Nelli

Nelli ඇත්ත තිත්තයි...
ජීවිතේ පැණිරසයි...
ආදරේ ?

09/02/2024

Dark Web එක ගැන #හරියටදැනගමු! 👇

🔴 මොකද්ද මේ Dark Web එක කියන්නේ?

Dark web එක කියන්නේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන Internet එකෙන් හැංඟිච්ච, සාමාන්‍ය web browsers වලින් access කරන්න බැරි සයිබර් අවකාශයේ තැනක්. හැංඟිච්ච websites එකතුවක්. Dark web එක පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට hackers ලා. ලෝකෙ පුරාම නොයෙකුත් වෙබ් අඩවිවලට අනවසරයෙන්, ඒ කියන්නේ හොරෙන් ඇතුළු වෙලා hackers ලා විසින් සොරාගන්නා දත්ත තමයි මේ dark web එකේ ගොඩක්ම තියෙන්නේ. ඔවුන් ඒවා dark web එකේ පළ කරන්නේ නිර්නාමිකව. ඒ පළ කරන දත්ත එතන ඉන්න අනෙකුත් hackers ලා නැවතත් ඔවුන්ගේ අනීතික කටයුතු වලට යොදාගන්නවා. හරියට බැලුවොත් dark web එක කියන්නේ hackers ලගේ තිප්පොලක් වගේ තැනක්.

🔴 Dark Web එකේ ඔබේ දත්ත තියෙන්නෙ පුළුවන්ද?

ගොඩක් දුරට පුළුවන්. ඒ මොකද ඔබ Internet එකේ නොයෙකුත් සේවා භාවිතා කරනකොට, ඒවට register වෙද්දි හෝ ඇණවුම් කිරීමෙදි ඔබේ පුද්ගලික දත්ත ලබාදෙනවා. ඔබේ නම, ගම, Email ලිපින, දුරකථන අංක වගේ දත්ත තමයි “පුද්ගලික දත්ත” (PII - Personally Identifiable Information) විදියට සැලකෙන්නේ. Gmail account එකක් හදනකොට, Facebook, TikTok, LinkedIn, WhatsApp වගේ සමාජ මාධ්‍ය ගිණුම් හදනකොට වගේම, ඔබ අන්තර්ජලයෙන් නොයෙකුත් දෑ මිලදී ගන්නකොට, ඒවා bill කළයුතු නම, ගම, Email ලිපින, Phone Numbers වගේම deliver කළ යුතු Address එහෙමත් ඔබ ලබාදෙනවා. එහෙම ඔබේ පුද්ගලික දත්ත ලබා දීපු මොනයම් හෝ website එකක් hack උනොත්, ඒ website එකට ඔබ ලබා දුන් ඔබේ පුද්ගලික දත්ත hackers ලා අතට පත් වී, dark web එකේ පළ වෙන්න පුළුවන්.​ මෙන්න මෙහෙම සිදුවීම Data breach එකක් ලෙස හැඳින්වෙනවා.

🔴 ඔබේ දත්ත Dark Web එකේ තියෙනවද කියලා බැලුවද?

මේ වෙනකොට Google One වෙතින් සැපයෙන Dark Web Search වැනි security services හරහා ඔබට බලාගන්න පුළුවන් ඔබේ පුද්ගලික දත්ත dark web එකේ තියෙනවද කියලා. Dark web එකට ඔබේ දත්ත නිරාවරණය වුනේ මොන websites hack වෙලාද කියලා සහ ඒ hack වීම් හරහා dark web එකේ hackers ලා පළ කරලා තියෙන්​නේ ඔබේ මොන මොන පුද්ගලික දත්ත ද කියලත් Dark Web Search එකෙන් බලාගන්න පුළුවන්. තවමත් ඔබ එහෙම search කරලා නැත්නම් මෙතනින් search කරලා බලන්න.

