16/12/2020
ලෝකයෝ අද අපි කතාකරමු play කරන්න සුපිරි PC එකක් ඕනේ නැති, ඒ කාලයේ සුපිරි games 10ක් ගැන
--------------------------------------------
ඔන්න ඉතින් අද මම කතාකරන්න යන්නේ PC games පිළිබඳව උනන්දුවක් දක්වන ඔයාල වෙනුවෙන්, මගේ පුද්ගලික ප්‍රියතම games ලැයිස්තුවක් ගැන. මං හිතනවා මගේ විතරක් නෙමෙයි, ඉස්සර ඉදන්ම PC games වලට ආසකරන හැමෝම වගේ මන් එක්ක එකග වේවි!
හරි; මුලින්ම කියන්න ඕනේ, මේ games ඔයාල හුගක් ආසාවෙන් කාලයක් සෙල්ලම් කරපු ඒවා වෙන්නැති. විශේෂයනම් මේ games ටික play කරන්න නම් සුපිරි පරිගණක ඕනේ නෑ! gaming laptops ඕනෙම නැහැ! ඔයා වැඩකරන, ගෙදර තියෙන ඔයාගේ PC එකේ කිසිම කරදරයක් නැතුව, lag නොවී ලස්සනට play කරන්න පුළුවන්.
හරි මෙන්න ලැයිස්තුව;
1.GTA 3/GTA: San Andreas/GTA: Vice city
GTA (Grand Theif Auto) කිව්වම නොදන්නා කෙනෙක් නැහැනේ! හැබැයි මම මේ කියන්නේ GTA V ගැනවත්, GTA IV ගැනවත් නෙමෙයි. GTA 3, San andreas, Vice City ගැන. ඉතින් මේ ටික play කරලා නැති අයනම් නැතුව ඇති! හැබැයි ලොකු Graphics ඕන්නැති, මම ආසම කල free-roaming, role-playing games ටිකක්. විශේෂයෙන් GTA 3 සිංහල හඬකවපු version එක. ඒ කාලේ cpu රත්වුනේ මේවට තමයි.
2.Total Overdose
Deadline Games විසින් 2015 වර්ෂයේ එලියට දාපු Third-person shooter, open-world, action/adventure ඝනයන්ට වැටෙන, ටිකක් GTA vice city graphics වලට සමාන, Max Payne වගේ fight තියෙන සුපිරි game එකක්. play කරලා නැතිනම අනිවාර්යෙන්ම play කරලා බලන්න.
3.Prince of Persia Series
නම කිව්වම දන්නෝ දනිති, ඒ කලේ තිබ්බ සුපිරිම action-adventure game series එකක්නේ. කඩු දෙකක් අරන් බිත්තියන් බිත්තියට ගිහින්, තමන්ට වඩා සිය ගුණයක් විතර විශාල villains ලවත් මරල රාජ කුමාරියෝ දෙතුන් දෙනෙකුත් බලාගෙන හිටිය ;) , සුපිරි combat moves තියෙන game series එකක්.
මම ආසාවෙන්ම play කලේ Prince of Persia: The Sands of Time, Prince of Persia: Warrior Within, Prince of Persia: The Two Thrones තුන්කට්ටුවයි.
4.Delta Force
Delta Force: Black Hawk Down, Land Warrior, Xtreme පොඩිකාලේ මගේ ප්‍රියතම war games ටිකක්. ලොකු graphics නැති උනත්, play කරන්න කරන්න ආස හිතුන tactical first-person shooter ඝනයට වැටෙන series එකක්, දුර සිට සතුරාට පහරදීමේ හැකියාව ප්‍රගුණ කල game series එකක් කිව්වොත් තවත් හරි ;)
5.Age of Empires/ Age of Mythology
මගේ ප්‍රියතම Real-time strategy games ටිකක්. age of empires 2, age of empires 3, Age of Mythology. ගල් යුගයේ ඉදන් රජ යුගයටම ගිය, මිත්‍යා යුග, මිත්‍යා සතුන්, ග්‍රීක මිත්‍යාවන් විශාල වශයෙන් දැකගන්න පුළුවන් උන වගේම විවිධ රාජ්‍ය යුගයන්, ඔවුන් සතු වෙන වෙනම තාක්ෂණ, වෙන වෙනම රජවරු, වෙනම ආගම් දැකගන්න වගේම ඒවා පාවිච්චි කරන්නත් අවස්තාව ලැබෙන Ensemble Studios ආයතනය නිෂ්පාදනය කල game series එකක්.
