CHANU "

CHANU " මේක මගේ කතාව..." ❤️‍🩹💫

❥︎ Photography , Gaming & Traveling 📌️

23/11/2023

😔 !!

22/11/2023

🫀 !!

21/11/2023

🧠 !!

ලෝකෙ හොඳම පොලෝසිය !ඔන්න දවසක් ලෝකෙ හොඳම පොලෝසිය තෝරන්න ජාත්‍යන්තර තරඟයක් තිබ්බලු ඇමෙරිකාවෙන්. ලංකාවෙ පොලෝසියෙනුත් යැව්වල...
20/11/2023

ලෝකෙ හොඳම පොලෝසිය !

ඔන්න දවසක් ලෝකෙ හොඳම පොලෝසිය තෝරන්න ජාත්‍යන්තර තරඟයක් තිබ්බලු ඇමෙරිකාවෙන්. ලංකාවෙ පොලෝසියෙනුත් යැව්වලු කණ්ඩායමක්. ඔන්න ටීම් ඔක්කොම කැලයක් ලඟට එක්ක ගිහින් කූඩුවක හිටපු හාවෙක් නිදහස් කරලා කැලේට යැව්වලු. යවලා කිව්වලු "දැන් කැලේට ගිහින් හවස් වෙන්න කලින් හාවා හොයන් එන ටීම් එක තමයි ලෝකෙ හොඳම පොලෝසිය කියලා" කට්ටියම ගියාලු කැලේට. හැබැයි ඔක්කොම ටීම් හවස් වෙනකොට කැලෙන් එළියට ආවෙ හිස් අතින් ලු. තව එන්න ඉන්නෙ ලංකාවෙ ටීම් එක විතරලු. ඔන්න ඇඳිරි වැටීගෙන එන කොටම ලංකාවෙ ටීම් එක එනවලු තඩි වලහෙක් කර තියන්. වලහට හොඳටම තලලලු. වලහව බිම දාලා කීවලු

"මූ පිළිගත්තා සර් මූ හාවා කියලා" ...

කට්ටිය හොල්මන්ලු....
මෙන්න ඒ පාර වලහත් කට ඇරියලු...

"බුදු සර්, කන් දෙක කොට උනාට මම හාවෙක් සර, අපේ පරම්පරාවම හාවො සර්.. ගහන්න එපා සර්.."

CHANU " 🌝

😊
07/11/2023

😊

❤️🧚‍♀️
05/11/2023

❤️🧚‍♀️

😑
04/11/2023

😑

04/11/2023

දකින හැම කෙනාම මරන්න හිතෙන
දරුනු මනුස්සයෙක් උනත්,
ආදරේ කරපු හිතකට
කොහොම වෛර කරන්නද...!

CHANU " ❤️

The end of a long thought ☺️😅
02/11/2023

The end of a long thought ☺️😅

💗 !!
31/10/2023

💗 !!

28/10/2023

ඔබ සැමට පින්බර වප් පුන් පොහොය දිනයක් වේවා...! 🙏💐❤️

සැමවිටම අනෙකාට උදවු කිරීමට පුරුදු වන්න !
ඒක සුන්දරයි..! ඔයාටත්, දකින කෙනාටත්, ප්‍රති ලාභියාටත් ☺️❤️

☺️
27/10/2023

☺️

☺️🥀
26/10/2023

☺️🥀

C H O C O L A T E   C A K E "  🤎😋
24/10/2023

C H O C O L A T E C A K E " 🤎😋

01/10/2023

🖕😌

30/09/2023

මේ රට විනාසයි 😡💔 ප්‍රවේසම් වන්න. ඔබේ දරුවාත් මේවාට යොමු විය හැක. 🥲🙏

ශුක්‍රාණුවකින් ආපු කෙනෙක් නම් ඔයත් මේ කතාව අනිවාරෙන්ම කියවන්න 😊❤️👍 ( ජීවිතේට වැදගත් පත හෑල්ලක් )විද්‍යාඥයින් කියන විදිහට...
29/09/2023

ශුක්‍රාණුවකින් ආපු කෙනෙක් නම් ඔයත් මේ කතාව අනිවාරෙන්ම කියවන්න 😊❤️👍

( ජීවිතේට වැදගත් පත හෑල්ලක් )

විද්‍යාඥයින් කියන විදිහට .......

වැඩිහිටි නිරෝගී පිරිමියෙක්‌ සංසර්ගයෙන් පසු මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය ශුක්‍රාණු මිලියන 400 ක්.

ඉතින්,

තර්කයට අනුව, ඒ ශුක්‍රාණු ප්‍රමාණය කාන්තාවකගේ ගර්භාෂයේ ස්ථානයක් සොයාගත්තේ නම්, ළදරුවන් මිලියන 400 ක් බිහිවිය යුතුයි .

නමුත් ....😞

ඩිම්බ දෙසට පිස්සුවෙන් වගේ දුවන මේ මිලියන 400 වෙන ශුක්‍රාණු වලින් ඉතිරි වන්නේ ශුක්‍රාණු 300 සිට 500 ක් විතරමයි

ඉතිරි ශුක්‍රාණු .....😢

වෙහෙසට පත්වීමෙන් හෝ මඟදී පරාජය වීම නිසා මිය යයි. ශුක්‍රාණු 300 සිට 500 අතර ප්‍රමාණයක්‌ ඩිම්බයට ළඟා වීමට සමත් වී ඇත. ඔවුන්ගෙන් එක් අයෙකු පමණක්, ඉතා ශක්තිමත් ශුක්‍රාණුවක්, ඩිම්බය සංසේචනය කරයි, හෝ ඩිම්බකෝෂයේ අසුනක් ගනී. ඒ වාසනාවන්ත ශුක්‍රාණුව මේ ලිපිය කියවන ඔබ හෝ මම හෝ අප සියල්ලන්ම ය.🙈

ඔයා කවදාවත් මේ මහා යුද්ධය ගැන සිතුවාද?

