Plan Your Life Today

  • Home
  • Plan Your Life Today

Plan Your Life Today Motivation Academy

09/02/2022
30/01/2022
"Team Work" එහෙමත් නැත්නම් කණ්ඩායම් ක්‍රියාකාරකම් අපේ ජීවිතයට ගොඩාක් වැදගත් ශක්තියක්.බලන්න ඉතා පුංචි කූඹියෝ කණ්ඩායමක් එක...
18/07/2020

"Team Work" එහෙමත් නැත්නම් කණ්ඩායම් ක්‍රියාකාරකම් අපේ ජීවිතයට ගොඩාක් වැදගත් ශක්තියක්.බලන්න ඉතා පුංචි කූඹියෝ කණ්ඩායමක් එකතු වෙලා දිනපතා කරන ක්‍රියාකාරකම් වල අපූරුව.උන් කෑම හොයන්න යද්දී එක් අයෙකුට තනිව ඔසවාගෙන යා නොහැකි කෑම කැබැල්ලක් හමුවූ විට අනෙක් සියලු කුහුඹුවන් තමන්ගේ සගයගේ සහයට එන එක කෙතරම් විශ්මයජනක ද?.. සමාජයේ වෙසෙන අපිට මේ කුහුඹුවන් ගෙන් ලබා ගත හැකි හොදම ආදර්ශය එය නොවේද.. මා විශ්වාස කරන ආකාරයට අපගේ පවුල තුල, යහලුවන් අතර වගේම අප වැඩ කරන සමාජසේවා ආයතන තුල මෙන්ම අපගේ රාජකාරී ස්ථානයේ දීත් අපගේ මේ Team work සංකල්පය අපට හැකි අයුරින් පවත්වා ගෙන යා හැකි නම් මනුෂ්‍යයන් විදියට අපට අපේ ජීවිත වඩාත් සුන්දර කරගැනීමට හැකි වේවි.ඉතින් අපි සැවොම එක්වෙමු.එක්ව නැගිටිමු.ඔබට ජය!

- ශ්‍රියාල් උදයංග -
Plan Your Life Today

අපේ බුදුරජාණන් වහන්සේ විසින් ගිහි ජීවිතය වඩා සාර්ථක කරගැනීම උදෙසා සදිසා නමස්කාරය නම් මිත්‍යා දර්ශනයක් අදහමින් සිටි සිගාල...
26/04/2020

අපේ බුදුරජාණන් වහන්සේ විසින් ගිහි ජීවිතය වඩා සාර්ථක කරගැනීම උදෙසා සදිසා නමස්කාරය නම් මිත්‍යා දර්ශනයක් අදහමින් සිටි සිගාල නම් ගෘහපතියා වෙත වදාල " සිගාලෝවාද සූත්‍රය " ඇසුරින් මෙම සටහන තබන්නෙමි.සිගාලෝවාද සූත්‍රයේ දෙමාපියන් විසින් සිය දූ දරුවන් උදෙසා යුතුකම් ඉටුකල යුතු ආකාරය මෙන්ම දූ දරුවන් විසින් දෙමාපියන් වෙනුවෙන් ඉටු කලයුතු යුතුකම් මාලාවක් උන් වහන්සේ විසින් දේශනා කර ඇත.මෙම ඉගැන්වීම් ජාති ආගම් භේදයකින් තොරව පිළිපැදීමෙන් අපගේ ගිහි ජීවිතය වඩා සාර්ථකව ගත කිරීමට හැකි බව මාගේ පරම විශ්වාසයයි.
මෙහිදී දෙමාපියන් විසින් සිය දරුවන් උදෙසා,

01.දරුවන් අකුසල් ක්‍රියා වලින් වැලැක්වීම.
02.දරුවන් කුසල් ක්‍රියා වෙත යොමුකිරීම.
03.දරුවන්ට හොදින් ඉගැන්වීම .
04.දරුවන් ගේ විවාහ කටයුතු සිදු කර දීම.
05.නිසි කල දරුවන් වෙත සිය දායාද පැවරීම.

යන යුතුකම් ඉටු කල යුතු අතර,

දරුවන් විසින් දෙමාපියන් වෙනුවෙන් ,

01.මව්පියන් පෝෂණය කිරීම.
02.මව්පියන් ගේ අවශ්‍යතා ඉටුකිරීම.
03.සිය පරම්පරාව පවත්වා ගෙන යාම.
04.දෙමාපියන් විසින් දායාද කල දේපල රැකගැනීම.
05.දෙමාපියන් මිය ගියපසු ඔවුන් වෙනුවෙන් පින්පෙත් පැමිණවීම.

