Praja.lk

Praja.lk People Places Life
A website with stories
(2)

31/10/2024

තිබෙන මුදල් තොගයට අලුතින් නාමික රු. බිලියන 100ක් එකතු කිරීම පරිප්පු හොද්දට වතුර දානවා වගේ වැඩක්.

පරක්කු නෑ වෙනස් කරමු!
31/10/2024

පරක්කු නෑ වෙනස් කරමු!

31/10/2024

අප කරන්නේ බලයට පත් ගතානුගතික කැරැලිකරුවන් පිරිසකට රාජ්‍ය පාලනයේ වගකීම්සහගතභාවය හා දුෂ්කරභාවය පෙන්වා දීම බව කරුණාවෙන් සලකන්න.

මාස දෙකකින් ගෙවීම් නැහැ; පාසල් පෝෂණ වැඩසටහන් නවතින අවදානමකAithiya.lk පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික ...
30/10/2024

මාස දෙකකින් ගෙවීම් නැහැ; පාසල් පෝෂණ වැඩසටහන් නවතින අවදානමක
Aithiya.lk


පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික පන්තිවල සිසුන්ට රජය විසින් නොමිලේ ලබා දෙන ආහාර වේල සඳහා සැපයුම්කරුවන්ට අදාළ ගෙවීම් මාස දෙකකින් පමණ සිදුකර නොමැති බැවින් එම වැඩසටහන නතර වීමේ අවදානමක් මතු වී තිබේ.

මේ වන විට එවැනි සැපයුම්කරුවන් වෙළඳුන්ට දැඩි ලෙස ණය වී සිටින බැවින් ඔවුන්ට තවදුරටත් ගෙවීම් නොමැතිව ආහාර සැපයීම කරගත නොහැකි තත්වයක් නිර්මාණය වී ඇති බව විදුහල්පතිවරු සහ සැපයුම්කරුවෝ පෙන්වා දෙති. තමන්ට හිමි හිඟ මුදල් වහාම ලබා දෙන ලෙසත්, පාසල් පෝෂණ වැඩසටහන සඳහා මුදල් ක්‍රමානුකූලව ලබා දෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.

සැපයුම්කරුවන්ට මුදල් නොගෙවීම නිසා මේ වන විට සපයනු ලබන ආහාර වේල්වල ගුණාත්මකභාවය පිළිබඳ ද ගැටලු ඇති වී තිබෙන බව මව්පියෝ පවසති.

පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු අවම කිරීම, දෛනික පාසල් පැමි­ණීම වර්ධ­නය කිරීම, යහ­පත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධ­නය කිරීම, අධ්‍යා­පන සාධන මට්ටම් වර්ධ­නය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘ­තිය ගොඩ­නැ­ඟීම යන සිව් අභි­ම­තාර්ථ මුදුන් පමු­ණුවා ගැනීම අරමුණු කර ගනිමින් 2024 මාර්තු සිට සියලු පාසල්වල ප්‍රාථමික සිසුන්ට මෙම ආහාර වේල සපයනු ලැබේ.

ජාතික, පළාත් හා කලාප මට්ට­මින් පාසල් සිසුන්ට සම­බල ආහාර වේලක් සැප­යීම ක්‍රියා­ත්මක කර නියා­ම­නය කිරීමේ වග­කීම පැව­රෙන්නේ පාසල් සංව­ර්ධන කමි­ටු­වට වන අතර, එය විදු­හ­ල්ප­තිගේ ප්‍රධා­න­ත්ව­යෙන් ප්‍රාදේ­ශීය මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක, ප්‍රාදේ­ශීය වෛද්‍ය නිල­ධාරී හා පාසල් සංව­ර්ධන සමිති නියෝ­ජි­ත­යකු ද ඇතු­ළත් වන පරිදි පාසල් මට්ට­මින් පිහි­ටුවා ඇත. එම කමි­ටුව විසින් ආහාර සකස් කර ලබා­ගැ­නීම පාසල් සංව­ර්ධන සමිති හරහා සිදු කරයි. තවද ආහාර සැප­යු­ම්ක­රු­වන්ගේ දාය­ක­ත්වය ද ලබා­ගනී.

