Tharu News

Tharu News Sri Lanka's trusted source. Fast, friendly, and accurate updates. Your news, our passion! 📰🌟 Welcome to Tharu News, your ultimate source for news in Sri Lanka!

ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති සඳහා ඔබේ අවසාන මූලාශ්‍රය වන Tharu News වෙත සාදරයෙන් පිළිගනිමු! තරුෂ නුවන්දික සහ ඔහුගේ දක්ෂ කණ්ඩායම විසින් මෙහෙයවන අපි සුවිශේෂී පුවත් අත්දැකීමක් ලබා දෙන්නෙමු. සිරස්තලවලට වඩා, අපි උණුසුම්, මිත්‍රශීලී වාතාවරණයක් නිර්මාණය කරමු, කරදරයකින් තොරව, ප්‍රවේශ විය හැකි ආකාරයෙන් ඔබව දැනුවත් කරමු. විශ්වාසනීය පුවත් පිළිගැනීමේ ප්‍රජාවක් හමුවන තරු පුවත් සමඟ ඔබේ මව්බිමට සම්බන්ධව සිටින්න. අදම

අප හා එක්වන්න! Led by Tharusha Nuwandika and his skilled team, we offer a unique news experience. More than just headlines, we create a warm, friendly atmosphere, keeping you informed in a hassle-free, approachable way. Stay connected to your homeland with Tharu News – where reliable news meets a welcoming community. Join us today! 📰🤗

⭕අද දිනයේ බංග්ලාදේශය සමග පැවති පන්දුවාර 20 තරඟයේදී අවමන්සහගත පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුනා.ශ්‍රී ලංකා ...
08/06/2024

⭕අද දිනයේ බංග්ලාදේශය සමග පැවති පන්දුවාර 20 තරඟයේදී අවමන්සහගත පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ දී කඩුලු 9ක් දැවී ලකණු 124 ක් රැස් කරගත් අතර පැතුම් නිස්සංක ලකුණු 47 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19 ක් තුළ ලකුණු 125 ක්.ලබාගෙන කඩුලු 2 කින් තරඟය ජයග්‍රහණය කරනු ලැබුවා

⭕ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා ඡන්ද විමස...
06/06/2024

⭕ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා ඡන්ද විමසීමක් සිදු වූ අතර එය වැඩි ඡන්ද 44 කින් සම්මත විය.

පනත් කෙටුම්පතට පක්ෂව මන්ත්‍රීවරුන් 103 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළ අතර විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ මන්ත්‍රීවරුන් 59 දෙනෙකු පමණයි.

⭕.ICC ලංකාව ගැන හිතයි.💥.දේශපාලන බලපෑම් හේතුවෙන් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අහෝසි කරමි...
28/01/2024

⭕.ICC ලංකාව ගැන හිතයි.

💥.දේශපාලන බලපෑම් හේතුවෙන් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අහෝසි කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබූ තහනම ඉවත්කිරීමට එම කවුන්සිලය තීරණය කර තිබෙනවා

⭕.නව වසරේ සිංහයෝ වැඩ අරඹන්න සූදානමින්💥.ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින...
06/01/2024

⭕.නව වසරේ සිංහයෝ වැඩ අරඹන්න සූදානමින්

💥.ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය අද (6) කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරඟය මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

කණ්ඩායම් 2 අතර එක්දින තරඟ 61ක් පවත්වා ඇති අතර තරඟ 47ක ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමත්, තරඟ 12ක ජයග්‍රහණය සිම්බාබ්වේ කණ්ඩායමත් හිමිකරගෙන තිබෙනවා.

තවත් තරඟ 2ක් විසඳුමකින් තොරව අවසන්ව තිබීම විශේෂත්වයක්.




⭕.ලාෆ්ස් ගෑසුත් ගණන් උස්සයි💥.අද (1) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් 12.5Kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ර...
01/01/2024

⭕.ලාෆ්ස් ගෑසුත් ගණන් උස්සයි

💥.අද (1) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් 12.5Kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 755කින් ද, 5Kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 305කින් ද, ඉහළ දමා තිබෙනවා.

