CeyloNeco සිලොනෙකෝ

  • Home
  • CeyloNeco සිලොනෙකෝ

CeyloNeco සිලොනෙකෝ The only choice of environmentalists
පරිසර හිතකාමීන්ගේ එකම තේරීම

භටයින් භට පිටිය බලපිටිය යනුවෙන් ව්‍යවහාර වූ අතර අභිමානවත් පුරවැසියන් බොහෝ දෙනෙකුගේ ජන්ම භූමිය බලපිටිය විය. බලපිටිය පුරවරය මාදු ගං කොමලියගේ සුන්දරත්වය හා පවතින ජෛව විවිධත්වය නිසා රැම්සා තෙත් බිම් පනත යටතේ අභය භූමියක් බවට පත්විය.

29/02/2024

There is a # She is a # We all need to # them. Try to do it as a #

ඇය යන්න ගියා මැකිලා. ඇයත් මවකි ජීවයකට පණ පොවන. ❤❤❤

ඉස්සරහට ආරක්ෂා කර නොගතහොත් මේ සත්තු බලන්න වෙන්නේ මෙහෙම තමයි.🤔

ගමනාගමනය දුෂ්කර මාදූව දූපතේ සුන්දර දූ පුතුන් හැමෝම හිනා වුනු දවසක්. දුෂ්කර වසමක් වූ සුන්දර මාදූවේ ජීවත් වන පවුල් දෙසීයක ...
22/02/2024

ගමනාගමනය දුෂ්කර මාදූව දූපතේ සුන්දර දූ පුතුන් හැමෝම හිනා වුනු දවසක්. දුෂ්කර වසමක් වූ සුන්දර මාදූවේ ජීවත් වන පවුල් දෙසීයක දුවා දරුවන් අකුරු කරන මාදූව කණිෂ්ඨ විද්‍යාලයේ සියලු පන්ති කාමර අළුත් වැඩියා කරලා , ජල පිරිපහදු පද්ධතියක් එක්ක සිසු අයිතියට පත් කරන්න අපිට අද හැකි වුනා.

ලක්මාල් ඇන්තනී සහෝදරයාගේ ආරාධනයෙන් , Zillione පෞද්ගලික ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන් රුපියල් මිලියන 1.5 කට වැඩි ප්‍රජා දායකත්වය සහිත ව්‍යාපෘතියක් සාර්ථක කරගන්න අපිට හැකි වුනා.

පාසලේ සියලු දරුවන්ට පොත් පත් හා පාසල් උපකරණත් , විද්‍යාලයට අවශ්‍යව තිබූ කාර්යාල උපකරණ සහ ක්‍රීඩා හා සංස්කෘතිකාංග සඳහා අවශ්‍ය උපකරණත් ලබාදෙන්න අපිට පුළුවන් උනා.

දරුවන්ගේ අධ්‍යාපනයට , රටේ පුරවැසියන්ගේ සෞඛ්‍යයට සහ රටේ සුළු පරිමාණ ව්‍යවසායන් වෙනුවෙන් සිදුකරන උදව් උපකාර කියන්නේ අනාගත ආයෝජන. සහනාධාර මානසිකත්වයට මිනිස්සු ඇද දාන ව්‍යාපෘති වෙනුවට මේ වගේ දේවල් තමයි රට තුල බෝ වෙන්න ඕනෙ.

මාධ්‍ය වල පට්ට ගහන කුප්‍රකටයි , ජාවාරම්කාරයන්ගේ ප්‍රවෘත්ති වෙනුවට මෙන්න සමාජ ගතකරන්න ඕනෙ නියම වැඩ.

අද දින පැවති වැඩසටහනේ welcome එකට දෙන්න ලණු වලින් වැඩ දැමූ බිත්ති සැරසිල්ල හදා දුන්නෙත් වසමේ ග්‍රාම නිලධාරී විදිහට මම හදපු දක්ෂ සහ උනන්දු ව්‍යවසායිකාවක්.

සිනා බෝ වේවා. රටේම මේ වගේ වැඩට උපන් හපන් පුද්ගලයන් , ආයතන බෝ වේවා. සුභ අනාගතයක් වේවා 🔥👌❤🥰😍 respect 🔥 Zillion csr team 🔥

ඕනෙම ව්‍යාපෘතියක පසුවිපරම කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක්. දැන් එයාලට අවුරුදු දෙකකට වැඩියි. උණ බම්බු වල අප විසින් කාලය ශ්‍රමය ...
22/02/2024

ඕනෙම ව්‍යාපෘතියක පසුවිපරම කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක්. දැන් එයාලට අවුරුදු දෙකකට වැඩියි. උණ බම්බු වල අප විසින් කාලය ශ්‍රමය කැපකරලා බොහෝම ආසාවෙන් සිටවපු කඩොලා පැළ. අද වන විට තත්ත්වය .....