යනාදී යුතුකම් ඉටු කල යුතුය.
වැදගත්ම කාරණය නම් තමාට අනෙකුත් පාර්ශ්ව වලින් යුතුකම් ඉටු වුණත්, නොමැති වුවත් තමාගේ අතින් ඉටු කලයුතු යුතුකම් මාලාව නොපිරිහෙලා ඉටු කිරීමයි.එවිට ඔබේ ගිහි ජීවිතය වඩා සාර්ථක වේවි.

නමෝ බුද්ධාය 🙏

(මෙහි එන ධර්ම කරුණු බුද්ධ ධර්මය ඇසුරින් මා මතකයේ ඇති අදහස් මෙසේ සටහන් කලෙමි.)

මාවත...තවත් ජයග්‍රාහී දිනයක ආරම්භයකි.උදෑසන අවදි වීම මාහට  මදක් අසීරු වුවද, මාවතට බට පසු පෙර තිබූ අසීරුතා සියල්ල මගහැරී ය...
17/12/2019

මාවත...

තවත් ජයග්‍රාහී දිනයක ආරම්භයකි.උදෑසන අවදි වීම මාහට මදක් අසීරු වුවද, මාවතට බට පසු පෙර තිබූ අසීරුතා සියල්ල මගහැරී යන්නේ ආලෝකයෙන් පලා යන අදුර මෙනි.මන්දයත් සාර්ථකත්වය කරා යන ගමනේ කෙතරම් බාධක කම්කටොළු වලට මුහුණ දුන්නද, අවසානයේ අවශ්‍ය වනුයේ මා මුහුණ දුන් බාධාවන් කෙතරම් ද නොව, එසේ බාධාවන් මධ්‍යයේ මා ලබා ගත් ජයග්‍රහණය කුමක්ද යන්න නොවේද.... දවසින් දවස මොහොතින් මොහොත අලුත් වෙන ලෝකයේ කෙතරම් බාධාවන් පැමිණියද, තැලෙන්නට තැලෙන්නට මුවහත් වන යකඩයක් මෙන් අප සිත ශක්තිමත් කරගත යුතුමය.මන්ද අපගේ ගමන තීරණය කරනුයේ අප මිසක් වෙනකෙකු නොවන නිසාවෙනි.

ඔබේ ගැලවුම්කරුවා ඔබමය.ඔබ ඔබ වෙනුවෙන් මහන්සි වෙන්න.මන්දයත් කිසිවෙකුත් ඔබ වෙනුවෙන් මහන්සි නොවන බැවිනි.
13/07/2019

ඔබේ ගැලවුම්කරුවා ඔබමය.ඔබ ඔබ වෙනුවෙන් මහන්සි වෙන්න.මන්දයත් කිසිවෙකුත් ඔබ වෙනුවෙන් මහන්සි නොවන බැවිනි.

08/02/2019
😎😎😎😎😎Let's Go 💪💪
18/10/2018

😎😎😎😎😎Let's Go 💪💪

Most important theory
29/09/2018

Most important theory

Every leader of an emerging business knows that there are fundamentals that must be mastered to foster business growth and success. A quality solution offering. Excellent customer service. Focused sales. Targeted and compelling marketing. Money! If growth were merely a matter of assembling the talen...

Your future on your hand.this is your life.
25/08/2018

Your future on your hand.this is your life.

කිසිදු විටෙක ඔබේ සිහින අවතක්සේරුවෙන් කතා නොකරන්න.යමකින් ඔබ අසාර්ථක වූයේනම්,නැවත වරක් ඔබේ රාජකාරිය පිලිබඳව සිතා බලන්න.කොත...
24/08/2018

කිසිදු විටෙක ඔබේ සිහින අවතක්සේරුවෙන් කතා නොකරන්න.
යමකින් ඔබ අසාර්ථක වූයේනම්,
නැවත වරක් ඔබේ රාජකාරිය පිලිබඳව සිතා බලන්න.
කොතැනක හෝ සුලු අතපසුවීමක් ඇති.එය හදුනාගෙන එයට විසදුම් සොයන්න.
අවසානයේ ඔබ අසමසම සාර්ථකත්වයක හිමිකරුවෙකු වී හිදීවි.
ඔබ ඔබ පිලිබඳව විශ්වාස කරන්න.