Dark Web Search: https://one.google.com/u/3/dwr/setup_profile

මේ පහළ screenshot එකේ තියෙන්​නේ මගේ Gmail address එකෙන් Dark web search එකක් කළාම ආපු result එක. ඊට අනුව මගේ පුද්ගලික දත්ත dark web එකට නිරාවරණය වීම්, එහෙමත් නැත්නම් Data breaches 54 ක් වෙලා කියලා පෙන්වනවා. ඒවා වෙලා තියෙන්නේ මොන websites වලින්ද කියලත් “View all results” button එක ඔබලා ගිහිං බලාගන්න පුළුවන්. ඔබේ search result එකේ data breaches කීයක් පෙන්නනවද කියලත් comment කරගෙන යමු අනිත් අයට දැනගන්න.

🔴 ඔබේ දත්ත Dark Web එකේ ති​බ්බොත් ඊළඟට මොනා වෙයිද?

Dark web එකේ ඔබේ දත්ත තියෙනවා කියලා result එක ආවොත්, ඔබ ඊළඟට කරන්න ඕනේ ඔබේ මොන දත්තද dark web එකට නිරාවරණය වෙලා තියෙන්නෙ කියලා සොයා බලන එක. Google One සපයන Dark Web Search එකෙන්ම ඒ ගැන ඔබට දැනගන්න පුළුවන්. එතනදි ඔබ වඩාත්ම සැළකිලිමත් වෙන්න ඕනෙ ඔබේ බැංකු කාඩ්පත් අංක හෝ Passwords නිරාවරණය වෙලා තියෙනවද කියන එක.

බැංකු කාඩ්පත් අංක නිරාවරණය වෙලා තිබුනොත්, ඒ කාඩ්පත් තොරතුරු Dark web එකෙන් අරගන්න අනෙකුත් hackers ලා ඒ හරහා ඔබේ බැංකු ගිණුමේ ඇති මුදල් සොරාගන්න පුළුවන්. ඔබේ Password එකක් නිරාවරණය වෙලා තිබුනොත්, ඒ password එකම ඔබ පාවිච්චි කරපු වෙනත් සමාජ මාධ්‍ය ගිණුම් හෝ අන්තර්ජාල ගිණුම් තියෙනවා නම්, hackers ලා ඒවායේ access එක ඔවුන් අතට ගන්න පුළුවන්. Facebook ගිණුම් hack වෙන සිදුවීම් ගැන අපිට නිතර අහන්න ලැබෙනවනේ. ඒකට මේ විදියට තමන්ගේ passwords dark web එකේ නිරාවරණය වී තිබීම එක හේතුවක් වෙන්න පුළුවන්.

ඒවා නැතුව, ඔබේ නම, Email ලිපින, දුරකථන අංක වැනි contact details පමණක් dark web එකට නිරාවරණය වී තිබුනොත්, ඒවයින් නම් වෙන්න පුළුවන් හානිය අවමයි. Spam සහ phishing emails, sms ලැබෙන එක තමයි ඉන් වෙන්න පුළුවන් හානි විදියට සැලකෙන්නේ.

🔴 ඔබේ දත්ත Dark Web එකේ තියෙනවා නම් කරන්න ඕනෙ මොකද්ද?

Dark web search එකේ පෙන්වන මොනම​ හෝ Data breach එකක් හරහා ඔබේ බැංකු කාඩ්පත් දත්ත dark web එකේ තියෙනවා කියලා පෙන්නුවොත්, වහාම ඔබේ බැංකුවට කතා කරලා ඒ website එකට ඔබ මුදල් ගෙවූ බැංකු කාඩ්පත cancel කරගන්න. බැංකුවේ Card Center ඇමතීමෙන් ඔබට ක්ෂණිකව card එක cancel කරගෙන, ඒ වෙනුවට අලුත් කාඩ්පතක් ලබාගන්න පුළුවන්. ඔබ එහෙම කරන්න පරක්කු වුනොත් ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙන්න පුළුවන්.

