04/02/2024
https://www.youtube.com/watch?v=1EixOMntNRg&t=1370s
The Buddhist Economy is what the Buddha preached on Economy, the righteous earning and spending the wealth righteously.
This is a dhamma magazine which brings you enlightenment. We brings you dhamma preached by An ariyasawaka.
https://www.youtube.com/watch?v=1EixOMntNRg&t=1370s
The Buddhist Economy is what the Buddha preached on Economy, the righteous earning and spending the wealth righteously.
https://www.youtube.com/watch?v=nEfSsK1Hwko&t=640s
How the social suffering arises ? Paticcasamuppadayata anuwa samajagatha duka athiwana ayuru vistara we.
https://www.youtube.com/watch?v=0EtZfAk8kTU&t=476s
Sahassa Vagga a chapter of Dhammapada text. It brings the Buddha's teachings. One is better than a thousand.
පොතලිය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ අංගුත්තරාප නම් ජනපදයෙහි අංගුත්තරාප නම් දනව් වැස්සන්ගේ ආපණ නම් නියම් ගමෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳපෙරවා පාසිවුරු ගෙන ආපන නම් නියම් ගමට පිඩු පිණිස වැඩියහ. ආපණ නම් නියම් ගමෙහි පිඩු පිණිස හැසිර බතින් පසු කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ එක්තරා වන ලැහැබක් යම් තැනෙක්හිද එතැනට දිවා විහරණය (දවල් විවේකය) පිණිස වැඩියහ.
ඒ වන ලැහැබට ඇතුල්ව එක්තරා ගසක්මුල දිවා විහරණය සඳහා වැඩහුන්හ. පොතලිය නම් ගෘහපතිතෙමේද සම්පූර්ණ හැඳීම් පෙරවීම් ඇත්තේ කුඩයෙන් හා පාවහන් වලින් යුක්තව පා ගමනින් සක්මන් කරන්නේ ඒ වනලැහැබ යම් තැනෙක්හිද එතැනට ගියේය. ඒ වන ලැහැබට ඇතුල්ව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය.
පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු වියයුතු වූ සිහි කටයුතු වූ කථාව කොට නිමවා එක් පැත්තක සිටියේය. එක් පැත්තක සිටියාවූම පොතලිය ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ “ගෘහපතිය, ආසන ඇත්තාහ. ඉදින් කැමැත්තෙහි නම් ඉඳ ගනුව”යි කීහ. මෙසේ කී කල්හි පොතලිය ගෘහපති තෙම “මට ශ්‍රමණ ගෞතමතෙම ගෘහපති වාදයෙන් (ගෘහපතියාය කීමෙන්) කථා කරයි” කියා කිපුනේ නොසතුටු සිත් ඇත්තේ නිශ්ශබ්ද වූයේය. දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ පොතලිය ගෘහපතියාට මෙසේ කීහ. “ගෘහපතිය, ආසන ඇත්තාහ. ඉදින් කැමැත්තෙහි නම් ඉඳ ගනුව”යි කීහ. දෙවනුවද පොතලිය ගෘහපතිතෙම මට ශ්‍රමණ ගෞතම තෙම ගෘහපති වාදයෙන් කථාකරන්නේය”යි කිපුනේ නො සතුටු සිත් ඇත්තේ නිශ්ශබ්ද වූයේය. තුන් වෙනුවද භාග්‍යවතුන් වහන්සේ පොතලිය නම් ගෘහපතියාට මෙසේ කීහ. “ගෘහපතිය, ආසන ඇත්තාහ, ඉදින් කැමැත්තෙහි නම් ඉඳ ගනුව” මෙසේ කීකල්හි පොතලිය නම් ගෘහපති තෙම මට ශ්‍රමණ ගෞතම තෙම ගෘහපති වාදයෙන් කථා කරන්නේය”යි කිපුනේ නො සතුටු සිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේට, “භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ මට ගෘහපති වාදයෙන් කථා කෙරෙහිය යන යමක් වේද ඒ මේ කාරණය නුසුදුසුය, ඒ මේ කාරණය නොගැලපේ”යයි කීය.
“ගෘහපතිය, තොපගේ ආකාරයද, සටහණද ලකුණුද ගෘහ පතියෙකුගේ මෙනි.”
“භවත් ගෞතමයන් වහන්ස, එසේද වුවත් මා විසින් සියළු කර්මාන්තයෝ අත්හරින ලද්දාහ. සියළු ව්‍යවහාරයෝ (වෙළ හෙළඳාම්) සිඳ දමන ලද්දාහ.”
“ගෘහපතිය, කෙසේ නම් තා විසින් සියළු කර්මාන්තයෝ අත්හරින ලද්දාහුද? සියලු ව්‍යවහාරයෝ (වෙළහෙළඳාම්) සිඳ දමන ලද්දාහුද?”
“භවත් ගෞතමයන් වහන්ස, මෙහි මාගේ ධනයක් හෝ ධාන්‍යයක් හෝ රිදීවූවක් හෝ රත්‍රන් වූවක් හෝ යමක් ඇද්ද ඒ සියල්ල පුත්‍රයන්ට දායාද කොට පාවා දෙන ලදී. එහි මම මෙසේ කරවයි, අවවාද නොකරන්නෙම් නම් මෙසේ නොකරවයි නැවත නොකියන්නෙම් නම් කෑම ඇඳීම ලැබීම පමණක් ඇත්තේ වාසය කරමි. භවත් ගෞතමයන් වහන්ස, මෙසේ වනාහි මා විසින් සියළු කර්මාන්තයෝ අත්හැරීම කරන ලද්දාහ. සියළු ව්‍යවහාරයෝ (වෙළ හෙළඳාම්) සිඳ දමන ලද්දාහ”යි කීයේය. “ගෘහපතිය, නුඹ කියන ව්‍යවහාර සිඳීම වෙන ආකාරයකින් වේ, ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාරයන්ගේ සිඳීම වෙන ආකාරයකින් වේ.”
“ස්වාමීනි, කෙසේ නම් ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාරයන්ගේ සිඳීම වේද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම්සේ ආර්‍ය්‍ය විනයයෙහි ව්‍යවහාරයන්ගේ සිඳීම වේද, මට එසේ ධර්මය දේශනා කරත්වා”යි (ඉල්ලාසිටියේය.)
“ගෘහපතිය, එසේ නම් අසව, යහපත් කොට මෙනෙහි කරව. කියන්නෙමි”යි, වදාළහ. “ස්වාමීනි, එසේය”යි කියා පොතලිය ගෘහපතිතෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය ප්‍රකාශ කළහ.
32
“ගෘහපතිය, මේ ධර්ම අටක් ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාර සිඳීම පිණිස පවතිත්, කවර අටක්ද යත්: සතුන් නොමැරීම නිසා සතුන් මැරීම දුරුකටයුතුය, දුන්දෙය ගැනීම නිසා නුදුන්දෙය ගැනීම දුරුකටයුතුය, ඇත්තකීම නිසා බොරු කීම දුරුකටයුතුය, කේලාම් නොකීම නිසා කේලාම් කීම දුරු කටයුතුය, ගිජුවීමයයි කියන ලද ලෝභය නොකිරීම නිසා ගිජුවීමයයි කියන ලද ලෝභය දුරුකටයුතුය, නින්දා කිරීමෙන් නොගැටීම නිසා නින්දා කිරීමෙන් ගැටීම දුරු කටයුතුය, ක්‍රෝධයවූ දැඩි වෙහෙස නොකිරීම නිසා ක්‍රෝධය වූ දැඩි වෙහෙස දුරු කටයුතුය, අධික මානය නොකිරීම නිසා අධික මානය දුරු කටයුතුය. ගෘහපතිය, සංක්ෂෙපයෙන් කියන ලද විස්තර වසයෙන් විභාග නොකරන ලද මේ ධර්ම අට ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාර සිඳීම පිණිස පවතිත්” යයි වදාළහ.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ ධර්ම අටක් සංක්ෂෙපයෙන් කියන ලද්දාහු විස්තර වශයෙන් විභාග නොකරන ලද්දාහු ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාර සමුච්ඡෙදය පිණිස පවතිත්ද, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ ධර්ම අට මට අනුකම්පා පිණිස විස්තර වසයෙන් විභාග කෙරෙත්වා”යි කීයේය.
“ගෘහපතිය, එසේ වීනම් අසව, යහපත් කොට මෙනෙහි කරව, කියන්නෙමි”යි වදාළහ. “ස්වාමීනි, එසේය”යි කියා පොතලිය ගෘහපතිතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
33
“ප්‍රාණඝාත නොකිරීම නිසා ප්‍රාණඝාතය දුරුකටයුතු යයි, මෙසේ වනාහී මෙය කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම මෙසේ සලකයි. යම් සංයෝජන කෙනෙකුන්ගේ හේතුවෙන් මම ප්‍රාණඝාත කරන්නෙක් වන්නෙම්ද ඒ සංයෝජනයන්ගේ දුරුකිරීම පිණිස, නැසීම පිණිස මම පිළිපන්නෙක් වෙමි. මමද වනාහි ප්‍රාණඝාත කරන්නෙක් වන්නෙම් නම් තෙමේද තම හට ප්‍රාණඝාත කිරීම නිසා ගරහන්නේය. දැන ගෙණ නුවණැත්තෝද, ප්‍රාණඝාතය නිසා ගරහන්නාහුය. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි ප්‍රාණඝාත හේතුවෙන් දුර්ගතියද කැමති විය යුත්තීය. යම් මේ ප්‍රාණඝාතයක් වේද, එයම සංයෝජනය වෙයි, එයම නීවරණයද වෙයි, දුක්වූ දැවිලි ඇති යම් ආශ්‍රව කෙනෙකුත් ප්‍රාණඝාත හේතුවෙන් උපදින්නාහුද, ප්‍රාණඝාතයෙන් වැළකුනාවූ මොහුට මෙසේ ඒ දුක්වූ දැවිලි ඇති ආශ්‍රවයෝද නොවෙත්. ප්‍රාණඝාත නොකිරීම නිසා ප්‍රාණඝාතය දුරුකටයුතුයි යන ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.