අභියෝග වලට ආශා කරන්න.ඔබට ජීවිතය සරලව දැනේවි.ඔබට ජය!!!
23/08/2018

අභියෝග වලට ආශා කරන්න.ඔබට ජීවිතය සරලව දැනේවි.
ඔබට ජය!!!

නොවෙනස්ව සිය සාර්ථකත්වයේ  අරමුණු හඹා යන්නන් වීරයන් බිහිකරයි.ප්‍රමාද නොවන්න.ඔබට ජය!
22/08/2018

නොවෙනස්ව සිය සාර්ථකත්වයේ අරමුණු හඹා යන්නන් වීරයන් බිහිකරයි.
ප්‍රමාද නොවන්න.
ඔබට ජය!

ප්‍රමාද නොවන්න.ඔබට ජය!!!
20/08/2018

ප්‍රමාද නොවන්න.
ඔබට ජය!!!

බැදීමක වටිනාකම වැටහෙනුයේ එම බැදීම පවතින කාලයේ නොව එකී බැදීම අපෙන් වෙන්වූ කාලයේදීය.......
19/08/2018

බැදීමක වටිනාකම වැටහෙනුයේ එම බැදීම පවතින කාලයේ නොව එකී බැදීම අපෙන් වෙන්වූ කාලයේදීය.......

තීරණයක් ගැනීමෙන් පසු ඒ පිලිබඳව පසුතැවිලි වීම ඔබ දුර්වලයෙක් බව සනාථ කරයි.
18/08/2018

තීරණයක් ගැනීමෙන් පසු ඒ පිලිබඳව පසුතැවිලි වීම ඔබ දුර්වලයෙක් බව සනාථ කරයි.

ජීවිතය දෙස වෙනස් ඇසකින් ....
17/08/2018

ජීවිතය දෙස වෙනස් ඇසකින් ....

ජීවිතය සරලව දකින්නට...
16/08/2018

ජීවිතය සරලව දකින්නට...

ජීවිතයේ සුන්දරත්වය අත්විඳින්නට...
15/08/2018

ජීවිතයේ සුන්දරත්වය අත්විඳින්නට...

ඔබේ වටිනාකම දැනගන්න.
15/08/2018

ඔබේ වටිනාකම දැනගන්න.

ඔබත් සාර්ථකත්වය ලුහුබදින්නෙක් ද ?  එසේනම් මතක තබාගන්න. ඔබ යන ගමනේ "මහන්සිය" යනු වචනයක් ම බව.එයට වටිනාකමක් නොදෙන්න.එවිට ඔ...
15/08/2018

ඔබත් සාර්ථකත්වය ලුහුබදින්නෙක් ද ? එසේනම් මතක තබාගන්න. ඔබ යන ගමනේ "මහන්සිය" යනු වචනයක් ම බව.එයට වටිනාකමක් නොදෙන්න.එවිට ඔබට සාර්ථකත්වයේ මං සලකුණු මනාව දර්ශනය වනු ඇත.ඔබ සාර්ථකත්වට පැමිනි පසු මහන්සිය පිලිබඳව සිතන්න.
මොහොතක් සිතන්න.
ප්‍රමාද නොවන්න.
ඔබට ජය!!!

- ශ්‍රියාල් උදයංග -

ජීවිතය පුදුමයි නේද ?ඔබේ ජීවිතයටත් හිතා ගත නොහැකි තරම් ප්‍රශ්න පැමිණෙනවාද? ඔබ දන්නවාද ?මේ ලොව පහල වූ ශ්‍රේෂ්ඨ ගනයේ සියල්ල...
14/08/2018

ජීවිතය පුදුමයි නේද ?
ඔබේ ජීවිතයටත් හිතා ගත නොහැකි තරම් ප්‍රශ්න පැමිණෙනවාද? ඔබ දන්නවාද ?
මේ ලොව පහල වූ ශ්‍රේෂ්ඨ ගනයේ සියල්ලන්ම ප්‍රශ්න වලින් හෙම්බත් ජීවිතයක් ගත කල අය බව.අප සහ ඔවුන්ගේ අතර වෙනස නම් අප ප්‍රශ්න ලෙස හදුන්වන සියල්ල ඔවුන් අභියෝග ලෙස සැලකීමයි.
අපිත් අද ඉදන් ජීවිතය අලුත් විදියට දකිමු.ප්‍රශ්න සිනාමුසුව පිලිගමු.
ප්‍රමාද නොවන්න.
ඔබට ජය!!!

