Emanisa - එමනිසා

  • Home
  • Emanisa - එමනිසා

Emanisa -  එමනිසා All the latest and breaking Sri Lankan news...
(1)

හොරු ටික ඇල්ලුවේ නැත්නම් අපෙනුත් ඇති වැඩක් නෑ...! - සමන්ත විද්‍යාරත්න....තමා ඉතිහාසය පුරා ජයග්‍රහණයට වඩා පරාජය භුක්ති වි...
17/11/2024

හොරු ටික ඇල්ලුවේ නැත්නම් අපෙනුත් ඇති වැඩක් නෑ...! - සමන්ත විද්‍යාරත්න....

තමා ඉතිහාසය පුරා ජයග්‍රහණයට වඩා පරාජය භුක්ති විඳි පුද්ගලයෙකු බවත් මහ මැතිවරණ ම හයක් පරාජය වී ඇති බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික සමන්ති විද්‍යාරත්න පවසයි.

එසේ ඉවසීමෙන් කටයුතු කළේ කෙදිනක හෝ ජනතාව සත්‍ය තේරුම් ගන්නා බව දැන සිටි නිසා බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

ජනතාව පළමු වටයේම හයේ හතරේ පහර ගැසීම අපේක්ෂා කළ ද පළමුව පිටිය අවබෝධ කරගත යුතු බව ද සමන්ත විද්‍යාරත්න අවධාරණය කරයි.

අනිවාර්යෙන් සියලු හොරු අල්ලන බවත් ගැන කිසිදු බියක් සැකක් තබාගත යුතු නැති බවත් සඳහන් කළ සමන්ත විද්‍යාරත්න, එසේ නොකරන්නේ නම් තමන්ගෙන් ඇති වැඩක් නොමැති බව ද සඳහන් කරයි.

ජාතික ජන බලවේග ජන හමුවක් අමතමින් ඔහු මේ බව කීය.

සජිත් වහා පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතුයි.. සජබ විශාල පිරිසක් ඡන්දෙන් පැරදුණේ ඔහු නිසායි..! - සරත් ෆොන්සේකා....සජිත් ප්...
17/11/2024

සජිත් වහා පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතුයි.. සජබ විශාල පිරිසක් ඡන්දෙන් පැරදුණේ ඔහු නිසායි..! - සරත් ෆොන්සේකා....

සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයට සහ විපක්ෂයට නිවැරදි නායකත්වයක් ලබා නොදුන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

ඒ නිසා එම කඳවුරු නියෝජනය කළ පිරිසකට ද මහා මැතිවරණයේ දී අසාධාරණයක් වූ බවයි, ඔහු ප්‍රකාශ කළේ.

ඔහු පක්ෂ නායකත්වයට පමණක් නොව විපක්ෂ නායකත්වයට ද නුසුදුසු බව සරත් ෆොන්සේකා අවධාරණය කරයි.

සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නියම සුදුස්සා සාගලයි...! - රනිල්නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්...
17/11/2024

සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නියම සුදුස්සා සාගලයි...! - රනිල්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සාගල රත්නායක මහතාට ලබාදීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා දැඩි උත්සාහයක නිරත වී සිටින බව ආරංචි මාර්ග පවසයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් එකක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ගෑස් සිලින්ඩරයට එකතු වූ කණ්ඩායම වෙනුවෙන් හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනට හෝ හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතාට ලබාදීමට යෝජනා වී තිබේ.

ඉතිරි මන්ත්‍රී ධුරය රවී කරුණානායක මහතාට ලබාදෙන ලෙස එජාපයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇතත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සිටින්නේ කිසිසේත්ම ඊට එකඟ නොවන ස්ථාවරයක බව දැනගන්නට තිබේ.

මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හිමිවන පුද්ගලයාටම ඉදිරියේදී එජාප නායකත්වයත් හිමිවනු ඇති බවට මතයක් ද පක්ෂය තුළ පැතිර ගොස් තිබේ.

මාලිමාවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පිරිස මෙන්න... පරාජිත දෙදෙනෙකුත් මැති සබයට...!ජාතික ජන බලවේගයට මෙවර මහා මැතිවරණයේ දී හි...
17/11/2024

මාලිමාවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පිරිස මෙන්න... පරාජිත දෙදෙනෙකුත් මැති සබයට...!

ජාතික ජන බලවේගයට මෙවර මහා මැතිවරණයේ දී හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා තෝරාගත් නම් ලැයිස්තුව එම පක්ෂයේ මහ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා විසින් මැතිවරණ කොමිසම වෙත යොමුකර තිබේ.

මෙවර ජාතික ජන බලවේගයට ජාතික ලැයිස්තු ආසන 18ක් හිමි වූ අතර ඒ සඳහා ජාතික ලැයිස්තුවෙන් නම් 16ක් සහ එම පක්ෂයෙන් මැතිවරණයට තරඟ කොට පරාජයට පත් අපේක්ෂකයන් දෙදෙනෙකුගේ නම් ඊට ඇතුළත් වෙයි.

එම ලැයිස්තුව මෙසේය.

1 බිමල් නිරෝෂන් රත්නායක
2 ආචාර්ය අනුර කරුණාතිලක
3 මහාචාර්ය උපාලි පන්නිලගේ
4 එරංග උදේශ් වීරරත්න
5 අරුණ ජයසේකර
6 ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
7 ජනිත රුවන් කොඩිතුවක්කු
8 පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි
9 රාමලිංගම් චන්ද්‍රසේකර්
10 වෛද්‍ය නජිත් ඉන්දික
11 සුගත් තිලකරත්ත
12 ලක්මාලි කාන්චනා හේමචන්ද්‍ර
13 සුනිල් කුමාර ගමගේ
14 ගාමිණී රත්නායක
15 මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ
16 සුගත් වසන්ත ද සිල්වා
17 අබුබකර් ආදම්බාවා (දිගාමඩුල්ල)
18 උපාලි සමරසිංහ (වන්නි)

සජබ නායකත්වය සජිත්ට... විපක්ෂ නායකත්වය හර්ෂට....!සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස පක්ෂ නායකත්වය දරන අතර විපක්ෂ නායක ධු...
17/11/2024

සජබ නායකත්වය සජිත්ට... විපක්ෂ නායකත්වය හර්ෂට....!

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස පක්ෂ නායකත්වය දරන අතර විපක්ෂ නායක ධුරය ආචාර්ය හර්ෂ ද සිල්වාට ලබා දිය යුතු බව එම පක්ෂයේ සාකච්ඡාවට ලක්ව ඇතැයි වාර්තා වෙයි.

සජිත් ප්‍රේමදාස අඛණ්ඩව ජනාධිපතිවරණ දෙකක් සහ මහා මැතිවරණ දෙකක් පරාජයට පත්වීම මෙහි දී විශේෂ අවධානයට ලක්ව තිබේ.

විශේෂයෙන් සජිත් ප්‍රේමදාස එම අවස්ථා දෙකේම බලයට පත් පක්ෂය 2/3ක බලයක් ලබා ගැනීම වැළැක්වීමට නොහැකි වීමත් ඔහු විපක්ෂ නායක බලතල යටතේ බොහෝ ප්‍රශ්න සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවේ මැදිහත් වුවද එය ජනතාවට ආකර්ෂනීය නොවීමත් බෙහෝ දෙනාගේ අසතුටට හේතුවී ඇත.

සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය ජනතාව දැඩිව ප්‍රතික්ෂේප කොට ඇති අවස්ථාවක එම සමාජයට ආමන්ත්‍රණය කිරීම සඳහා සිය පක්ෂයේ ද සැලකිය යුතු වෙනසක් සිදුකළ යුතු බවත් ජනප්‍රිය උගත් බුද්ධිමත් මන්ත්‍රීවරයෙකු වන හර්ෂ ද සිල්වා විපක්ෂ නායක ධුරයට පත්කිරීම ආණ්ඩුවට සාර්ථක ලෙස මුහුණ දීමට හැකි බවත් ඔවුන්ගේ මතය වී ඇත.

