Wedagath-වැදගත්

  • Home
  • Wedagath-වැදගත්

Wedagath-වැදගත් Important Information for all

විවිධ විෂයයන් පිළිබඳ වැදගත් තොරතුරු
(1)

චෙස් ක්‍රීඩාවේ මූලික මට්ටම පසුකල ඔබ සියළු දෙනා වෙනුවෙන්.එකතු වී වෙනස වටහා ගන්න.මා මෙතෙක් කල් ලබාගත් අත්දැකීම් සමග, ක්‍රී...
25/06/2022

චෙස් ක්‍රීඩාවේ මූලික මට්ටම පසුකල ඔබ සියළු දෙනා වෙනුවෙන්.
එකතු වී වෙනස වටහා ගන්න.

මා මෙතෙක් කල් ලබාගත් අත්දැකීම් සමග, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මූලිකවම සිදුවන්නා වූ අත්වැරදීම් නිවැරදි කරගැනිමට උපකාරී වන බව නොඅනුමානය.

වැඩි විස්තර සදහා
0717782888
0706976097

23/06/2022
ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය විසින් මෙහෙයවනු ලබන ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව 2022 සඳහා අයදුම්පත් කැඳවනු ලබයි.👉 Online අය...
19/06/2022

ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය විසින් මෙහෙයවනු ලබන ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව 2022 සඳහා අයදුම්පත් කැඳවනු ලබයි.

👉 Online අයදුම්පත : http://www.slcj.lk/application-procedure/

இலங்கை ஊடகவியல் கல்லூரியினால் நடாத்தப்படும் ஊடகத்துறை டிப்ளோமா பாடநெறி 2022கான புதிய விண்ணப்பங்கள் கோரப்படுகின்றன.
👉 Online விண்ணப்பம்: http://www.slcj.lk/application-procedure/

𝗔𝗽𝗽𝗹𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻𝘀 𝗵𝗮𝘃𝗲 𝗯𝗲𝗲𝗻 𝗰𝗮𝗹𝗹𝗲𝗱 𝗳𝗼𝗿 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗝𝗼𝘂𝗿𝗻𝗮𝗹𝗶𝘀𝗺 𝟮𝟬𝟮𝟮

This diploma program is primarily planned in order to provide both theoretical and practical knowledge for the students on Journalism and Mass Media.

Apply now: shorturl.at/hjBOU

උපන් දින සහ විශේෂ අවස්ථා සදහා සුබ පැතුම් සහිත බීජ කාඩ්පතක් යවමු.Plantable Greeting Cardsඋපන්දින ඇතුලු විශේෂ අවස්ථාවලදී ස...
14/06/2022

උපන් දින සහ විශේෂ අවස්ථා සදහා සුබ පැතුම් සහිත බීජ කාඩ්පතක් යවමු.
Plantable Greeting Cards

උපන්දින ඇතුලු විශේෂ අවස්ථාවලදී සුබපැතුම් පැතුම් කාඩ්පත් යනාදීය හුවමාරු කර ගැනීම අතීතයේ සිට සිදුවේ.නව තාක්ෂණය සමග ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය නිසා අද එහි අඩුවීමක් දක්නට ලැබේ.තාක්ෂණය දියුණු වන විට එහි අහිතකර බලපෑම් ද ඇති බව අමතක නොකල යුතු වේ.

විශේෂයෙන් ම,වයස අවුරුදු 18 ට අඩු දරුවන් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය බාවිතා කිරීමේ අයහපත් ප්‍රතිඵල සැලකිල්ලට ගෙන ඔවුන් එයින් මුදාගෙන අධීක්ෂණයන් සහිතව ඔවුන්ගේ ළමාකාලය නිසි අයුරින් ගත කිරීමට ඉඩ සැලැස්වීම ද වැදගත් වේ.

එය ඔවුන්ගේ ජීවිතයේ අත්තිවාරම බැවිනි.මෙහි දී සුභපැතුම් කාඩ් පත් වෙළදපොල්ලේ මිලදීගැනීමට තිබෙන නමුත්,එය ඔවුන් විසින් ම නිර්මාණය කිරීම තුළින් ඔවුන්ගේ නිර්මාණ ශක්තිය ද ඉහළ යන අතර එය ඔවුන්ගේ අනාගතයට යහපත් බලපෑමක් සිදු කිරීමට හැකිවනු ඇත.

දන්සල් අතර වටිනා දන්සැලක්......අම්බලන්ගොඩ ආසන්නයේ පැවති එළවලු පැළ  දන්සලක්.....සෑම කාලයටම ඔබින, දුරදර්ශී අදහස්  ක්‍රියාත...
14/06/2022

දන්සල් අතර වටිනා දන්සැලක්......

අම්බලන්ගොඩ ආසන්නයේ පැවති එළවලු පැළ දන්සලක්.....

සෑම කාලයටම ඔබින, දුරදර්ශී අදහස් ක්‍රියාත්මක කරමු.

* ජායාරූප අයිතිය මුල් හිමිකරු සතු වේ.

පාපැදිය සහ අනාගතයඅදවන විට පාපැදිය සැමදෙනා අතර ජනප්‍රිය වී ඇත.එහි ආර්ථික වාසි සේම,ශරීරයට ඇති වාසිද බොහෝ ය.දැනුම සහ තාක්ෂණ...
14/06/2022

පාපැදිය සහ අනාගතය

අදවන විට පාපැදිය සැමදෙනා අතර ජනප්‍රිය වී ඇත.එහි ආර්ථික වාසි සේම,ශරීරයට ඇති වාසිද බොහෝ ය.දැනුම සහ තාක්ෂණයයේ දියුණුව සමග අදවනවිට මෙහි අමතර වාසිද බොහෝ ය.මේවන විට ලොවම පාපැදිය වෙත අවධානය යොමු කරමින් සිටියි.

බයිසිකල් නොහොත් පාපැදිය ලෝකයේ වඩාත්ම කාර්යක්ෂම ප්‍රවාහන මාධ්‍යයක් ලෙස ප්‍රචලිත ය.මෙය ඇවිදීමට වඩා පස් ගුණයකින් කාර්යක්ෂම ය.

අදවනවිට මෙය අවට වාතය පිරිසිදු කිරීමට ද යොදා ගැනීමට හැකියාව පවතී.

එයට අමතරව බයිසිකල් රෝදවලට සවිකල හැකි වාතය පිරිසිදු කල හැකි උපාංගද මේ වන විට නිර්මාණකරුවන් විසින් හදුන්වා දී ඇත.

එසේම,එයට සම්බන්ධ තවත් නව සංකල්පද බිහි වෙමින් පවතී.බැංකොක්හි නිර්මාණකරුවන් විසින් හදුන්වාදුන් සංකල්ප ද ඒ අතර වේ.

අදාළ තාක්ෂණයන් සහ නිර්මාණවලට අවධානය යොමු කර මෙරටින් ද මෙවන් නිර්මාණ කල හැකි නම්,එයද මෙරට වායු දුෂණයට යම්තාක් දුරට විසදුමක් ලබාදීමට වැදගත් වනු ඇත.

2019 වසරේදී පමණ වියට්නාමයේ සිසුන් පිරිසක් විසින් හදුන්වාදුන් අවට වාතය පිරිසිදු කල හැකි උපාංගයක් සහිත පාපැදි පිළිබද බීබීසි පුවත් සේවය ද වාර්තා කරන ලදී.

පරිසර හිතකාමී නිමාව- උණ ගස උපයෝගී කරගෙන සැකිල්ල නිර්මාණය කිරීම

නිෂ්පාදන සදහා අමුද්‍රව්‍ය සොයා ගැනීමේ දී ඇතිවන විවිධ ගැටලුහේතුවෙන් පරිසරයෙම් විකල්ප සොයා ගැනීමට හැකි වනු ඇත.

