02/12/2023
මේ ලෝකෙ ඇතුළෙ සිද්ධ වෙන සමහර පුංචි සිදුවීම් තියෙනවා,ඒ සිදුවීම් පුංචි වුණාට ඒවයින් අපිට, අපේ හිතට ලැබෙන සතුට හරි විශාලයි.
ඔක්කොම වැඩ ඉවර කරලා නිදාගන්න යනකොට,
එළියෙන් වැස්සෙ සද්දෙ ඇහෙන එක,
නොහිතපු වෙලාවක, නොහිතපු තැනක ආසම සිංදුව ප්ලේ වෙනවා ඇහෙන එක,
නිවාඩු දවසක උදෙන්ම ඇහැරුනාම,තව ටිකක් නිදාගන්න පුලුවන් කියලා හිතට මතක් වෙන එක,
ගෙදර කුස්සිය ඇතුළෙන්, අම්මා අපි ආසම කෑම හදනකොට එන සුවඳ දැනෙන එක,
වැඩ ගොඩක් මැද්දෙ හිර වෙලා ඉන්න වෙලාවක අපි ආසම කෙනාගෙන් කෝල් එකක්,මැසේජ් එකක් එන එක,
නොහිතන වෙලාවකදි, කවුරු හරි කෙනෙක් අපේ පෙනුම ගැන, ගතිගුණයක් ගැන අවංකව හොඳ කම්ප්ලිමන්ට් එකක් දෙන එක,
ඒ වගේ දේවල් හරි පුංචි වුණාට ඒවයින් අපේ හිතට දැනෙන සතුට හරි විශාලයි.
හිත ඇතුළෙ සතුට නිර්මාණය වෙන්නෙ ලොකු ලොකු දේවල් වලින් විතරක් නෙමෙයි. පුංචිම දේවල් වලිනුත් අපි හිතනවට වඩා ලොකු බලපෑමක් වෙනවා.
ඒ හින්දා ජීවිතේ ඇතුළෙදි ඒ වගේ පුංචිම සතුටක් වුණත් මිස් කරගන්න එපා..! 💜
- මේකලා -