Hemapriya Kandambi Cinema Archive

  • Home
  • Hemapriya Kandambi Cinema Archive

Hemapriya Kandambi Cinema Archive This is pioneering & sole film archive & Museum in the world.

21/01/2024

ශ්‍රී ලාංකීය සිනමාවට අවුරුදු 77යි

26/07/2023
05/04/2023

ඉතිහාසයක් නැති සිනමාවකට අනාගතයක් නැත.. අපේ රටට ඕනෑ චිත‍්‍රපට සංරක්‍ෂණයක් නොව සිනමා කෞතුකාගාරයකි... සිනමාව අමතක වන ...

1948 පෙබරවාරි 04වෙනි දින ප්‍රථම නිදහස් උත්සවය පවත්වන ලදි.එය වර්තමානයට, අනාගතයට ඉතිහාසයකි. ඉතිහාසයේම සදහන් පරිදි විවිධ ආක...
04/02/2023

1948 පෙබරවාරි 04වෙනි දින ප්‍රථම නිදහස් උත්සවය පවත්වන ලදි.එය වර්තමානයට, අනාගතයට ඉතිහාසයකි. ඉතිහාසයේම සදහන් පරිදි විවිධ ආක්‍රමණයන් විසින් මෙරට ආක්‍රමනය කර ඇත. කෙසේ නමුත් 1505 පෘතුගීසින් ලංදේසීන් මුහුදු බඩ ප්‍රදේශයත්, ඉංග්‍රීසීන් මුළු රටම ආක්‍රමනය කර යටත් විජිතයකට පත්කර ගත්හ. මේ සියල්ලටම හේතු වුයේ රට වැසියාගේ අසමගියයි. විදේශිකයන් ආක්‍රමනය කළේ ලක්ෂ ගණන් හමුදාව මෙරටට පැමින යුද්ධ කර නොවේ ඉතාම සුළු පිරිසකගේ පැමිණීම තුලය. මෙයට ප්‍රධානම හේතුව රට වැසියන්ගේ ගිජුකම, රැවැටෙන ස්භාවය, කුරිරුකම අසමගිය ප්‍රධාන වශයෙන් බලපා ඇත. ආක්‍රමිකයන් මෙය අවබෝධකරගෙන ඇත.එදා රටේ මිනිසුන්ගේ එකමුතුවක් පැවතියේනම් මුළු ජනයාම ගල් වලින් පහර එල්ල කළත් පැමිණී සුළු ආක්‍රමිකයන් පලවා හැරීමට හැකිවනු ඇත. රටම නිසියාකාරවම, පවා දුන්නේ ඉංග්‍රීසීන්ටය. එදා උඩරට රදලයන්ගේ බල තන්හාව තුල ඔහුන් එය හොදින් ඉටුකර ගත්හ. කෙසේ නමුත් ඉංග්‍රීසින්ට පාලනය කර පවත්තාගෙන යෑම උදෙසා අධික හමුදාවක් අවශ්‍යයවිය. එය නඩුත්තූ කිරීමට අධික පිරීවැයක් දැරීමට සිදූවී ඇත. ලංකාවේ සම්පත් තූලින් ලැබෙන ආදායම ගණනය කරද්දී බිතාන්‍යයන්ට යටත් විජීත රටවලින් පාඩු ලබන රටක් බවට ලංකාව පත්වී ඇත. 1929 කෝල්බෲක් ,කැමරන් පනත මේ තුළ ඉඩම් රජයට පවරාගෙන පෞද්ගලික කරන,1947 ටොරිංටන් සාමි ආන්ඩුකාරයා රජයේ ආදායම් වැඩිකර ගැනීමට බලු බද්ද,පාර බද්ද තන බද්ද,තුවක්කු බද්ද, ඔරු බද්ද වැනි ජනතාවට ඉතාමත් කුරිරු බදු ක්‍රම පනවන ලදි. එදා මෙම බදු සහ කුරිරු පාලනයට එරෙහිව 1948 නැගී සිටි ගොන්ගාලේගොඩ බන්ඩා(විල්බාවේ)වීරපුරන් අප්පු කුඩාපොළ උන්වහන්සේ ව කුරිරු ලෙස පාවා දුන්නේත්, පවුන් සීයට දාහටය. මේ රටේම මිනිස්සුය. ඊට පෙර කැප්පිටිපොළ මඩුගල්ලේ පාවා දුන්නේද මේ ආකාරයටමය. කෙසේ නමුත් අනාගාරික ධර්මපාල තුමා,ඩී බී ජයතිලක් ඊ.