උණ ගස වෙත අවධානය යොමු කිරීම වැදගත් වනුයේ එහි ඇති වාසි සහ ප්‍රයෝජන බොහෝමයක් නිසාවෙනි.

උණ ශාකය යොදාගනිමින් නිෂ්පාදනය කරන බයිසිකල්
https://bamboobicycleclub.org/

විද්‍යුත් බයිසිකල්

අවශ්‍ය විටෙක බැටරි බලයෙන් ද ක්‍රියාත්මක විය හැකි බයිසිකල්

නවීන තාක්ෂණ

බයිසිකලයට සවිකරන ලද උපාංගයක් සමග නවීන තාක්ෂණයෙන් වැදගත් වන දත්ත සමන්විත කිරීම.

සොරකම්-විරෝධී ලුහුබැඳීමේ උපාංග

ලොවම පාපැදිය වෙත අවධානය යොමු කරමින් සිටින අවධියක මෙරටින් ම විවිධ අංශ සදහා නවීන බයිසිකලයකට අවශ්‍ය විශේෂාංග එක්කර උසස් නිමාවකින් නිෂ්පාදනයන් සිදු කර,සාධාරණ දැරිය හැකි මිළකට මෙරට බාවිතයට සහ අතිරික්තය විදෙස් වෙළදපොළ ඉලක්ක කරගෙන නිෂ්පාදන සිදු කිරීමෙන් එහි ප්‍රතිලාබ රටට ද ලැබිය හැකි හැකි වනු ඇත.

කොරෝනා වැනි වසංගත තත්වයන් තුළ වුවුද,පුදගල දුරස්ථ බාවයන් ආරක්ෂා කරමින් තනිව තනිව ගමනා ගමනයේ යෙදෙමින් තම වැඩකටයුතු කරගැනීමට ඉවහල් වනු ඇත.එය අනාගත අබියෝගවලට ද වැදගත් වනු ඇත.

මෙරට සේම ලොව පුරා ද විවිධ වුර්තිකයන් පාපැදිය බාවිතා කරන අයුරු සහ එයට නැඹුරුවන අයුරු දැකගත හැක.

අපනයන වෙළදපොළ

නෝර්වේ, ස්වීඩනය, ජර්මනිය සහ ඩෙන්මාර්කය යන රටවල පාපැදිකරුවන් බහුලව සිටිති. ඩෙන්මාර්කයේ අගනුවර වන කෝපන්හේගන් ලොව පාපැදි සඳහා වඩාත්ම හිතකාමී නගරය ලෙස සැලකේ.

Purify The Air As You Ride

Related Links :

Vietnam students invent air cleaning bicyclehttps://www.bbc.com/news/blogs-news-from-elsewhere-47754045

SMOG FREE PROJECT
https://www.studioroosegaarde.net/project/smog-free-bicycle

THIS AIR POLLUTION SUCKING BIKE WHEEL IS THE SOLUTION NEEDED TO PROVIDE CLEAN BREATHING AIR!

https://www.yankodesign.com/2020/09/28/this-air-pollution-sucking-bike-wheel-is-the-solution-needed-to-provide-clean-breathing-air/

Bamboo Bicycles

Bamboobicycleclub
https://bamboobicycleclub.org/

Bamboo bicycle company
https://bambu-bicycles.com/about/

E-Bike? Here’s Everything You Need to Know
https://www.bicycling.com/skills-tips/a20044021/13-things-about-e-bikes/

Best Bike GPS Trackers: Anti-Theft Tracking Devices

https://discerningcyclist.com/best-bike-trackers-bicycle-gps-tracking-devices/

මොනවද මුත්තේ මොකද කරන්නේමොකටද ඔබ ඔය බිම හාරන්නේ...ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමිඅඹ ඇටයක් සිටුවන්නට හාරමි...මොනවද මුත්තේ මොකද ...
14/06/2022

මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ...

ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි...

මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ

ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි

දුකසේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද

මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකිදේ නොමතේරෙයි මට

පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
හැදුනොත් ඔහොමට
ඔබටම වෙයි දොස

පෙර උන් අය සිටවූ අඹ ගස් වල
ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල

අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම

මේ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි

මේ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි.....

මොනවද මුත්තේ මොකද කරන්නේ - ගීතය
(Video)
https://www.youtube.com/watch?v=6s3tVyEn9SA

අප සැමට අනාගත පරපුර වෙනුවෙන් කල යුතු යුතුකම් බොහෝ ය.

සෝලා තාක්ෂණය සමග අනාගතය.....ප්‍රවාහන ක්ෂේත්‍රය වර්තමානයයේ මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ ඉන්ධනයි.විවිධ හේතූන් මත සේවා ...
13/06/2022

සෝලා තාක්ෂණය සමග අනාගතය.....

ප්‍රවාහන ක්ෂේත්‍රය වර්තමානයයේ මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ ඉන්ධනයි.විවිධ හේතූන් මත සේවා සහ සැපයුම් සීමාවන විට,මිල ඉහළ යන විට විකල්ප සදහා යා යුතුව ඇත.

සුර්ය බලශක්තියෙන් බලගැන්වෙන සෝලා තාක්ෂණයේ සහය මෙහි දී ලබා ගැනීමට හැකි වේ.

එය මේ වන විට ලබා ඇති දියුණුවට ඉතාමත් ඉහළය.වැසි කාලයේ දී වුවුද ක්‍රියාත්මක වන ඔනෑම කාලගුණික තත්වයන් සමග ක්‍රියාත්මක වීමට තරම් මෙහි තාක්ෂණය විකාශනය දියුණු වී ඇත.එසේම,නැනෝ තාක්ෂ්ණයේ විවිධ අංශවල ඇති ප්‍රයෝජන සමග මෙහි කාර්යක්ෂමතාවයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට හැකි වේ.

නිවස ද සෝලා තාක්ෂණය සහ පුනර්ජනනීය බලශක්තියෙන් බලගන්වා,එය සේවා සපයන මධ්‍යස්ථානයක් බවට දුරකථන ඇප් එකක් සමග සේවා සපයමින් අමතර ආදායමක් ද ලැබිය හැක.

පවුද්ගලික සමාගම් හෝ මැදිහත්ව ප්‍රවාහන ක්ෂේත්‍රයට මෙම සේවාවන් හදුන්වා දීමට හැකිනම්,එය මෙරට ප්‍රවාහනය ක්ෂේත්‍රයට වැදගත් වනු ඇත.

එසේම,මෙම සේවාවන් බහු පේනු සහ කෙවෙනිවලින් සමන්විත කිරීමේ වටිනාකම කෙරෙහි ද අවධානය යොමු කල හැක.

අනාගතය ආරම්බ වන්නේ හෙට නොව අදයි.

වසර හතරක් සදහා උපාධියක් වෙනුවෙන් කාලය ගත කිරීමට වඩා තාක්ෂණික දැවැන්තයා විසින් සය මසක් වැනි කෙටි කාලයක් තුළ සම්පුර්ණ කල හ...
12/06/2022

වසර හතරක් සදහා උපාධියක් වෙනුවෙන් කාලය ගත කිරීමට වඩා තාක්ෂණික දැවැන්තයා විසින් සය මසක් වැනි කෙටි කාලයක් තුළ සම්පුර්ණ කල හැකි සහ පිළිගත් Google වෘත්තීය සහතික පත්‍ර පාඨමාලා.....
(Google IT Certificates-Grow with google)

Google වෙතින්,තොරතුරු තාක්ෂණ රැකියාවක් ලබා ගන්න
අත්තිවාරම් ඉගෙන ගැනීම හෝ ඔබේ වෘත්තිය ඊළඟ මට්ටමට ගෙන යාම හෝ වේවා, Google IT සහතිකයක් ඉල්ලුමට සරිලන රැකියා සඳහා දොරටු විවර කරයි.