හරිනි ජීඇල් වගේ... කොන්ද පණ නෑ... අගමැතිකමට සුදුසු විජිතයි...! - උවිඳු...ගැටුමක් ඇති වෙන්න යනව කියල පේනව නම්, ගැටුම ගැන ...
17/11/2024

හරිනි ජීඇල් වගේ... කොන්ද පණ නෑ... අගමැතිකමට සුදුසු විජිතයි...! - උවිඳු...

ගැටුමක් ඇති වෙන්න යනව කියල පේනව නම්, ගැටුම ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න ඕන​. එතකොට තමා ඒක නිරාකරණය කරගන්න පුලුවන්. කියවන්න ටෝනි බ්ලෙයා ගැන එයාගෙ ඇඩ්වයිසර්, ස්පින් ඩොක්ට ලියපු පොත් දෙක​. ["The Blair Years" Extract from Alastair Campbell Diaries සහ​ "The Alastair Campbell Diaries" Prelude to Power.] කොහොමද දින්නෙ කියලත්, කොහොමද කෙළව ගත්තෙ කියලත් තියෙනව ඒකෙ. මම අනුරව සමාන කරන්නෙ ටෝනිට​. එයාට තමා ජාතික ප්‍රශ්නය විසඳන්න පුළුවන් ටෝනි වගේම​.

පේනවනෙ හරිනිද විජිතද කියන වාදෙ. මට නම් කවුරු වුණත් නෝ ප්‍රොබ්ලම්. ඒත් නිකන් පොෂ් අය හරිනි හරිනි කීවට​, මහන්සි වෙලා ජීවිත කාලෙම දේශපාලනය කරපු අය විජිත විජිත කියනව​. ඒ තර්කයටත් මම එකඟයි. දැන් දිනලම ඉන්න නිසා මම කියන්නම්. ඔය ගැටුම ඉස්සර ඉඳන් තිබ්බ​. ජවිපෙනෙ මෙතන ගාමක බලවේගය, නම වෙනස් කරං ආවට​.

හරිනි අඩු ගානෙ එන්පීපී විධායක සභාවෙදිවත් කෙලින් මතයක් පලකරන්නෙ නැතිව ටිල්වින්ල වගේ - බොල්‍ෂෙවික් මත දරණ​, තාමත් "ද්‍රෝහියා" වගේ වචන පාවිච්චි කරන - පරණ තාලෙ අයටත් යට වෙලා ඉන්නෙ. මට නම් බොල්‍ෂෙවික් වාදය පරදවන්න ඕන​. කමලා හැරිස් පැරදුනත්, එයා බයිඩන් කීව කැත කතාව කන්ඩෙම් කළා. නමුත් හරිනි ලාල චමී ගැන කිව්ව කැත කතාවත් කන්ඩෙම් කලේ නැහැ.
ප්‍රශ්ණ ගොඩක් තියෙනව​.

දැන් නම් ඒව එළිපිට කතා කරන්න ඕන​. හරිනිත් ජීඑල් පීරිස් වගේ. මම ජිල්ලට ඒ කාළෙ කියන්නෙත් 'කොන්දෙ සබන්' කියල​. දෙකට නැමෙනව චන්ද්‍රිකා ඉසරහත්!
තව පැත්තකුත් තියෙනව​. ඒ තමයි ගංවල ඉස්සර කාලෙ සයිඩ් ගහල හිටපු, ඒත් ජිවිත කාළෙම දේශපාලනයට කැප වෙච්ච අය අළු ගසල​, අඩි දෙක තුනක් උඩින් ඇවිදින්න ගත්ත අනුර ජනාධිපති වෙච්ච ගමන්. ඒක ස්වභාවිකයි.