එක් සිසුවකුගේ ආහාර වේලක් වෙනුවෙන් රජය රු. 110ක් සපයනු ලබන අතර මේ පෝෂණ වැඩ­ස­ට­හ­නට අවශ්‍ය ආහාර වර්ග සප­යන ප්‍රධාන දේශීය සැප­යු­ම්ක­රු­වන් දහ­අ­ට­ද­හ­සක් (18,000) පමණ සිටිති.

මෙම වැඩසටහනට ලෝක ආහාර වැඩසටහනෙහි සහාය ලැබෙන අතර මේ වන විට ප්‍රගති වාර්තා සපයා 2025 වසරට අදාළ ගිවිසුම් අලුත් කර නොමැති බැවින් මෙම වැඩසටහන සම්බන්ධ අවදානම දැඩි වී තිබෙන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පෙන්වා දෙයි.

29/10/2024

අනුර වැනි ජනප්‍රිය නායකයකු මේ අර්බුදයෙදි වැදගත්. මාලිමා ආණ්ඩුවක් එක්කම ශක්තිමත් විපක්ෂයකුත් හදන්න. සමගිය නැතුව ඉදිරි ගමනක් නැහැ.

මුදල් අච්චු ගැසීම සඳහා අනිවාර්යයෙන්ම නෝට්ටු නිකුත් කිරීම අවශ්‍ය නැත. රජය විසින් උපයා නොගත් මුදලක් බැංකු වෙත ලබාදීමෙන් වන...
29/10/2024

මුදල් අච්චු ගැසීම සඳහා අනිවාර්යයෙන්ම නෝට්ටු නිකුත් කිරීම අවශ්‍ය නැත. රජය විසින් උපයා නොගත් මුදලක් බැංකු වෙත ලබාදීමෙන් වන්නේ ද සල්ලි අච්චු ගැසීමෙන් වන දේමය. එමගින් රුපියලේ අගය අඩු වේ. මෙයට ඉංග්‍රීසියෙන් කියන්නේ money printing කියාය.

මාලිමා ආණ්ඩුවේ නෝට්ටුවලින් ගනුදෙනු කරන්නට පුළුවන් කවදා සිටද?අජිත් පැරකුම් ජයසිංහ, Praja.lkමහ බැංකු අධිපති නන්දලාල් වීරසි...
28/10/2024

මාලිමා ආණ්ඩුවේ නෝට්ටුවලින් ගනුදෙනු කරන්නට පුළුවන් කවදා සිටද?
අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ අත්සනින් යුත් මාලිමා ආණ්ඩුවේ මුදල් නෝට්ටු භාවිතයට ගන්නට දැන්ම බැරි වනු ඇත.

එහෙනම්, ආණ්ඩුව රුපියල් බිලියන 100ක සල්ලි අච්චු ගැහුවා කියන එක බොරුවක්ද?

එහෙම තමයි ඒ ක්‍රියාවලියට කියන්නෙ. ඒ වුණාට නෝට්ටු අච්චු ගහලා නැහැ. කරලා තියෙන්නෙ මුදල් මැවීමක්.

ඔය භාණ්ඩාගාර බැඳුම්කර වගේ ගත්ත ණය තියෙනවානෙ. කල් පිරුණාම ඒ ණය පොළියත් එක්ක ගෙවන්නට ඕනැනෙ. ඒවා ගෙවන්නට නම්, භාණ්ඩාගාරයේ මුදල් තියෙන්නට ඕනැ. මුදල් ලැබෙන්නෙ බදු හා වෙනත් රජයේ ආදායම්වලින්.

