Tharunie

Tharunie ලාංකේය කතුන්ගේ ආදරණීය අත්වැල තරුණී

නිරතුරුවම නිවන සිතක් හරි විසිතුරු ගෙවත්තක්https://tinyurl.com/2s4jry4x
24/11/2023

නිරතුරුවම නිවන සිතක් හරි විසිතුරු ගෙවත්තක්

https://tinyurl.com/2s4jry4x

අවදානම දැන දියවැඩියාවෙන් මිදෙමුKnow your risk & Know your responsehttps://tinyurl.com/2sckf75r
23/11/2023

අවදානම දැන දියවැඩියාවෙන් මිදෙමු

Know your risk & Know your response

https://tinyurl.com/2sckf75r

21/11/2023

බෞද්ධයන් සතු වූ වටිනා දිව්‍ය මන්ත්‍රයක් වන උතුම් කඳ පිරිතhttps://tinyurl.com/yraew9yp
21/11/2023

බෞද්ධයන් සතු වූ වටිනා දිව්‍ය මන්ත්‍රයක් වන උතුම් කඳ පිරිත
https://tinyurl.com/yraew9yp

තරුෂිට තරුණී වෙතින් උපන්දින තෑග්ගක්!දරුවට සපත්තු දෙක අරන් දුනනේ ඉඩම විකුණලා - තරුෂිගේ මවතරුෂි කරුණාරත්න.... ඇය අපගේ මලල ...
19/11/2023

තරුෂිට තරුණී වෙතින් උපන්දින තෑග්ගක්!

දරුවට සපත්තු දෙක අරන් දුනනේ ඉඩම විකුණලා - තරුෂිගේ මව

තරුෂි කරුණාරත්න.... ඇය අපගේ මලල ක්‍රීඩා පිටියේ දිලී දිදුලන අනාගත ඔලිම්පික් අපේක්ෂාවයි. තරුෂි ක්‍රීඩා ජීවිතයට පියවර තැබුවා පමණය. ඒ පළමු පියවරම ඉතා සාර්ථක ලෙස ඇය ජයගෙන හමාරය. තරුෂිට අවුරුදු 19ක් සපිරෙන්නේ මේ මාසයේ 18 දිනටය. ඇයගේ උපන් දිනයට ‘තරුණී‘ අමරණීය සිහිවටනයක් තිළිණ කරන්නේ මේ පුංචි ක්‍රීඩා තරුව ගැන දහසක් අපේක්ෂා, ජයග්‍රහණ පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙනය.

https://tinyurl.com/mrtjn49t

හැමෝම හොයන ගලෙන්බිඳුණු වැව ලස්සන පාසල් වගා බිමඅද ඔවුන්ගේ කතාවේ මහා මංගල්‍යයයි. ඒ ඔවුන් වසර ගණනක් තිස්සේ මහන්සියෙන් හැදූ ...
18/11/2023

හැමෝම හොයන ගලෙන්බිඳුණු වැව ලස්සන පාසල් වගා බිම

අද ඔවුන්ගේ කතාවේ මහා මංගල්‍යයයි. ඒ ඔවුන් වසර ගණනක් තිස්සේ මහන්සියෙන් හැදූ භෝග වගාවේ අස්වනු නෙලීමයි. සූර්ය නමස්කාරයෙන් ඇරඹි මහා අස්වනූ නෙලිම මේ පාසලේ සුවහස් දරු දැරියන්ගේත් විදුහල්පති ඇතුළු ගුරුභවතුන්ගේත් උත්සහයෙන් ලද ප්‍රතිඵලයකි. දරු දැරියන්ගේ මව්පියන් ද ඒ සතුටෙහි කොටස්කරුවන්ය. මේ හැමෝම අතරින් වඩාත්ම සතුටු වන්නේ වෙන කවුරුත් නොව පාසලේ කෘෂි විද්‍යාව පිළිබඳ ආචාර්යවරුන් දෙපළයි. ඩබ්ලිව්.එස් වසන්න සිරිවර්ධන හා රුවන් අමිල ජයතුංග යන දෙපළගේ කැපවීම සහ දරුවන්ගේ සහාය මත මෙම ලස්සන ගෙවත්ත නිර්මාණය වී ඇත. මේ ලස්සන ගෙවත්ත මෙතරම් සාර්ථකව නිර්මාණය කිරීමට හැකිවූයේ ගලෙන්බිඳුණුවැව මධ්‍ය විද්‍යාලයේ ලයේ විදුහල්පති කේ.ජී.ඩබ්ලිව්.කේ.එන් සෙනෙවිරත්න, ගුරු මඬුල්ලත් සිසු මඩුල්ලත් සාර්ථකව මෙහෙයවමින් පතාක යෝධයකු මෙන් සියලු අභියෝගවලට නොමඳව මුහුණ දුන් නිසාය.