මේ post එකේ වැදගත්ම දේ තමයි  ලස්සන දේවල් බෝ වෙනවා කියන එක. මේ වගේ post මේ මුහුණු පොතේ පිටුව තුල දාන්නෙත් ඒ බලාපොරොත්තුව ...
05/02/2024

මේ post එකේ වැදගත්ම දේ තමයි ලස්සන දේවල් බෝ වෙනවා කියන එක. මේ වගේ post මේ මුහුණු පොතේ පිටුව තුල දාන්නෙත් ඒ බලාපොරොත්තුව නිසාමය. වසමට සීමා නොවී බලපිටිය සුළු පරිමාණ ව්‍යවසායන් නගාසිටුවීමේ අරමුණින් වෙළඳපොළ අවස්ථා නිර්මාණය කිරීමේ පළමු පියවර. අහුන්ගල්ල නිදහසේ වෙරළ සැණකෙළිය. දහසකුත් අභියෝග , බාධා කිරීම් මැද ආරම්භ කළ මේ ගමන ශක්තිමත් දිගු ගමනක් වේවි බලපිටිය ඉතිහාසය තුළ. කතාවට සීමා නොවී යථාර්ථයක් වනු පිණිස ජාතික ආර්ථිකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අපිට පුළුවන් විදිහට සුළු පරිමාණ ව්‍යවසායන් නගාසිටුවන්න මේ දරණ වෑයමට වචනයකින් හෝ ශක්තියක් වූ සැමට ගෞරවණීය ස්තූතිය. සමච්චලයට , අවතක්සේරුවට ලක්කර හිනා උනු අයට , අනේක විද බාධා පැමිණ වූ අයටත් බොහෝම පිං. ඔබ එවූ ගල් මුල් වලින් ශක්තිමත් පවුරක් සාදන්නත් , ඔබ එවූ මල් වලින් පවුර සරසන්නත් පුළුවන් උනා. ඉදිරි ගමනට අපි තවත් ශක්තිමත්. වෘත්තියට සීමා නොවූ නොනිමි මෙහෙවරේ තවත් එක් සංධිස්ථානයක්. " මාදු සම්පත " ව්‍යවසායකයන්ගේ එකමුතුව - අපි බලපිටිය.

කඩොලාන පැළ 250ක් මාදු ගඟේ කඩොලාන පද්ධතියට එක් කිරීමේ ව්‍යාපෘතිය. උණ බට යොදාගෙන සෝදා පාළුවට ලක් නොවන පරිදි රෝපණය කළ අවස්ථ...
01/02/2024

කඩොලාන පැළ 250ක් මාදු ගඟේ කඩොලාන පද්ධතියට එක් කිරීමේ ව්‍යාපෘතිය. උණ බට යොදාගෙන සෝදා පාළුවට ලක් නොවන පරිදි රෝපණය කළ අවස්ථාවේ ජ'පුර විද්‍යාර්ථයන් සමඟ බලපිටියේ අපි 👌🔥🥰😍❤

Tourists full crowed in ahungalle beach ❤🔥🤩👌It is a unique juncture in the series of programs for the establishment of s...
23/01/2024

Tourists full crowed in ahungalle beach ❤🔥🤩👌

It is a unique juncture in the series of programs for the establishment of small-scale enterprises. Let us be a help for the people who need you.

# stalls are available. # 0715631146 / 0707204450.

Reserve stalls by paying before January 30. Opportunities are limited.

#ආහාරපාන #අත්කම්නිර්මාණ #අලෙවි කුටි සඳහා අවස්ථාව.

සුළු පරිමාණ ව්‍යවසායන් නගාසිටුවීම වෙනුවෙන් සිදුකරන වැඩසටහන් මාලාවේ සුවිශේෂී සංධිස්ථානයකි. ඔබේ අතහිත ඇවැසි දිරිය මිනිසුන් වෙනුවෙන් පිහිටක් වෙමු.

සංචාරකයන්ගෙන් පිරුණු අහුන්ගල්ල රියු සහ හෙරිටන්ස් අතර නිදහස් වෙරළ තීරයේ දී , 2024/02/03 සෙනසුරාදා දින උදේ 10/30 සිට රාත්‍රි 11/30 දක්වා.