34
“දුන්දෙය ගැනීම නිසා නුදුන් දෙය ගැනීම දුරුකට යුතුයයි මෙසේ වනාහී මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම මෙසේ සලකන්නේය. යම් සංයෝජන කෙනෙකුන්ගේ හේතුවෙන් මම නුදුන් දෙය ගන්නෙක් වන්නෙම්ද මම ඒ සංයෝජනයන්ගේ දුරුකිරීම පිණිස, නැසීම පිණිස පිළිපන්නෙක් වෙමි. මමද වනාහී නුදුන් දෙය ගන්නෙක් වීනම් තමාද තමහට නුදුන් දෙය ගැනීම නිසා ගරහන්නේය. නුදුන් දෙය ගැනීම නිසා නුවණැත්තෝද දැන ගෙන ගරහන්නාහුය. නුදුන් දෙය ගැනීම නිසා ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු දුර්ගතියද කැමතිවිය යුත්තීය. යම් මේ නුදුන් දෙය ගැණීමක්වේද එයම සංයෝජනයද වේ. එයම නීවරණයද වේ. නුදුන් දෙය ගැනීම නිසා දුක්වූ දැවිලි ඇති යම් ආශ්‍රව කෙනෙකුත් උපදින්නාහුද නුදුන් දෙය ගැනීමෙන් වැලකුණාවූ මොහුට මෙසේ දුක්වූ දැවිලි ඇති ඒ ආශ්‍රවයෝද නො වෙත්. දුන් දෙය ගැනීම නිසා නුදුන් දෙය ගැනීම දුරුකටයුතුයයි මෙසේ ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියනලදී.
35
“සත්‍යවූ වචනය නිසා බොරු කීම දුරුකට යුතුයයි මෙසේ මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම මෙසේ සලකන්නේය. මම වනාහි යම් සංයොජන කෙනෙකුන්ගේ හේතුවෙන් බොරු කියන්නෙක් වන්නෙම්ද මම ඒ සංයොජනයන්ගේ දුරු කිරීම පිණිස, නැසීම පිණිස පිළිපන්නේ වෙමි. මමද වනාහි බොරු කියන්නෙක් වන්නෙම් නම් තමාද තමහට බොරුකීම නිසා ගරහන්නේය. නුවණැත්තෝද දැනගෙන බොරු කීම නිසා ගරහන්නාහුය. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු බොරු කීම හේතු කොට දූර්ගතිය කැමතිවිය යුත්තීය. යම් මේ මුසාවාදයක්වේද එයම සංයොජනය වේ. එයම නීවරණයද වේ. මුසාවාද හේතුවෙන් දුක්වූ දැවිලි ඇති යම් ආශ්‍රව කෙනෙකුත් උපදින්නාහුද මුසාවාදයෙන් වැලකුනාවූ මොහුට මෙසේ ඒ දුක්වූ දැවිලි ඇති ආශ්‍රවයෝද නො වෙත්. සත්‍යවූ වචනය නිසා මුසාවාදය දුරුකට යුතුයයි, මෙසේ ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදි.
36
“කේලාම් නොකීම නිසා කේලාම් කීම දුරුකට යුතුයයි මෙසේ මෙය කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම මෙසේ සලකන්නේය. මම වනාහි යම් සංයොජන කෙනෙකුන්ගේ හේතුවෙන් කේලාම් කියන්නෙක් වන්නෙම්ද මම ඒ සංයොජනයන්ගේ දුරුකිරීම පිණිස, නැසීම පිණිස පිළිපන්නේ වෙමි. මමද වනාහී කේලාම් කියන්නෙක් වන්නෙම් නම් තමාද තමහට කේලාම් කීම හේතු කොට ගරහන්නේය. නුවණැත්තෝද දැන ගෙණ කේලාම් කීම හේතු කොට ගරහන්නා හුය. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි කේලාම් කීම හේතු කොට දුර්ගතිය කැමතිවිය යුත්තීය. යම් මේ කේලාම් කීමක් වේද එයම සංයොජනයවෙයි. එයම නීවරණයද වේ. කේලාම් කීම හේතු කොට දුක්වූ දැවිලි ඇති යම් ආශ්‍රව කෙනෙකුත් උපදින්නාහුද කේලාම් කීමෙන් වැලකුනාවූ මොහුට මෙසේ දුක්වූ දැවිලි ඇති ඒ ආශ්‍රවයෝද නොවෙත් කේලාම් නොකීම නිසා කේලාම් කීම දුරුකට යුතුයයි මෙසේ ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියනලදී.
37
“ලෝභයෙන් ගිජුවීම නිසා ලෝභයෙන් ගිජුවීම දුරු කටයුතු යයි, මෙසේ මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ සලකන්නේය. මම වනාහි යම් සංයොජන කෙනෙකුන්ගේ හේතුවෙන් ලෝභයෙන් ගිජුවීම ඇත්තෙක් වන්නෙම්ද මම ඒ සංයොජනයන්ගේ දුරු කිරීම පිණිස, නැසීම පිණිස පිළිපන්නේ වෙමි. මමද වනාහි ලෝභයෙන් ගිජු වන්නෙම් නම් තමාද තමහට ලෝභයෙන් ගිජුවීම නිසා ගරහන්නේය. නුවණැත්තෝද දැන ගෙන ලෝභයෙන් ගිජුවීම නිසා ගරහන්නාහුය. ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි ලෝභයෙන් ගිජුවීම නිසා දුර්ගතිය කැමති විය යුත්තීය. යම් මේ ලෝභයෙන් ගිජුවීමක් වේද, එයම සංයොජනයද වේ, එයම නීවරණයද වේ, ලෝභයෙන් ගිජුවීම නිසා දුක් වූ දැවිලි ඇති යම් ආශ්‍රවකෙනෙකුත් උපදින්නාහුද ලෝභයෙන් ගිජුවීම නැත්තාවූ මොහුට මෙසේ දුක්වූ දැවිලි ඇති ඒ ආශ්‍රවයෝද නොවෙත්. ලෝභයෙන් ගිජු නොවීම නිසා ගිජුවන ලෝභය දුරු කටයුතුයයි, මෙසේ ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.
38
“නින්දා නොකිරීම හා නොකිපීම නිසා නින්දා කිරීම හා කිපීම දුරුකට යුතුයයි, මෙසේ මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ සලකයි. මම වනාහී යම් සංයොජන කෙනෙකුන්ගේ හේතුවෙන් නින්දා කිරීම හා කිපීම ඇත්තෙක් වන්නෙම්ද මම ඒ සංයොජනයන්ගේ දුරු කිරීම පිණිස, නැසීම පිණිස පිළිපන්නේ වෙමි. මමද වනාහි නින්දා කිරීම හා කිපීම ඇත්තෙක් වන්නෙම් නම් තෙමේද තමහට ගරහන්නේය. නුවණැත්තෝද දැනගෙන නින්දා කිරීම හා කිපීම නිසා ගරහන්නාහුය. ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි නින්දා කිරීම හා කිපීම නිසා දුර්ගතිය කැමති විය යුත්තීය. යම් මේ නින්දා කිරීම හා කිපීමක් වේද මෙයම සංයොජනය වේ. මෙයම නීවරණයද වේ. නින්දා කිරීම හා කිපීම නිසා දුක්වූ දැවිලි ඇති යම් ආශ්‍රව කෙනෙකුත් උපදින්නාහුද, නින්දා කිරීම හා කිපීම නැත්තාවූ මොහුට මෙසේ දුක්වූ දැවිලි ඇති ඒ ආශ්‍රවයෝ නොවෙත්. නින්දා නොකිරීම නොකිපීම නිසා නින්දා කිරීම කිපීම දුරු කට යුතුයයි, මෙසේ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.
39
“දැඩි ක්‍රොධ නොකිරීමෙන් දැඩි ක්‍රොධ කිරීම දුරුකට යුතුයයි, මෙසේ මෙය කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ සලකයි. ‘මම වනාහී යම් සංයොජන කෙනෙකුන්ගේ හේතුවෙන් දැඩි ක්‍රොධ ඇත්තෙක් වන්නෙම් නම් මම ඒ සංයෝජනයන්ගේ දුරුකිරීම පිණිස නැසීම පිණිස පිළිපන්නේ වෙමි. මමද වනාහි දැඩි ක්‍රොධ ඇත්තෙක් වන්නෙම් නම් තෙමේද තමහට දැඩි ක්‍රෝධය නිසා ගරහන්නේය. නුවණැත්තෝද දැන ගෙන දැඩි ක්‍රෝධය නිසා ගර්හා කරන්නාහුය. ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි දැඩි ක්‍රෝධය නිසා දුර්ගතිය කැමති විය යුත්තීය. යම් මේ දැඩි ක්‍රෝධයක් වේද, මෙයම සංයොජනය වේ මෙයම නිවරණයද වේ. දැඩිවූ ක්‍රෝධය නිසා දුක්වූ දැවිලි ඇති යම් ආශ්‍රව කෙනෙකුත් උපදින්නාහුද, දැඩි ක්‍රෝධය නැත්තාවූ මොහුට මෙසේ දුක්වූ දැවිලි ඇති ඒ ආශ්‍රවයෝද නොවෙත්. දැඩි කොධය නොකිරීම නිසා දැඩි ක්‍රෝධය දුරු කටයුතුයයි මෙසේ ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.
40
“අධික මානය නොකිරීම නිසා අධික මානය දුරු කටයුත්තේයයි, මෙසේ මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ සලකයි. මම වනාහි යම් සංයෝජන කෙනෙකුන්ගේ හේතුවෙන් අධික මානය ඇත්තෙක් වන්නෙම්ද. මම ඒ සංයෝජනයන්ගේ දුරුකිරීම පිණිස, නැසීම පිණිස පිළිපන්නේ වෙමි. මමද වනාහි අධික මානය ඇත්තෙක් වන්නෙම් නම් තෙමේද තමහට අධික මාන හේතුවෙන් ගරහන්නේය. නුවණැත්තෝද දැනගෙන අධික මාන හේතුවෙන් ගරහන්නාහුය. ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි අධික මාන හේතුවෙන් දුර්ගතිය කැමති විය යුත්තීය. යම් මේ අධික මානයක් වේද, එයම සංයෝජනයවේ, එයම නීවරණයදවේ, අධික මාන හේතුවෙන් දුක්වූ දැවිලි ඇති යම් ආශ්‍රව කෙනෙකුත් උපදින්නාහුද, අධික මානය නැත්තාවූ මොහුට මෙසේ දුක්වූ දැවිලි ඇති ඒ ආශ්‍රවයෝ නොවෙත්. අධික මානය නොකිරීම නිසා අධික මානය දුරුකටයුතුයයි, මෙසේ ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.
41
“ගෘහපතිය, ආර්‍ය්‍ය විනයෙහි යම් ධර්ම කෙනෙක් ව්‍යවහාර සමුච්ඡෙදය පිණිස පවතිත්ද, සංක්ෂෙපයෙන් කියන ලද්දාවූ මේ ධර්ම අට විස්තර වසයෙන් විභාග කරන ලදහ. එපමණකින්ම ආර්‍ය්‍ය විනයෙහි සර්වප්‍රකාරයෙන් සියල්ල සියලු ආකාරයෙන් ව්‍යවහාරයන්ගේ සිඳීම නොවේමය”යි වදාළහ.