1. ඔයා ඒ තරගයට දුවද්දී ඇස්, අත්, පාද, හිසක් තිබුනේ නෑ ... නමුත් ඔයා ජය ගත්තා .

2. ඔයා ඒ තරගෙට දුවද්දී ,ඔයාට සහතිකයක් නැ, මොළයක් තිබුනෙත් නෑ .... පව්ලක් , යාළුවො .... කිසිම දෙයක් නෑ ... එත් ඔයා ජයග්‍රහණය කලා .

3. ඔයා ඒ තරගෙට දුවන විට හොද අධ්‍යාපනයක් තිබුනේ නෑ .... කව්රුත් ඔයාට උදව් කලෙත් නෑ එත් ඔයා ජයග්‍රහණය කලා .

4. ඔයා ඒ තරගෙට දුවන විට ඔයාට ගමනාන්තයක් තිබූනා . ඔයා අරමුණකින් ඉලක්ක කරලා ඒ ගමනාන්තය ගියා . අවසානයේ ඔයා ජයග්‍රහණය කලා .

ඔයා ජයග්‍රණය කරන අතරතුර .....

🌺 මවගේ ගර්භාෂය තුළ ගොඩක් ළදරුවන් මිය යනවා .නමුත් ඔබ මියගියේ නෑ ... ඔයා සම්පූර්ණ මාස 9 ක් සම්පූර්ණ කරලා කොහොම හරි මේ ගමන පටන්ගත්තා .

🌺ගොඩක් ළදරුවන් උපතේදීම මිය ගියත් ඔබ දිවි ගලවා ගෙන තියෙනවා .

🌺ජීවිතයේ පළමු වසර 5 තුළ බොහෝ ළදරුවන් මිය යනවා එත් ඔබ තවමත් ජීවතුන් අතර.

🌺 බොහෝ දරුවන් මන්දපෝෂණයෙන් මිය යනවා එත් ඔබට කිසිවක් සිදු වෙලා නෑ

🌺 බොහෝ දෙනෙක් අඩු වයසෙන් ලෝකය අතහැර ගොස් ඇත, ඔබ තවමත් ජීවත්ව ඉන්නවා .

එත් ඔයා අද ......😥

යමක් සිදු වූ විට ඔබ කලබල වෙනවා
ඔබ කලකිරීමට පත් වේනවා ..... ඇයි ඒ ?
ඔයාට දෙයක් අහිමිවුනා කියලා සිතන්නේ ඇයි?
ඔයාගේ විශ්වාසය නැති වුනේ ඇයි?
දැන් ඔයාට යහළුවන් , සහෝදර සහෝදරියන්, අධ්‍යාපනයක් සියල්ල තියෙනවා .අත් , කකුල් අවයව සියල්ල තියෙනවා . හොද අධ්‍යාපනය ,සැලසුම් කිරීමට මොළයක් ,උදව් කිරීමට මිනිසුන් ඉන්නවා . එත් ඔයාගේ බලාපොරොත්තුව නැති වී ගිහින් .

ඔයා ජීවිතයේ පළමු දවසේ අත්නොහැර අල්ලගන ඉද්දී ,ශුක්‍රාණු මිලියන 400 ක් සමඟ මරණයට සටන් කරද්දී ...... අත හරින්නේ නැතුව ඩිම්බයක් සොයාගන නොනැවතී දුවද්දී ........උදව්වක් නැතිවම ඔයා තනිවම තරගය ජය ගත්තා .

මොනම හෝ සිදුවීමක් සිදුවූ විට ඇයි දුක් වෙන්නේ ?
ඔයාට ජීවත් වීමට අවශ්‍ය නෑ කියන්නේ ඇයි?
ඇයි ඔයා කලකිරෙන්නේ?
ඔයාට සමහර දේවල් අහිමි වනවා කියලා හිතලා දුක් වෙන්නේ ඇයි ? ඔබ මුලින්ම දිනුවා, ඔබ අවසානයේ ජය ගනීවි.

ඔයා උපතින්ම ජයග්‍රාහකයෙක්. අත හරින්න එපා . 💪

Follow -: Chanuka Supun ❤️.....................................................................

idealist පිටුවේ පළවූ ලිපියක් ඇසුරෙන් සැකසු සිංහල පරිවර්තනයකී

❤️ 🙏

අවුරුද්දකට බාල වයස්කාර කෙල්ලො කීදෙනෙක් ප්‍රෙග්නන්ට් වෙනවද ?කීදෙනෙක්ගෙ බෙලි මි.රිකලා කැලෑවල දාලා යනවද ?මතකනේ අර හොටෙල් රූ...
26/09/2023

අවුරුද්දකට බාල වයස්කාර කෙල්ලො කීදෙනෙක් ප්‍රෙග්නන්ට් වෙනවද ?
කීදෙනෙක්ගෙ බෙලි මි.රිකලා කැලෑවල දාලා යනවද ?
මතකනේ අර හොටෙල් රූම් එකේ තඩියා එක්ක ඉඳලා රෙදිත් නැතුව රේල් පාරෙ
ම. රලා දාලා හිටපු පොඩි කෙල්ල ?