- ශ්‍රියාල් උදයංග -

" ශා... රස කෑමක් 😃  රසට ඇති.ඒත් මගේ පැටියට හොද නැති උනොත්... එක්කො මං කන්නෙ නෑ ඒවා" මේ තමයි ඔබ මෙලොව ඉපදෙන්න කලින් කලින්...
13/08/2018

" ශා... රස කෑමක් 😃 රසට ඇති.
ඒත් මගේ පැටියට හොද නැති උනොත්... එක්කො මං කන්නෙ නෑ ඒවා" මේ තමයි ඔබ මෙලොව ඉපදෙන්න කලින් කලින් ඔබේ අම්මා තමන් ගොඩාක් ආස කරන කෑමක් දිහා බලපු විදිය...
"අද නම් ගොඩාක් මහන්සියි. වෙලාවට මේ ඔක්කොම දාලා නිදහසේ ඉන්න හිතෙනවා.ඒත් අනේ මගේ දරුවයි බිරිඳයි වෙනුවෙන් නේ මේ ඔක්කොම කරන්නේ..ඔව් මං තව මහන්සි වෙලා හම්බ කරන්න ඕනී..." මේ තමා ඔබ ඉපදෙන්න කලින් තාත්තලා ඔබ ගැන හිතපු විදිය.ඔබට ඔබේ ගමන පිලිබඳව අලසබවක් දැනෙනවනම් , ජීවිතය ගැන කලකිරීමක් දැනෙනවනම් මේ ලෝකේ ඔබට වැඩිපුරම ආදරේ කරන දෙමව්පියන් ගැන හිතන්න.
ඔබේ සාර්ථකත්වය ඔබට වත් නැවැත්වීමට නොහැකි වේවි.
ඔබට ජය!!

- ශ්‍රියාල් උදයංග -

ඔබ දන්නවද?මෙලොව වෙසෙන සියල්ලෝම සාර්ථකත්වය කරා යාමට කැමැත්තෝ වෙති.එහෙත් මෙකී සියල්ලන්ගේම පලමු ප්‍රශ්නය නම්,මා සාර්ථකත්වය ...
12/08/2018

ඔබ දන්නවද?
මෙලොව වෙසෙන සියල්ලෝම සාර්ථකත්වය කරා යාමට කැමැත්තෝ වෙති.එහෙත් මෙකී සියල්ලන්ගේම පලමු ප්‍රශ්නය නම්,
මා සාර්ථකත්වය යන ගමනට ආරම්භය ලබා ගත යුත්තේ කෙසේද යන්නයි.මෙය ඉතාමත් සරලයි.ශක්තීන් 03 කින් ඔබේ සාර්ථකත්වය ලගා කරගන්න.
01.ආරම්භක ශක්තිය
මෙහිදී ඔබට තමාගේ ගමන පිලිබදව නිවැරැදි දැක්මක්, ඒකායන අරමුනක් සහ නිවැරැදි සැලැස්මක් තිබිය යුතුයි.

02. ක්‍රියාත්මක කරගෙන යාමේ ශක්තිය
මෙහිදී සාර්ථකව ඔබ සැලසුම් කල කී දේ නොකඩවා ක්‍රියාත්මක කිරීම කල යුතුයි.

03. සාර්ථකව අවසන් කිරීමේ ශක්තිය
මෙහිදී ඔබ ආරම්භයේ සැලසුම් කල පරිදි ඔබේ සමස්ථ ක්‍රියාවලිය අවසන් කල යුතුයි.
( සැලකිය යුතුයි : ඔබ යන ගමන මැදදී යම් යම් අර්බුද එනම් ප්‍රශ්න වලදී ඔබට ඔබේ සැලසුමේ වෙනස්කම් සිදු කිරීමටද සිදුවන බව මතක තබා ගන්න)
ප්‍රමාද නොවන්න.
ඔබට ජය!!!
- ශ්‍රියාල් උදයංග -

ඔබ දැන සිටියාද?මෙලොව උපදින සෑම කෙනෙක්මශක්තීන් සමුදායක් සමග උපදින බව.එම ශක්තීන් දක්ෂතා ලෙස ඔප නංවා ගැනීමට හැකිවූයේ අතලොස්...
11/08/2018