ඒත් ඒ අයවත් යම් පාලනයකට ගන්න ඕන​. ආචාරධර්ම් පද්ධතියක් හඳුන්වා දීම අත්‍යාවශ්‍යයි කියල මම හිතනව​. නැතත්තං ප්‍රාදේශීය සභා, පලාත් සභා දිනනව කියන්නෙ බොරු!

මේ මගේ අදහස් හරිද​, ඒව පදනම් වෙන්නෙ මට දවසගානෙ එක එක කෙනා කියන ඒව උඩ​. මම කියන ඒවට අනුරව ගාව ගන්න එපා හරිද​. මම දේශපාලන අදහස් නොලියන්න කියල හිතං හිටියත් මමත් දේශපාලන සත්වයෙක් නිසා බ්‍රේක් නැහැ. මම මට හිතෙන දේවල් කියනව කාට වාසි උනත් අවාසි උනත්. ඒ මගේ හැටි! මම හිතනව මාත් එක්ක හරිනිවත්, ටිල්වින්වත්, අනුරවත් තරහ නෙවෙයි කියල​.

උවිඳු කුරුකුලසූරිය....

අපේෂකයන් 31ක් මනාප ලක්ෂය ඉක්මවා පාර්ලිමේන්තුවට...!මෙවර මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේග සහ සමගි ජන බලවේග ජයග්‍රාහී අපේක්ෂක...
17/11/2024

අපේෂකයන් 31ක් මනාප ලක්ෂය ඉක්මවා පාර්ලිමේන්තුවට...!

මෙවර මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේග සහ සමගි ජන බලවේග ජයග්‍රාහී අපේක්ෂකයන් 31 දෙනෙකු මනාප ඡන්ද ලක්ෂය ඉක්මවා ඇතැයි වාර්තා වෙයි.

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ විජිත හේරත් මනාප ඡන්ද 716,715ක් ලබමින් ඉහළම මනාපලාභියා බවට පත්වූ අතර කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබමින් දෙවන ස්ථානයට පත්විය.

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයෙන් ලක්ෂය ඉක්මවා මනාප ලබාගත් එකම අපේක්ෂකයා ලෙස වාර්තාවූ අතර ඔහු මනාප 145611 ක් ලබා ගත්තේය.

අලුත් පාස්කු පරීක්ෂණයක්... ආරක්ෂක ප්‍රධානියෙක්... පක්ෂ නායකයෙක් අත්අඩංගුවට...!අලුතින් ආරම්භ කරන ලද පාස්කු ප්‍රහාරයට අදාළ...
17/11/2024

අලුත් පාස්කු පරීක්ෂණයක්... ආරක්ෂක ප්‍රධානියෙක්... පක්ෂ නායකයෙක් අත්අඩංගුවට...!

අලුතින් ආරම්භ කරන ලද පාස්කු ප්‍රහාරයට අදාළ පරීක්ෂණ අනුව ළඟදීම හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු සහ දේශපාලන පක්ෂ නායකයකු අත්අඩංගුවට ගැනෙනු ඇතැයි ඉහළ පෙළේ ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පසුගිය කාලයේ චැනල් 4 නාළිකාව මගින් හෙළිදරව්වක් සිදු කළ හන්සීර් අසාද් මවුලානාගෙන් නැවතත් මීට අදාළ සූම් තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාගෙන ඊට සම්බන්ධ යැයි සැක කෙරෙන තැනැත්තන් අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගැනෙනු ඇතැයි වැඩි දුරටත් දැනගන්නට තිබේ.