ඒ ගුනසිංහ ඩි ආර් විජේවර්ධන ඩි එස් සේනානායක,පිලිප් ගුණවර්ධන,ඇන් එම් පෙරේරා වැනි ශ්‍රී ලාංකිකයන් ඉංග්‍රීසීන් සමග නිදහස ලබාගැනීමට සටන්කරන ලදි. මේ හේතු තුල ඇන් ඇම් පිලිප් සිරගත කරද ඇත. පිලිප් ගුණවර්ධන එංගලන්තයේ රැස්වීමකට සහභාගිවී සිටියදී සුදු ජාතිකයෙක් දේශනයකදී ප්‍රකාශ කර ඇත්තේ ලංකාවේ ජීවත්වෙන්නේ නොදියුණු වැද්දන් වැනි මිනිස්සු කොට්ඨාසයක් බවත් යාන්තමින් ශීලාචාර රටක් බවට පත්වෙමින් පවතින්නේ ඉංග්‍රීසීන් ගේ අත පෙවීම් බව පවසා ඇත. පිලිප් මෙය අසා නැගිට ගොස් සුද්දාට බිම ඇද වැටින්න කනට පහරක් දී ඇත. මෙය බොරළුගොඩ සිංහයාය. නිදහස නොදීමට මූලික හේතුව වී ඇත්තේ දූපතක වෙසෙන නූගත් මිනිස්සු බැවින් ඔහුන් දියුනුවවක් ලබන තුරු නිදහස නොදෙන බවයි.ඩී එස් රටේ උගතුන් බව හැගවීමට සෝල්බරි සාමි ආන්ඩුකාර වරයා සමග පැමිණී බිතාන්‍ය නියෝජිත පිරිසට නුවර යන ගමනේදී .කෑගල්ල කුඹුරක නීතිඥවරු (හොදින් ඉංග්‍රීසී කතාකරන)ගොවියන් ගෙවිලියන් ලෙස ඇදුම් ඇද කුඹුරේ වැඩකිරීමට සලස්වා... රථය ඒ අසල නතර කර ගොවියන් ලෙස පෙනී සිටි "නීතිඥ" කැදවා ඉංග්‍රීසීන්යෙන් කතාකර ආන්ඩුකාරවරයාට සහ නියෝජිතයන්ට තහවුරු කර ඇත්තේ "බලපං අපේ ගොවියෝ ඉංග්‍රීසී කතාකරන උගත්තු යන්නත් මුළු රටේම මිනිස්සු උගත්තු" යන්නයි.ඔහුන් පුදුමයට පත්වී ඇත. මෙම කරුනු බ්‍රිතාන්‍යයට දැන්නූ පසු 1948 නිදහස යනුවෙන්. දෙනු ලැබුවේ නාමික ලිපියකි.1970 රෝහණ නන්දසිරි විජේවීර මිනීමැරුම් ත්‍රස්වාදි ක්‍රියාකාරකම් යටතේ අත් අඩංගුවට ගනු ලබන්නේ රැජින ගේ නීති යටතේය.(රෝහණ නන්දසිරි විජේවීරට නඩු පවරනු ලැබුවේ පසුව සම්මත කර ගත් "අපරාධ යුක්ති කොමිසන් සභාව" මගිනි )1948 ඩිංගිරාළ අතුලු පිරිස් රාජ්‍ය ද්‍රෝහිහීන් හැටි යට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මහ රැජිනට විරුද්ධව රැස්වීම් තැබීම්,කැරැලි ගැසීම්,කෝළාහලකිරීම් චෝදනා යටතේය. මේ හේතු තුල සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය1972 මැයි 22 ජනරජයක් බවට පත්කර රජයේ නිවාඩු දිනයක්ද කරන ලදි. මාගේ මතකයේ හැටියට 2015 රජය මෙය ඉවත්කර හෝ සංසෝදනය කර ඇත. මැයි 22 නිවාඩු දිනයද ඉවත්කර ඇත. මෙය නිදහස පිලිබදව කෙටියෙන් සදහන් කළ කරුණුය. ශ්‍රී ලංකාව අධික සම්පත් පිරිණු රටක් ලෝකයේ නිර්මාණය ශීලින් දක්ෂයන් බිහිවුණු රටක් ,එහෙත් මිනිසුන් අතර සමගිය නැති එකම රට... දේශපාලනය තුලින් මේ රට කිසිදාක ගොඩනැගීය නොහැක. අන්නෝන්‍යය අවබෝධය, සදාචාරත්මක ගොඩනැගීමක්, සියලු ජාතීන්ගේ එකමුතුව තුළ ශ්‍රී ලංකිකයන් ලෙස ගොඩනැගුනොත් ලෝකයේ දියුනුම රට වණු ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම හේමප්‍රිය කණ්ඩම්බි සිනමා කෞතුකාගාරය කඩවත.