ඔබ දැන සිටියාද?
මෙලොව උපදින සෑම කෙනෙක්ම
ශක්තීන් සමුදායක් සමග උපදින බව.එම ශක්තීන් දක්ෂතා ලෙස ඔප නංවා ගැනීමට හැකිවූයේ අතලොස්සකට පමණි. මන්ද තමාගේ සැගවුනු දක්ෂතා අමතක කොට අන්‍යයන්ගේ දස්කම් වලින් අමන්දානන්දයට පත්ව ඇති හෙයිනි.ඔබ තවමත් ප්‍රමාද නැත. හදුනා ගැනීමට උත්සාහ කරන්න ඔබ කවුරුන් ද යන වග. ඔබට ජය!!

- ශ්‍රියාල් උදයංග -

ඔබත් ඔබේ වටිනාකම හදුනාගත්තේද?... ඔබ යම් කිසිකිසි පුද්ගලයෙකුට පමන ඉක්මවා විවෘත වීම බොහෝ පසුතැවීම් ගෙනදිය හැක.එමෙන්ම යම් ප...
10/08/2018

ඔබත් ඔබේ වටිනාකම හදුනාගත්තේද?... ඔබ යම් කිසිකිසි පුද්ගලයෙකුට පමන ඉක්මවා විවෘත වීම බොහෝ පසුතැවීම් ගෙනදිය හැක.එමෙන්ම යම් පුද්ගලයෙකුට ඔබ කරන ඉතාමත් මිත්‍රශීලී හෝ අති ගෞරවනීය සැලකීම එකී පුද්ගලයා ඉදිරියේ ඔබේ ගෞරවය පාවා දීමක් වැනිය.නමුදු එකී පුද්ගලයා යම් දිනෙක ඔබේ ගෞරවය අඩු තක්සේරු කරමින් කටයුතු කලේ ද, එතැන් සිට ඔහු හෝ ඇය හා සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් කටයුතු කිරීම ඔබගේ මෙන්ම ඔබේ දෙමව්පියන් ගේද ගෞරවය ආරක්ෂා කිරීමකි. එවන් අවස්ථා වලදී ඔබේ ගෞරවය පිලිබඳ සිතා ප්‍රතිචාර දැක්වීමට දෙවරක් නොසිතන්න.ඔබට ජය!

ඔබ දැන් සිටියාද,ඔබේ සාර්ථකත්වයේ පුරෝගාමියා ඔබත් සමගම සිටින බව.ඔහු ඉතාමත් මුරන්ඩුයි.ඔහුව යහලුවෙකු කරගැනීමට, නැත්නම් ඔබේ ක...
09/08/2018

ඔබ දැන් සිටියාද,
ඔබේ සාර්ථකත්වයේ පුරෝගාමියා ඔබත් සමගම සිටින බව.ඔහු ඉතාමත් මුරන්ඩුයි.ඔහුව යහලුවෙකු කරගැනීමට, නැත්නම් ඔබේ කීකරු ගෝලයෙකු කරගැනීමට හැකිනම්, ඔබේ සාර්ථකත්වය ඔබටවත් සිතා ගත නොකැක.ඔහු නමින් "සිතුවිල්ල" වේ.ලෝකය වෙනස් කල සියල්ලන්ටම එකී විශ්වීය විස්කමට ඔව්න්ව හසුරුවන ලද්දේ මෙකී "සිතුවිල්ල" යි.ඔබත් සිතන්න උත්සාහ කරන්න ඔබේ ගමන කෙසේ විය යුතුද යන්න වග.ඔබට ජය!!

සෑමවිටම ඔබ ඔබගෙන් සිදු වීමට නියමිත කාර්යයන් වගකීමක් ලෙස සිනහමුසුව පිලිගන්න.නමුත් කිසිදු විටක යම් කාර්යයක් ඔබ අතින් කිරීම...
08/08/2018

සෑමවිටම ඔබ ඔබගෙන් සිදු වීමට නියමිත කාර්යයන් වගකීමක් ලෙස සිනහමුසුව පිලිගන්න.නමුත් කිසිදු විටක යම් කාර්යයක් ඔබ අතින් කිරීමට අපොහොසත් වන්නේද, නිදහසට කරුනු කීමට කාලය නාස්ති නොකරන්න.මන්ද සියල්ලන්ටම අවශ්‍ය වනුයේ තමාට අවශ්‍ය කාර්යය ඉටුවූවේද, යන්න මිස නිදහසට කරුණු නොවන බැවිනි.මොහොතක් සිතන්න.