මගේ ඒලෙවල් ප්‍රොජෙක්ට් එක වුනේ Unwanted Teen Issues. ඒක කරන්න ගිහින් අවුරුදු 12-15 පොඩි කෙල්ලො කොල්ලො කරන දේවල් මත්තෙ රිසර්ච් කරන්න ගිහිල්ලා මට ඩිප්‍රෙෂන් නොහැදුණා විතරයි. එක්තරා ප්‍රසිද්ධ පාසලක අම්මයි තාත්තයි දෙන්නම උගන්නපු දරුවෙක් හිටියා වැඩිවිය පැමිණිලා සති දෙකකට පස්සෙ තුන්දෙනෙක් අතින් දූෂණය වෙලා. හැබැයි වෙච්ච දේ කියාගන්න තේරෙන්නෙත් නෑ. එක්කෙනෙක් ගෙදර ඩ්‍රයිවර්, එකෙක් උගන්නන්න ආපු විද්‍යාව සර්, අනිකා ඉස්කෝලෙ ගුරුවරයෙක්; ළමයගෙ තාත්තගෙ හොඳම යාළුවා.

පාතාලෙ ඇති, බූරු පොළවල් ඇති. මංකොල්ලකෑම් ඇති. ඇතැම් වසම්වල පොලිසි ඒවා නොබලනවත් ඇති. හැබැයි ඒවා වැඩිවුනා කියල අනිත් ඒවත් වැඩිවෙන්න අරින්නද කියන්නෙ ?

ලව් කරන එක වෙනයි. ඇඟපතවත් හැදිලා නැති පොඩි කෙල්ලො එක එක රස්තියාදුකාරයන්ගෙ අත්වල දෙහි ගෙඩි බවට පත්වෙන එක වෙනයි. හැමදේටම කාලයක්, වෙලාවක්, තැනක් තියෙනවා. යම් කිසි දෙයක් සිද්ධවෙන්න අවශ්‍ය කාලය නොදී කලබල කරලා පරගල කරලා කොරගත්තු හරියෙ විපාක අපි දැන් ගෙවනවා. දරුවෙකුගෙ ජීවිතෙත් එහෙමයි. කණගාටුව කියන්නෙ ආප්ප බානවා වගේ ළමයි රොත්තවල් ගණන් හදපු සමහරුන්ටත් ඒක නොතේරෙන එක.

බුකියෙ ඔක්කොමලගෙ දාර්ශනික ටෝක් Zip එක පාත් කරගෙන හිටපු කොල්ලා තමන්ගෙ දුවත් එක්ක ඉඳලා අහුවෙනකන් විතරයි.

දෙයක් වුනාට පස්සෙ බැලුවෙ නෑ කියල පොලීසියෙ පතුරු අරින්නෙත් අද ඔය දාර්ශනික ටෝක් දෙන කටවල්වලින්ම තමයි.

අම්ම තාත්තලගෙ පපුවලට අනාගතේ ගින්දරක් එක්කහුවෙන එක වළක්වන්න එහෙම හරි උත්සාහයක් දරපු ඒ පොලිස් නිලධාරියට මමනං එකෙන්ම රෙස්පෙක්ට් ✌❤🙏

copied❤️

24/09/2023
😹💔
22/09/2023

😹💔

ක්‍රිකට් වගේද වොලිබෝල්... " 😼අනික ජාතික ක්‍රීඩාවනෙ, 🇱🇰 🥱
20/09/2023

ක්‍රිකට් වගේද වොලිබෝල්... " 😼
අනික ජාතික ක්‍රීඩාවනෙ, 🇱🇰 🥱

11/09/2023

කාලා තියෙන අය දන්නවා රස... 🤤💩

- Cleaning staff එකෙ ඉන්න මනුස්සයෙක්ට   ගුඩ්මෝර්නින් මචං, කෑවද කියලා ඇහුවම   කටපුරා හිනාවෙලා ඔව් සර් කියලා කිව්වම🤗- Keel...
07/09/2023

- Cleaning staff එකෙ ඉන්න මනුස්සයෙක්ට ගුඩ්මෝර්නින් මචං, කෑවද කියලා ඇහුවම කටපුරා හිනාවෙලා ඔව් සර් කියලා කිව්වම🤗

- Keels , foodcity වල අපි යද්දී දොර අරින මනුස්සයෙක්ට එහෙනම් අපි ගිහින් එන්නම් කිව්වම, හරි සර් බුදු සරණයි කිව්වම☺️

- උදේ වැඩට යද්දී ගේට්ටුව අරින security කොල්ලට horn එකක් ගහලා පොඩි සැලියුට් පාරක් දැම්මම උට එන ගැම්ම දැක්කම👋

- ගරාජ් එකෙ මජන් නාගෙන අපෙ වැඩෙ ගොඩදාලා දෙන, සර්විස් එකෙ වතුර නාගෙන අපෙ වාහනෙ ටොප් එකට හෝදලා දෙන කොල්ලට ස්තූතිය මචං කියලා කීයක් හරි මිට මෙලෙව්වම උගෙ මූනෙ ඇදෙන හිනාවට😃

- පාරෙ පොඩි බඩු ටිකක් තියාගෙන අව්වෙ දත කාගෙන විකුනන මනුස්සයෙක්ගෙන් ඉතුරු රැපියල් 50 තියගන්න කිව්වම ඒ මනුස්සයාගෙ මූනෙ තියෙන හිනාවට😃