15/01/2023

"රුක්මණීට අවුරුදු 100 යි" 1923.01.15.- 2023.01.15
සම්පූර්ණ වීඩියෝව නැරඹීම සඳහා පහත ලින්ක් එක ක්ලික් කරන්න..
https://www.youtube.com/watch?v=u_uHGQTJapc&t=1845s

1989 මා විසින් නිර්මාණය කරනලද "අපේ රාජ්ජේ " නාට්‍යය එදා පැවැති රජය තහනමට ලක්කරන ලදි....? මා හිතමිතුරකු මෙන්ම ගුරු වරයෙකු...
21/12/2022

1989 මා විසින් නිර්මාණය කරනලද "අපේ රාජ්ජේ " නාට්‍යය එදා පැවැති රජය තහනමට ලක්කරන ලදි....? මා හිතමිතුරකු මෙන්ම ගුරු වරයෙකු බදු වූ කේ.ඩී නිකලස් මහතා එම නාට්‍යයට රචිත ගීතය පසුව දීපාල් සිල්වා ගායනා කර ජනප්‍රිය විය. එහි අර්ථවත් කොටස් ඔහු විසින් ඉවත්කර තිබුනි. මෙම ගීතය නිර්මාණය කළේ කේ.ඩී නිකලස් මහතා අප දෙදෙනා සාකච්ඡා කරමින් මධ්‍යම රාත්‍රියේ කොටහේනේ සිටය. එම ගීතය ඇතූලත් අදහස් ලංකාවට සදා අමරණීය වනු ඇත.එදා මා නිර්මාණය කළ "අපේ රාජ්ජේ" නාට්‍යයේ සම්පූර්ණ ගීතය මෙසේය... ඔලුව තදට නරක් වෙච්ච මිනිසුන් පිරිසක් රැදිච්ච අරුම පුදුම රටක් තියෙනවා ... මහ මූහුදෙන් වට වෙදිච්ච. අඹ ගෙඩියක හැඩය ගත්ත ඒකට ලංකාව කියනවා ... ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු ... // රට වටකර සාගරයයි. එය සම්පත් ආකාරයයි රටට මාලු පිටින් ගේන වා... රට මැද තනි කෙත් යායයි දුටුවම හරි සිරියාවයි නැවෙන් ගෙනත් හාල් බානවා... ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු // දකින දකින එකා අතේ බැඳලා ඔරලෝසු ඇතේ ටයිම් එකට කිසිම වැඩක් නැහැ උන් හත කියන්නේ අටට පුතේ අට කිව්වොත් නවය වෙතේ කැත පුරුද්ද අත හරින්න බැහැ ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු ...//එකේක් නගින කොට ඉහළට ඇසේ කටු ඇනෙයි අනෙකට ඇඳ බිම හෙලයි පහළට නිස්සෝ සුදුස්සෝ වෙනකොට පුස්සෝ වැඩ දෙනව යමෙරෙට සෙතක් වෙයිද එහෙම රටකට ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු ...// බඩට නැතිවුනත් ලුණු කැඳ ඇගට ඕනමයි විල්ලුද ඒකයි උපරිම සන්තෝසේ නැති බැරි හිග.කම් මැද. බිය සැක ලෙඩ දුක විද විද පෙන්නයි ලෝකෙට පරකාසේ උන් පෙන්නයි ලෝකෙට පරකාසේ // ....නැගල අහස් යාන්තරෙ රැගෙන හිගන පාත්තරේ ලෝකෙ වටේ හිගමන් යනවා හිගමනට ලැබෙන දේ සුමිතුරේ සොමියට වැයවෙන අතරේ නම්බු කටුව බල්ලට යනවා රටේ නම්බු කටුව බල්ලට යනවා මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සූ ........