සාමාන්‍යයෙන් ණය ගෙවන්නට රජයේ ආදායම් මදි. ඒ නිසා රජය ණය ගෙවන්නත් ණය ගන්නවා. මෙතනදි කළේ වෙනත් දෙයක්.

ඒක කළේ මෙහෙමයි. රජය තමන් සතුව නැති මුදලකින් තමයි ණය ගෙව්වෙ. ඒ මුදල මැව්වා. ඒ වුණාට අච්චු ගැහුවෙ නැහැ. දැන් ඉස්සර වගේ මුදල් කියන්නෙ නෝට්ටු හා කාසි විතරක් නෙමෙයිනෙ. ඔබේ පඩිය බැංකුවට යනවා. ඔබ ඩෙබිට් කාඩ් එක දීලා කඩෙන් බඩු ගන්නවා. මුදල් අතගෑමක් ඇත්තෙම නැහැනෙ. මේකත් ඒ වගේ දෙයක්.

නෝට්ටු මුද්‍රණය නොකර කළ මේ වැඩෙන් මොකක්ද වෙන්නෙ?

මුද්‍රණය කළා නම් වෙන දේම තමයි. ඒ කියන්නෙ රුපියලේ වටිනාකම බාල්දු වෙනවා. එතකොට ඩොලරය ඉහළ යන්නට පටන් ගන්නවා. බඩු මිළ වැඩි වෙනවා. ජීවන වියදම ඉහළ යනවා.

මේ වැඩේ නීත්‍යානුකූලද? ඔව්. සල්ලි අච්චු ගහන්නට බලය ශ්‍රී ලංකා මහ බැංකුවට තියෙනවා.

එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට මේකෙන් බලපෑමක් වෙන්නෙ නැද්ද? අනිවාර්යයෙන් වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් තුළ සිටියදී මේ මුදල් මැවීම කරලා තියෙන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතියකින් නොවන බව පැහැදිලියි. හැබැයි, ඒකෙන් වැඩසටහන ගැන තියෙන විශ්වාසය, ආයෝජක විශ්වාසය වගේම මහජන විශ්වාසයත් පලුදු වෙනවා.

දැන් ණය ප්‍රතිව්‍යූහගතකරණය ඉවර නිසා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන විදියටම කරන එකක් නැහැ. හැබැයි, ලෝක බැංකුවේ හා ආසියානු සංවර්ධන බැංකුවේ ණය එහෙමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක සම්බන්ධ නිසා ඒකෙන් අයින් වුණොත් ලේසි වෙන එකක් නැහැ.

බලයට ඇවිත් මාසයක් යන්න කලින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මෙවැනි දේ කරන්නේ ඇයි? හේතුව සරලයි. ඔවුන් ආධුනිකයි. ඒ වගේම, අහංකාරයි. ඔවුන්ට උපදෙස් දෙන්නෙ ඔවුන්ගේ තරමට ගැලපෙන පිරිසක්. නිලධාරීන් කරන්නෙ ඔවුන් කියන දේ කරන එක.

මං මේ විස්තරය කරන්නෙ සරල ආර්ථික විද්‍යා අවබෝධයකින් විතරයි. මීට වඩා මේක පැහැදිලි කරගන්නට ඕනැ නම්, ආර්ථික විද්‍යාඥයකුගෙන් අහන්න.

28/10/2024

බලපත්‍ර 8,000ක් වාහන ගෙන්නන්න පෝලිමේ. රජයේ නිලධාරීන්ගෙ. මාලිමාණ්ඩුව මොකක්ද කියන්නෙ?

28/10/2024

මහ බැංකුව ඔක්තෝබරයේ රුපියල් බිලියන 100ක් අච්චු ගහලා. ණය මදිවට මනි ප්‍රින්ටිං.
විස්තර EconomyNext

27/10/2024

ජනාධිපතිවරුන් LTTE මර්දනය කළේ සිංහල බෞද්ධ ආධිපත්‍යය වෙනුවෙනි. ආණ්ඩුව ඔවුන් නිරාවරණය කරන්නේ නම් ආරක්ෂා කිරීම සිංහල බෞද්ධයන් සතුය.

