30/10/2023
ජෙලි යෝගට් - 1
A: ආයුබෝවන් මහත්තයා, මට රාගමට ටිකට් එකක් දෙන්න.
B: 3rd class ද?
A: අහ් ඔව් ඔව්...
(ටිකට් පත රැ ගෙන යන ගමන්) ස්තූතියි මහත්තයා
(දුම්රිය වේදිකාවට අතුල්වෙත්ම)
C: ඔය ළමයාගේ ticket එක?
A: අහ් මෙන්න... මහත්තයා 3rd class කොහෙද...?
C: ආ... ඉස්සරහට යන්න. ඉස්සෙල්ලම එන්නේ booking එක ඊට පස්සේ පෙට්ටි දෙකම 3rd class තමයි.
මේ දවස් වල සෙනග හරියට. අනික වැස්ස නිසා කොළඹ යනකම් විශ්වාස කරන්න එපා. ගල් පෙරලෙනවා ගස් කඩන් වැටෙනවා. මෙන්න ටිකට් එක පරිස්සම් කරගන්නගන්න.
A කියන්නේ තාමත් වයස අවුරුදු 19ක් පසුවෙන කොළු ගැටයෙක්.
උසස් පෙළ අධ්‍යාපනය අවසන් කර වෘත්තිය පාඨමාලාවක් හදාරණ ගමන් සිටින මොහුට පුද්ගලික විශ්ව විද්‍යාලයකින් ලැබුණු තරඟ විභාගයක් සඳහා මේ ගමන් අරඹන්නේ.
ලොකු ලොකු හීන පොදි බැඳන් මේ කොළඹට ආගන්තුකයා සේන්දු වෙන්නේ මේ ඉන්න හැම එකාම තමන්ට වඩා කපටියි යන්න සිහිකරමිනි.
අම්මා උදේම හදලා දුන්නු පාන් පෙති එකින් එක කන්නට උයේ හපුතලේ පහු වෙත්ම ලැබුණු ආසනයේ වාඩි වූ පසුවය. ඉදිරි ආසනයේ ඉන්නේ කවුරුන්දැයි නිකමට වත් නොබලන ඔහු තමන්ට රිසි සේ ගමන් සුවය විඳි. මනරම් දර්ශණයක් වන හපුතලේ සානුව ඇත බදුල්ල ඇටම්පිටිය දිසාවේ සිට නුවරඑලිය වැලිමඩ දෙසින් හෝර්ටන් තැන්න දක්වා පෙනෙන අතර වරින් වර බෙරගල කොස්ලන්ද හරහා බලන්ගොඩ සානුව ද දකින්නට ලැබෙයි.
මීළඟ නෑවතුවම ඉදලගස්හින්න ය.
ළඟින් වාඩි වූයේ දුම්රියේ කොඩු කාරයෙක් ය.
A: දන්නවාද මේ station එකේ වතුර යන්නේ ගංගාවල් දෙකකට. මේ පැත්ත මහවැලියට අනික නිලාවලා ගඟට
ආයෙත් කොළු ගැටයා නිහඬ විය.
ස්වල්ප මොහොතකින්
A: දැන් ඉතින් සිග්නල් නෑ අඹේවෙල යනකම්. මෙතන ඉඳන් ඔහියට යනකම් බිංගෙවල් 14ක් තියෙනවලු. ලංකාවේ station දෙකක් අතර වැඩිම තියෙන බිංගෙවල් මෙතන තියෙන්නේ. Night mail එක එක sare බිංගෙවල් 3ක් ඇතුලෙන් යනවා ලු.
සන්නා (උපුල් ශාන්ත සන්නස්ගල) කියන්නේ මේක මහ සුන්දර දුකක් කියලා. ඒ දවස් වල radio එකේ ගියා හීන ඇහිඳින යාළුවෝ කියලා වැඩ සටහනක් එකේදි තමයි කිව්වේ පැය 8න් බස් එකේ යන්න පුළුවන් ගමන පැය 12ක් train එකේ යන එක මහා සුන්දර දුකක් කියලා.
හෙමින් හෙමින් ආපු දුම්රිය ඔහියට අවා. හෝර්ටන් තැන්න බලන්න යන නඩේ එයාලගේ ගමන් පටන් ගද්දී සුපුරු විදියටම ආයෙත් ස්ථානාධිපති තුමාගේන් සංඤාව ලැබුණා ගමන ආරම්භ කරන්නට. එන්න එන්නම පරිසරය වෙනස් වෙනවා. ඈතින් මනස්කාන්ත දසුනක් දකිනවාත් සමගම එකම හූ හඬකි. සියල්ල අඳුරු විය. මෙතෙක් වේලා අව් රශ්මිය සමඟ පැමිණි දුම්රිය අඳුර බිඳිමින් සුළු මොහොතකට පසු අඳුර බිඳ ආලෝකයට විවර විය. ඒ පහුවුයේ 18 බිංගෙයයි.
