Ceylon Journal

  • Home
  • Ceylon Journal

Ceylon Journal The official page for https://ceylonjournal.lk/
(5)

හිටපු ජනපති රනිල් පාස්පෝට් නඩුවේ වගඋත්තරකාර ලැයිස්තුවට.නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර නීතියට පටහැනි ආකාරයෙන් ...
06/11/2024

හිටපු ජනපති රනිල් පාස්පෝට් නඩුවේ වගඋත්තරකාර ලැයිස්තුවට.

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර නීතියට පටහැනි ආකාරයෙන් පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර තොගයක් මිලදී ගැනීමට ගෙන ඇති තීරණයට එරෙහිව ගොණුකර ඇති පෙත්සමෙහි වගඋත්තරකරුවෙකු වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට අභියාචනාධිකරණය අද දින (06) අවසර ලබාදී තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූ ඩොනල්‍ඩ් ට්‍රම්ප් හට ජනාධිපති අනුර දිසානායක විසින් සිය X ගිණ...
06/11/2024

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූ ඩොනල්‍ඩ් ට්‍රම්ප් හට ජනාධිපති අනුර දිසානායක විසින් සිය X ගිණුම හරහා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

2025 වර්ෂය සදහා සියලු පාසල් සහ පිරිවෙන් සිසුන්ට නිල ඇදුම් චීන රජයෙන් ප්‍රදානයක් ලෙස ලබා දීමට පියවර.2025 වර්ෂය සදහා මහජන ...
06/11/2024

2025 වර්ෂය සදහා සියලු පාසල් සහ පිරිවෙන් සිසුන්ට නිල ඇදුම් චීන රජයෙන් ප්‍රදානයක් ලෙස ලබා දීමට පියවර.

2025 වර්ෂය සදහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානයක් ලෙස ලබාදෙනු ලබන නිල ඇදුම් රෙදි සියලු පාසල් සහ පිරිවෙන් සිසුන් වෙත බෙදා හැරීම සදහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

එළඹෙන වර්ෂය සදහා පාසල් නිල ඇදුම් රෙදි මුළු අවශ්‍යතාවය රෙදි මීටර් මිලියන 11.82ක් පමණ වන අතර එම සම්පූර්ණ ප්‍රමාණය ප්‍රදානයක් වශයෙන් ලබාදීම සදහා මහජන චීන සමූහාණ්ඩුව විසින් සිය එකගතාවය පළ කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට.
06/11/2024

අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට.

වෛද්‍ය සාෆි ශාබ්දීන් සියලු චෝදනා වලින් නිදහස් කිරීමට අධිකරණයෙන් නියෝග.
06/11/2024

වෛද්‍ය සාෆි ශාබ්දීන් සියලු චෝදනා වලින් නිදහස් කිරීමට අධිකරණයෙන් නියෝග.

හිටපු රේගු නිලධාරීන් 04 දෙනෙකුට බරපතල වැඩ සහිතව වසර 35 බැගින් සිර දඩුවම්.ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් 04 දෙනෙකුට කො...
06/11/2024

හිටපු රේගු නිලධාරීන් 04 දෙනෙකුට බරපතල වැඩ සහිතව වසර 35 බැගින් සිර දඩුවම්.

ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් 04 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අද දින (06) බරපතල වැඩ සහිතව වසර 35 බැගින් වූ සිර දඩුවම් නියම කරනු ලැබූවා.

ඒ 2015 වසරේදී ලංකා ගමනාගමන මණ්ඩලයට සැපයීම සඳහා ආනයනය කල බස්‍ රථ අමතර කොටස් මුදා හැරීමට පංචිකාවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 125ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව සඳහා වරදකරුවන් වීම හේතුවෙනුයි.

අමෙරිකානු ජනාධිපතිවරණය 2024වසර ගණනාවක් පුරා අමෙරිකාවේ අත්හදා බලා තිබෙන පිලිගත් ක්‍රමවේදයන්ගේ පුරෝකථනයන්ට අනුව ප්‍රාන්ත ර...
06/11/2024

අමෙරිකානු ජනාධිපතිවරණය 2024

වසර ගණනාවක් පුරා අමෙරිකාවේ අත්හදා බලා තිබෙන පිලිගත් ක්‍රමවේදයන්ගේ පුරෝකථනයන්ට අනුව ප්‍රාන්ත රැසක පෙරමුණ ගෙන පසුවන්නේ හිටපු අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් බවට වාර්තා වනවා.

