්වේ නැත්නම් පළවෙනි කලාප තුන කියවලා හෙට හතරවැනි කලාපෙ කියවන්න ලෑස්ති වෙමු.
හැමදේම පටන් ගන්න තැන!
කාලාරූඪ කොමික් එක පටන් ගන්නේ ආරක්ෂක නිලධාරීන් දෙන්නෙක්ට ඇහෙන සද්දයකින්.මෙතනදී රතුපාට ට්‍රක් එකකින් මොනවා හෝ ප්‍රවාහනය කරමින් ඉන්න ආරක්ෂක නිළධාරීන් කීප දෙනෙක් අපිට දකින්න ලැබෙනවා.වෙස් මුහුණක් පැළඳගත්තු පුද්ගල⁣යෙක් ගහක අත්තක ඉඳලා මේ ට්‍රක් එකේ වහලයට පනිනවා. ඒ සද්දය ආරක්ෂක නිළධාරීන් දෙන්නෙක්ට ඇහුණත් එයාලා ඒ වෙද්දී පරක්කු වැඩියි.කළු පාට වෙස් මුහුණක් පැළඳගත්තු පුද්ගලයා එකපාරටම ට්‍රක් එක අස්සේ ඉන්න ආරක්ෂකයන් ඉදිරියේ පෙනී සිටිනවා.ඒ විදියට සිද්ධ වෙද්දී මුකුත් නොදන්න ට්‍රක් එක එලවමින් ඉන්න ආරක්ෂකයන් දිගටම ධාවනය කරනවා.
කළබලයක්!
ට්‍රක් එකේ පිටිපස්සේ ඉන්⁣න ආරක්ෂක නිළධාරීන් දෙන්නා මේ අනවසර පිවිසීමෙන් ගොඩක් කළබලයට පත්වෙනවා.වෙස් මුහුණ පැළඳගත්තු පුද්ගලයාට තුවක්කු එල්ල කරලා නැවතියං කිව්වත් ඔහු ඒක ගණන් ගන්නේ නෑ. ඒ වෙනුවට මේ ආරක්ෂක නිළධාරීන්ට සිදුවෙන්නේ මේ අද්භූත ආගන්තුකයාගෙන් පහර කෑමට ලක්වෙන්න.

මොන මඟුලක්ද සිද්ධ වෙන්නේ !
ට්‍රක් එකේ පිටිපස්සේ ඉන්න සාමාජිකයන්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා ඒ ගැන හොයලා බලන්න ඉස්සරහ ඉන්න දෙන්නත් පිටිපස්සට එන්නේ ටික වෙලාවකට පස්සේ. එයාලටත් වෙන්නේ මේ වෙස්මුහුණක් දාගත්තු මේ අද්භූත ආගන්තුකයාට මුහුණ දෙන්න.ඔවුන් කෙලින්ම ආගන්තුක පුද්ගලයාට වෙඩිතිබ්බත් ඒ වෙඩි උණ්ඩවලින් ඔහුට කිසිම හානියක් වෙන්නේ නෑ. එතනදී අපිට බලාගන්න පුළුවන් ඇත්තටම මේ කට්ටය අරන් යන්නේ ආයුධ කියලා.ඇත්තටම මොන වර්ගයක , මොන විදියක ආයුධ ද කියලා අපිට එතනදී දැනගන්න බැරිවුනත් අර ආරක්ෂක නිළධාරීන්ට පහර දුන්න අද්භූත ආගන්තුකයා ඒ ගැන හොයන විදියෙන් මොකක් හරි ලොකු වැදගත්කමක් මේවාට තියෙනවා කියන එක පැහැදිලියි.