දේශීය සංස්කෘතිකාංග ද ඇතුළු විශේෂාංග රාශියක්. වෙළඳ කුටි සඳහා විමසීම්. 0715631146 / 0707204450 ( දුමිඳු )

ජනවාරි 30 වන දිනට පෙර මුදල් ගෙවා වෙළඳ කුටි වෙන් කරගන්න. අවස්ථා සීමිතයි.

පරිසර හිතකාමී දේශීය නිෂ්පාදන , සාම්ප්‍රදායික දේශීය නිෂ්පාදන , දේශීය අත්කම් නිර්මාණ සිදුකරන , විදේශ විනිමය මෙරටට ගෙන ආ හැ...
17/01/2024

පරිසර හිතකාමී දේශීය නිෂ්පාදන , සාම්ප්‍රදායික දේශීය නිෂ්පාදන , දේශීය අත්කම් නිර්මාණ සිදුකරන , විදේශ විනිමය මෙරටට ගෙන ආ හැකි දිරිය ජනතාව දිරිමත් කිරීම වෙනුවෙන් අපි ගන්නා උත්සාහයට ඔබත් සහාය වෙමු. ඔබේ ආධාරය , උපකාරය දිරියෙන් නැගී සිටීමට වෙරදරණ අපේම මිනිසුන් වෙනුවෙන් ලබාදෙමු .....

අහුන්ගල්ල නිදහසේ වෙරළ සැණකෙළිය සඳහා වෙළඳ කුටි

( 10' * 10' ප්‍රමාණයේ කුටියක් රුපියල් 4500ක් වේ. එම කුටියක් සඳහා කුඩා මේස දෙකක් සහ පුටු දෙකක් හිමි වේ. Craft Items සඳහා )

( 10' * 20' ප්‍රමාණයේ වෙළඳ කුටියක් රුපියල් 9000ක් වේ. ඒ සඳහා කුඩා මේස 4ක් පුටු 4ක් හිමි වේ. Food and drink items සඳහා )

වෙළඳ කුටි වෙනුවෙන් අවශ්‍ය ජල පහසුකම සහ විදුලිය සැපයුමක් ලබා දේ. ඊට අමතර අවශ්‍යතා පවතී නම් ඒ සඳහා වැය වන පිරිවැය ඔබ දැරිය යුතු බව කරුණාවෙන් සලකන්න.

ඔබේ විශේෂ අවධානයට - මෙම වෙළඳ ප්‍රදර්ශනය අහුන්ගල්ල වෙරළ තීරයේ සංචාරකයන් ඉලක්ක කරගෙන සිදුකරන්නේ බලපිටිය ප්‍රාදේශිකයේ කුඩා පරිමාණ පරිසර හිතකාමී දේශීය නිෂ්පාදන සිදුකරන්න් වෙනුවෙන් අරමුදලක් ස්ථාපිත කිරීමටයි. ඒ වෙනුවෙන් එදින එම ස්ථානයේ භාණ්ඩ සල්පිලක් ද පැවැත්වෙන අතර කුඩා පරිමාණ ව්‍යවසායන් වෙනුවෙන් ශක්තියක් වීමට ඔබත් කැමති නම් සල්පිල වෙනුවෙන් භාණ්ඩ පරිත්‍යාග ලබාදිය හැකි බව කරුණාවෙන් සලකන්න.
අමතන්න #
# #0715631146 #0707204450 #

දිලිප් ( 0766067664 / 0705057862 ) ශ්‍යාමලී ( 0766251294 ).

පරිසරය සුරකින්න යන තේමාව යටතේ ක්‍රියාකාරකම් කිහිපයක් ද ඇතුළත් කිරීමට අවස්ථාව පවතී. කාලගුණික විපර්යාස අවම කිරීම හා දිරාපත් නොවන කසල භාවිතය අවම කිරීමට , වස විසෙන් තොර ආහාර පාන භාවිතය වෙනුවෙන් මිනිසුන්ගේ අවධානය යොමු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම වෙනුවෙන් ක්‍රියාකාරකම් ටිකක් ඇතුළත් කරන්න පුළුවන් මේ යටතේ.

සුළු පරිමාණ ව්‍යවසායන් රට තුල සංවර්ධනය කිරීම කාලෝචිත අවශ්‍යතාවකි. මේ කටයුතු වෙනුවෙන් කැපවීමක් උනන්දුවක් දක්වන මහත්ම මහත්මීන් එකතු වෙමු.