චැනල් 4 වැඩසටහන සම්බන්ධයෙන් මෙයට පෙර පැවති රජය මගින් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන්ද කොමිසමක් පත් කළ අතර එමගින්ද විශේෂ වාර්තාවක් ලබා දී තිබේ. එහෙත් එම පරීක්ෂණ කමිටුව හමුවේ සාක්ෂි ලබාදෙන ලෙස අසාද් මවුලානාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර දැනට විදේශගතව සිටින ඔහු එම සාක්ෂි විමසීමට සහභාගි වූයේ නැත.

අනුර ප්‍රමුඛ මාලිමාණ්ඩුව බලයට ගෙනාවේ ඇමරිකාව...! - මහාචාර්ය එස්.ඩී. මුනී...අනුර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ශ්‍රී ...
17/11/2024

අනුර ප්‍රමුඛ මාලිමාණ්ඩුව බලයට ගෙනාවේ ඇමරිකාව...! - මහාචාර්ය එස්.ඩී. මුනී...

අනුර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය අත්පත් කර දීමේ මෙහෙයුමේ මූලික කාර්යභාරයක් ඇමරිකාව සිය රාජතාන්ත්‍රික බලපෑම් ඔස්සේ සිදුකළ බව දකුණු ආසියානු භූදේශපාලනය පිළිබඳ කීර්තිමත් විශේෂඥයකු වන ඉන්දියානු මහාචාර්ය එස්.ඩී. මුනී පවසයි.

මෙම ආණ්ඩු පෙරළිය සඳහා බොහෝ දෙනා ප්‍රකාශ කිරීමට අකමැති තරම් දැඩි විදෙස් බලපෑමක් එල්ල වූ බව ද මහාචාර්යවරයා අවධාරණය කරයි.

ජනාධිපති අනුර දිසානායක මේ වන විට මතවාදාත්මක වශයෙන් වෙනස් පුද්ගලයෙකු බවට පත්ව ඇති අතර විප්ලවකාරී අදහස් වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පිළිබඳ අවබෝධ කර ගැනීමට උත්සාහ කරමින් ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචණ්ඩකාරී මානසිකත්වයෙන් මුදවා ප්‍රජාතන්ත්‍රවාදය වෙත නැඹුරු කරවීමේ ගෞරවය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග වෙත හිමි විය යුතු බවයි, මහාචාර්ය මුනී ප්‍රකාශ කළේ.

ඉන්දියානු බලපෑම් සමග ගෙන ආ 13 වන ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට එම ස්වභාවයෙන් බලාත්මක කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් සියලු ජන කොටස් එකම ජාතියක් ලෙස ගොඩනැඟීම උදෙසා නව ප්‍රවේශයක් අවශ්‍ය බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

මහාචාර්ය එස්.ඩී. මුනී මේ බව ප්‍රකාශ කළේ ප්‍රකට ඉන්දියානු විශ්වවිද්‍යාලයක දේශනයක් පවත්වමිනි.

පිය-පුතු දේශපාලනයේ සමාජ ආදර්ශය අපි පෙන්වනවා...! - චතුරංග අබේසිංහ...පිය පුතු දේශපාලනය සමාජ අරමුණකට යොමුකර සමාජය යහපත් කිර...
17/11/2024

පිය-පුතු දේශපාලනයේ සමාජ ආදර්ශය අපි පෙන්වනවා...! - චතුරංග අබේසිංහ...

පිය පුතු දේශපාලනය සමාජ අරමුණකට යොමුකර සමාජය යහපත් කිරීමේ කාර්යභාරයට දායකත්වය දෙන ආකාරය තමන් සහ තම පියා විසින් ආදර්ශයෙන් පෙන්වන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහ පවසයි.

"තරුණයො විදියට අවුරුදු පහකට කලින් මේ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙලා, අපි එකට අරගල කරලා, ඒ හැඟීම කියලා නිම කරන්න බැහැ. අපි ඒක නෛතික වශයෙන් අද තහවුරු කරලා තියෙනවා.