“ස්වාමීනි, කෙසේ නම් ආර්‍ය්‍ය විනයෙහි සර්වප්‍රකාරයෙන් සියළු ආකාරයෙන් ව්‍යවහාරයන්ගේ සිඳීම වේද, ස්වාමීනි, යම්සේ ආර්‍ය්‍ය විනයයෙහි සර්වප්‍රකාරයෙන් සියළු ආකාරයෙන් ව්‍යවහාර සමුච්ඡෙදය වේද, භාග්‍යවතුන් වහන්සේ මට එසේ ධර්මය දේශනා කෙරේවා”යි කීය. “ගෘහපතිය, එසේවී නම් අසව, යහපත් කොට මෙනෙහි කරව, කියන්නෙමි”යි වදාළහ. “ස්වාමීනි, එසේය”යි පොතලිය ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ
42
“ගෘහපතිය, යම්සේ බඩගිනි දුබල බැවින් පෙළුනාවූ බල්ලෙක් ගවයන් මරණ මස් ලොඹුවක් ලඟට ගොස් සිටියේ වේද, ඌට දක්ෂවූ ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ මොනවට කපනලද මස් නැති, ලේ තැවරුණු ඇට කැබැල්ලක් ලඟට දමන්නේය, ගෘහපතිය, ඒ කුමකැයි හඟන්නෙහිද? ඒ බල්ලා මොනවට කපනලද මස් නැති, ලේ තැවරුණු ඒ ඇට කටුව ලෙවකන්නේ බඩ ගින්නෙන්වූ දුර්වලකම දුරු කරන්නේ දැ”යි? (ඇසූහ)
“ස්වාමීනි, එය නොවේමය.”
“එයට හේතු කවරේද?”
“ස්වාමීනි, ඒ ඇටකටුව වනාහී මොනවට කපන ලද්දාවූ මස්නැති ලේ තැවරුණක් වෙයි. ඒ බල්ලා වනාහී ඉතා වැඩියක්ම වෙහෙසීමට දුකට කොටස් කාරයෙක් වන්නේය”යි (කීය.) “ගෘහපතිය, එපරිද්දෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ සලකයි. කාමයෝ ඇට සැකිල්ලකට බඳු උපමා ඇත්තාහුය. බොහෝ දුක් ඇත්තාහුය. බොහෝ වෙහෙස ඇත්තාහුය. මෙහි ආදීනව බොහෝයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදහ. මෙසේ මෙය ඇති සැටියෙන් මනා නුවණින් දැක නා නා ස්වභාව ඇත්තාවූ, නා නා ස්වභාව ඇසුරු කළාවූ යම් මේ (පඤ්චකාම ගුණයන්හිවූ) උපෙක්ෂාවක් වේද, එය දුරු කොට ඒක ස්වභාව ඇත්තාවූ ඒකත්වය ඇසුරු කළාවූ යම් මේ (චතුර්ථධ්‍යානයෙන්වූ) උපෙක්ෂාවක් වේද, යම් තැනෙක්හි සියළු ආකාරයෙන් ලොකාමිසයයි කියනලද පඤ්ච කාම ගුණයන් දැඩිව අල්වා ගැනීම් ඉතිරි නැතිව නැති වෙත්ද ඒ උපෙක්ෂාවම වඩයි.
43
“ගෘහපතිය, යම්සේ ගිජුලිහිණියෙක් හෝ ලෝ තුඩුවෙක් හෝ උකුස්සෙක් හෝ මස් පිඩක්ගෙන පියාඹන්නේද, ඌ ගිජු ලිහිණියෝද ලෝ තුඩුවෝද උකුස්සෝද ලුහුබඳිමින් මුව තුඩින් ඇන ඇන යන්නාහුද, මස් පිඩ ඇද බිම හෙලන්නාහුද, ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද? ඉදින් ඒ ගිජුලිහිණියා හෝ ලෝතුඩුවා හෝ උකුස්සා හෝ ඒ මස්පිඩ වහාම නොදමන්නේ නම් හෙතෙම ඒ හේතුවෙන් මරණයට හෝ පැමිණෙන්නේද? මරණය සමාන දුකට හෝ පැමිණෙන්නේ දැ”යි? (ඇසූහ.)
“ස්වාමීනි, එසේය”
“ගෘහපතිය, එපරිද්දෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ සලකයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මස් පිඩකට බඳුවූ කාමයෝ බොහෝ දුක් ඇත්තාහුය, බොහෝ වෙහෙස ඇත්තාහුය, මෙහි ආදීනව බොහෝයයි වදාරණ ලද්දාහුය. මෙසේ මෙය ඇතිසැටියෙන් යහපත් නුවණින් දැක යම් මේ නොයෙක් ස්වභාව ඇති නා නාත්වය ඇසුරුකළාවූ උපෙක්ෂාවක් වේද එය දුරුකොට යම් මේ එකත්වය ඇත්තාවූ එකත්වය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, යම් තැනක සියළු ආකාරයෙන් ලොකාමිසයන් දැඩිකොට ගැනීම ඉතිරි නැතිව නැති වේද ඒ උපෙක්ෂාවම වඩයි.
44
“ගෘහපතිය, යම්සේ පුරුෂයෙක්තෙම ඇවුලුනාවූ තණසුලක් ගෙණ උඩුසුලඟට යන්නේද, ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද? ඉදින් ඒ පුරුෂතෙම ඒ ඇවිලගත් තණ සුල ඔහුගේ අත හෝ දවන්නේය. බාහුව හෝ දවන්නේය. වෙනයම් අවයවයක් හෝ දවන්නේය. හෙතෙම ඒ හේතුවෙන් මරණයට හෝ මරණය තරම් දුකට හෝ පැමිණෙන්නේ නොවේද?”
“ස්වාමීනි, එසේය.”
“ගෘහපතිය, මෙපරිද්දෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම මෙසේ සලකයි. භාග්‍යවතුන් වහන්සේ විසින් තණ සුලකට බඳුවූ කාමයෝ බොහෝ දුක් ඇත්තාහුය. බොහෝ වෙහෙස ඇත්තාහුය. මෙහි බොහෝ ආදීනව ඇත්තේයයි වදාරණ ලද්දාහුය. මෙසේ මෙය ඇති සැටියෙන් යහපත් නුවණින් දැක යම් මේ නොයෙක් ස්වභාව ඇති නා නාත්වය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, එය දුරු කොට යම් මේ එකත්වය ඇත්තාවූ එකත්වය ඇසුරු කළ වූ උපෙක්ෂාවක් වේද යම් තැනක සියලු ආකාරයෙන් ලොකමිසයන් දැඩි කොට ගැනීම ඉතිරි නැතිව නැති වෙත්ද, ඒ උපෙක්ෂාවම වඩයි.
45
“ගෘහපතිය, යම්සේ මිනිස් උසකට වඩා ගැඹුරුවූ පහව ගිය ගිනිදැල් ඇති පහවූ දුම් ඇති අඟුරුවලින් පිරුණාවූ, අඟුරු වළක් වේද, ඉක්බිති ජීවත්වනු කැමැත්තාවූ, නොමැරෙනු කැමැත්තාවූ, සැප කැමැත්තාවූ, දුක් පිළිකුල් කරන්නාවූ පුරුෂයෙක් එන්නේය. ඔහු ශක්තිමත්වූ පුරුෂයෝ දෙදෙනෙක් වෙන වෙන අත්වලින් ගෙන අඟුරු වළට ඇද දමන්නාහුය. ගෘහපතිය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඒ පුරුෂතෙම ඒ මේ අතට ශරීරය නමන්නේද?”
“ස්වාමීනි, එසේය.”
“එයට හේතු කවරේද?”
“ස්වාමීනි, ඉදින් මම මේ අඟුරුවළට වැටෙන්නෙම් නම් ඒ හේතුවෙන් මරණයට හෝ මැරෙණ තරම් දුකට හෝ පැමිණෙන්නෙමි යනු ඒ පුරුෂයාහට පැහැදිලිමය.” “ගෘහපතිය, මෙපරිද්දෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ සලකයි. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අගුරු වළකට බඳුය, බොහෝ දුක් ඇත්තාහුය, බොහෝ වෙහෙස ඇත්තාහුය. මෙහි බොහෝ ආදීනව ඇත්තේයයි, වදාරණ ලද්දාහුය. මෙසේ මෙය ඇතිසැටියෙන් මනාව නුවණින් දැක යම් මේ නොයෙක් ස්වභාව ඇති, නානාත්වය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, එය දුරු කොට, යම් මේ එකත්වය ඇත්තාවූ එකත්වය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද යම් තැනක සියලු ආකාරයෙන් ලොකාමිසයන් දැඩි කොට ගැනීම් ඉතිරි නැතිව නැති වේද, ඒ උපෙක්ෂාවම වඩයි.
46
“ගෘහපතිය, යම්සේ පුරුෂයෙක් තෙම ආරාමයන් ගෙන් සිත් කළු බැව් ඇති, වනයන්ගෙන් සිත් කළු බැව් ඇති, භූමින් ගෙන් සිත් කළු බැව් ඇති, පොකුණු වලින් සිත් කළු බැව් ඇති සිහිනයක් දක්නේද, හෙතෙම පිබිදියේ කිසිවක් නොදක්නේය. ගෘහපතිය, එපරිද්දෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම මෙසේ සලකයි. භාග්‍යවතුන් වහන්සේ විසින්, සිහිනයකට බඳුවූ කාමයෝ බොහෝ දුක් ඇත්තාහුය, බොහෝ වෙහෙස ඇත්තාහුය, මෙහි බොහෝ ආදීනව ඇත්තේයයි වදාරණ ලද්දාහුය. මෙය ඇති සැටියෙන් මනා නුවණින් දැක යම් මේ නොයෙක් ස්වභාව ඇති, නානාත්වය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, එය දුරුකොට, යම් මේ එකත්වය ඇත්තාවූ එකත්වය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, යම් තැනක සියලු ආකාරයෙන් ලොකාමිසයන් දැඩි කොට ගැනීම් ඉතිරි නැතිව නැති වේද, ඒ උපෙක්ෂාවම වඩයි.
47
“ගෘහපතිය, යම් සේ පුරුෂයෙක් තෙම පුරුෂයන්ට සුදුසුවූ යානාවක් හෝ උතුම් මිණි කොඬොලක් හෝ ඉල්වා ගතයුතු භොගයක් වේද, හෙතෙම ඒ ඉල්වා ගන්නා ලද භොගයන්ගෙන් සැරසුනේ පිරිවරන ලද්දේ කඩපිලකට පැමිණෙන්නේය. ඔහු දැක ජනයා ‘මේ පින්වත් පුරුෂ තෙමේ එකාන්තයෙන් භොග (සම්පත්) ඇත්තෙක. මෙසේ වනාහී සම්පත් ඇත්තේ සම්පත් අනුභව කෙරෙත්’යයි කියන්නේය. වස්තු හිමියෝ යම් යම් තැනෙක්හිම ඔහු දක්නාහුද ඒ ඒ තන්හිම ස්වකීය භාණ්ඩයන් හැරගන්නාහුය. ගෘහපතිය, ඒ කුමකැයි හඟින්නේද? ඒ පුරුෂයාගේ හිත නරක් වීමට ඒ ප්‍රමාණවත් යැයි සිතන්නෙහිද?”