27/10/2024

ලංකාවෙ ජනාධිපති වෙන කෙනෙක් දෙමළෙන් තාත්තා කියන්නෙ සීයාටය කියන එක තේරෙන තරමටවත් ජාතික ප්‍රශ්නය ගැන ගෙදර වැඩ කර තිබිය යුතුයි.

27/10/2024

බොරුවෙන් බලයට ආ අයට දිගටම බොරු කීම හැර වෙන මගක් නැත. බද්දෙගම කතාව අහන්න.

පාස්කු ප්‍රහාරය කියන්නෙ හොඳට අලෙවි වෙන 'පොතක්'.
27/10/2024

පාස්කු ප්‍රහාරය කියන්නෙ හොඳට අලෙවි වෙන 'පොතක්'.

සීයා නැතුව පාළුයිපාස්පෝට් ගෙන්නලා පාස්පෝට් ප්‍රශ්නය විසඳුවෙ මුණුබුරාමුණුබුරා ගෙන්නපු පාස්පෝට් එකේ සිංහල දෙවෙනි තැනට දාල ...
25/10/2024

සීයා නැතුව පාළුයි

පාස්පෝට් ගෙන්නලා පාස්පෝට් ප්‍රශ්නය විසඳුවෙ මුණුබුරා

මුණුබුරා ගෙන්නපු පාස්පෝට් එකේ සිංහල දෙවෙනි තැනට දාල තියෙන්නෙ සීයා

අලුතෙන් පාස්පෝට් පෝලිම් හදල තියෙන්නෙයිත් සීයා.

අන්න දැන් අර ප්‍රහාර කතාවත් ඒ කාලෙ ඉඳන් එකක්ලු.

දැන් සිදු වෙන නරක සියලු දේට හේතුව සීයා. හොඳ ඔක්කොම මුණුබුරා.

ඊයා. පව්. කල්පනා කරල බලන්න. අන්න ඒකට තමයි ආණ්ඩු කියන්නෙ.

විශ්‍රාමික විනිසුරුවරුන්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන කමිටු මගින් කිසිවකුට අවශ්‍ය දෙයක් ලියවා ගත හැකි යයි සිතන්නේ නම්, එය ලං...
24/10/2024

විශ්‍රාමික විනිසුරුවරුන්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන කමිටු මගින් කිසිවකුට අවශ්‍ය දෙයක් ලියවා ගත හැකි යයි සිතන්නේ නම්, එය ලංකාවේ අධිකරණ පද්ධතියටම කරනු ලබන අවමානයකි. එසේම, එමගින් එම විනිසුරුවරුන් අතීතයේ දුන් තීන්දු සම්බන්ධයෙන් ද ගැටලුවක් ඇති වේ. රනිල් දේශපාලන වාසි ගැනීම සඳහා මෙම වාර්තා හෙළි කළේ නැත. අනෙක් පැත්තෙන්, එහි චෝදනා නගා ඇත්තේ රවී සෙනෙවිරත්න හා ශානි අබේසේකර යන හිටපු පොලිස් නිලධාරීන්ට පමණක් නොවේ. වත්මන් ආණ්ඩුව ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන බව දැන දැනම ඔවුන් තනතුරවලට පත් කළේය. උදය ගම්මන්පිල දේශපාලනික වාසි සඳහා වාර්තාව හෙළිදරව් කළේය. දැන් ආණ්ඩුව දිවි හිමියෙන් රනිල් හා ශානි වෙනුවෙන් පෙනී සිටිති. උදහ ගම්මන්පිලගේ හෙළිදරව්ව නිසා කාදිනල්ගේ දේශපාලනය ද එළියට පැන තිබේ.