ඒ දකුණු කැරොලිනා, ටෙක්සාස්, ෆ්ලොරීඩා මෙන්ම ජෝර්ජියා වැනි ප්‍රධාන ප්‍රාන්ත රැසක පෙරමුණ ගනිමිනුයි.

කමලා හැරිස් උප ජනාධිපතිවරිය ආසන 182ක් දිනාගනු ඇතැයි අපේක්‍ෂිත අතර​, ඇය කැලිෆෝනියා, නිව් යෝර්ක්, වොෂින්ටන් ඇතුළු ප්‍රාන්ත රැසක පෙරමුණේ පසුවනවා.

කෙසේ වෙතත් අවසාන ජයග්‍රාහකයා පිළිබඳව මෙතෙක් ස්ථිරව දැනුම් දීමක් සිදුකර නැතැයි වාර්තා වනවා.

පාස්පෝට් පෝලිම අවසන් - විජිත හේරත් කියයි.විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා දිනයක් වේලාවක් වෙන්කර ගැනීමට අදාළ ඔන්ලයින් ක...
06/11/2024

පාස්පෝට් පෝලිම අවසන් - විජිත හේරත් කියයි.

විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා දිනයක් වේලාවක් වෙන්කර ගැනීමට අදාළ ඔන්ලයින් ක්‍රමවේදය මේ වන විට ක්‍රියාත්මක වන බව අමාත්‍ය විජිත හේරත් විසින් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අද (06) දින සඳහන් කර සිටියා.

ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට අදාළ ක්‍රමවේදය ක්‍රියාත්මක වන අතර​, මේ වන විට කොටස් වශයෙන් විදේශ ගමන් බලපත්‍ර ලැබෙමින් පවතින බව​ ඔහු සඳහන් කර සිටියා.

නොවැම්බර් සහ දෙසැම්බර් මාසයන්හි අග වන විට ලක්‍ෂය බැගින් අදියර දෙකකට ගුවන් ගමන් බලපත්‍ර ලැබීමට නියමිත බව ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කර සිටියා.

අගමැතිට වෙන්කර තිබූ ගිලන් රථ සහ වෛද්‍ය ඒකකය මහජන සේවයට එක්කර ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
06/11/2024

අගමැතිට වෙන්කර තිබූ ගිලන් රථ සහ වෛද්‍ය ඒකකය මහජන සේවයට එක්කර ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ඉන්ධන කොමිස් ගෙවීමට මිල සූත්‍රයක්.සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ කොමිස් මුදල ගණනය කිරීම සඳහා මිල සූත්‍රයක් සකස් කරන...
05/11/2024

ඉන්ධන කොමිස් ගෙවීමට මිල සූත්‍රයක්.

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ කොමිස් මුදල ගණනය කිරීම සඳහා මිල සූත්‍රයක් සකස් කරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසනවා.

කොමිස් මුදල සම්බන්ධයෙන් පවතින ගැටළුවලට පිළියමක් ලෙස සෑම ඉන්ධන ලීටරයකටම රුපියල් 06ක මුදලක් ගෙවීමට සංස්ථාව එකග වී ඇතැයි සඳහන් වනවා.

කෙසේ වෙතත් ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ඉන්ධන පිරවුම්හල් හිමියා සිපෙට්කෝ බෙදාහැරීමේ ජාලයේ කොටස්කරුවෙකු ලෙස සලකමින් අසාධාරණ ලාභයක් ඉපයීමට ඉඩ ලබා නොදෙන බවයි.

ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස කාවින්ද ද සොයිසා පත්කෙරේ.
05/11/2024

ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස කාවින්ද ද සොයිසා පත්කෙරේ.

තුන් මසක් රැඳවුම් නියෝග මත සිටි මන්නා රමේෂ් බූස්ස බන්ධනාගාරයට​.සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බවට සැලකෙන මන්නා රමේෂ් ...
05/11/2024

තුන් මසක් රැඳවුම් නියෝග මත සිටි මන්නා රමේෂ් බූස්ස බන්ධනාගාරයට​.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බවට සැලකෙන මන්නා රමේෂ් නමැත්තා බූස්ස බන්ධනාගාරය වෙතට යොමුකර තිබෙනවා.

ඒ ඊයේ (04) දින ඔහුව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම මස 18 වනදා දක්වා ඔහුව රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර ඇතැයි වැඩිදුරටත් සඳහන් වනවා.

පොල් හිගයට විසඳුමක් ලෙස පිටිකල පොල්කිරි භාවිතා කිරීමට උපදෙස්.ඉහළ යන පොල් මිල සහ පොල් හිගයට පිළියමක් වශයෙන් වෙළඳපලේ අලෙවි...
05/11/2024

පොල් හිගයට විසඳුමක් ලෙස පිටිකල පොල්කිරි භාවිතා කිරීමට උපදෙස්.