එක්සත් ජනපදයේ Google වෘත්තීය සහතික උපාධිධාරීන්ගෙන් 75%ක් 2021 එක්සත් ජනපද වැඩසටහන් උපාධි සමීක්ෂණ ප්‍රතිචාර අනුව,සහතිකය සම්පූර්ණ කිරීමෙන් මාස 6ක් ඇතුළත ඔවුන්ගේ වෘත්තීය ගමන් පථයේ (උදා. නව රැකියාව හෝ වෘත්තිය, උසස්වීම හෝ ඉහළ නැංවීම) වැඩිදියුණු කිරීමක් වාර්තා කර ඇත.

Coursera
https://www.coursera.org/google-career-certificates

Google IT Certificates with Coursera
https://grow.google/certificates/it-support/ #?modal_active=none

Get professional-level training from Google
https://grow.google/certificates/ #?modal_active=none

Learn job-ready skills with Google Career Certificates
https://grow.google/intl/en_in/certificates/

12/06/2022

ශ්‍රී ලංකාවෙන් ලොවපුරා යන DMM ක්‍රීකට් පිති.....

ලොව පුරා විවිධ රටවල්වලට මෙරටේ නිෂ්පාදනයක් සදහා ඇනවුම් ලබමින්,ශ්‍රී ලාංකිකයන් විසින්ම විවිධ බාධා හමුවේ වුවුද,ඒවා ජයගනිමින් ජයග්‍රහණය ලබන අයුරු අන් අයට ද ආදර්ශයක් වනු ඇත.

මෙම DMM ක්‍රීකට් පිති දේශීය නිෂ්පාදනයක් වන අතර ඔස්ට්‍රේලියාව,ඇමෙරිකාව වැනි රටවල්වලින් ඇනවුම ලැබෙමින් පවතී.

මෙරට වෙලදපොලේ ද සොයා ගැනීමට අපහසු මෙම පිත්තක වටිනාකම 125,000 පමණ වේ.

ලොවපුරා ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩා තරග සහ එම ක්‍රීඩකය ඉලක්ක කරගනිමින් ඔවුන් බාවිතා කරන ක්‍රීකට් පිති අතරට ද දේශීයව නිෂ්පාදිත ක්‍රීකට් පිති ද එක් කල හැකි නම්,රටක් වශයෙන් ද ආඩම්බරයට පත් විය හැක.

ශ්‍රී ලාංකිකයන් සමග දේශීය නිෂ්පාදන ලොව පුරා වුවුද,නිසි සම්බන්ධීකරණයන් සහ ප්‍රවර්ධන ක්‍රමවේද යනාදීය අනුගමනය කරමින් ලොවපුරා වුවුද බෙදා හැරීමට හැකි අවස්ථා බොහෝ ය.

ක්‍රීඩා උපකරණවලට ද ලොවපුරා ඇති ඉහළ ඉල්ලුම අවධානයට යොමු කල හැක.එය පාවහන්,ඇදුම් පැලදුම්,උපකරණ යනදිය ද ඇතුළත්ව ය.

වෙළෙඳපොළ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් බවට පරිවර්තනය කල හැකි නම් රටට සහ ජනතාවට ලබා ගත හැකි ප්‍රතිලාබ බොහෝ ය.

Credit to the owner

මදුරුවන්ගෙන් බෝවන රෝග තුරන් කිරීම සඳහා ජානමය වශයෙන් වෙනස් කරන ලද (GM) මදුරුවන් භාවිතා කිරීමමෙරට මදුරුවන් මර්ධනය සදහා ජාන...
11/06/2022

මදුරුවන්ගෙන් බෝවන රෝග තුරන් කිරීම සඳහා ජානමය වශයෙන් වෙනස් කරන ලද (GM) මදුරුවන් භාවිතා කිරීම

මෙරට මදුරුවන් මර්ධනය සදහා ජානමය වශයෙන් වෙනස් කල මදුරුවන් පරිසරයට මුදා හැරීම මෙරට සිදු විය.කොවීඩ් 19 වසංගත තත්වය හේතුවෙන් ලෝක මදුරු මර්ධන වැඩසටහනේ ක්ෂේත්‍ර කටයුතු 2021 පෙබරවාරි මස සිට නැවත අරම්බ කිරීමට සවුකය අමාතයංශය පියවර ගෙන ඇති බව රජයේ ප්‍රවුර්ති දෙපාර්තුමෙන්තුව සදහන් කරන ලදී.එහි ප්‍රගතිය ද සොයා බැලිය යුතු ය.මේ එලෙස ජානමය වශයෙන් වෙනස් කල මදුරුවන් විදෙස් රටවල් හි යොදාගත් අයුරු සහ එහි තොරතුරු කිහිපයකි.

ඊඩිස් ඊජිප්ටයි මදුරු විශේෂය ඩෙංගු, සිකා, චිකුන්ගුන්යා ඇතුළු වෛරස් බෝ කිරීමට සමත් වේ.

මෙම මදුරු විශේෂය ජානමය වශයෙන් වෙනස් කළ හැකි අතර මෙම වර්ගයේ අනෙකුත් මදුරුන් පාලනය කිරීමට භාවිතා කළ හැකිවීම මෙහි ඇති විශේෂත්වය යි.

ජානමය වශයෙන් වෙනස් කරන මෙම මදුරු විශේෂය මිනිසුන්ට, සතුන්ට හෝ පරිසරයට අනතුරක් නොකරයි.

GM මදුරුවන් නිපදවන ආකාරය සහ Ae පාලනය සඳහා භාවිතා කරන ආකාරය.

ජාන වර්ග 2 ක් පදනම් කරගෙන ජානමය වශයෙන් වෙනස් කරන මෙම මදුරුවන් රසායනාගාරයක් තුළ විශාල වශයෙන් නිපදවනු ලැබේ.

සීමාකාරී ජාන - ගැහැණු මදුරු පැටවුන් වැඩිහිටි වියට නොපැමිණීම වළක්වන ස්වයං-

ප්‍රතිදීප්ත සලකුණු ජානයක්- විශේෂ රතු එළියක් යටතේ දිලිසේ.
මෙමගින් පර්යේෂකයන්ට පරිසරයේ සිටින මෙම මදුරුවන් පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව ලැබේ.

මදුරුවන් සංඛ්‍යාව අඩු කිරීමේදී GM මදුරුවන්ගේ කාර්යක්ෂමතාව

රසීලයේ, කේමන් දූපත්, පැනමාවේ සහ ඉන්දියාවේ සමහර ප්‍රදේශවල සාර්ථකව භාවිතා කර ඇත.

මෙම මදුරුවන් 2019 වසරේ සිට බිලියන 1කට අධික ප්‍රමාණයක් මුදා හැර ඇත.

එසේම,මෙම මදුරුවන් යම් ප්‍රදේශයකට මුදා හැරීම නැවැත්වූ විට, වයිරස බෝ කරන මදුරු ගහනය සෙමෙන් "සාමාන්‍ය මට්ටමට" පැමිණීම ද නිරීක්ෂණය වී ඇත.