අපේ තාත්තාගෙ දේශපාලනය තාත්තාට, මගේ දේශපාලනය මට. ඉතින් කළුතර දිස්ත්‍රික්කයෙන් ඔහුත් මේ වෙනකොට පත්වෙලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට. ඉතින් අපි ආදර්ශයෙන් පෙන්වන්නම් පිය – පුතු දේශපාලනය වුණත් සමාජ අරමුණකට, පොදු අරමුණකට කොහොමද යොමුකරලා. මේ සමාජය යහපත් කරන කාර්යභාරයට අපේ දායකත්වය, ඔහුගේ දායකත්වය, මගේ දායකත්වය දෙන්නේ කියලා."

චතුරංග අබේසිංහ මහතා මේ බව පැවසුවේ පෙරේදා 15) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රනිල් නැවත ගෙන ඒමේ සැලසුම හබක්...බාහිර පුද්ගලයන් ජාතික ලැයිස්තුවෙන් බෑ...!බාහිර පුද්ගලයන් ජාතික ලැයිස්තුව ඔස්සේ පාර්ලිමේ...
17/11/2024

රනිල් නැවත ගෙන ඒමේ සැලසුම හබක්...බාහිර පුද්ගලයන් ජාතික ලැයිස්තුවෙන් බෑ...!

බාහිර පුද්ගලයන් ජාතික ලැයිස්තුව ඔස්සේ පාර්ලිමේන්තුවට ගෙන ආ නොහැකි බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මැතිවරණයට තරඟ කළ පක්ෂයේ ජාතික ලැයිස්තුව හෝ මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයකු මිස වෙනත් අයකු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම් කිරීමට පනත අනුව ඉඩක් නොමැති බවයි.

මේ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඇතැම් පාර්ශ්ව දැරූ උත්සාහය ව්‍යවර්ථ වන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මෙහෙම පරදින්න දේශපාලනය කරලා වැඩක් නෑ.. රෙහාන් දේශපාලනයට සමුදෙයි....!තමන් ක්‍රියාකාරී දේශපාලනයෙන් මෙන්ම මාතර වැලිගම සංවිධ...
17/11/2024

මෙහෙම පරදින්න දේශපාලනය කරලා වැඩක් නෑ.. රෙහාන් දේශපාලනයට සමුදෙයි....!

තමන් ක්‍රියාකාරී දේශපාලනයෙන් මෙන්ම මාතර වැලිගම සංවිධායක ධුරයෙන්ද ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම පවසයි.

සිය X පිටුවේ සටහනක් සටහනක් තබමින් ඔහු පැවසුවේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු කළ බවය.

දිගින් දිගටම සිදුවන මැතිවරණ පරාජයන් හමුවේ දේශපාලනයේ තමන් ඉතා දුෂ්කර ගමනක් පැමිණියත්, මෙතැන් සිට තම පවුල ගැන සිතීමට මෙන්ම ඔවුන් වෙනුවෙන් වැඩ කිරීමට කාලය එළැඹ ඇති බව තමන්ට හැඟෙන බවත් ඔහු සඳහන් කර තිබේ.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම තීරණය ඉතා පහසුවෙන් ගත් තීරණයක් නොවන නමුත් එය දැනට නිවැරදි තීරණයක් ලෙස හැගෙන බවයි.

ඔහු මින් පෙර වැලිගම නගර සභාවේ නගරාධිපති ලෙස කටයුතු කර තිබුණු අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කළ නමුත් ඉන් පරාජයට පත් විය.

පරිණත රනිල් පාර්ලිමේන්තුවට යන්න ඕන..! - බත්තරමුල්ලේ සීලරතන හිමි....පට්ට හොරු ටික ඉවත් කර හොඳ පිරිසක් පාර්ලිමේන්තුවට එවා ...
16/11/2024

පරිණත රනිල් පාර්ලිමේන්තුවට යන්න ඕන..! - බත්තරමුල්ලේ සීලරතන හිමි....