වඩේ රටකජු වෙළෙන්දන් බොහෝමයි. හැබැයි මොවුන් සියලු දෙනා මුණ බලා ඔබට පරණ ඒවා දෙන්නත් අලුත් ඒවා දෙන්නත් බොහෝ දක්ෂයි. ඒ වගේම දන්න ඉංගිරිසි වචන දෙක තුනෙන් සුදු නෝනා මහත්තයාලට වඩයක් කවන්නත් පුදුම උනන්දුවක් තියෙන්නේ. උණු කෝපි nescafe අරන් යන තරුණයෙක් ඉඳහිට කෝපි කෝපි කියා ගමන් ගනී.
Summit level (මුහුදු මට්ටමේ සිට දුම්රිය මගේ උසම ස්ථානය) පසු කරමින් පට්ටිපොල දුම්රිය ස්ථානය වෙත සේන්දු උනේය. ඇගේ හිරි ගඩු පිපුණේ ය. ඒ සිතලටය. පට්ටිපොල යනු ලංකාවේ උසම දුම්රිය ස්ථානයයි. අඹේවෙල පසු කරමින් පැරකුම්පුර නවතන විට හදිසියෙන් මෙන් බැලුවේ ඇයි ද කියා, පසුවයි තේරුම් ගියේ කුඩා දුම්රිය ස්ථානයක් කියා.
නානුඔයට ළං වෙත්ම නුවර සිට පැමිණෙන දුම්රිය අනෙක් වේදිකාවේ විය. බොහෝ විදේශිකයින් බැස ගියේ නුවර එළියේ යන්නටය. ඒ අතර කෙනෙක් දුවගෙනවිත් පෙට්ටියක් දිගු කරයි. මහත්තයා ස්ට්‍රෝබෙරි...
එකක් ගන්න 200යි
බණ්ඩාරවෙල සිට රාගමට 180ක් දී දුම්රියට නැගුණු කොලූගැටයා අහක බලා ගත්තේ මද කේන්තියක් පෙන්වමිනි. එය මා දුටුවේ ඔහුට එය ගන්නට උවමනා උවත් එය මිලදී ගැනීමට තරම් මුදල් නොමැති බවයි.
රදැල්ල පසුකරමින් ග්‍රේට් වෙස්ටර්න් වෙත දුම්රිය සේන්දු වෙද්දී ශ්‍රී පාද කන්ද පෙනෙන්ට විය. Lemon puff දැන්වීමත් මතක් කරන් වටගොඩ තලවකැලේ ට දුම්රිය පැමිණියේ ය. කොටගල හැටන්ය. වේලාව උදේ 11.00 පමණ විය. උදෑසන කොළඹින් 05.55 දුම්රිය පළමු වේදිකාවට පැමිණියේ ය. දුම්රිය දැන් සීඝ්‍රගාමි ලෙස කියා මන්දගාමීව ගමන් අරඹයි.
A: කෝපි එකක් දෙන්න කියා රු.20ක් දිගු කළේය
මදක් ඔහු දිහා බලා සිටි මන් දුටුවේ ඔහු තම අත් දෙකෙන්ම කෝපි කෝප්ප අල්ලාගෙන කට පිච්චෙයි දෝ නැද්දෝ කියා කෝපි බොන බවයි.
ඒ අතර තුරේ ජංගම දුරකථනය දිහා බලමින් විටින් විට සිනා සෙයි. නැවත සිය ලෝකේ තනිවෙයි. පුරා හෝරාවක ගමනාන්තය නාවලපිටිය විය. බොහෝ දෙනාට නින්ද ගිහින් ය.
බොහෝ වේලාවක් නවතා තිබෙන්නේ මන්දැයි විපරම් කරද්දී තරුණයා හඬ අවදි කළේය.
A: gurad මහත්තුරු යි, රියදුරෝ දෙන්නයි මාරු වෙනවා එකයි මේ.
ඔහු නින්දට වැටුනි නැවතත්.
වේලාව සවස 3 පමණ විය. දුම්රිය රාගමට ලංවිය තරුණයා දුම්රියෙන් බැස ගමන් වීදිය ඔස්සේ ගමන් කරේ දිවා ආහාරය ගන්නට කියා පෙනෙන්ට විය. පසුම්බිය වෙත අත යොමා බැලුව ඔහු කලබල විය. නැවත දුම්රිය දිහා බැලූ ඔහු සිය කලිසම් සාක්කු පරීක්ෂා කළේය. බලාපොරොත්තු රහිත වූ අයෙක් මෙන් කලබලයෙන් හැසිරෙයි.
මතු සම්බන්ධයි
මාප්‍රපත