මෙහි අවාසිය නම්,මෙම මදුරුවන් ක්‍රියා කරන්නේ ඉලක්කගත මදුරු විශේෂ සංඛ්‍යාව අඩු කිරීමට පමණි.වෙනත් වර්ගවල මදුරුවන් නොවේ. බොහෝ ප්‍රජාවන්ට මදුරු වර්ග එකකට වඩා ඇත.

රෝග පැතිරීම පාලනය සඳහා GM මදුරුවන් බාවිතය

මාස කිහිපයක් පුරා GM මදුරුවන් මුදා හැරීම Ae වැනි විශේෂිත මදුරු විශේෂ සංඛ්‍යාව අඩු කළ හැකිය.

මදුරුවන් භාවිතය නියාමනය

EPA විසින් එක්සත් ජනපදයේ GM මදුරුවන් භාවිතය නියාමනය කරයි

ඇමෙරිකාවේ GM මදුරුවන් ප්‍රදේශයකට මුදා හැරීමට පෙර, EPA විසින් පර්යේෂණාත්මක භාවිත බලපත්‍රයක් ලබා දිය යුතුය.

EPA අවසරයට අමතරව, GM මදුරුවන් මුදා හැරීම සඳහා ප්‍රාන්ත සහ පළාත් පාලන ආයතනවල අනුමැතිය ද එරට අවශ්‍ය වේ.

EPA හි EUP පිළිබඳ තොරතුරු Docket ID සමග ඔවුන්ගේ වෙබ් අඩවියෙන් දැනගත හැක.

මදුරුවන්ගෙන් බෝවන රෝග පාලනය කිරීමේ ප්‍රයත්නයක් ලෙස, මිනිසුන්ගෙන් සහ නියාමකයන්ගෙන් පස්සට තල්ලු කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වෙහෙසකර බලා සිටීමෙන් පසු ප්‍රථම වරට එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ජානමය වශයෙන් වෙනස් කරන ලද මදුරුවන් නිදහස් කරන ලදී.

ෆ්ලොරිඩා හි ඛෙය්ස් ප්‍රදේශයේ මෙම අත්හදා බැලීම දියත් කර ඇති අතර එහි මදුරු ගහනයෙන් 4% ක් සිටින ඇඑඩෙස් ඈග්ය්ප්ටි වන අතර Zඉක, ඩෙංගු, චිකුන්ගුන්‍යා සහ කහ උණ ​​වැනි රෝග සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව එම ප්‍රදේශවල සිටි මදුරුවන්ට හැකියාව පැවති බව අනාවරණය වී ඇත.

Florida හි Keys ප්‍රදේශයේ මෙම අත්හදා බැලීම දියත් කර ඇති අතර එහි මදුරු ගහනයෙන් 4% ක් සිටින Aedes aegypti වන අතර Zika, ඩෙංගු, චිකුන්ගුන්‍යා සහ කහ උණ ​​වැනි රෝග සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ඇත.

ගැහැණු මදුරුවන් සහ පිරිමි මදුරුවන්

පිරිමි මදුරුවන් දෂ්ට නොකල ද, ඔවුන් ගැහැණු මදුරුවන් සමඟ සංසර්ගයේ යෙදෙන අතර,එහි දී ගැහැණු සතුන් කීට අවධියේදී මිය යන අතර පිරිමි පරම්පරාව ජීවත් වේ.

මේ අනුව පිරිමි සතා වාහකයන් බවට පත් වන අතර මෙය ගැහැණු සතුන් සහ අවසානයේදී ඊඩීස් ජනගහනය තුරන් කිරීමට හේතු වේ. මෙය අවසානයේ සිකා, ඩෙංගු, චිකුන්ගුන්යා සහ කහ උණ ​​වැනි රෝගවලින් තොර කලාපයක් බවට පත් වනු ඇත.

බ්රසීලය

2013 සහ 2015 අතර ක්ෂේත්‍ර අත්හදා බැලීමක් සිදු කර ඇත.
පැනමාවේ, කේමන් දූපත් වල සහ එවැනි අත්හදා බැලීම් සිදු කර ඇත.

ප්‍රතිඵල සාර්‍ථක ය.

බ්‍රිතාන්‍ය සමාගමක් වන Oxitec විසින් සති 27ක කාලයක් තුළ නිල අවසරය ඇතිව සෑම සතියකම පිරිමි මදුරුවන් 450,000ක් පමණ Bahia කලාපයේ Jacobina නගරයේ මුදා හැර තිබුණි. ඩෙංගු, සිකා සහ කහ උණ ​​යන බෝවන රෝග පාලනය කිරීම සඳහා මෙම විශේෂඥ වෛද්‍ය කණ්ඩායම නිර්මාණය කර ඇත.

OX513A නම් ජාන වෙනස් කිරීමට ලක්ව F1 ලෙස හැඳින්වෙවෙන්නේ මදුරුවන්ගෙන් පළමු පරම්පරාව යි.

ජාන ඉංජිනේරු විද්‍යාවේ තාක්‍ෂණය මගින් මදුරුවන් සදහා පමණක්ම නොව,මැස්සන්,මුදල්,භෝග සහ පැලවලට හානි කරන කෘමීන්ට ද බලපෑම් කිරීමට හැකි වේ.

ශ්‍රී ලංකාවෙ Street Performers සහ Street performance   ලංකාවෙ  පාරක සංගීත බාණ්ඩයක් වාදනය කරන හෝ ගීතයක් ගායනය කරන කෙනෙක් ...
11/06/2022

ශ්‍රී ලංකාවෙ Street Performers සහ Street performance

ලංකාවෙ පාරක සංගීත බාණ්ඩයක් වාදනය කරන හෝ ගීතයක් ගායනය කරන කෙනෙක් බොහෝ විට යාචකයෙකුගේ කාණ්ඩය සහ සෙසු කාණ්ඩ යටතේ අපහාස සහිතව ලේබල් ගැසීම දැකගත හැක.

බොහෝ බටහිර රටවල "Street Musician" කෙනෙකුට ඉහල පිළිගැනීමක් ලැබෙනවා. ඔවුන්ගේ කුසලතා සහ හැකියාවන් ද ඉතා ඉහළයි.

පිළිගැනීම සේම,හැකියාවට ලැබෙන සමාජ ප්‍රතිචාර වලින් ද,එම සමාජයන් සහ රසිකයන් ගැන ද බොහෝ දේවල් වටහා ගන්න පුලුවන්.

පසුකාලීනව ලෝකයේ අතිශයින් ජනප්‍රියත්වයට පත්වුණු Leo P, Ed Sheeran,Glen Hansard,Passenger,BB King පවා මුල් කාලීන වීදි සංගීතඥයන් ය.

මෙහිදී ඔහු තම හැකියාවෙන් සහ අදාළ පුවරුවෙන් (වැකිය) ලබාදෙන පණිවිඩය නිසිලෙස ග්‍රහණය කර ගැනීමත් වැදගත් විය හැක.

ලංකාවේත් තව Street Musiciansලා බිහි වෙන්න පුලුවන්......

විවිධ සමාජයන් තුළ කලාකරුවන්ට හිගන්නන්,සමාජයට කරදරකාරයන් යනාදී ලෙස අවධානයට යොමු කල යුතු කොටස බැහැර කර විවිධ ආකාරයේ අපහාස සහිත ලේබල් ගසමින්,ප්‍රතික්ෂේප වීම් සිදුවන අවස්ථා ඇති බැවිනි.එය ඔවුන්ට ශරීරිකව හෝ මානසිකව පීඩාවක් ගෙනදෙන අවස්ථාවක් ද විය හැක.

මෙරට සේම විදෙස් රටවලට මුල් අවස්ථාවේ ප්‍රතික්ෂේප වී පසුව ඔවුන්ගේ වටිනාකම ද ඉහළ යමින් ඔවුන් ඔවුන් නැතිවම බැරි තත්වයට පත් වූ අවස්ථා බොහෝ ය.

