Arsh Media Brief

  • Home
  • Arsh Media Brief

Arsh Media Brief ශ්‍රී ලංකා නිවුස් / Sri lanka News Updates

25/01/2025
24/01/2025
22/01/2025
22/01/2025
22/01/2025
21/01/2025

Historic day for the Colombo Stock Exchange: ASPI hits an all-time high of 16,597.16, while S&P SL20 crosses 5,000 for the first time.

21/01/2025
21/01/2025

“පාර්ලිමේන්තු මන්ත්‍රී
අර්චුනා රාමනාදන්ට එරෙහිව
නීතිය ක්‍රියාත්මක කරනවා..!”
පොලිසිය කියයි.

අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය පොලිස් නිළධාරීන් විසින් නවත්වා තිබුනේ, ඔහු සිය මෝටර් රථය, වී.අයි.පී විදුලි පහන් දල්වා ධාවනය කරමින් තිබීම හේතුවෙනි.

අදලා මන්ත්‍රීවරයා, එම මොහොතේ රාජකාරියේ නිතරව සිටින පොලිස් නිළධාරීන් සමග සහයෝගයෙන් කටයුතු නො කරන බව මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවකින් පැහැදිලිව දක්නට හැකියි.

19/01/2025

වික්ටර් අයිවන් දිවි සැරියෙන් සමුගනී!
ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ විශිෂ්ට මාධ්‍ය මෙහෙවරක ලකුණු සටහන් කරමින් විකල්ප මාධ්‍ය භාවිතයේ ගැඹුරු අරුත් පෙන්වා දුන් රාවය පුවත්පතේ හිටපු කතෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අද දිවි සැරියෙන් සමුගත්තේය. ඔහු ජන මනස අවදි කරමින් සමාජ පර්යේෂණ කෘති ගණනාවක් බිහි කළ විදග්ධ ග්‍රන්ථ කරතෘවරයෙක් ද වූයේය.

මිය යනවිට ඔහු 75 වැනි වියෙහි පසුවූයේය. මාජුවානා කන්කානම්ගේ වික්ටර් අයිවන් ලෙස 1949 වසරේ ජූනි මස 26 වැනිදා උපත ලද ඔහු 1971 ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කැරල්ලෙහි ඉදිරිපෙළ චරිතයක් වූයේය. ඔහු එවකට පක්ෂය හඳුන්වා දුන්නේ පොඩි අතුල නමිනි.

වික්ටර් අයිවන් පසු කාලීනව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කටයුතුවලින් ඈත් විය. අනතුරුව ඔහුගේ දේශපාලනය ජන මාධ්‍යය ඔස්සේ ඔහු සමාජය තුළ තියුණු ලෙස භාවිතා කළේය. රාවය සඟරාවේත් රාවය පුවත්පතෙත් ආරම්භක කර්තෘවරයා වූයේ ඔහුය. ඔහු නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භ කිරීම සදහා දායකත්වය දැක්වූ පුරෝගාමියෙකි.

වික්ටර් අයිවන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

19/01/2025

Address


Alerts

Be the first to know and let us send you an email when Arsh Media Brief posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Arsh Media Brief:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share