https://tinyurl.com/2fmzs9e3

ඔයින් මෙයින් හදන වයින් වෙනුවට මෙන්න අලුත් නත්තල් වයින්නත්තල් කාලය උදාවෙනකොටම නත්තල් විවිධ ආහාර වර්ග ගැන රටේ හැම තැනම කතා...
17/11/2023

ඔයින් මෙයින් හදන වයින් වෙනුවට මෙන්න අලුත් නත්තල් වයින්

නත්තල් කාලය උදාවෙනකොටම නත්තල් විවිධ ආහාර වර්ග ගැන රටේ හැම තැනම කතා බහට ලක් වෙනවා.

ඒ අතරින් නත්තල් කේක්, නත්තල් රස කැවිලි වර්ග වගේම තවත් සුවිශේෂී ආහාර වර්ග තියෙනවා. ඒ අතරින් විශේෂිත වූ පානයක් තමයි වයින් කියන්නේ.

අනාදිමත් කාලයක ඉඳලම වයින් කියන්නේ ක්‍රිස්තියානි දහමත් එක්ක බැඳී පවතින පානයක්. ඒ නිසාම අසිරිමත් නත්තල වයින්වලින් සරසන්නට කිතුනු බැතිමතුන් වගේම ශ්‍රී ලාංකිකයන් ද පමණක් නොව සියලු දෙනාම දක්වන්නේ වැඩි උනන්දුවක්.

කාලයෙන් කාලයට පරිවර්තනය වූ වයින් සංස්කෘතිය අලුත් වෙලා. අද අපි ඔයාලට දෙන්නෙ වෙනදා සාම්ප්‍රදායික වයින් නැතුව අලුත්ම අලුත් වයින් රෙසිපි කීපයක්.

https://tinyurl.com/2fw3zbet

නිතරම මිනිස්සු මියැදෙන මොකක්ද මේ ස්ට්‍රෝක්https://tinyurl.com/4d2cxyz8
16/11/2023

නිතරම මිනිස්සු මියැදෙන මොකක්ද මේ ස්ට්‍රෝක්

https://tinyurl.com/4d2cxyz8

නත්තල රස කරන සාමූහික කේක් මිහිරවසින් දවස පරිසරය සීතල වෙමින් පවතිනවා. එහෙම එන සීතල අපට කියන්නේ අසිරිමත් නත්තල අත ළඟ බව. න...
16/11/2023

නත්තල රස කරන සාමූහික කේක් මිහිර

වසින් දවස පරිසරය සීතල වෙමින් පවතිනවා. එහෙම එන සීතල අපට කියන්නේ අසිරිමත් නත්තල අත ළඟ බව. නොවැම්බරය ගෙවිලා දෙසැම්බරයට යද්දී හැමෝගෙම හිත්වල තියෙන්නෙ නත්තල. නත්තලත් එක්ක ලෝකයේ බිහි වූ සුවිශේෂී ආහාර සංස්කෘතීන් දක්නට ලැබෙනවා. ඒ අතරින් නත්තල් කේක් එකට ලැබෙන්නේ සුවිශේෂීම ස්ථානයක්. නත්තල ලබන්නට පෙර බොහෝ නිවෙස්වල, හෝටල්වල මෙන්ම ඇතැම් කාර්යාලවල සාමුහිකත්වයේ නත්තල් කේක් එක සැක‍ෙසමින් පවතිනවා.

https://tinyurl.com/2s9582jr

පොයින්ට්සෙටියා මලින් සැදුණු හරි ලස්සන නත්තල් මල්නත්තල් සීතල දැනටමත් දැනෙන්න පටන් අරන්. නත්තලටම ආවේණික සැරසිලි, කෑම බීම ඇ...
15/11/2023

පොයින්ට්සෙටියා මලින් සැදුණු හරි ලස්සන නත්තල් මල්

නත්තල් සීතල දැනටමත් දැනෙන්න පටන් අරන්. නත්තලටම ආවේණික සැරසිලි, කෑම බීම ඇතුළු බොහොමයක් දේ අපේ ජීවිතවලට බද්ධ වෙන්නේ ආගම් භේදයකින් තොරවමයි.