“ස්වාමීනි, එසේය”.
“එයට හේතු කවරේද?”
“ස්වාමීනි, බඩු හිමියෝ වනාහී තම තමන්ගේ බඩු හැරගනිති.”
“ගෘහපතිය, මෙපරිද්දෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම මෙසේ සලකයි. ඉල්වා ගන්නා ලද බඩු වැනිවූ කාමයෝ බොහෝ දුක් ඇත්තාහුය. බොහෝ වෙහෙස ඇත්තාහුය, මෙහි බොහෝ ආදීනව ඇත්තේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහුය. මෙසේ මෙය ඇති සැටියෙන් මනා නුවණින් දැක යම් මේ නොයෙක් ස්වභාව ඇති, නානාත්වය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, එය දුරු කොට, යම් මේ එකත්වය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, යම් තැනක සියලු ආකාරයෙන් ලොකාමිසයන් දැඩි කොට ගැනීම් ඉතිරි නැතිව නැති වේද, ඒ උපෙක්ෂාවම වඩයි.
48
“ගෘහපතිය, යම්සේ ගමට හෝ නියම් ගමට හෝ නුදුරු තන්හි තියුණුව වනලැහැබක් වේද, එහි මිහිරි පල ඇත්තාවූද හටගත් බොහෝ පල ඇත්තාවූද ගසක් වන්නේද, බිම වැටුනාවූ කිසියම් පල කෙනෙකුත් නොවන්නාහුද, එකල්හි පලයන්ගෙන් ප්‍රයෝජන ඇත්තාවූ, පල සොයන්නාවූ පුරුෂයෙක් පල සොයමින් එන්නේය. හෙතෙම ඒ වන ලැහැබට ඇතුල්ව මිහිරි පල ඇත්තාවූ, හටගත් බොහෝ පල ඇත්තාවූ ඒ ගස දක්නේය. ඔහුට මෙබඳු සිතක් වන්නේය. ‘මේ ගස වනාහි මිහිරි පල ඇත්තේද, හටගත් බොහෝ පල ඇත්තේද, වෙයි. බිම වැටුනාවූ කිසි පලයකුත් නැත්තේය. මම වනාහී ගසට නගින්ට දනිමි. මම මේ ගසට නැග ඇති තාක් කන්නෙම් නම් ඔඩොක්කුවද පුරවා ගන්නෙම් නම් ඉතා යෙහෙකැයි’ (සිතා) හෙතෙම ඒ ගසට නැගී ඇතිතාක්ම කන්නේය. ඔඩොක්කුවද පුරවා ගන්නේය.
“ඉක්බිති පල කැමතිවූ පල සොයන්නාවූ, දෙවෙනි පුරුෂයෙක් තෙම පල සොයමින් තියුණුවූ කෙටේරියක්ද ගෙන එන්නේය. හෙතෙම ඒ වන ලැහැබට ඇතුල්ව මිහිරි පල ඇත්තාවූද හටගත් බොහෝ පල ඇත්තාවූද ඒ ගස දක්නේය. ඔහුට මෙබඳු සිතක් වන්නේය. ‘මේ ගස වනාහී මිහිරි පල ඇත්තේද හටගත් බොහෝ පල ඇත්තේද වේ. බිම වැටුනාවූ පලයකුත් නැත්තේය. මම වනාහි ගසට නගින්ට නොදනිමි. මම මේ ගස මුලින් කපා ඇතිතාක්ද කන්නෙම් නම් ඔඩොක්කුවද පුරවා ගන්නෙම් නම් ඉතා යෙහෙකැයි’ (සිතා) හෙතෙම ඒ ගස මුලින් කපන්නේය, ගෘහපතිය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම් ඒ මේ පුරුෂයෙක් පළමුව ගසට නැගුනේද, ඉදින් හෙතෙම වහාම නොබසින්නේ නම් ඒ ගස වැටෙන්නේ ඔහුගේ අත හෝ බිඳෙන්නේය පය හෝ බිඳෙන්නේය. එක්තරා ශරීරාවයවයක් හෝ බිඳෙන්නේය. හෙතෙම ඒ හේතුවෙන් මරණයට හෝ මරණය සමාන දුකට හෝ පැමිණෙන්නේද?”
“ස්වාමීනි, එසේය.”
“ගෘහපතිය, මෙපරිද්දෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම මෙසේ සලකයි. භාග්‍යවතුන් වහන්සේ විසින්, ගසක ගෙඩි වැනිවූ කාමයෝ බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. මෙහි බොහෝ දොෂ ඇත්තේයයි වදාරණ ලද්දාහ. මෙසේ මෙය ඇති සැටියෙන් මනා නුවණින් දැක යම් මේ නොයෙක් ස්වභාව ඇත්තාවූ නොයෙක් ස්වභාව ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, එය දුරුකොට යම් මේ එක ස්වභාවය ඇත්තාවූ එකත්වය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, යම් තැනෙක්හි සියළු ආකාරයෙන් පඤ්චකාම ගුණයන් දැඩි කොට ගැනීම ඉතිරි නැතිව නැති වේද, ඒ චතුර්ථ ධ්‍යාන උපෙක්ෂාවම වඩයි.
49
“ගෘහපතිය, ඒ මේ ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ වනාහී මේ උතුම්වූ උපෙක්ෂා සිහි දෙදෙනාගේ පිරිසිදු වීමටම පැමිණ අනෙක ප්‍රකාරවූ පෙර විසූතැන් සිහි කරයි. ‘එනම් එක ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, අසුවල් තැන වීමි, මෙනම් ඇත්තෙම්’ මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම් අසුවල් තැන උපන්නෙමි. එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේකෑම ඇත්තෙම් මේ සැපදුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙම් මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතවූ දැක්වීම් සහිතවූ අනෙක ප්‍රකාරවූ පෙර විසූතැන් සිහිකරයි.
“ගෘහපතිය, ඒ මේ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම වනාහී උතුම් වූ උපෙක්ෂා සිහි පිරිසිදු බවට පැමිණ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ දිව්‍යවූ ඇසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීනවූද, ප්‍රණීතවූද, සුවර්ණවූද, දුර්වර්ණවූද, සුගතවූද, දුර්ගතවූද කර්මයට අනුව උපදින සත්වයන් දකී. මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූහ. වාග් දුශ්චරිතයෙන් යුක්තවූහ, මනො දුශ්චරිතයෙන් යුක්ත වූහ, ආර්‍ය්‍යයන්ට ගරහන්නෝ වූහ. මිථ්‍යා දෘෂ්ටිකයෝ වූහ. මිථ්‍යා දෘෂ්ටි කර්ම සමාදන් වූවෝ වූහ, ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ දුක්වූ නිරයට පැමිණෙත්, නැතහොත් මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූහ, වාග් සුචරිතයෙන් යුක්ත වූහ, මනො සුචරිතයෙන් යුක්ත වූහ, ආර්‍ය්‍යයන්ට නොගරහන්නෝ වූහ. සත්‍යය අදහන්නෝ වූහ, සත්‍ය ඇදහීම් සමාදන් වූවෝවූහ. ඔවුහු මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයට පැමිණියෝ’යි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිවඇසින් චුතවන උපදින සත්වයන් දකී. මෙසේ පිරිසිදුවූ මනුෂ්‍යත්වය ඉක්ම සිටියාවූ දිව ඇසින් චුත වන්නාවූද උපදින්නාවූද පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොවට ගියාවූද නරක ලොවට ගියාවූද කම්වූ පරිද්දෙන් පරලොව ගියාවූ සත්වයන් දැන ගනියි.
“ගෘහපතිය, ඒ මේ ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම වනාහී මේ උතුම්වූ උපෙක්ෂා සිහි පිරිසුදු බවට පැමිණ කෙලෙසුන් නැසීමෙන් කෙලෙසුන් ගෙන් වෙන්වූ චිත්ත විමුක්තියටද ප්‍රඥා විමුක්තියටද මේ ආත්මයෙහිම තෙමේ ශ්‍රේෂ්ඨ ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වාසය කරයි. ගෘහපතිය, මෙතෙකින් වනාහී ආර්‍ය්‍ය විනයෙහි සර්වප්‍රකාරයෙන් සියළු ආකාරයෙන් ව්‍යවහාරයන්ගේ සිඳීමවේ.
50
“ගෘහපතිය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම්සේ ආර්‍ය්‍ය විනයෙහි සර්වප්‍රකාරයෙන් සියළු ආකාරයෙන් ව්‍යවහාර සමුච්ඡෙදය වේද, කිමෙක්ද නුඹ මෙබඳුවූ ව්‍යවහාර සමුච්ඡෙදය තමා කෙරෙහි දක්නෙහිද?”
“ස්වාමීනි, මම කවරෙක්ද? ආර්‍ය්‍ය විනයෙහි සර්වප්‍රකාරයෙන් සියළු ආකාරයෙන් ව්‍යවහාර සමුච්ඡෙදය කවරේද? ස්වාමීනි, මම ආර්‍ය්‍ය විනයෙහි සර්වප්‍රකාරයෙන් සියළු ආකාරයෙන් ව්‍යවහාර සමුච්ඡෙදයෙන් ඈත්වෙමි. ස්වාමීනි, අපි වනාහී පෙර අන්‍ය තීර්ථකවූ පරිබ්‍රාජකයන්ට ගිහි ව්‍යවහාර සමුච්ඡෙදය නොදන්න වුන්ම දන්නවුන්යයි සැලකුවෙමු. නොදන්නවුන්ටම දන්නවුන් විසින් වැළඳිය යුතු භොජනය වැළඳවීමු. නොදන්නවුන්වම දන්නවුන්ගේ තන්හි තැබීමු. ස්වාමීනි, අපි වනාහී දන්නාවූම භික්ෂූන් නොදන්නවුන්යයි හැඟීමු. දන්නවුන්ටම නොදන්නවුන් විසින් වැළදිය යුතු භොජනය වැළඳවීමු. දන්නවුන්ම නොදන්නවුන්ගේ තන්හි තැබීමු.