දිගට හරහට අහන ප්‍රශ්න!
එතන ඉඳපු ආරක්ෂක නිළදාරියෙක්ගේ බෙල්ලෙන් අල්ල ගන්න අර අද්භූත පුද්ගලයා දිගට හරහට ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. එතනදී අපිට දැනගන්න පුළුවන් වෙනවා ඒ ආයුධ ඒ ආරක්ෂක නිළධාරීන්ට ලැ⁣බෙන්නේ වරායෙන් කියලා.ඒ වගේම ඒවා අරන් යන්නේ මන්නාරමට කියලත් දැනගන්න ලැබෙනවා.එතනින් එහාට එක්තරා දූපතකට මේවා අරන් යන බවත් ආරක්ෂක නිළධාරියාගෙන් දැනගන්න ලැබෙනවා.
කවුද මල්ලී මේ මිනිස්සු ?
ඉතින් ඔන්න ඔය විදියට කාළාරූඪ පළවෙනි කලාපය ඉවර වෙද්දී අපිට ගොඩක් හිතන්න දේවල් ඉතුරු වෙනවා.ඇත්තටම මේ ආරක්ෂකයන් කවුද ? එයාලා අරන් යන ආයුධ මොනවද ? එයාලා වැඩ කරන්නේ කාටද ? එතකොට මේ ආරක්ෂකයන්ට පහර දුන්න ආගන්තුකයා කවුද ? එයා එහෙම කරන්නේ ඇයි ?
සුපිරි බලයක් තියෙයි ද ?
කොමික් එකේ මෙන්න මේ පළවෙනි කොටස කියවද්දීම අපිට අර ආගන්තුක පුද්ගලයාගේ විශේෂ හැකියාවන් කීපයකුත් නෝට් වෙනවා.ඒ තමයි මෙයාට වෙඩි තිබ්බට වෙඩි වදින්නේ නැහැ කියන එක.සාමාන්‍ය මනුස්සයෙක්ට කරන්න බැරි දේවල් කරන්න පුළුවන් බව එතනදී වෙන ගැටුමේ දී වුණත් කොමික් එකේ දී පෙන්නලා තියෙනවා.
ආගන්තුකයා ගැන තවත් විස්තර.
ඉතින් මේ ආගන්තුකයා ගැන අපිට තවත් විස්තර දැනගන්න පුළුවන් වෙනවා #2 කලාපයේ දී. ඇත්තටම කවුද මොනාද කරන්නේ කොහේ ද ඉන්නේ ? එයා ඉන්නේ තනියම ද ? ඔය සේරම විස්තර අපිට දැනට නිකුත් කරලා තියෙන කාලාරූඪ #2 , #3 කියන කලාප වලින් කියවන්න පුළුවන්.
ඕනි මිනිහෙක්ට වෙනස් වෙන්න පුළුවන්.
ඉතින් හැමදේම කතා කරපු එකේ කාළාරූඪ අඳින , ලියන වැඩ කරන්නේ කවුද කියලත් නොකියා බෑනේ. තිළිණ ගීතාංජන සහ ජනිත පවන් කියන දෙන්නා තමයි වැඩේ කරන්නේ.කාළාරූඪ කොමික් එකසමීප කරපු මේ වෙනස්ම විදියේ අත්දැකීමත් එක්ක දැන් ටිකෙන් ටික අපිට පෙරමඟ සුබ සලකුණු දකින්න පුළුවන් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා.ඉතින් අපි තිළිණට සහ ජනිතට ඉදිරියටම කොමික් අඳින්න ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
SLCU අපේ පොරොන්දුව!
ලංකාවේ කොමික් ගැන කතා කරන්න හදපු මේ පේජ් එකෙන් ලංකාවේ කොමික් අඳින ලියන කොල්ලන්ට කෙල්ලන්ට වගේම ලංකාවේ කොමික් කියවන හැමෝටම උපරිම සප් එක දෙන එක තමයි අපේ බලාපොරොත්තුව.ඉතින් ඕනි වෙලාවක උදව් ඉල්ලන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔයාලා දන්න ලංකාවේ කොමික් ගැන විස්තරත් අපිට කියන්න. එහෙනම් තවත් අලුත් කොමික් රීවීව් එකකින් හමුවෙනකම් හැමෝටම ජය වේවා !

Latest images from SLASH Comics ' Black Jacket  #3
10/12/2021

Latest images from SLASH Comics ' Black Jacket #3

කාළාරූඪ - Kalaroodha කොමික් එක කියවපු නොකියවපු හැමෝටම ! SLCU අපේ Review එකක් හෙට රෑ 8 ට!
09/12/2021

කාළාරූඪ - Kalaroodha කොමික් එක කියවපු නොකියවපු හැමෝටම ! SLCU අපේ Review එකක් හෙට රෑ 8 ට!

ඉස්සරහට එන්න තියෙන Black Jacket  #3 එක නිසා මේ දවස්වල SLASH Comics Page එක පැත්තෙ ගියොත් දවසින් දවස මේ වගේ අමුතු අමුතු ද...
06/12/2021

ඉස්සරහට එන්න තියෙන Black Jacket #3 එක නිසා මේ දවස්වල SLASH Comics Page එක පැත්තෙ ගියොත් දවසින් දවස මේ වගේ අමුතු අමුතු දේවල් වැටෙනවා පේනවා. මේකේ බැලූ බැල්මට පේන්නේ Q Tech වගේ නමක්. Locked Sector Projects : Authorized Only කියලත් මේකේ තියෙනවා. සිරාවටම මේ මොකක්ද කියලා දැනගන්න නං කොමික් එක එනකම් බලන් ඉන්න වෙනවා.කියවන්න ලෑස්තිවෙලා ඉමු එහෙමනම්..තව එකක්! මෙන්න මේ වගේ අමුතු අමුතු දේවල් හින්දා ලංකාවේ කොමික් ගැන බලාපොරොත්තු වැඩි වෙනවා..ඒක එක්තරා ආකාරයක පිබිදීමක්..

යමු ! 🚤🏝
05/12/2021

යමු ! 🚤🏝

Congratulations Thilosha Nipunajith ♥️Keep up the good work 🔥
04/12/2021

Congratulations Thilosha Nipunajith ♥️
Keep up the good work 🔥

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Comic Updates posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share