- වැස්සෙ තෙමීගෙන අපේ කෑම එක ගේන uber eats එකෙ කොල්ලට වැඩියෙන් රැපියල් 100 දුන්නම ඌගෙ මූනෙ තියෙන හිනාවට😃

- කොහෙගියත් සෙට් වෙන බලු යාලුවෙක්ට ඔලුව අතගාලා බනිස් එකක් දුන්නම ඌ දෙන fit එකට🐕 ❤️

මම අසීමිත සතුටක් ලබනවා. උබටත් ප්‍රශ්න ඇති.උබට ඔච්චර ප්‍රශ්නනම් උන්ට කොච්චර ප්‍රශ්න ඇද්ද.පොඩි සතුටක් හරි ලබනවා ඔවුන් ඒකෙන්.ඒ හන්දා පොඩ්ඩක් වෙනස් වෙන්න බලපන් මචං.තමන්ගේ තත්වෙ මොකක් උනත් තවත් මනුස්සයෙක්ව පොඩි වෙලාවකට හරි සතුටු කරන්න බලපන් උබට පුලුවන් විදිහට ඒකෙන් ඉබේම ලොකු සතුටක් දැනෙයි 🙏

Chanuka Supun 💬♥️

06/09/2023

එච්චරයි දැන් මෙච්චරක් වෙලා " 😀

06/09/2023

" ගල් ලෝඩ් එක දියවෙලා පුතේ...ආයෙ පුච්චන්නත් බැහැනේ " 😐💔😂

ඩබින් වලට කියාපු වොයිස් එක 😹👌

Discipline " 🙂
03/09/2023

Discipline " 🙂

😳➡️Toxic දෙමව්පියන් කියන්නේ ඇත්තක්...මගේ මේ අත්දැකීම ෆේක් එකකින් ලියන්නෙ අදටත් මම කවුද කියලා අනිත් අය දැනගන්නවට අකමැති න...
01/09/2023

😳➡️Toxic දෙමව්පියන් කියන්නේ ඇත්තක්...

මගේ මේ අත්දැකීම ෆේක් එකකින් ලියන්නෙ අදටත් මම කවුද කියලා අනිත් අය දැනගන්නවට අකමැති නිසයි.

🔖මාව ලංකාවෙ ප්‍රසිද්ධම ඉස්කෝලෙකට දැම්මා

1 වසරේ ඉඳන්ම ඒක කලේ එයාලගේ පම්පෝරියට විතරයි කියලා මම තරමක් ලොකු වෙද්දී තේරුම් ගත්තා.

🥲මට උන සිදුවීම් කිපයක්ම මට දැන් මතකෙට එන විදිහට කියන්නම්.

පොඩිම කාලේ බෑන්ඩ් එකට මාව තෝරගත්තම ගෙදරින් අම්මාට මාව ගේන්න එන්න බෑ කියලා ඒකෙන් අස්කර ගත්තා. මට පෝතක බාලදක්ෂ එකට යන්න ලොකු ආසාවක් තිබුණ නිසා දිගටම අම්මට කරදර කරද්දීත් ඒකම කියලා ඒ යන්න දුන්නෙත් නෑ.

පොඩි කාලේ ගෙවල් ළඟ සෙල්ලම් කරන්න ගියත් හවස 5 වෙන්න කලින් ගෙදර එන්නම ඕනෙ කියලා නීති දාලා තිබුණේ. කවදාවත් කලුවර වැටෙනකම් ඒ නිසා මම සෙල්ලම් කරලා නෑ කොච්චර ආසා උනත්.

පොඩිකාලේ ඉඳලා මාව මෙහෙම forcefully පොතටම දාපු එකේ ප්‍රතිඵලයක් විදිහට මම පොතටම ඇලිච්ච කෙනෙක් උනා.

ටිකක් ලොකු වෙද්දි 8-9 වසරෙදි වගේ මම කියල කියලම වෑන් එකෙන් අයින් වෙලා බස් එකේ ඉස්කෝලේ යන්න එයාලව කැමති කරව ගත්තා.

එකෙන් තමයි මම පොඩ්ඩක් හරි බාහිර සමාජය මොන වගේද කියලා ඉගෙන ගත්තෙ. බාහිර සමාජය ගැන පොඩිකාලේ ඉඳන් තේරුම් ගත්ත නැති මාව කොයි තරම් නම් අනිත් ළමයින්ට බයිට් එකක් උනාද කියලා කියන්න මට වචන නෑ. හැබැයි ටික ටික ඒ දේවල් මම ඉගෙන ගත්ත කොහොම හරි. එහෙම හරි නොවුන නම් අද මම මේ ඉන්න තැනවත් රැකෙන්න මට බැරි වෙනවා.

බස් එකේ එන්න ගත්තට පස්සෙ මම ඉස්කෝලේ වොලිබෝල් සෙල්ලම් කරන්න ගත්තා. ඒත් කවදාවත් මට ඒකට අඳින්න ගෙදරින් අර sport kit එකක් අරන් දුන්නෙ නෑ. ගෙදර තියෙන ඇඳුමක් අඳින්න බොරු වැඩ වලට වියදම් කරන්න බෑ කිව්වා. කවදාවත් මට knee guard එකක් අරන් දුන්නෙ නෑ school team එකට select උනාමවත්. මම මගේ team එකේ එකෙක් ගේ පරණ knee guard දෙක තමයි ඉල්ල ගත්තෙ හැමදාම match එකකදි. අනිත් ගෙවල් වලින් ළමයිගේ match බලන්න එද්දී කවදාවත් අපේ ගෙදරින් ඇවිත් නෑ. ඉස්කෝලේ team එකට maches වලදි දෙන t-shirt එක විතරයි මම volleyball kit එකක් විදිහට ඇඳලා තියෙන්නෙ.

