stupid monkey

  • Home
  • stupid monkey

stupid monkey Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from stupid monkey, Digital creator, .
(2)

" ප්‍රියතම මිනිස්සු එක්ක කෙරෙන දීර්ඝතම සංවාද තරම් මානසික නිදහසක් තවත් නෑ! " මට ඕන කතාකරන්න… දැනෙන මිනිස්සු එක්ක, නොදැනී ...
16/01/2025

" ප්‍රියතම මිනිස්සු එක්ක කෙරෙන දීර්ඝතම සංවාද තරම්
මානසික නිදහසක් තවත් නෑ! "

මට ඕන කතාකරන්න… දැනෙන මිනිස්සු එක්ක, නොදැනී ගෙවෙන හෝරාවල්, පැකිලීමකින් තොරව ඔහේ ගලාගෙන එන මාතෘකා, නිදහසේ මුමුණන වචන මං මාර විදියට විඳිනවා.

තරු පිරුණු රෑ අහසක් යට, ඉර බහින හැන්දෑවක මුහුදක් ළඟ,
එක යායට බිල්ඩින් පේන උස බැල්කනියක, වැහි වෙලාවක කෝපි රහක් එක්ක, 'ජීවිතේ, මිනිස්සු, අරමුණු, මතක' වගේ ටිකක් බර මාතෘකා නිමක් නොවුණු සංවාද අස්සෙ හිර වුණු තැන් මට තිබිලා තියෙනවා.

මං හරි ආදරෙයි ඒ රස දුන්නු මිනිස්සුන්ට,
මාව අහන් හිටපු මිනිස්සුන්ට.

මොකද,

මං ගොළු වුණු, නිහඬ වුණු, වචන අඩු වුණු බොහෝ තැන් වල හිටියෙ මට නොදැණුනු, මාව නොදැණුනු මිනිස්සු !

-උපුටා ගැනීමක්-

05/01/2025
කාලෙකට කලින් බිස්නස් ගැන වැඩිපුර  කතා කරන යාලුවෝ ටිකක් ආශ්‍රය කරාට පස්සෙ මටත් ඕන වුණා පොඩි බිස්නස් එකක් පටන් ගන්න. worko...
02/12/2024

කාලෙකට කලින් බිස්නස් ගැන වැඩිපුර කතා කරන යාලුවෝ ටිකක් ආශ්‍රය කරාට පස්සෙ මටත් ඕන වුණා පොඩි බිස්නස් එකක් පටන් ගන්න.

workout , diet plan, meditation එක්ක self care කරන යාලුවෙක් මෑතකදි මුණගැහුණට පස්සෙ මටත් ඕන වුණා self care ගැන වැඩිපුර අවදානය දෙන්න.

ඕන වෙලාවක positive mindset එකක ඉන්න partner කෙනෙක්ව ලැබුණට පස්සෙ මාත් පුරුදු වුණා හැමදෙයකම positive side එක දකින්න.

මේ වගේ පුංචි පුංචි දේවල් දිහා ආපහු හැරිලා බලද්දි,
මෑත කාලීනව මං ලඟින්ම ආශ්‍රය කරපු කීප දෙනාගේ සමහර විශේෂ දේවල් නොදැනුවත්වම මං ළඟට ඇවිල්ල වගේ කියලා මට හිතෙනවා.

ඔව්, ඒක හරි.

අපි වැඩි කාලයක් ආශ්‍රය කරන්නෙ කවුරු වුණත් ඒ අයගෙ highlighted දේවල්
නොදැනුවත්ව හෝ දැනුවත්ව හරි ඉක්මනට අපිට ආරෝපණය වෙන්න පටන් ගන්නවා.

ඉතිං,
අපේ ජීවිත වල ළඟින්ම ඉන්න ඕන කීපදෙනා තෝරගද්දි හරි පරිස්සමින්.

මොකද,
අනාගතේ "ඔයා" කියන චරිතය නිර්මාණය වෙන්න, අද ඔයා වටා ළඟින්ම ඉන්න චරිත කිහිපයක බලපෑම තදින්ම තියෙනවා කියලා අමතක කරන්නෙපා. 🌻💫🖤

✍️ Ishara Somarathna - Upmind

Diary Of Miracle පේජ් ☁️🩵☁️

ජීවිතේක සිටිය යුතුම වටිනා මිනිස්සු ...ආදරේ ඉල්ලන මිනිස්සු නෙවෙයිආදරේ දෙන මිනිස්සු ..ගෞරවය සොයන මිනිස්සු නෙවෙයිගෞරවය  රකි...
22/11/2024

ජීවිතේක සිටිය යුතුම වටිනා මිනිස්සු ...

ආදරේ ඉල්ලන මිනිස්සු නෙවෙයි
ආදරේ දෙන මිනිස්සු ..

ගෞරවය සොයන මිනිස්සු නෙවෙයි
ගෞරවය රකින මිනිස්සු ..

අඩුපාඩු සොයන මිනිස්සු නෙවෙයි
මදිපාඩු ඉවසන මිනිස්සු ..

මොනවද කලේ කියල අහන මිනිස්සු නෙවෙයි
කළගුණ මතක තියෙන මිනිස්සු ..

සාක්කු හිස්කරන මිනිස්සු නෙවෙයි
සාක්කු පුරවන්න හේතු හොයාදෙන මිනිස්සු .

ඉහළට යද්දි කකුලෙන් අදින මිනිස්සු නෙවෙයි
ලැබෙන සාර්ථකත්වය දැකල සතුටු වෙන මිනිස්සු ..

ඒවගේ මායාකාර මිනිස්සු තමයි
මල් පිපෙන වසන්තයේදිත් ,
රළුම ඉඩෝරයේදිත් මුලින්ම මතකයට එන්නේ..

එහෙම මිනිස්සු අල්පයි..ලැබුනොත් රැක ගන්න ...❤️

Copied 🌻

20/11/2024

🥰🥰

🥰💝
14/11/2024

🥰💝

Address


Website

Alerts

Be the first to know and let us send you an email when stupid monkey posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share