පට්ට හොරු ටික ඉවත් කර හොඳ පිරිසක් පාර්ලිමේන්තුවට එවා ඇතැයි ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි පවසයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවට යා යුතු බව ද එහිමියෝ ප්‍රකාශ කරති.

එසේ ගොස් හිටපු ජනාධිපතිවරයාගේ පරිණත දේශපාලනයෙන් රටට නැවත වැඩක් කළ යුතු බව ද සීලරතන හිමි සඳහන් කරයි.

අද (16) මාධ්‍ය හමුවක් අමතමින් එහිමියන් මේ බව කීහ.

මාලිමාණ්ඩුවට කැනඩා දෙමළ කොංග්‍රසයේ සුබ පැතුම්...පොරොන්දු වූ අලුත් ව්‍යවස්ථාව ඉල්ලයි...!ජාතික ජන බලවේග ආණ්ඩුව ලද ඓතිහාසික...
16/11/2024

මාලිමාණ්ඩුවට කැනඩා දෙමළ කොංග්‍රසයේ සුබ පැතුම්...පොරොන්දු වූ අලුත් ව්‍යවස්ථාව ඉල්ලයි...!

ජාතික ජන බලවේග ආණ්ඩුව ලද ඓතිහාසික මැතිවරණ ජයග්‍රහණය සඳහා සුබ පැතුම් එකතු කරමින් කැනඩා දෙමළ කොංග්‍රසය ජනාධිපති අනුර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබේ.

ඔවුන් එමගින් ඉල්ලා ඇත්තේ විනිවිදභාවයෙන් යුතු වගකීම්සහගත ආණ්ඩුවක් පිහිටුවා ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කරන ලෙසයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කොට දෙමළ ජනතාව ඇතුළු සියලු ජන කොටස්වල අයිතිවාසිකම් සුරැකෙන නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සඳහා මාලිමාණ්ඩුවට ඓතිහාසික අවස්ථාවක් ලැබී ඇති බව ද එමගින් පෙන්වා දෙයි.

කැනේඩියානු දෙමළ කොංග්‍රසය එම ලිපිය මගින් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, ආරක්ෂක අංශ යටතේ ඇති උතුරේ ඉඩම් නැවත ජනතාවට ලබා දීම, උතුරේ ජනතාවගේ ආගමික අයිතිවාසිකම් ආරක්ෂා කරමින් එහි සිදුකරන බෞද්ධ ආගමික ඉදිකිරීම් නවතා දැමීම, නව ව්‍යවස්ථාව ගෙන එන තුරු 13 වන සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් වැඩි දුරටත් ඉල්ලා තිබේ.

කසාද බඳින්න කලින් පුරුදුවෙන්න යන්නේ නෑ... මන්ත්‍රී වෙන්නත් පළපුරුද්දක් ඕන නෑ...! - මහින්ද දේශප්‍රිය...එදා මෙදාතුරු කිසිද...
16/11/2024

කසාද බඳින්න කලින් පුරුදුවෙන්න යන්නේ නෑ... මන්ත්‍රී වෙන්නත් පළපුරුද්දක් ඕන නෑ...! - මහින්ද දේශප්‍රිය...

එදා මෙදාතුරු කිසිදු ආණ්ඩුවකට හිමි නොවූ බලයක් මාලිමාණ්ඩුවට ලැබී තිබුණ ද බලය දූෂණය කරන අතර අසීමිත බලය අසීමිතව දූෂණය කරන බව ද සිහිපත් කළ යුතු යැයි හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.

එහෙත් වර්තමාන ආණ්ඩුව එම තත්ත්වයට නොවැටෙනු ඇත යන්න ජනතාවගේ බලාපොරොත්තුව බව ද ජවිපෙ මහ ලේකම් එම බලය පරිස්සමින් භාවිත කරන බව ප්‍රකාශ කිරීම අගය කරන බව ද ඔහු සඳහන් කරයි.