වීථි නාට්‍ය කලාවේ පුරෝගාමීන් වන ආචාර්ය ගාමිණි හත්තොටුවේගම නොහොත් වීදියේ සොඳුරු සටන්කරුවා එක් උදාහරණයකි.ගීත කෝකිලයා, සදාදර ජෝතිපාලයන් සේම ලොවපුරා ද උදාහරණ බොහෝ ය. උදාහරණ අසල්වැසි ඉන්දියාවේ සිට ඩිස්නිලන්තය දක්වා දිව යයි.

විවිධ ක්ෂේත්‍රවල එය දැකගැනීමට හැකි වේ.

පොදු ජනයාගේ ආතතියට යම් සහනයක් ලබාදීමට ඔවුන් ප්‍රජන්ඩකාරී ලෙස හැසිරීමට ඇති ස්ථානවල ඔවුන් එයින් මුදවා ගැනීමට ද මෙය ඉවහල් විය හැක.එයින් යම් ප්‍රතිලාබයක් ද තමාට හිමි කර ගැනීමට සහ මෙරටේ දක්ෂයන්ගේ හැකියාවන් ලොවටම බලා ගැනීමට හැකිවනු ඇත.

Street performance කිහිපයක්.....

Manike Mage Hithe - Yohani & Satheeshan - Violin Cover by Karolina Protsenko
https://www.youtube.com/watch?v=JuwXWtD-gXM

Mozart's Symphony #40 - 1. Molto Allegro by Cimbalom street musician (HD)
https://fb.watch/dzVmzUoc_x/

Top 10 AMAZING Street Performers Singing Hit Songs
https://www.youtube.com/watch?v=kvt1Y9QVoak

ජායාරූප : මුහුණුපොතෙන්
ජායාරූපවල අයිතිය මුල් හිමිකරුවන් සතු වේ.

ICTA ආයතනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ එක්ව රට පුරා ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා අන්තර්ජ...
11/06/2022

ICTA ආයතනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ එක්ව රට පුරා ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා අන්තර්ජාල වේදිකාවක් හඳුන්වා දී ඇත.

ඉන්ධන ලබා ගැනීමේ හැකියාව සහ ඊට අදාළ අනෙකුත් තොරතුරු දිනපතා පෙරවරු 9.00 වන විට වෙබ් අඩවියට උඩුගත කෙරෙන අතර ඉන් පසු සෑම පැය භාගයකට වරක් වෙබ් අඩවිය යාවත්කාලීන කෙරෙනු ඇත.

මෙම වෙබ් අඩවියට අන්තර්ජාලයට පිවිසිය හැකි ඕනෑම පරිගණකයකින් හෝ ජංගම දුරකථනයකින් සම්බන්ධවිය හැකිය.

වෙබ් අඩවිය : https://fuel.gov.lk/

මේ අතර මෙම අන්තර්ජාල වේදිකාවේ සාර්ථකත්වය සහ ප්‍රයෝගික බව පිළිබදව පාරිබෝගිකයන්ගේ සහ ඉන්ධන බෙදාහරින්නන්ගෙන් ද ප්‍රතිචාර ඉදිරිපත් වෙමින් පවතී.

අදාළ පුවත් :

පෙට්‍රල් තියෙන්නේ තව සතියයි - තොග තියෙන්නේ ඔබතුමාගේ ඇප් එකේ විතරයි - Hiru News
Jun 12, 2022

(Video)
https://www.youtube.com/watch?v=9BGWp9Dbir4

--------------------------------------------------------------------------

ICTA along with the Ceylon Petroleum Corporation has introduced an online platform to check the fuel availability in fuel stations around the country.

According to officials, information on fuel availability and other related information will be uploaded to the website by 9.00 am daily and the website will be updated every half an hour thereafter.

Website : https://fuel.gov.lk/

"කැපකරු ගොවිබිම් වැඩසටහන" වෙනුවෙන් සමාජ මාධ්‍ය සමූහයක්.....ශ්‍රි ලංකාවේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව තහවුරු කිරීම පිණිස කෘෂී...
10/06/2022

"කැපකරු ගොවිබිම් වැඩසටහන" වෙනුවෙන් සමාජ මාධ්‍ය සමූහයක්.....

ශ්‍රි ලංකාවේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව තහවුරු කිරීම පිණිස කෘෂීකර්ම අමාත්‍යංශය විසින් දීප ව්‍යාප්ත කඩිනම් වැඩසටහනක් ලෙස ආරම්භ කළ එක්ව වවමු - රට දිනවමු වැඩසටහන යටතේ කැපකරු ගොවිබිම් වැඩසටහන ක්‍රියාත්මක වේ.

උද්ගතව ඇති ආර්ථික අර්බුදය හා කෘෂි ක්ෂේත්‍රයේ බරපතල පසුගාමීත්වය මත ඉදිරියේදී ඇතිවේයැයි අපේක්ෂිත ආහාර අර්බුදයට පිළියමක් වශයෙන් මෙම වැඩසටහන හඳුන්වා දී ඇත. ගෙවතු හා කෘෂිකාර්මික වගාවන්හි නිරත ගොවීන් දිරිමත් කිරීම, සත්ත්ව පාලනය හා ධීවර කටයුතු වැඩිදියුණු කිරීම සඳහා අනුග්‍රාහකයන් හෝ අනුග්‍රාහක ව්‍යාපාරික ආයතන කැපකරුවකු ලෙස යොදා ගැනීම කැපකරු ගොවිබිම් වැඩසටහන මගින් සිදු කෙරේ. කෘෂිකර්ම අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සහ විද්‍යුත් විකාශකයින්ගේ සංගමය ඒකාබද්ධව එය ක්‍රියාත්මක කරයි.

උද්ගතව ඇති ආර්ථික අර්බුදය හා කෘෂි ක්ෂේත්‍රයේ බරපතල පසුගාමීත්වය මත ඉදිරියේදී ඇතිවේයැයි අපේක්ෂිත ආහාර අර්බුදයට පිළියමක් වශයෙන් මෙම වැඩසටහන හඳුන්වා දී ඇත. ගෙවතු හා කෘෂිකාර්මික වගාවන්හි නිරත ගොවීන් දිරිමත් කිරීම, සත්ත්ව පාලනය හා ධීවර කටයුතු වැඩිදියුණු කිරීම සඳහා අනුග්‍රාහකයන් හෝ අනුග්‍රාහක ව්‍යාපාරික ආයතන කැපකරුවකු ලෙස යොදා ගැනීම කැපකරු ගොවිබිම් වැඩසටහන මගින් සිදු කෙරේ. කෘෂිකර්ම අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සහ විද්‍යුත් විකාශකයින්ගේ සංගමය ඒකාබද්ධව එය ක්‍රියාත්මක කරයි.

කැපකරු පුද්ගලයා හෝ කැපකරු ආයතන ලබා දෙන ද්‍රව්‍යමය ආධාර සම්බන්ධීකරණය ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුවන අතර මුදල් ආධාර සෘජුවම ගොවියාගේ හෝ ගොවි සංවිධානයේ ගිණුමට කොටස් වශයෙන් ප්‍රගතිය මත ප්‍රේෂණය කිරීමට තීරණය කර ඇත.