ඉහළ යන පොල් මිල සහ පොල් හිගයට පිළියමක් වශයෙන් වෙළඳපලේ අලෙවි කරන පිටිකිරි හෝ පැකට් කල දියර පොල්කිරි භාවිතයට යොමුවන ලෙසට පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරිය සඳහන් කර සිටින්නේ පොල් පරිභෝජනයෙන් 60%කට වැඩි ප්‍රතිශතයක් ගෘහාශ්‍රිතව පරිභෝජනය කරන බවත් පිටිකල පොල්කිරි හෝ ඇසුරුම් කල දියර පොල්කිරි භාවිතයෙන් පොල් සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති ගැටළුව යම් ආකාරයකින් විසඳා ගැනීමටත් හැකි වනු ඇති බවයි.

මේ වන විට නගරාශ්‍රිතව පොල් ගෙඩියක මිල රුපියල් 180ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වන අතර​, ඇතැම් ප්‍රදේශයන්හි පොල් ගෙඩියේ ප්‍රමාණය අනුවද මිල තීරණය වන බව සඳහන් වනවා.

මහ කන්නයේ පොහොර සහනාධාරය ලබාදීමේ කටයුතු ඇරඹෙයි.මෙවර මහ කන්නය සඳහා ලබාදෙන රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීමේ කටයුතු ම...
04/11/2024

මහ කන්නයේ පොහොර සහනාධාරය ලබාදීමේ කටයුතු ඇරඹෙයි.

මෙවර මහ කන්නය සඳහා ලබාදෙන රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ. පී. රෝහණ රාජපක්‍ෂ මහතා පවසනවා.

එහි ප්‍රථම අදියර වශයෙන් ගොවීන්ට රුපියල් 15,000/-ක් ලබා දීමට පියවර ගෙන ඇති අතර​, දෙවන අදියර වශයෙන් රුපියල් 10,000/-ක මුදලක් වගා කටයුතු ආරම්භ කිරීමෙන් පසු සති දෙකක කාලයකින් ලබා දීමට පියවර ගන්නා බව සඳහන් වනවා.

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට මාර්ගගත ක්‍රමවේදයක් ස්ථාපිත කෙරේ.විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමවේදයක් හඳු...
04/11/2024

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට මාර්ගගත ක්‍රමවේදයක් ස්ථාපිත කෙරේ.

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමවේදයක් හඳුන්වාදීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබෙනවා.

ආගමන විගමන පාලක ජනරාල් (වැඩබලන​) ඩී. එම්. ඩී. නිලූෂා බාලසූරිය සඳහන් කලේ ආගමන විගමන නිල වෙබ් අඩවියට පිවිසීමෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගත හැකි බවයි.

එළඹෙන 06 වනදා සිට මෙම මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක වන බව ඇය විසින් අද (04) පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

පුද්ගලයෙකුට හදිසියේ විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් පවතින්නේ නම් ඒ බව සනාථ කල හැකි ලිපි ලේඛණ ද රැගෙන පැමි...
04/11/2024

පුද්ගලයෙකුට හදිසියේ විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් පවතින්නේ නම් ඒ බව සනාථ කල හැකි ලිපි ලේඛණ ද රැගෙන පැමිණිය හැකි බව වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් නිලූෂා බාලසූරිය මහත්මිය පවසනවා.

ව්‍යාජ ලේඛණ කූඨ ආකාරයෙන් සැකසූ ලේඛන යම් තැනැත්තෙකු විසින් ඉදිරිපත් කිරීමක් සිදුකල හොත් ඊට අදාළ නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ඇය විසින් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

ලොහාන්ගේ බිරිඳ අත්අඩංගුවට​!නීති විරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිතා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ...
04/11/2024

ලොහාන්ගේ බිරිඳ අත්අඩංගුවට​!

නීති විරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිතා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන්ගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේට අවස්ථා කිහිපයකදීම මිරිහාන පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට දැනුම් දී තිබෙනවා.

ඇය අද දිනයේ අධිකරණයට පෙනී සිටි අවස්ථාවේදී ඇයව අත්අඩංගුවට ගෙන ඇති අතර​, ලබන 07 වනදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දින (04) නියෝග කරනු ලැබුවා.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට යෝජිත දිනය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්...
04/11/2024

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට යෝජිත දිනය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

Address


Alerts

Be the first to know and let us send you an email when Ceylon Journal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Journal:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

We are the one stop solution for all your event planning needs.