Dark web search එකෙන් ඔබ මොනම හෝ website එකක භාවිතා කරපු password එකක් dark web එකට නිරාවරණය වෙලා තියෙනවා කියලා පෙන්නුවොත්, ඔබ ඒ website එකේ දාපු password එක වහාම වෙනස් කරගන්න. ඒ වගේම ඒ password එකට යොදපු වචනයම ඔබේ වෙනත් සමාජ මාධ්‍ය ගිණුම් හෝ අන්තර්ජාල ගිණුම්වල password එක විදියට ඔබ භාවිතා කරලා තියෙනවා නම්, අන්න ඒ හැම ගිණුමකටම ගිහිං ඒ හැමතැනින්ම අර expose වෙච්ච password එක වෙනුවට අලුත් password එකක් දාගන්න. ඔබට කලින් ඔබේ පරණ password එක අතට ගන්න hacker කෙනෙක් ඉස්සර උනොත් ඒ ගිණුම් ඉන්පස්​සේ එයාගේ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ passwords dark web එකේ තිබුනත් නැතත්, ඔබේ හැම ගිණුමකම 2 Factor Authentication enable කරගන්න. ඔබ එසේ කළොත්, ඔබේ password එකක් අන්සතු වුවත් ඒ password එක භාවිතා කළ ගිණුම් hackers ලා අතට පත්වීම වළක්වාගන්න පුළුවන්.

Dark web search එකෙන් ඔබේ නම, email ලිපිනය, Phone number එක වගේ contact details dark web එකට නිරාවරණය වෙලා තියෙනවා කියලා පෙන්නුවොත්, ඔබට එන email සහ SMS ගැන වෙනදාට වඩා සැලකිලිමත් වෙන්න. ඒවා අතට ගන්න hackers ලා ඔබට නොයෙකුත් links තියෙන spam සහ phishing emails එවන්න පුළුවන්, ඔබව නොයෙකුත් websites වලට ගෙන්වා ගන්න. නොදන්නා කෙනෙකුගෙන් ලැබෙන emails වල links click නොකර සිටීමට වගබලා ගත්තොත් එයින් ඔබට කිසිඳු හානියක් සිදු නොවෙයි. ඒ වගේම ඔබේ දුරකථන අංකයට එන OTP අංක කිසිඳු හේතුවක් නිසා වෙනත් කෙනෙකුට කියන්න එපා. OTP (One-time Password) අංකයක් කියන්නේ ඔබම පමණක් දැනගත යුතු, ඔබේ අවශ්‍යතාවයට පමණක් ඔබ විසින් භාවිතා කළ යුතු password එකක් කියන එක හැමවිටම මතක තියාගන්න.

🔴 Dark Web එකට ඔබේ දත්ත නිරාවරණය වීම වළක්වන්න පුළුවන්ද?

කලින් පැහැදිලි කළ පරිදි Dark Web එකට ඔබේ දත්ත නිරාවරණය වෙන්නේ ඔබ අන්තර්ජාලය භාවිතා කිරීමේදී websites වලට ලබාදෙන දත්ත, යම් website එකක් hack වීමකට ලක් වීමෙන් hackers ලා අතට පත් වූ විටයි. ඔබ එසේ දත්ත ලබාදුන් websites කිසිවක් කිසිදා ඔවුන් දැනුවත්ව hack වීමකට ලක් වෙන්නෙ නැහැ. නමුත් cyber security කියන්නේ ලෝකෙ තියෙන හොඳම තාක්ෂණයන් භාවිතා කළත් 100% ක් තහවුරු කළ දෙයක් නොවන නිසා, අවාසනාවන්ත ලෙස ලෝකයේ බොහෝ websites නිරන්තරයෙන් hack වීමට ලක් වෙනවා. අප දන්න ලොකයේ සුප්‍රසිද්ධ websites වගේම ලංකාවෙ රාජ්‍ය සහ රාජ්‍ය නොවන බොහෝ websites වරින්වර hack වීම් ගැන අපිට අහන්න ලැබෙන්නෙ ඒ නිසයි.

කෙසේ නමුත් ඔබ භාවිතා කරන websites වලට ඔබේ පුද්ගලික දත්ත ලබාදීමෙන් තොරව register වන්නට හෝ Online මිලදී ගැනීම් කරන්නට නොහැකි නිසා සහ එම websites කවදා කොයි මොහොතේ hack වේදැයි ඔබ නොදන්නා නිසා, dark web එකට ඔබේ දත්ත නිරාවරණය වීම ඔබට පාලනය කළ හැකි දෙයක් නෙමෙයි. ඒ නිසා ඔබට කළ හැකි එකම දෙය වන්නේ එසේ ඔබේ දත්ත dark web එකට නිරාවරණය වී ඇත්දැයි සොයා බලා, එසේ වී ඇත් නම් ඉහත සඳහන් කළ පරිදි ඊට අදාළ ආරක්ෂිත පියවර ගැනීම පමණයි. Google One සපයන Dark Web search වැනි security services ඔවුන් සපයන්නෙත්, පරිශීලකයින්ට ඒ ගැන දැනුවත් වී ඊට අදාළ පියවර ගැනීමට සහය වීමේ අරමුණෙන්.