පෞද්ගලික ගෙවතු හෝ පොදු වගා භූමි සංවර්ධනය, බිම් සකස් කිරීම, බීජ සම්පාදනය, පොහොර, කෘමිනාශක, වල්නාශක ආදිය සපයා ගැනීම, ජල සම්පාදන පද්ධති හා කෘෂි යන්ත්‍රෝපකරණ ආදී යෙදවුම් හා ධීවර ආම්පන්න සපයා දීම හා සත්ත්ව පාලනයට ආධාර ලබා දීම ආදී කාර්යයන් සඳහා මේ යටතේ ආධාර හිමිවේ.

කැපකරු ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට අපේක්ෂාකරන ගොවියන් හෝ ගොවි සංවිධාන පිළිබඳ තොරතුරු සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්ම පවත්වාගෙන යන මෙහෙයුම් මැදිරියෙන් ලබා ගැනීමට පිළිවන.

මීට සමගාමීව සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම දිස්ත්‍රික් මෙහෙයුම් මැදිරියක් පවත්වාගෙන යනු ලබයි.

ජාතික මෙහෙයුම් මැදිරිය ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ස්ථාපිතය. මෙම වැඩසටහන යටතේ ගොවීබිම් සඳහා ආධාර ලබා දීමට කැමති පුද්ගලයෙකුට හෝ ආයතනයකට පහත දැක්වෙන දුරකථන අංක, ඊ මෙල් හෝ WhatsApp සමූහ ඔස්සේ මෙම සත්කාරයට සම්බන්ධ විය හැක.

ඉල්ලුම්කරුවන් සහ කැපකරුවන් මනාව සම්බන්ධීකරණය කරමින් දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු ආහාර නිෂ්පාදනය දිරි ගැන්වීමට දායක වෙති. කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාරවරුන් හා අනෙකුත් ක්ෂේත්‍ර නිලධාරීන් ද ආහාර නිෂ්පාදනය කිරීමේ මෙම ජාතික මෙහෙවරට සහය වීමට නියමිත ය.

ඒ අතර,ග්‍රාමීය මට්ටමින් ආගමික නායකයින්, ප්‍රජා නායකයින් සහ ස්වේච්ඡා සංවිධානවල සහය ද මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා අපේක්ෂා කෙරේ.

දුරකථන අංක - 0112050461, 0112050462, 0112368463
ඊ මේල් ලිපිනය - [email protected]
WhatsApp දුරකථන අංකය - 0772582222

මේ 12 ඉරිදා පෙරවරු 11 සිට ,කසුන් කල්හාර විසින් මෙහෙයවන හඬ පුහුණු පාඨමාලාව 🎼නවක සිසුන් බඳවාගැනීම් බදවා ගැනිම් සහ යෝග්‍යතා...
10/06/2022

මේ 12 ඉරිදා පෙරවරු 11 සිට ,
කසුන් කල්හාර විසින් මෙහෙයවන හඬ පුහුණු පාඨමාලාව 🎼
නවක සිසුන් බඳවාගැනීම්
බදවා ගැනිම් සහ යෝග්‍යතා පරීක්ෂණය බොරලැස්ගමුවේ හිදි
0760 031 414

පිටකොටුවේ පිරිසිදු පොදු වැසිකිළියපිටකොටුවේ පිරිසිදු වැසිකිළිය සහ රට පුරා පොදු වැසිකිලි  ඇතුළු සනීපාරක්ෂක පහසුකම් පිරිසිද...
10/06/2022

පිටකොටුවේ පිරිසිදු පොදු වැසිකිළිය

පිටකොටුවේ පිරිසිදු වැසිකිළිය සහ රට පුරා පොදු වැසිකිලි ඇතුළු සනීපාරක්ෂක පහසුකම් පිරිසිදුව නඩත්තු කරමින් පවත්වාගෙන යාමට ගත හැකි ආදර්ශ....

පිටකොටුවෙ චාමාස් කාර් පාර්ක් එක ලග නැත්තං මල්වත්ත පාරෙ කෙලවරේ ඔරලෝසු කනුව කිට්ටුව වම් පැත්තට වෙන්න තියෙන “ පොදු වැසිකිලිය “

මෙහි වගකීම බාරගෙන රැකියාවක් ලෙස පිරිසිදුවට මෙම පොදු වැසිකිළිය පවත්වාගෙන යන්නේ සෆරාන්.

පෙ.ව 7.00 මෙහි සේවාවන් ආරම්බ වන අතර ප.ව 5.00 සේවාව අවසන් වේ.

පිරිසිදුවට වැසිකිළිය තියන් ඉන්න සෆරාන්ට ස්තුතියි.

ජායාරූප මුහුණුපොතෙන්....
ජායාරූප අයිතිය මුල් අයිතිකරුවන් සතු වේ.

මෙරට ප්‍රධාන බස් නැවතුම්පොළවල්,දුම් රිය ස්ථාන,රෝහල්,මහල් නිවාස,සංචාරක ස්ථාන සදහා ද මෙවන් සේවාවන් සිදු කල හැකිනම් එය ද රටට සහ සමාජයට වැදගත් වනු ඇත.

මෙරට,පොදු ස්ථාන ඇතුලුව බස් නැවතුම්පොළවල්,දුම් රිය ස්ථාන,සංචාරක ස්ථාන කොපමණ ද?එහි දෙස් විදෙස් ජනතාවට අවශ්‍ය වැසිකිලි ඇතුලු සනීපාරක්ෂක පහසුකම් කෙබදුද?පවතින සේවාවලින් සෑහීමකට පත් විය හැකි ද?

එසේම, පුද්ගයෙකුගේ රැකියා ගැටලු විසදීමට සහ අදායම් ලැබීමේ ක්‍රමදයක් ද වර්ධනය වනු ඇත.

මදක් සොයා බැලීමෙන් රටට සහ සමාජයට කල හැකි යහපත් දෑබොහෝ වන අතර,එයින් යම් ආදයමක් ද ලැබිය හැකි අවස්ථාවන් ද උදාකර ගැනීමට හැකිවනු අතර එම කාර්යය සමග ඔබත් බැබලිය හැකි වනු ඇත.

අදාළ සබැදි :

කොළඹ රෝගීන් වැඩිවුණේ පොදු වැසිකිලි නිසා

https://www.aruna.lk/%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9-%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%9A-%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF/

නාගරික ප්‍රදේශ වල හා සංචාරක ස්ථාන වල වැසිකිළි පහසුකම් නැතිව බැතිමතුන් හා සංචාරකයින් අපහසුතාවයට පත් වෙනවා.

http://www.lgpc.gov.lk/web/index.php?option=com_content&view=article&id=244:2021-11-01-08-57-49&catid=2&Itemid=171&lang=si

මීයන්ගේ කරදරෙන් මිදෙන්න හොදම විසදුම කුමක් ද?
10/06/2022

මීයන්ගේ කරදරෙන් මිදෙන්න හොදම විසදුම කුමක් ද?

ඔබත් ගොවි මහතෙක් ද...?කෘෂිකර්මන්තයට සහ වගාවට සමීපත ද?එසේ නම්,මෙම පුවත ඔබට වැදගත් වනු ඇත.ගොවියන් විසින් ආරක්ෂිත ඇදුම් පැල...
10/06/2022

ඔබත් ගොවි මහතෙක් ද...?කෘෂිකර්මන්තයට සහ වගාවට සමීපත ද?එසේ නම්,මෙම පුවත ඔබට වැදගත් වනු ඇත.

ගොවියන් විසින් ආරක්ෂිත ඇදුම් පැලදුම් සහ ආරක්ෂිත උපකරණ බාවිතා කිරීම ඔවුන්ගේ සවුකයට වැදගත් වනු ඇත.