ඔබත් ඔබේ ජීවිතය නැමැති නාට්‍යයේ නලුවෙකු බව ඔබට අමතක උනාද ? අභියෝගය නම් ඔබට චරිත කීපයකට එකම විදියකට සාධාරණය ඉෂ්ට කරමින් ර...
07/08/2018

ඔබත් ඔබේ ජීවිතය නැමැති නාට්‍යයේ නලුවෙකු බව ඔබට අමතක උනාද ? අභියෝගය නම් ඔබට චරිත කීපයකට එකම විදියකට සාධාරණය ඉෂ්ට කරමින් රංගනයේ යෙදීම නොවේද? මොහොතක් සිතන්න. දුවෙකු හෝ පුතෙකු ලෙස, සහෝදරයෙක් හෝ සහෝදරියක් ලෙස, හොද යහලුවෙකු හෝ යෙහෙලියක ලෙස, ආගමක අනුගාමිකයෙකු ලෙස, ඉන් ඔබ්බට ගියහොහොත් අම්මා කෙනෙකු හෝ තාත්තා කෙනෙකු ලෙස, ආයතනයට හොද සේවකයෙකු ලෙස ඔබ රගපාන ලද චරිත වලට ඔබ සාධාරණය ඉෂ්ට කලාද?
මොහොතක් සිතන්න.
ප්‍රමාද නොවන්න.

ඔබ යම් සිහිනයක් ලුහුබදින්නෙක් ද? ඒ වෙනුවෙන් කැපවීමේදී අනේක වාරයක් පරාජය වූවෙක්ද? එසේනම් ඔබේ සිහිනයේ විවර දොරටුව වැඩි ඈතක...
06/08/2018

ඔබ යම් සිහිනයක් ලුහුබදින්නෙක් ද? ඒ වෙනුවෙන් කැපවීමේදී අනේක වාරයක් පරාජය වූවෙක්ද?
එසේනම් ඔබේ සිහිනයේ විවර දොරටුව වැඩි ඈතක නොවේ.මන්ද ඔබේ ජයග්‍රහණය ඇත්තේ පරාජයේ අවසාන කඩඉමේ බැවිනි. සාර්ථක මිනිසෙකුගේ රහස එයයි.

සිහිනය සහ යතාර්ථය අතර ඇත්තේ ක්‍රියාවක පරතරයකි.ඔබ යම් දෙයක් ලබා ගැනීමේ සිහිනයක් ඇත්නම් ඔබ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වනතුරුම ...
05/08/2018

සිහිනය සහ යතාර්ථය අතර ඇත්තේ ක්‍රියාවක පරතරයකි.ඔබ යම් දෙයක් ලබා ගැනීමේ සිහිනයක් ඇත්නම් ඔබ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වනතුරුම එය සිහිනයක් පමනි.දැන්ම ක්‍රියාත්මක වෙන්න.

සිහින වෙනුවෙන් ජීවත් වෙන්න.
26/01/2018

සිහින වෙනුවෙන් ජීවත් වෙන්න.

එකිනෙකා පිලිබඳ අවබෝධයෙන් හා විශ්වාසයෙන් බැදීමක් ගොඩනගාගන්න.එවිට ආදරය  වූ කලී මෙලොව පවතින වටිනාම දේ බව ඔබට පසක් වනු ඇත.
25/01/2018

එකිනෙකා පිලිබඳ අවබෝධයෙන් හා විශ්වාසයෙන් බැදීමක් ගොඩනගාගන්න.එවිට ආදරය වූ කලී මෙලොව පවතින වටිනාම දේ බව ඔබට පසක් වනු ඇත.

විශ්වාස කල නොහැකි පුද්ගලයාට වඩා හුදකලාව ප්‍රශ්න විසදාගැන්මට හා සිත් තැවුල් නිවාගැනීමට කදිම තෝතැන්නක් බව සිතන්න.
24/01/2018

විශ්වාස කල නොහැකි පුද්ගලයාට වඩා හුදකලාව ප්‍රශ්න විසදාගැන්මට හා සිත් තැවුල් නිවාගැනීමට කදිම තෝතැන්නක් බව සිතන්න.

Address


Telephone

+94773353946

Website

Alerts

Be the first to know and let us send you an email when Plan Your Life Today posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share