Rajarata Urumaya

  • Home
  • Rajarata Urumaya

Rajarata Urumaya Look our heritages the Kingdom of Rajarata

24/03/2023
07/02/2023
12/06/2022
11/06/2022

බාටර් ක්‍රමය 🖐

11/07/2021
26/09/2020

අනුරාධපුර හදවත❤️
රුවන්වැලි මහ සෑය🙏😇

26/09/2020

අනුරාධපුර සියළුම Police Station වල දුරකථන අංක 👇
#කාටහරි_ඕන_වෙයි ❤
රජරට අපේම YouTube චැනල් එකත් Subscribe කරන්න 💓👇
https://youtu.be/Imubep0F_ac

24/09/2020

හදවතින්ම අනුරාධපුර❤️🤟

20/09/2020
12/09/2019

I.M. රවිඳු දිල්ශාන් ඉලංගකෝන් මේ වන විට මුලු රටම හදුනන දක්ෂ පරිඝණක මෘදුකාංග ඉන්ජිනේරු වරයෙකි. 1996 නොවැම්බර් 26 දින තඹුත්තේගම දී උපත ලැබූ රවිඳු දිල්ශාන් මහතා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විදුහලේ ආදිශිෂ්‍යයෙකි.

සිංගප්පූරුවේ දී VIVO Web Community සංවිධානය කරනු ලැබූ නගර ඩිජිටල් කරනය පිලිබද අදහස් හා වෙබ් අදහස් තේරීමේ තරගාවලියේදී ඔහු විසි 2017 වර්ෂයේ ආරම්භ කරනු ලැබූ ඉ-නගරය ව්‍යාපෘතිය වන Thambuttegama.com නාගරික වෙබ් ව්‍යාපෘතිය මේ සදහා ඉදිරිපත් කරනු ලැබුවේය. එම ව්‍යාපෘතිය ලොව හොදම වෙබ් අදහසක් ලෙසද ලොව හොදම වෙබ් අදහස් ඇති පුද්ගලයන් 5 අතරට තේරී පත් විය. ඒ සදහා සහතික පත් ප්‍රදානෝත්සවය පසුගියදා සිංගප්පූරුවේ දී පැවැත්වුනි.

ශ්‍රී ලංකා මෑණියන්ගේ කීර්ති නාමය ලෝකයට ගෙන ගිය, රජරටින් බිහිවී රටට අභිමානයක් ගෙන ආ මේ දක්ෂ පරිඝණක ශිල්පියාට රජරට අපේ උණුසුම් සුභපැතුම් 👍❤

18/08/2019

රජරට තඹුත්තේගම කුඩා ගමක ඉපිද, ජාතික විශ්වවිද්‍යාලයකින් විද්‍යාවේදී උපාධිය ලබා, ඉතාමත්ම අසීරුම අවධියක ජවිපෙ දේශපාලනයට පිවිසි, හිටපු කෘෂිකර්ම, ඉඩම් සහ වාරිමාර්ග ඇමතිවරයෙක්ද වූ, ජනතාවගේ හිතවතා සහ හොරුන්ගේ, මිනීමරුවන්ගේ භීතිකාව බවට පත්වූ අසහාය නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයා අපි අපගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන බව සතුටින් දන්වා සිටිමු!

11/02/2019

Duruthu Perahera Thambuttegama Organized by Thambuttegama Samadhi Buddhits Center , Veheragala Buddhits Center and Thambuttegama others.Thambuttegama Official Photography By Imagine Creations Professional Photography.If you have any complain about us contact us using given contact details.Contact us for your event.