විශේෂයෙන් ම,කාබනික පොහොර සහ අතීතයේ ද යොදගත් ස්වබාවි ක්‍රම සහ දේශීය ක්‍රමවලින ඈත් ව පොහොර ගැටලුවට ක්ෂණික විසදුම් ලෙස රසායනික පොහොර බාවිතා කිරීමට නැඹුරුවීම තුළින් ගොවියාගේම සවුකයට එය අහිතකර ලෙස බලපාන අයුරු අවධායනයට යොමු කල හැක.මෙයින් අරක්ෂා වීමට ගත හැකි සියදුම පියවර ගැනීම ගොවියාට වැදගත් වනු ඇත.

මී උණ - Rat Fever - ලෙප්ටොස්පයිරෝසි (Leptospirosis )

මෙය සතුන්ගෙන් බෝවන බැක්ටීරියා ආසාදනයක් ලෙස හැදින්වේ. සත්ව මුත්‍රා හරහා, එනම්,මීයන් බල්ලන් සහ ගොවිපලවල් ආශ්‍රිත සතුන්ගෙන් පැතිරෙයි.

ආසාදිත සතෙකු මුත්‍රා කළ පස් හෝ ජලය අවට ඔබ ගැවසෙන්නේ නම්,විවෘත තුවාල,සීරීම් වැනි අවස්ථාවල සම හරහා විෂබීජය ශරීරය ඇතුළු විය හැක.

එසේම, රසායනික ද්‍රව්‍ය පසට මිශ්‍ර වීම නිසා පසට සිදුවන දීර්ඝකාලීන බලපෑම සහ එහි අහිතකර ප්‍රතිඵල සේම,ගොවියා එයට නිරාවරණය වීමෙන් සිදුවන සවුකය බලපෑම ද අවධායනයට යොමු කල හැක.

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගයට විෂ රසායනිකය සෘජුව බලපාන අයුරු සහ ග්ලයිෆොසෙට් අතර ඇති විද්‍යාත්මක සබඳතාවය පිළිබඳ කලින් කලට විවිධ මතිමතාන්තරද කරළියට පැමිණ උපකල්පනය කරමින් තහනමක් පැනවීම සිදු විය හැකි හැකි වුවද,කලක් ගතවෙද්දී,වෙනත් වෙළෙඳ නාම සමග ව්‍යාපාර පිණිස ඒවා ප්‍රචලිත කිරීමට හේතු සමග එයම යළි කරලියට පැමිණිය හැක.

අස්වැන්න පහත වැටීම පිළිබද අවදානමක් ඇත්නම්,එයට සරලන සුදුසු ක්‍රමවේදවලට අවධානය යොමු කිරීමට දෙස්-විදෙස් පරිසර හිතකාමී සාර්‍ථක ක්‍රම පර්යේෂණ අංශවල සහයෝගය තුළින් විසදීමට හැකි වැනු ඇත.

දෙස් /විදෙස් හිතකර වැඩි අස්වැන්නක් ලැබෙන වී ප්‍රබේදවලට අවධානය යොමුකිරීම

හිතකර පොහොර වර්ග පිළිබද පර්යේෂණය සහ යොදා ගැනීම.(දෙස් / විදෙස්)

අස්වැන්න සදහා බුමිය සම්බන්ධව ගැටලු පවතින විට විකල්ප වෙත යොමුවීම.
හයිඩ්‍රොපොනික්ස්(Hydroponics),කඳුකර බිම්වල ද හෙල්මළු ක්‍රමයට ((terrace method) යනාදී බොහෝ විකල්ප යොදාගත හැක.

අදාළ ගැටලුව සදහා බලපාන ප්‍රධාන හේතු සොයා හිතකර විකල්ප සමග සාර්ථක විසදුම් සොයා ගැනීමට අවධානය යොමු කිරීමෙන් අදාළ ගැටලුව සදහා විසදුම් ලබා ගැනීමට හැකිවනු ඇත.

ඔබේ පවුලේ ද ගොවි මහතුන් සිටිය හැක.ඔවුන්ව මේ පිළිබද දැනුවත් කිරීමෙන් ඔවුන්ගේ වටිනා ජීවිත සුරක්ෂිත කල හැකි වනු ඇත.

මෙහි සාර්‍ථක- අසාර්ථක බව,අදාළ රෝග සහ රෝගකාරක හේතුවෙන් රෝහල් රෝගීන්ගෙන් පිරී ඇති ආකාරය සහ රෝගීන්ගේ වර්ධනය ලියාපදිංචිම් සමග අවබෝධ කර ගත හැක.

"වැළැක්වීම සුව කිරීමට වඩා වාසි සහගත ය."

වැදගත් නම්,Share,Comment,Like කිරීමෙන් ඔබේ වටිනා ප්‍රතිචාර ද එක් කරන්න.

ශ්‍රී  ලංකා යුද්ධ හමුදාව විසින් දියත් කල වැදගත් සේවයක්.....යාපනය අර්ධද්වීපයේ වෙසෙන ජනතාව සහ යුද්ධ හමුදාව අතර සංහිඳියාව ව...
10/06/2022

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දියත් කල වැදගත් සේවයක්.....

යාපනය අර්ධද්වීපයේ වෙසෙන ජනතාව සහ යුද්ධ හමුදාව අතර සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් කෝපායි, සෙල්වපුරම්, යෝගාපුරම් සහ පල්පන්නි ප්‍රදේශවල දරු දැරියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් ඇතුළු 150 දෙනෙකු සඳහා රාත්‍රී ආහාර වේලක් පිරිනැමීමේ වැඩසටහනක්, 2022 මැයි මස 22 වැනිදා 51 වන සේනාංක මූලස්ථානයේ පිහිටි 'CIMIC' උද්‍යානයේ දී පවත්වන ලදී.

වැඩසටහන සඳහා ආරාධිත අමුත්තා ලෙස එවකට 51 වන සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ සහභාගී විය.

තවද, එම අවස්ථාව අතරතුරදී, 513 වන බලසේනාවේ බල සේනාධිපති, කර්නල් රිස්වි රාසික් විසින් 'ශ්‍රී ලංකාවේ ජන විකාශනය, ජාතීන් අතර සම්ප්‍රදායික ඇඳුම, ඇඳුම් පැළඳුම් සහ ආචාර විධි' ආදිය පිළිබඳව දරු දැරියන් දැනුවත් කිරීම සඳහා ඉදිරිපත් කිරීමක් ද සිදු කරන ලදී.

සෙසු අංශ ද,මෙලෙස ආදර්ශ තුළින් තම දායකත්වයන් වටිනා කාර්යයන් සදහා සැපයීමට ඉවහල් වීම පිණිස මෙම පුවත හුවමාරු කර ගැනීම වැදගත් විය හැක.

A dinner was hosted for 150 school children including their parents in Kopay, Selvapuram, Yogapuram and Palpanni areas on 22 May 2022 at the 'CIMIC' Park at the 51 Division Headquarters, with a view to promoting reconciliation between the people of the Jaffna Peninsula and the Army. Then General Officer Commanding-51 Division, Major General Chandana Wickramasinghe graced the event as the chief guest. During the event, Commander -513 Brigade, Colonel Rizvi Razik conducted a presentation to enhance the knowledge of students on the 'Demography of Sri Lanka, Traditional dress among ethnicities, dress, attire and mess etiquette'.