ඒ සඳහා වන සූදානමට කිතුනු බැතිමතුන් මෙන්ම අන් ආගමිකයින් පවා දක්වන්නේ පුදුමාකාර ලොල් බවක්.

සිංහල අලුත් අවුරුද්දෙදි වගේම නත්තලේදීත් ගෘහිණිය කාර්ය බහුලයි. නත්තලේදී නිවෙස අලංකෘත කරන නිර්මාණ කල්තියාම සූදානම් කරගෙන සිටීම පහසුවක්.

https://tinyurl.com/39jdjvp2

අපේ තාත්තා තැබූ හිස්තැන තාමත් එහෙම්මමයිනුවන් ගුණවර්ධනගේ දියණිය ප්‍රථම වරට ප්‍රසිද්ධ වේදිකාවටhttps://tinyurl.com/25b6zmbr
15/11/2023

අපේ තාත්තා තැබූ හිස්තැන තාමත් එහෙම්මමයි
නුවන් ගුණවර්ධනගේ දියණිය ප්‍රථම වරට ප්‍රසිද්ධ වේදිකාවට

https://tinyurl.com/25b6zmbr

13/11/2023

11/11/2023

පොඩ්ඩො කන්න ආසම බොම්බයි මොටයි ගෙදරදීම හදමුhttps://tinyurl.com/54zbry7t
09/11/2023

පොඩ්ඩො කන්න ආසම බොම්බයි මොටයි ගෙදරදීම හදමු

https://tinyurl.com/54zbry7t

ගංවතුර යට සැඟවුණු මී උණ මාරයානොකඩවා ඇදහැලෙන වර්ෂාවත් සමඟින් ඇළ දොළ ගංගා පිටාර ගැලීම, කාණු පද්ධති අවහිර වීමත් සමඟින් වතුර...
08/11/2023

ගංවතුර යට සැඟවුණු මී උණ මාරයා

නොකඩවා ඇදහැලෙන වර්ෂාවත් සමඟින් ඇළ දොළ ගංගා පිටාර ගැලීම, කාණු පද්ධති අවහිර වීමත් සමඟින් වතුර බැස නොයෑම වැනි ගැටලු රැසකට මුහුණ පාන්නට සිදුවේ. මේ නිසාම වැස්ස සහ ගංවතුර යනු එකකට එකක් බද්ධ වූ දෙයක් බවට පත්ව තිබේ. ගංවතුරත් සමඟින් බෝවන රෝග රැසක් ව්‍යාප්ත වේ. මී උණ හෙවත් ලැප්ටෝස්පයිරෝසීස් ඉන් ප්‍රධානම රෝගයකි.

https://tinyurl.com/59ctdh3z

ඔබේ අතේ ඇති මුදලින් ලාභ ගන්න පුළුවන් පුංචි ව්‍යාපාරයක්කොරෝනා වසංගතයත් සමඟ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ආකල්ප බොහෝ දුරට වෙන...
07/11/2023

ඔබේ අතේ ඇති මුදලින් ලාභ ගන්න පුළුවන් පුංචි ව්‍යාපාරයක්

කොරෝනා වසංගතයත් සමඟ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ආකල්ප බොහෝ දුරට වෙනස් වුණා. ඒ තත්ත්වය තවත් වැඩි වුණේ රටේ ඇති වුණු ආර්ථික අර්දබුයත් සමඟ. විශේෂයෙන්ම නිවාසවල සිටි ගෘහණියන් අරපිරිමැස්ම ගැන, මුදල් ඉතිරිය ගැන වඩාත් උනන්දු වුණා. දේශීය නිෂ්පාදන ගැන වැඩි උනන්දුවකින් කටයුතු කළා. මේ නිසාම පුංචි පුංචි ගෘහස්ථ නිෂ්පාදන, කර්මාන්ත වැඩි වෙන්න පටන් ගත්තා.

https://tinyurl.com/7pudz338

දෙවැනි ගමන සරසන්නට සොඳුරු කේක් නිමැවුමක්https://tinyurl.com/2rrff9kn
29/10/2023

දෙවැනි ගමන සරසන්නට සොඳුරු කේක් නිමැවුමක්

https://tinyurl.com/2rrff9kn

හබුන් කටයි බත් දෙකටයි විටමින් ගුණ දරු දිනවයිhttps://tinyurl.com/3eywrnw3
28/10/2023

