Sri Saddharmaya

  • Home
  • Sri Saddharmaya

Sri Saddharmaya 👈 MIS NUEVAS FOTOS. ¿Crees que soy hermosa? "Sígueme para ver más 👆👆👆👆

12 Razones por las que Leer Libros Debería ser Parte de tu Vida  1. Autopista del Conocimiento: Los libros ofrecen un va...
30/01/2025

12 Razones por las que Leer Libros Debería ser Parte de tu Vida
1. Autopista del Conocimiento: Los libros ofrecen un vasto reservorio de conocimiento sobre prácticamente cualquier tema imaginable. Sumérgete en la historia, la ciencia, la filosofía o explora nuevos pasatiempos e intereses.
2. Vocabulario Mejorado: La lectura regular te expone a una gama más amplia de vocabulario, mejorando tus habilidades de comunicación y comprensión.
3. Impulso de la Memoria: Los estudios sugieren que leer puede ayudar a agudizar tu memoria y función cognitiva, manteniendo tu mente activa y comprometida.
4. Reducción del Estrés: Acurrucarse con un buen libro puede ser una forma de escape mental, ofreciendo un respiro temporal de las ansiedades diarias y una oportunidad para relajarse.
5. Mejora del Enfoque y la Concentración: En el mundo acelerado de hoy lleno de distracciones, leer fortalece tu capacidad de enfoque y concentración durante períodos prolongados.
6.💖 Empatía y Perspectiva: Ponerte en los zapatos de los personajes de ficción te permite desarrollar empatía y obtener una comprensión más profunda de diferentes perspectivas.
7. Creatividad Mejorada: La lectura te expone a nuevas ideas y procesos de pensamiento, potencialmente estimulando tu propia creatividad y habilidades de resolución de problemas.
8. Habilidades de Escritura Más Fuertes: Sumergirte en prosa bien escrita puede mejorar tu estilo de escritura, estructura de oraciones y claridad general de comunicación.
9. Mejor Calidad de Sueño: Cambia el tiempo de pantalla por un libro antes de dormir. La naturaleza calmante de la lectura puede ayudarte a relajarte y desestresarte, promoviendo una mejor calidad de sueño.
¡Haz de la lectura una parte de tu rutina diaria y experimenta estos increíbles beneficios!

¡No olvides seguirla!

බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය අදයි.🔸වෙසක් පුන් පොහෝ දා වැදගත්කම.         ⊱⋅ ──...
23/05/2024

බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය අදයි.

🔸වෙසක් පුන් පොහෝ දා වැදගත්කම.
⊱⋅ ──────────────── ⋅⊰

⍟ සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම,සිද්ධාර්ථ තාපසයාණන්ගේ බුදුවීම සහ බුදුන් වහන්සේගේ පරිනිර්වාණය යන අසිරිමත් මංගල කරුණු ත්‍රිත්වය සිදු වූ දිනය වීම.

⍟ දීපංකර බුදුරදුන් හමුවේ සම්මා සම්බුද්ධ පදවිය සඳහා ගෞතම බුදුරදුන් නියත විවරණ ලැබීම.

⍟ කිසාගෝතමි දේවිය විසින් '' නිබ්බුතා නූන සා මාතා " යන නිබ්බුත පද පැවසීම.

⍟ බුදුවීමෙන් පසු ප්‍රථම වරට කිඹුල්වත් පුරයට පැමිණ යමාමහ පෙළහර පෑම.

⍟ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ඇරයුමෙන් කැලණියට වැඩීම, එදවස සුමන සමන් දෙව්රදුන්ගේ ඇරයුමෙන් සමනල පව්වට වැඩම කොට බුදුසිරිපා පිහිටුවා තෙවන වරටත් සිරිලක පුන්‍ය භූමියක් බවට පත් කිරීම.

⍟ විජය කුමරු ලංකාවට පැමිනීම.

⍟ පිරිනිවන් මංචකයේ සැතපී සිටි බුදුරදුන් වෙත පැමිනි සක්දෙව් රදුට ලංකාවත් සිංහල ජාතියත් රක්නා ලෙස පැවරීම.

⍟ දෙවනපෑතිස් රජු ධර්මාශෝක චක්‍රවර්තීන් විසින් තිළිණකොට එවන ලද පංච කකුධ භාණ්ඩයන් සහිතව නියම උදාර රජකු ලෙස ද්විතීයාභිශේක ලැබීම.