(මෙතැනින් පසු දැනුවත් කිරීම අපගේ සේවාවන් හරහා Dark Web එකට නිරාවරණය වූ දෑ පිළිබඳවයි. ඒ ගැන දැගන්න අවශ්‍ය අය දිගටම කියවන්න.)

🔴 හෙළකුරු හරහා ඔබේ දත්ත Dark Web එකට නිරාවරණය වුනාද?

Google One සපයන Dark web search පහසුකම හරහා මෙවන් දෙයක් සිදු වී ඇත්දැයි ඔබටම දැනගන්න පුළුවන්. හෙළකුරු හරහා ඔබේ දත්ත Dark web එකට නිරාවරණය වී ඇත්නම් ඔබ Dark web search එකක් කළ පසු “Helakuru” නම search result එකෙහි දිස් විය යුතුයි. නමුත් එහි එවැන්නක් නොපෙන්වන බව ඔබටම පෙනෙයි. එනම්, හෙළකුරු හරහා ඔබේ දත්ත dark web එකට නිරාවරණය වීමක් සිදු වී නැති බව ඔබටම දැන් වැටහෙයි. එවන් දෙයක් සිදුවන්න හැකියාව ඇත්තේ අපගේ හෙළකුරු මෘදුකාංග පද්ධතීන් hack වීමකට ලක් වුනොත් පමණයි කියන එක මෙතෙක් වේලා ඉහත විස්තරය කියවා Dark web ගැන හරි හැටි දැනමුතුකම ලබාගත ඔබ දැන් දන්නවා. හෙළකුරු මෘදුකාංග පද්ධතීන් මෙතෙක් කිසිදා hack වීමකට ලක් වී නැති බව පමණක් වගකීමෙන් සඳහන් කරන්න පුළුවන්.

🔴 එහෙනම් හෙළකුරු සහ Dark web ගැන ගිය කතාව මොකද්ද?

පසුගිය වර්ෂයේ (2022) අප්‍රේල් මාසයේ අප ආයතනයෙන්ම සපයන වෙනත් සේවාවක් වන PayHere සේවාව අවාසනාවන්ත ලෙස hack වීමකට ලක්වුනා. එහිදී hackers ලා අතට පත්වුනු දත්ත ඔවුන් විසින් වරින් වර dark web එකට නිරාවරණය කරනවා. ඒ විදියට මේ වසරේ (2023) ජූලි මාසයේදී ඔවුන් නිරාවරණය කළ දත්ත එකතුවක් මේ වෙනකොට Google One සපයන Dark Web Search එකේ පෙන්වනවා. එය ජූලි මාසයේ සිට Dark Web Search එකේ පෙනුනත්, ඒ පිළිබඳ කතාබහක් ඇති වුනේ යම් අයෙකු විසින් හෙළකුරු ලාංඡනයත් සමඟ ඒ පිළිබඳ post එකක් facebook හි පළ කළායින් පසුවයි. එය පළ කළ කෙනා හෙළකුරු ලාංඡනය භාවිතා කිරීමෙන් අදහස් කරන්නට ඇත්තේ “හෙළකුරු නිෂ්පාදනය කරන සමාගමේම වෙනත් නිෂ්පාදනයක් වන PayHere හරහා” dark web එකට දත්ත නිරාවරණය වී ඇති බව වුනත්, එම post එකේ හෙළකුරු ලාංඡනය සඳහන් වීම නිසා, ඉන්පසුව එය වැරදි ලෙස ප්‍රචාරය වුනේ හෙළකුරු නිසා සිදුවුනු දෙයක් ලෙසයි. මේ ගැන අප facebook post එක පළ කළ අයව දැනුවත් කර, ඔහුගේ post එකෙන් හෙළකුරු ලාංඡනය ඉවත් කර, එය නිවැරදි කරන්නට කටයුතු කළත්, ඒ වෙනකොටත් අවාසනාවන්ත ලෙස වැරදි ප්‍රචාරය බොහෝ දෙනෙකු විසින් share කර අවසන්. හෙළකුරු සහ Dark web ගැන අසත්‍ය ප්‍රචාරයක් පැතිරුණේ අන්න එහෙමයි.