හබුන් කටයි බත් දෙකටයි විටමින් ගුණ දරු දිනවයි

https://tinyurl.com/3eywrnw3

ඔබ කරන්නෙත් සිරුරට අහිතකර විලාසිතා ද?https://tinyurl.com/49db99pt
27/10/2023

ඔබ කරන්නෙත් සිරුරට අහිතකර විලාසිතා ද?

https://tinyurl.com/49db99pt

මහමෙරක් බර දරන් අලුත් ලොවකට පිය මනින දිරිය දියණීමෙලොව උපත ලබන සෑම දරුවකුගේම මවට ඇත්තේ දරුවා පිළිබඳ අසීමිත බලාපොරොත්තුවකි...
24/10/2023

මහමෙරක් බර දරන් අලුත් ලොවකට පිය මනින දිරිය දියණී

මෙලොව උපත ලබන සෑම දරුවකුගේම මවට ඇත්තේ දරුවා පිළිබඳ අසීමිත බලාපොරොත්තුවකි. එසේ දහසක් පැතුම් බලාපොරොත්තු මැද උපන් දරුවා උපන් ගෙයිම ආබාධිතයකුවීම මවකට දැරිය නොහැකි වේදනාවකි. මෙලෙසින් උපන් දරුවකු රැක බලා ගැනීම පිළිබඳ මවුපියන්ට පැවරෙන වගකීම ද සුළු පටු නොවනු ඇත. අනාගතය පිළිබඳ කිසිම සුබවාදී බලාපොරොත්තුවක් නොමැති මෙවැනි දරුවකු නැවත ඉපදී ලෝකයක් බබළවයි නම් එය කෙතරම් ආශ්චර්යක් ද?

https://tinyurl.com/yx5feyjt

මෙන්න මේ දවස්වලට ගැළපෙනම ඇඳුමමේ දවස් රටේ බොහෝ තැන්වලට වැස්ස වහිනවා. ඉතින් ඔයාලට හිතෙන ඇති අපි ඉන්නෙ නුවරඑළියෙ ද කියලා. ඇ...
20/10/2023

මෙන්න මේ දවස්වලට ගැළපෙනම ඇඳුම

මේ දවස් රටේ බොහෝ තැන්වලට වැස්ස වහිනවා. ඉතින් ඔයාලට හිතෙන ඇති අපි ඉන්නෙ නුවරඑළියෙ ද කියලා. ඇත්තටම ඉතින් අපි නුවරඑළියේ වගේ විනෝද ගමනක් යනවානම් ඇඳුම් ගැන බොහෝ සැලකිලිමත් වෙනවානේ. දැන් අපි මේ දවස්වල මේ පළාතේ ඉඳලත් සීතලට පින්නට ඔරොත්තු දෙන ඇඳුම් අඳින එක කෝකටත් හොඳයි. මේ අත දිග ටී ෂර්ට් එක එවැනි විලාසිතාවත්. ගෙදර පොඩිත්තො ඉන්නව නම් එකම පැහැයෙන් මෙවැනි ටී ෂර්ට් කීපයක් මසා දෙන්නත් පුළුවන්. එසේම යුවතියන්ට යෙහෙළියන් සමඟ සැන්දෑ කාලයේ විනෝද ගමනක් යන්නට මෙවැනි දේ ටී ෂර්ට් එකක් කදිමයි.

ඔබත් අදම මෙවැනි ටී ෂර්ට් එකක් මසාගන්න.

https://tinyurl.com/4b8npp7v

සොඳුරු මලින් අලංකෘත ඇඩේනියම්වියළි දේශගුණයට වැඩි ප්‍රියතාවයක් දක්වන, ඒ නිසාම මනා සූර්යාලෝකය යටතේ හොඳින් වගා කළ හැකි හරි අ...
19/10/2023

සොඳුරු මලින් අලංකෘත ඇඩේනියම්

වියළි දේශගුණයට වැඩි ප්‍රියතාවයක් දක්වන, ඒ නිසාම මනා සූර්යාලෝකය යටතේ හොඳින් වගා කළ හැකි හරි අපූරු ශාකයකි ඇඩේනියම් (Adenium). ඇඩේනියම් යන නමින් ඇතැම් විට මෙය හඳුනාගත නොහැකි වුවද ජපන් අරලියා යැයි කියූ සැනින් බොහෝ දෙනකු මෙය හොඳින් හඳුනති.

