19/04/2022
ප්රචණ්ඩත්වයද අවුල්?
හරි. මොකක්ද ප්රචණ්ඩත්වය කියන්නෙ?
මට ගෝල්ෆේස් එකේ උද්ඝෝෂණයට යන්න පුලුවන් එකයි, ආණ්ඩුවට මං තරම්ම විරුද්ධ වුනත් ජීවන සටන නිසා එතනට යන්න බැරුව දහ දුක් විඳින ජීවිතයකුයි සැසඳුවම තේරෙන්නැද්ද මේ ක්රමයම ප්රචණ්ඩයි කියල. මටයි එහෙම කෙනෙක්ටයි විරෝධය පාන්න තියෙන හැකියාව ප්ලේස් වෙන්නෙම තැන් දෙකක.
මේ මහ පොළවේ උපන් ජීවිත දෙකකට දූෂිත ක්රමයකට විරෝධය දක්වන්න හැකි වීමම, නොහැකි වීමම වරප්රසාද පිළිබඳ ප්රශ්නයක්!
ඒ නොහැකියාවම සමාජ ක්රමය විසින් ප්රචණ්ඩත්වයකට යටත් කිරීමක් නෙමෙයිද?
මං කියන බහුබූතෙ තේරෙනවද දන්නෑ. කොහොම හරි එහෙම ප්රචණ්ඩත්වයකට යටත්ව ගෙවුන ජීවිතයක් තම පැවැත්ම තර්ජනයට ලක්වෙලා පුපුරා යද්දි ඒ පුපුරා යාමට ගයිඩ් ලයින් දෙන්න මට තියෙන සදාචාරාත්මක අයිතිය මොකක්ද?
"Nobody panics when things go according to the plan, even if the plan if horrifying" - Joker
සිස්ටමැටික් ප්රචණ්ඩත්වයට ජීවිත කාලයම හිරකාරයො වෙලා හිටිය මිනිස්සු පුපුරා යද්දි... ඒකෙ දිග පළල හොයන්න අයිතිය තියෙන්නෙ කාටද?.