Īsara TV - ඊසර ටීවී

Īsara TV - ඊසර ටීවී ඊසරයක වේගයෙන් ඔබ වෙතට

Monkeypox වෛරසය ලංකාවටත් එයිද?වසර 3 කට අධික කාලයක් කොරෝනා වසංගතයෙන් අපි පීඩා විඳින්නෙමු. එය තුරන් වන්නටත් මත්තෙන් තවත් එ...
06/08/2022

Monkeypox වෛරසය ලංකාවටත් එයිද?

වසර 3 කට අධික කාලයක් කොරෝනා වසංගතයෙන් අපි පීඩා විඳින්නෙමු. එය තුරන් වන්නටත් මත්තෙන් තවත් එක් වෛරසයක් පිළිබඳව මේ වන විට අපට අසන්නට ලැබේ.ඒ monkeypox හෙවත් වඳුරු උණ රෝගයයි.මේ වන විට ලෝකයේ රටවල් 78 ක් පුරා පැතිර යමින් ආසාදිතයන් 18000 කට වඩා වැඩි ප්‍රමාණයක් ගොදුරු කර ගනිමින් පවතින මෙම monkeypox රෝගය මේ වන විට අසල්වැසි ඉන්දියාවටද ඇතුල් වී හමාරය.

ශ්‍රී ලංකාව වැනි දූපතකට වෛරසයක් ඇතුල් විය හැක්කේ කෙසේදැයි ඔබටත් මටත් ඇති එක් ප්‍රශ්නයකි .ඇත්තටම monkeypox ලංකාවට ඇතුළු විය හැක්කේ කෙසේද? මෙම monkeypox වෛරසය ආසාදනය වන්නේ කිසියම් පුද්ගලයෙකු ආසාදිත පුද්ගලයෙකු හෝ වෛරසයෙන් දූශිත ද්‍රව්‍ය සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීම මගිනි.වෛරසයෙන් දූෂිත ද්‍රව්‍ය ලෙස සැලකෙන්නේ තුවාල, ශරීර තරල, ශ්වසන ජල බිඳිති සහ ඇඳ ඇතිරිලි වැනි ද්‍රව්‍යය.එසේනම් Monkeypox ලංකාවට ඇතුල් විය හැක්කේ එක් ආකාරයකින් පමණි. එනම් සංචාරකයින් හරහාය.මෙහිදී ආසාදිත පුද්ගලයකු ලංකාවට පැමිණීමෙන් හෝ ලංකාවේ පුද්ගලයෙකු විදේශ රටකට ගොස් මෙම වෛරසය ආසාදනය වී පැමිණීමෙන් මෙම වෛරසය ලංකාවට ඇතුල්විය හැක. ඔබට මතක ඇති කොරෝනා වෛරසය මෙරටට පැමිණි ආකාරය. ප්‍රථම වරට ලංකාව තුළින් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයකු හමු වූයේ මෙරට සංචාරයට පැමිණි චීන කාන්තාවකගෙනි. මේ වන තෙක් මෙරටින් රෝගීන් වාර්තා වී නැතත් මේ ආකාරයට monkeypox වෛරසයද සංචාරකයින් හරහා ලංකාවට ඇතුල්වීමේ සම්භාවිතාවයක් පවතී. අසල්වැසි ඉන්දියාවේ ප්‍රථම වෛරසය ආසාදිත පුද්ගලයා හමු වූයේ ජූලි මස 14 වන දිනය. ඒ මැද පෙරදිග සිට ඉන්දියාවට පැමිණි 35 වියැති පුද්ගලයකුය.අද වන විට ඉන්දියාවේ ආසාදිතයන් 5 දෙනෙකු වාර්තා වී ඇත.එමෙන්ම ජූලි මස 30 වන දින ඉන්දියාවේ වෛරසය ආසාදනය වී සිදු වුණු ප්‍රථම මරණයද වාර්තා විය. කොරෝනා වෛරසය ලංකාවට පැමිණි ආකාරයෙන්ම අවට රටවල් ගණනාවක පැතිර ඇති මෙම වෛරසයද ලංකාවට පැමිණීමේ සම්භාවිතාවයක් ඇත. එසේ නම් අප නිරතුරුව මේ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතුය. රෝග ලක්ෂණ පවතින පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමක් සිදු නොකළ යුතුය.