" මාදු සම්පත " සුළු පරිමාණ ව්‍යවසායකයන්ගේ එකමුතුව වෙනුවෙන් අරමුදලක් ස්ථාපිත කරනු වස් අහුන්ගල්ල වෙරළ තීරයේ පවත්වන නිදහසේ ...
14/01/2024

" මාදු සම්පත " සුළු පරිමාණ ව්‍යවසායකයන්ගේ එකමුතුව වෙනුවෙන් අරමුදලක් ස්ථාපිත කරනු වස් අහුන්ගල්ල වෙරළ තීරයේ පවත්වන නිදහසේ සැණකෙළිය පෙබරවාරි 03 වන සෙනසුරාදා දින උදේ 10/30 සිට රාත්‍රි 11/30 වන තෙක් නැටුම් ගැයුම් වැයුම් ඇතුළු තවත් විශේෂාංග රැසක් සමඟ. බලපිටිය සුළු පරිමාණ ව්‍යවසායන්ගේ එකමුතුවට ශක්තියක් ගෙනදීමට ඔබ සැමට ගෞරවණීය ඇරයුම් .....

It's the amazing experience in madu river balapitiya Sri Lanka. I will tell you. This is the one day camping experience ...
14/01/2024

It's the amazing experience in madu river balapitiya Sri Lanka. I will tell you. This is the one day camping experience in the island on madu river. #0715631146 #0707204450

12/01/2024
මාදු පුරයේ ග්‍රාම නිලධාරී ලෙස මේ දක්වා සිදුකරන නොනිමි සේවයෙන් බිඳක් 02 .....
08/01/2024

මාදු පුරයේ ග්‍රාම නිලධාරී ලෙස මේ දක්වා සිදුකරන නොනිමි සේවයෙන් බිඳක් 02 .....

මාදු පුරයේ ග්‍රාම නිලධාරී ලෙස මේ දක්වා සිදුකරන නොනිමි සේවයෙන් බිඳක් 01 .....
08/01/2024

මාදු පුරයේ ග්‍රාම නිලධාරී ලෙස මේ දක්වා සිදුකරන නොනිමි සේවයෙන් බිඳක් 01 .....

 #බිස්නස් එකට අවදානෙද ඕනි..?ඔබේ බිස්නස් කිහිප ගුණයකින් වැඩි කරගන්න කැමතිද..?Facebook  #මාර්කටින්  ඉගෙනගෙන තනියම බිස්නස් ...
03/01/2024

#බිස්නස් එකට අවදානෙද ඕනි..?
ඔබේ බිස්නස් කිහිප ගුණයකින් වැඩි කරගන්න කැමතිද..?

Facebook #මාර්කටින් ඉගෙනගෙන තනියම බිස්නස් එක ගොඩදාගන්න උත්සාහ කරන්න. අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඔබේ බිස්නස් දෙතුන් ගුණයකින් වැඩි කරගන්න විදිහ අපි කියල දෙන්නම්.
මීට පස්සේ කාගෙවත් පස්සෙන් ගිහින් සල්ලි වියදම් කරන්න දෙයක් නෑ.
එන්න අපි #සිංහල භාෂාවෙන්ම ඔක්කොම ඉගෙන ගමු.

මෙම #පාඨමාලාවට ඇතුලත් වෙන සියලු දෙනාටම පහත සේවා සදහා උපදෙස් සපයනු ලැබේ.

■ Facebook මාර්කටින් කරන්න දැනගන්න අවශ්‍ය දේවල්.
■ ෆේස්බුක් #පේජ් එකක් නියමිත ආකාරයට සකස් කරගැනීම.
■ ෆේස්බුක් පේජ් එකක නියමිත සැකසුම්.
■ ෆේස්බුක් පේජ් එකක් කළමනාකරණය.
■ ෆේස්බුක් පේජ් එකක් සදහා අනුගාමිකයින් ( ) වර්ධනය කරගන්නා ක්‍රමවේද.
■ නිෂ්පාදන / සේවා අලෙවියට සූදානම් කිරීම.
■ නිෂ්පාදන ෆේස්බුක් පේජ් එක වෙත නිවැරදිව ඇතුලත් කිරීම.
■ add ගිණුම් නිර්මාණය සහ කළමනාකරණය.
■ Facebook add වර්ග.
■ ෆේස්බුක් පේජ් එක මගින් ඇඩ් එකක් නිර්මාණය.
■ Facebook method.
■ ඇඩ් එකක් ප්‍රචාරණය කරන ක්‍රමෝපායන්/උපායමාර්ග ( )
■ ඇඩ් එකක සියලුම නිවැරදි සැකසුම්
■ ඉලක්ක ගත පාරිභෝගිකයින් නිර්මාණය.
■ #පාරිභෝගිකයින් සමග සංවාද කළමනාකරණය.