🤐මගේ ගෙදරට සල්ලි නැති ප්‍රශ්නයක් කවදාවත් තිබ්බෙ නෑ. බොහොම සාර්ථක ව්‍යාපාරික පවුලක් අපි.

මගේ ඉස්කෝලේ ගොඩක් facility තිබ්බ නිසා tournament වලට පිට ඉස්කෝල වලින් අපේ එකට තමයි ආවේ ඒ නිසා මට team එකේ වැඩ වලදි ලොකු අවුලක් තිබ්බෙ නෑ.

නමුත් එක පාරක් 10 වසරෙදි අපිට දවිසමර එකේ tournament එකකට යන්න උනා. එකේ final වලට select උන නිසා අපි එද්දී රෑ වෙන නිසා අපිව ගන්න school එකට එන්න කියලා ඉස්කෝලෙන් ළමයින්ගේ ගෙවල් වලට call කරලා තිබ්බා. Tournament එක win කරලා school bus එකෙන් ඇවිත් බහිද්දිම මගේ අම්මා අපේ sirට බැන්නා. එතනින් මගේ volleyball ජීවිතේ ඉවර උනා.

පස්සෙ කාලෙක ගෙදර කතාබහකදි තාත්තගේ කටින් කිය උනා එදා එහෙම කතා නොකරනම් මම O/L අනා ගන්නව කියලා. ඒක එයාලා plan කරලා කරපු දෙයක්. 😥 (මම ලකුණු අඩු කරගෙනවත් හිටියෙ නැති කොට එහෙම නොකරන්න එයාලට යුතුකමක් තිබුණා)

මම O/L ලියලා ගෙදර ඉද්දි දවසක් මගේ යාළුවෙක් ගෙදර ඇවිත් අම්මලට කිව්වා එයා යන karate class එකක් ගැන මාවත් එවන්නම කියලා. එයාලගේ පවුල අපේ අම්මලගේ හිතවත්ම පවුලක් නිසා අම්මලට ඒකට බෑ කියන්න බැරි නිසා හා කිව්වා. ඒත් මට ඒකට අඳින්න kit එකට වත් අඩුම තරමේ බොටමක් ගන්න වත් දුන්නෙ නෑ. ගෙදර තිබ්බ එකක් අඳින්න කියලා කිව්වා. මම ඒ නිසා වැඩි දවසක් ඒකට ගියෙ නෑ. මමම නැවතුණා.

ඊට පස්සෙ මම ගෙදර කිට්ටුව මගේ යාලුවෝ එක්ක එකතු වෙලා පොඩි football team එකක් පටන් ගත්තා. ඒකට අපිට ගොඩක් උදව් කලේ ඒ යාලුවෙක්ගේ තාත්තා කෙනෙක්. අපි team එකට kits එහෙම අරගෙන මම ගෙදර ඇවිත් පෙන්නලා ටික දවසක් යන්න කලින් ගෙදරින් මාව බලෙන්ම school hostel එකට දැම්මා. මම A/L වලට මහන්සි වෙන්නෑ වෙලාව නාස්ති කරනවා කියලා.

මට පාසල් ප්‍රේමයක් ඇති උනේ A/L කාලේ ඒවා මහා ලොකු සිද්ධි නෙමෙයි mobitel freedom දාලා පැයක කෝල් එකක් ගත්ත එකයි message කරපු එකයි ඇරුනම love කරනවා කියලා ඒ කාලේ මොනාද කලේ කියලා හිතා ගන්න බෑ.

එක දවසක් මගේ අක්කගේ ප්‍රපෝසල් එකේ boyගේ ගෙදර බලන්න ගිහින් නෑදෑයෝ කීප දෙනෙක් ගෙදර හිටපු නිසා එදා එයාලට මගේ කාමරේ දීලා මම සාලේ නිදාගන්න ගියා. ඒ ගමන ගිහින් ඇවිත් එකේ විස්තර මම girlfriendට කිය කිය ඉද්දි මගේ තාත්තා කළුවරේ ම ඇවිත් මගෙන් ෆෝන එක උදුර ගත්තා. එදා රෑ ගෙදර එකම සිද්ධියයි. අම්මයි තාත්තයි කෑගහල මට බනින්න ගත්තා. ඒකේ save කරලා තිබ්බ girl ගෙ ගෙදර number එක අරන් පහුවදාම එහෙ යනවා කියලා එකම විකාරයක් කලා. මම අඬලා එහෙම කරන්න එපා කියද්දිත් මට පුදුම mental torture එකක් කලේ. මගේ මාමා ඒක settle කරලා දැන් නිදා ගමු කියලා. අපි ආයෙ නිදාගන්න ගියාට මට නින්ද ගියේම නෑ බයට. මට ඕනෙ උනා girlගේ numbers ටික කොහොම හරි phone එකෙන් මකන්න. මම හොරෙන් අම්මලගේ කාමරේට ගිහින් phone එක හොයද්දි ආයෙ තාත්තට අහුවෙලා මට හොඳට ම ගැහුවා. ඒක කියන්න මට වචන නෑ.