කිරි සහිත ශාකයක්වන මේ ජපන් අරලියා සාමාන්‍යයෙන් අඟල් දහයක පමණ සිට අඩි දෙක තුන දක්වා උසට වැඩේ. තරමක් ගොරෝසු මේ ශාකයේ පත්‍ර අඟල් 4ක් පමණ දිගට වැඩේ. එහි අග කොටස රවුම්ය.

https://tinyurl.com/4y5ypj42

පාසල් දරුවන් අතර ඇස් රෝගයක්ශ්වසන වයිරසයක් බවට වෛද්‍ය නිගමනයක්හැමවිටම අත් සබන් දමා සෝදන්න* එක් ඇසක් හෝ ඇස් දෙකම රතු වී ති...
18/10/2023

පාසල් දරුවන් අතර ඇස් රෝගයක්

ශ්වසන වයිරසයක් බවට වෛද්‍ය නිගමනයක්
හැමවිටම අත් සබන් දමා සෝදන්න

* එක් ඇසක් හෝ ඇස් දෙකම රතු වී තිබීම

* ඇසිපිය ඉදිමීම

* කබ, කඳුළු ගැලීම

* ඇස් දැවිල්ල

* ඇස් කැසීම

මේ ඇස් ආශ්‍රිතව දැක ගතහැකි රෝග ලක්ෂණ යි.

https://tinyurl.com/5cnnx566

හැඩැති ජීවන රටාවක් සුවැති වැඩිහිටි දිවියක්ලංකාව වැඩිහිටි ජනගහනය වැඩි රටක්ජීවිතයේ විවිධ අවධීන් පසු කරන අප සැම අවසානයේ වයෝ...
18/10/2023

හැඩැති ජීවන රටාවක් සුවැති වැඩිහිටි දිවියක්
ලංකාව වැඩිහිටි ජනගහනය වැඩි රටක්

ජීවිතයේ විවිධ අවධීන් පසු කරන අප සැම අවසානයේ වයෝවෘද්ධ වීමත් සමඟින් රෝගාබාධයන්ට ලක්වී ජීවිතයෙන් සමු ගනියි.

වැඩිහිටියන් වූ කල අන් අවධීන්වලට වඩා ආදරය, කරුණාව, රැකවරණය තමා අවට සිටින්නන්ගෙන් වැඩි වශයෙන් බලාපොරොත්තු වෙයි.

අදවන විට බිහිවනුයේ රට හැර යන දුවා දරුවන් සිටින වැඩිහිටි පරපුරකි. දරුවන් දුරස් වීම නිසා ඉවසිය නොහැකි තනිකමක්, පාළුවක් ඔවුන් වෙතින් ජනිත වේ. දරු මුනුපුරන්ගේ ආදරය, කරුණාව අපේක්ෂා කළත් ඔවුන් සිටින්නේ තම තමන් අත ඇති ජංගම දුරකතනවල ඇති ලෝකත් සමඟයි.

' සුවපත් වැඩිහිටි වියක් උදෙසා විශ්වීය වැඩිහිටි හිමිකම් පරපුරෙන් පරපුරට' ඒ මෙවර වැඩිහිටි දිනයේ තේමාවයි.

වයස අවුරුදු 60 සම්පූර්ණ කළ වැඩිහිටියන්

* වයස අවුරුදු 60 - 69 අතර වයසේ පසුවන්නන් තරුණ වැඩිහිටියන්

* අවුරුදු 70 - 79 වයසේ පසුවන්නන් වැඩිහිටියන්

* අවුරුදු 80න් එහා වයෝවෘද්ධ අය ලෙස නම් කෙරේ.

https://tinyurl.com/49hm2wmv

පුංචි දරුවන්ට ඩිජිටල් තිරය අහිතකර ඇයි?පුංචි දරුවන්ට TV බලන්න, phones බලන්න, වීඩියෝ ගේම් ගහන්න දෙන්න හොඳ නැහැ කියන එක අපි...
17/10/2023

පුංචි දරුවන්ට ඩිජිටල් තිරය අහිතකර ඇයි?