පාස්කු ප්‍රහාරය ගැන අප එදා සිට කියන්නේ එක දෙයකි. රාජ්‍යයේ සිංහල-බෞද්ධ-ගොවිගම ආධිපත්‍යය බිඳ දැමීම සඳහා දිගින් දිගටම මෙම ප්‍රහාරය භාවිතා කරනු ඇත. මේ වන විටත්, එමගින් පොලිසිය හා රාජ්‍යය තුළ තියුණු බෙදීම් නිර්මාණය කර තිබේ. මේ සියල්ල හරහා නිර්මාණය වන අරාජිකත්වය වෙත ඔබේ අවධානය යොමු කරන්න.

අපගේ ජීවිතය තුළ අපට තව දකින්නට ඉතිරි වී තිබෙන්නේ අරාජිකත්වය තුළ ශ්‍රී ලංකා රාජ්‍යය විසිරී යාම පමණි. රට බෙදෙන එක යයි කියන්නේ ද එයටය.

24/10/2024

යකෝ ආණ්ඩුවට විරුද්ධ වෙන එක මාර ආතල්නෙ. කිසිම කරදරයක් නැහැ. මොකක් හරි ෂෙයා කරල දාල ආතල් එකේ ඉන්න පුළුවන්නෙ. රීචුත් ලැබෙනවා.

සිංහල බෞද්ධ රාජ්‍යය සහරාන් අතහැර සිංහල බෞද්ධයන් පසුපස එළවීමඅජිත් පැරකුම් ජයසිංහ, Praja.lkමේ කතා කරන්නට යන්නේ පාස්කු ප්‍ර...
23/10/2024

සිංහල බෞද්ධ රාජ්‍යය සහරාන් අතහැර සිංහල බෞද්ධයන් පසුපස එළවීම
අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk

මේ කතා කරන්නට යන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳවයි. මේවා මගේ හිතලුය. හැබැයි, මං ත්‍රස්තවාදය ගැන සහභාගීත්වය ද සහිතව අවුරුදු 40ක අධ්‍යයනයක් ඇති කෙනෙකු බව හොඳින් මතක තබාගෙන මෙම සටහන කියවන්න.

පාස්කු ප්‍රහාරය පූර්ණව දේශපාලනික වශයෙන් විග්‍රහ කළ නොහැකි ආගමික-දේශපාලනික හා මානසික ව්‍යාධිමය ක්‍රියාවකි. එම විග්‍රහය කළ හැක්කේ නවකතාවක් වැනි එකකිනි. මම එසේ කරන්නට සිතාගෙන සිටිමි.

සහරාන්ගේ කල්ලිය ඔය බලු වැඩේ කළහ. ඔච්චරම බලු වැඩක් කරනු ඇතැයි උන් අනුගමනය කළ අයිඑස් ත්‍රස්තවාදීන්වත් හිතන්නට නැත. හේතුව, මුන්ට උන් සමගවත් හරිහමන් සම්බන්ධයක් නොතිබීමයි. මේවා ප්‍රගාමී ප්‍රතිගාමී (proactive backward) ක්‍රියාය.

රාජපක්ෂලා බලයට පැමිණීම සඳහා මෙය සංවිධානය කළා යයි කීම පල් බොරුවකි. එහෙත්, සිද්ධිය වූ පසු රාජපක්ෂලා බලයට පැමිණීම සඳහා එය නියමෙටම පාවිච්චි කළහ.

2019 අප්‍රේල් 21දා ප්‍රහාර එල්ල වන බවට ඔත්තු ලැබී තිබිණි. එහෙත්, එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කියපු එක හරිය. ගහනවා කියා දැන සිටියත්, ඔච්චරම බලු විදියට ගහනු ඇතැයි සක්කරයාවත් මීට පෙර අනුමාන කර තිබුණේ නැත.

එදා රට මගහැර සිටි සිරිසේනගේ සිට පූජාව මගහැර සිටි කාදිනල් දක්වාම හැමෝම ගහන බව දැන සිටියහ. ඔවුන් පවා මෙහෙම ගැහිල්ලක් ගහතැයි සිතා සිටියේ නැත. සියලු දෙනා කළේ තම තමන්ගේ ආරක්ෂාව බලා ගැනීමයි.