වෛරසය ආසාදනය වූ පුද්ගලයකු ගේ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ වන්නේ කැසීම් සහිත තුවාල සහ බිබිලි , උණ, සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය, මාංශ පේශි වේදනාව,ඉදිමුණු වසා ගැටිති සහ උදාසීන බවයි. ඉන් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ මුහුණේ සහ අත් පා වල දැකිය හැකි දද කුෂ්ඨ වැනි කැසීම් සහිත තුවාලය සහ බිබිලිය . සාමාන්‍යයෙන් උණ ඇති වී දින 1- 3 දක්වා කාලය ඇතුළත බිබිලි සහ සහ තුවාල ඇති වේ. වෛරසය ආසාදනය වූ පුද්ගලයකු මෙමගින් පහසුවෙන් හඳුනාගත හැකිය. ආසාදිතයකුට නිරාවරණය වූ පුද්ගලයෙකුට නිරාවරණය වී දින 5 - 21 දක්වා කාලය තුළ රෝග ලක්ෂණ පහළ වේ.

එම නිසා මෙම වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගෙන් තමා ඈත් වී සිටීමත් තමාට ආසාදනය වී ඇත්නම් අන් අයගෙන් ඈත් වී සිටීමත් ඉතාම වැදගත්ය. එසේම විදේශගතවන පුද්ගලයින්ද එරට ආසාදිතයන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. විදේශගතව මෙරටට පැමිණෙන පුද්ගලයන්ද රෝග ලක්ෂණ ඇත්නම් සමීපතමයන්ගෙන් ඈත්වී සිටිය යුතුය.
සති 2 - 4 දක්වා පැවතිය හැකි මෙම රෝගය ඇතැම්විට දරුණු විය හැකි අවස්ථා ද පවතී. එමෙන්ම කුඩා ළමුන් සහ ප්‍රතිශක්තිකරණ ඌනතා පවතින පුද්ගලයින් අවදානම් තත්ත්වයක පසුවන අතර මරණ අනුපාතය 3%-6% දක්වා වේ. තවමත් රෝගය මැඩිය හැකි නිශ්චිත ඖෂධයක් හෝ එන්නතක් සොයා ගෙන නොමැති මෙම රෝගය ලංකාවට ජයගත යුතු තවත් එක් අභියෝගයක් වී ඇත.
කොරෝනා වෛරසයෙන් වසර 3 කට අධික කාලයක් පීඩා විඳිමින් සිටින ශ්‍රී ලංකාව තවත් වෛරසයකින් පීඩා විඳිය යුතු ද? මෙම ප්‍රශ්නයට පිළිතුර ඔබත් මමත් සතුය .

02/08/2022
02/08/2022

🔴 නිමල් සිරිපාල ද සිල්වා යළි අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි 🔴

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම්දී තිබෙනවා.

ජපාන සමාගමකින් අල්ලසක් ඉල්ලූ බවට එල්ල වූ චෝදනා හේතුවෙන් එම චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස දන්වමින් නිමල් සිරිපාල ද සිල්වා සිය අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වුණා.

පසුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර එම කමිටුව මඟින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වාට එරෙහිව එල්ල වූ චෝදනාවලින් ඔහු නිදොස් කොට තිබුණා.

02/08/2022

🔴 හරි පාරෙන් ඩොලර් එවන්නන්ට විදු රියක් මිලදී ගැනීම​ට අවසර 🔴

නීත්‍යානුකූල මාර්ග ඔස්සේ විදේශ විනිමය රටතුළට ගෙන එන පුද්ගලයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය විසින් විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වාදී ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඒ අනුව ඩොලර් 3,000 ට වැඩි ප්‍රමාණයක් මෙරටට එවා ඇති පුද්ගලයින්ට, ​එවන ලද මුදලින් අඩක වටිනාකමට අදාළව විද්‍යුත් යතුරුපැදියක් මිලදී ගැනීමට​ද, ඩොලර් 20,000 ට වැඩි ඕනෑම මුදලක් මෙරටට ඒවා ඇති පුද්ගලයින්ට, එම මුදලින් හරි අඩක වටිනාකම උපරිමය ඩොලර් 65,000ක් දක්වා වන පරිදි, විද්‍යුත් මෝටර් රථයක් මෙරටට ගෙන්වීමට අවසර ද හිමි වන බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