පුංචි දරුවන්ට TV බලන්න, phones බලන්න, වීඩියෝ ගේම් ගහන්න දෙන්න හොඳ නැහැ කියන එක අපි දැන් දැන් නිතරම අහන කතාවක්. හැබැයි එහෙම කියන හුඟක් දෙනෙක් ඒ ඇයි කියන ප්‍රශ්නෙට හරිම උත්තරය දෙන්න නම් දන්නෙ නැහැ. Screen Time එපා කියලා විතරයි කියන්නෙ. ඒ හැමෝම කියන නිසා, නිතර ඇහෙන නිසා.

ඉතින් අපි හිතුව මේ Screen Time එපා කියල කියන නියම හේතුව මොකක්ද කියල හොයලා බලන්න. ඉස්සෙල්ලාම කියන්න ඕනෙ මේ Screen Time කියල කියන්නෙ TV එකට විතරක්ම නෙමෙයි.

අපි පොදුවේ TV බලන්න එපා කිව්වට Screen Time කියන කාණ්ඩයට TV, ජංගම දුරකථන, ටැබ්ලට් පරිගණක, පරිගණක තිර වගේ හැමදෙයක්ම ඇතුළත් වෙනවා. අපි මේ හැම දෙයක්ම කැමැත්තෙන් තෝරගත්තට පොඩි දරුවන්ව මේ ඩිජිටල් තිරයන්ට යොමුකිරීම මුලින්ම වෙන්නෙ වැඩිහිටි අපේ අතින්. ඒ නිසාම digital screen එහෙමත් නැත්තම් screen time දරුවන්ට අහිතකර ඇයි කියන එක හරියට තේරුම් අරගෙන දරුවන්ව මේ දේවල්වලින් ඈත් කරන එක වැඩිහිටි අපේ වගකීමක්.

https://tinyurl.com/n393n6r2

පුංචි තේ කොළ පැකැට් එකකින් ජීවිතේ ලොකුවට ගොඩ දාගන්නේ මෙහෙමයිඅප මෙවර ඔබට හඳුන්වා දෙන්නේ එවැනි පුංචි ව්‍යාපාරයක් ගැන අදහසක...
16/10/2023

පුංචි තේ කොළ පැකැට් එකකින් ජීවිතේ ලොකුවට ගොඩ දාගන්නේ මෙහෙමයි

අප මෙවර ඔබට හඳුන්වා දෙන්නේ එවැනි පුංචි ව්‍යාපාරයක් ගැන අදහසක්. තේ කොළ කියන්නේ අපේ රටේ විශාල පාරිභෝජනයක් තිබෙන අප රටේම නිෂ්පාදනයක්. අපේ සෑම ගෙදරකම තේ දිනපතාම පානය කරනවා. ඒ වගේම අපේ රටේ තේ කොළවලට විදේශීව හොඳ ඉල්ලුමකුත් පවතිනවා. ලංකාවට විශාල විදේශ විනිමයක් උපයා දෙන ceylon tea කියන්නේ විදේශ රටවල ජනප්‍රියම සන්නාමයක්. මෙලෙසින් නිෂ්පාදනය කළ තේ කොළ පැකැට්කර අලෙවි කිරීම දැන් හොඳ ගෘහස්ථ කර්මාන්තයක්.

https://tinyurl.com/2mm6a3n7

ජැක්සන් තවමත් ජීවතුන් අතර...   විශ්වය විශ්වකර්ම මිනිස්සු මවයි. මේ මිනිස්සු අපේ හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරන්නේ කිසිම දව...
16/10/2023

ජැක්සන් තවමත් ජීවතුන් අතර...



විශ්වය විශ්වකර්ම මිනිස්සු මවයි. මේ මිනිස්සු අපේ හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරන්නේ කිසිම දවසක අමතක නොවන ලෙසිනි. එහෙත් එහෙම මිනිස්සු ඉක්මනින්ම මෙලොවින් නික්ම යති. මැවීම හා වෙන්වීම අතර ලොකු හිඩැසක් තියෙනවා කියලා හිතෙන්නේ මේ වගේ හදවතේ රැඳුන මිනිස්සු අපෙන් වෙන්වෙලා යනකොට. මේ පුංචි සටහන පත්තිරු අතර තබන මොහොත වනවිට ඔහු අපව අතැර බොහෝ දුර ගිහින්....“ඔබ අප අතරට නොයෙන්නම සදහටම දෑස පියා ගත්තා. එහෙත් ඔබේ රුව.. කොහොම අමතක කරන්නද?”