🔴 PayHere hack වීමෙන් ඔබේ දත්ත dark web වෙත නිරාවරණය වුනාද?

මේ ගැනත් ඔබට Google One සපයන Dark web search පහසුකම හරහා දැනගන්න පුළුවන්. Dark web search එකේ පෙන්වන results අතර “PayHere” ලෙස result එකක් පෙන්වනවා නම්, ඉන් අදහස් වන්නේ ඔබේ දත්ත PayHere hack වීම හරහා dark web එකට නිරාවරණය වී ඇති බවයි. එයින් නිරාවරණය වී ඇත්තේ ඔබේ මොන දත්තද කියන එකත් ඔබට Dark Web Search එකෙන් බලාගන්න පුළුවන්. බොහෝ දෙනෙකුට එහි පෙන්වන්නේ Name, Email, Phone Number සහ Address යන පුද්ගලික දත්ත PayHere Data breach එක හේතුවෙන් නිරාවරණය වී ඇති බවයි. එම දත්ත වලට අදාළව ඉහතදී දැනුවත් කළ ආරක්ෂිත පියවර ගැනීමෙන් ඔබට එයින් සිදුවිය හැකි අපහසුතාවයන්ගෙන් මිදෙන්න පුළුවන්.

කෙසේ හෝ අසත්‍ය ප්‍රචාරයන් හි සඳහන් වූ පරිදි ඔබේ බැංකු කාඩ්පත් දත්ත PayHere hack වීම නිසාවත් dark web වෙත නිරාවරණය වී නොමැති බව ඔබට එයින් තහවුරු කරගන්න පුළුවන්. ඔබේ search result එකේ PayHere වලට අදාළව පෙන්වන්නේ මොන දත්තද කියලත් කැමතිනම් comment කරගෙන යන්න අනිත් අයටත් දැනගන්න.

🔴 PayHere ඔබ භාවිතා නොකළත් Dark Web Search එකේ දත්ත තියෙන්න පුළුවන්ද?

මෙය බොහෝ දෙනෙකුට මතු වී තිබුණු ප්‍රශ්නයක්. “මම PayHere කියලා එකක් use කරලා නැහැ, හෙළකුරු විතරයි use කළේ, ඒත් මගේ දත්ත Dark Web එකේ තියෙනවා” කියන එක. ඔබ දැනුවත්ව PayHere භාවිතා කර නොතිබුණත් බොහෝ විට ඔබ නොදැනුවත්ව PayHere payment gateway එක හරහා අන්තර්ජාලයේ කුමන හෝ website එකකට මුදල් ගෙවා තිබිය හැකියි. PayHere කියන්නේ ඇප් එකක් නෙමෙයි. එය අන්තර්ජාලයේ භාණ්ඩ හෝ සේවා අලෙවි කරන websites විසින්, ඔවුන්ගේ පාරිභෝගිකයින්ගෙන් Online Payments ලබාගන්න භාවිතා කරන payment gateway සේවාවක්. දැනට ලංකාවේ 5000 කට වැඩි websites ප්‍රමාණයක් Online Payments ලබාගන්න PayHere භාවිතා කරන නිසා, ඔබ website එකකින් යම් දෙයක් මිලදී ගැනීමේදී හෝ ඔබේ දරුවාගේ class fees Online ගෙවීමේදී බොහෝ විට PayHere payment gateway එක හරහා Online ගෙවීම් සිදුකර තිබෙන්න පුළුවන්. PayHere hack වීම හරහා dark web එකට නිරාවරණය වී ඇත්තේ ඔබ එවැනි අවස්ථාවල ලබා දුන් දත්තයි. Dark Web search එකේ පෙන්වන ඔබේ දත්ත අතර Address කියලා සඳහන් වෙනවා නම්, බොහෝ විට එය ඔබ අන්තර්ජාලයේ යම් භාණ්​ඩ මිලදී ගැනීමක් කරන විට ලබා දුන් delivery address එක වෙන්න පුළුවන්.