කෙසේ වෙතත් ගෙන්වනු ලබන විද්‍යුත් වාහන ආරෝපණය කිරීම සඳහා අවශ්‍ය විදුලි බලය සපයාගැනීමට එම පුද්ගලයා විසින් සූර්ය බල පද්ධතියක් ද මිලදී ගැනීම හෝ ආනයනය කිරීම සිදුකළ යුතු බවත්, එම වාහන ජාතික විදුලිබල පද්ධතිය හරහා ආරෝපනය කිරීමට අවසර නොදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

🔴 රාජ්‍ය සේවකයන්ට ලබාදුන් සිකුරාදා නිවාඩුව අවලංගු කෙරේ 🔴රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ...
02/08/2022

🔴 රාජ්‍ය සේවකයන්ට ලබාදුන් සිකුරාදා නිවාඩුව අවලංගු කෙරේ 🔴

රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කැබිනට් ඇනුමැතිය හිමිවී තිබෙනවා.

රටතුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් සහ ආහාර හිඟයට පිළියමක් ලෙස කෘෂිකර්මික කටයුතුවල නිරතවීම සඳහා සෑම සිකුරාදා දිනකම නිවාඩු ලබාදීමට මීට පෙර කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණා.

කෙසේ වෙතත් මේ වන විටත් පොදු ප්‍රවාහන සේවා යථාවත් වෙමින් පැවතීමත්, කෘෂිකාර්මික කටයුතු සඳහා වන මූලික ක්‍රියාකාරකම්වල යෙදීමට ප්‍රමාණවත් කාලයක් ලැබී තිබීමත් සැලකිල්ලට ගෙන මෙම චක්‍රලේඛය අවලංගු කිරීමට තීරණය කළ බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

🔴 BREAKING NEWS 🔴ඉන්ධන මිල පහත දැමේ.අද මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක මිල රු.10/- කින් පහත දමා ඇත.
01/08/2022

🔴 BREAKING NEWS 🔴
ඉන්ධන මිල පහත දැමේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක මිල රු.10/- කින් පහත දමා ඇත.

"ජැක්සන්ගෙ බරපතළකම දැනගෙනම ගත්තෙ ඔපරේශන් කාමරේ ට. ඊට පස්සෙ තමයි දැඩිසත්කාර ඒකකයට දැම්මේ. වෛද්‍යවරු දැනගත්තා මේ අනතුර ටික...
31/07/2022

"ජැක්සන්ගෙ බරපතළකම දැනගෙනම ගත්තෙ ඔපරේශන් කාමරේ ට. ඊට පස්සෙ තමයි දැඩිසත්කාර ඒකකයට දැම්මේ. වෛද්‍යවරු දැනගත්තා මේ අනතුර ටිකක් දරුණුයි කියලා.. ශල්‍යකර්මයෙන් පසුව ජැක්සන් සිහිය ලැබුවා.

අපි එක්කත් කතා කළා. මම කිව්වෙ "උඹ සිංහයා, උඹ නැගිටින්න ඕන. එක සිංහයයි මට ඉන්නෙ, සිංහයා නැගිටලා එනතුරු මම බලාගෙන ඉන්නවා” කියලා.

ඒ වෙලාවෙ ජැක්සන්ගෙ ඇස්වලට කඳුළු ආවා. මමත් වාවාගෙන හිටියා මගෙ කඳුළු. හැබැයි එච්චර හොඳින් සිහිය ලබපු ජැක්සන්ට ආයෙත් සිහිය නැතුව ගියා.

