Wayamba Media kuliyapitiya

  • Home
  • Wayamba Media kuliyapitiya

Wayamba Media kuliyapitiya 0775015919

10/10/2024
10/10/2024

හතුරු අධිරාජ්‍ය කුමන්ත්‍රණයෙන් ජනපති අනුරව බේරා ගන්න විමල් පෙරට එයි! මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණයක්!
19 mins ago 2.1 K
2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික නිදහස් පක්ෂය තරග නොකරන බව එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, අනුර දිසානායක ජනාධිපතිවරයා “දෙවන – ගෝඨාභය” බවට පත්කිරීම සඳහා රටට හතුරු අධිරාජ්‍ය න්‍යාය පත්‍රයට සේවය කරන යම් විපක්ෂ බලවේගවලට උවමනාවක් තිබෙන බවට සැකයක් නොමැති බවය.

එහෙත් තම පක්ෂය එම උවමනාව නියෝජනය කරමින් රට තවදුරටත් අර්බුදයට ගොදුරු කිරීමට දායක නොවන බව ද ඉතා වගකීමෙන් යුතුව පවසන බව විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

වීරවංශ මහතා සිය නිවේදනයේ පිටපත් මහා සංඝරත්නය, මැතිවරණ කොමසමේ සභාපති සහ සියලු දේශපාලන පක්ෂ වෙත යොමුකර ඇති බව සඳහන් ය.

10/10/2024
10/10/2024

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව සභාපතිවරයෙක් හා අධ්‍යක්ෂ මණ්ඩලයක්! පත් කළ සාමාජිකයින් මෙන්න!
16 mins ago 27
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස සරත් ගණේගොඩ මහතා පත්කර තිබේ.

මේ අතර ශ්‍රීලංකන් ගුවන් සේවයට ඊයේ (09) සිට ක්‍රියාත්මක වන පරිදි නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ද පත් කර තිබෙනවා.

නව අධ්‍යක්ෂ මණ්ඩලය,

1. සරත් ගනේගොඩ (සභාපති)
2. බුද්ධික හේවාවසම්
3. සුගත් රාජපක්ෂ
4. එරංග රොහාන් පීරිස් ගුණතිලක
5. ඩී අරන්දර
6. ආනන්ද අතුකෝරළ
7. ලක්මාල් රත්නායක
8. නිරංජන් අරුල්ප්‍රගාසම්

08/10/2024
07/10/2024

හිටපු ජනපති මහින්ද දේශපාලනයෙන් සමුගනී
3 mins ago 29
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සදහා තරඟ නොවදින බව වාර්තා වේ.

මැතිවරණයට තරග නොකළඳ ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ දරන තනතුරුවලින් ඉවත්වීමක් සිදු නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

රාජපක්ෂ පවුලේ වැඩිමහල් සහෝදරයා වන හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොවදින බව ප්‍රකාශ කර තිබුණි.

ඔවුන් දෙදෙනාට අමතරව, වාසුදේව නානායක්කාර, ගාමිණී ලොකුගේ, ජෝන් සෙනෙවිරත්න, බන්දුල ගුණවර්ධන, එස්.බී. දිසානායක, ඒ.එච්.එම් ෆවුසී, තිස්ස විතාරණ, මෛත්‍රීපාල සිරිසේන, අලි සබ්රී යන අයද, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොවදින බව වාර්තා වේ.

29/09/2024

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන්, විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය පිහිටුවීම සදහා වූ ඉල්ලීමක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා වෙත ඉදිරිපත් ව තිබේ.

මෙම ඉල්ලීම ඉදිරිපත්ව ඇත්තේ ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කර තිබෙන D/PSD/18763/09/2024 අංක දරන ලිපිය යටතේ බව මාධ්‍යවේදී භාරත තෙන්නකෝන් මහතා හෙළි කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ස්ථාපිත කිරීමට නියමිත විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය වෙත පහත දෑ සපයන ලෙස එකී ලිපියෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ආරක්ෂාව සදහා නිළධාරීන් 163
ගිනි අවි 25 ක්
උණ්ඩ 525
වාහන 16
වෝකි ටෝකි 25
ගෑස්ක් මාස්ක් 02 ක්
කුඩ 30 ක්
ඩ්‍රැගන් ලයිට් 10 ක්
සූපවේදීන් 16 ක්
වෛද්‍ය නිළධාරීන් 08 ක්

29/09/2024

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට! ප්‍රතිඵල බැලිය හැකි ආකාරය මෙන්න!

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023 (2024) අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී පැවැත්වූ අතර, ඒ සඳහා පාසල් අයැදුම්කරුවන් 387,648ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 65,331 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණා.

අදාළ විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ප්‍රතිඵල නැරඹිය හැකිය.

23/09/2024

එයාර් වයිස් මාර්ෂල්වරයෙකුට! මහජන ආරක්ෂක ලේකම් වැඩ බාර ගනී!

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා පත් කර ඇත.

මේ අතර, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න වැඩ භාරගනු ලැබුවා.

22/09/2024

ඊයෙ රාත්‍රී 1.00ට පැනවූ ඇදිරිනීතිය අද දහවල් 12.00 දක්වා දීර්ඝ කෙරේ

22/09/2024

තැපැල් චන්ද ප්‍රතිඵල අනුව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඉදිරියට ....

21/09/2024

දිවයින පුරා අද රාත්‍රී 10.00 සිට හෙට පෙ.ව.6.00 දක්වා ඇදිරිනීතිය

20/09/2024

ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර සමීක්ෂණය අත්හිටුවයි

නිමාවට පත් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සමීක්ෂණය තාවකාලිවක අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය මේ බව ප්‍රකාශ කළේ, අද (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එම විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රයක් පිටවීමේ සිද්ධියක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවටයි ඇය අවධාරණය කළේ.

ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු මේ වනවිට විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන බව ද තිලකා ජයසුන්දර මහත්මිය කියා සිටියා.

20/09/2024

f Road
මැතිවරණ රාජකාරිවල නිරත රාජ්‍ය නිලධාරීන්ට දැනුම්දීමක්
36 mins ago 78
ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ රාජකාරි සඳහා පත්කර ඇති සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත මැතිවරණ කොමිෂන් සභාව විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබේ.

මෙරට 09වන ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා ඡන්ද විමසීම 2024 සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වෙයි.

-උපුටාගැනීම-

විශේෂයෙන්ම ඡන්ද විමසීම පැවැත්වෙන කාලය තුළ ඔබ විසින් ඡන්දදායකයන් හා ඡන්ද අපේක්ෂකයන් හා ඔවුන්ගේ බලයලත් නියෝජිතයන් සමග සුහද සම්බන්ධතාවෙන් ක්‍රියා කළ යුතුය.

ඔවුන් සමග කටයුතු කිරීමේදී අර්ථාන්විතව, කාරුණිකව, ඉවසීමෙන් ක්‍රියා කිරීම මැනවි.

කිසිවෙකුටත් විශේෂ සැලකිල්ලක් නොදක්වන්න.

ඔබගේ රාජකාරී අපක්ෂපාතීත්වය තීරණාත්මක විමසුමකි.

එමගින් නිදහස් හා සාධාරණ වාතාවරණයක් තුළ තම හෘද සාක්ෂියට එකඟව ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාවක් පවතින බව ජනතාවට ප්‍රදර්ශනය වනු පමණක් නොව ඒත්තු යෑම ද සිදුවනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙයි.

-උපුටාගැනීම අවසන්-

19/09/2024
19/09/2024

සීයා මිනිස්සු අන්දන විදිහ..😃

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Wayamba Media kuliyapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share