ඒ, අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල නව මිල රුපියල් 4740ක් සහ රුපියල් 1900ක් ලෙසයි දැක්වෙන්නේ.




⭕.ලිට්‍රෝ ගණන් උස්සයි💥.12.5Kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 685කින් ද, 5Kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 276කි...
01/01/2024

⭕.ලිට්‍රෝ ගණන් උස්සයි

💥.12.5Kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 685කින් ද, 5Kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 276කින් ද, 2.3kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 127කින් ද ඉහළ දැමූ බව එහි සභාපති මුදිත පිරීස් මහතා ප්‍රකාශ කර සිටිනවා.

ඒ, අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල නව මිල රුපියල් 4250ක්, රුපියල් 1707ක් සහ රුපියල් 795ක් ලෙසයි දැක්වෙන්නේ




ඉන්ධන මිල ගණන් උස්සයිඅද (1) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාව විසින් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර...
01/01/2024

ඉන්ධන මිල ගණන් උස්සයි

අද (1) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාව විසින් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය මිල රුපියල් 20කින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 38කින්ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 29කින්ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 41කින්ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 11කින් අඩුකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 366 දක්වා ද, ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 464 දක්වා ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 358 දක්වා ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 41 දක්වා ද ඉහළ ගොස් තිබෙන අතර භූමිතෙල් ලීටරයක මිල රුපියල් 236 දක්වා ද අඩුවී තිබෙනවා.




සතුට උතුරන දුක් දොම්නස් අඩුවෙන සියලු පැතුම් ඉටුවෙන සුබම සුබ නව වසරක් වේවා! ❤️🥳🎆🎉🎊
31/12/2023

සතුට උතුරන දුක් දොම්නස් අඩුවෙන සියලු පැතුම් ඉටුවෙන සුබම සුබ නව වසරක් වේවා! ❤️🥳🎆🎉🎊

ඔබ සැමට පින්බර උදුවප් පොහෝ දිනයක් වේවා!! ❤😇
25/12/2023

ඔබ සැමට පින්බර උදුවප් පොහෝ දිනයක් වේවා!! ❤😇

සියලු දෙනාගේ සතුට සාමය වැඩිවන සුභම සුභ නත්තල් දිනයක් වේවා! 🎄❄️🎁
24/12/2023

සියලු දෙනාගේ සතුට සාමය වැඩිවන සුභම සුභ නත්තල් දිනයක් වේවා! 🎄❄️🎁

⭕.තරඟාවලි ජය තීරණය කරන සටන අද💥.දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ තුන්ව...
21/12/2023

⭕.තරඟාවලි ජය තීරණය කරන සටන අද

💥.දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ තුන්වෙනි එක්දින තරඟය අද (21) දකුණු අප්‍රිකාවේ බෝලන්ඩ් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

තරඟය මෙරට වේලාවෙන් පස්වරු 4.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

කණ්ඩායම් 2 අතර මේවනවිට තරඟ 92 ක් පවත්වා ඇති අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම තරඟ 51ක් ජයග්‍රහණය කර තිබෙන අතර ඉන්දීය කණ්ඩායම තරඟ 39ක් ජයග්‍රහණය කර තිබෙනවා.

මේවනවිට කණ්ඩායම් 2ම තරඟාවලියේ එක් තරඟය බැගින් ජයග්‍රහණය කර සම තත්ත්වයේ සිටිනවා.

කණ්ඩායම් දෙක අතර පැවැති දෙවැනි තරඟය කඩුලු 8කින් ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්වුණා.





⭕.චීනයට භූමිකම්පාවක්💥.චීනයේ ගුවාන්සූ ප්‍රාන්තයේ මැග්නිටියුඩ් ඒකක 5.9ක භූමිකම්පාවක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර...
19/12/2023

⭕.චීනයට භූමිකම්පාවක්

💥.චීනයේ ගුවාන්සූ ප්‍රාන්තයේ මැග්නිටියුඩ් ඒකක 5.9ක භූමිකම්පාවක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම භුමිකම්පාවෙන් පුද්ගලයන් 100කට වැඩි සංඛ්‍යාවක් ජීවීතක්ෂයට පත්ව ඇති අතර 200කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙන බව සඳහන්.