දැනට හුස්ම ගන්නෙ ශ්වසන උපකාරක යන්ත්‍රයක් මගින්. එක එක දේශ.පාලන හේතු පෙරදැරි කරගෙන බොහොම දුශ්ඨ විදිහට කතාකරන අමනුස්සයොත් ඉන්නවා. ඔවුන්ට මනුස්සකම් පහළවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එකම එක ජැක්සන් කෙනයි ලෝකෙට ඉන්නෙ..."

-Somarathna Dissanayaka

30/07/2022

⭕ පොදු රද මඩුලු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පළමු පදක්කම ඉසුරු කුමාර දිනා ගනී ⭕

✍️ එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී
ලංකාව හිමිකර ගත් පළමු පදක්කම ලෙස ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට කිලෝග්‍රෑම් 55 බර
පන්තියෙන් බර ඉසිලීමේ තරගය නියෝජනය කළ ඉසුරු කුමාර මීට සුළු මොහොතකට පෙර සමත්
වුණා.

මෙම ඉසව්වේ රන් පදක්කම හිමිවුණේ මැලේසියාවට වන අතර රිදී පදක්කම දිනා ගත්තේ
ඉන්දියාවයි.

30/07/2022

🦠 COVID-19 UPDATE 🦠

ළමා රෝහලේ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් ‼️

දිනකට රෝගීන් දෙතුන් දෙනෙක් වාර්තා වෙයි
රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩල සාමාජිකයින් අතරින්ද කොවිඩ් රෝගීන් වාර්තා වෙමින් පවතින බවය.

“මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් -19 වැලඳුනු දරුවන් 10 දෙනෙක් පමණ ප්‍රතිකාර ලබනවා. සාමාන්‍යයෙන් දිනකට රෝගීන් දෙතුන් දෙනෙක් වගේ වාර්තා වන මට්ටමට දැන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපේ කාර්ය මණ්ඩලයෙත් අය ආසාදනයට ලක්වන අවස්ථා දක්නට ලැබෙනවා. කෙසේ හෝ මේ ආසාදනය වන පුද්ගලයින් මේ වනවිට ආසාධ්‍ය තත්ත්වයේ රෝගීන් ලෙස වාර්තා වන්නේ නෑ. කෙසේ නමුත් මේ රෝගි තත්ත්වයත් උත්සන්න වෙමින් පවතිනවා. එතකොට මෙවැනි ගැටුම්කාරී තත්ත්වයන් තියෙන අවස්ථාවක මේ රෝගී තත්ත්වයත් තවදුරටත් උත්සන්න වීම තුළින් සෞඛ්‍ය සේවාව සහ අපේ රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යෑම ගැටලුකාරී තත්ත්වයක් බවට පත්වීමේ හැකියාවක් තියෙනවා. එම නිසා අපේ රටේ ජනතාවගෙන් මම ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා හැකි සෑම අවස්ථාවකම මුව වැස්ම භාවිත කරන්න, දෑත් පිරිසිදුව තබා ගන්න. අනවශ්‍ය එකතුවීම් අවම කරන්න.”

‍රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන් අතර උග්‍ර මන්දපෝෂණ තත්ත්වයක් පවතින බවට මෙතෙක් සනාථ වී නොමැති බව ද රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කළේය.

“මේ අවස්ථාවේ දී නොයෙක් සමාජ මාධ්‍ය තුළ පැතිරෙනවා රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ මන්ද පෝෂණය ඉතා උග්‍ර ලෙස පැතිරෙනවා කියලා. මේ කියන ආකාරයට සත්‍යතාවයක් නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ, පවුල් සෞඛ්‍ය කාර්යාංශය මඟින් අධ්‍යයනයක් කරමින් පවතිනවා එයින් පස්සේ තමා අපිට හරියටම කිව හැක්කේ. මම ඉතාම වගකීමෙන් කියනවා රෝහල්වලට පැමිණෙන රෝගීන්ට හා භාරකාරයන්ට අවශ්‍ය ආහාර අපි ලබාදෙනවා.”