🔴 PayHere සිදුවීමට අදාළව අපි ගත්තු පියවර මොනවද?

PayHere සේවාව අවාසනාවන්ත ලෙස hack වීමට ලක්වූ දවස්වලම අපි ඒ සම්බන්ධව විස්තරාත්ම Incident Report එකක් පළ කිරීම මඟින් ඊට අදාළ සියලු දෙනා දැනුවත් කරන්නට කටයුතු කළා. තවමත් අප යාවත්කාලීන කරමින් පවතින එම Incident Report එක ඔබට මෙතැනින් කියවන්න පුළුවන්: https://blog.payhere.lk/ensuring-integrity-on-payhere-cybersecurity-incident/.

ඒ වගේම එම සිදුවීම නිසා අපහසුතාවට පත්වූ සැමගෙන් අප නිහතමානීව සමාව අයැදීමටද කටයුතු කළේ මෙලෙසින්: https://blog.payhere.lk/an-apology-the-way-forward/.

ඉන් අනතුරුව අප එම සිදුවීම නිසා PayHere භාවිතා කළ කිසිවෙකුට මූල්‍ය හානියක් නොවන්නට අවශ්‍ය සියලු පියවර ගත්තා වගේම එවන් සිදුවීමක් යලිත් නොවන ලෙස අපගේ PayHere සේවාවේ දත්ත ආරක්ෂාව පසුගිය වසර පුරාම ජාත්‍යන්තරව පිළිගත් සයිබර් ආරක්ෂණ තාක්ෂණයන් යොදාගනිමින් අඛණ්ඩව වැඩිදියුණු කර, ඒ පිළිබඳව ස්වාධීන ආරක්ෂණ විගණනයක් (Independent Security Audit) හරහා තහවුරු කරගත්තා.

🔴 ඔබ හෙළකුරු භාවිතා කිරීම ආරක්ෂිතද?

හෙළකුරු සහ Dark Web සම්බන්ධව මෑතකදී ගෙනගිය ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මෙම දැනුවත්කිරීම මුල සිට අගට කියවූ ඔබටම දැන් වැටහෙනවා ඇති. ආයතනයක් ලෙස අප පසුගිය වසරේ PayHere සම්බන්ධයෙන් සිදු වූ අවාසනාවන්ත සිදු වීමෙන් උගත් පාඩම් ඇසුරින් හෙළකුරු ඇතුළු අපගේ සියලුම නිෂ්පාදනයන්ගේ දත්ත ආරාක්ෂාව තහවුරු කිරීමට සියලු තාක්ෂණීක පියවර ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට අපගේ සියලු නිෂ්පාදන වල දත්ත ආරක්ෂාව ඉතාම ඉහළ තත්ත්වයක ඇති බව වගකීමෙන් ඔබට සහතික වෙන්න පුළුවන්.

හෙළකුරු වෙත ලබාදෙන ඔබේ පුද්ගලික දත්තවල සුරක්ෂිතතාවය අප තහවුරු කරන ආකාරය අපගේ හෙළකුරු FACTS හි (https://facts.helakuru.lk/security/personal-data) විස්තරාත්මකව සහ විනිවිදව අප සඳහන් කර තිබෙනවා වගේම හෙළකුරු Privacy Policy (https://www.helakuru.lk/privacy) හරහා ඒ වෙනුවෙන් අප නෛතිකව බැඳි සිටිනවා. ඒ නිසා අඛණ්ඩව ඔබට විශ්වාසයෙන් හෙළකුරු භාවිතා කරන්න පුළුවන්.