⍟ අනුරපුර මහමෙවුනා උයනේ රුවන්වැලි සෑ රදුන් සෑදීමට වීසා නැකතින් වැඩ ඇරඹීම.

⍟ ආනන්ද හිමියන් පිරිනිවන් පෑම

⍟ මහා විහාරවංශික භික්ෂූන්ගේ වර්ෂයක් පාසා පවත්වනු ලබන උපසම්පදා මහෝත්සවය ප්‍රථම වරට පැවැත්වීම.

⍟ ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ රජවරුන්ගේ අභිෂේකය සිදුකිරීම

ලෝ සතුන් අපමණ දුක් හිරිහැර විඳිමින් ගත කළ ඒ දුක්බර ජීවිතයට සැනසුම උදාකර, ඔවුන් සසර සයුරින් එතෙර කිරීමේ මහත් කරුණාවෙන් සැදුණු අප සිදුහත් බෝ සතුන් උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත් වී වදාළ වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධයන් වූ අප සැමට අසම වූ උතුම් දිනයකි. මෙදින වූ අසිරිමත් සිදුවීම් රාශියකි.
මෙයින් සාරා සැකි කප් සුවහසකට පෙර සුමේධ තාපසව සිටිය දී දීපංකර සම්බුදුරදුන් හමුවේ දී බුද්ධත්වයට පත්වීම පිළිබඳව පළමු කොට නියත විවරණ ලැබුවේ වෙසක් පුන් පොහෝ දිනයකය.
කපිලවස්තු පුරයෙහි පාලක ශාක්‍යය වංශික සුද්ධෝදන රජතුමාණන්ගේ අග බිසව වූ මහාමායා මෙහෙසිය කුසින් ලුම්බිණි සල් වනයේ දී බෝසතුන් බිහි වීමේ අසිරිමත් සිදුවීම ද වූයේ වෙසක් පුන් පොහෝ දිනකය. “අග්ගෝ හමස්මි ලෝකස්ස
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස
අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවෝ’
මම ලෝකයට අග්‍ර වෙමි. ජ්‍යෙෂ්ඨ වෙමි. ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම ආත්ම භාවයයි. නැවත උපතක් නැත. යනුවෙන් අභීත සිංහ නාදය පවත්වන ලද්දේත්, වෙසක් පුන් පොහෝ දිනයේදී ය. බුද්ධත්වට පත්වීමත් සමග ඇතිවූ මහත් ප්‍රීතිය ප්‍රකාශ කරමින්
"අනේක ජාති සංසාරං
සංධාවිස්සං අනිබ්බිසං "
යන ආදී වශයෙන් ශ්‍රේෂ්ඨ වදන් ප්‍රකාශ කරන ලද්දේ ද උතුම් වෙසක් පුර පසළොස්වක පෝහොය දිනයේදී ය. බුද්ධත්වයෙන් හතළිස් පස් වසරක් මුළුල්ලේ සවි සතුනට අමා මහ නිවන් සුව සලසාලමින් වැඩ සිට අවසානයේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් සල් උයනෙහි පැවති යමක සාල වෘක්ෂයන් අතර පනවන ලද ආසනයෙහි සැතපී වැඩ සිටිමින් අන්තිම බුද්ධ වචනය වූ "අප්පමාදේන සම්පාදේථ" යනුවෙන් නිවන් සුව ලඟා කර ගැනීම සඳහා අප්‍රමාදීව ක්‍රියා කරන්න' යයි තම ශ්‍රාවකයන්ට අවවාද දී අසූවන වියේ දී බුදුරදුන් පිරිනිවන් පා වදාළේත් වෙසක් පුන් පොහෝ දිනකය. සම්බුදුරදුන් දෙවනවර නාගදීපයට වැඩි අවස්ථාවෙහි මණිඅක්ඛික නා රජු කළ ආරාධනයට අනුව පන්සියයක් භික්ෂූන් පිරිවරාගෙන බුද්ධත්වයෙන් අටවන වසරෙහි කැලණියට වැඩමවා දහම් දෙසා සමන් දෙවියන්ගේ ඇරයුමෙන් සමනල කඳු මතට වැඩම කොට සිරිපා සටහන පිහිටුවන ලද්දේත් උතුම් වෙසක් පුන් පොහෝ දිනයක ය. එහිදී ලංකාවට වැඩම වූ බුදුරදුන් තවත් ස්ථාන දොළහකට ද ඒවා පූජනීයත්වයෙන් උසස් තත්ත්වයකට පත්කළහ.
සුද්ධෝදන රජතුමාගේ ඇරැයුමෙන් , විසි දහසක් පමණ සඟ පිරිස පිරිවරාගෙන රජගහ නුවරින් පිටත්ව පියරජතුමාණන් පාලනය ගෙන ගිය කිඹුල්වත් පුරය වෙත වැඩමවන ලද්දේත් , එහිදී ශාක්‍යයන්ගේ මානය තුරන් පිණිස යමා මහ පෙළහර දක්වන ලද්දේත් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනක ය.
සම්බුදු රදුන්ගේ අග්‍ර උපස්ථායක ධුරය දැරූ ධර්ම භාණ්ඩාගාරික අනඳ තෙරණුවන් එකසිය විසි වසරක් වැඩසිට පිරිනිවන් පාන ලද්දේත් උතුම් වෙසක් පුන් පොහෝ දිනකදී ය.
බෞද්ධ ආගමික වර්ෂයත්, සිංහල ජාතික වර්ෂයත් දෙකම එක් දිනයක් බවට පත් වීමේ වැදගත් සිදුවීම අප සිත්හි සනිටුහන් කරමින් වංශ කතාව සඳහන් කරන අන්දමට සිංහල ආර්ය වංශික ප්‍රථම පාලකයා වූ විජය රජතුමා සත්සියයක් පිරිස සමග ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සැපත් වූයේද වෙසක් පුන් පොහෝ දිනයක ය.
අනුරාධපුරය යුගයේ ශ්‍රේෂ්ඨතම පාලකයෙකු වූ දෙවන පෑතිස් රජතුමා ඉන්දියාව පාලනය අශෝක අධිරාජ්‍යයාගේ ඉල්ලීම පරිදි දෙවන වරට ආර්‍ය අභිෂේකය සිදුකරන ලද්දේත් වෙසක් පුන් පොහෝ දිනයක ය. ශ්‍රී ලංකාව විදේශීයන්ගෙන් නිදහස් කොට ගත් දුටුගැමුණු රජතුමා අනතුරුව අනුරාධපුරයෙහි රුවන්වැලි සෑය සෑදවීමට වැඩ ආරම්භ කරන ලද්දේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකය.

