Mirror Gossip

  • Home
  • Mirror Gossip

Mirror Gossip The Sri Lanka Gossip - Celebrity Gossip and Entertainment News...
http://mirrorgossip.com

16/01/2025

ශ්‍රී ලාංකේය ජනතාවට "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " ඇති කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩ පිළිවෙළට චීනයේ සහාය ලබා දෙන බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ප්‍රකාශ කළේය.

චීන අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බීජිං අගනුවර දී අද (16) පස්වරුවේ හමු වූ අවස්ථාවේදීය.

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉතා මිත්‍රශීලිව පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා චීනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දෙන බවද චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා මෙහිදී අවධාරණය කළේය.

දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙල චීන අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක් විය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, චීනය සහ ශ්‍රී ලංකාව අතර මිතුදම ෆාහියන් භික්ෂුවගේ සමයට පෙර සිටම පවතින බවය.

දුප්පත්කම තුරන් කිරීම සහ ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයට නතු කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය දක්වන ලෙස ද ජනාධිපතිවරයා චීන අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

මේ වන විටත් චීන රජය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දී තිබෙන සහාය සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ පිළිබඳ චීන රජයට සහ ජනතාවට ස්තුතිය පළ කළේය.

දෙරටේ දිගු කාලීන මිත්‍රත්වය වර්ධනය කිරීම, ආයෝජන ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

සංස්කෘතික හුවමාරුව, වෙළෙඳ හා දේශපාලන සහයෝගීතාව පිළිබඳව ද මෙම හමුවේදී විශේෂ අවධානයට ලක් විය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරු ඇතුළු චීනයේ රාජතාන්ත්‍රිකයින්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)
(වීඩියෝ : CCTV)

15/01/2025

අද (15) දිනයේදී ශ්‍රී ලංකාව හා චීනය අතර අවබෝධතා ගිවිසුම් 15ක් අත්සන් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය - විජිත හේරත් මහතා පවසයි.

මෙම ගිවිසුම් මගින් මෙරට ආර්ථිකය, අධ්‍යාපනය, මාධ්‍ය හා සංස්කෘතියට ඉතා වැදගත් වන බව ඔහු වැඩිදුරටත් පවසයි.

විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සිදුකර ඇති ප්‍රකාශය මෙසේය :

(වීඩියෝ දසුන් : PMD)

14/01/2025

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව ගිය ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25 පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය.

එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොං මහතා හා එරට සිටින ශ්‍රී ලංකා තානාපති - මජින්ත ජයසිංහ මහතා විසින් ජනාධිපතිවරයා පිළිගන්නා ලදී.

දිසානායක මහතා ජනවාරි 17 දක්වා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වේ.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර මහතා යන මහත්වරුද මෙම සංචාරය සඳහා එක්ව සිටිති.

27/12/2024

චීන රෝහල් නැව නරඹන්න අගමැතිනියත් එක්වෙයි

චීන නාවික හමුදාවට අයත් පීස් ආක් (Peace Ark) රෝහල් නෞකාව නැරඹීමට මෙරට අගමැතිනිය වන හරිනි අමරසූරිය මෙනෙවිය පසුගියදා එක්විය.

මෙම නෞකාව දෙසැම්බර් මස 21 වැනිදා කොළඹ වරායට ළඟා වූයේ චීන රජයේ මිෂන් හාමනි 2024 (Mission Harmony - 2024) වැඩසටහනේ කොටසක් ලෙසයි.

එය අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණියේ 2017දීය.

Read More : https://bit.ly/4fvncQs

A collaboration by CCTV+ and Sri Lanka Mirror.

29/10/2024

මීට දින කිහිපයකට පෙර ඇතිවුණු සූර්යයාගේ භූ චුම්භක කුණාටුවක් හේතුවෙන් පසුගියදා ලොව රටවල් කිහිපයකටම අරෝරා බෝරිඇලිස් හෙවත් උතුරු එළි දිස්විය.

Auroras, or northern lights, were seen at several places in north China's Hebei Province and northwest China's Xinjiang Uygur Autonomous Region on Friday morning because of a massive geomagnetic storm.

**Read More :https://shorturl.at/r4JMm

A collaboration by CCTV+ and Sri Lanka Mirror.

19/10/2024



නැගෙනහිරි චීනයේ ඇන්හුයි (Anhui) පළාතේ හුඅං-ෂැන් (Huangshan) නගරයේ වංමැන්ටියැන් ගම්මානයේ Wang-man-tian) ගැමියන් අපූරු සංස්කෘතික උත්සවයක් පවත්වයි. 🐠

Read More :https://shorturl.at/vlvWq

A collaboration by CCTV+ and Sri Lanka Mirror.

16/10/2024

අපූරු විනෝදාංශයක් සමග තම විශ්‍රාම ජීවිතය අර්ථවත් කර ගත් ඉංජිනේරුවක් පිළිබඳ පුවතක් චීනයේ ශැංහායි නගරයෙන් වාර්තා වේ.

A retired engineer in Shanghai has been devoted for over a decade to making wood miniature replicas of ancient buildings in China, highlighting the wisdom of ancient Chinese architects by using the traditional tenon structure.