Photographer | Chamendra
Imagine Creations Professional Photography

29/01/2019
11/01/2019

කාලෙකට පස්සෙ පොලොන්නරුවෙ ගියා..
කොච්චර දැක්කත් තවත් වතාවක් දකිනකොට ඒ අතීත නටඹුන් අලුතින් දැක්කා වගේමයි.. ලොකු උනන්දුවක් කුතුහලයක් ඇති වෙනවානෙ...
ඉතින්.. තැන් තැන් වලින් ගත්ත පුංචි පුංචි විස්තර පොත් පිංචවල් බල බලා.. ඒ ඒ තැන් වල පුරා විද්‍යා දෙපාර්තමෙන්තුවෙන් ගහල තිබ්බ විස්තර පුවරු කියව කියව අපි නටඹුන් බැලුවා...
ආලාහන පිරිවෙන ගාවදි අපිට මුණ ගැහුණා එක මනුස්සයෙක්..
වයසක කෙසග මනුස්සයෙක්..
ආලාහන පිරිවෙන ගැන විස්තර ගොඩක්, අපූරු කතන්දර ගොඩක් ඒ මනුස්සයා ලස්සනට කියා දුන්නා ...
“මේ හරියේ තියෙන නටඹුන් ටික ගැන කියාදෙන්න අපිත් එක්ක යමු නේද..?“ අපි ඒ මනුස්සයාට යෝජනා කළා.
හැම නටඹුන් ස්ථානයක් ගැනම අපූරු විස්තර.. අපේ ඉතිහාසයේ ජනකතා.. සිංහල ජාතියේ අභිමානය ගැන.. හරිම අපූරු විස්තරත් එක්ක අපි නටඹුන් බැලුවා..
අපිට විස්තර කියා දුන් මහලු මනුස්සයා කාලෙකින් මුණ ගැහුණු නෑදෑයෙක් වගේ හිතවත් වුණා...
හරිම වෙහෙසයි.. තැඹිලි ගෙඩියක් බීලා ටිකක් ගිමන් අරින්න අපි එක තැනක නැවතුණා..
“තැඹිලි ගෙඩියක් බොමු.. එක දිගට කතා කළානෙ.. මේ රස්සාවත් ලේසි නෑ නේද..?“
මං කිව්වා..
“අනේ මිස්.. මං ගයිඩ් කෙනෙක් නෙවෙයි.. මට ඉංග්‍රීසිත් බෑ... සමහරු හිතේ සන්තෝසෙට එක එක දේවල් දීලා යනවා තමයි.. ඒත් මං රස්සාවට ගයිඩ් වැඩේ කරන කෙනෙක් නෙවෙයි..“
“එහෙනම්...?“
“මං මේ පුරාවිද්‍යා එකේ මුර වැඩක් කරන්නෙ.. රස්සාව කරගෙන මෙතන එහෙට මෙහෙට ඇවිදින ගමන් මෙතනට එන ඈයින්ට මං දන්න දේ කියලා දෙනවා.. මේවා දකින දකින වාරෙට හිතට හරි කැක්කුමක් එනවා මිස්.. අපි සිංහලයො.. කොයි තරම් නම්බුකාර ජාතියක්ද කියලා මේ එන එක්කෙනෙකුට දෙන්නෙකුටවත් තේරුම් ගියොත් ඇති කියලයි මම මෙහෙම කියලා දෙන්නේ... කවුරුවත් මට සල්ලි නොදුන්නත් මොනවත් නොදුන්නත් අහිතක් නෑ..“
“ඒ වුණාට මේක හරිම වටින වැඩක්... කිසිම කෙනෙක් නොදන්න කොයි තරම් දේවල් ටිකක් අද අපිට කියලා දුන්නද..“ මං කිව්වා..
“ඒත් මිස්... හිතට හරි වේදනයි නේද.. සුද්දො කැලෙන් එලියට එනකොට අපේ සිංහල ඇත්තො ෂවර් එකෙන් නාලත් තියනවා.. ඉස්පිරිතාලත් හදලා ඔපරේෂන් හිට කරලා තියනවා.. ඒත් අද අපේ උන්ට සුද්දට වැඩිය එකෙක් නෑ.. අපි අවුරුදු දාස් ගානක් පස්සට ගිය ජාතියක් නේද..“
“ම්...“
“මේ තරම් දේවල් හදාපු මුතුන් මිත්තන්ගෙ මී මුණුපුරෝ සොච්චමට දෙකට විකුණන්න සුද්දන්ගෙ පස්සෙන් ලී කෑලියි පොතුයි පිලිමයි මාලයි අරන් දුවන හැටි පේනවද මිස්..? මහ විලි ලැජ්ජාවක් දැනෙනවා නේද..?“
“හ්ම්.. ඇත්ත තමයි..“
“ අද අපේ ඈයින්ට මෙව්වා ගැන උනන්දුවක් ඕන කමක් නෑ.... අගයක් නෑ.. කාලකණ්ණි ජාතියක් වෙලා.. අපටත් වැඩිය කාලකණ්ණියි අපේ දරු මුණුපුරු පරම්පරාව.. උන්ට මේවයෙ ගඩොල් කෑලි ටිකවත් ඉතිරි වුණොත් ඇති..“
වචන වලට පෙරල ගන්න බැරි මහා බරක් හිතට දැනුනා....
මන්දා...
ඒ අපූරු සුන්දර මනුස්සයට පින් දෙනවා ඇරෙන්න එයා කියපු දේවල් වලට උත්තර දෙන්න නම් මටත් බෑ....

11/01/2019

Address


Telephone

+94773766100

Website

Alerts

Be the first to know and let us send you an email when Rajarata Urumaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rajarata Urumaya:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share