කොන්ගානිගේ ජොසප් මල්සි ජැක්සන් ඇන්තනි නොහොත් ජැක්සන් ඇන්තනී නම් ආදරණීය රංගවේදියා පසුගිය 09 වැනිදා මෙලොවින් සමුගෙන ගියත් ඒ අසහාය රංග පෞරුෂය තුළ අපට ඉතිරි කළ මතක සිත්තම් ගොන්නක්ම තිබෙනවා. ඒ සෑම එකක්ම එකිනෙකට අකුරු ගළපන්න පොතට වඩා විස්තර ඔහු හා ඇසුරු කළ ප්‍රවීණයන් අතර තිබෙනවා. මේ සියලු මතක ආවර්ජනයක් අතුරින් ‘තරුණී’ පත්තිරු අතර ඔහු තැබූ වටිනා අදහස් හා ලිපි මඟින් අපේ පාඨකයන් පෝෂණය කළා. අප මේ සටහන ඔහු වෙනුවෙන් තබන්නේ කලාකෙත පෝෂණය වෙනුවෙන් ඔහු කළ විශ්ෂ්ට මෙහෙවරට උපහාරයක් ලෙසිනි.

ඔහුගේ ජීවන ගමනේ ළඟින්ම ඇසුරු කළ බොහෝ ප්‍රවීණයන් විය. මේ පිිරිස අතුරින් මහැදුරු සුනිල් ආරියරත්නයන් ඔහු ගැන හොඳින්ම දනියි. මහාචාර්ය ආරියරත්නයන් තැබු සටහනින් වැදගත් කරුණු කිහිපයක් අප ඔබ අතර තබන්නේ ජැක්සන් ඇන්තනී නම් ඒ අමරණීය වූ කලාකරුවාගේ ගුණ සුවඳ සිහිපත් කරමිනි.

1958 ජුලි 08 වැනිදා මෙලොව උපත ලැබූ ජැක්සන් ඇන්තනී කලාව උපතින්ම රන්කිරි කට ගෑ දක්ෂයෙකි. ඔහු හෙළ සිනමාව, වේදිකාව සහ රූපවාහිනියේ නළුවෙක් පමණක් නොව අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, තිර රචනය, රූපවාහිනි සංස්කරණය, නවකතා රචක, තිර රචක, ගීත රචක, ඉතිහාසය සහ සංචාරක යන අංශ සියල්ල තුළ කැපී පෙනෙන පෙරළියක් කළ චරිතයකි.

කුමාරි සුලතා මුණසිංහ සමඟ අතගත් ජැක්සන් ඇන්තනී මහතා දරුවන් තිදෙනෙකුගේ ආදරණීය පියෙකි. මාධවී වත්සලා, අකිල ධනුද්දර සහ සජිත ඇන්තනී ඔහුගේ ගමන් මගේම ඉදිරියට යන දක්ෂ‍ෙයා්්ය. ජැක්සන් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම කලාකරුවකු ලෙසින් දහසය වතාවක් හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීම වාර්තාගත සිදුවීමකි. මෙරට ඉතිහාසය ඉතාම සුන්දර ලෙසින් වාර්තාකරණය කිරීම තුළ ඔහු කළ සේවය සුළු පටු නොවේ. අපේ ප්‍රෞඩ ඉතිහාසය ජාත්‍යන්තරයට රැගෙන යෑමට එය හේතු විය.

උපතින්ම කතෝලික‍ෙයක් වූ ජැක්සන් බෞද්ධ පොත පත කියවන්නට පටන් ගන්නේ ගනේමුල්ල ගලහිටියාව මහා විද්‍යාලයේදීය. ඒ උසස් පෙළ විෂයයක් වශයෙන් බෞද්ධ සංස්කෘතිය තෝරාගනිමිනි. බෞද්ධ ධර්මය, බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රාචීණ ඥානයක් ලබාගත් ඔහුගේ ගමන නැවතුණේ වසර 5ක් අඛණ්ඩව බෞද්ධයා නාලිකාවට ‘මහා සිංහලේ බෞද්ධ ඉතිහාස’ වැඩසටහන් මාලාව සම්පාදනය කිරීමෙනි.