මේ එදා 1989 අපි දුටු හැටි ... හේමප්‍රිය කණ්ඩම්බි,ලක්ෂිකා ෆොන්සේකා.දමිතා සළුවඩන,ලාල් පීරිස් ,ජයතිලක හේරත් ප්‍රේමදාස විතාන ,දොන් බොස්කෝ රංගනයෙන් දායකත්වය ලබාදුන් අතර සංගීතය රංජිත් නවරත්නගෙනි සමරු කලාපය කවරය නිර්මාණය සේනක නවරත්න....මා සතු සිනමා කෞතුකාගාරයේ ලෝකයටම වැඩදායක වන සම්පත් අති විශාල ප්‍රමානයක් ඇත. එය උපයෝගී කරගෙන දැනුම් විශ්වවිද්‍යාලයක් ගොඩනැගිය හැක.මාද මිය යනු ඇත. මෙය අනාගතයට නිධානයක් වනු ඇත. රජය, සංස්කෘතික අමාත්‍යාංශය.වගකිව යුතු අය නිදිය...ජනතාව ගේ අවබෝධය තුල මෙය ගොඩනැගීය හැකිය.ලෝකයේ වෙසෙන ජනතාව ගේ සහයෝගය මත ලෝකයටම සරිලන සිනමා කෞතුකාගාරයක් ශ්‍රී ලංකාවේ ගොඩනැගීය හැක සම්පත් සහ දැනුම. මාසතුව ඇත. හේමප්‍රිය කණ්ඩම්බි Donation : The Pioneering & Sole Hemapriya Kandambi Cinema Museum & Archive 8011626530 Commercial Bank Kadawatha Sri Lanka. E-mail [email protected] /www.filmgaraj.lk whats App :0777710564

Sheruya perera විසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචිත  "Turning Point "නව කතාව දොරට වැඩුම 2022.12.04 දින කැළැණිය Hotel Royal Gra...
14/12/2022

Sheruya perera විසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචිත "Turning Point "නව කතාව දොරට වැඩුම 2022.12.04 දින කැළැණිය Hotel Royal Grand හෝටලයේදී පැවැත්වුණි ඒ අවස්ථාවට සහභාගි වූ මොහොතේ...

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම සිනමා කෞතුකාගාරය ගැන  සාකච්ඡාවක... ආචාර්ය සරත් වීරසේකර ජාත්‍යන්තර චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන්...
07/12/2022

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම සිනමා කෞතුකාගාරය ගැන සාකච්ඡාවක... ආචාර්ය සරත් වීරසේකර ජාත්‍යන්තර චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් සහ හේමප්‍රිය කණ්ඩම්බ්....

Address


Alerts

Be the first to know and let us send you an email when Hemapriya Kandambi Cinema Archive posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hemapriya Kandambi Cinema Archive:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share