පහුවදා පෝය දවසක් අම්මලා කිව්වා වගේම එහෙට පාන්දර කෝල් කරලා කාර් එක අරන් යන්න ලෑස්ති වෙනවා. මම කෑ ගහලා අඬලා කියන්න තියෙන හැම විදිහකටම ඉල්ලුවා එහෙම කරන්න එපා කියලා. නමුත් මගේ වචන ඉල්ලීම් හැඟීම් කිව්වෙ එයාලට දශකයකින් වත් වටිනාකමක් තිබ්බ දේවල් නෙමෙයි. අන්තිමට මම එයාලා එහෙම කලොත් මම ගෙදරින් යනවා කිව්වා. ඒ වෙලාව ආයේ මාමා මැදිහත් වෙලා මාව ඒ වෙනුවට එයාලගේ ගෙදර එක්කන් ගියා. අම්මලා එහෙම යන්නෙ නෑ කියලා එයාලාගෙන් වචනේ අරන්.

නමුත් මාමා එක්ක ගෙදර ගියාට පස්සෙ අම්මලා එහෙ ගිහින් තිබ්බා 😥

මට අදටත් ඒ girl පස්සෙ දවසක මට ඒ සිද්ධිය කිව්ව විදිහ හිතද්දී හිතා ගන්න බෑ මගේ දෙමව්පියෝ කොහොමද එහෙම කලේ කියලා. එයා එදා පෝය දවසේ class ගිහින් ගෙදර එද්දි අපේ car එක මිදුලේ තිබ්බලු. අපේ අම්මයි තාත්තයි එයාගේ අම්මයි තාත්තයි එක්ක ගේ ඉස්සරහ වාඩි වෙලා කතා කරනවලු. එයා ගියාම අපේ දෙන්න හොඳටම දොස් කියලා. එයා කිව්වා එයාගෙ අම්මයි තාත්තයිවත් කවදාවත් එයාට එහෙම කතා කරලා නෑ කියලා.

මම ඒ සිද්ධියෙන් පස්සෙ ගෙදර ආවට ගෙදර තිබ්බෙ වෙනස්ම වාතාවරණයක්.
එක සැරයක් මම පාන්දර නිදාගෙන ඉද්දි මගේ තාත්තා ඇවිත් එකපාර කාමරේ ලයිට් එක දාලා කකුලෙන් ඇදලා මාව ඇඳෙන් බිමට ඇදලා හොඳටම ගැහුවා. නිදාගන්නව විතරයි, පාඩම් කරන්නෙ නෑ කියලා. මට ඒ සිද්ධිය කීපවතාවක්ම උනා.

අදටත් මට ඒක කොච්චර බලපාලද කියනවා නම් මට නිදාගන්න කාමරේ lock කරන්න බැරිනම් නින්ද යන්නෙ නෑ. මොකද මම ආරක්ශිතයි කියන හැඟීම මට දැනෙන්නෙ නැති නිසා. 🥲

මේ කියලා තියෙන හැම දෙයක්ම මට අවුරුදු 18 වෙන්න කලින් උන සිදුවීම්.

☝☝☝🥲

Toxic දෙමව්පියෝ කියන්නෙ ඇත්තම දෙයක්. ළමයෙක් වැදුව පලියට හැමෝම දෙමව්පියෝ වෙන්න සුදුසු අය නෙමෙයි.

තමන්ගේ status maintain කරන්න කවදාවත් දරුවෝ හදන්න එපා. ☝

තමන්ගේ හීන දරුවන්ගෙන් දකින්න හදන්න එපා. හැම දරුවෙක්ම කියන්නෙ මනුස්සයෙක්. එයාගේ කැමති අකමැති, හැඟීම් ආවේණික දේවල්. ඒවාට ගරු කරන්න. හරි වැරැද්ද පෙන්නල දෙන එකයි. තමන්ට ඕනේ දේ බලෙන් කරවන එකයි කියන්නෙ දෙකක්.

😳🥲මම A/L අනාගත්තා.

මගේ අම්මයි තාත්තයි අක්කගේ ගුණ වයන හැමෝම ඉස්සරහ මාව පාච්චල් කරන තැනට පත් උනා. මම මගේ තරුණ වයසෙම මගේ ගෙදර මානසික හිරකාරයෙක් උනා. මම ගෙදරදි මගේ කාමරේටම හිර උනා. වෙන පවුලක මොකා හරි වැරැද්දක් කලොත් ඒ ගැන කියලා මාත් ඒ වගේ. උඹත් කවදා හරි කරන්නෙ ඕකම තමයි කියන තැනට ආවා. වටපිටාවේ හැම තැනකම මම ගෙදරට කිසි දෙයක් කරන්නෙ නෑ කියන මතය හදන්න ගත්තා.

මම job එක කරලා හැම පඩියකටම ගෙදරට බඩු අරගෙන ආවත් අක්කා අවුරුද්දට 2 -3 පාරක් Australia වල ඉඳලා එවන බඩු පාර්සලේ වටිනව එයාලට. මම මොනා ගෙනාවත් මම ගෙදරින් කකා ඉන්න තැන තියලා තමයි එයාලා කතා කළේ.
මම job එකක් කරන ගමන් foundation course එකක් කරලා මගේ degree එක නම් කර ගත්තා. ඒත් මගේ love affairs හැම එකකදිම ගෙදරින් මට පුදුම ප්‍රශ්න ආවේ. හැම එකකම මොනා හරි අඩුපාඩුවක් එයාලට පෙනුණා. අන්තිමට මම අවුරුදු 27 වෙද්දි මම බඳින්නෙ නෑ කියන තීරණයට ආවා. එයාලා ඊටපස්සෙ එයාලට ඕනෙ යෝජනා මට ගේන්න ගත්තා. ඒත් ඒ එකක්වත් මට හරි ගියෙ නෑ.