වෙසක් දිනය නිමිති කොට නොයෙක් ආකාරයෙන් උත්සව පවත්වන ලෝකවාසීන් විසින් විශේෂයෙන් බොදු බැතිමතුන් විසින් අවධානය යොමු කළ යුතු කරුණෙක් ඇත. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මඤ්චකයෙහි සැතපී වැඩ හිඳ දේශනා කළ ශ්‍රෙෂ්ඨ ධර්මයට අවධානය යොමු කළ යුතු ය.

“යො ඛො ආනන්ද භික්ඛුවා භික්ඛුනීවා උපාසකොවා උපාසිකාවො ධම්මානුධම්ම පටිපන්නො විහරති. සාමීචි පටිපන්නො අනුධම්මචාරි සො තථාගතං සක්කරොති ගරුකරොති මානෙති පූජෙති පරමාය පූජාය පටිපත්ති පූජාය...” යනුවෙන් “යම් භික්ෂුවෙක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ නවලෝකෝතර ධර්මයට අනුධර්ම වූ පූර්වභාග ප්‍රතිපදා සංඛ්‍යාත උතුම් ප්‍රතිපත්තියට පිළිපන්නකු ව වෙසේ නම් ඒ තැනැත්තේ නිසි උතුම් පූජායෙන් තථාගතයන් වහන්සේ පුදන්නේ නම් වේ යැ”යි වදාළහ. මෙයින් පැහැදිලි වනුයේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව ශ්‍රෙෂ්ඨ බවයි. යමෙක් තථාගතයන් වහන්සේට නිසි උතුම් පූජාවෙන් පුදන්නේ නම් නියම ගෞරවය සැලකිල්ල දක්වන්නේ නම් ආමිස පූජාවෙන් පමණක් බුදුරදුන් පුදන්නේ නැති ව ප්‍රතිපත්ති පූජාවෙන් ද බුදුන් පුදන්නට කල්පනා කළ යුතු ය. එය උතුම් බුද්ධ පූජාව ම වන්නේ ය. අද බොහෝ දෙනා ගේ සිරිත ආමිස පූජාවනට පමණක් පුරුදු වීම ය. ප්‍රතිපත්ති පූජාව බොහෝ සෙයින් ඈත් වී යෙයි. ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව ගරු කොට සැලකූ බුදුරජාණන් වහන්සේ ගේ ත්‍රිවිධ මංගල්‍යය සිදු වූ අත්‍යුත්තම පූජනීය වෙසක් පොහෝ දිනයෙහි වැඩි වැඩියෙන් ප්‍රතිපත්ති පූජාවෙහි යෙදිය යුතු ය. සම්මා සම්බුදු රදුන්ගේ අනන්ත ගුණ සමුදායයට ඔබ මෙදින පූජා කරන මලේ සුවඳත් දල්වනු ලබන පහනේ ආලෝකයත් කරනු ලබන සැරසිලි වල ශෝභාවත් අමාමහ නිවන් පුරය තාක් නො නැසී විහිදුවන්නට හැකි අයුරු ඥානාන්විත ව ක්‍රියා කිරීමට කල්පනා කාරී විය යුතු ය. මෙම ශ්‍රෙෂ්ඨතම දිනයෙහි තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රෙෂ්ඨ ගුණ ගරුක ජීවිතයක් ගත කරන්නටත් ප්‍රතිපත්ති පූජාවෙන් තථාගතයන් වහන්සේ පුදන්නටත් අධිෂ්ඨාන කර ගැනීම හැම බෞද්ධයාගේ ම පරම යුතුකම විය යුතු ය.