මේ අතර සමාජය තුළ තහවුරු නොවූ කොවිඩ් රෝගීන් විශාල වශයෙන් සිටිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

📣 නිසි වේලාවට ගුවන් ටිකට්පත් ලබා දීමට මලළ ක්‍රීඩා සංගමය අපොහොසත් වූ බැවින්, කොලොම්බියාවේ පැවත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා...
30/07/2022

📣 නිසි වේලාවට ගුවන් ටිකට්පත් ලබා දීමට මලළ ක්‍රීඩා සංගමය අපොහොසත් වූ බැවින්, කොලොම්බියාවේ පැවත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට සහභාගි වීමෙ වරම ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිවෙයි. 📣

30/07/2022

🦠 COVID-19 UPDATE 🦠

මෙරට කොවිඩ්-19 රෝගීන් පෙර සංඛ්‍යාවට සාපේක්ෂව 10% - 12% කින් ඉහළට‼️

30/07/2022

🦠 COVID-19 UPDATE 🦠

නිවෙස්ගත නිරෝධායනය යළිත් සක්‍රිය කරයි‼️

30/07/2022

🔴 BREAKING NEWS 🔴

මෙතෙක් හදුනාගත් දරුණුතම කොරොනා ප්‍රබේදය මෙරටින් පලමුවරට හදුනාගැනේ.‼️

මේ වන විට ලොව පුරා වේගයෙන් ම පැතිර යන කොරෝනා වෛරස ප‍්‍රභේදය ශ්‍රී ලංකාවෙන් හඳුනා ගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශ ප්‍රධානී ආචාර්ය චන්දිම මහතා පෙන්වා දෙන්නේ මෙම ප‍්‍රභේදය පැතිරී යාමත් සමග රට තුළ දරුණු තත්වයක් නිර්මාණය වනු ඇති බවයි.

‘අපගේ ආයතනය මගින් මේ නවතම ජාන විශ්ලේෂණතා පරීක්ෂණයට අනුව සොයාගෙන තියෙනවා දැනට ලංකාවේ විශේෂයෙන් කොළඹ ආශ්‍රිතව පැතිරුණු ප්‍රධානතම ප්‍රභේදය විදියට බී.ඒ.5 කියන ඔමික්‍රෝන් අනු ප්‍රභේදය. මේක ලංකාවේ ප්‍රථම වතාවට තමයි අපි සොයා ගත්තේ. මේක තමා ලෝකයේ හැමතැනම මේ වන විට කොවිඩ් 19 රෝගය පැතිරීමට ප්‍රධානතම ප්‍රභේදය ලෙස හඳුනාගෙන තියෙන්නේ. මේක තමා මේ වන විට කොවිඩ් – 19 හඳුනාගත්තට පස්සේ වේගයෙන්ම පැතිරෙන්න පුලුවන් ප්‍රභේදය. ඒ නිසා ඉදිරියේදී අවදානමක් තියෙනවා රෝගීන් ප්‍රමාණය වැඩි වීමේ. ඒ සඳහා තමයි අප සූදානම් විය යුත්තේ’

30/07/2022

අත්‍යවශ්‍ය ඖෂධ 100කට අධික සංඛ්‍යාවක් තවදුරටත් හිඟයි‼️

29/07/2022

🦠 COVID-19 🦠

කොරෝනා මරණ 5ක් ‼️

ආසාදිතයින් 143ක් ‼️

29/07/2022

🔴 සති අන්තයේත් පැය 3ක විදුලි කප්පාදුවක් 🔴

✍️ හෙට (30) සහ ඉරිදා (31) යන දිනවල පැය 3ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන
උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දහවල් කාලයේ පැයයි
විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.

29/07/2022

🔴 ජුලි මාසයේ උද්ධමනය 60.8% දක්වා ඉහළට 🔴

✍️ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත ජුලි මාසයේ උද්ධමනය 60.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආහාර කාණ්ඩයේ මිල ගණන්වල වැඩි වීම 90.9%ක් බවයි ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ
දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

29/07/2022

🔴 අගෝස්තු මාසයේ පාසල් නිවාඩුව නැහැ - අධ්‍යාපන ඇමති 🔴

✍️ රජයේ සහ අනුමත පෞද්ගලික පාසල් සඳහා මෙවර අගෝස්තු මාසයේ දී නිවාඩුවක් ලබා නොදෙන බව
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

එමෙන්ම, දැනට ක්‍රියාත්මක සතියකට දින 3 ක් පමණක් පාසල් පැවැත්වීමේ ක්‍රමවේදය
නුදුරේදීම ඉවත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම අමාත්‍යාංශයේ
අද පැවති සාකච්ඡාවකදීයි.