“ස්වාමීනි, දැන් වනාහි අපි අන්‍ය තීර්ථකවූ පරිබ්‍රාජකයන් කරුණු නොදන්නවුන්ම නොදන්නවුන්යයයි දන්නෙමු. නොදන්නවුන්ටම නොදන්නවුන් විසින් වැළදියයුතු භොජනය වළඳවන්නෙමු. නොදන්නවුන්ම නොදන්නවුන්ගේ තන්හි තබන්නෙමු. ස්වාමීනි, අපි, භික්ෂූන් වනාහී කරුණු දන්නවුන්ම දන්නවුන්යයි දැනගන්නෙමු. දන්නවුන්ටම දන්නවුන් විසින් වැළදියයුතු භොජනය වළඳවන්නෙමු. දන්නවුන්ම දන්නවුන්ගේ තන්හි තබන්නෙමු. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට ඒකාන්තයෙන් ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ප්‍රේමය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ප්‍රසාදය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ගෞරවය ඉපදවූහ.
“ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි ඉතා යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරුකොට තබනලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, වසනලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මංමුළාවූවෙකුට මග කියන්නේ හෝ වේද, අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද, එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලද්දේය. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද (සරණ කොට යමි) භාග්‍යවතුන් වහන්සේ අදපටන් දිවිහිම් කොට සරණගියාවූ උපාසකයෙකැයි මා දරණසේක්වා
ආයතන විභංගය
නන්දකෝවාද සූත්‍රය
චූලහත්ථිපදොපම සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු සිටුහු විසින් කරවනලද ජේතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි ජානුස්සොනි නම් බ්‍රහ්මණ තෙම වෙළඹුන් යෙදූ සියල්ල සුදුවූ රථයකින් මධ්‍යාහ්නයෙහි (මැදි දවල්) සැවැත් නුවර වීථින්හි ගමන් කරයි.
ජානුස්සොනි බ්‍රාහ්මණ තෙම එන්නාවූ පිලොතික නම් පරිබ්‍රාජකයා දුරදීම දුටුවේය, දැක පිලොතික පරිබ්‍රාජකයාට මෙසේ කීයේය. “පින්වත, *වච්ඡායනතෙමේ මේ මැදි දවල් කොහි සිට එන්නෙහිද?”
“පින්වත, මම ශ්‍රමණ භවත් ගෞතමයන් සමීපයෙහි සිට මේ දිශාවෙන් එමි”යි (කීය)
“පින්වත්, වච්ඡායන තෙම ඒ ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ දක්ෂ නුවණ ඇති බව ගැන කුමක් සිතන්නෙහිද? පණ්ඩිතයෙකැයි සිතන්නෙහිදැ?”යි (ඇසීය)
“පින්වත, මම කවරෙක්ද? ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාවෙහි දක්ෂ බව දැන ගැනීමට තරම් මම කවරෙක්ද? යමෙක් ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාවෙහි දක්ෂ බව දැන ගන්නේ නම් ඔහුත් උන්වහන්සේ හා සමාන කෙනෙකු විය යුතුය.”
“පින්වත් වච්ඡායන තෙම ඉතා උසස් ප්‍රශංසාවෙන්ම ශ්‍රමණ ගෞතමයන්ට ප්‍රශංසා කෙරෙ”යි.
“පින්වත, මම කවරෙක්ද? කවරෙක්වූ මම ශ්‍රමණ ගෞතමයන්ට ප්‍රශංසා කරන්නෙම්ද? “ඒ පින්වත් ශ්‍රමණ ගෞතම තෙම ප්‍රශංසා කළ යුත්තන් (උසස් අය) විසින් දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨයයි ප්‍රශංසා කරනලදී”
“පින්වත් වච්ඡායන තෙම කුමන කාරණයක් දකිමින් ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මෙසේ ඉතා පැහැදුනේද?”
“පින්වත, යම්සේ ඇතුන් වසන වනයක හැසිරෙන දක්ෂ පුද්ගලයෙක් ඇතුන් වසන වනයට ඇතුල් වේද ඔහු ඇතුන් වසන වනයෙහි දිගින්ද දික්වූ පුළුළින්ද පුළුල්වූ, මහත්වූ ඇත්පියවරක් (අඩි සටහනක්) දකින්නේද, පින්වත, ඔහු ඒ මහා ඇතෙක් යයි තීරණයට පැමිණෙයි. පින්වත, එපරිද්දෙන් මමද යම්තැනක පටන් ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි ඥානපද සතරක් (නුවණ පියවර) දුටුයෙම්ද, එතැන් පටන් භාග්‍යවතුන් වහන්සේ සියල්ල තමන්ම, අවබෝධ කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මැනවින් දේශනා කරන ලදී, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඩ්ඝයා යහපත්ව පිළිපන්නේය කියා තීරණයට පැමිණියෙමි.
* වච්ඡායන නම් ගොත්‍ර ඇතිහෙයින් එසේ කීය.
289
“කවර ඤාණපද සතරක්ද යත්, පින්වත මේ ලෝකයෙහි සියුම් බුද්ධි ඇති අනුන් හා වාද කිරීමෙහි පුරුද්ද ඇති වාලවෙධීන් (විදුලි එලියෙන් අස්ලොමට විදීමට සමතුන්) වැනිවූ ප්‍රඥා බලයෙන් අන්‍ය දෘෂ්ටීන් බිඳිමින් හැසිරෙත්යයි සලකන යම් ක්ෂත්‍රීය පණ්ඩිතයෙක් දක්නෙම් ද, ඔව්හු ශ්‍රමණ භවත් ගෞතමයන් අසුවල් නම් ගමට හෝ නියම්ගමට හෝ පැමිණෙතියි අසත්ද, අපි ශ්‍රමණ ගෞතමයින් කරා ගොස් මේ ප්‍රශ්න අසන්නෙමුයි ඔව්හු ප්‍රශ්න සූදානම් කරත්. “ඉදින් අප විසින් අසන ලද්දේ මෙසේ උත්තර කියන්නාහ. එවිට අපි මෙසේ උන්වහන්සේට වාදාරොපනය කරමු. ඉදින් අප විසින් මෙසේත් අසන ලද්දේ මෙසේ උත්තර දෙන්නේය. එවිට අපි මෙසේත් වාදය නගමු”යි (කියයි) අසුවල් නම් ගමට හෝ නියම්ගමට හෝ ශ්‍රමණ ගෞතමයින් පැමිණියහයි අසා ඔව්හු ශ්‍රමණ ගෞතමයන් යම් තැනකද එතැනට පැමිණෙත්. ශ්‍රමණ ගෞතමයෝ ධර්මානුකූල කථාවෙන් කරුණු දක්වා ඔවුන් එහි සමාදන් කරවත්, උත්සාහ කරවත්, සතුටු කරවත්. ඔව්හු ශ්‍රමණ ගෞතමයන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දාහු සමාදන් කරවන ලද්දාහු, උත්සාහ කරන ලද්දාහු, සතුටු කරවන ලද්දාහු ශ්‍රමණ ගෞතමයන්ගෙන් ප්‍රශ්නවත් නොඅසති, උන්වහන්සේට කොයින් වාදාරොපනයක් කරද්ද (වාදය පිණිස කථා නොකරති) ඔව්හු ඒකාන්තයෙන් ශ්‍රමණ ගෞතමන්ගේම ශ්‍රාවකයෝ වෙත්. පින්වත, යම් කලක ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මේ පළමුවන ඤාණපදය දුටුයෙම්ද, එතැන් සිට ‘භාග්‍යවතුන් වහන්සේ සියල්ල තමන්ම අවබෝධ කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය හොඳින් දේශනා කරන ලදී. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඩ්ඝයා යහපත්ව පිළිපන්නේය කියා තීරණයට පැමිණියෙමි.
“නැවතද පින්වත, මේ ලෝකයෙහි සියුම් බුද්ධි ඇති අනුන් හා වාද කිරීමෙහි පුරුද්ද ඇති වාලවෙධීන් වැනිවූ ප්‍රඥා බලයෙන් අන්‍ය දෘෂ්ටීන් බිඳිමින් හැසිරෙත් යයි සලකන යම් බ්‍රාහ්මණ පණ්ඩිතයෙක් මම දකිම්ද, ඔව්හු ශ්‍රමණ භවත් ගෞතමයන් අසවල් නම් ගමට හෝ නියම්ගමට හෝ පැමිණෙතියි අසත්ද, ‘අපි ශ්‍රමණ ගෞතමයින් කරා ගොස් මෙසේ අසන්නෙමු’යි ඔව්හු ප්‍රශ්න සූදානම් කරත්. ඉදින් අප විසින් අසන ලද්දේ මෙසේ උත්තර කියන්නාහ. එවිට අපි මෙසේ උන්වහන්සේට වාදාරොපනය කරමු. ඉදින් අප විසින් මෙසේත් අසන ලද්දේ මෙසේ උත්තර කියන්නාහ. එවිට අපි මෙසේත් වාදය නගහු”යි (කියාය.) ඔව්හු අසවල් නම් ගමට හෝ නියම්ගමට හෝ ශ්‍රමණ ගෞතමයන් පැමිණියහයි (අසා) ශ්‍රමණ ගෞතමයින් යම් තැනකද එතැනට පැමිණෙත් (එසේ පැමිණි කල්හි) ශ්‍රමණ ගෞතමයෝ ධර්මානුකූල කථාවෙන් කරුණු දක්වා ඔවුන් එහි සමාදන් කරවත්, උත්සාහ කරවත්, සතුටු කරවත්. ඔව්හු ශ්‍රමණ ගෞතමයින් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දාහු, සමාදන් කරවන ලද්දාහු, උත්සාහ කරවන ලද්දාහු, සතුටු කරවන ලද්දාහු, ශ්‍රමණ ගෞතමයින්ගෙන් ප්‍රශ්නවත් නොඅසති. උන්වහන්සේට කොයින් වාදාරොපනය කරත්ද? ඔව්හු ඒකාන්තයෙන් ශ්‍රමණ ගෞතමයන්ගේම ශ්‍රාවකයෝ වෙත්.
“පින්වත, යම් කලක ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මේ දෙවෙනි ඤාණ පදය දුටුයෙම්ද, එතැන් සිට භාග්‍යවතුන් වහන්සේ සියල්ල තමන්ම අවබෝධ කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය හොඳින් දේශනා කරනලදී. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා යහපත්ව පිළිපන්නේය කියා තීරණයට පැමිණියෙමි.