අන්තිමට කොහොම හරි මට අවුරුදු 28දි මට මගේ බිරිඳව මුණ ගැහුණා. එයාට ගෙදරින් කැමැත්ත දුන්න එකම හේතුව එයා දොස්තර කෙනෙක් උන නිසා කියලා අපි දෙන්නම දන්නවා. අපි ඉක්මනටම marry කරලා ගෙදරින් වෙන් උනා. ඒ තීරණේ තමයි මම ජීවිතේ ගත්ත හොඳම තීරණය.

අදටත් අපි දෙන්න ගෙදර ගියාම තියෙන tense එක කියන්න වචන නෑ.

එයාලා හැම ඉරිදම පල්ලි යන පුදුම ධාර්මික ජීවිතයක් ලෝකය ඉස්සරහ මවාගෙන ඉන්නෙ.

එයාලා කියන කරන දේවල් අහන්න ජීවිතේට උපදෙස් ගන්න එයාලව හම්බ වෙන්න කී දෙනෙක් නම් එනවද. 🤔🤔

ඒ හැම කෙනෙක් ඉස්සරහම මුළු සමාජයක් ඉස්සරහම අදටත් මට හඬක් නෑ. එයාලා මේ වගේ කියන්න,, ඒක අත් දැකපු මට ඇරෙන්න වෙන කාටවත් පෙන්නන්න විදියක් මට නෑ. ඒ හැම කෙනෙක් ඉස්සරහම මට උරුම වෙලා තියෙන්නේ එයාලා මගේ ගැන මවලා තියෙන චිත්‍රය විතරයි. මට කරන්න පුළුවන් එකම දේ, එයාලා මගෙ ගැන නරක චිත්‍රයක් අනිත් අය ඉස්සරහ මවන්නෙ නැති වෙන්න එයාලා කියන දේකට පිටින් නොයා. ඒ සීමා ඇතුළේ හිර වෙන එක විතරයි.

☝☝මම මේ කියලා තියෙන දේවල් ඒක විඳවලා තියෙන කෙනෙක්ට ඇරෙන්න වෙන කෙනෙක්ට තේරුම් ගන්න ලේසිවෙයි කියලා මම හිතන්නෙ නෑ.

මේක කියවන කෙනෙක් ඉන්නවනම් මට කියන්න තියෙන්නෙ අනිත් අය දිහා, අනිත් අයගේ පවුල් දිහා බලද්දි එයාලගේ දෙමව්පියෝ දෙන කණ්නාඩි දාගෙන බලන්න එපා කියලා විතරයි.

Toxic දෙමව්පියෝ කියන්නෙ ඇත්තම දෙයක්. ඒකෙන් විඳවන දරුවෝ දිහා විවෘත මනසකින් බලන්න.

විෂ සහිත දෙමාපියන්, ලිපියට ලැබුණු පාඨක ප්‍රතිචාරයකි.

Chanuka Supun ♥️

© copped - Kasun Rajapaksha 📌️

ඔබ මුහුණ දුන් කටුකම අත්දැකීම වත් මේ තරම් කටුක නැත... "  🥺💔💦Chanuka Supun  ❤️‍🩹
28/08/2023

ඔබ මුහුණ දුන් කටුකම අත්දැකීම වත් මේ තරම් කටුක නැත... " 🥺💔💦

Chanuka Supun ❤️‍🩹

27/08/2023

....... " 🙂❤️‍🩹

අඩු පාඩු හදලා, වැරදි පෙන්නපු පිරිමින්වසමහර ගෑනුන්ට හතුරො උනා.එහෙම කරපු ගෑනුන්ටත් පිරිමි හතුරො උනා..ඔහොම නෙවෙයි මෙහෙම කරන...
25/08/2023

අඩු පාඩු හදලා, වැරදි පෙන්නපු පිරිමින්ව
සමහර ගෑනුන්ට හතුරො උනා.එහෙම කරපු ගෑනුන්ටත් පිරිමි හතුරො උනා..
ඔහොම නෙවෙයි මෙහෙම කරන්න කිව්වම ඌ, ඒකි වදකාරයෙක්, වදකාරියක් උනා..
පරිස්සමෙන් යන්න කියලා හොයලා බලද්දි
ඇයි මං බබෙක්ද අහපු සමහර කෙල්ලො, කොල්ලො

අන්න දැන් කදුලු පිහිදනවා.එයාලා හොයපු සෙල්ලක්කාර ලෝක ඇතුලෙ හැමෝටම හොරා විදව විදව,ගොඩක් ගෑනු / පිරිමි පන වගේ ආදරේ කර පිරිමියව / ගෑනියව නැති කරගත්තේ..

ඌට, ඒකිට ආයෙ ආදරේ කරන්නත්
එපා කරවලා බන්...! ❤️‍🩹

You can do anything  " 🙏😫Chanuka Supun  🍆💦
22/08/2023

You can do anything " 🙏😫

Chanuka Supun 🍆💦

දිනක් පිරිමි ළමයෙක් ලොකු හදිසියකට රු.15000/= ක් අවශ්‍ය බව ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි පලකර තිබුනා.එය යාළුවෝ ගොඩදෙනෙක් දැක්කත...
10/08/2023

දිනක් පිරිමි ළමයෙක් ලොකු හදිසියකට රු.15000/= ක් අවශ්‍ය බව ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි පලකර තිබුනා.