🔴 ශ්‍රී ලංකාව ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉදිරියට 🔴පාකිස්තානය සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඊයේ ලැබූ ලකුණු 246...
29/07/2022

🔴 ශ්‍රී ලංකාව ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉදිරියට 🔴

පාකිස්තානය සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඊයේ ලැබූ ලකුණු 246 ක විශිෂ්ඨ ජයත් සමඟ ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන කිහිපයකින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව ඇත්තේ 53.33% ජයග්‍රහණ ප්‍රතිශතයක් හිමි කර ගනිමින්.

71.43% ජයග්‍රහණ ප්‍රතිශතයක් හිමි කර ගෙන සිටින දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර, 70% ජයග්‍රහන ප්‍රතිශතයක් හිමි ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවනවා.

29/07/2022

🔴 NEWS ALERT 🔴

ඉන්ධන අර්බුදය හේතුවෙන් පාපැදියෙන් පැමිණෙන පිරිස් සදහා ප්‍රධාන මාර්ගයේ වෙනම මංතීරුවක් වෙන් කිරීම කොලඹ මහ නගර සභාව විසින් ආරම්භ කර තිබෙනවා.

ලෝක වෙළද මධ්‍යස්ථානය ඉදිරිපිට පැපැදි නවතා තැබීමට විශේෂ ස්ථානයක් ද ඉදිකර තිබෙනවා.

💡 POWER CUT SCHEDULE 💡 අද පැය 03ක විදුලි කප්පාදුවක්අද (29) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේ...
29/07/2022

💡 POWER CUT SCHEDULE 💡

අද පැය 03ක විදුලි කප්පාදුවක්

අද (29) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා
- දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
- රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි

P, Q, R, S, T, U, V, W කලාප සඳහා
- දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
- රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි

M, N, O, X, Y, Z කලාප සඳහා (BOI Zone)
- උදෑසන කාලයේ : පැය 3 යි

CC කලාප සඳහා (Colombo City Commercial Zones)
- උදෑසන කාලයේ : පැය 2 යි විනාඩි 30 යි

28/07/2022

🔴 කෑගල්ලේ හිටපු එස්.එස්.පී ඇතුළු සිව් දෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට 🔴

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කෑගල්ල
හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න ඇතුළු නිලධාරීන් සිව් දෙනා ලබන
මස 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න හමුවේ කැඳවූ අද අවස්ථාව්දීයි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ සිද්ධියට අදාළව
පොලිස් නිලධාරින් 125 දෙනෙකුගෙන් සහ සිවිල් පුද්ගලයින් 120 දෙනෙකුගෙන් සාක්ෂි
සටහන් කරගෙන ඇති බවයි.

28/07/2022

🔴 චීනයටත් යලිත් කොරෝනා අවදානමක් - වුහාන්හි ලක්ෂ 10ක් ලොක් ඩවුන් වෙයි 🔴

28/07/2022

🔴 ඩීසල් ලීටර් 4070 මිරිස්සෙන් අල්ලයි 🔴

ඩීසල්වලට භූමි තෙල් මිශ්‍ර කර වැඩි මිලට විකිණීම ජාවාරමක නිරත වු බව කියන වැලිගම මිරිස්ස ප්‍රදේශයේ ධීවර ව්‍යාපාරිකයකු ඩීසල් ලීටර් 4070 ක තොගයක් සමග සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

28/07/2022

🔴 ආසියානු ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාවට නැති වුණේ ඉන්ධන ගැටලුව නිසා බව හෙලිවෙයි 🔴

2022 ආසියානු කුසලානය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා, පළමු වරට එය තහවුරු කර ඇතැයි ක්‍රීඩා මාධ්‍ය අද වාර්තා කළා.