⭕.IPL ක්‍රීඩක වෙන්දේසිය අද💥.2024 ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් තෝරාගැනීම  සඳහා පැවැත්වෙන ක්‍රීඩ...
19/12/2023

⭕.IPL ක්‍රීඩක වෙන්දේසිය අද

💥.2024 ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් තෝරාගැනීම සඳහා පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය අද (19) ඩුබායි හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන් 333 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර ඉන් ක්‍රීඩකයන් දෙනෙකු තෝරාගැනීමට නියමිතයි.

ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 8 දෙනෙකු ද ලියාපදිංචි වී තිබෙනවා.

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය මාර්තු මාසයේදී ආරම්භ කිරීමට තරඟාවලි සංවිධායකයන් තීරණය කර තිබෙන බවට ද වාර්තා වනවා.



⭕.මොරටුව විශ්ව විද්‍යාලයේ ලොකු පුටුව වෙනස්වෙයි💥.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මොරටුව විශ්ව විද්‍යාලයේ නව කුලපති...
17/12/2023

⭕.මොරටුව විශ්ව විද්‍යාලයේ ලොකු පුටුව වෙනස්වෙයි

💥.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මොරටුව විශ්ව විද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස මහාචාර්ය මොන්ටි කාසීම් මහතාව පත්කිරීමට තීරණය කර තිබෙනවා.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වන මෙතුමා, කොළඹ විශ්ව විද්‍යාලයේ සහ ටෝකියෝ විශ්ව විද්‍යාලයේ උපාධිධාරීයෙක්.




⭕.ලෝක කුසලානයෙන් පසුව අද භාරතය එක්දින පිටියට💥.දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක්දින ...
17/12/2023

⭕.ලෝක කුසලානයෙන් පසුව අද භාරතය එක්දින පිටියට

💥.දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු එක්දින තරඟය අද (17) දකුණු අප්‍රිකාවේ වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

තරඟය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ලෝක කුසලාන තරඟාවලියෙන් පසුව කණ්ඩායම් 2 සහභාගී වන පළමු එක්දින තරඟාවලිය මෙයයි.

කණ්ඩායම් 2 අතර මේවනවිට තරඟ 91 ක් පවත්වා ඇති අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම තරඟ 50ක් ජයග්‍රහණය කර තිබෙන අතර ඉන්දීය කණ්ඩායම තරඟ 38ක් ජයග්‍රහණය කර තිබෙනවා.





⭕.ක්‍රිකට් නඩුව අවසන්💥.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රියාකාරීත්වය තහනම් කරමින් සහ අතුරු කමිටුවක් පත්කරමින් හිටපු ක්‍රීඩා...
15/12/2023

⭕.ක්‍රිකට් නඩුව අවසන්

💥.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රියාකාරීත්වය තහනම් කරමින් සහ අතුරු කමිටුවක් පත්කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කිරීමට කොළඹ අභියාචනාධිකරණය අද (13) නියෝග කර සිටියා.

ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා විසින් ඉදිරිපත් කෙරූ මූලික අයිතිවාසිකම් පෙත්සම දින ගණනාවක් පුරා අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දී විභාගයට ගැනුණා.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අභියාචනාධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර තිබීමෙන් පසුවයි නඩුව අවසන් කෙරුණේ.




⭕.පාසල් පැවැත්වෙන දින ගැන නිවේදනයක්💥.සියලුම රජයේ සිංහල, දෙමළ සහ මුස්ලිම් මාධ්‍ය පාසල් හා පිරිවෙන් 2024 අධ්‍යාපන කටයුතු අ...
15/12/2023

⭕.පාසල් පැවැත්වෙන දින ගැන නිවේදනයක්

💥.සියලුම රජයේ සිංහල, දෙමළ සහ මුස්ලිම් මාධ්‍ය පාසල් හා පිරිවෙන් 2024 අධ්‍යාපන කටයුතු අදියර කීපයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.