සියපින් සිරින් සරු
දෙතිස් ලකුණෙන් විසිතුරු
කෙලෙසුන් කෙරෙන් දුරු
වඳිම් මුනි උතුමන් තිලෝගුරු..🌸🙏

සම්බුදු සිසිලෙන් විශ්වයම නැහැවෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..! 🪔🏵🙏                               #බණℙ𝕒𝕘𝕖 𝔸𝕕𝕞𝕚𝕟
22/05/2024

සම්බුදු සිසිලෙන් විශ්වයම නැහැවෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..! 🪔🏵🙏

#බණ

ℙ𝕒𝕘𝕖 𝔸𝕕𝕞𝕚𝕟

✨️🙏                               #බණ
11/05/2024

✨️🙏
#බණ

දැනුමට යමක් 🙏                               #බණ
07/05/2024

දැනුමට යමක් 🙏

#බණ

ලැබූවා වූ මේ වෙසක් මාසය පුරාවට ඔබට පින් සිතුවිලි ගලා ඒවා..මානසික සුවයම ලැබේවා !! තෙරුවන් සරණයි !                        ...
01/05/2024

ලැබූවා වූ මේ වෙසක් මාසය පුරාවට ඔබට පින් සිතුවිලි ගලා ඒවා..මානසික සුවයම ලැබේවා !! තෙරුවන් සරණයි !

#බණ

බක් පොහොයේ වැදගත්කම 🙏                               #බණ
23/04/2024

බක් පොහොයේ වැදගත්කම 🙏

#බණ

සුබ උදෑසනක් 🙏කුසල් රැස් කර ගැනීමට සිත යොදන පිංබර දිනයක් වේවා..පිංවත් ඔබ සියලු දෙනා හට උත්තම පට්ඨාන ධර්මයේ පිහිට ආරක්ෂාව ...
07/03/2024

සුබ උදෑසනක් 🙏කුසල් රැස් කර ගැනීමට සිත යොදන පිංබර දිනයක් වේවා..
පිංවත් ඔබ සියලු දෙනා හට උත්තම පට්ඨාන ධර්මයේ පිහිට ආරක්ෂාව ලැබේවා..තෙරුවන් සරණයි 🙏

#බණ

ඔබත් සුදු වතින් සැරසී මෙම මහා පිංකමට සහභාගි වන්න..තෙරුවන් සරණයි ❤️🙏
17/02/2024

ඔබත් සුදු වතින් සැරසී මෙම මහා පිංකමට සහභාගි වන්න..තෙරුවන් සරණයි ❤️🙏

ඔබත් සුදු වතින් සැරසී අද පැවැත්වෙන මෙම මහා පිංකමට සහභාගි වන්න..තෙරුවන් සරණයි ❤️🙏
11/02/2024

ඔබත් සුදු වතින් සැරසී අද පැවැත්වෙන මෙම මහා පිංකමට සහභාගි වන්න..තෙරුවන් සරණයි ❤️🙏

Address

983 Cecil Street, Northbrook

Telephone

+94778884291

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Saddharmaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Saddharmaya:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share