නවීන තාක්ෂණයෙන් ලෝකයත් එක්ක අපේ රට ඉස්සරහට අරගෙන යන්න, ඒ තාක්ෂණයෙන් මහජනයා සවිබලගන්වන්න, හෙළකුරු අපේ මෙහෙයුම අප ඉදිරියටම අරගෙන යනවා. ඒ අතරම ඔබ අප කෙරෙහි තබා ඇති විශ්වාසය පසුගිය වසර 12 පුරාම අප රැකගත්තා සේම, ඉදිරියටත් ඒ විශ්වාසය අඛණ්ඩව රැකගැනීමට අප කැපවී කටයුතු කරනවා.

✍️ ධනික පෙරේරා

#හරියටදැනගමු

08/02/2024

Low Budget Sanam Theri Kasam | ලෝ බජට් සනම් තේරී කසම්

Sanam Theri Kasam VS නිම්හිම්
මොකක්ද හොඳම. ඔයාලම බලලා තීරණය කරන්න 😁

අපේ අය කියන අනාවැකි Keheliya Rabukwella
03/02/2024

අපේ අය කියන අනාවැකි Keheliya Rabukwella

02/02/2024
30/01/2024

නිදහස්දින පෙරහුරුවේ පැරිශුට් අනතුර ..😢

25/01/2024

සනත් නිශාන්තගේ අනතුර සිදුවුන මොහොතේ වීඩියෝ

මන්ත්‍රී සනත් නිශාන්ත මිය යයි   Sanath Nishantha
25/01/2024

මන්ත්‍රී සනත් නිශාන්ත මිය යයි Sanath Nishantha

ලොකු  ලොකු බලාපොරොත්තු නෑ..මෙයත් එක්ක photo එකක් ගන්න තිබ්බනං ඒ ඇති 😍
24/12/2023

ලොකු ලොකු බලාපොරොත්තු නෑ..
මෙයත් එක්ක photo එකක් ගන්න තිබ්බනං ඒ ඇති 😍

ඉක්මන් සුව ලැබේවා... 🙏🙏මේ වනවිට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කලුබෝවිල )දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන චාමර වීරසිංහ සහෝදරයාට...
20/12/2023

ඉක්මන් සුව ලැබේවා... 🙏🙏

මේ වනවිට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කලුබෝවිල )
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන
චාමර වීරසිංහ සහෝදරයාට
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු !
බුදු සරණයි 🙏

15/12/2023

එයාලා එනගමන් Friends 🐄🐄🐄

13/12/2023

Time traveler 🤣

පිටකවරෙ නොබලන රන්ජා 🤗
13/12/2023

පිටකවරෙ නොබලන රන්ජා 🤗

හදවතේ ගායකයා ❤️❤️
07/12/2023

හදවතේ ගායකයා ❤️❤️

06/12/2023

- ඔයා කෙනෙක්ගෙන් දැඩ් ලෙස ප්‍රතික්ශේප වෙනවනම්??-

05/12/2023

අපේ කාලේ මෙහෙම ටීචර්ල හිටියෙ නෑනෙ 🥰

05/12/2023

මේක බලල හික් ගෑවුන්නැත්තන් උබ මහ අලුකෙහෙල් තිරිසනෙක්🥺

ප්‍රවීණ රංගන ශිල්පි සුමින්ද සිරිසේන කලාකරුවාණෙනිඔබට සුභ ගමන් ...! 💔
04/12/2023

ප්‍රවීණ රංගන ශිල්පි
සුමින්ද සිරිසේන කලාකරුවාණෙනි
ඔබට සුභ ගමන් ...! 💔

01/12/2023

මනමාලිගේ ඒ සප්‍රයිස් එක 😳

Nelli

28/11/2023

මේ රාණිමුඛර්ජි ද නැත්තම් කාජල් ද 😳😳

27/11/2023

WOW ඒ ඩාන්ස් එක 🕺

Dream Star කිරුළ දිනාගත් අංජලී හේරත්ඔබට උණුසුම් සුභ පැතුම් ..❤️😍
26/11/2023

Dream Star කිරුළ දිනාගත් අංජලී හේරත්
ඔබට උණුසුම් සුභ පැතුම් ..❤️😍

Address


Opening Hours

09:00 - 17:00

Telephone

+94777235637

Alerts

Be the first to know and let us send you an email when Nelli posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nelli:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share