ඒ, අනුව සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල් හා පිරිවෙන් 2024 පෙබරවාරි 19 වැනිදා සිට අප්‍රේල් 10 දක්වා පළමු වාරයේ පළමුවන අදියර ලෙස අ, අප්‍රේල් 24 වැනිදා සිට මැයි මස 03 වැනිදා දක්වා පළමු වාරයේ දෙවැනි අදියර ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත අතර පළමු වාරයේ තෙවැනි අදියර 2024 ජුනි 10 වැනිදා සිට එම මාසයේ 25 වැනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.

2024 දෙවැනි පාසල් වාරය ජූලි මස 01 වැනිදා ආරම්භ වී සැප්තැම්බර් මස 13 වැනිදා අවසන් වීමට නියමිතව තිබෙනවා.

තෙවන පාසල් වාරයේ පළමු වන අදියර 2024 සැප්තැම්බර් 23 වැනිදා සිට නොවැම්බර් 22 වැනිදා දක්වා පැවැත්වෙන අතර එම වාරයේ දෙවැනි අදියර 2025 ජනවාරි මස 02 වැනිදා සිට මාසයේම 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මේ අතර මුස්ලිම් පාසල් පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන්ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව පළමු වාරයේ පළමු වන අදියර 2024 පෙබරවාරි මස 19 වැනිදා සිට මාර්තු 07 වැනිදා දක්වාද, දෙවැනි අදියර අප්‍රේල් 15 සිට මැයි 03 වැනිදා දක්වාද ක්‍රියාත්මක වන අතර පළමු වාරයේ තෙවැනි අදියර 2024 ජුනි 10 වැනිදා සිට ජූලි 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

2024 දෙවැනි පාසල් වාරය ජූලි 08 වැනිදා ආරම්භ වී සැප්තැම්බර් 13 වැනිදා අවසන්වීමට නියමිතව තිබෙනවා.

සියලුම මුස්ලිම් පාසල්වල තුන්වන වාරයද අදියර දෙකකින් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව තෙවැනි වාරයේ පළමුවන අදියර 2024 සැප්තැම්බර් මස 23 වැනිදා ආරම්භ වී දෙසැම්බර් මස 11 වැනිදා දක්වාද, දෙවැනි අදියර 2025 ජනවාරි මස 02 වැනිදා සිට එම මාසයේ 31 වැනිදා දක්වාද ක්‍රියාත්මක වීමට නියමිතයි.



⭕.සූර්යා සහ කුල්දීප් භාරතයට ජයගෙනෙයි💥.ඊයේ (14) ජොහැන්ස්බර්ග් හි පැවැති දකුණු අප්‍රිකා - ඉන්දීය අවසන් විස්සයි විස්ස තරඟයෙ...
15/12/2023

⭕.සූර්යා සහ කුල්දීප් භාරතයට ජයගෙනෙයි

💥.ඊයේ (14) ජොහැන්ස්බර්ග් හි පැවැති දකුණු අප්‍රිකා - ඉන්දීය අවසන් විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 106ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 201ක් රැස්කළා.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක සූර්යාකුමාර් යාදෙව් ශතකයක් රැස්කළ අතර ආරම්භක පිතිකරු යසස්වී ජයිස්වාල් අර්ධශතකයක් රැස්කළා.

පන්දුයැවීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් කේෂව් මහරාජ් සහ ලිසාර්ඩ් විලියම්ස් අතරේ කඩුලු 2 බැගින් බෙදිගීයා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 13.5කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවුණේ ලකුණු 95ක් පමණයි.

ඩේවිඩ් මිලර් ලකුණු 35ක් සහ නායක ඒඩන් මක්‍රම් ලකුණු 25ක් රැස්කළ අතර අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාවට පැමිණිමට ඉන්දීය පන්දුයවන්නන් ඉඩ ලබාදීම විශේෂත්වයක්.

විශිෂ්ඨ පන්දුයැවීමක නිරත වූ කුල්දීප් යාදෙව් ලකුණු 17කට කඩුලු 5ක් දවාගැනීමට සමත්වුණා.

ඒ, අනුව තරඟාවලිය 1 - 1 ලෙස සම මට්ටමෙන් අවසන් වුණා.