“නැවතද පින්වත, මේ ලෝකයෙහි සියුම් බුද්ධි ඇති අනුන් හා වාද කිරීමෙහි පුරුද්ද ඇති, වාලවෙධීන් වැනිවූ ප්‍රඥා බලයෙන් අන්‍ය දෘෂ්ටීන් බිඳිමින් හැසිරෙත්යයි සලකන යම් ගෘහපති පණ්ඩිතයන් මම දකිම්ද ඔව්හු ශ්‍රමණ භවත් ගෞතමයන් අසවල් නම් ගමට හෝ නියම්ගමට හෝ පැමිණෙත්යයි අසත්ද, ‘අපි ශ්‍රමණ ගෞතමයන් කරා ගොස් මේ ප්‍රශ්න අසමුයි ඔව්හු ප්‍රශ්න සූදානම් කරති. ඉදින් අප විසින් අසන ලද්දේ මෙසේ උත්තර කියන්නාහ. එවිට අපි මෙසේ උන්වහන්සේට වාදාරොපනය කරමු. ‘ඉදින් අප විසින් මෙසේත් අසන ලද්දේ මෙසේ උත්තර දෙන්නාහ. එවිට අපි මෙසේත් වාදය නගමුයි’ (කියාය) ඔව්හු අසවල් නම් ගමට හෝ නියම් ගමට හෝ ශ්‍රමණ ගෞතමයින් පැමිණියහයි (අසා) ශ්‍රමණ ගෞතමයින් යම් තැනකද එතැනට පැමිණෙත්, ශ්‍රමණ ගෞතමයෝ ධර්මානුකූල කථාවෙන් කරුණු දක්වා ඔවුන් එහි සමාදන් කරවත්, උත්සාහ කරවත්, සතුටු කරවත්, ඔව්හු ශ්‍රමණ ගෞතමයින් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දාහු සමාදන් කරවන ලද්දාහු උත්සාහ කරවන ලද්දාහු සතුටු කරවන ලද්දාහු ශ්‍රමණ ගෞතමයින් ගෙන් ප්‍රශ්නවත් නොඅසති. උන්වහන්සේට කොයින් වාදාරොපනය කරද්ද? ඔව්හු ඒකාන්තයෙන් ශ්‍රමණ ගෞතමයින්ගේ ශ්‍රාවකයෝ වෙත්. පින්වත, යම් කලෙක ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මේ තුන්වෙනි ඤාණපදය දුටුයෙම්ද, එතැන් සිට භාග්‍යවතුන් වහන්සේ සියල්ල තමන්ම අවබෝධ කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය හොඳින් දේශනා කරන ලදී, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා යහපත්ව පිළිපන්නේය කියා තීරණයට පැමිණියෙමි.
“නැවතද පින්වත, මේ ලෝකයෙහි සියුම් බුද්ධි ඇති අනුන් හා වාද කිරීමෙහි පුරුද්ද ඇති, වාලවේධීන් වැනිවූ ප්‍රඥා බලයෙන් අන්‍යදෘෂ්ටීන් බිඳිමින් හැසිරෙත් යයි සලකන යම් ශ්‍රමණ පණ්ඩිතයන් මම දකිම්ද, ඔව්හු ශ්‍රමණ භවත් ගෞතමයන් අසවල් නම් ගමට හෝ නියම් ගමට හෝ පැමිණෙතියි අසත්ද, ඔව්හු ‘අපි ශ්‍රමණ ගෞතමයින් කරා ගොස් මේ ප්‍රශ්න අසමු’යි ප්‍රශ්න සූදානම් කරති. ‘ඉදින් අප විසින් අසන ලද්දේ මෙසේ උත්තර දෙන්නාහ’ එවිට අපි උන්වහන්සේට මෙසේ වාදාරොපනය කරමු. අප විසින් මෙසේත් අසන ලද්දේ මෙසේ උත්තර දෙන්නාහ. එවිට අපි මෙසේත් වාදය නගමු’යි (කියාය) අසවල් නම් ගමට හෝ නියම් ගමට හෝ ශ්‍රමණභවත් ගෞතමයෝ පැමිණියහයි අසා, ඔව්හු ශ්‍රමණභවත් ගෞතමයින් යම් තැනකද එතැනට පැමිණෙත්. ශ්‍රමණභවත් ගෞතමයෝ ධර්මානුකූල කථාවෙන් කරුණු දක්වා ඔවුන් එහි සමාදන් කරවත්. උත්සාහ කරවත් සතුටු කරවත්. ඔව්හු ශ්‍රමණභවත් ගෞතමයන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දාහු, එහි සමාදන් කරවන ලද්දාහු, උත්සාහ කරවන ලද්දාහු, සතුටු කරවන ලද්දාහු ශ්‍රමණ භවත් ගෞතමයන් ගෙන් ප්‍රශ්නවත් නො අසත්. උන්වහන්සේට කොයින් වාදාරොපනය කරත්ද, ඔව්හු ඒකාන්තයෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීම පිණිස ශ්‍රමණ ගෞතමයන්ගෙන් අවසර ඉල්වත්. ශ්‍රමණ ගෞතමයෝ ඔවුන් පැවිදි කරවති. උපසම්පදාද කරවති. ඔව්හු එහි පැවිදිවූවාහුම හුදකලා (තනි) වූවාහු, සමූහයෙන් වෙන්වූවාහු, අප්‍රමාද වූවාහු, කෙලෙස් තවන වීර්යය ඇත්තාහු සතර මාර්ගයෙහි යොදවනලද සිත් ඇත්තාහු වාසය කරන්නාහුය, කුල පුත්‍රයෝ යම් මාර්ගඵලයක් පිණිස ගිහිගෙන් නික්ම ශාසනයෙහි මහණ වෙද්ද, නොබෝ කලකින් බ්‍රහ්මචරියාව කෙළවර කොට ඇති උතුම්වූ ඒ අර්හත් ඵලය මේ ආත්මයේදීම උසස් නුවණින් අවබෝධ කොට ඊට පැමිණ වාසය කරත්. ඔව්හු මෙසේ කියන්නාහ.
“පින්වත්නි, අපි තව ස්වල්පයකින් නැසුනෝ වන්නෙමු. තව ස්වල්පයකින් වැනසුනෝ වන්නෙමු. අපි වනාහි ශ්‍රමණයන් නොවීම ශ්‍රමණයෝ වෙමුයි කියාගතිමු. බ්‍රාහ්මණයන් නොවීම බ්‍රාහ්මණයෝ වෙමුයි කියාගතිමු. රහතුන් නොවීම රහත්හු වෙමුයි කියාගතිමු. දැන් වනාහි අපි ශ්‍රමණයෝත් වෙමු. දැන් වනාහි බ්‍රාහ්මණයෝත් වෙමු. දැන් වනාහි රහත්වූවෝත් වෙමුයි (කියති.)
“පින්වත, යම් කලක ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මේ සතරවෙනි ඤාණපදය දුටුයෙම්ද, එතැන් සිට භාග්‍යවතුන් වහන්සේ සියල්ල තමන්ම අවබෝධ කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය යහපත් කොට දේශනා කරනලදී. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා යහපත්ව පිළිගන්නේය කියා තීරණයට පැමිණියෙමියි, (කීය)
290
“මෙසේ කී කල්හි ජාණුස්සෝනි බ්‍රාහ්මණ තෙම වෙළඹුන් යෙදූ සියල්ල සුදුවූ රථයෙන් බැස උතුරු සළුව ඒකාංශකොට (එක උරයකට) පොරවා දමාගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින දෙසට ඇඳිලි බැඳගෙන මේ ප්‍රීති වාක්‍යය තුන් වරක් කීයේය. “භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා, භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා. භාග්‍යවත් වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා, යම් දවසක කෙසේ හෝ ඒ භවත් ගෞතමයන් සමග අපි එක් වන්නෙමු නම් ඉතා යෙහෙක. එක්වී කිසියම් සතුටු සාමීචි කථාවක් වන්නේනම් ඉතා යෙහෙක’ (කියායි)
ඉක්බිති ඒ ජාණුස්සෝනි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එක පැත්තක හිඳගත්තේය. එක පැත්තක හිඳගත්තාවූ ජාණුස්සෝනි බ්‍රාහ්මණ තෙම, පිලොතික පරිබ්‍රාජකයා සමග යම් කථාවක් වීද ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ සමග කීයේය.
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ජාණුස්සෝනි බ්‍රාහ්මණයා හට මෙසේ වදාළාහ. ‘බ්‍රාහ්මණය, මෙපමණකින් හත්ථිපදොපමාව (ඇත් පා උපමාව) විස්තර වශයෙන් සම්පූර්ණ වූයේ නොවෙයි. බ්‍රාහ්මණය, යලිත් හත්ථිපදොපමාව යම් සේ විස්තර වශයෙන් සම්පූර්ණ වේද එය හොඳින් අසව, හොඳින් සිත තබා ගනුවකියන්නෙමි”යි වදාළහ. “එසේය පින්වතුන් වහන්සැ”යි ජාණුස්සෝනි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
291
“බ්‍රාහ්මණය, යම්සේ ඇතුන්වසන වනයෙහි හැසිරෙන්නෙක් ඇතුන් වසන වනයට ඇතුල් වේද, හෙතෙම ඇතුන් වසන වනයෙහි දිගින් දික්වූද, පුළුලින් පුළුල්වූද මහත්වූ ඇත් අඩියක් දක්නේද, ඒ ඇත් වනයෙහි හැසිරෙන්නා (ඇත් ශිල්පයෙහි) දක්ෂයෙක් වේනම් (හෙතෙම) ‘පින්වත මේ මහා ඇතෙක් ය’යි එයින් තීරණයට නොපැමිණෙයි.
“ඊට හේතු කවරේද? බ්‍රාහ්මණය ඇත් වනයෙහි මහත්වූ පාද ඇති “වාමනිකා” නම් ඇතින්නියෝ ඇත්තාහ. මේ ඇත් අඩිය ඔවුන්ගේ විය හැකියයි සිතා ඔහු ඒ අනුව යන්නේය. ඒ අනුව යන ඔහු ඇත් වනයෙහි දිගින් දික්වූ පළලින් පළල්වූ මහත් ඇත් අඩියක්ද ගස්වල උඩ අතු කැඩූතැන් හා ගැටුන තැන්ද දකියි. ඒ ඇත් වනයෙහි හැසිරෙන්නා දක්ෂයෙක් වේනම් (ඔහු) පින්වත, මේ මහාඇතෙකැයි’ එයිනුදු තීරණයට නොපැමිණෙයි. ඊට හේතු කවරේද? බ්‍රාහ්මණය, ඇත් වනයෙහි මහත්වූ පාද ඇති “උච්චා කාළාරිකා” නම් ඇතින්නියෝ ඇත්තාහ. මේ ඔවුන්ගේ අඩියක් විය හැකියයි හෙතෙම ඒ අනුව යන්නේය. ඒ අනුව යන ඔහු ඇත් වනයෙහි දිගින් දික්වූ පළලින් පළල්වූ මහත් ඇත් අඩියක්ද ගස්වල උඩ අතු කැඩූ තැන්ද ගැටුන තැන්ද උඩ දළවලින් අනින ලද තැන්ද දකියි. ඒ ඇත් වනයෙහි හැසිරෙන්නා දක්ෂයෙක් වේනම් මේ මහා ඇතෙක්යයි තීරණයට නොපැමිණෙයි. ඊට හේතු කවරේද? බ්‍රාහ්මණය, ඇත් වනයෙහි ‘උච්චා කණෙරුකා’ නම් ඇතින්නියෝ ඇත්තාහ. මේ පාද ඔවුන්ගේ විය හැකියයි හෙතෙම ඒ අනුව යන්නේය. ඒ අනුව යන ඔහු ඇත් වනයෙහි දිගින් දික්වූ පළලින් පළල්වූ මහත් ඇත් අඩියක්ද, (ගස්වල) උඩ අතුකැඩූ තැන් හා ගැටුනු තැන්ද උඩ දළ වලින් අනිනලදතැන්ද, උඩ බිඳුන තැන්ද දකියි. රුක්මුලකට ගියාවූ හෝ හිස් අවකාශ ස්ථානයකට ගියාවූ හෝ යන්නාවූ හෝ සිටින්නාවූ හෝ නිදා සිටින්නාවූ හෝ ඒ මහා ඇත් රාජයාත් දකියි. (එවිට) හෙතෙම මේ ඒ මහා ඇත් රාජයා යයි තීරණයට පැමිණෙයි.