யாழ். குடாநாட்டின் பொதுமக்கள் மற்றும் படையினருக்கிடையிலான நல்லிணக்கத்தை வலுப்படுத்தும் நோக்கில் கோப்பாய், செல்வபுறம், யோகபுறம் மற்றும் பல்பண்ணி பகுதிகளில் வசிக்கும் மாணவர்கள் மற்றும் அவர்களது பெற்றோர்கள் உள்ளிட்ட 150 பேருக்கான இரவு உணவு 2022 மே மாதம் 22 ஆம் திகதி 51 வது படைப்பிரிவு தலைமையகத்திலுள்ள சிமிக் ('CIMIC') பூங்கா வளாகத்தில் நடைபெற்றது. இந்நிகழ்வில் பிதம அதிதியாக 51 வது படைப்பிரிவின் அப்போதைய தளபதி மேஜர் ஜெனரல் சந்தன விக்கிரமசிங்க அவர்கள் கலந்துகொண்டிருந்தார். மேலும் இதன்போது 513 வது பிரிகேட் தளபதி கேணல் ரிஸ்வி ராஸிக் அவர்களினால் இலங்கையின் சனப் பரம்பல், இனங்களுக்கிடையிலான சம்பிரதாய ஆடையணிகள் தொடர்பில் மாணவர்களுக்கு விளக்கமளிக்கப்பட்டன.

Source : Sri Lanka Army - Defenders of the Nation FB page

Credit : Sri Lanka Army

ඔබේ ව්‍යාපාරයේ ක්‍රියාකාරිත්වය මන්දගාමී වීමට විදුලිය කැපීමට ඉඩ නොදෙන්න. වැඩි විස්තර සඳහා අමතන්න : 0777 887 887Dialog Sma...
10/06/2022

ඔබේ ව්‍යාපාරයේ ක්‍රියාකාරිත්වය මන්දගාමී වීමට විදුලිය කැපීමට ඉඩ නොදෙන්න.

වැඩි විස්තර සඳහා අමතන්න : 0777 887 887

Dialog Smart Solutions සමඟින්, අදම Smart Generator එකක් ලබා ගන්න!

Don't let the power cuts slow your business function. With Dialog Smart Solutions, get a Smart Generator Today!

For more information contact your Account Manager or call 0777 887 887

09/06/2022
ඩෙංගු අධි වසංගත තත්ත්වයකට - එය ආපසු හැරවීමට සැවොම දායක වන්න - විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරඩෙංගු අධි වසංගත තත්ත්වයකට එළඹෙමි...
09/06/2022

ඩෙංගු අධි වසංගත තත්ත්වයකට - එය ආපසු හැරවීමට සැවොම දායක වන්න - විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර
ඩෙංගු අධි වසංගත තත්ත්වයකට එළඹෙමින් තියෙන බවද, හැකි ඉක්මණට එය ආපස්සට හැරවීම සඳහා සැමගේ දායකත්වය අවැසි බවද ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.
ඔහු මේ බව පැවසුවේ, අද (09) රජය් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී “අපේ යුතුකම ඉටුකරමු..ඩෙංගු මර්දනය කරමු ..” යන මැයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අඳහස් දක්වමිනි.
මදුරුවෙකු මගින් බෝ වන වෛරස් රෝග අතරින් ඩෙංගු රෝගය අපේ රට තුළ වැදගත්ම රෝගය බවද, කොවිඩ් හැරුණු විට මේ අවස්ථාවේ අපට වැදගත්ම බෝ වන රෝගය වන්නේ ඩෙංගු බවද කියා සිටි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද උදෑසන 07 වන විට අපේ රට තුළින් ඩෙංගු යැයි සැක කරන රෝගීන් 26,622ක් අපට වාර්තා වී ඇති බව සදහන් කළේය.
මෙලෙස හරි අඩකටත් වඩා රෝගීන් බස්නාහිර පළාතෙන් වාර්තා වන බව සදහන් කළ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මහනුවර දිස්තික්කයෙන් රෝගීන් 186ක්, ගාල්ලදිස්ත්‍රික්කයෙන් 148ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් 119ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 104ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 76ක් වශයෙන් වාර්තා වන බවද පැවසුවේය.
මෙම මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙමින් අදහස් දැක්වූ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය බුද්ධික මහේෂ් මහතා සදහන් කළේ සෑම වසරකම වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් ප්‍රතිශතාත්මකව වැඩිම රෝගීන් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එයට හේතු කිහිපයක් බලපාන බවයි.
බස්නාහිර පළාතේ ජනගහණය ලක්ෂ 62ක් පමණ වන අතර භූමි ප්‍රදේශය අතින් ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයෙන් 10%කටත් අඩු භූමි ප්‍රදේශයක් බස්නාහිර පළාතෙන් ආවරණය වුවද ශ්‍රී ලංකාවේ ජනගහණය අතින් 28%ක ප්‍රමාණයක් මෙහි වෙසෙන බවද වෛද්‍යවරයා කියා සිටියේය.
මෙම වසර තුළ බස්නාහිර පළාතේ ඩෙංග රෝගීන් වාර්තා වීමේ විශේෂත්වයක් දක්නා බව සදහන් කළ වෛද්‍ය බුද්ධික මහේෂ් මහතා 2021 වසරේ මැයි මාසයේ බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 898ක් වාර්තා වුණු බවද, නමුත් මෙම වසරේ මැයි වල මෙම අගය 3043ක් ගෙන ඇතැයිද එය පසුගිය වසර හා සැසදීමේදී තුන් ගුණයකටත් වැඩි ඉහළ යෑමක් බවද සදහන් කළේය.
බස්නාහිර පළාතේ සෞඛ්‍ය අංශ, අරක්ෂක අංශ සහ පළාත සභා එක්වී ඩෙංගු මර්දනය සදහාවිශාල වැඩ කොටසක් සිදුවන බව කියා සිටි විශේෂඥ වෛද්‍ය බුද්ධික මහේෂ් මහතා මහජනතාව විසින් නිවෙස් ආශිතව ද විශාල වැඩ කොටසක් ඩෙංගු රෝග මර්දනය සදහා කළ හැකි බව සිහිපත් කළේය.
බස්නාහිර පළාතේ විශේෂ ඩෙංගු මර්දන සතියක් එළඹෙන ජූනි 15 සිට 21 දක්වා සංවිධානය කර ඇතැයිද, එහිදී සාමාන්‍ය කටයුතු වලට අමතරව විශේෂිත කටයුතු කිහිපයක් සිදුවෙන බවද, සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වලින් ඒ සදහා වැඩි ආවරණයක් ලබාදෙනු ඇතැයිද සදහන් කළේය.

මිල රු.  1,000 යි.. දැන් තියෙන මිල ගණන්වලට සාපේක්ෂව සාධාරණ විය හැක.ඔහුව 0754857205 අංකයෙන් කෙලින්ම සම්බන්ධ කර ගත හැක.මෙම...
09/06/2022

මිල රු. 1,000 යි.. දැන් තියෙන මිල ගණන්වලට සාපේක්ෂව සාධාරණ විය හැක.

ඔහුව 0754857205 අංකයෙන් කෙලින්ම සම්බන්ධ කර ගත හැක.

මෙම තීරණාත්මක අවස්ථාවේදී මෙම පුද්ගලයාට සහ ඔහුගේ පවුලට ජීවත් වීමට උපකාර කරමු.

මුහුණුපොතෝ උපුටා ගන්නා ලදී.
Photo credit to the owner

08/06/2022

Wedagath.lk is a website which publishes important news as well as human interest stories from Sri Lanka and around the world. Wedagath motivates people to listen, Read and watch positive, useful as well as important information. Wedagath is the Sinhala language word which means “Important” in E...

මුහුණුපොතෝ උපුටා ගන්නා ලදී.All credits go to the owners
08/06/2022

මුහුණුපොතෝ උපුටා ගන්නා ලදී.
All credits go to the owners

Address


Alerts

Be the first to know and let us send you an email when Wedagath-වැදගත් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wedagath-වැදගත්:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share