ඒ අනුව, අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී තරගාවලිය පැවැත්වෙන නමුත් එහි සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා පැවසුවේ ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සෑම උත්සාහයක්ම ගත් නමුත් තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන යාමට තීරණය කළ බවයි.

ඔස්ට්‍රේලියාව සහ පකිස්තානය යන රටවල් සමග ද්විපාර්ශ්වික ක්‍රිකට් තරඟාවලි සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකාවට හැකිවී තිබෙනවා. නමුත් ආසියානු කුසලානය වැනි කණ්ඩායම් කිහිපයක තරඟාවලියක් පැවැත්වීම ශ්‍රී ලංකාවට අභියෝගයක් වී ඇත්තේ රටේ පවතින ආර්ථික අර්බුදයට බවටයි ක්‍රීඩා මාධ්‍ය භාවිතා කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වාද පවසා ඇත්තේ කණ්ඩායම් දෙකකට සත්කාරකත්වය සැපයීම, කණ්ඩායම් දහයකට සත්කාරකත්වය සැපයීමට සමාන නොවන බවයි. ඔවුන් සියල්ලටම ඉන්ධන සහිත බස් රථ දහයක් ලබා දිය යුතු බවත් සෑම කණ්ඩායමකටම ඉන්ධන සහිත ගමන් මලු වෑන් රථයක් ලබා දිය යුතු බවත් කළමනාකරුවන්ට මෙන්ම අනුග්‍රාහකයන්ටද ප්‍රවාහන පහසුකම් ලබා දිය යුතු බවත් ඔහු පවසා තිබෙනවා.

එමෙන්ම ඔවුන්ට ලැබෙන පහසුකම් සම්බන්ධයෙන් සහතික කළ යුතු බවත් විදුලි ජනන යන්ත්‍රවලට මෙන්ම විදුලි පහන් ක්‍රියාත්මක කිරීමටද ඉන්ධන සොයා ගැනීමට සිදුවනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පවසා ඇත්තේ.

28/07/2022

🔴 ජනපති මැදුරෙන් හමුවූ මුදල් වහාම අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි පොලීසියට නියෝගයක් 🔴

ජනපති මැදුරේ තිබී අරගලකරුවන් විසින් ‍සොයා ගෙන පොලීසියට භාර දෙන ලද රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක් වන මුදල වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස අද (28) දින‍යේ පොලීසියට නියෝගයක් කර තිබෙනවා.

මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙම නියෝගය ලබාදී තිබුණු අතර ඔහු පෙන්වා දී තිබුණේ අදාළ මුදල් භාර දී සති 03කට ආසන්න කාලයක් ගත වී ඇතිමුත් මෙතෙක් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවයි.

පසුගිය 09 වනදා මහජන අරගලය දිනයේ දී අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අවස්ථාවේ මෙම මුදල සොයා ගත් අතර පසුව එය පොලීස් නිලධාරීන් වෙතම ලබාදීමට ඔවුන් කටයුතු කළා.

28/07/2022

⭕ ALERT ⭕

SRI LANKA WON BY 246 RUNS AND LEVEL THE SERIES 1-1 🥳🥳🥳🥳🥳

28/07/2022

පොල්දූව හන්දිය අසල පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් ක්‍රියාකාරික පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) විසින් අත්අඩංගුවට ගෙන ඇත.

28/07/2022

🔴 NEWS ALERT 🔴

කලාවැව - බළලුවැව් තාවුලුවල වසරේ වැඩි කාලයක් සැරිසැරෑ බරණ නැමැති ඇතා මියගොස් ඇත්තේ විදුලි සැර වැදීමෙන් බවට

Address

No 203, Thissa Road, Wellawaya
Wellawaya Town
91200

Website

Alerts

Be the first to know and let us send you an email when Īsara TV - ඊසර ටීවී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Īsara TV - ඊසර ටීවී:

Videos

Share


Other Wellawaya Town media companies

Show All