සාමාන්‍ය ප්‍රහාරයක් එල්ල වුණා නම්, ඔය කොයි එකාටත් ඒක අස්සේ සාමාන්‍ය ගේම් ගහන්නට අවස්ථාව තිබුණු බව උන් දැන සිටියහ. එහෙත්, සහරාන් කල්ලිය මහ ගහෙන් දුන් විට උන් හැමෝටමත් උතුර දකුණ මාරු විය.

ඔය ජනතා විමුක්ති පෙරමුණේ ගංකබර හීනමානය නිසා උන්ට ඉංගිරිසි කතා කරන, විදේශ අධ්‍යාපනය ලද කෙනෙකු සෙට් වුණාම අගමැති වෙන්නටත් පුළුවන. සල්ලිකාරයන්ට ජාතික ලැයිස්තුවට එන්නටත් පුළුවන. හොඳ බ්‍රෑන්ඩ්වලින් නායකයන්ට බොන්නට දෙනවා නම් පොල්ලෙලි ගහගෙන එන මේ වගේ කාලවල පවා ඡන්දෙ ඉල්ලන්නට පුළුවන. ඊබ්‍රාහිම් කතාව සිදුවන්නේ එසේය. ඌ සහ උගේ පුතුන් මේ ගංකබරයන්ව මොන වැඩකට පාවිච්චි කළාදැයි විමර්ශන කළ යුතුය. එසේ නොකළහොත් තව ටික කාලයකින් පාස්කු ප්‍රහාරය කළේ මුලින් ජවිපෙ බලයට ගෙන එන්නටය කියා කතන්දරයක් නිර්මාණය කරන්නටත්, තව ටික කාලයකින් කාදිනල්ගෙන් ලෙසටම අසාගන්නටත් පුළුවන.

බුද්ධි අංශ ලෙස ලංකාවේ හඳුන්වන ඔත්තු සේවා ගැන නොදන්නා හාල්පාරුවෝ සොනික් සොනික් සොයා වැළලෙති. ඔත්තු සේවා ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පැවැත්වීම හා ඇතැම් විට ඔවුන්ට අනුග්‍රහ දැක්වීමත් අලුත්ම තත්වයක් නොවේ. ඔවුන් වැඩ කරන්නේ වෙනම සංදර්භවලයි. කෙසේ වෙතත්, අවසානයේදී ඔවුන් ඔත්තුව ලබාදී ඇත. එය විග්‍රහ කර නොගැනීම හා අවශ්‍ය තරමට ආරක්ෂාව නොසැලසීම නායකයන්ගේ ගැටලුවකි.

නායකත්වය ප්‍රධාන වශයෙන් සිංහල බෞද්ධය. පල්ලම තියෙන්නේ එතැනය. ඔවුන් අතින් සිදු වූ අඩුපාඩුව මත ඔවුන්ගෙන් පළිගැනීම සීමාවකින් තොරය. දේශපාලන බලපොරය වෙනුවෙන් සිංහල බෞද්ධයෝම තම ප්‍රතිවාදීන්ගෙන් පළිගැනීම සඳහා කාදිනල් වැනි බලවේගවලට උඩගෙඩි දෙති.

ඒ අතර, පාස්කු ප්‍රහාරයෙන් හොද්ද බොර කරගන්නට බලා සිටින ඊනියා මාධ්‍යවේදී රෑන පොත් ගහති. කුලියට කඩේ යති.

සජිත්ට සැලියුට් දදා සිටි ඇරියස්කාරයෝ වංගුවක් ගසා අනුරට සෙට් වී තනතුරු පුද ලබති.