තවත් බොහෝ දේ සමගින් මෙම පාඨමාලාව හදාරා ඔබේ ව්‍යාපාරයේ ගැලවුම් කරු ඔබම වන්න. එන්න අප හා එක්වන්න.
විස්තර සදහා අපිට පණිවුඩයක් එවන්න.

CeyloNeco සිලොනෙකෝ එක්ක ජීවතේ විදින මිනිස්සු ❤🔥💪
08/12/2023

CeyloNeco සිලොනෙකෝ එක්ක ජීවතේ විදින මිනිස්සු ❤🔥💪

CeyloNeco සිලොනෙකෝ
04/12/2023

CeyloNeco සිලොනෙකෝ

CeyloNeco සිලොනෙකෝ ♥️💚🥰🥰🥰
03/12/2023

CeyloNeco සිලොනෙකෝ ♥️💚🥰🥰🥰

🍃💨 CeyloNeco සිලොනෙකෝ                                                           🇱🇰 Sri Lanka
03/12/2023

🍃💨 CeyloNeco සිලොනෙකෝ
🇱🇰 Sri Lanka

😊😍 CeyloNeco සිලොනෙකෝ                                                           🇱🇰 Sri Lanka
03/12/2023

😊😍 CeyloNeco සිලොනෙකෝ
🇱🇰 Sri Lanka

03/12/2023

සුන්දර මාදු ගග පරිසර සංවේදී කළාපය
CeyloNeco සිලොනෙකෝ Travel vibes
🇱🇰 Sri Lanka

මාදු products ❤🔥 Madu Sri Lanka .....
01/12/2023

මාදු products ❤🔥 Madu Sri Lanka .....

30/11/2023

  of nature   visit many historical places   when the boat ride   with the village life   in camping nigh   or home stay...
30/11/2023

of nature visit many historical places when the boat ride with the village life in camping nigh or home stays with memorable moments in full package in really amazing

Our first achievement ❤🔥💪
27/11/2023

Our first achievement ❤🔥💪

අස්වැසුමක් සොයන මිනිසුන් වෙනුවෙන් සහනාධාර යැපුම් මානසිකත්වයට මග කියන තාවකාලික හිස්වැසුම් වෙනුවට , සිය ( දැනුමෙන් / පුහුණ...
09/07/2023

අස්වැසුමක් සොයන මිනිසුන් වෙනුවෙන් සහනාධාර යැපුම් මානසිකත්වයට මග කියන තාවකාලික හිස්වැසුම් වෙනුවට , සිය ( දැනුමෙන් / පුහුණු ශ්‍රමයෙන් / ආකල්ප උපයෝගී කරගෙන ) ජීවිකාව සරිකර ගැනීමට ඇවැසි අභිප්‍රේරණ සලසනු වස් ආරම්භ කළ " මාදු products " නිෂ්පාදන ගම්මාන වැඩසටහන පූරිවිකාව කරගනිමින් නිමැවෙන " හැඩට වැඩට අරන් යන්න " අමුරෙදි සහ අත්යන්ත්‍ර ඇඟලුම් බෑග් නිෂ්පාදන අපේ අනන්‍යතාවය සහිතව ඔබේ සුරතට. ( අපේ අමුද්‍රව්‍ය ඇසුරින් , අපේම ශ්‍රමයෙන් , අපේ රටේ සිදුකරන පරිසර හිතකාමී නිෂ්පාදන මිල දී ගෙන දිරිය මිනිසුන්ට නැගෙන්නට අත දෙමු ). මෙවන් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා ඔබ දරණ මූල්‍ය පිරිවැයට වඩා මේ තුළින් ඔබ සමාජයට ලබාදෙන ප්‍රතිලාභය ඉමහත් වේ. ඒ බවට ( පරිසර හිතකාමී නිෂ්පාදන තුළින් සමහන් වන පරිසරය / දේශීය කර්මාන්ත ඇසුරින් ගොඩනැගෙන රට / සහනාධාර මානසිකත්වයෙන් මිදී දෙපයින් නැගිටින්න දෑතේ විරියෙන් ගොඩනැගෙන්නට උත්සාහ දරණ මිනිසුන්ගේ නිවෙන කුසගිනි ) සාක්ෂි දරණු ඇත.

Address


Telephone

+94715631146

Website

Alerts

Be the first to know and let us send you an email when CeyloNeco සිලොනෙකෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share