එය යාළුවෝ ගොඩදෙනෙක් දැක්කත් නොදැක්ක විදියට මගහැරියා.

ඒත්, එක තරුණියක් එය දැක
"මට ඔයාගෙ එකවුන්ට් නම්බර් එක දෙන්න"
යනුවෙන් ප්‍රතිචාර දැක්වුවා.

ඔහු ඇයට ගිණුම් අංකය සහ අනෙකුත් සියලුම බැන්කු විස්තර ලබා දුන්නා.

ඇය ඔහුගේ ගිණුමට රු. 20000/= ක් දමා ඉතිරි මුදලද වියදමට තබා ගන්නා ලෙස පැවසුවා.
ඔහු ඇයට ස්තූති කලා.

ටික දිනකට පසු ඔහු ඇයට කතාකලා.
ඔහු ඇයට ආදරේ යැයි පැවසුවා.
ඉන්පසු ඔවුන් දෙදෙනා ආදරේ කරන්න පටන් ගත්තා.

ටික දිනකට පසු ඔහු ඇයව පුදුම කරමින් ඔහුගේ දෙමහල් නිවසට ඔහුගේම මෝටර් රථයේ ඇයව රැගෙන ගියා.

ඔවුන් දෙදෙනා විවාහ වී සතුටින් ජීවත් වුනා.

මේ කතාවෙන් ගතයුතු බොහෝ දේ ඇත.

මටත් ඉතා හදිසි අවශ්‍යතාවයකට රු.10000/= ක් අවශ්‍යයි. 😫💔 20000 ක් එපා. 10000 ක් ඇති. ☺️ Bank details අවශ්‍ය අය Inbox message එකක් දාන්න 🗿👍

ලොකු උදව්වක්. 🙏

හැකි ඉක්මනින් ආපසු දෙන්නෙ නෑ. 😑📌

🖤💸 "
09/08/2023

🖤💸 "

මේ පෝස්ට් එක දකින ඔයා ඉකමනින් කෝටිපතියකු වේවා..."  😍🙋🏻‍♂️🙋‍♀️❤️
02/08/2023

මේ පෝස්ට් එක දකින ඔයා ඉකමනින් කෝටිපතියකු වේවා..." 😍🙋🏻‍♂️🙋‍♀️❤️

" මීහරකෙක් වගේ පිරිමියෙක් ලැබෙන ගැහැණිය හරි වාසනාවන්තයි... " 🙄🙂❤️🤷‍♂️
25/07/2023

" මීහරකෙක් වගේ පිරිමියෙක් ලැබෙන ගැහැණිය හරි වාසනාවන්තයි... " 🙄🙂❤️🤷‍♂️

පොත් වල කවි වලට ලියවෙන්නේ නැති සැබෑ ආදර කතා..! 🥺♥️වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම සැනසෙමු දෙන්නම එක මත එකම මිහි වලේ. 😣😓♥️ආච්ච...
24/07/2023

පොත් වල කවි වලට ලියවෙන්නේ නැති සැබෑ ආදර කතා..! 🥺♥️

වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම
සැනසෙමු දෙන්නම එක මත එකම මිහි වලේ. 😣😓♥️

ආච්චි අසනීප වී රෝහල්ගත කලේ අසාද්‍ය තත්වයක් මත. සීයා සිතුවේම ඇය අවසන් සුසුම් හෙලන්න ඇය ගෙන ආ ආයුෂ නිමා කරන්නට ඇති බවයි. ( බැඳීම් කියන්නෙ මහ පුදුමාකාර දෙයක් ) සංසරාරය පුරා පතා ආ තම ආදරණිය බිරිද ගේ නික්ම යාම සදහා සූදානම් වන්නට තරම් සිත හයිය කර ගත් ඔහු නිවස් එලි පෙහෙලි කලේ ඉතාමක් දුකකින් බව කියන්න සාධක නැති තරම්. අවාසනාවක මහිම ඇමතුමක් ආවේ මගේ මවගෙන්, සීයා නැති උනා ඉක්මනට එන්න. මා කරකවා අත ඇරියාක් මෙනි. අවාසනාවක මහිම ඇයට කලින් ඔහු ජීවිතයෙන් නික්මිය. ඔහුගේ මලගමට අප නිවෙස් සූදානම් කරන විට ආච්චි අම්මා දැන සිටියේ නැත ඔහු තමාව හැර ගොස් ඇති බව. ඇයි මෙච්චර කට්ටිය. ආච්චි විමසන විටදී මගේ මවගේ උත්තරය වූයේ " අම්මව බලන්න ". නමුත් ඔවුනගේ බැදීම නිසාම ඇයට දැනෙන්ට ඇති. ඔහු නික්ම ගිහින් වග. දෙනෙත් අගින් කදුලු බිදු ගලා හැලෙන්නට විය. ඇයත් ජීවිතයට සමු දුනි. ඇය සිටින්නට ඇත්තේ ඇගේ සැමියා මැරෙන තුරු ඔහුට ආදරයෙන් හොද බිරිදක් ලෙස හැකි අයුරින් යුතුකම් ඉටු කිරීමටයි. පතා ආ ඔවුන් එකටම නික්ම යයි... ඒ ආදරය කොපමනද කියා සිතන්නට වත් අපට නොහැක. අරුම පුදුම ජීවිත. අමා මහ නිවන් සුව ඔබ දෙදෙනාටම.

උපුටා ගැනීමක්... 📌

Address


Telephone

+94704168034

Website

Alerts

Be the first to know and let us send you an email when CHANU " posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share