“බ්‍රාහ්මණය, එසේම මේ ලෝකයෙහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, විද්‍යාචරණ සම්පන්නවූ යහපත් ගති ඇත්තාවූ සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රේෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවිමිනිසුන්ට ගුරුවරයෙක්වූ, චතුස්සත්‍යය අවබෝධ කළාවූ තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ මහණ බමුණන් සහිතවූ, දෙව් මිනිසුන් සහිතවූ, මේ ලෝකය ස්වකීය විශේෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරයි. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ මැද යහපත්වූ අවසානය යහපත්වූ අර්ථ සහිතවූ, දස වැදෑරුම් අක්ෂර සම්පත්තියෙන් යුක්තවූ සියලු ආකාරයෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ, ශාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරති.
“ඒ ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන් කුල අතුරෙන් එක් කුලයක උපන්නෙක් හෝ අසයිද ඔහු ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරයි. ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ මෙසේ සලකන්නේය. ගිහිගෙයි විසීම් අවහිර සහිතය. කෙලෙස් දූවිලි උපදින තැනකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහි ගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ, ලියවූ සක්ගෙඩියක් වැනි මෙම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට නොහැක්කේය. මම කෙස් දැළි රැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නෙම් නම් ඉතා යහපතැයි කියාය.
“ඔහු පසු කාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සම්පත් හැර, ස්වල්පවූ හෝ බොහෝ වූ නෑපිරිස් හැර, කෙස් දැළි රැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නේය.
292
“එසේ මහණවූ හෙතෙම භික්ෂු සීලයෙන් යුක්තවූයේ, ප්‍රාණවධය හැර ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ බහාතබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ, පව් කිරීමෙහි ලජ්ජා ඇත්තේ, කරුණාවන්ත වූයේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතුව වාසය කෙරේ. නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පූර්ණයෙන් වැළකුණේ, දුන් දෙයම ගන්නේ, දුන් දෙයම කැමති වන්නේ, සොර නොවූ, පිරිසිදුවූ සිතින් යුක්ත වාසයකෙරේ. අබ්‍රහ්මචර්යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම්වූ ග්‍රාම ධර්මයෙන් වෙන් වූයේ බ්‍රහ්මචාරීවේ. බොරු කීමෙන් දුරුව, ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, සැබෑ වචන කියන්නේ, සැබැවින් සැබව ගළපන ගති ඇතුව ස්ථිර කථා ඇත්තේ, ඇදහිය යුතු වචන ඇත්තේ ලෝකයා අතර විරුද්ධ කථා ඇති නොකෙරේ. පිසුනු බස් හැර, ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, මෙතැනින් අසා මොවුන් බිඳවීම පිණිස එතැන නොකියන ගති ඇත්තේ, එතැනින් අසා මොවුන් බිඳවීම පිණිස මෙතැන නොකියන ගති ඇත්තේ, මෙසේ භෙද වූවන් ගළපන්නේ සමගි වූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ, සමගියෙහි ඇලුම් බහුල කොට ඇත්තේ, සමගිකම්හි ඇලුනේ, සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ, සමගිය ඇති කරන වචන කියන්නේය. ඵරුෂ වචනය හැර ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, යම් වචනයක් නිදොස් වේද, කණට මිහිරිද, ප්‍රෙමණීයද, සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ හිත් ප්‍රියකරන්නේද, එබඳු වචනම කියන්නේ වේ. හිස්වූ ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවූ වචනම කියන්නේ, අර්ථයෙන් යුක්තවූ, ධර්මයෙන් යුක්තවූ විනයයෙන් යුක්තවූ වචන කියන්නේ සුදුසු කල්හි, උපමා හා කරුණු සහිතවූ, සීමා ඇති, අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේ.
293
“හෙතෙම තණ, ගස්, වැල් සිඳීම් බිඳීම් ආදියෙන් වැළකුණේ වෙයි. එක් වේලක් වළඳන්නේ රාත්‍රි භොජනයෙන් හා විකාල භොජනයෙන් වැළකුණේ වෙයි. ‘නැටීම් ගී කීම් බෙර ආදිය වැයීම්’ විසුලු දැකීම් යන මෙයින් වැළකුණේ වෙයි. මල්, ගඳ, විලවුන් පැළඳීම ඉන් සැරසීම, අඩු තැන් පිරවීමෙන් අලඩ්කාර කිරීම යන මෙයින් වැළකුණේ වෙයි. උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළකුණේ වෙයි. රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. අමු ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. ස්ත්‍රීන් තරුණියන් පිළිගැන්මෙන් තොර වූයේ වෙයි. වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් තොර වූයේ වෙයි, එළුවන් බැටළුවන් පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. ඌරන්, කුකුළන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ඇතුන්, ගවයින්, අසුන්, වෙළඹුන්, පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. කෙත්, වත්, පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ගිහීන්ගේ දූත මෙහෙවරය, ගෙන්ගෙට යන මහත් මෙහෙවරය යන මෙයින් වැළකුණේ වෙයි. විකිණීම මිළට ගැනීම යන මෙයින් වැළකුණේ වෙයි. තරාදියෙන් හොර කිරීම, රන් නොරන් කිරීමාදියෙන් හොර කිරීම මැනීමෙන් හොර කිරීමාදියෙන් වැළකුණේ වෙයි. හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැන්මය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලොහ රන් රිදීයයි අඟවා වඤ්චා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයොගය යන මෙයින් වැළකුණේ වෙයි. කැපීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැරගැන්මය, ගම් නියම් ගම් ආදිය පැහැරීමය, බලාත්කාරකමින් වස්තු පැහැර ගැන්මය, යන මෙයින් වැළකුණේ වෙයි.
294
“හෙතෙමේ යන්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද, යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද සතුටු වන්නේවේ. ඔහු යම් යම් තැනකට යේ නම් ඒ ඒ තැනට එය ගෙනයන්නේ වෙයි. යම්සේ පක්ෂියෙක් යම් තැනකට පියාඹා යේ නම් ඒ සියලු තැන පියාපත් බර පමණකින් යුක්තව පියාඹායේද, එපරිද්දෙන්ම භික්ෂු තෙමේද ශරීරය වැසීමට ප්‍රමාණවූ සිවුරෙන්ද යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද සතුටුවන්නේවේ. ඔහු යම් තැනකට යා නම් ඒ ඒ තැන එය රැගෙනම යයි. හෙතෙමේ මේ උතුම් සීලයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි නිරවද්‍යවූ සැපය විඳින්නේය.
295
“හෙතෙමේ, ඇසින් රූපයක් දැක එහි මහත් සටහන් සිතට ගන්නේ නැත. කුඩා සටහන් සිතට ගන්නේ නැත. චක්ෂු ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට යමක් හේතු කොට ගෙන ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ හිතට ඇතුල් වන්නාහුද, එහි සංවරය පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ චක්ෂු ඉන්ද්‍රියය රකී, චක්ෂු ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
කනින් ශබ්දයක් අසා එය නිමිති වශයෙන් ගන්නේ නොවේ. නැවත නැවත මතක්වනසේ අල්ලා ගන්නේ නොවේ. යමක් හේතු කොට ගෙන ශ්‍රොතෙන්ද්‍රිය (කන්) අසංවරව වසන්නහුට ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිත්ද ඒ ශ්‍රොතෙන්ද්‍රියෙහි සංවරය පිණිස පිළිපදියි. ශ්‍රොත ඉන්ද්‍රිය රකී. ශ්‍රොතෙන්ද්‍රියෙහි සංවරයට පැමිණෙයි.
“නාසයෙන් ගඳක් ආඝ්‍රාණය කොට එය නිමිති වශයෙන් නොගනී. නැවත නැවත මතක්වනසේ සිතට නොගනී. යමක් හේතු කොට ගෙන ඝානෙන්ද්‍රිය (නාසය) අසංවරව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ උපදිත්ද එහි සංවරය පිණිස පිළිපදියි. ඝානෙන්ද්‍රිය රකියි. ඝානෙන්ද්‍රියාගේ සංවරයට පැමිණෙයි. දිවෙන් රසක් විඳ එය අරමුණු වශයෙන් නොගනී. නැවත නැවත මතක්වනසේ නොගනී. යමක් හේතු කොට ගෙන, ජිව්හේන්ද්‍රිය සංවර නොකොට වාසය කරන්නාහට ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිත්ද එහි සංවරය පිණිස පිළිපදියි ජිව්හෙන්ද්‍රිය (දිව) ආරක්ෂා කරයි. ජිව්හේන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.
“කයින් පහසක් ස්පර්ශ කොට නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක්වනසේ සිතට නොගනියි. යමක් හේතු කොට කායෙන්ද්‍රිය අසංවරව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ උපදිත්ද ඒ කායෙන්ද්‍රිය සංවරය පිණිස පිළිපදියි. කායෙන්ද්‍රිය ආරක්ෂාකරයි. කායෙන්ද්‍රියේ සංවරයට පැමිණෙයි. සිතින් ධර්මාරම්මණයක් දැන නිමිති වශයෙන් නොගනී. නැවත නැවතත් මතක්වනසේ සිතට නොගනී. යම් හෙයකින් සිත අසංවරව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිත්ද, ඒ මනින්ද්‍රිය (සිත) සංවරය පිණිස පිළිපදියි. මනින්ද්‍රිය රකී. මනින්ද්‍රිය සංවරයට පැමිණෙයි. හෙතෙමේ මේ උතුම් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූ සැපය විඳින්නේය.