⭕.මහින්දගේ මිනිස්සු අද සුගතදාසයට💥.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවස්තරයට සමගාමීව පැවැත්වෙන පක්ෂ සම්මේලනය අද (15) කොළඹ සුගතද...
15/12/2023

⭕.මහින්දගේ මිනිස්සු අද සුගතදාසයට

💥.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවස්තරයට සමගාමීව පැවැත්වෙන පක්ෂ සම්මේලනය අද (15) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

හිටපු ජනාධිපති, පක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ප්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ ඇතුළු පක්ෂ ප්‍රධානීන් මෙම සම්මේලනයට සහභාගී වීමට නියමිතයි.




⭕.කලකට පසු කැන්ගරුවෝ ටෙස්ට් පිටියට🌟.ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ...
14/12/2023

⭕.කලකට පසු කැන්ගරුවෝ ටෙස්ට් පිටියට

🌟.ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය අද (14) පර්ත් හී ඔප්ටස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරඟය මෙරට වේලාවෙන් පෙරවරු 7.50ට ආරම්භ වීමට නියමිතයි.

කණ්ඩායම් 2 අතර මේවනවිට ටෙස්ට් තරඟ 69ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 34ක ජය ඔස්ට්‍රේලියානු කණ්ඩායම හිමිකරගෙන තිබෙන අතර පාකිස්ථාන කණ්ඩායම තරඟ 15ක් ජයග්‍රහණය කර තිබෙනවා.

අවසන් වරට ටෙස්ට් තරඟයකදී කණ්ඩායම් 2 එකිනෙකා මුණගැසුණේ පසුගිය වසරේ මාර්තු මාසයේදී.

මෙම තරඟාවලිය 2023 - 25 ලෝක ශුරතා ටෙස්ට් තරඟාවලියට අයත් තරඟාවලියක් ද වනවා.





⭕.තෙවෙනි විස්සයි විස්ස සටන අද💥.ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත විස්සයි විස්...
14/12/2023

⭕.තෙවෙනි විස්සයි විස්ස සටන අද

💥.ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ තුන්වෙනි විස්සයි විස්ස තරඟය අද (14) පැවැත්වෙනවා.

තරඟය දකුණු අප්‍රිකාවේ වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් පස්වරු 8.30 ආරම්භ වීමට නියමිතයි.

කණ්ඩායම් 2 අතර ශාන්ත ජෝර්ජීයා හිදී පැවැති දෙවැනි විස්සයි විස්ස තරඟය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 5කින් ජයගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්වුණා.

කණ්ඩායම් 2 අතර මේ දක්වා විස්සයි විස්ස තරඟ 25ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 13ක ජය ඉන්දීය කණ්ඩායම ද, තරඟ 11ක ජයග්‍රහණය දකුණු අප්‍රිකානු කණ්ඩායම ද වාර්තා කර තිබෙනවා.





⭕.තවදුරටත් රිමාන්ඩ් කෙරුණු ජෙරම්💥.බුදුදහමට සහ අන්‍ය ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් පසුගිය 1වෙනිද...
13/12/2023

⭕.තවදුරටත් රිමාන්ඩ් කෙරුණු ජෙරම්

💥.බුදුදහමට සහ අන්‍ය ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් පසුගිය 1වෙනිදා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් දේවගැති ජෙරම් ප්‍රනාන්දු එළඹෙන දෙසැම්බර් 27 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කර සිටියා.



⭕.IMF දෙවැනි වාරිකයට අනුමැතිය💥.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය ...
13/12/2023

⭕.IMF දෙවැනි වාරිකයට අනුමැතිය

💥.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළඹි මාස 48 ක විස්තීරණ අරමුදල් පහසුකම යටතේ පළමු සමාලෝචනය සම්පූර්ණය කිරීමෙන් අනතුරුවයි.

මේ අතර එම අරමුදලේ විධායක මණ්ඩලය පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව පෙන්නුම් කර ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමට පත්වන බව ද දක්වා තිබෙනවා.




Address


Telephone

+94775035564

Website

Alerts

Be the first to know and let us send you an email when Tharu News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tharu News:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share