ඔයින් මෙයින් සිංහල බෞද්ධ ගොවිගම පිරිමි මූලික ශ්‍රී ලංකා රාජ්‍යය දැනටමත් බිඳවැටී අවසන්ය. තවම එහි සිංහල බෞද්ධ බලය නොනැසී පවතී. පාස්කු නාඩගම තව ටිකක් ඉදිරියට ගෙන ගියහොත් එය ද අවසන් කළ හැකිය. දැනටමත්, රාජ්‍යයේ පොලිසිය, බුද්ධි අංශ ආදිය දක්වාම මෙම පිළිකාව විහිදී හමාරය. කිසිදු පාලකයකුට පාලනය කරගත නොහැකි රාජ්‍යයක් නිර්මාණය වෙමින් තිබේ. ආර්ථික අර්බුදයක් සමග මෙය බිඳී විසිරී යාමේ අවදානමක් ද ඇත.

අවසාන වශයෙන් මෙය ද හොඳින් මතක තබාගත යුතුය. සහරාන් කල්ලියේ හෝ එයට කිසියම් ආකාරයකින් සම්බන්ධ වන කිසිවකු දඬුවම් ලබන්නේ නැත. දැනටමත් ඇතැමෙකු නිදහස් කර හමාරය.

සිංහල බෞද්ධ විරෝධීන්ගේ උසිගැන්වීම මත සිංහල බෞද්ධ රාජ්‍යය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිංහල බෞද්ධයන් පසුපස එළවීම එකිනෙකා කා කොටාගෙන රාජ්‍යයේ සිංහල බෞද්ධ ආධිපත්‍යය අවසන් වන තුරු නතර වන්නේ නැත.

හාන්සුත් ආය එනවලු.
22/10/2024

හාන්සුත් ආය එනවලු.

22/10/2024

ශ්‍රී ලංකා රාජ්‍යයේ සිංහල බෞද්ධ මූලිකත්වය විනාශ කරන්න මුදියන්සෙලා දෙන්නෙකුව යොදාගන්න තරම් කාදිනල් දක්ෂයෙක්.

22/10/2024

ඇමතිවරයෙක් විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරියකගේ පෞද්ගලික ලිපිගොනුවේ තියෙන කරුණු මතු කර දැක්වූ අදහස් ගැන නීතීඥ සංගමයේ මතය කුමක්ද?

22/10/2024

ඇමති විජිත හේරත් ආඩම්බරගේ (+ ද අල්විස්) වාසගම අවධාරණය කරන්නේ එය දුරාව කුල වාසගමක් නිසාද?

මැතිවරණ දිනය හරියට නියම කරගන්නට බැරිකම යනු නොසැලකිලිමත්කමය.  ඔවුන් විසින් සිදුකර තිබෙන්නේ ඓතිහාසික වරදකි. එය නිවැරදි කිර...
22/10/2024

මැතිවරණ දිනය හරියට නියම කරගන්නට බැරිකම යනු නොසැලකිලිමත්කමය. ඔවුන් විසින් සිදුකර තිබෙන්නේ ඓතිහාසික වරදකි. එය නිවැරදි කිරීම පහසු නැත. ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳ දක්වන අදහස වැදගත්ය. කෙසේ වෙතත්, මැතිවරණ කොමිෂන් සභාව හා කොමසාරිස්වරයා ඉල්ලා අස් විය යුතුය.
#කලබලේනෙ

උන්ම කියනවා. ඊට පස්සෙ උන්ම නෑ කියනවා.
22/10/2024

උන්ම කියනවා. ඊට පස්සෙ උන්ම නෑ කියනවා.

බංග්ලාදේශය ගැන තියෙන උනන්දුව නිසාම අද දිනමිණෙත් නිව්ස් එකක් දාලා.
22/10/2024

බංග්ලාදේශය ගැන තියෙන උනන්දුව නිසාම අද දිනමිණෙත් නිව්ස් එකක් දාලා.

We report, you decide.
22/10/2024

We report, you decide.

Address


Telephone

+94 77 1229191

Alerts

Be the first to know and let us send you an email when Praja.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share