Voice Of Gampaha

Voice Of Gampaha සියනෑ කෝරළය වෙනුවෙන් හැමොගේම එකතුවක්

මිනුවන්ගොඩ යනු බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ග්‍රාම සේවා වසම් 126 ක් අයිති මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශයකි. 1976 ගම්පහ දිස්ත්‍රික්කය වශයෙන් දිස්ත්‍රික්කයක් අනුමත වීමට ප්‍රථම මිනුවන්ගොඩ අයත්ව තිබුණේ උතුරු කොළඹටය. ඊටත් පෙර කාලයේ මිනුවන්ගොඩ අයත්ව තිබුණේ උඩුගම්පොළ රාජධානියටය. උඩුගම්පොළ රාජධානිය පාලනය වූයේ කෝට්ටේ රාජධානිය යටතේය.

අතීතයේ දී මිනුවන්ගොඩ අයත් වූ උඩුගම්පොල

බල ප්‍රදේශය අදට වඩා විශාල බල ප්‍රදේශයක් විය. ඒ අනුව පුරාණයේ දී උඩුගම්පොළ රාජධානියේ එක් සීමාවක් අවසන් වී ඇත්තේ කැලණියෙනි. සියනෑ කෝරළය, අලුත්කූරු කෝරළය, හේවාගම් කෝරළය, හා සතර කෝරළය නැමති කෝරළ හතරම මෙම ප්‍රදේශයට යටත්ව තිබී ඇත. උතුරින් කැලණි ගඟ දක්වා ද දකුණින් මා ඔය දක්වා ද, බටහිරින් මහ මුහුද දක්වා ද නැගෙනහිරින් සබරගමුව දක්වා ද , මිනුවන්ගොඩ පාලනය වූ උඩුගම්පොළ රාජධානිය ව්‍යප්තව තිබූ බව පුරාණ ලේඛනවල සඳහන්ය.

එකල මෙම ප්‍රදේශය පාලනය කර ඇත්තේ 8 වන වීර පරාක්‍රමබාහු රජතුමන්ගේ පුතණුවන් වූ සකල කලා වල්ලභ රජු විසිනි.

මිනුවන්ගොඩ යනු දෙවන පෑ තිස් රජුගේ සුමිත්ත අමති ද, වලගම්බා රජතුමා ද, කෝට්ටේ 8 වන වීර පරාක්‍රම බාහු සහ ධර්ම පරාක්‍රම බාහු, මහනුවර කීර්ති ශ්‍රී රාසිංහ ආදී රජවරුන් වරින් වර පැමිණ ශාසනික සංස්කෘතික මෙහෙවර කළ ප්‍රදේශයක් වූ අතර ප්‍රසිද්ධ නොවූ චෝල, සිංහල, ලන්දේසි, පෘතුගීසි, ඉංග්‍රීසි හටන් සිදු වූ ප්‍රදේශයක් බව මූලාශ්‍ර පරිශීලනයෙන් පෙනී යයි.

Address

Gammarth
11870

Website

Alerts

Be the first to know and let us send you an email when Voice Of Gampaha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Voice Of Gampaha:

Share


Other Digital creator in Gammarth

Show All