6.Rise of Nations
උඩින් සඳහන් කල age of empires game series එකට සමාන Real-time strategy game එකක්. වෙනසනම්, rise of nations වලදී අපට ages 8ක් දියුණු කරන්නත්, ඊටත් පස්සේ ගෝලීය කරන ආර්ථිකය, කෘතීම බුද්ධිය වගේ තාක්ෂනයන් ටිකකුත් දියුණු කරන්න අවස්තාව ලැබෙනවා. Big Huge Games ආයතනය විසින් 2003 වර්තිෂයේදී තමයි release කරන්න්නේ. ගල් යුගයේ ඉදන් ජෙට් යුගයට එනකම්ම ශිෂ්ටාචාර 18කින් සමන්විත, කම්මැලි නැතුව play කරන්න පුළුවන් සුපිරි ගේමක්.
7.Need for Speed: Most Wanted
2005 වර්ෂයේ release උන NFS series එකේ 9 වෙනි game එක. නියම storyline එකක් එක්ක ගලාගෙන යන Racing game එකක්. play කරපු කට්ටියට මතක ඇතිනේ Mia Townsend ;). game එක පුරාවට හිටපු crush එක! blacklist එකක්ම පරද්දල අවසානෙට Razor ගෙන් ගේම ඉවර වෙනවා. game එක පුරාවටම අපට ඇහෙන්න ලැබෙන music tracks ටිකනම් ඒකාලේ මම වෙනම download කරන් ඇහුවා.
8.LOTR: War in North
අපි කවුරුත් ආසම ෆිල්ම් series එකක් වුන Lords of the Ring චිත්‍රපයට සමගාමී සිද්දියක් අලලා නිපදවුණ මේ game එකේ අපට ප්‍රධාන චරිත 3ක් තියෙනවා, කැමති චරිතේ තෝරාගෙන game එක play කරන්න පලුවන්. Sauron විසින් Gondor සහ Rohan පැත්ත බලාගන්න ගමන්, Agandaûr ට දෙනවා Middle-earth වල උතුරු කොටස බලාගන්න, ඉතින් අපේ වීරයෝ තුන්දෙනා එක්ක එකතුවෙලා Agandaûr ව පරාජය කරන්න යන ගමන තමයි මේ game එකේ තියෙන්නේ. මේක Hack and slash කියන category යට තමයි අයිති වෙන්නේ.
9.Jurassic Park: Operation Genesis(JPOG)
Construction and management simulation ඝනයට අයත්වෙන, තමන්ගේම කියල Jurassic Park එකක් හදාගන්න අපට උදව්වෙන ගේමක්. මේකෙදි අපට හිස් ඉඩමක ඉදන්ම සම්පූර්ණ ඩයිනසොරස්ල පිරුණු park එකක් හදන්න තමයි තියෙන්නේ. විවිධ තාක්ෂණයක් දියුණු කරමින්, visitors ලව ගෙන්නගන්නත්, එයාලගේ ආකර්ෂණය වැඩිකරන්න කටයුතු කරන්නත් තමයි මේකේ ප්‍රධාන අරමුණ. මේකෙදි ඔයාට ඩයිනසොරස්ල අතර සටන් එහෙමත් බලාගන්න පුළුවන්, හිටිගමන් අපේ යාලුවෝ ටික කුඩු කාගෙන එලියට පනිනවා, එවෙලාවට අපිම ගිහින් එයාලව නිදිකරවන්න ඕනේ.
10. Company of Heroes
2006 වර්ෂයේදී නිකුත්වුන Real-time strategy game එකක්. හුගක් ප්‍රසිද්දයි වගේම අනිවරෙන්ම ඔයත් play කරලා ඇති. cheats නැතුව play කලොත් තමා game එක සුපිරියටම දැනෙන්නේ ;). ලෝක යුද්ද කාලේ ඔයාට සොල්දාදුවන් සමූහයක් බලාගන්න දුන්නොත් පුළුවන් වෙයිද :), මැරුම් නොකා උපායශීලිව සතුරාව, ඔවුන්ගේ යුධ ටැංකි විනාශ කරන්න පුලුවන්ද?
ඉතින් මේ මගේ අතීතෙට අයිති, මම පෞද්ගලිකව ආසම කල games ටිකක්. ඔයාලගේ ලිස්ට් එකෙත් මේවගෙන් දෙකක්වත් අනිවාරෙන්ම ඇති! මුලින්ම මම කිව්ව වගේ, මේ හැම game එකකම experience එක ගන්න ඔයාට සුපිරි gaming PCs ඕනෙම නෑ! ඉතින් ඔයාලගේ favourite ලිස්ට් එකත් අනිත් අය එක්ක share කරගමු.
(කතෘ: රංසි දිසානායක)
_____________________________________________________________________
මෙවැනි රසවත් තවත් දේ දැනගැනීමට කැමතිනම්, අපගේ පිටුව Like කර අපට සහයෝගය දක්වන්න. ඔබට සුබ දවසක්