Read More : https://shorturl.at/ygUou

🟠 WATCH : https://youtu.be/AO_bSxNwFhw

A collaboration by CCTV+ and Sri Lanka Mirror.

12/10/2024

පලස්තීනයේ ගාසා තීරය තුළ ගැටුම් යළි ඇවිලි මේ වන විට වසරකුත් ගතවී අවසන්. එම කාලයේදී නිරන්තරයෙන්ම එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයේ ඓතිහාසික වටිනාකමක් ඇති ගොඩනැගිලි රැසක්ම විනාශ විය. ඒ අතරින් පසුගිය වසර අවසානයේදී විනාශයට පත් වූ අල් ඔමාරි මහා පල්ලිය, ප්‍රධාන තැනක් ගනියි.

Many historical sites in the Gaza Strip have become ruins after suffering devastating Israeli attacks over the past year since the outbreak of the latest round of conflict between Palestine and Israel.
* Read More : https://t.ly/w1liZ

09/10/2024

චීනයේ ෂින්ජියෑං උයිගුර් (Xinjiang Uygur) ස්වායන්තයේ මේ දිනවල කපු නෙළීම ආරම්භ කර තිබේ. සාමාන්‍යයෙන් මෙම අස්වැනු නෙළීම, ෂින්ජියැං උයිගුර් ප්‍රදේශයේ උතුරේ සිට දකුණ දක්වා සිදුකෙරේ. චීනයේ සිදුකරන සමස්ත කපු වගාවෙන් 80%ක් ම වගාකෙරෙන්නේ මෙම ප්‍රදේශයේය.

Xinjiang Uygur Autonomous Region in northwest China, the largest cotton-growing area in the country, has entered its cotton harvest season.
Read More : https://shorturl.at/nrlXX

🟠 WATCH :https://youtu.be/l319TR8yvYw

A collaboration by CCTV+ and Sri Lanka Mirror.

08/10/2024

සුපිරි සිනමා තරුවක් වන ජැකී චෑන් ගේ නවතම චිත්‍රපටය පසුගියදා චීනයේ බෙයිජිං අගනුවරදී එක්දැක්වුණි. 'පැන්ඩා ප්ලෑන්' නම් මෙම චිත්‍රපටය, පැන්ඩා සතෙකු බේරාගැනීමට අපරාධ කල්ලියක් හා සටන් වැදෙන ජාත්‍යන්තර කුංෆු තරුවක් පිළිබඳ කතා පුවතකි.

A new panda-themed film with world-renowned action movie star Jackie Chan as the leading actor was premiered in Beijing on Saturday (Sep. 28).
* Read More :https://shorturl.at/atNQ9

🟠 WATCH : https://youtu.be/ZM_W3m3MAq4

A collaboration by CCTV+ and Sri Lanka Mirror.

06/10/2024

මිනිසුන් සහිතව ගැඹුරු මුහුදු පත්ලේ ගමන් කළ හැකි චීනයේ ජියාඕ-ලොං (Jiaolong) සබ්මර්සිබල් යාත්‍රාව, ජාත්‍යන්තර සාගර ගවේෂණයක නව වැනි කිමිදීම පසුගියදා අවසන් කලා.

China's Jiaolong manned submersible finished its ninth dive of the 2024 Western Pacific International Voyage Scientific Expedition on Wednesday, retrieving five typical deep-sea marine life samples.

* Read More : https://shorturl.at/N8j0C

🟠 WATCH : https://youtu.be/vxPwTUb60Lc

- A collaboration by CCTV+ and Sri Lanka Mirror.

05/10/2024

වයඹ දිග චීනයේ ෂින්ජියෑං උයිගූර් (Xinjiang Uygur) ස්වයං පාලන ප්‍රදේශයේ ගොවීන් තම වගා කටයුතුවලින් නොසීතූ තරමේ මිලක් ලැබීමට සූදානමින් සිටියි.

ඊට හේතුව වන්නේ ඔවුන් තම වගාවන් සඳහා අධික ලෙස තාක්ෂණය යොදාගැනීමයි.
Read More : https://shorturl.at/48e7F

🟠 WATCH : https://youtu.be/a0CBih3lI2o

A collaboration by CCTV+ and Sri Lanka Mirror.

28/09/2024

චීනයේ නිපදවනු ලැබූ C919 යානාව, එරට තවත් දේශීය ගුවන්සේවා දෙකක් විසින් සාර්ථකව යොදාගෙන තිබේ.

චීනයේ ප්‍රධානතම ගුවන්සේවා ද්විත්වයක් වන 'එයාර් චයිනා' හා 'චයිනා සදර්න්' යන ගුවන් සේවා සමාගම් විසින් C919 යානා යොදාගනිමින් සිදුකළ පළමු මගී ගමන් දෙක අගෝස්තු 29 වැනිදා සාර්ථකව සිදුකෙරුණි.
* Read More : https://shorturl.at/TirWS

🟠 WATCH : https://youtu.be/x_l-B9EztOc

- A collaboration by CCTV+ and Sri Lanka Mirror.

Address


Alerts

Be the first to know and let us send you an email when Mirror Gossip posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mirror Gossip:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share