වර්තමාන පාර්ලිමේන්තුවේ බහුතරයකට පළපුරුද්ද නැතැයි ඇතැමුන් සඳහන් කළ ද විවාහට පෙර ගොස් පළපුරුද්ද ඇති කරගන්නේ දැයි මහින්ද දේශප්‍රිය ප්‍රශ්න කරයි.

අලුත් මන්ත්‍රීවරුන් පැරණි අයගේ යහපත් දේ උකහා ගනිමින් සිය පක්ෂයේ අත්දැකීම් සහිත අයගේ ගුරුහරුකම් ලබමින් ජනතා සේවය සඳහා කැපවිය යුතු බව ද ඔහු අවධාරණය කරයි.

අද (16) මාධ්‍ය හමුවක් අමතමින් මහින්ද දේශප්‍රිය මේ බව කීය.

මාලිමාණ්ඩුව උතුර උඩින්ම දිනුවා... මින්මතු ජීනීවා ප්‍රශ්න නෑ..! - මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවාශ්‍රී ලංකාවට නිදහස ලැබී වස...
16/11/2024

මාලිමාණ්ඩුව උතුර උඩින්ම දිනුවා... මින්මතු ජීනීවා ප්‍රශ්න නෑ..! - මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා

ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 76කට පසු හොඳම පාර්ලිමේන්තුව මෙවර තේරි පත්ව ඇතැයි මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම හේවා පවසයි.

මෙතෙක් පත්වූ පාර්ලිමේන්තු නිසා ලෝකය අප දෙස බැලුවේ දේශපාලන ස්ථාවරත්වයක් නොමැති රටක් ලෙස බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

ජාතික ජන බලවේග ආණ්ඩුව උතුරු නැගෙනහිර ජයග්‍රහණය කළ හෙයින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දැන් ප්‍රශ්න මතු කළ නොහැකි බව ද මහාචාර්ය මහානාම හේවා අවධාරණය කරයි.

මෙතෙක් ආණ්ඩු ගොඩනැඟීමට දෙමළ ජනතාව එකතු නොවුණ ද මෙවර එකතු වී ඇති බවත් දැන් දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, පොදු සමාවක් ප්‍රදානය කිරීම ඇතුළු කටයුතු රජය කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කරයි.

මගේ සේවය අනවශ්‍ය බවට ජනතාව තීන්දු කළා... දේශපාලනයෙන් සමු ගන්නවා...! - මහින්දානන්ද....අලුත්ගමගේ පරපුර දශක හතක් තිස්සේ සිද...
16/11/2024

මගේ සේවය අනවශ්‍ය බවට ජනතාව තීන්දු කළා... දේශපාලනයෙන් සමු ගන්නවා...! - මහින්දානන්ද....

අලුත්ගමගේ පරපුර දශක හතක් තිස්සේ සිදුකළ සේවාව තව දුරටත් අවශ්‍ය නැතැයි මහනුවර ජනතාව තීන්දු කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ජනතා කැමැත්තට හිස නමන දේශපාලනඥයකු ලෙස තමන් දේශපාලනයෙන් සමු ගන්නා බවයි, ඔහු ප්‍රකාශ කළේ.

දශක තුනකට අධික කාලයක් නාවලපිටිය ප්‍රමුඛ කරගෙන තමා මහනුවර දිස්ත්‍රික්කයට උපරිම සේවයක් කළ බව ද හෙතෙම සඳහන් කරයි.

1993 පළාත් සභා මැතිවරණයට තරඟ කළ තමන්ට මහනුවර ජනතාව මනාප ඡන්ද 13000ක් ලබා දී අනතුරුව මහ මැතිවරණවල දී මනාප 160 000 දක්වා තමන් ඔසවා තැබූ බව ද මහින්දානන්ද අලුත්ගමගේ පෙන්වා දෙයි.

අද (16) මහනුවර සිය කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

Address


Alerts

Be the first to know and let us send you an email when Emanisa - එමනිසා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Emanisa - එමනිසා:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share