“හෙතෙමේ ඉදිරියට යාමෙහිද ආපසු යාමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. ඉදිරිපස බැලීමෙහිද හැරී බැලීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. අත් පා හැකිලීමෙහිද දිගුකිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. සඟළ සිවුර සහ පාත්‍රා සිවුරු දැරීමෙහි නුවණින් යුක්තවූයේ වෙයි. අනුභව කිරීමය, පානය කිරීමය. රස විඳීමය යන මෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. මල මුත්‍ර පහකිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. යෑම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොර කිරීම්, කථාකිරීම්, නිශ්ශබ්ද වීම් යන මෙහිද නුවණින් යුක්තවූයේ වෙයි.
296
“උතුම්වූ මේ සීලසමූහයෙන් යුක්තවූද උතුම්වූ මේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සතිසම්පජඤ්ඤයෙන් යුක්තවූද, ඒ භික්ෂු තෙමේ කැලයද, ගහක් මුලද, පර්වතද, කඳුරැලිද, ගල්ගුහාද, සොහොන්ද, ඉතාදුරවූ කැලෑද, හිස්තැන්ද, පිදුරු ගොඩවල්ද යන මේ විවේක සෙනාසන භජනය කෙරෙයි. ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාත ආහාරයෙන් වැළකුණේ, පර්යංක බැඳ, ශරීරයේ කෙළින් තබා සිත අරමුණෙහි පිහිටුවා හිඳගනියි.
“ඔහු ස්කන්ධ ලෝකයෙහි ලෝභය පහකොට ලෝභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලෝභයෙන් සිත පිරිසිදු කෙරේ. සිත කෙලෙසන්නාවූ ක්‍රෝධය පහකොට, ක්‍රෝධයෙන් දුරුවූ සිත් ඇතිව වාසය කරයි. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරයි ක්‍රෝධයෙන් සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරු කොට කය සිත පිළිබඳ පහවූ අලස බව ඇත්තේ ආලෝක සංඥා ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරේ. නොසන්සුන්කම හා පසුතැවීම දුරුකොට, සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ, උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරේ. සැකය දුරු කොට, පහකළ සැක ඇත්තේ කුශල ධර්ම විෂයෙහි එසේද මෙසේදැයි සැක නැතිව විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේ.
297
“හෙතෙම සිත කිලුටු කරන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ මේ පංච නීවරණයන් දුරුකොට, කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද, බ්‍රාහ්මණය, මෙයද තථාගතයන් වහන්සේගේ (ඤාණ) පදයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (ප්‍රඥාවෙන්) ගටනාලද ස්ථානයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (නුවණ නමැති දළවලින්) අනිනලද ස්ථානයයි කියාද, කියනු ලැබේ.
“මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවකතෙම භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යහපත් කොට දේශනා කරන ලද්දේයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම යහපත්ව පිළිපන්නේය, කියාද තීරණයට නොපැමිණෙයි.
“බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති, හිතේ එකඟ බව ඇති විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, බ්‍රාහ්මණය, මෙයද තථාගතයන් වහන්සේගේ (ඤාණ) පදයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (ප්‍රඥාවෙන්) ගටනාලද ස්ථානයයි කියාද තථාගතයන් වහන්සේ විසින් (නුවණ නමැති දළවලින්) අනිනලද ස්ථානයයි කියාද, කියනු ලැබේ. මෙතෙකිනුත් ආර්ය ශ්‍රාවකතෙම භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයයි කියාද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යහපත්කොට දේශනා කරන ලද්දේයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම යහපත්ව පිළිපන්නේය කියාද තීරණයට නොපැමිණෙයි.
“බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ප්‍රීතියෙහිද නොඇලීමෙන් උපේක්ෂා ඇත්තේ වාසය කරයිද සිහියෙන් යුක්ත වූයේ, නුවණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද, ආර්යයෝ යම් ඒ ධ්‍යානයක් උපේක්ෂා ඇති, සැප විහරණය ඇත්තේයයි කියද්ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයිද, බ්‍රාහ්මණය, මෙයද තථාගතයන් වහන්සේගේ (ඤාණ) පදයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (ප්‍රඥාවෙන්) ගටනාලද ස්ථානයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (නුවණ නමැති දළවලින්) අනිනලද ස්ථානයයි කියාද කියනු ලැබේ. මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙම භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යහපත් කොට දේශනා කරන ලද්දේය කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම යහපත්ව පිළිපන්නේය කියාද තීරණයට නොපැමිණෙයි.
“බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද (ධ්‍යානය ලැබීමට) පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක්ද නොවූ, සැපද නොවූ උපේක්ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, බ්‍රාහ්මණය, මෙයද තථාගතයන් වහන්සේගේ (ඤාණ) පදයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (ප්‍රඥාවෙන්) ගටනාලද ස්ථානයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (නුවණ නමැති දළවලින්) අනිනලද ස්ථානයයි කියාද කියනු ලැබේ. මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙම, භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යහපත් කොට දේශනා කරන ලද්දේයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම යහපත්ව පිළිපන්නේය කියාද, තීරණයට නොපැමිණෙයි.
298
“හෙතෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පානොවන බවට පැමිණි කල්හි පෙර ජාති සිහිකිරීමේ ඥානය පිණිස සිත නමයි. හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහි කෙරෙයි. කෙසේදයත්, ‘එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, දහස් ජාතියක්ද, සියක්දහස් ජාතියක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද ‘අසුවල් තැන වීමි. මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, අසුවල් තැන උපන්නෙම්, එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම් මේ කෑම ඇත්තෙම්, මේ සැපදුක් වින්දෙම්, මේ ආයුෂකෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම් මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව, නොයෙක් විදියේ පෙර ජිවිත සිහි කෙරෙයි. බ්‍රාහ්මණය මෙයද තථාගතයන් වහන්සේගේ (ඤාණ) පදයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (ප්‍රඥාවෙන්) ගටනාලද ස්ථානයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (නුවණ නමැති දළවලින්) අනිනලද ස්ථානයයි කියාද කියනු ලැබේ. මෙතෙකිනුත් ආර්ය ශ්‍රාවක තෙම භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යහපත්ව දේශනා කරන ලද්දේ යයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම යහපත්ව පිළිපන්නේයයි කියාද තීරණයට නොපැමිණෙයි.
“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, කෙලෙස් පහවගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත නමයි. හේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්ත්වයන් දකී. පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොව උපදින්නාවූද නරක ලොව උපදින්නාවූද කර්මයට අනුව උපදින්නාවූ සත්ත්වයන් දකී. ‘මේ පින්වත් සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූහ, වාග් දුශ්චරිතයෙන් යුක්ත වූහ, ආර්යයන්ට ගරහන්නෝවූහ, මිථ්‍යාදෘෂ්ටිකයෝවූහ, මිථ්‍යා දෘෂ්ටි කර්ම සමාදන් වූහ. ඔව්හු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ දුක්වූ, නිරයට පැමිණෙත් නැතහොත්, මේ පින්වත් සත්ත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූහ, වාක් සුචරිතයෙන් යුක්ත වූහ, මනො සුචරිතයෙන් යුක්ත වූහ, ආර්යයන්ට නොගරහන්නෝවූහ, සත්‍යය අදහන්නෝ වූහ, සත්‍ය ඇදහීම් සමාදන් වූහ. ඔව්හු මරණින් මතු යහපත් ස්වර්ග ලෝකයට පැමිණියෝ”යි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්ත්වයන් දකී, මෙසේ පිරිසිදුවූ මනුෂ්‍යත්වය ඉක්මසිටියාවූ දිවැසින් චුතවන්නාවූද උපදින්නාවූද පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොවට ගියාවූද නරක ලොවට ගියාවූද ධර්මය ලෙස පැමිණි සත්ත්වයන් දකී.
“බ්‍රාහ්මණය, මෙයද තථාගතයන් වහන්සේගේ (ඤාණ) පදයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (ප්‍රඥාවෙන්) ගටනා ලද ස්ථානයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (නුවණ නැමති දළවලින්) අනින ලද ස්ථානයයි කියාද කියනු ලැබේ. මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙම, භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යහපත්ව දේශනා කරන ලද්දේයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම යහපත්ව පිළිපන්නේය කියාද තීරණයට නො පැමිණෙයි.
299
“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලේශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි සිතේ පැසවන කෙලෙස් පහකිරීමේ ඥානය පිණිස සිත නමයි. ඔහු මේ දුකයයි තතු ලෙස දැනගනී, මේ දුක් ඉපදීමේ හේතුවයයි තතු ලෙස දැනගනී, මේ දුක් නැති කිරීමයයි තතු ලෙස දැනගනී. මේ දුක් නැතිකිරීමේ මාර්ගයයි තතුලෙස දැනගනී. මේ පැසවන කෙලෙස්යයි තතු ලෙස දැනගනී, මේ පැසවන ක්ලේශයන්ගේ හේතුවයයි තතු ලෙස දැනගනී. මේ ඒ කෙලෙස් නැති කිරීමයයි තතු ලෙස දැනගනී. මේ ඒ කෙලෙස් නැති කිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගනී.
“බ්‍රාහ්මණය, මෙයද තථාගතයන් වහන්සේගේ (ඤාණ)පදයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (ප්‍රඥාවෙන්) ගටනාලද ස්ථානයයි කියාද තථාගතයන් වහන්සේ විසින් (නුවණ නමැති දළවලින්) අනිනලද ස්ථානයයි කියාද කියනු ලැබේ. මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙම භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යහපත්ව දේශනා කරන ලද්දේයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙම යහපත්ව පිළිපන්නේය කියාද තීරණයට නොපැමිණෙයි.
“මෙසේ දන්නා දක්නා ඔහුගේ සිත කාම ආශ්‍රවය කෙරෙන්ද මිදේ, භව ආශ්‍රවය කෙරෙන්ද සිත මිදේ, අවිද්‍යා ශ්‍රවය කෙරෙන්ද සිත මිදේ, මිදුනු කල්හි මිදුනේය යන ඥානය පහළ වෙයි. ඉපදීම නැති විය. උතුම් හැසිරීමෙහි වසන ලදී, කටයුත්ත කරන ලදී. මින්පසු මේ සඳහා කළ යුත්තක් නැතැයි’ද දැනගනී.
“බ්‍රාහ්මණය, ආර්ය ශ්‍රාවක තෙම මෙතෙකින් භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයයිද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යහපත් කොට දේශනා කරන ලද්දේයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම යහපත්ව පිළිපන්නේයයි කියාද තීරණයට පැමිණෙයි. බ්‍රාහ්මණය, හස්තිපදය (ඇත් අඩිය) උපමා කොට ඇති ධර්මය මෙපමණින් සම්පූර්ණ වේය”යි වදාළහ.
මෙසේ වදාළකල්හි ජාණුස්සෝනි බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය “භ
Be the first to know and let us send you an email when අරිය මග්ග Ariya Magga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Want your business to be the top-listed Media Company?