Nodutu Lowa Wata

  • Home
  • Nodutu Lowa Wata

Nodutu Lowa Wata ලෝ වටා සිදුවන සියලුම දේ දැනගන්න ලෝකයේ ඇත්ත පැත්ත දකින්න. දැනගැනීම ඔබේ අයිතියයි. එන්න එකතු වෙන්න

01/07/2023

පිළිකා රෝගයක් හේතුවෙන් මියගිය සිය මවගේ දේහය මල්ශාලාවක තැන්පත් කර තිබියදී පාසලේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා කළ ඉසිපතන විද්‍යාලයේ රග්බි ක්‍රීඩකයෙකු පිළිබඳ මේ වනවිට රටම කතා වෙයි.

සිය රග්බි ගමනට වැඩි දායකත්වයක් ලබාදුන් සිය මව වෙනුවෙන් මේ එඩිතර තීරණය ගෙන තිබුණේ ඉසිපතන විද්‍යාලයේ හේෂාන් රන්දිමාල් සිසුවාය.

අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර තරගය ඊයේ (30) පැවැත්වුණේ CR&FC ක්‍රීඩාංගණයේදීය.

මෙම තරගය ලකුණු 28ට 18ක් ලෙස ජයගැනීමට අපරාජිත ඉසිපතන විද්‍යාලය සමත්විය.

ඉසිපතන කණ්ඩායම නියෝජනය කළ හේෂාන් මෙම තරගයට සහභාගී වුයේ මහමෙරක් තරම් දුකක් හිතේ දරාගෙනය.

රන්දිමාල් පාසල වෙනුවෙන් සහ සිය මව වෙනුවෙන් ඒ ගත්ත තීරණය ගැන අද හැමෝම කතා වෙමින් සිටී.

ඔහුගේ මව මෙම තරගය බලන්න ජීවත්වී නොහිටියත් රන්දිමාල් ඇය වෙනුවෙන් පිටියට පිවිසියේය.

ඊයේ (30) තරගයේදී ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළේද හේෂාන් රන්දිමාල් විසිනි.

රන්දිමාල් මොන තරම් හිත හයිය ක්‍රීඩකයෙක්ද ?..

ඊයේ තරගයෙන් අනතුරුව ඉසිපතන කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූ මරදාන ශාන්ත ජෝසප් ක්‍රීඩකයින් රන්දිමාල්ගේ මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියේ ක්‍රීඩාවේ සහෝදරත්වය සහ මනුසත්කම ලොවට මනාව කියා පාමින්ය.

පිටියේදී ප්‍රතිවාදීන් වුවත් ඉන් ඔබ්බට සියලු ක්‍රීඩකයින් සහෝදරයන් බව ඔප්පු කළ ශාන්ත ජෝශප් කණ්ඩායමටත් හිසනමා ආචාර කළ යුතුය.

පිළිකා රෝගයකින් පීඩා විඳි රන්දිමාල්ගේ මව ඉකුත් බ්‍රහස්පතින්දා මෙලොවින් සමුගත් අතර ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (02) සිදුකිරීමට නියමිතය.

රන්දිමාල්..., ඔබ අද කළ එම වීරක්‍රියාව සහ ඔබේ ධෛර්යවන්ත හිත දිහා බලාගෙන ඔබේ මැණීයන් කොහේ හෝ සිට සතුටුවෙනවා ඇති...

වීඩියෝව මෙතනින් බලන්න👉 https://youtu.be/MVrLUliB1IAමින්නේරිය රෝටවැව ප්‍රදේශයේ දී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මාමාණ්ඩිය  ...
17/06/2023

වීඩියෝව මෙතනින් බලන්න👉 https://youtu.be/MVrLUliB1IA

මින්නේරිය රෝටවැව ප්‍රදේශයේ දී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මාමාණ්ඩිය සිය බෑනාට උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ අංක 81, රොටවැව, ගල්ඔය හන්දිය, පදිංචි වීරවර්ධන බණ්ඩාරනායකගේ ඉෂාර ඔෂද බණ්ඩාරණායක නමැති 32 හැවිරිදි දෙදරු පියෙකි.

මරණයට පත්වූ පුද්ගලයා දිනපතා බීමත්ව පැමිණ සිය බිරිදට රණ්ඩුසරුවල් කර ඇති අතර පසුගියදා මරණකරු සිය බිරිද සමග රණ්ඩු කර ඇත. ඒ් අවස්ථාවේ බිරිද දරුවන්ද රැගෙන යාබද නිවසේ සිටින සිය පියාගේ නිවසට ගොස් සැගව සිටින අතර තුර ඒම නිවසට ද පැමිණ රණ්ඩු කළ අවස්ථාවේ මෙම බහින්බස්වීම දුරදිග යෑමෙන් නිවසේ තිබූ උදැල්ලෙන් හිස ප්‍රදේශයට පහරදී ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

Address


Alerts

Be the first to know and let us send you an email when Nodutu Lowa Wata posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nodutu Lowa Wata:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share