Headline News

  • Home
  • Headline News

Headline News Get the latest news and information on the top stories. Politics, business, entertainment, and more. For in-depth coverage, HEADLINE NEWS provides special

Headline News Official page. www.headlinenews.lk

02/10/2025

තාජුඩීන්ගේ සිද්ධිය;
ආණ්ඩුව ඊයේ වැඩේ අනා ගත්ත බව
නාමල් කියයි.

නෙවිල් 17 වන දා දක්වා රිමාන්ඩ්..!අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආර...
02/10/2025

නෙවිල් 17 වන දා දක්වා රිමාන්ඩ්..!

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරී නෙවිල් වන්නිආරච්චි, ලබන 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

02/10/2025

කොමිෂන් සභාව තීරණය කළොත්
බලශක්ති ඇමති කුමාර ජයකොඩිට නඩු දානවා..

02/10/2025

මුස්ලිම් කාන්තාවන්
මුහුණ ආවරණය කර ගැනීම ගැන
පොහොට්ටු පක්ෂයේ හිටපු ඇමතිගෙන්
ඉමහත් පැසසුම්..!

හිටපු ජනාධිපති මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියා අත්අඩංගුවට. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරි...
02/10/2025

හිටපු ජනාධිපති මහින්දගේ
ප්‍රධාන ආරක්ෂක නිළධාරියා
අත්අඩංගුවට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියා වූ නෙවිල් වන්නිආරච්චි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

"ඔහු ගැන කණගාටුයි..!යම් පිරිසක් මගේ දරුවා ඔවුන්ගේ අරමුණකට පාවිච්චි කරනවා."අනුර විදානගමගේ (කජ්ජා) ගේ බිරිඳ චෝදනා කරයි. තා...
02/10/2025

"ඔහු ගැන කණගාටුයි..!
යම් පිරිසක් මගේ දරුවා
ඔවුන්ගේ අරමුණකට පාවිච්චි කරනවා."
අනුර විදානගමගේ (කජ්ජා) ගේ බිරිඳ චෝදනා කරයි.

තාජුඩීන්ගේ මරණය සිද්ධ වූ දා, තාජුඩීන් ගමන් ගත් මෝටර් රථය හඹාගිය පිරිස අතර තම සැමියා වන අනුර විදානගමගේ හෙවත් කජ්ජා සිට ඇති බව, කජ්ජාගේ බිරිද විසින් හදුනාගෙන තිබුණි.

එම ප්‍රවෘත්තිය රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ අතර, එම අනාවරණය සිදු වූ දිනට පසුවදා, එනම් ඊයේ දිනයේ දී, කජ්ජාගේ වැඩිමල් දරුවා සමාජ මාධ්‍යයේ ඔස්සේ සහ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ඉදිරියේ ඒ පිළිබදව අදහස් දක්වා තිබුණි.

එහිදී එම දරුවෝ චෝදනා කර තිබුණේ, සිය මව විසින් පවසා ඇති සියල්ල අසත්‍යය බවයි.

එමෙන්ම, සිය පියාගේ මරණය සම්බන්ධයෙන් සිය මව සහ ඇගේ පෙම්වතා වගකිව යුතු බවටද ඔහු චෝදනා කර තිබුණි.
දරුවාගේ එම ප්‍රකාශය පිළිබදව අද දිනයේ දී ඔහුගේ මව විසින් යූ ටියුබ් නාලිකාවකට අදහස් දැක්වීමක් සිදු කර තිබේ.

මව පවසන ආකාරයට, මෙම පිරිමි දරුවා මෙවැනි ප්‍රකාශයක් සිදුකර තිබෙන්නේ, තෙවන පාර්ශ්වයක බලපෑමකට යටත් ව යි.
එම තෙවන පාර්ශ්වයට, ඇය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් සාක්ෂ්‍යය බාල්දු කිරීමේ අවශ්‍යතාවයක් පවතින අතර, ඒ සදහා ඔවුන් සිය දරුවා යොදා ගනිමින් සිටින බව ඇය චෝදනා කරයි.

02/10/2025

“මං කොණ්ඩෙ වවන් එනවා,
කැමති දෙයක් කරන්ඩ” කියලා
ළමයෙක් විනය භාර ගුරුතුමාට කියලා.

02/10/2025

සමාජයේ යම් තැනක අද මම ඉන්නේ
එදා දඩුවම් වින්ද නිසා..!

02/10/2025

නන්දනයි - ගම්මන්පිලයි
දෙන්නම ලෑස්ති වෙන්න..!

02/10/2025

අළුත් නීතියෙන්
දෙමව්පියන් යහපත් වේවිද..?

"දිනූ කුලානය අවශ්‍යනම්ඩුබායි හී මගේ කාර්යාලයට පැමිණ එය ගෙන යන්න..!"ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මෝසිං නක්වී ඉන්දිය...
02/10/2025

"දිනූ කුලානය අවශ්‍යනම්
ඩුබායි හී මගේ කාර්යාලයට පැමිණ
එය ගෙන යන්න..!"
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති
මෝසිං නක්වී ඉන්දියාවට කියයි.

සියතින් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ ආසියානු කුසලානය, එය දිනූ ඉන්දීය කණ්ඩායමට අවශ්‍ය ඕනෑම මොහොතක ප්‍රධානය කිරීමට සූදානම් බව, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මෝසිං නක්වී පවසයි.

2025 ආසියානු ක්‍රිකට් කුසලානය දිනූ ඉන්දීය කණ්ඩායම, එම කුසලානය, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මෝසිං නක්වී මහතා අතින් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළේ ය.

ඊට හේතුව, මෝසිං නක්වී, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරයට අමතරව, පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයද හෙබවීමයි.

එමෙන්ම, මෝසිං නක්වී පාකිස්තාන ජාතිකයෙකි.

ඉන්දීය පිල සහ පාකිස්තාන පිල මෙවර පැවති ආසියානු කුසලාන තරගාවලියේ මුණ ගැසුණු පළමු තරගයම ආන්දෝලනාත්මක තරගයක් වූවේ, ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම, පරාජිතයන් සමඟ අතට අත දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

එදා මෙදා තුර ඕනෑම සැප්තැම්බරයක පැමිණ තිබෙන වැඩිම සංචාරක පැමිණීම මේ සැප්තැම්බරයේ..!පැමිණ තිබෙන සංචාරකයන් ගණන 158,971 යි.එ...
02/10/2025

එදා මෙදා තුර ඕනෑම සැප්තැම්බරයක පැමිණ තිබෙන
වැඩිම සංචාරක පැමිණීම මේ සැප්තැම්බරයේ..!
පැමිණ තිබෙන සංචාරකයන් ගණන
158,971 යි.

එදා මෙදා තුර ගෙවුණු කාලයේ, ඕනෑම සැප්තැම්බරයක පැමිණ තිබෙන සංචාරකයන් අතරෙන් වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් දිවයිනට පැමිණි සැප්තැම්බර් මාසය මේ සැප්තැම්බර් මාසය බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.

මීට පෙර, සැප්තැම්බර් මාසයක වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ 2018 වසරේ සැප්තැම්බරයේ දී ය.

2018 වසරේ සැප්තැම්බරයේ පැමිණ තිබෙන සංචාරකයන් ගණන 149,087 කි.

Address


Alerts

Be the first to know and let us send you an email when Headline News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Headline News:

  • Want your business to be the top-listed Media Company?

Share

Our Story

Get the latest news and information on the top stories. Politics, business, entertainment, and more. For in-depth coverage, HEADLINE NEWS provides special reports, interviews, analysis and video to keep you updated on the latest news.