විශ්වවිද්‍යාල අවධිය ඔහුගේ ජීවිතයේ සොඳුරුතම කාලයයි. කොළඹ විශ්ව විද්‍යාලයේ හොඳම නළුවා බවට ජැක්සන් පත්වන්නේ සුගතපාල ද සිල්වාගේ වේදිකා නාට්‍යයකිනි. ඒ ‘මරාසාද්’ වේදිකා නාට්‍යයේ ප්‍රධාන භූමිකාවට පණ දෙමිනි. ජැක්සන්ට ප්‍රඥාවත් රුවත් එක සේ උරුම වූ නළුවෙකි. සරච්චන්ද්‍රයන්ගේ ‘ලෝමහංස’, දයානන්ද ගුණවර්ධනගේ ‘මධුර ජවනිකා’ ලූෂන් බුලත්සිංහලයන්ගේ ‘තාරාවෝ ඉඟිලිති’ ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ධවල භූෂණ’ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘අත්, මෝරා, ඔත්තුකාරයා’ වැනි නාට්‍යවල ජැක්සන්ගේ රංගනය අති විශිෂ්ටය. ඔහුට වේදිකාව සේම පුංචි තිරය ද කදිම භූමිකාවකි. ‘අකාල සන්ධ්‍යා, කඩුල්ල, අප්පචිචි’ වැනි ටෙලි නාට්‍ය ඔහු දීප්තිමත් කළ භූමිකාවෝ වෙති.

ඔහු වේදිකාව මෙන්ම සිනමාව ද එක ලෙස අතික්‍රමණය කළේ දක්ෂ ලෙසිනි. ඔහුගේ සිනමාවේ රංගනය කොතරම් දක්ෂ ලෙස ප්‍රගුණ කළේ ද යන්න සපථ කරන චිත්‍රපට බො‍හෝය. ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘බවදුක’, සහ ‘බව කර්ම’, උදයකාන්ත වර්ණසූරියගේ ‘ගිනි අවි සහ ගිනි කෙළි’ හා ‘රන්දිය දහර’ එච්.ඩී. ප්‍රේමරත්නගේ ‘විසිදැල’, බෙනට් රත්නායකගේ ‘අස්වැසුම‘, ජයන්ත චන්ද්‍රසිරිගේ අග්නි දාහය, ‘ගරිල්ලා මාකටිං’ සහ ‘මහරජ ගැමුණු’ ආචාර්ය සෝමරත්න දිසානායකගේ සූරිය අරණ, ජැක්සන්ගේ ‘ඇඩ්‍රස් නෑ’ එස්. රවිගේ ‘ධර්ම යුද්ධය’, චිත්‍රපට කිහිපය තුළ ඔහු රඟපෑ චරිත සිංහල සිනමාවේ සදා මතකයේ රැ‍ෙඳන සටහන්ය. එම හැකියා පෞරුෂය ඔහු ‘ලක්නව්‘ නම් මලයාලම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය දක්වා රැගෙන ගියේ ලොවම මවිත කරමිනි.

ජැක්සන්ගේ අධ්‍යක්ෂණය කළ හොඳම චිත්‍රපටය අප තවම දැක නැත. ඒ ඔහු රඟ පෑ සියලු චරිතයන් අබිබවමින් ඉදිරියෙන්ම සිටියි. ඒ ‘එකගෙයි සොකරිය’. ඔහු ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දිනාගත් සම්මාන 42කි. සුමති, රයිගම් හා උණ්ඩා OCIC සම්මානය.

රංගනයට මෙන්ම ගායනට ද එක සේ දස්කම් පෑ ජැක්සන් ජනප්‍රිය ගී රාශියක් ගායනාකර තිබේ. එසේම නිවේදකයකු ලෙසින් පුංචි තිරයේ උදෑසන ආලින්දයේ මිතුරක් ලෙසින් සමීප වී සිටි කාලය බොහෝය.

මේ ඔහුගේ දස්කම් අතර පුංචි මතකයක් පමණකි. ඔහු හදිසියේ අනතුරට පත් නොවන්ට. තවත් බොහෝ දක්ෂතා ඔහුගෙන් අපට දැක ගන්නට තිබුණි. එහෙත් දෛවය ඔහුට සරදම් කරමින් වසරකට වැඩි කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපෙන් සමුගෙන ගියේ අමරණීය මතකයන් රැසක් ඉතිරි කරමිනි.



දුමින්ද කාරියවසම්
https://www.tharunie.lk/

Address


Alerts

Be the first to know and let us send you an email when Tharunie posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tharunie:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share